Saturday, May 07, 2011

෴W3 දුම්රිය එන්ජිම - W1 එන්ජිමට නව බලසැපයුම් එන්ජින් සවිකර දේශීයව නිපැයූ එන්ජිම෴

ඡායාරූපය Railway Museum වෙබ් අඩවිය 
1969 වර්ෂයේදි මෙරටට ගෙනඑනු ලැබූ වැඩිම එන්ජින් වර්ගය වුණ W1 පන්තියේ දුම්රිය එන්ජින්වල උපරිම සේවා කාලය වර්ෂ 20 කට පමණ සීමා වුනු බව මීට පෙර ලිපි වලදි ඔබ කියවන්නට ඇති. මෙසේ එම වර්ගයේ එන්ජින් විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරනු ලැබු අතර පසු කලෙකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙ යෝජනා අනුව මෙම අත්හැර දැමුණු එන්ජින් 10ක් තෝරාගෙන එම එන්ජින් සඳහා  අලුත් එන්ජින් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

එසේ ධාවනයෙන් ඉවත් කර තිබු W1 එන්ජින් වන අංක 636, 638, 645, 647, 648, 649, 661, 662, 663, 673 දරන එන්ජින් දහය මේසේ නවීකරණ ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට මුලින් නිර්දේශ වී තිබුණු අතර එම  ඇතැම් එන්ජින් විවිධ හේතු නිසා ව්‍යාපෘතියෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් W1 එන්ජින් යොදා ගැණිනි.   එබැවින් මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ එන්ජින් වුයේ අංක 631, 636, 638, 647, 659, 665, 666, 667, 669, 673 දරණ W1 එන්ජින් 10යි. එසේ නවීකරණය කල මේවායේ තාක්ෂණික විස්තර පහත දැක්වේ.
  • එන්ජින් පන්තිය           - W3 (from W1)
  • නිශ්පාදිත රට                - ශ්‍රී ලංකාව(අලුත්වැඩියාවකි)
  • නවීකරණය කල වර්ෂය - 1997
  • දුම්රිය එන්ජින් වර්ගය   -  Diesel Hydraulic
  • එනිජින් ආකෘතිය           -   DH3-1200
  • බල සැපයුම් එන්ජිම -  Caterpillar 3512 DI-TA 
  • උපරිම බලය -  1200hp - 1500RPM
  • උපරිම වේගය -  80kmh
  • එන්ජිමේ දිග                  -  12.8 m
  • Axel Arrangement -  B-B
  • බර -  ටොන් 64
  • වර්ණය -  නිල්, රිදී පැහැය සහ කහ පැහැ රේඛාවක්
  • එන්ජින් ගණන -  10 

මෙවැනි ව්‍යාපෘතියක් මගින් එන්ජින් අලුතින් සවි කරන ලද M5 පන්තියේ එන්ජින් වල ධාවන පන්තීන් M5A, M5B, M5C ලෙස උප ධාවන පන්තීන් වලට වෙනස් වුයේ එම ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලාංකීක ව්‍යාපෘතියක් බැවිනි. එහෙත් මෙම W3 ව්‍යාපෘතිය විදේශිය සමාගමක් සමග වූ ගිවිසුමක් මත කෙරුණු ව්‍යාපෘතියක් වූ නිසා අවසන් නිපැයුම W3 නමින් නව ධාවන පන්තියක් ලෙස වර්ග කරන ලදී. මෙම සමාගම වූයේ කලින් W1 පන්තියේ එන්ජින් නිපැයු Henschel සමාගම මිලට ගත් ADtranz සමාගමයි. එම ගිවිසුම යටතේ Caterpillar 3512 DI-TA වර්ගයේ නව එන්ජින් කට්ටල 10ක් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ලදී. සම්පූර්ණයෙන්ම නෙදර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාක්මක කරන ලද මෙම ව්‍යෘපාතිය සඳහා දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කලේ සී/ස යුනයිටඩ් ට්‍රැක්ටර්ස් සමාගමයි.

