Tuesday, October 26, 2021

L1 පටු ආමාන වාශ්ප එන්ජිම - උඩු පුස්සැල්ලාව දුම් රිය මාර්ගයේ නිත්‍ය කාර්ය තුරඟා

 

නුගේගොඩ රොබට් ගුණවර්ධන උද්‍යානයේ ස්ථාපිත කර තිබූ 203 දරණ එන්ජිම. 
1979 වසරේ රොබ් ඩිකින්සන් මහතා විසින් ගන්නා ලද සේයාරුවකි

ලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පටු ආමාන දුම්රිය මාර්ග වලට දෙවෙනි වරට ආනයනය කරන ලද්දේ L1 පංතියේ දුම්රිය එන්ජින්ය. මෙම එන්ජින්, විශේෂයෙන්ම උඩ පුස්සැල්ලාව මාර්ගය සඳහාම සැලසුම් කර ඇත. 1902 සිට 1904 වසර දක්වාත් (L1, L1A) 1920 දී ත් (L1B) වශයෙන් කාණ්ඩ දෙකක් වශයෙන් මෙම එන්ජින් ආනයනය කර ඇත්තේ එංගලන්තයේ ශාප් ස්ටුවර්ට් සහ හන්ස්ලට් යන සමාගම් වලිනි. ශාප් ස්ටුවර්ට් සමාගමෙන් එන්ජින් හතරක්ද (L1A 120 – 123) , හන්ස්ලට් සමාගමෙන් එන්ජින් දෙකක්ද (L1 130, L1B 203)  වශයෙන් එන්ජින් හයක් ආනයනය කර ඇත.

Wednesday, May 26, 2021

දුම්රිය සම්බන්ධ වීඩියෝ

දුම්රිය ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් ගැන උනන්දු වුන කාලෙ  ඉඳලා එහෙන් මෙහන් යද්දි ගත්ත විඩියෝ ටික එක තැනකට එකතු කරන්න කියල හිතාගෙන අලුත් යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. පහත ලිංක් එක තුලින් චැනල් එකට යොමු වෙන්න පුලුවන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගයක් දෙන්න. 



ස්තූතියි. තවත් දුම්රිය කතාබහක් සමගින් ඉක්මනින් හමු වෙමු!

Friday, May 14, 2021

K1 වාෂ්ප එන්ජිම - ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ පටු ආමාන වාෂ්ප එන්ජිම

image :- Flickr

ශ්‍රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එම එන්ජිමෙහි යාන්ත්‍රික විස්තර පහත පරිදි වේ.

Saturday, January 09, 2021

දෙමෝදර ආරුක්කු නවය පාලම ඉදිකිරීමේ සත්‍ය කතාව


ආරුක්කු 9 පාලම, ගල් පාලම, දෙමෝදර පාලම වගේ නම් වලින් හ‍ඳුන්වන කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යාකරන මෙය, අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් පිහිටා ඇත. මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ඒ වනතෙක් දුම්රිය පාර හදාගෙන පැමිණි සුද්දන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්, එතන තිබුණු සංකීර්ණතාවය නිසා සුදු ජාතික ඉංජිනේරුවාට දුම්රිය පාර එතනින් එහාට ඉදිකරගැනීම නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දී රැකියාව ද නැතිවන මට්ටමක සිටි බවත්, එම තත්ත්වය දැක ඒ අසල පදිංචිව සිටි “අප්පුහාමි” නම් බාසුන්නහේ කෙනෙක් ඔහු සතු තාක්ෂණ දැනුම යොදාගෙන ආරුක්කු පාලමක් තනිකර කැපූ කළුගල් කුට්ටි භාවිතයෙන් මෙතැන ඉදිකළ බවත් යන කාරණයයි.

Wednesday, December 11, 2019

අපට අහිමි වූ දුම්රිය උරුමය සොයා හිමගිර පාමුලට ගිය ගමන

අපේ කණ්ඩායම

බ්‍රිතාන්‍ය යටත් විජිත ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රිය මාර්ග ඉදිකරන විට ප්‍රධාන වශයෙන් එහි ආමානය (පීලි දෙක අතර පරතරය) ලෙස භාවිතා කරන ලද්දේ අඩි 5 අඟල් 6 පුළුල් ආමානයයි. අවස්ථානුකූලව ඊට වඩා පටු ආමානයන් ද භාවිතා කරන ලද්දේ කඳුකර සහ තියුණු වංගු සහිත දුම්රිය මාර්ග වලට එවැනි ආමානයන් වඩා යෝග්ය වන නිසාවෙනි. ලංකාවේ ද මේ අනුව අඩි 2 අඟල් 6 පළල් ආමානයක් සහිත දුම්රිය මාර්ග ලෙස කොළඹ සිය යටියන්තොට දක්වා වූ කැළණිවැලි මාර්ගය ද, අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ සබරගමු මාර්ගය ද, නානුඔය සිට රාගල දක්වා වූ උඩුපුස්සැල්ලාව මාර්ගය ද ඉදිකරන ලදි. 

