අද එතැන් සිට..
ලෑස්ති කරගෙන ආපූ කෑම බීම ටික විනාඩියක් යද්දි කෙහෙද කියලා හොයාගන්නත් නැති වුනා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ගමන් මලු ටිකත් කරගහගෙන පාරට බැස්සා. නෑ නෑ ඒ කිවුවේ රේල් පාරට බැස්සා මහා බටහිර ඉඳන් තලවකැලේ පැත්තට යන්න. ඒ වෙනකොට වෙලාව උදේ 6.30ට වගේ ඇති. රත්තරන් පාටින් ඉර බැබලෙන්න පටන් ගත්තා විතරයි. ලාවට වගේ පැතිරුන සීතලත් එක්ක ඉර එලියෙන් දිලිසෙන වටපිටාව අපේ ගමනට ලොකු ශක්තියක් වුනා.
![]() |
මේ තියෙන්නේ ග්රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පිහිටල තියෙන දුර දැක්වෙන කණුව. කොළඹ ඉඳන් මෙතනට කිලෝමීටර 198ක් තියෙනවා. |