මෙම ව්‍යාපෘතිය යටතේදී යොදාගත් W1 එන්ජින් වල තිබූ මුල් බලසැපයුම් එන්ජින් (Power Plant) සහ බල සම්ප්‍රේෂණ පද්ධති (Power Transmission unit) ඉවත් කර ඒ වෙනුවට අලුත් උපාංග සවිකරනු ලැබු අතර ඒසේ සවිකල එන්ජින් වල ක්‍රියාකාරිත්වය W1 හි එතෙක් පැවති යාන්ත්‍රික පාලන ක්‍රමයෙන් බැහැරව නවීන ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතියක් වෙත පවරන ලදී. ඒ අනුව මෙම නව දුම්රිය එන්ජින් වල කටයුතු වැඩි ප්‍රමාණයක පාලනය සිදු වනුයේ එම ඉලෙක්ට්‍රොනික පාලන පද්ධතිය ඔස්සේයි. (කෙසේ වුවත් මෙම ක්‍රමය M9 එන්ජිමේ තරම් සංකීර්ණ ක්‍රියාවලියක් නම් නොවෙයි.) තවද මෙම අලුත්වැඩියා කටයුතු වලදී මෙම එන්ජින් වල දුම් නලය ආදී බාහිර ලක්ෂණ සේම ඇතැම් අභ්‍යන්තර සැකසුම්ද මදක් වෙනස්කම් වලට බඳුන් කරන ලදී. මුලික සැලැස්මට අනුව මෙහි දුම් නලය W1 හි පැවතියාට වඩා තරමක් කුඩාවට සකස් කරන ලදී. එය ඉදිරිපස වීදුරුව අසලින්ම සවිකර ඇතත් ඉන් පිටවන දුම්රොටු මගින් ඉදිරිපස වීදුරුව අවපැහැගැන්වීමෙන් ධාවනයට ඇතිවන අපහසුව නිසා රියදුරන්ගේ ඉල්ලීම මත පසුකාලීනව තරමක් ඉවතට වන්නට සවිකර ඇත.එමෙන්ම අලුතෙන් යොදාගත් Caterpiller එන්ජිමේ නියම RPM අගය වූ 1800RMP අගයද 1500RPM දක්වා අඩු කර ඇති නිසා එන්ජිමේ අභ්‍යන්තර ගෙවීයාම අඩුවීමද අමතර ප්‍රතිලාභයක් විය. 

ධාවනයේදී අධික බලයක් අවශ්‍ය දුම්රියන් සඳහා ද්විත්ව යුගල (Multiple units - හෙවත් එක් පසෙක දුම්රිය එන්ජින් දෙකක් හෝ කීපයක් ඈදන ලද) යොදා ගැනීමෙ හැකියාව සහිතව සකස් කරනු ලැබ ඇත. එසේ මෙම W3 එන්ජින් දුම්රියකදී ද්විත්ව හිස (Double headed - එක් පසෙකට එන්ජින් දෙකක්) ආකාරයට සම්බන්ධ කර ධාවනයට යෙදිමේදී එම එන්ජින් දෙකේම පාලනය එක් රියදුරෙකු විසින් එක් රියදුරු කුටියක සිටම කලහැකි වීම සුවිශේෂ ලක්ෂණයකි. එමෙන්ම W1 හි නොතිබුනු Hydro Dynamic brake පහසුකමද මෙම W3 එන්ජිමට ඇතුලත් කරන ලදී.  (මෙරට කඳුකර මාර්ගයක ධාවනයේදී  Dynamic brake අත්‍යවශ්‍ය කාරණයක් නිසා මෙම එන්ජින්  ඒසඳහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිය.) තවද මෙම එන්ජින් වල Air brake සහ Vacuum brake පහසුකම්ද ඇතුලත් නිසා චීන මැදිරි සමග පවා මෙම එන්ජින් ධාවනය කල හැකිවීමද තවත් වාසියක් විය. එමෙන්ම චීන මැදිරි යෙදිය හැකි එකම හයිඩ්‍රොලික් එන්ජින් වර්ගයද මෙම W3 එන්ජින් වේ.