අභාග්‍යයකයට මෙන් මේ සියලු පටු ආමාන මාර්ග අද දක්නට නැත. විවිධ සමාජ ආර්ථික ගැටලු නිසා අවිස්සාවේල්ල - යටියන්තොට සහ නානුඔය - රාගල දුම්රිය මාර්ග කොටස් 1940 දශකයේ දී වසා දමන ලදි. හැත්තෑව දශකයේ මැද භාගයේ දී අවිස්සාවේල්ල - ඕපනායක කොටස ගලවා දමන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසය. අවසානයේ ඉතිරි වූ කොළඹ - අවිස්සාවේල්ල කොටසේ පුංචි කෝච්චි ධාවනය අනූව දශකය වනතුරුම සිදුවුණ අතර අමතර පීල්ලක් යෙදීම මගින් එම මාර්ගය අඩි 5 අඟල් 6 ප්රධාන ආමානයට පරිවර්තනය ලදි. ඉන් පසු පටු ආමාන දුම්රිය ධාවනය කිරීමට තව දුරටත් අවශ්‍ය නොවූ අතර දුම්රියට ලැදි සේවක මහතුන් කිහිප දෙනෙක් නිසා එම එන්ජින් සහ මැදිරි කීපයක් විනාශ මුඛයට යා නොදී සංරක්ෂණය කර ගැනීමට හැකිවිය. විහාර මහා දේවි උද්යානයේ ද විනෝදාත්කම දුම්රියක් ලෙස පටු මාර්ග දුම්රියක් ක්රියාත්මක වූ නමුදු පසුකාලීනව එය නවතා දමන ලදි (මෑතක් වන තුරුම එම මාර්ග කොටස දක්නට තිබුණි). ගම් උදාව සහ දැයට කිරුල ප්රදර්ශන වලද පටු ආමාන දුම්රිය ප්රදර්ශනාත්කම දුම්රිය ලෙස ධාවනය කරන ලදි.

Tuesday, November 01, 2016

ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය එන්ජින් නාමකරණය

ශ්‍රි ලංකාවේ දුම්රිය සේවය ඇරඹී වසර 150ක් ඉක්ම ගොස් තිබේ. එම වසර 150ක කාලය තුල සේවය එක් වූ සහ එයින් ඉවත් වූ දුම්රිය එන්ජින් ප්‍රමාණය දහසකට ආසන්නය. එහෙත් වර්තමානය වන විට බොහොමක් පැරණි එන්ජින් පිලිබඳව මූලික තාක්ෂණික විස්තර හෝ ඡායාරූප සොයාගැනීමට දුලබ වීම කණගාටුවට කරුණකි. මුල් කාලීන දුම්රිය සේවය සඳහා යොදාගත් එන්ජින් වර්ග කාණ්ඩගත කිරීමේ යම් ක්‍රමවේදයක් තිබී ඇතත් පසුකාලීනව දුම්රිය සේවය වඩාත් දියුණුවට පත් වෙත්ම එම ක්‍රමය ප්‍රමාණවත් නොවන්නට ඇතැයි සැලකිය හැකිය.

Sunday, October 16, 2016

කැළණිවැලියේ දුම්රිය මතකයන් යකඩ වලට කැපෙයිද?

සෙන්ටිනෙල් වාෂ්ප රේල් කාර් රථය
ඡායාරූපය - Rob Dickinson

ශ්‍රී ලංකාව, ලෝකයේ පැරණිතම දුම්රිය සේවාවක් හිමි රටකි. වර්ෂ එකසිය පනහකට නොඅඩු අතීතයකට උරුමකම් කියන මෙරට දුම්රිය සේවා ඉතිහාසය පුරාවට හිමි වූ සුවිශේෂී මතක සටහන් රාශියකි. වර්ෂ 1864දී කොළඹ සිට අඹේපුස්සා දක්වා සිදු වූ ප්‍රථම මගී දුම්රිය ගමනත් සමග ඇරඹුණු දුම්රිය සේවාව, දහ නවවන සියවස අග භාගය වන විට දිවයින පුරා සතර අතට විහිදී ගිය මෙරට දුම්රිය මාර්ග පද්ධතිය සැතපුම් නවසීයකට ආසන්න දුර ප්‍රමාණයක් ආවරණය කරන ලදී. ඒ වාෂ්ප බලයෙන් දිවූ දුම්රියන් මෙරට ප්‍රවාහනය නව මාවතකට හැරවූ අයුරුයි.

