ශ්‍රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එම එන්ජිමෙහි යාන්ත්‍රික විස්තර පහත පරිදි වේ.
ධාවන පන්තිය : K1
ගෙන්වූ වර්ෂය : 1900 – 1901
නිශ්පාදිත රට : එංගලන්තය
සමාගම : Hunslet Engines Company
එන්ජින් වර්ගය :
Steam Tank Engine (වාෂ්ප බල)
ඇක්සල සැකැස්ම :
4-4-0T
ඇක්සලය මත උපරිම බර (Axle Load) : 7 Tons 10 Cwts)
වාෂ්ප සිලින්ඩර විශ්කම්භය : 11 ½ “
සිලින්ඩර ගණන : 2
සිලින්ඩර පහර : 18”
වෑල්ව් අනුව වර්ග කිරීම : Slide
Valve
බොයිලේරු පීඩනය : 150 lbs. Per sq.’ inch (වර්ග අඟලට රාත්තල් 150)
බොයිලේරු වර්ගය : Round Top
හිස්ව ඇති විට එන්ජිමේ බර : 17 tons
6 cwts
බෆර් අතර දුර : 24’ 11 ½ “ (එන්ජිමේ
මුලු දිග)
උපරිම වේගය : පැ.සැ 20
ඉන්ධන ධාරිතාව : ගල් අඟුරු ටොන් 2, වතුර ගැලුම් 820
බර පන්තිය : T
ගෙන්වූ එන්ජින් ගණන : 7 (102 – 108)
වර්ණය :
කළු (ලංකාවේ භාවිත වූ සියලු පටු ආමාන වාෂ්ප එන්ජින් කලු
පැහැතිය.)
J1 සහ J2 එන්ජින් ආනයනය කිරීමෙන් පසු මෙම K1 එන්ජින්, කොළඹ - අවිස්සාවේල්ල - යටියන්තොට මාර්ගයට බොහෝ දුරට සීමා වී ඇත. සබරගමුව මාර්ගයේ දෑල - ඕපනායක අතර මාර්ග කොටසේ අධික බෑවුම් සහිත ස්වභාවය හේතුවෙන් ගැල් හයකට වඩා ඇදගෙන යාමට නොහැකි වීම එයට හේතුවයි.
K1 පන්තියේ එන්ජිමක් වන අංක 104 දුම්රිය එන්ජිම දුම්රිය ඉතිහාසයේ මෙන්ම සිනමා ඉතිහාසයේ ද නොමැකෙන නාමයක් සනිටුහන් කළ එන්ජිමකි. 1958 වසරේදී මෙරට රූගත කරන ලද The Bridge on the river Kwai නම් දෙවන ලෝක යුද්ධය පසුබිම් වූ සිනමාපටයකට මෙම එන්ජිම සහ අංක 106 දරණ එන්ජිම යොදා ගැනීමයි.
අංක 104 දරණ එන්ජිම සහිත දුම්රිය චිත්‍රපටියේ උච්ඡතම අවස්ථාව සඳහා කැලණි ගඟ හරහා ඉදිකරන ලද ලී පාලමක් සමග පුපුරවා හැරීම සිදු විය. පසු කලෙක මෙම එන්ජිම යකඩ සඳහා කපා වෙන්කරන ලදී.
වසර තිහකට අධික කාලයක් භාවිතා කිරීමෙන් පසුව මෙම එන්ජින් සියල්ලම (106 හැර) 1932 1964 කාල පරාසය තුළ දී විශ්‍රාම ගන්වා ඇත. අංක 106 දරණ එන්ජිම The Bridge on the river Kwai චිත්‍රපටය රූගත කිරීම්වලින් අනතුරුව රත්නපුර දුම්රිය ස්ථානයේ ශන්ටින් එන්ජිම ලෙස 1970 දශකයේ මුල් භාගය දක්වා භාවිතාවේ යොදවා ඇත. ඉන්පසු කෙටිකලක් දෙමටගොඩ දුම්රිය අංගනයේ මෙහෙයුම් කටයුතුවල ද යෙදවීමෙන් අනතුරුව එහිම පසෙක අත්හැර දමා තිබිණි. කිහිප වතාවක් සංරක්ෂණයට උත්සාහ කලද එ් එක් උත්සාහයක් හෝ සාර්ථක නොවීය. මෙම එන්ජිම කිතුල්ගල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම පිළිබඳවද කතිකාවතක් විය.
අවසානයේදී 2018 වසරේදී මෙම වටිනා එන්ජිමේ අයිතිය කොළඹ යෝජිත නව දුම්රිය කෞතුකාගාරයට පවරන ලද අතර වසර පනහකට වැඩි කාලයක් ස්වභාව ධර්මයේ විවිධාකාරයේ අතවරවලට ලක්ව ඉතාම දිරාපත් තත්වයෙන් තිබූ මෙම එන්ජිම අනාගත පරම්පරාවට දැක ගැනීම සඳහා සංරක්ෂණය කිරීමේ භාරදූර වගකීම දුම්රිය කෞතුකාගාරය විසින් බාර ගැනීම ලංකාවේ පමණක් නොව විදේශයන්හි දුම්රිය ලෝලීන්ගේ දැඩි සැනසිල්ලට කරුණකි.
