පලමු S11 කට්ටලය (894) මරදාන දුම්රිය ස්ථානයේදී...
තරමක නිහැඬියාවකින් පසු මේ ලිපිය ලියවෙනුයේ මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන හෙයින් ඒ පිලිබඳව ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බව ද සැලකිය යුතුය. S11 යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම දුම්රියන් වල තාක්ෂණික විස්තර පහත දැක්වේ.
දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
බල සැපයුම් එන්ජිම - Cummins(India) KTA50L 16V type EFI engine
උපරිම බලය - 1350hp - 1800RPM
උපරිම වේගය - 110 km/h
දුම්රියේ සම්පූර්ණ දිග - 130m
Axel Arrangement - Bo-Bo
දුම්රිය කට්ටලයක බර - ආසන්න ටොන් 100ක් පමණ
වර්ණය - සුදු පැහැ බඳ( රතු පැහැ තීරුව සහිත)
මැදිරියක දිග - අඩි 72
එක් කට්ටලයක මගී ධාරිතාව- මගීන් 1500
දුම්රිය කට්ටල ගණන - 20(No 894-913)
ඉන්දියානු ණය ආධාර වැඩ සටහන යටතේ මෙරට දුම්රිය සේවාවන් යහපත් කරවීමේ අරමුණින් ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ඇරඹි තිබෙන අතර මෙම දුම්රිය කට්ටලයන් මෙරටට ලැබෙන්නේද එම එක් ව්‍යාපෘතියක් වශයෙනුයි. වර්ෂ 2011 දි මෙරටට මුල්ම S11 බලවේග කට්ටලය ගෙන එනු ලැබූ අතර මෙම ලිපිය ලියැවෙන වර්ෂ 2012 මැයි මස වන විටත් මෙම දුම්රිය කට්ටල ලැබෙමින් පවතී.
මෙම බලවේග දුම්රියන් පිලීබඳව විවිධ පාර්ශව වෙනස් මතයන් දරණ අතර සමහරෙකුට අනුව මෙය ඉතා විශිෂ්ඨ දුම්රියක් වන අතර අනෙක් පාර්ශවයන් දක්වන අදහස් අනුව මෙය එතරම් හොඳ තත්වයේ දුම්රියක් නොවේ. දෙපාර්ශවයන්ම මේ සඳහා කරුණු ඉදිරිපත් කරනු ලබන අතර ඉන් බොහොමයක් නොසලකා ඉවත දැමිය හැකි ඒවා නොවේ. කෙසේ වුවද මෙම ලිපියේ අරමුණ එම කරුණු සාකච්ඡා කිරීම නොවේ.
මෙරට මාර්ග වල ධාවනය කරන බලවේග දුම්රිය වර්ග සමග සන්සන්දනය කරන විට මෙම දුම්රියන් වල සුවිශේෂි පහසුකම් රැසක් දැකිය හැකිය. වර්තමානයේදී සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනය කරන බලවේග දුම්රිය කට්ටල වලින් සනීපාරක්ෂක පහසුකම් ( ජලය සහිත වැසිකිලි) ඇත්තේ මෙම S11 බලවේග දුම්රියවල පමණි. ( 1960, 70 තරම් මෑත අතීතයේදී පවා ධාවනය කරන ලද
S2 හා S3 බලවේග දුම්රියන් වල දේශීයව දැවයෙන් නිපදවූ මැදිරි වලද
මෙම පහසුකම් තිබී ඇත. S5 දුම්රියන් වල ද සනීපාරක්ෂක පහසුකම් ඇතත් ඒවා සාමාන්‍ය මගීන් සඳහා දෛනික ගමන් වාර වල ධාවනය නොවේ.)
එසේම සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා සඳහා යෙදවීම වෙනුවෙන් මෙතෙක් ගෙන එන ලද සියලු බලවේග දුම්රියන් වල (S1හැර) මෙන් නොව මෙම දුම්රිය වල ආසන සැකැස්ම ඇත්තේ දුම්රිය ගමන් කරන අතට ලම්භකවය. මෙයට පෙර ගෙන ආ මෙරට මුල්ම බලවේග දුම්රිය වන S1 බලවේග දුම්රියේද ආසන මේ ආකාරයට පිහිටා තිබුණි. එමෙන්ම ඒවා අනෙක් බලවේග දුම්රියන් වල මෙන් ෆයිබර් ආසන ලෙස නොව වඩාත් සුවපහසු ලෙස කුෂන් ආසන ලෙස නිමවා තිබේ. සෑම අසුනක් සඳහාම වෙන්වූ විදුලි පංකාවක් බැගින් සවිකර තිබේ.
Air Suspension Bag
ඡායාරූපය:- Gehan Chandika
මෙම දුම්රියේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ Air Suspension Facility (වායු බැලූන කම්පන අවශෝෂක) පද්ධතියක් සහිත වීමයි. අනෙක් දුම්රියන් වල දක්නට නොමැති මෙම විශේෂ පහසුකම නිසා වඩාත් සුමට ධාවනයක යෙදිය හැකි අතර ගැස්සීම් ආදියෙන් අවම වීම මගීන්ට වැඩි පහසුවක් ඇති කරයි. තෙවන සහ දෙවන පන්තියේ ආකාරයට කොටස් කර පහසුකම් වර්ගීකරනය කර තිබීම තවත් විශේෂත්වයකි. එබැවින් මෙම දුම්රියන් කෙරෙහි හොඳ ජනතා ප්‍රසාදයක් ඇති බැව් පෙනෙන්නට තිබේ.