Saturday, May 23, 2015

෴M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴


2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.

Tuesday, February 04, 2014

෴S12 බලවේග දුම්රිය - උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු෴

ඡායාරූපය - ගයන්ත සමරදිවාකර
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම S12 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. S10 වර්ගයේ දුම්රියන්ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.

Wednesday, July 24, 2013

කඳුලු සලන එන්ජින් - දැවැන්තයන්ගේ අවසාන ඉරණම

Pic - Lanil Thilanjana
යටත් විජිතසමයේදී භාණ්ඩ ප්‍රවාහන පහසුකරගැනීම උදෙසා මෙරටදී ආරම්භ කරන ලද දුම්රිය සේවය කලින් කලට විවිද අංශවලින් දියුණුවට පත්වීමත් සමග එහි භොතික සම්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. බලයෙන් වැඩි එන්ජින්, සේවා යන්ත්‍ර ආදී නොයෙකුත් යන්ත්‍රසූත්‍ර, මැදිරි හා ගැල්, උපකරණ ආදී නොයෙක් දෑ ඒ අතර විය. ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමෙහිලා මේවා දුම්රිය සේවයට නැතිවම බැරි දෑ වූ අතර ඉන් බොහෝ ප්‍රමාණයක් ඒවායේ අපේක්ෂිත ආයුකලය මෙන් දෙගුණයකටත් වඩා කල් තම සේවය ඉටුකල විශිෂ්ඨ ගණයේ යන්ත්‍රසූත්‍ර/ උපකරණ වීම විශ්මයට කාරණයකි. මෙයින් සමහරක් දෑ දේශීය නිපැයුම් වූ අතර තවත් ප්‍රමාණයක් මෙරටදී එකලස් කර ලද ඒවා වීමද විශේෂත්වයකි.

Saturday, March 02, 2013

෴Y1 දුම්රිය එන්ජිම - තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴

මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.

Monday, February 25, 2013

අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය.

-පූර්විකාව-
අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි පල කර ඇත. කෙසේ වුවද එම ලිපියෙහි ඇතැම් කොටස් ලිපිය පලකිරීමේදී සංශෝධනය කර ඇති නිසා සම්පූර්ණ ලිපිය පළකිරීම සඳහා එහි රචක නලීන් අබේසිංහ මහතා විසින් එවා ඇත. එම ලිපිය එතුමන්ගේ ඉල්ලීම මත මෙසේ පලකෙරේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Tuesday, February 19, 2013

යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට....


        පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම.  විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් විභාග කටයුතු නිසා බ්ලොග්කරණයෙන් ඈත්ව සිටි කාලය පුරාවට සොයා බැලු සහ බ්ලොග් අඩවිය පිලිබඳව විමසීම් කල සියලුදෙනා ඉතා ආදරයෙන් මතක් කරන අතර  ඔවුන් ඇතුලු මෙම බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයන්ට තවත් සතුටුදායක පුවතකුත් දැනුම් දිය යුතුව ඇත. එනම් පසුගිය දිනකදී මෙම බ්ලොග් අඩවියට ඇගයීමක් ලැබුන පුවතයි.


       පසුගිය වසරේ පැවති බස්රේඩියෝ බ්ලොග් සම්මාන තරගයෙදී හොඳම තාක්ෂණික බ්ලොග් අඩවියයටතේ ඇගයීමකට ලක්කොට සහතිකය හිමි වූයේ මෙම අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකාඅඩවියටයි. මෙය පොදුවේ ගත් කල පුද්ගලික ජයග්‍රහණයක් ලෙස නොව මෙහි සියලු දේ වෙනුවෙන් නාමිකව හෝ දායක වන සහ පාඨක ඔබ සැම දෙනා එම ජයග්‍රහණය පිටුපස සිටින බව සටහන් කරන්නේ හද පිරි සතුටෙනි. එබැවින් එම ජයග්‍රහණයේ  ගෞරවය සියලුදෙනාටම සමසේ හිමිවිය යුතු බව මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

     එසේම එම තරගාවලිය පවත්වන්නට යෙදුනු බස්රේඩියෝවටත් එහි කාර්ය මණ්ඩලයයේ සාමාජික සාමාජිකාවන්ටත් සියලු දුම්රිය ලෝලින් වෙනුවෙන් සුභාෂිංශන පුද කල යුතුය. අවසන වශයෙන්, මෙම බ්ලොග් අඩවිය සමග නිරන්තරයෙන් රැඳී සිටින පාඨක ඔබ සැමට ස්තුතිය පුද කරනු කැමැත්තෙමි. ඉදිරි ලිපියකින් හැකි ඉක්මණින් හමු වෙමු.

