Pic - Lanil Thilanjana |
යටත් විජිතසමයේදී භාණ්ඩ ප්‍රවාහන පහසුකරගැනීම
උදෙසා මෙරටදී ආරම්භ කරන ලද දුම්රිය සේවය කලින් කලට විවිද අංශවලින් දියුණුවට
පත්වීමත් සමග එහි භොතික සම්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. බලයෙන්
වැඩි එන්ජින්, සේවා යන්ත්‍ර ආදී නොයෙකුත් යන්ත්‍රසූත්‍ර, මැදිරි හා ගැල්, උපකරණ
ආදී නොයෙක් දෑ ඒ අතර විය. ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමෙහිලා මේවා දුම්රිය සේවයට
නැතිවම බැරි දෑ වූ අතර ඉන් බොහෝ ප්‍රමාණයක් ඒවායේ අපේක්ෂිත ආයුකලය මෙන්
දෙගුණයකටත් වඩා කල් තම සේවය ඉටුකල විශිෂ්ඨ ගණයේ යන්ත්‍රසූත්‍ර/ උපකරණ වීම විශ්මයට කාරණයකි.
මෙයින් සමහරක් දෑ දේශීය නිපැයුම් වූ අතර තවත් ප්‍රමාණයක් මෙරටදී එකලස් කර ලද ඒවා
වීමද විශේෂත්වයකි.
යටත් විජිත පාලකයන් මෙරට හැරයද්දි ඔවුන් විසින්
පාලනය කල බොහෝ දෑ ස්වදේශිය පාලනයට නතුවූ අතර, දුම්රිය සේවයට ඉන් ප්‍රමඛ ස්ථානයක්
හිමිවේ. එසේ මෙරරට ලැබුනු දුම්රිය සේවය වර්තමානය වන විට පෙරට වඩා දියුණුවක් ලබා
ඇති බව අවිවාදයෙන් පිලිගත යුතුය. එසේ ආ ගමන් මග අතරතුර දුම්රිය සේවයට එක්වූ ආදරණීය
සැමරුම් ප්‍රමාණය විශාල අගයකි. මේ අතුරින් ප්‍රධානම ස්ථානය නිසැකයෙන්ම හිමිවන්නේ
දුම්රිය එන්ජින් වලටය. නිතැතින්ම බොහෝ දෙනෙකුගේ සිත් ඇදගන්නා මේම අරුමපුදුම යන්ත්‍ර
විශාල ප්‍රමාණයක් වරින් වර මෙරට දුම්රිය සේවයට එක් වී ඇත. දුම්රිය එන්ජින්, වාෂ්ප
එන්ජින් සහ ඩීසල් එන්ජින් ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ගකල හැකිය. මේ දෙවර්ගයේම
එන්ජින් මෙරටදී භාවිත කර ඇති අතර මේ වනවිට එදිනෙදා ධාවනයට යොදගනුයේ ඩීසල් එන්ජින්
පමණි.
වාෂ්ප එන්ජින් දෙසීයකට වැඩි ප්‍රමාණයක් වරින් වර
මෙරටට ගෙනවිත් තිබේ. තැනිතලා මාර්ග වල, උඩරට මාර්ගයේ පමණක් නොව තියුණු නැග්මක්
සහිත උඩුපුස්සැල්ලාව මාර්ගයේ පවා මෙම වාශ්ප එන්ජින් භාවිතා කරන ලදී. දුම්රිය සේවය
ඩීසල්කරණයට නතු වනතුරු දෛනික දුම්රිය සේවා සදහා යොදාගත්තේ මෙම වාශ්ප එන්ජින්ය.
ඩීසල් එන්ජින් වල ආගමනයත් සමග මෙම දැවැන්ත අගුරු යෝධයන්ගේ සේවය අවසන් කරන්නට
දුම්රිය බලධාරින් කටයුතු කල අතර වාෂ්ප එන්ජින් බොහොමයක් තැනින් තැන අත්හැර දමන ලදී.
මෙසේ අත්හැර දැමුයේ නිකම්ම නිකම් යකඩ ගොඩවල් යැයි ඇතැමෙකුට සිතෙන්නට ඇති මුත් එය
සැබැවින්ම එසේද?