ධාවනය සැලකීමේදි මෙම එන්ජින් සාමාන්‍යයෙන් සැහැල්ලු එන්ජිමක් බැවින් කැළණිවැලි, සහ මාතලේ  ඇතුලුව මෙරට ඕනෑම දුම්රිය මාර්ගයක ධාවනය කිරීමේ හැකියාවෙන් යුක්තය. කොළඹ-හැටන් අතර ධාවනය වන සීග්‍රගාමී දුම්රිය සඳහා බොහෝ විට මෙම වර්ගයේ එන්ජිමක් යොදා ගනී. මීට අමතරව ගාල්ල-කොළඹ, කොළඹ-පොල්ගහවෙල,හලාවත, පානදුර, අලුත්ගම ආදි ප්‍රදේශ වෙත ධාවනය වන කෙටිදුර සහ වැඩි මගීන් ප්‍රමාණයක් සහිතව ධාවනය වන දුම්රියන් සඳහාද මෙම වර්ගයේ එන්ජින් යොදනු ලැබේ. එසේම බොහෝවිට දුම්රිය සේවා ප්‍රවාහන කටයුතු සඳහාද (සිල්පර ප්‍රවාහනය ආදිය) යොදාගනු ලැබේ.

මෙම එන්ජින් වල ධාවනයේදී එන්ජිමෙන් ජනනය වන ශබ්දය මුල් W1 එන්ජින් වලට සාපේක්ෂව තරමක් වැඩිය. එසේම මේ වන විට මෙම W3එන්ජින් වල ආයු කාලයද අවසන් වෙමින් පවතින බැව් පැවසේ. මේවායේ වගකීම් කාලය වූයේ අලුත්වැඩියාවේ සිට වසර 10කි. එබැවින් වසර 2008 පමණ වන විට මේවා සැලකිය යුතු ප්‍රධානපෙලේ අලුත්වැඩියාවන් සඳහා යොමුකල යුතු බවට අදාල සමාගම් නිර්දේශ කර තිබිණී. කෙසේ වුවත් මෙම W3 එන්ජින් වලින් 9ක් තවමත් ධාවන තත්වයේ පවතින අතර අංක 636 දරණ එන්ජිමේ බලසැපයුම් එන්ජිමේ සැකිල්ල විනාශ වීම නිසා මේවන විට එය පමණක් ධාවනයෙන් ඉවත් කර ඇති බව සඳහන්වේ.


ස්තුතිය....
නිලුපුල් වික්‍රමගේ, නලීන් අබේසිංහ, නිමල් ප්‍රේමසිරි යන මහත්වරුන්ටත්  සහ චානක මල්ලවාරච්චි සොයුරාටත් මෙහි ඇතුලත් ඡායාරුප වල හිමිකරුවන් වන සඳරුවන් කුඩාහෙට්ටි, චරිත් මධුසංඛ, තරිඳු සූරියම්පොල සොයුරන්ටත් විශේෂ ස්තුතිය.

තවත් ලිපියකින් හමුවෙමු.

-ඡායාරූප සහ වීඩියෝ දර්ශන-

SL Class W3 at Peradeniya junction



පානදුර දුම්රිය ස්ථානය විය යුතුයි. මෙය මගේ පැරණි ඡායාරූප එකතුවක තීබු එකක්.
හිමිකරු පිළිබඳව සටහනක් නැහැ.
659 එන්ජීම සමග මහනුවර සීග්‍රගාමී දුම්රිය.
ඡායාරූපය:- තරිඳු සූරියම්පොල විසිනි
කඳුකර මාර්ගයේ....
ඡායාරූපය:- අසේල කුලතුංග මහතා විසිනි


මෙයත් ඉතා දුර්ලභ ඡායාරූපයක්. මේ දැක්වෙන්නේ ඉතා කෙටි කලක් ධාවනය වූ
ගාල්ල-කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය. මෙම ඡායාරූපය  1999 අප්‍රේල් 4 වැනි දින
 ගන්නා ලද්දක්. ගාල්ල සීග්‍රගාමී දුම්රියට ආවේණික වර්ණය එහි මැනවින් දිස්වේ.
ඡායාරූපය Roland Ziegler විසිනි 





37 comments:

  1. නියම ලිපි පෙළ මචං. මම ළඟකදි ඉදලානේ කියෙව්වේ. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා. මේ කරගෙන යන මෙහෙවරට මාගේ ප්‍රණාමය.