Saturday, October 27, 2012

බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ දවස් වල රැකියාවේ කාර්යබහුලත්වය නිසාත් සති අන්ත දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධවිය යුතු නිසාත් අවිවේකියි. තවත් මාස දෙකක් පමණ නිහඬව ඉන්න සිදුවේවි. ඊමේල් සහ වෙනත් ආකාර වලින් විමසීම් කල සහ මෙම අඩවියේ අනෙකුත් සියලු පාඨකයන්ගෙන් සමාව අයදිනවා.

හැකි ඉක්මනින් නැවත හමුවෙමු!!!

ස්තුතියි!!

Wednesday, August 22, 2012

෴G2 class ෂන්ටින් එන්ජිම - ෂන්ටින් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යෙදූ එන්ජිම෴


ඔබ මෑතකදී බණ්ඩාරවෙල දක්වා දුම්රියෙන් ගමන් කර ඇත්නම් මෙම එන්ජිම ඔබ දැක ඇති බවට සහතිකය. එය මෙරටට ගෙන එන ලද G2 පන්තියේ ඩීසල් ෂන්ටින් එන්ජිමකි. එසේම මෙය ෂන්ටින් කටයුතු සඳහා පමණක් යොදාගත් එන්ජිමක් පමණක් නොවේ. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.

Monday, July 30, 2012

෴G1 class ෂන්ටින් එන්ජිම - මෙරට දුම්රිය සේවය සඳහා මිලදීගත් මුල්ම ඩීසල් එන්ජිම෴


මෙම ලිපිය වෙන් වන්නේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් ඉතිහාසගත සලකුණක් පිලිබඳව සටහනක් තැබීමටයි. ඒ අන් කිසිවක් නොව මෙරට දුම්රිය සේවය වෙනුවෙන් මුල්ම වරට මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම පිලිබඳව විස්තර සටහනක් තැබීම වෙනුවෙනි.

Monday, July 09, 2012

෴Y class Hunslet ෂන්ටින් එන්ජිම - දුම්රිය සේවයේ පුංචි වීරයා෴

පින්තූරය - Dilukshi Hasintha
    මෙවර ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබගේ දෑසට නිරන්තරයෙන්ම දිස්වන නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන තවත් එක් සුවිශේෂි එන්ජින් වර්ගයක් පිලිබඳවයි. පෙනුමෙන් බොහෝ දෙනෙකුගේ සිත් ඇද නොගන්නා මෙම කුඩා එන්ජිම දුම්රිය සේවයට නම් නැතිවම බැරි අපූරු සුරතලෙක්. දුම්රිය සේවයේ භාවිතා වන අනෙකුත් එන්ජින් වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා බලයෙන් අඩුම තැන් ගන්නා මෙම එන්ජිම සිය දෛනිකව දුම්රිය සේවය වෙත ලබා දෙන්නා වූ සේවයනම් සුලුපටු නොවේ.

Monday, June 18, 2012

රේල් පාර දිගේ හයික් එකක් යන්න ඔබත් කැමතිද....

"රේල් ෆැන් කෙනෙක් එහෙමත් නැතුව සාමාන්‍ය අයගේ භාෂාවෙන් කියනවනම් කෝච්චි පිස්සෙක් විදියට මට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි හයික් එකක් යන්න ආසයි ඒ ගැන විස්තරයක් කියන්න කියන එක. මේ තියෙන්නේ මම ටික කලකට කලින් සඟරාවකට ලියන්න සකස් කරපු ලිපියක්. හයික් එකක් යන්න ආස අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා."


Monday, June 11, 2012

ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි.


ශ්‍රී ලංකාවේ දුම්රිය පිලිබඳව උනන්දුවක් දක්වන සැම වෙත දිවයිනේ පළමු වරට නිකුත් කෙරෙන සඟරාව ලෙස "ලංකා රේල්වේ ඩයිජෙස්ට්” (Lanka Railway Digest) සඟරාව පසු ගිය දා එළි දක්වනු ලැබීය.

Monday, May 14, 2012

෴S11 බලවේග දුම්රිය - මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ඉන්දියානු බලවේග දුම්රිය෴

පලමු S11 කට්ටලය (894) මරදාන දුම්රිය ස්ථානයේදී...
තරමක නිහැඬියාවකින් පසු මේ ලිපිය ලියවෙනුයේ මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන හෙයින් ඒ පිලිබඳව ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බවද සැලකිය යුතුය. S11 යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම දුම්රියන් වල තාක්ෂණික විස්තර පහත දැක්වේ.