දුම්රියක් යනු නිකම්ම නිකම් වාහනයක් යැයි ඔබය
සිතෙන්නට පුලුවන් වුවද එය සහමුලින්ම වැරදි මෙන්ම ම්ලේඡ්ච අදහසක්යැයි කීමට පසුබට
නොවන පිරිස බොහෝය. දුම්රිය සමග ඉතිහාසයක්,
ජන සමාජයක් ආදී සියගනනක් දෑ එකට බද්ධව පවතී. දශක ගණනාවක් තිස්සේ ඒවා මෙරට මාර්ග වල
ධාවනය වුයේ මෙරට දියුණුව උදෙසාය. තමා සේවය කල එන්ජිමට පණමෙන් සැලකූ දුම්රිය
සේවකයන්ද එකල දුලබ නොවීය. එබැවින් මෙසේ තැන තැන අත්හැර දැමුනේ යකඩ ගොඩක් පමණක්
වේද?
මෙසේ අත්හැර දැමුණු එන්ජින් අතර ඉතා වටිනා එන්ජින්
රාශියක් විය. හොදම උදාහරණය වන්නේ අංක 293 දරණ “බේබි
ගැරට්” ලෙස හැදින්වුන Bayer Peacock වර්ගයේ පටු ආමාන එන්ජිමයි. ගැරට් එන්ජිම විශේෂයෙන් සකසා ඇත්තේ කඳුකර මාර්ගයන්ට ඔබින පරිදිය. උඩුපුස්සැල්ලාව නානුඔය
මාර්ගයේ සීග්‍ර නැග්ම සඳහා විශේෂයෙන් නිපදවන ලද මෙම එන්ජිම මෙලොව එම වර්ගයේ එකම පටු ආමාන ගැරට් එන්ජිම විය. එනම් එම සමාගම එවැන්නක් නිපදවන ලද්දේ අප වෙනුවෙන් පමණක් වීමය.
උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමත් සමග කොළඹට ගෙනා මෙම එන්ජිම කාලයක් කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන ලදී. එහෙත්, දුම්රිය සේවයේ වටිනාම මහාර්ඝ වස්තුව වීමට ඉඩකඩ තිබූ මෙම එන්ජිමට මුහුණ දීමට සිදුවුයේ අදහාගත නොහැකි වූද, මහත් අභාග්‍ය සම්පන්න වූද, ඉරණමකටය. මෙවන් වටිනා වස්තුවක වටිනාකම නොදත් නිලධාරින් කිහිපදෙනෙකු නිසා එය හොර රහසේම පැරණි යකඩ වලට කැපී ගියේ ඒ පිලිබඳ මතකය සදහටම ඡායාරූප ලෙස පමණක් ඉතිරි කරමිනි.
උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමත් සමග කොළඹට ගෙනා මෙම එන්ජිම කාලයක් කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන ලදී. එහෙත්, දුම්රිය සේවයේ වටිනාම මහාර්ඝ වස්තුව වීමට ඉඩකඩ තිබූ මෙම එන්ජිමට මුහුණ දීමට සිදුවුයේ අදහාගත නොහැකි වූද, මහත් අභාග්‍ය සම්පන්න වූද, ඉරණමකටය. මෙවන් වටිනා වස්තුවක වටිනාකම නොදත් නිලධාරින් කිහිපදෙනෙකු නිසා එය හොර රහසේම පැරණි යකඩ වලට කැපී ගියේ ඒ පිලිබඳ මතකය සදහටම ඡායාරූප ලෙස පමණක් ඉතිරි කරමිනි.
293 පටු ආමාන ගැරට් එන්ජිම Pic - David Hytte |
ඒ එකක් පමණි. වාශ්ප එන්ජින් හැරුණුකොට මෙරට
භාවිතා කරන අනෙක් එන්ජින් වර්ගය වනුයේ ඩීසල් එන්ජින් වන අතර එසේ බාවිතා කරන
එන්ජින් කාණ්ඩ ගණන තිහකට ආසන්නය. ඒවා විවිධ ධාවන පන්ති වලට බෙදා ඇති අතර ඉන් එක්
සුවිශේෂී එන්ජින් දෙකක් මෙරටදී නිපදවන ලද ඒවාය. M3-589
සහ 590 ලෙස නම් කරන ලද එම එන්ජින් දෙක වර්ෂ 1956දී
මෙරටදී නිපදවන ලද්දේ භාවිතයෙන් ඉවත් කල දුම්රිය කොටස් යොදාගෙනය. වර්ථමාන ප්‍රමුඛතම
දුම්රිය නිශ්පාදකයකු වන අසල්වැසි ඉන්දියාව ඒ වන විට දුම්රිය නිෂ්පාදනය ගැන සිතා හෝ
තිබුනාද යන්න සැක සහිතය. ඒ අනුව එම M3 වර්ගයේ
දුම්රිය එන්ජින් දෙකද ධාවනයෙන් ඉවත් කල පසු සුරැකිව යුතුව තිබුණද මනා දුරදක්ණා
නුවනකින් යුතු නිලධාරින් නිසා එම එන්ජින් දෙකටද හිමිවූයේ සුපුරුදු ඉරණම මය. ඊට අමතරව S1, S2, S3, S4 ආදී බලවේග දුම්රියන් වලටද අත්වූ ඉරණම වුයේ එයයි.