තාක්ෂණික කරුණු ඇසුරින් සලකා බලන කල මෙම දුම්රිය කට්ටලයේ ඇති ප්‍රධාන සුවිශේෂි ලක්ෂණයක් වනුයේ බරෙන් ඉතා අඩු වීමයි. මුලු දුම්රිය කට්ටලයම ටොන් 100ක් පමණ වීම නිසා එයට අත්වී ඇති වාසි කිහිපයක් වේ. පලමු වැන්න වන්නේ අඩු බලයක් මගින් වැඩී වේගයක් අත්කරගැනීමේ හැකියාවයි. එමෙන්ම ඉන්ධන පරිභෝජනය අවම වීමද සිදුවේ. එබැවින් මෙම දුම්රියන් ආර්ථික අතින් වාසිදායක බැව් සැලකිය හැකිය. මෙම දුම්රිය නිපදවීමේදි අවම බරකින් යුක්තව නිපදවීම සඳහා නිෂ්පාදකයා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මෙරට බලධාරීන්ගේ ඉල්ලීම පරිදිය.
S11 කට්ටලයන්ට සමාන, ඉන්දියාවේ ධාවනය වන දුම්රියක්
ඡායාරූපය :- IRFCA
මෙම දුම්රියන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල වර්තමානයේදී ධාවනය කරන බලවේග දුම්රියන් වලට සමානකම් දක්වනු ලැබේ. ඉන්දියාවේ ඇති එක් දුම්රිය කට්ටලයක් සඳහා එන්ජින් මැදිරියක් මගී මැදිරි තුනක් සහ එන්ජිමක් රහිත එලැවුම් මැදිරියක් ලෙසට ධාවනය කරන නමුත් මෙරට බලධාරින්ගේ ඉල්ලීම පිට මෙරටට ආනයනය කර ඇති දුම්රිය කට්ටලයක් කොටස් හයකින් සමන්විත වේ. ඒ එන්ජිම සහිත එලැවුම් මැදිරියක් මගී මැදිරි හතරක් සහ එන්ජිම රහිත එලැවුම් මැදිරියක් වශයෙනි.
මෙම දුම්රියන් නිපදවීමේදි මල නොබැඳෙන ලෙස සැකසිය යුතු බවට තවත් ඉල්ලීමක් ලෙස ඉදිරිපත්ව ඇති නිසා එය ට අනුව මෙම දුම්රියන් වල මුහුණත කොටස ෆයිබර් වලින් සහ මැදිරි බඳ මල නොබැඳෙන වානේ වලින් නිපදවීමට නිශ්පාදකයා කටයුතු කර ඇත. මෙහි බොහෝ කොටස් ඉන්දියාවේ විවිධ කර්මාන්තශාලා වල නිපදවා මෙම දුම්රියන් එකලස් කර තිබේ.
ඨාකූර් නමැති ඉන්දියානු කප්ලිම.
ඡායාරූපය:- Akila Ariyapperuma
මෙම දුම්රියන් වල මැදිරි ඈඳුම් (Coupler) ඨාකූර් කප්ලිම නමැති ඉන්දියානු කප්ලිමකි. එහි විශේෂත්වය වන්නේ ධාවනයේදී මාර්ගයේ ඇති අඩුපාඩු නිසා මැදිරි එකිනෙක අතර වන සිරස්/තිරස් චලනයන් අවම වීමයි. ඒ නිසා ගමනෙහි සුව පහසු බව ඇති කරන මුත් එහි අවාසිද කිහිපයකි. ප්‍රධාන අවාසිය වන්නේ අනෙක් බලවේග දුම්රියන් වල මෙන් අවශ්‍ය විටකදී ගලවා වෙනත් දුම්රියකට හෝ බලවේග කට්ටලයකට සම්බන්ධ කිරීමට නොහැකි වීමයි. එමෙන්ම යම් අනතුරකදී ඔටෝ කප්ලිම (auto coupler) මෙන් විසන්ධිවීමක් නොවන බැවින් මුලු දුම්රියම පෙරලී යැමේ අවධානමක්ද ඇති බැව් කියවේ. එන්ජිම සහිත මැදිරියේ මුහුණත සහ එන්ජිම රහිත මැදිරියේ මුහුණත (දුම්රිය දෙපස) සඳහා පමණක් Auto කප්ලිමක් සහ Screw කප්ලිමක් බැගිනි සම්බන්ධ කර ඇත්තේ ද්විත්ව දුම්රිය කට්ටල ලෙස සම්බන්ධ කිරීමට සහ ආපදා අවස්ථා ආදී විශේෂ අවස්ථා වලදී වෙනත් දුම්රියක් මගින් ඇදගෙන යාමටය.
