මෙම ලිපිය වෙන් වන්නේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් ඉතිහාසගත සලකුණක් පිලිබඳව සටහනක් තැබීමටයි. ඒ අන් කිසිවක් නොව මෙරට දුම්රිය සේවය වෙනුවෙන් මුල්ම වරට මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම පිලිබඳව විස්තර සටහනක් තැබීම වෙනුවෙනි.
- දුම්රිය පන්තිය - G1
- ගෙන්වූ වර්ෂය - 1934
- නිශ්පාදිත රට - එංගලන්තය (Armstrong Whiteworth)
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - Saurer 6BXD
- උපරිම බලය - 120hp - 1400RPM
- උපරිම වේගය - 32 km/h
- Axle Arrangement - 0-4-0
- බර - 20 Tons
- වර්ණය (වර්තමාන) - රතු සහ සුදු
- එන්ජිමේ දිග - අඩි 17 1/2
- දුම්රිය එන්ජින් ගණන - 1 (No 500)
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විසින් තම භාවිතය සඳහා
පළමුවෙන්ම මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම ලෙස මෙම G1 ධාවන
පන්තියේ කුඩා ෂන්ටින් එන්ජිම ඉතිහාසයට එක්වේ. එමෙන්ම මෙය මෙරට පුලුල් ආමාන දුම්රිය මාර්ගයක ධාවනය කරන ලද කුඩාම එන්ජිම, බරෙන් අඩුම සේම බලයෙන් අඩුම එන්ජිම ලෙසද සැලකිය හැකිය. වර්ෂ 1934දී එංගලන්තයේ Armstrong
Whiteworth සමාගම විසින් නිපදවනු ලද මෙය එවකට "ලංකාණ්ඩුවේ
දුම්රිය සේවය" යනුවෙන් හැඳින්වූ මෙරට දුම්රිය සේවයේ ෂන්ටින් කටයුතු සඳහා යොදවා
ගැනීමෙන් අරමුණින් ගෙන එන්නට ඇතැයි සැලකිය හැකිය.
වර්ෂ 1930 පමණ වන විට මෙරට ප්‍රධාන
දුම්රිය කර්මාන්ත ශාලාව රත්මලාන ප්‍රදේශයේ ඉදි කරන ලද අතර මෙම එන්ජිම එහි අභ්‍යන්තර ෂන්ටින්
කටයුතු සඳහා යොදාගෙන ඇති බව කියවේ. ඒ හැරුණු කොට මෙමගින් දුම්රියන් ධාවනය කරවූ
බවක් දැනගන්නට නැත. (ෂන්ටින් එන්ජිමක කාර්ය භාර්යය දැනගැනීමට මෙම ලිපිය කියවන්න) තවද අඩු බල ඩීසල් එන්ජිමක් වන මෙහි ඇත්තේ එක් ට්‍රැක්ෂන් මෝටරයක්
පමණි. මුල්නිපැයුමෙහි වූයේ Saurer 6BXD
වර්ගයේ අශ්ව බල 120 ඩීසල් එන්ජිමක් වූ අතර වර්ෂ 1960දී මෙම එන්ජිමට Rolls Royce – C6SFL.127C/6A වර්ගයේ
නව බල සැපයුම් එන්ජිමක් සවිකර අලුත්වැඩියාවක් සිදු කර තිබේ.
වසර 2006 පමණ වන තෙක්ම පුරා වසර 70කට ආසන්න කාලයක් අඛණ්ඩව
තම සේවය සැපයූ මෙම කුඩා එන්ජිම මේ වන විට භාවිතය අත්හැර දමා රත්මලාන දුම්රිය
අංගනය තුල ගාල්කොට තිබේ. දුම්රිය ඉතිහාසට පිලිබඳව සලකා බලන කල මෙය අනිවාර්යයෙන්ම රැකගත යුතු වටිනා සම්පතක් ලෙස සටහන් කල යුතුමය.
මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ සහ නවෝද පෙරේරා යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
ඡායාරූප:-
G1 හි ආරම්භක පෙනුම නවෝද පෙරේරා විසින් Elakiri අවඩිය වෙත ඇතුලත් කර තිබූ ඡායාරූපයකි. |
G1 කාණ්ඩය |
නිෂ්පාදකයාගේ සටහන |
පාලන කුටිය |
පසුපස පෙනුම |
අවසාන යුගයේ ඡායාරූපය :- Pamuditha Flickr Album |
ලෝකෙටම එකක් වූ පුංචි ගැරට් එන්ජිම කැපූ අයියලා මේකට අත නොතියා ඉඳයිද?.
ReplyDeleteමොනවා උනත් මේක දකින්න මෙහෙම පෝස්ට් එකක් දැමූ එක ගැන නම් ගොඩක් සතුටු වෙනවා. මං මෙය ගැන දැනගත්තේ අදමයි.
ලංකාව නේ.. ගණනකට ගන්න එපා. බලේ තියන ගොඩක් උන්ට මොලේ නෑ.
Deleteඅනාගතය ගැන දැම්ම කියන්න බැහැ ප්‍රියන්ත අයියා.
Deleteඅවසාන යුගයේ ඇන්ජිමක් කොළඹ කොටුවයි මරදානයි අතරේ දුවනවා මම් ගොඩක් වෙලාවල් වල දැකලා තියෙනවා.
ReplyDeleteවෙනදා වගේම විස්තර ටික මරු !!
මධුරංග දැකලා තියෙන්නෙ මෙන්න මේ ජාතියේ Y class ෂන්ටින් එන්ජිමක්. ඒ මෙයා නෙමෙයි.
Deleteහරිම හුරුබුහුටි ඇංජිං පොඩ්ඩ..
ReplyDeleteso cuuuute.. :D
කවුද හිතුවේ ඔබතුමා මේ එන්ජිම ෂන්ටින් කරවයි කියලා. :D
Delete:O මේ එන්ජිම ගැන අහුවෙත් අදයි දැක්කෙත් අදයි. මේකත් කපන්න කලින් දැක ගත්තු එක ලොකු දෙයක්.
ReplyDeleteකපන එකක්නම් නැතිවෙයි. ඒත් අනේ මන්දා...
Deleteඇත්තටම රැකගතයුතු සම්පතකි...!
ReplyDeleteඒ දිනය උදා වන තුරු....
Deleteවැදගත් විස්තරයක්.
ReplyDeleteස්තුතියි අයියා :)
Deleteජීවන් සීය ශ්‍රී ලංකා දුම්රිය කෞතුකාගාරයට නැතුවම බැරි අනර්ඝ වස්තුවක්. ඒක මෙහෙම කැලේට දාල තියන එක මහත් අපරාදයක් :/
ReplyDeleteඅනේ මන්දා හදලා කොටන් ඇද්දත් පාඩුයි. මරල මස් කෑවත් පාඩුයි.
Deleteඅවසාන යුගයේ ලස්සනට තියෙනවා නේද? මේ වර්ගයේ එන්ජින් එකක් විතරද ලංකාවට ගෙන්වූයේ?
ReplyDeleteමේ වර්ගයෙන් එකක් විතරයි ගෙනවිත් තිබෙන්නේ සහෝ :)
Deleteඅවසාන යුගයේ කළුපාට තීන්ත ගාලා තිබුණත් ඉහළින්ම තියෙන වර්තමාන තත්වය පාට වෙනස්. ඒ කියන්නේ මෙතන එන්ජින් දෙකක්ද? නැත්නම් එකම එන්ජිමද?
ReplyDeleteඅවසානයට භාවිත කල සමයේ කලුපැහැය ආලේප කර තිබුණත් පසු අවස්ථාවක රතු සහ සුදු පැහැය ආලේප කර තිබෙනවා. මේ එකම එන්ජිම.
Deleteමෙහෙම එන්ජිමක් ගැන ඇහුවමයි.
ReplyDeleteවසර 70 ක් වැඩකරපු මෙයාව අනිවාර්යයෙන් සංරක්ෂණය කල යුතුයි.