M3 589 එන්ජිම Pic - Internet |
මෙසේ දුරදිග කල්පනා නොකරන අවස්ථාවාදී නිලධාරින්
නිසා දුම්රිය සේවයේ වටිනා ඉතිහාසගත සම්පත් රාශියක් කලින් කල අහිමි විය. දුම්රිය කෞතුකාගාරයක් පිළිබදව දශක ගණනක් තිස්සේ සිහින දකින
අප, එම සිහිනය සැබෑ වන දාට එහි ප්‍රදර්ශනය කරන්නේ පෑ තැටි, සිග්නල් පුවරු, පැරණි
පොල්තෙල් වැගන් ආදිය පමණක්ද? දුම්රිය එන්ජින් වලින් තොර දුම්රිය කෞතුකාගාරයක් යනු
බලධාරීන්ගේ හෙළුව මනාව පෙන්වන ප්‍රතිමාවක් බඳුයැයි බොහෝ දෙනා කියන්නේ එනිසාය.
බොහෝ සම්පත් මේ වන විට අපට නැතිවී ඇති බව
සැබැවකි. දැන් හෝ අපට ඉතිරිව ඇති සම්පත් හෝ රැක ගැනීමට බලධාරීන්ගේ මෙන්ම සිත්පිත්
ඇති සැමගේම අවධානය යොමුවිය යුතු කාලයයි.
එක් අයෙකුගේ හෝ සුලු පිරිසසකයේ වුවමනාවට මෙම වටිනා සම්පත් විනාශ වීමට ඉඩ
හැරීම සාධාරණද? වැටකොටු ගසා සුරැකිය යුත්තේ පුරාවිද්‍යා ස්මාරක පමණක්මද?
පැරණි නාවලපිටිය ධාවනාගාරය ක්‍රියාත්මක සමයේ අංක 347 ගැරට් එන්ජිම Pic - http://www.internationalsteam.co.uk/articulateds/garrattsasia.htm |
මෙරටට ගෙන ආ පුලුල් ආමාන ගැරට් යන්ත්‍ර ප්‍රමාණය
ගණනින් අටකි. මේ වන විට එයින් හයකටම සිදුව ඇත්තේ තම කුඩා සගයාට අත්වූ ඉරණමමය.
ඉතිරිව ඇති ගැරට් යන්ත්‍ර දෙකද ඇත්තේ යලි කිසිදාක ධාවනක නොකල හැකි තත්වයේය. එහෙත්
එම යන්ත්‍ර දෙක ශ්‍රී ලාංකිය අතීත දුම්රිය සේවයේ මහේශාක්‍ය බව පෙන්වන කැඩපත්
දෙකකි. මේ ඉතිරි එන්ජින් දෙක ද බොහෝ විට නුදුරු අනාගතයේදී යකඩ වලට කැපී නොයනු ඇතැයි කාටනම් සහතික විය හැකිද?
ධාවනාගාර භුමියේ ඇති ගැරට් එන්ජිම |
රත්මලාන කර්මාන්තශාලා භුමියේ ඇති ගැරට් එන්ජිම |
කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කර පටුආමාන රේල්
කාර් රථයක් දුම්රිය ධාවනාගාරය සතුව ඇති අතර ධාවනයෙන් ඉවත් කරන විටත් එය හොඳ ක්‍රියාකාරීත්වයේ
පැවතී ඇත. කෙසේ වුවද මේ වන විට නිසි සැලකිල්ලක් නොලැබ ඇති එය ඇත්තේ විනාශ මුඛයේය.