අදාල සියලු ඉල්ලීම් හමුවේ නිපදවා ඇති මෙම එක් එක් දුම්රිය කට්ටලයන් සඳහා 1350hp බලැති එන්ජිමකින් බලය සැපයේ. කෙසේ වුවද නිශ්පාදකයා සඳහන් කර ආකාරයට මුල් සැලසුමේ ඇති ආකාරයට වඩා මැදිරියක් වැඩි වීම නිසා ධාවනයේදී ත්වරණය (Acceleration) අඩුය. මීට අමතරව තවත් සංකීර්ණ තාක්ෂණික කරුණු කිහිපයක්ද ඒ කෙරෙහි බලපා තිබේ. එනම් ඒ අනුව මෙයට අවශ්‍ය ධාවන වේගය ලබා ගැනීමට වැඩි කාලයක් ගතවේ.
S11 හි නිමාවේ අඩුපාඩු
ඡායාරූපය අන්තර්ජාලයෙනි
කෙසේ වුවද මෙම දුම්රිය කට්ටල වල සැලකිය යුතු අඩුපාඩු රැසක්ද ඇති බව පෙනීයයි. ප්‍රධාන චෝදනාව වනුයේ මෙහි නිමාව ඉතා අවම මට්ටමක පැවතීමයි. අපනයනයන් සඳහා කෙරෙන නිමැවුමක තිබිය යුතු විශිෂ්ඨ බව එහි දක්නට නොමැත. මෙම දුම්රියන් වල ඇතැමි කොටස් අතින් පින්තාරු කර තිබීමත්, තවත් කොටස් මලබැඳි තිබීමත් නිසා මේවා අලුත්වැඩියා කොට අපනයනය කරන ලද දුම්රියන් බවට රාවයක්ද තිබිණි. ධාවනයට එක්කර සුලු කාලයකින්ම මේවායේ ජනෙල් පියන් වල රාමු සහ ඇතුලත සමහර කොටස් වේගයෙන් මලබැඳී ඇති අයුරු දැකගත හැකිය. ඇතැම් ජනෙල් පියන් කැඩී ඇත. මෙවැනි යම් යම් අඩුපාඩුද මෙම දුම්රිය කට්ටල වල දක්නට හැකිය.
මෙම දුම්රියන් මෙරටට ආනයනය කර ඇත්තේ දුර ගමන් සඳහා යොදන දුම්රිය ගමන් වාර සඳහා යෙදවීමටයි. ආසන සැකැස්ම සාමාන්‍ය බලවේග කට්ටල වලට වඩා වෙනස් වීමත් සනීපාරක්ෂක පහසුකම් ඇතුලත් කර තිබෙන්නේත් එබැවිනි. මෙම දුම්රියන් වල නඩත්තු කටයුතු සිදුකිරීම දෙමටගොඩ ඇති S11 ධාවනාගාරයෙනි. 2011 වසරේදී මංගල ගමන ලෙස S11 දුම්රියක් රුහුණු කුමාරී දුම්රිය සඳහා ධාවනය කරන ලදී. මෙම දුම්රියන් මේ වන විට මෙරට දුම්රිය මාර්ග වල සැලකිය යුතු සේවයක නිරතව ඇත. බොහෝ අවස්ථා වලදී ද්විත්ව දුම්රියන් (Double set) ලෙස ධාවනය කරනු දැකිය හැකිය. කොළඹ කොටුව - වවුනියාව අතර දෛනිකව ගමන් ගන්නා දැයට කිරුල නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සඳහා යොදනුයේ මෙම වර්ගයේ දුම්රියකි. මෙලෙස දෛනිකව ධාවනය කරන නගරාන්තර සිග්‍රගාමී දුම්රියක් සඳහා බලවේග කට්ටලයක් යොදන ලද්දේද මෙරට දුම්රිය ඉතිහාසයේ පලමු වතාවටය. මෙයට අමතරව මෙම දුම්රියන් දකුණු මාර්ගයේත්, උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාත් ධාවනය කෙරේ. රුහුණු කුමාරි, සමුද්‍ර දේවී සහ සාගරිකා දුම්රියන් සඳහා යොදාගන්නේ S11 ද්විත්ව යුගල දුම්රියන් ය. නැගෙනහිර මාර්ගය, කැලණිවැලි මාර්ගය සහ මාතලේ මාර්ගයේ මෙම දුම්රියන් ධාවනය කරන බවට සාධක නැත.
අලව්ව අනතුර
ඡායාරූපය :- Akila Ariyapperuma
මෙම S11 එක් දුම්රිය කට්ටලයකට එක් අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ දීමට සිදුවීම අතිශයින්ම ඛේදජනක කරුණක් ලෙස දුම්රිය ඉතිහාසයේ සටහන් විය. පසුගිය 2011 වසරේ දිනක අලව්වේ සිදු වු දුම්රිය ගැටුමෙන් මෙම වර්ගයේ අංක 899දරණ දුම්රිය එන්ජිම සහිත බලවේග කට්ටලය, මහනුවර දක්වා ගමන් කල නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරියේ ගැටුණි. එයින් එම අංක 899 දරන දුම්රිය එන්ජිමට බරපතල හානි සිදුවූයේ එම දුම්රියේ රියදුරා, සහයක ඇතුලු ජීවිත කිහිපයක්ද අහිමි කරමිනි. එම සිදුවීම මෙරට දැඩි ආන්දෝලනයක්ද ඇති කලේය. එම දුම්රිය එන්ජිම මේ වන විට S11 ධාවනාගාරයේ පසෙක ගාල්කොට ඇත.
මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, අකිල ආරියප්පෙරුම, චානක මල්ලවාරච්චි සහ නවීන් ගුණරත්න සොයුරන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
ඡායාරූප:-
VIDEO
වවුනියා නගරාන්තරයේ අත්දැකීම්
VIDEO
තවත් වීඩියෝවක්
S11 දුම්රියේ රියදුරු කුටිය
ඡායාරූපය :- Manoj Chathuranga
(Kancha -Kanchana Udovita විසින් එවු පින්තූරයක්)
චෙන්නායි හී පරීක්ෂන චාරිකාවක
ඡායාරූපය :-IRFCA
නැව්ගත කිරීම සඳහා කර්මාන්ත ශාලාවේ සිට රැගෙන ඒම
ඡායාරූපය :- අන්තර්ජාලයෙනි
ඡායාරූපය :- අන්තර්ජාලයෙනි
වරායෙන් ගොඩබෑම
ඡායාරූපය:- ලංකාදීප
වරායෙන් ගොඩබෑම
ඡායාරූපය:- Akila Ariyapperuma
S11 ධාවනාගාරය - දෙමටගොඩ
ඡායාරූපය:- Gehan Chandika
S9 සගයෙක් සමග
ඡායාරූපය:- Gehan Chandika
පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස මුල්ම වතාවට අනුරාධපුරයට
ඡායාරූපය:- Gehan Chandika
රුහුණු කුමාරි ද්විත්ව දුම්රිය යුගලය ලෙස ටික කලකට පෙර...
ඡායාරූපය:- Gehan Chandika
අනුපිලිවෙල සගයන් තිදෙනා... 11,9,10
ඡායාරූපය:- Gehan Chandika
දැයට කිරුළ නගරාන්තර සිග්‍රගාමී දුම්රිය
ඡායාරූපය:- Gehan Chandika
දැයට කිරුළ නගරාන්තර සිග්‍රගාමී දුම්රිය
ඡායාරූපය:- Pravin Indranama
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වෙමින්
ඡායාරෑපය :- Pravin Indranama
වවුනියාවට පැමිණි දැයට කිරුල (දකුණු පස)
ඡායාරූපය:- Gehan Chandika
රඹුක්කනදී අනතුරට පත් S11-899 දුම්රිය කට්ටලය අනතුරට පත්වීමට
සුලු මොහොතකට පෙර මෙම ඡායාරූපය ගන්නා ලදී.
ඡායාරූපය:- Ashan Imantha
අනතුරෙන් පසු
ඡායාරූපය:- Akila Ariyapperuma
අනතුරෙන් පසු
ඡායාරූපය:- ලංකාදීප
අනතුරෙන් පසු
ඡායාරූපය:- Ashan Imantha
-------------------------------------------------------------------------------------------------------
-පසු සටහන-
Loco Lanka බ්ලොග් අඩවියේ පාඨකයෙකුව සිටි
Observer හෙවත්
සනත් විජේවර්ධන මහතා 2011 මැයි මස 13 වැනි දින හදිසියේ අප අතරින් සමුගෙන ගියේය. තම දැනුමින් අත්දැකීම් වලින් අප පෝෂණය කල එතුමාගේ වියෝව සමස්ථ බ්ලොග් අවකාශයටම බලවත් අභාග්‍යයකි.
එතුමාට නිවන් සුව පතමු!!
ඇති යාන්තම් වෙලාවක් හොයාගෙන මේක ලියලා ඉවර කරලා හි හි හි.....
ReplyDeleteවෙලාව තමා හොයාගන්නම අමාරු මකුලුවෝ. :)
Deletemakulu ambyo :P umba oka photo gattata passe thama oya magul happune :P lolzzzz
Deletes12 epadha
Deleteහොඳ විස්තරයක්. කොහොම උනත් තවමත් මගේ කැමතිම දුම්රිය මේක..
ReplyDeleteඅවසානයට තිබෙන පසු සටහන ගැන නම් බොහොම කනගාටුයි.. එතුමා මගේ ලංගම බස් අඩවියෙත් පාඨකයෙක් ව හිටියා.. :(
ස්තුතියි Uthpala.
Deleteඑතුමාගේ බ්ලොග් එක මම නොවැරදීම කියවල බ්ලොග් එකක්. මෙවර අවුරුදු උත්සවයෙදිත් එතුමව මුණගැහිලා කතාබහ කලා. දුම්රිය ක්ෂේත්‍රය ගැන පොතක් සහ ඩීවීඩී තැටියක් මට එවා තිබුණා.
දුකයි. :(
MOKAKDA LANGAMA BUS SITE EKA
Deleteහප්පේ... කරුණු මදි කිය කිය හිටියට මේ තියෙන්නෙ ඉහටත් උඩින් කරුණු. වෙනදා වගේම නියම පෝස්ට් එකක්. මේ එකක යන්න ලැබුණේ ඔය පින්තූරෙකත් තියෙනවා වගේ ගිය පොසොන් එකට අනුරාධපුරේ යන්න විතරයි. ඒ නිසා ධාවනය ගැනනම් විශේෂ යමක් කියන්න බෑ. ඇතුලත නම් දෙවෙනි පන්තියේ පහසුකම් උපරිමයි. තුන්වෙනි පන්තියේ ආසන පළල් වැඩි නිසා හිටගෙන යෑම සහ කොරිඩෝව දිගේ යෑම ටිකක් අපහසුයි.