    ReplyDelete
  2. ගොඩ කාලෙකට පස්සේ කෝච්චි ගැන ලිපියක් කියවන්න ලැබුනේ. මේ ලිපි ටික නම් නියමයි. ඒ වගේම දුර්ලභ ජායාරූප එකතුවක්.

    ReplyDelete
  3. ඔන්න මහ ඉඩෝරෙකට පොද වැස්සක් වැටුනා වගේ , කාලෙකින් හොඳ ලිපියක් කියෙව්වා ...................
    බොහොම ස්තුතියි ChanDika

    ReplyDelete
  4. @ ශාමින්ද
    බොහොම ස්තුතියි සහෝ. දිගටම රැඳී ඉන්න.

    @ මධුරංග
    හැමදාම මේ පැත්තේ ඇවිත් යනවා නේද?. මෙවර ලිපිය මදක් පමා වුනේ විභාග පැවැත්වුන නිසා. ස්තුතියි.

    @ sameera
    බොහොම ස්තුතියි සහෝ....

    ReplyDelete
  5. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. කළින්වා වගේම ඉතා හරවත් ලිපියක්. මේකෙන් පස්සෙ පුලුවන් නම් පුංචි කෝච්චියට ගිය ඩීසල් එන්ජින් ගැන ලියන්න. මොකද අපේ කාලෙ ගොඩ දෙනෙක්ට එව්වා දැකලා පුරුදු නැති නිසා.

    ReplyDelete
  6. @SmartB
    ඒ අදහසට බොහොම ස්තුතියි සහෝ. :)

    ReplyDelete
  7. චන්දික ඔය කොළඹ ගාල්ල සීග්‍රගාමී දුම්රිය සඳහා ඇති මැදිරි කට්ටලය වර්ණ ගන්වන ලද කාලය මට මතකයි. ඒ 98 හො 99 වෙන්න ඕන. හරියටම ඔය මැදිරිද කියන්න දන්නේ නෑ. ඒත් මම ඒ කාලයේ නුවර දුම්රිය ස්ථානය අසල ආයතනයක සේවය කළා. ඒ කාලේ අපේ සඳළුතලයට නුවර දුම්රිය ස්ථානය පේනවා. ඒ කාලේ එහි පසෙක ඔය වර්ණ ගැන්වීම සිදු කළා. මම ඔය කාලයේ විවේකයට කරන්නේ දුම්රිය මෙහෙයුම් බලන් ඉන්න එකයි. පළමු වරට Turn table එකේ එන්ජිමක් හරවනවා දැක්කේ ඔය කාලේ. වෙනද වගේම හොඳ ලිපියක්.

    ReplyDelete
  8. මටත් මතකයි ඒ දවස් වල ගාල්ල කොළඹ ICE එක. එන්ජිමේ පාටටම පෙට්ටිත් එක්ක හරි ලස්සනයි. යෑමත් ඒ වගේ තමයි.

    එළකිරි ලිපියක් මචං මේක එනකම් ගොඩක් කල් බලන් හිටියා

    ReplyDelete
  9. ගොඩ කාලෙකට පස්සේ.... W3 එන්ජිම ගැනත් ලස්සනට විස්තර කරලා.W1 එන්ජින් අහක නොදා පණ දුන්නු එකනම් හොඳයි

    ReplyDelete
  10. @Priyantha
    බොහොම ස්තුතියි අයියා ඒ තොරතුරට. ඔය දුම්රිය තමයි මම දන්නා තරමින් ඔය වර්ණයෙන් තිබුණේ.මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන.

    @ සුසිත
    බොහොම ස්තුතියි සහෝ...