V3 පටු ආමාන වාෂ්ප රේල් කාරය |
දැනට ක්‍රියාකාරී තත්වයේ ඇති එකම පටු ආමාන වාෂ්ප
එන්ජිම වනුයේ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරනු ලැබ සේවයෙන් ඉවත් කර තිබී මෑත කාලීනව
අලුත්වැඩියා කරන ලද J1-220 පටු ආමාන වාෂ්ප එන්ජිමයි. එය අනිවාර්යයෙන්
සුරැකිය යුත්තේද ඒ නිසාමය. එහෙත් එහි ඉරණම කෙසේ විසඳේදැයි දන්නේ බලධාරීන්ම පමණකි.
J1 -220 එන්ජිම |
දේශියව නිපදවන ලද Y1 එන්ජිම. (එකක් පමණක් ඉතිරිව ඇත. ධාවන තත්වයේ නැත) |
රත්මලාන කර්මාන්තශාලා භූමියේ ඉතිරිව තිබු අවසාන S2 සලකුණ. (යලකට පෙර පැරණි යකඩ වලට කපන ලදී) Pic - Deep Kalhara |
S3 බලවේග දුම්රිය. (මේවන විට එකක් හෝ ඉතිරිව ඇතිදැයි සැක සහිතය) |
N1 පටු ආමාන ඩීසල් එන්ජිම |
දේශියව නිපදවන ලද ML1 මිනි ලොකෝව (දැනට ධාවනයේ නැත) |
ශ්‍රී ලංකාවට මිලදීගත් පලමු ඩීසල් එන්ජිම G1-500 (ධාවන තත්වයේ නැත) |
ශ්‍රි ලංකාවේදී සකසන ලද විදුලි දුම්රිය එන්ජිමේ නටඹුන් |
S6 බලවේග දුම්රිය (ධාවනය නොකෙරේ) |
S7 බලවේග දුම්රිය (ධාවනය නොකෙරේ) |
M1 වර්ගයේ දුම්රිය එන්ජින් වලින් ඉතිරිව ඇත්තේ මෙය පමණි. |
යම් දිනක කෞතුකාගාරයක් තනන්නේ නම් ඒහි ප්‍රදර්ශනය කිරීම සඳහා එක් වර්ගයකින් එක් දුම්රිය එන්ජිමක්, මැදිරියක් ලෙස එකක් හෝ සුරැකීමට දුම්රිය බලධාරීන් අපොහොසත් වන්නේ මන්දැයි දුම්රිය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනා උගතෝකොටිකව ප්‍රශ්න කරති.
දුම්රිය සේවාවන් සහිත බෙහෝ රටවල් දුම්රිය
කෞතුකාගාර උද්‍යාන ඇති කර ඒවායින් තව තවත් ලාභ උපයද්දි මෙරට දුම්රිය බලධාරීන් හැකි
සෑම කොටසක්ම යකඩ ලෙස කපාදැමීම සිදු කරන්නේ දුම්රිය කෞතුකාගාර කමිටුවක් පවා මෙරට
තිබියදී වීම විමතියට කරුණකි. ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩ පහසුකම්ද දුම්රිය සේවය සතුව ඕනෑ
තරම් තිබේ. එක් අතරකට සෑම දෙයක්ම දේශපාලනික වී ඇති මෙවන් යුගයක එවැන්නක්
බලාපොරොත්තු වීමද විහිලුවකි.
York Railway Museum (30 of 44)
Inside the world's largest railway museum you'll find over 300 years of world railway history.
|
මේ දුම්රිය එන්ජින් සංරක්ෂනය කරන්න යන ෆොටෝ ටිකක් පහුගිය දවස්වල බුකියේ පලවුනා නේද?ලැබුනේ නැත්ද ඒ ගැන ඔත්තුවක් එහෙම
ReplyDeleteවිනාස කරන්න යනවා කියලා ඔත්තුවක් නම් හම්බ වුනා අද උදේ
Deleteහැම ළමයෙක්ම කෝච්චි වලට ආදරෙයි, ඒ ළමයිම තමා මහ මිනිස්සු වෙන්නේ
ReplyDeleteඅලි බැලිල්ලයි බලි බැලිල්ලයි වාගෙම තමා කෝච්චි බැලිල්ල
ඇයි බං මල්ලියේ මේ යක්කු මෙව්වා රුපියල් කරන්නේ
හේතුවනම් දන්නෑ. ඒත් ඒක රටේ අවාසනාව කියලනං තේරෙනවා.