ReplyDeleteමේ අඩවියට නිරන්තරයෙන් වැදගත් අදහස්, පැරණි මතකයන් එකතු කල ඔබ්සර්වර් මහතාට නිවන් සුව පතමි.
මේ වැඩත් අස්සෙ මෙහෙම ලිවුව මදැයි :D
Deleteඅනේ මන්ද බන් ඔය කියන හැටියට නං හොදයි වගේ , කොහොම උනත් ඉන්දියන් බඩු ගැන වැඩි විශ්වාසයක් නං හොදම නෑ......... මොනම ඉන්දියන් වාහනේකවත් බ්‍රේක් හරියට වැඩ කරන්නෙ නෑ.........!
ReplyDeleteM8 දුම්රිය එන්ජින් ඉන්දියානු නිෂ්පාදන. ඒවුවගෙත් සෑහෙන්න දෝෂ තියෙන පාටයි. එහෙවු එකේ අලුතෙන් ගෙනාපු M10 එවුවත් ඉන්දියන්. අනේ මන්දා. මේවුවත් ඉතින් ලෙඩම තමයි. රේල්ලුවට මොනාවෙන්න යනවද මන්දා... :(
Deleteme train wala podi aulak tiyanawa ,,kochchara hulan gahuwath machn roda walata hulan bahinawa..poddak eka gana note ekakuth dapan..koma unath ube blokke patta ahhh
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබතුමාට පුලුවන්නම් ඔය හුලන්බහින රෝද ගැන ආර්ටිකල් එකක් ලියල එවුවොත් පලකරන්නම්. අනික ඔබතුමාලා ඔය හුලං බහින අනුන්ගෙ රෝද ගැන බල බල ඉන්නෙ නැතුව නරකද තමන්ගේ බහින හුලං ටික ගහගත්තනං.
Deleteස්තුතියි.
s12
Deleteමොනවා වුණත් මේකට හොද මගී ප්රතිචාරයක් තියෙනවා.හැබැයි පිකප් නම් මදී... ආදරණීය ඔබ්සර්වර් මහතාණෙනි... ඔබට නිවන් සුව පතමි...
ReplyDeleteපිකප් එක මදි වුනාට සෑහෙන වේගයකින් යන්න පුලුවන්.
Deleteවටිනා කියන වැඩක්.ස්තූතියි.
ReplyDelete3 වෙනි පන්තියේ දෙන්නා වාඩිවෙන සීට් එක නං සාමාන්‍යයි, ඒත් තුන්දෙනා වාඩි වෙන සීට් එක හතරදෙනෙකුට ඇති. නමුත් වාඩිවෙන්නේ තුන්දෙනයි. ඉතිං හිටගෙන යන අයට අපහසුයි.
ReplyDelete2 වෙනි පන්තියේ සීට් නං හරි සැපයි... ඉස්සර සීට් එකට සවි කර තියෙන නවන්න පුලුවන් කුඩා මේසය, වැඩි විදුලි පංකා ගාණ (දැන් නං එක දෙක කැඩීගෙන යනවා) වැදගත් දේවල්.
s12
Deletes11 ගැන සටහන නම් වටිනවා.
ReplyDeleteමෙම ධාවන පංතියේ බලවේග දුම්රියන් ගේ නිමැවුම වඩා ඉක්මනින් විනාශවන සුලු ගතියක් පැවතියද, පහසුවෙන් අලුත්වැඩියාකිරීමට හැකි බවයි පෙනීයන්නෙ. එමෙන්ම වඩා ලාභදායි දුම්රියක් වීම ශ්‍රීලංකා දුම්රිය සේවයට යහපත් අයුරින් බලපාවියයි උදක්ම බලාපොරොත්තු වෙමු.
තාක්ෂණික ගැටළු පැවතියද, s11 බලවේක දුම්රිය මෙරට දුම්රිය සේවය වෙනුවෙන් දිගුකාලීන සේවයක් සපයතැයි බලාපොරොත්තුවෙමු.
මම මේ වර්ගයේ එකක ලඟදි ගියා. මගී පෙට්ටි වල ගොඩක් තැන් මලකඩ කාලා. ජනෙල් ගාව, ෆෑන්, දොරවල්, සීට් සවි කරලා තියන යකඩ කොටස් වගේ දේවල්. ගෙනල්ලා අවු. 2ක් යන්නත් කලින් මේ තරම් අබලන් වෙලා තියන එක දැක්කම නම් එපා වුනා. කාලයක් මේවයේ බ්‍රේක් හරි නෑ කියලා දුම්රිය රියදුරන් මේවා ධාවනය වර්ජනය කලා නේද?
ReplyDeleteඋඹේ බ්ලොග් එක බළලා මටත් කෝච්චි පික්සුව හැදෙයිද මන්ද....:D ගොඩක් අය නොදන්න මේ විස්තර හොයන්න උඹ වෙන මහන්සිය හිතාගන්න පුළුවන් මචන්.... ඒ මහන්සියට කවදා හරි දවසක නිසි වටිනාකමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....!!!!!