    @ මලිති
    දැන්නම් මේවාත් අහක දාන්න කාලෙ හරිලු :(

    ReplyDelete
  11. හොද ලිපියක්. කාලෙකට පස්සෙ හරි අලුත් ලිපියක් එක් කරපු එක හොදයි.... අපි බලාගෙන හිටියෙ...

    ReplyDelete
  12. @vidulahasaranga
    බොහොම ස්තුතියි සහෝ.. :)

    ReplyDelete
  13. අනේ මන්දා.. උබ‍ කෝච්චියක්ම බැඳපං :D ( මගේ නම් කැමැත්ත Diesel electric :P )

    ReplyDelete
  14. ගොඩක් වටින ලිපි පෙලක්. තවම කෝච්චියට ගොඩ වුනා විතරයි..සේරම පොස්ට් ටික මුල ඉඳන් කියවන්න ඕන..දිගටම ලියන්න...තව අර රේල් බස් එකක් කියලා එකකුත් (ඩිමො බස් එකක්ද වගේ මට මතක ) හැදුවා නේද ?.සමාවෙන්න ඒ ගැන දැනටම ලියල නම්..

    ReplyDelete
  15. sira wadak machan.....
    oya ewath karana engine dala Museum ekak danna barida danne na Transport Ministry ekata....

    ReplyDelete
  16. මාර වැදගත් ........ තව ලියන්න ඔබට ජය ..........

    ReplyDelete
  17. ලියන එක නවත්තලාද .. එහෙම නැත්නම් busy ද ...නවත්තන්න නම් එපා...

    ReplyDelete
  18. මල්ලී.....නියම blog එක. මම සෙට් වුනෙ ඊයෙ පෙරේදා. මම හිතන්නේ post ඔක්කොම මම කියවලා ඉවරයි,(එක දිගටම).මාරයි...... තව ලියන්න අපි කියවනවා. power set වලටත් යමු.ඔයාට studies වලිනුත් ‍ගොඩක් ඉහලට යන්න ශක්තිය හා ධෛර්යය ලැබෙන්න මම සුභ පතනවා.

    ReplyDelete
  19. @ Lucky ලියන එක නවත්තන්න හිතෙන්නෙ නෑ සහෝ. මේ දවස්වල වැඩ වැඩියි. ඉක්මණටම ලියන්නම්.

    @ Nandana බොහොම ස්තුතියි අයියා. :)

    ReplyDelete
  20. නොදන්න වටිනා කරුණු ගොඩක් දැනගත්තා. දිගටම ලියන්න සහෝ... ඔබට ජය...!!

    ReplyDelete
  21. ඔය නිල්-සුදු මැදිරි සෙට් එක 2001 - 2002 කාලෙදි ගල්කිස්සෙන් පටන්ගෙන ප්‍රධාන මාර්ගයේ යන කාර්යාල දුම්රියකට දාල තිබ්බා, M7 එකක් එක්ක. ඒක කොටුවෙන් ගල්කිස්සට යන්නෙ හවස 3.45ට. 2002 න් පස්සෙ රතු පාට මැදිරි තමා තිබ්බෙ.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. @Unbound knowledge for unfold opportunities

    මං හිතන්නෙ ඔබට W2 ලිපිය මග ඇරිලා වගේ. මේ තියෙන්නෙ එම ලිපිය
    W2 ගැන ලිපියට මෙතනින් පිවිසෙන්න

    ReplyDelete
  24. ELAKIRI AIYA DIGATAMA LIYANNA..

    ReplyDelete
  25. මම මේ ලිපි කියවන්න ගත්තේ ළගකදී ඉදල . කොච්චි ගැන ගොඩක් ආස උනත් විස්තර ගොඩක් දැනගතේ මේ බ්ලොග් ඒකෙන්. ඉදිරියටත් මේවගේ වැදගත් ලිපි ලියන්න හැකියාව ලැබේවා!