Deleteඅර කිව්වත් වගේ මහ උන්ගෙ ඔළු ටික තියමු කෞතුකාගාරෙන්
ReplyDeleteඔලු තියෙන අය ඉන්නවද?
Deleteරේල් 2000 කියල 2000 දී තිබුනා හොඳ ප්‍රදර්ශනයක් (ඔයගොල්ලො සමහරවිට ගිහිල්ලත් ඇති )... ඒකෙ නම් ඔය ගොඩක් එන්ජින් හොඳට හදල, මිනිස්සුන්ට නැගල බලන්නත් දුන්නා... පරණ යකඩ වලට විකුණනවට වඩා නම් හොඳ ආදායමක් කෞතුකාගාරයකින් ගන්න තිබුනා තමයි... :)
ReplyDeleteමමත් ඕක බලන්න ගියා. ආයේ නම් ඒ වගේ දෙයක් තියෙන එකක් නැහැ.
Deleteඉතා හොද ලිපියක්. දුක හිතෙන ඇත්ත .
ReplyDeleteගිහාන් මල්ලි මම දන්නා විදිහට ජී 1 500 එන්ජිම තාමත් ධාවන තත්වයේ තියෙනවා නේද? රත්මලාන වර්ක් ෂොප් එකේ ට්‍රෛනීස් ල ඒක පරිස්සම් කරනවා නේද?
දැන්නම් ධාවන තත්වයේ නැහැ. ඒත් වුවමනාවක් තියේනම් හදලා ගන්න පුලුවනි. පරිස්සම් කරනවද කියලනං දන්නෑ.
Deleteහොඳට තියෙන කොච්චි ටික වෙලාවට දුවාගන්න බැරි රේල්ලුවේ උන් ටික මේවා සංරක්ෂණය කරාවිද?අපරාදේ මේ වටිනා දේවල්.....හොර දෙස්පාලුවොන්ට ගිය රට...
ReplyDeleteහ්ම්
Deleteරටේ අනාගතය ගැන සිතනවාට වඩා තමාගේ අනාගතය ගැන සිතන මිනිසුන් සිටිනතාක් ඔය ක්‍රියාව දිගටම සිදුවෙනු ඇත.
ReplyDeleteරටේ මිනිස්සුන්ගෙ අවාසනාව
Deleteඇනෝ කමෙන්ට් කරුවනි.
ReplyDeleteමින් පසු කකාගේ බ්ලොගය තුලදී ඇනෝ කමෙන්ට් දමන ඔබ ප්‍රවේශම් වන්න. කකා ඔබට එරෙහිව කූට උපක්‍රමයක් දියත් කරන බව අපගේ බුද්ධි අංශ වලට පෙනී ගොස් ඇත. ඔහු ඇනෝ කමෙන්ට් කප්පාදු කිරීම සඳහා www.fraudlog.com නම් වූ මෙවලමක් භාවිතා කරන බව පෙනී යයි.
ඇනෝ අයිතීන් සුරකිමු ! නිදහස් කමෙන්ට් වාරණයෙන් මුදවා ගනිමු !
වෙන ප්‍රශ්න නැත්තං හොඳයි.
Deleteචන්දික,
ReplyDeleteඉන්ටෙර්නෙට් එකේ සැරිසරන අතර අහම්බෙන් මේ සයිට් එක දැක්ක. අවුරුදු 20කට ආසන්න කාලයක් කාර්යාල දුම්රියවල ගමන් කරන දුම්රියට ඇලුම් කරන කෙනෙක් හැටියට මේ සයිට් එක මගේ හිත ගත්ත. ඇත්තටම මේක අගය කල යුතු දෙයක්. ඔබට විවේක තියෙන හැටියට M10 එන්ජිම ගැනත් S12 බලවේග කට්ටල ගැනත් ලියන්න උත්සහ කරන්න. දුම්රියවල ඡායාරුප කිහිපයක් මගේ ළඟ තිබෙනවා. මට ඒවා ඔබට එවන්න පුළුවන්. ඒ වගේම දුම්රිය ගැන මගේ අත්දැකීම් ඔබ සමග බෙදාගන්නත් කැමතියි. ඔබ එයට කැමතිනම් ඔබගේ e-mail ලිපිනය දන්වන්න.
ස්තුතියි,
ඉන්දික සිරිවර්ධන.