ReplyDeleteඔටෝ කප්ලිම නැති නිසි ටිකක් ලොකු අවදානමක් තියෙනවා නේද මේවායේ.???
ReplyDeleteදැයට කිරුල නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ගිහින් බලන්න ඕනේ :D පින්තුර දැක්කාම ආස හිතුනා :)
එල පෝස්ට් එකක් මල්ලි. රුහුනට සාගරිකා එකට මෙයින් සෙට් 2ක් දැම්මත් (පෙට්ටි 12ක් නිසා) ඉඩ මදි කියල තමයි මටනම් හිතෙන්නෙ. ඉස්සර රුහුනෙ පෙට්ටි 13ක් ගියා මට මතක විදිහට.
ReplyDeleteඇත්තටම S11 වල හොඳවගේම නරකත් තියේයි මං මෙකේ ගොඩක් වෙලවට වේයන්ගොඩ ඉදන් එනවා උදේ රඹුක්කනින් එන S11 එකේ මං දැක්ක හොඳම දේ තමයි මෙකේ තියෙන විදුලිපංකා ඉස්සර මං අවේ පොල්ගහවෙලින් එන S9 එකේ හරි නුවර ඉදන් එන එකේ තමයි එවගේ අවාම උදේට කොටුවෙන් බහින්න්නෙ දාඩිය නාලා එත් මේ S11 එකේ විදුලිපංකා නිසා ගොඩාක් පහසුවෙන් එන්න පුලුවන්
ReplyDeleteඇත්තටම නිමාව නම් කියලා වැඩක් නැහැ අපේ රටේ කම්මල් බාස් කෙනෙක් හදුවා නම් මීට වඩා හොඳට හදයි
ඇත්තටම අපේ දුම් රිය දේපාර්තුමේතුවට පුලුවන් නේ මීට වඩා හොඳ කොච්චි හඳන්න එක්කො ම්යික්‍රෝ එකෙන් හදන්න ඉල්ලුවාම එක දුන්නා නම් ඉවරයි මගේ යලුවෙක් ඉන්නවා මිනිහා තමයි ඛනිජතේල් සංථාවේ පිරවුම් හල් වල ඩිජිටල් මීටර් එක හැදුවේ මේ ලගදි ඉදන් එකත් ගන්න එක නැවත්තුවාලු දේශීය නිෂ්පාදකයින් ගෙන් මිලදී ගැනී අත්හිටවන්න කියලා ලු හෙතුව හෙවුවාම චීනේ තරහා වෙලා ණය දෙන එක නැවැත්තුවොත් කියලා ලු අපේ රට කවදා හැදේ ද ?
මේකෙත් ඉතිං ගිහිං නෑ නෙව.
ReplyDeleteනියමයි බ්‍රෝ.තව M10 එක ගැන විතරයි දැනගන්න තියෙන්නෙ :D
චන්දික.......
ReplyDeleteමුලින්ම S11 ගැන ලිවීම පිළිබදව අපේ ස්තූතිය
වෙනදාට ඔබගේ post එකක අඩුම තරමින් observer නමින් කොමෙන්ටු දෙකක් නොවැරදීම තිබුණා.මින් මතුවට එය එසේ නොවේවි.ඔහු වෙනුවෙන් යමක් ලිවීමට ඔබේ Blog එක යොදා ගත්තේ මා ඔහු හදුනන්නේ ඔබගේ පළමු පෙලේ Blog රසිකයෙක් වන බැවිනි.
සනත් විජේවර්ධන මහතානෙනි ඔබට නිවන් සුව!
nice work boys i am happy to see this web site as a man who works in railway department
ReplyDelete~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ReplyDeleteප්‍රථමයෙන් අප අතරින් හදිසියේම සදහටම වෙන්වී ගිය Observer යන අන්වර්ථ නාමයෙන් අප සියලු දෙනා සමඟ අදහස් හුවමාරු කරගත් සනත් විජේවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීම මාගේ යුතුකම ලෙස මා සලකමි. එතුමාට නිවන් සුව අත්වේවා!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කාලෙකට පස්සේ චන්දික S11 ලිපියත් සමඟ දකින්නට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්. කොහොම වෙතත් S11 බලවේග දුම්රිය ගැන මට තියෙන්නෙත් මිශ්‍ර වූ අදහසක්. මගී සුවපහසුව අතින් බලන කල නම් මෙහි දෙවන පන්තිය ඉතාමත් සුවපහසු බව මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඒ වගේම ගැස්සීම් පැද්දීම් වුවත් සෑහෙන්න අඩුයි. මේ සියල්ල එසේ වුවත් දුම්රියේ නිමාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් නම් මට එතරම් පැහැදීමක් ඇති වෙලා නෑ. ප්‍රධානතම හේතුව තමා එහි ෆයිබර්ග්ලාස් නිමා කටයුතු. සාමාන්‍යයෙන් ෆය්බර්ග්ලාස් කියන්නේ දුම්රියයන් වල බඳ නිර්මාණය කිරීමට භාවිතා නොකරන ද්‍රව්‍යයක්. ඒ වගේම අභ්‍යන්තර පැනල වල එකිනෙකට අසමානතා සහ රළු නිමාවන් දකින්නට පුළුවන්. කොහොම වුණත් තව වසර කිහිපයක් ගිය තැන අපිට මේ S11 දුම්රියේ සාර්ථක අසාර්ථක බව ගැන වඩාත් සාධාරණ නිගමනයකට එළඹෙන්නට පුළුවන් වේවි.
s11 දැනට සාර්ථක තත්වයෙන් ධාවනය වෙන දුම්රියක්... ඒත් ඉන්දියන් බඩු නිසා ෂුවර් නෑ. මටනම් කොච්චර ෆෑන් තිබුනත් ඇතුලේ පුදුම රස්නයක් තියෙන්නේ(සෙනග පිරුනු වෙලාවට) බලමු තව ටික කාලෙකින්......