චන්දික මෙයාද ලංකාවේ වැඩිම කාලයක් සේවය කල එන්ජිම ??
ඒක හරියටම කියන්න අමාරුයි kancha. වයිස්රෝයි එකට යොදන වාෂ්ප එන්ජින් දෙකකුත් තවම තිබෙනවා. කෙහොම වෙතත් වැඩිම කාලයක් සේවය කල ඩීසල් එන්ජිම නම් මෙය විය යුතුයි.
Deleteඉස්කෝලේ ඇරිලා ආපු ගමන්ම කියෙව්වා
ReplyDeleteහොඳ ලමයා!! :)
Deleteඅයියෝ ඕක මොකක්ද මේක ලංකාවනේ......
ReplyDeleteඅන්න ඒක තමා ප්‍රශ්නේ
Deleteමේවගේ ලිපි පෙලක් ලිවීම ඇත්තම ගොඩක් වටිනව. පුලුවන්නම් දුම්රිය ධාවනයට යොදා ගන්න සංඥා ක්‍රම(signal) ගැනත් සම්පූරණ විස්තරයක් ලියන්න.
ReplyDeleteස්තූතියි සහෝ. ඉදිරි ලිපි වලදි බලාපොරොත්තු වන්න.
Deleteපුංචිම එන්ජිම වෙනුවෙන් පුංචිම පෝස්ට් එක :D ... මෙයා ගැන ලිව්වට ස්තූතිය෴ මෙයා ඉතිහාසගත වස්තුවක්... ඒ නිසා කපන්නම ඕන:P
ReplyDeleteබාන්ඩෙ පොඩි වුනාට දීලා තියෙන සර්විස් එකනම් පොඩි නැහැ නේද? :D
Deleteඅනිවා...
Deleteela..
ReplyDeleteස්තුතියි :)
Deleteපේන විදියට දැන් මෙයාට දැන් සලකන විදිය නම් බොහොම නරකයි. මෙයාව සුරැකීමට අදාල බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි. ලිපිය පල කලාට බොහොම ස්තුතියි. දුම්රිය කෞතුකාගාරය තුල ඇයි G1 එන්ජිමට ඉඩක් නැත්තේ ?
ReplyDeleteදුම්රිය කෞතුකාගාරය ගැනනම් කතා කරල වැඩක් නැහැ. ඒ නිසා ඒ ගැන නොකිය ඉන්නම් :(
Deleteප්‍රියන්ත දාපු කොමෙන්ට් එකමයි මට දාන්න තියෙන්නෙ.ඔයාද මල්ලි අර යාගොඩ හරියෙ ඉදන් කොච්චි වල photo ගන්නෙ.
ReplyDeleteමමත් කිහිප වරක් ඒ පැත්තෙ ගිහින් තියෙනවා. දැන් රේල්ෆැනින් ලංකාවෙ කමයෙන් ජනප්‍රිය වේගන එන්නේ. වෙන කවුරු හරි කෙනක් වෙන්නත් පුලුවන් අය්යේ :)
Deleteශා......අපූරු ලිපියක් සහෝ..මම නොදැන හිටි දෙයක් දැනගත්තා..ස්තුතියි ඔබට..:)
ReplyDeleteබොහොම ස්තුතියි හිරු හිමාවි :)
Deleteමෙයාලයින් එකයිද ගෙනත් තියන්නෙ...