මම ඔබට මේල් එකක් දැම්මා
Deleteකරන්න පුළුවන් හොඳම දේ තමයි diehard railway fanatics ලා කට්ටියක් එකතුවෙලා ලාබ ලබන හෝ නොලබන සමාගමක් පිහිටවලා..හොඳ ව්‍යාපෘති වාර්තාවක් හදලා ... අරමුදල් හොයාගෙන මියුසියම් එකක් පිහිටුවන එක. ලබන ලාබ නැවතත් දුම්රිය සංරක්ෂණයට යොදවන්න පුළුවන්. මුදල් හොයාගන්න එක ප්‍රශ්ණයක් නෙවෙයි. හොඳ හොඳ 'මොළ' තියෙන අවංකවම 'උණක්' තියෙන කට්ටියකුයි, හොඳ සැලැස්මකුයි තමයි ඕන වෙන්නෙ. සමහර විට එන්ජින් හදන / හදපු සමාගම් වලින්ම අරමුදල් හොයාගන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ අයටත් ප්‍රතිලාභ ලබෙන විදියට වඩපිළිවෙලක් යොදන්න වෙනවා. සමහර රටවල් වල මියුසියම්ස් කරන්නේ ඔය වගේ උණ තියන අය එකතු වෙලා.....
ReplyDeleteලංකාවෙදි ඕක කොයිතරම් දුරට ප්‍රායෝගික වෙයිද කියල දන්නෙ නැහැ. ඔහෙත් උත්සහ කරල බලමු.
Deleteසහෝ...මම මේ ටික කිව්වේ අත්දැකීමෙන්...ස්ටීවන්සන් වාෂ්ප එන්ජින් එක හදපු ගමේ තියෙන රේල්වේ මියුසියම් එකේ මම ස්වේච්චාවෙන් වැඩ කරනවා කාල වේලාව තියෙන හැටියට. ලබන අවුරුද්දේ වාෂ්ප එන්ජින් හැසිරවීම ගැන පුහුණ පාඨමාලවකටත් අයදුම කරලා තියෙනවා... මේ සියළුම දෙවල් පවත්වාගෙන යන්නේ ස්වේච්චා සංවිධානයකින්. අපිටත් බැරි නෑ.
Deleteකෞතුගාරය හදන්න යන කතාවක් නම් ලඟදි දැක්ක.
ReplyDeleteබලමු.
කලකට පසු වික්ස් :D
මේ වෙන දේවල් දැක්කම කලකිරෙනවා සහෝ.
Deleteහුඟ දවසකින්.
ReplyDeleteඅපේ රටේ ඉතිං වැඩකට ඇති වැඩක් කරන්න නිලධාරීන් උනන්දු උනේ කවද්ද. තමන්ගෙ සාක්කුවට කීයක් හරි වැටෙන වැඩවලට නම් ඒ උන්නැහැල එකපයින්.
තියෙන කාර්යබහුලත්වයත් එක්ක ලියන්න වෙලාව හොයාගන්න අමාරැයි.
Deleteඒකනම් ඇත්ත.
Raata kana athare aawa blog tika balanna kiyala. Nodakin dakapu aaranchiya. Ayi yako, S3 kiyanne me ratata kochchara wadak karapu set ekakda? Ewa 25kda koheda genaawalu. Ekakwath na kiyanne?? Eka athakata aththa wenna athi mokada W clz 60n thiyanne 14yne. Ithin 25k mokadda? Nodakin mata train thiththa welaa epaama wela thiyanne mewunge wada hinda. Aththamayi me kiyanne.
ReplyDeleteඅඟහරුවා මලයා, උඹ හැමතැනම වගේ කමෙන්ට්වල සිංග්ලිෂ් කොටනවා මම දැකල තියෙනවා. කියවන්න අපහසුයිනේ කොල්ලො. මේන් මේකවත් උත්සාහ කරල බලන්න මල්ලි.
Deletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ආසියාවේ ආශ්චර්යයනෙ මල්ලි මේක..ඔහොම නොවුනානම් තමයි පුදුමෙ...:)
ReplyDeleteකියලා වැඩක් නැහැ
Deleteමේක අද ඊයෙ වෙච්ච දේක ප්‍රතිඵලයක් නෙවෙයි. දුර දිග නොබලා බඩ ගැන විතරක් හිතපු මිනිස්සු, රට ගැන නොහිතන අමන රැලක් තමන්ගෙ පාලකයො හැටියට පත්කරගත්ත එකේ ප්‍රතිඵලය තමයි මේ. මේ තත්ත්වෙ අනිත් පැත්තට හරවන්ට ගොඩක් අමාරුයි. තවම ඒ වගේ ඉදිරි පියවරක් ගන්ට පුළුවන් හරිහමන් නායකයෙක් අපිට නෑ. නමුත් අපි සියළු දෙනාම එකාවන්ව ඉදිරියට ආවොත් මේ වෙන්ට යන විනාසෙ නවත්වලා, අපේ දේවල් අනාගත පරම්පරාවල් වලටත් ඉතිරිකරගන්ට පුළුවන් වෙන බලවේගයක් ගොඩනගන්ට පුළුවන් වේවි.
ReplyDeleteචන්දික හිතවත... ඔබේ උත්සාහයට මගෙන් සුභපැතුම්....
බොහොම ස්තුතියි na flowers :)
DeleteAnyone have train Simulator game?
ReplyDeleteහදවත කම්පාවෙන තොරතුරු ටිකක්. මිනිස් ජීවිතවල වටිනාකමත් බින්දුවට බැහැලා තිබ්බ කාලයක් පහු කරපු රටේ කෝච්චි එන්ජින් ගැන කවර කතාද?
ReplyDeleteචන්දික මල්ලි කාලෙකින් ආයෙත් වැඩ පටන් අරන් ,ලගදි දවසක ගිය office එකේ සෙට් එක අඩගහගෙන museum බලන්න්න අපරදේ අපේ කාලේ, මීට වඩා තියන්න දෙයක් නැද්ද කියල හිතුනා
ReplyDeleteමේක ලංකාවනෙ ඕව ඔහම තමා. M10, S12 ගැන ලියන්නෙ කවද්ද?
ReplyDeleteමෙක ඉතින් කාළකණ්ණි දේසපාලුවන්ටයි දූෂිත නිළධාරීන්ටයි ගිහිපු රට නෙ.
ReplyDeleteමේකට හොද පෙත්සමක් අත්සන් කරමු. දැන් ලංකාව යනවිධියට වැඩියන් කෑගහන තරමට යම් තරමක වැඩක් කරගන්න පුළුවන්. http://www.thepetitionsite.com මේ වගේ online site එකකින් පටන්ගත්තොත් මේක බලන හැමෝටම ශෙයා කරන්න පුළුවන් ඊට අමතරව ලෝකයේම ඉන්න මේකට කැමත අයත් අත්සන්කරයි.
ReplyDeleteලෝකය වටේ ඉන්න දහස් ගානක දුම්රිය ලෝලීන්ගේ නොපසුබට උත්සාහය නිසා ඉන්දියා වේ දුම්රිය මාර්ග 3 ක් ලෝක උරුම බවට දැන් පත් කරලා තියනවා http://whc.unesco.org/en/list/944 ඉතින් දැන්මම පටන්ගත් තොත් අපිටත් යමක් කරගන්න පුළුවනි කියලා හිතනවා
ඇත්තටම අපේ උදවිය එකතු වුනොත් විකල්පයක් හොයගන්න බැරි වෙන්නෙ නම් නෑ. සංරක්ෂණය කරන්න හරි.
ReplyDeleteමේ අඩවිය අස ගැටුනේ අහම්බෙන්. ඉතාම වටිනා ලිපි පෙළක්.
ReplyDeleteඅයියෝ අපේ ළමයිට බලන්නවත් වාෂ්ප එංජින් නැති වෙයිද මන්දා......
ReplyDelete:) great article!
ReplyDeleteඅනේ අපරාදේ වටිනා කියන ඉතිහාසයක්නේ මේ උණු කරලා යකඩ හදන්නේ
ReplyDeleteකොළඹ සංවර්ධනය (සංචාරක හෝටල් සංවර්ධනය) නිසා ඉදිරියේදි තවත් වටිනා කෞතුක වස්තුන් රැසක් ජාතියට අහිමි වේවි අනිවාර්යෙන්ම. මොකද තීරණ ගනිද්දි ඒ අහිමි වන දේ වල වටිනාකම ගැන හිතන්නෙ නෑ නෙ.
ReplyDeleteNiyama Wadak godak dewal dana gaththa
ReplyDeletethere is a railway meusium in kadugannawa
ReplyDeletem2 627 winasa karanna haduwe rathmalane mole thiyana aya nisa eka beruna
ReplyDelete