ReplyDeleteදැනුවත් කිරීමට ස්තූති!!!!!!
මේ දුම්රියට නම් එච්චර ආයුෂ නැ වගේ. කිසිම නිමාවකුත් නැ. වර්ණ සංකලනයෙන් පොඩි අලංකාරයක් කරලා සරසල තියනවා. දැන්ම වෙනත් රටක බලවේග කට්ටල කිහිපයකට ඇනවුම් කරලා තිබ්බොත් හොඳා වගේ.
ReplyDelete**Prabath
මේකේ ත්වරණය මදියි කියන එකනම් හොඳටම දැනෙනවා. මම උදේට වැඩට එන්නේ සමුද්‍රේ. එක අලුත්ගමට එනකම් ස්ලෝ. ළඟ ළඟ ස්ටේෂන් වල පික් අප් වෙන්නෙම නෑ. ඉස්සර ආපු s10 එක නම් නියමෙට pickup. දැන් අධිවේගී දුම්රිය මාර්ගයේ ඇවිල්ලත් අපි හැමදාම ලේට්.
ReplyDeleteචන්දික....
ReplyDeletes11 ධාවනයට එකතු කරලා අවුරැද්දක් ගත වෙන්නත් කලින්ම සැලකිය යුතු මට්ටමේ අඩුපාඩු,
තාක්ෂණික දෝෂ, නිතරම අලුත්වැඩියාවන්ට ලක්වෙනවා කියන්නේ s11 අපේ රටට
ගැලපෙන දුම්රියක් නොවේය කියන කාරණය තහවුරැ වීමක් නේද? බාහිර අලංකාරයට,
ආටෝපයට තිබෙන පහසුකම් වලට අප රැවටිය යුතුද? මෙම දුම්රිය 20 නඩත්තුවට
මේ වර්ගයේ දුම්රිය 100කට වඩා ගෙන්වීමට වැයවන අතිවිශාල මුදලක් ඉන්දියාවට පුඡා කරන්න
නම් අනිවාර්යයෙන්ම සිද්වේවි. නමුත් ඉතින් මොනවා නරන්නද ගැති චින්තනය
පාලක ඇත්තන්ට තිබෙනකම් අපට හෙට දවස ගැන නම් හිතන්න වත් බැරි වෙයි.
(තව M10 ත් ඉන්දියාවෙන් එනවානේ නේද) ඒ කොහොම වුනත් s11 ගැනත්
විස්තර ගෙන ආ එකට චන්දිකටත් අමතරව comment මගින් වැඩිදුර කරැණු ගෙනා
සැමටත් බොහෝමත් ස්තූතිවන්ත වෙනවා.
චන්දික සහෝ, මට දැනගන්න ලැබුණු විදියට ඔය S11 කට්ටලයක සේවා ආයුකාලය වසර 10ක්. ඒ කාලය ඇතුලත ඕවායේ නිසි ප්‍රයෝජන අරගන්න ඕන.
ReplyDeleteඅඩු වියදමක් දරලා ගෙන්නපු ඔය දුම්රිය භාවිතා කරලා හරි කමක් නෑ මගීන්ට වඩා යහපත් සේවයක් ඉටුකරලා වලපල්ලට යන දුම්රිය සේවය ආපහු ලාභ හෙව්වට.
ඒ වගේම කියන්න ඕන ඉන්දියානු වාහන{ ASHOK LEYLAND හැර( ASHOK LEYLAND සදහා එංගලන්තයේ BRITISH LEYLAND හා ජපානයේ NISSAN සමාගම් වල තාක්ෂණික සහය තියෙන නිසා )} ජපන් ඇමරිකන් යුරෝප් වාහන වගේ කාලයක් වැඩ ගන්න බෑ. ඒවා ලෙඩ දෙනකොට හද හද දුවනවට වඩා ලාබයි අලුත්ම එකක් ගන්න එක.
වැදගත් ලිපියක්.මේවායේ ගැස්සෙන්නෙ නැතුව සැප පහසුවට වේගයෙන් යන්න පුලුවන්. ඒත් නිමාව අතින් දුර්වල බව පේනවා. රස්නෙ අඩුවෙන්න හයිකරලතියන ෆෑන් වල ස්විච් එක දාන්න වෙන තැනකට යන්න ඕන.ෆෑන් එක කොහෙවත් ස්විච් එක තවත් කොහෙවත් තියෙන්නෙ. මේව හැදුව අය ඒ ගැන අවදානයක් යොමුකරලා නෑ වගේ දැනෙනවා. ඇතුලේ හිටගන යන්න තියන ඉඩකඩ නම් වෙනත් දුම්රිය වලට වඩා අඩු බවක් තමා පේන්න තියෙන්නෙ. උඩින් පෝස්ට් එකේ සහෝදරයා කියනවා වගේ ජපන් වාහන තරම් ඉන්දියන් වාහන නම් කල් පවතින්නේ නෑ තමයි.ඒත් වෙලාවෙ හැටියට අඩු මිලට ගන්න පුලුවන් වගේම අපිට සැප පහසුවට යන්න එන්න පුලුවන් නිසා ඒකම වටිනවා. බඩගින්න නිමුනේ නැතත් බොම්බයිමොටයි කන ටිකේ රහට කන්න පුලුවන්නේ.