ReplyDeleteඑංජින් ගැන ගෙහාන්ගෙන් දැක්ක පුංචිම පෝස්ට් එක ;)
නිහඬ සේවකයෙක්නේ. කතා බහ අඩුයි. :D
Deleteඇත්තටම වටිනවා..මගේ මිතුරෙක් ඉන්නවා දුම්රිය සේවයේ ඌත් මට බොහෝවිට දුම්රිය සේවය මෙන්ම දුම්රිය ගැනද බොහෝ දේ කියනවා
ReplyDeleteස්තුතියි සහෝ :)
Deleteඅවිවාදයෙන් යුතුවම රැකගත යුතු වස්තුවක්. ඒත් එහෙම නොවේ ය කියන බය හිත තුල තියෙනවා... :(
ReplyDeleteබලන් ඉන්න තමා වෙන්නේ. :(
Deleteගොඩක් දෙවල් දැන ගත්තා, අපරාදේ මේ එන්ජිම සංරක්ශනය කරලා කෞතුකාගාරයට දැම්මනම් අනාගත පරපුරට ගොඩක් වටිනව
ReplyDeleteකෞතුකාගාරෙනම් අනේ මන්දා... :(
Deleteආසාවෙන් කියවපු ලිපියක්. ටිකයි හොඳයි!
ReplyDeleteමේ පෝස්ට් එක කියවලා මගෙ පියඹයි මායි අතර ඇතිවෙච්ච දෙබස මෙහෙමයි.
ReplyDelete"රත්මලානෙ දුම්රිය කර්මාන්තශලාවක් තිබුනද?"
"තිබුන නෙවෙයි දැනුත් තියෙනවා මම හිතන්නෙ. ඔය කෝච්චි පෙට්ටි. එතකොට එන්ජින් රිපයාර් හෙම හරනවා මම දන්න විදියට."
"එහෙනම් මේ ඉස්කෝලවලින් හැමතිස්සෙම කටු ගෙටයි, ග්‍රහ ලෝකාගාරෙටයි ලමයි එක්ක යන වෙලේ ඕකට එක්කං ගියොත් මොකද වෙන්නෙ? කොළඹ කිව්වොත් කටුගේයි, ග්‍රහලෝකාගාරෙයි, සත්තුවත්තයි, ගෝල් ෆේස් එකයිනෙ."
ඒ කතාවත් ඇත්ත නේද? :D
henryblogwalker the Dude
Nice Post Dude, keep the blog rolling! :)
ReplyDeletehenryblogwalker the Dude
රසවත් විස්තරයක්... ඒ වගේම අළුත් යමක් දැනගත්තා..
ReplyDeleteමේ එන්ජින් එක හදපු ආම්ස්ට්‍රොන්ග් ඉන්ජිනේරු සමාගම පහු කාලයකදී යුධ උපකරණ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ සමාගම තිබුන Scotswood වල දැන් යුද්ධ ටැංකි නිෂ්පාදනය කරනවා.
රසවත් විස්තරයක්... ඒ වගේම අළුත් යමක් දැනගත්තා..
ReplyDeleteමේ එන්ජින් එක හදපු ආම්ස්ට්‍රොන්ග් ඉන්ජිනේරු සමාගම පහු කාලයකදී යුධ උපකරණ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ සමාගම තිබුන තැන (Scotswood) දැන් යුද්ධ ටැංකි නිෂ්පාදනය කරනවා.
මට මතක හැටියට අපි ට්‍රෙනිංවෙන කාලෙ ඔය එන්ජිම රනිංෂෙඩ්එකේ ෂංටින් කලා 94,95 කාලේ ඊට පස්සෙ දැක්කෙනෑ මල්ලිගෙ පෝස්ට් එක කියවනකං අපිටත් අමතක වෙලා තිබ්බෙ
ReplyDeleteඔයාගෙ ලිපි කියවල මමත් දැන් කෝච්චි පිස්සෙක් වගේ වෙලාද මන්දා. ඇත්තද ලඟදි චීනෙන් බලවේග දුම්රියන් ගෙනාව කියන්නෙ.
ReplyDeleteමේ වෙනකොටත් ගෙනවිත් හමාරයි. ඉදිරියෙදි දැකගන්න පුලුවන් වේවි. උඩරට මාර්ගයටත් කැළණිවැලි මාර්ගයටත් තමයි ගෙන එන්නෙ.
DeleteS 12 නේද???? ඒවත් හරියට S 10 වගේමයි(පෙනුම). ලා නිල් පාට ගාලා තියෙන්නේ. මරදාන යාඩ් එකට ගෙනත් තියනවා දැක්කා.
Delete