ඡායාරූප
K1 106 එන්ජිම දෙමටගොඩ
අංගනයේ අත්හැර දමා තිබියදී වර්ෂ 1979 ජූනි මස රොබ් ඩික්සන් මහතා විසින් ගන්නා ලද ඡායාරූපයකි.
K1 106 එන්ජිම මරදාන දුම්රිය ස්ථානයේදී බඩු දුම්රියක් සමග. 1970 දශකයේ මුල් භාගයේදී පීටර් හෝප් මහතා විසින් ගනු ලැබූ ඡායාරූපයකි.
K1 104 එන්ජිම සහිත දුම්රිය The Bridge on the river Kwai චිත්‍රපටයේ අවසන් දර්ශනය සඳහා පාලමත් සමග පුපුරවා හැරීමට මොහොතකට පෙර.
කොළඹ දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය කර
ඇති K1 106 දරණ එන්ජිම ලංකාවේ
දැනට ඉතිරිව පවතින පැරණිම පටු ආමාන දුම්රිය එන්ජිම මෙය වෙයි.
K1 103 දරණ එන්ජිම දෙමටගොඩ දුම්රිය අංගනයේදී. 1931 වර්ෂයේ අගෝස්තු මස ගන්නා ලද ඡායාරූපයකි. Flickr හි ඇති පින්තූරයකි (Historical Railway images).
මූලාශ්‍ර : Historical Railway images /
Ceylon Government Railway
සටහන :- රසික වික්‍රමනායක
Excellent article .
ReplyDeleteවටිනවා. K1 පංතිය ලෝකෙම ප්‍රසිස්ධයි ඉතින් ෆිල්ම් එක නිසා. එන්ජිමට බර ගාණක් ගෙවන්න ඇතිනේ. ඇත්තටම ඒක ගඝට වැට්ටුවනේ
ReplyDeleteමුදල් ගෙවා නැත. ලංකා දුම් රිය සේවය භාවිතයෙන් ඉවත් කල එන්ජිම සහ මැදිරි ලබා දී ඇත්තේ නොමිලයේය. ගඟට ඇදවැටුනු එන්ජිම සහ මැදිරි ගොඩ ගෙන, දෙමටගොඩදී කැබලි කර පරණ යකඩ වලට විකුණා දමන ලද බව සඳහන්.
Deleteඅවිස්සාවේල්ලේ ස්ටේශමේ 1972 -74 වගේ කාලයේ මෙම පටු ආමාන වාෂ්ප එන්ජින් වැඩ කරනු අදටත් මට මතකය!
ReplyDeleteපසුකලෙක එල-පවුසි පරණ එන්ජින් යකඩ වලට කැපූ වගක් මා අසා ඇත.
කොහොමත් ඔවා ඇතුලත තිබූ තඹ බොයිලෙරු පරණ යකඩ නාඩාර්ලට රසාංජනයක් වන්නට ඇතැයි සිතිය හැක.
මේ එන්ජින් පරණ යකඩ වලට කැපුවේ එල පවුසිගේ කාලයට පෙරය. කේ පන්තියේ එන්ජින්, භාවිතා කල හැකි උපරිම කාල සීමාව පසු කල පසුවයි, එලෙස කැබලි කර ඇත්තේ.
Deleteබ්ලොග් එක ලියන්න ගත්තු එක නම් හරි වටිනවා.
ReplyDeleteබ්ලොග් එක ලියන්න ගත්තු එක නම් හරි වටිනවා.
ReplyDeleteවටිනා තොරතුරු ටිකක්
ReplyDeleteඅගෙයි
ReplyDeleteදිගටම ලියමු
ReplyDeleteකාලෙකින් ලියන්ට අරගෙන තියන එක නම් වටිනවා. කේ පන්තිය ඇත්තට ම තවත් එක කාරණයක් නිසා විශේෂ වෙනවා. ලංකාවේ මුලින්ම දුවපු කෝස්ටල් ටෑන්ක් එන්ජින් වල රෝද සැකැස්ම ත් 4-4-0T. එයින් එකක් වත් සංරක්ෂණය උනේ නැහැ. ඒකට 1937 ක්ලාස් කරද්දී අකුරක් සෙට් උනෙත් නැහැ (මේ වගේ ම තව පන්තියක් තමා 0-6-0 ටෙන්ඩර් එන්ජින් ටික). ඉතිං අද අපිට බලාගන්ට ඉතුරු වෙලා තියන 4-4-0T එකම පන්තියත් මේක විතරයි.
ReplyDeleteThank you
ReplyDelete