ReplyDeleteනියම ලිපියක් සහෝ..! මමත් සෑහෙන කෝච්චි පිස්සෙක්! අර හාබර් එකේ මේක ඇදන් යන ඇන්ජිම narrow gauge එකක් නේද? නරකද ලංකාවෙ භාවිතා කරපු narrow gauge ඇන්ජින් ගැනත් ලිපි පෙලක් කලොත්? ගොඩ දෙනක් ඒව ගැන දන්නෙත් නෑනෙ...
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහාබර් එකේ තියෙන්නේ Broad Gauge එන්ජින් කිහිපයක්. දැනට එහි ධාවනය වෙන එන්ජින් නිපදවා තියෙන්නේ Andrew Barclay කියන සමාගම. ඒ ගැන විස්තරයකුත් ළඟදීම චන්දික බ්ලොග් එක හරහා ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
Deletehttp://elakolla.com/elakolla/show.php?mum=50290&jcod=20120522193727
ReplyDeleteම්ම්ම්. මම දෙසැරයක් ගිහින් තියනවා මේකේ. මාත් රේල් නට් කෙනෙක්. එක සැරයක් බටුවත්තේ ඉඳල පොල්ගහවෙලට ආව තුන් වෙනි පංතියේ, දැන් හිඟන්නා වෙනුවට යන්නේ මේකද කොහෙද. තව සැරයක් සෙකන්ඩ් ක්ලාස් ගියා කුරුණෑගල ඉඳන් මරදානට ඉන්ටසිටි එකක. සැප පහසු කම් නම් උපරිමයි. ආස හිතෙනව දැක්කම. හැබැයි පට්ට වේගෙන් යනව වගේ දැනෙන්නේ. ඒත් ස්ලෝ කරනව. මම හිතුවෙ මේකෙ රියදුරු කුටියත් හොඳට ඇති කියල. ඒත් එච්චර දෙයක් නෑ වගේ නේද ? එස් 10 එකේ නම් ඩෑශ් බෝඩ් එක හොඳයි, කම්පියුටර් ස්ක්‍රීන් තියනව වගේ දැක්කේ. මේකේ සාමන්‍ය ගේජ් නෙ තියෙන්නේ. මෙහෙම හරි දියුණු වෙන එක හොඳයි නෙ මොනව වුණත්.
ReplyDeletemachn meka kurunegala idan maradana ena time 1 mata kyanna puluwanda ?
Deleteමේකේ විතරක් නෙමේ S9, S10 වලත් මට දැක්ක විදිහට මේ වගේ Coupler තමා තියෙන්නේ. එක DMU වලට පොදු දෙයක්ද දැන් නෑ.
ReplyDeleteS11 ඉදිරියෙන් සහ පිටුපසින් තියෙන්නේ Auto Couplings දෙකක්. ඒවා තමා S8, S9, S10 සහ අනෙකුත් බොහෝ එන්ජින් සහ මැදිරිවල භාවිතා වෙන්නේ. නමුත් එම couplings නෙමේ S11 මැදිරිවල තියෙන්නේ.
Deletehoda wedak
ReplyDeleteසාමාන්යෙන් දුර ගමන් සදහා හොද උනත් (කොලබ -වව්නියාව) කාර්යාල දුම්රිය සදහා හොද නෑ. කලින් කිව ඒවායේ සාමාන්යෙන් යන M වර්ගයේ එන්ජිමකින් අදින කෝච්චියකට වඩා මේකට පිකප් හා සුවපහසුව තියෙනවා. නමුත් සාමාන්‍ය කාර්යාල දුම්රියක් වන S9 හෝ S10 තරම් පිකප් හෝ ඉඩ නෑ. අදාල තැනට අදාල දේ දැමිය යුතුයි. බාහිර නිමවා නම් අන්තිමයි. අපේ ගරාජ් බාස් කෙනෙක් ඔයිට වඩා හොදට කරයි. චීන ඒවා මොනවා උනත් පිටින් නම් හොදයි. අවුරුදු 10 කලින් ගෙනාපු S9 තරම් මේවා මලකඩ කාල.
ReplyDeletegodak 2nd class madiri wala dan watchers la naha . 3rd class ticket aran godak aya 2nd class yanne. chilaw train eke dan nam kohomath watchersla naha.dan 2nd class madiri winasa wegana enne
ReplyDeletehttp://www.youtube.com/watch?v=afkhe7gIOro
ReplyDeleteS12 gena dhanda
ReplyDeletelipiyata godak sththiy.....s12 ganath danaganna aasai
ReplyDeleteDIGATAMA LIYANNE MALLI
ReplyDelete