    ReplyDelete
  26. මේකට අපි කියන්නේ පවුසි කියලා මොකද එයාතම එතකොට ප්‍රවාහන ඇමති, පවුසිගේ මැදිහත් වීමකුත් තිබුණා මේ එන්ජින් හදන්න

    ReplyDelete
  27. කොමෙන්ට් දාන්න වෙලාවක් නැතිවුනත් , මම අනිවාර්යෙන්ම හැම ලිපියක්ම කියවනවා.... මගෙ ප්‍රියතම බ්ලොග් වලින් එකක් තමයි මෙක..... බ්ලොග් එක දිගටම කරගෙන යන්න මගෙන් හෘදයාංගම සුභපැතුම්

    ReplyDelete
  28. Mama me W clz eka godak aasa arana loco clas ekak. ape ratata Hydraulic hariyanne naa kiwwata Nuwara inna mage adahasa thama meheta hariyannema Hydraulic kiyana eka. Mokada wheel slip ehema nathua smooth eke duwannath, adu horse power ehekin wadi wadak karannath puluwan Hydraulic walata. Anith eka W3 witharayi Lankawe hama train ekakma wage adapu hama line ehekama yanna puluwan ekama loco eka...!
    Aiyata jaya pathanawa !
    Thawa liyanna!!

    ReplyDelete
  29. W class eka mama bohoma aasa karana locomotive class ekak. Goda denek Hydraulic mehata galapene naa kiwwata Nuwara paththe inna mama kiyanne nam apita galapennema Hydraulic. Wheel slip natuwa smooth eke duwannath, adu Horse power ehekin wadi wadak karagannath puluwan Hydarulic walin.
    Anika W3 eke thawath wisheshathwayak thiyanawa mokadda kiwwoth eka thama Lankawe hama train ekakma wage adapu Lankawe onema line eheka duwanna puluwan ekama loco eka...!!
    Thawa liyanna aiya aasawen kiyewwa blog ekama..!!
    Aiyata jaya!!

    ReplyDelete
  30. M 10 genath danna ekmanata

    ReplyDelete
  31. චන්දික, මන් මේ බ්ලොග් එකේ අලුත් පාටකයෙක්.ගොඩක් හොද බ්ලොග් එකක්. ඒක ඉස්සෙල්ලාම කියන්න ඔනි. මට තියන ප්‍රශ්නෙ w1 එන්ජින් 10ක් තෝරගෙන අලුත් එන්ජින් හැදුවට පස්සෙ එව w3 උනා.ඒවට දීපු නම්බර් මොනවද?දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    ReplyDelete
    Replies
    1. W3 ගැන ලිපියෙ ඒ ගැන විස්තර තියෙනවා :)

      Delete
    2. ස්තූතිය් සහෝ ප්‍රතිචාරයට.මන් පස්සෙ දැන ගත්ත w1 වල තිබුනු නම්බර් මය් w3 වලටත් දුන්නෙ කියලා.මන් කලින් හිතාගෙන හිටියේ එන්ජින් w3 වලට කන්වර්ට් කරපු නිසා ඒවට අලුත්ම නම්බර් දෙන්න ඇති කියලා.

      Delete
  32. චන්දික, මන් මේ බ්ලොග් එකේ අලුත් පාටකයෙක්.ගොඩක් හොද බ්ලොග් එකක්. ඒක ඉස්සෙල්ලාම කියන්න ඔනි. මට තියන ප්‍රශ්නෙ w1 එන්ජින් 10ක් තෝරගෙන අලුත් එන්ජින් හැදුවට පස්සෙ එව w3 උනා.ඒවට දීපු නම්බර් මොනවද?දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    ReplyDelete
  33. චන්දික, මන් මේ බ්ලොග් එකේ අලුත් පාටකයෙක්.ගොඩක් හොද බ්ලොග් එකක්. ඒක ඉස්සෙල්ලාම කියන්න ඔනි. මට තියන ප්‍රශ්නෙ w1 එන්ජින් 10ක් තෝරගෙන අලුත් එන්ජින් හැදුවට පස්සෙ එව w3 උනා.ඒවට දීපු නම්බර් මොනවද?දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.

    ReplyDelete