වර්ෂ 1930 තරම් වූ මෑත අතීතය ආසන්න කාලය වන විට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය, ජනතාව අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුනු අතර ලොව රට රටවල දුම්රිය නිෂ්පාදක ආයතන රාශියක් ඒ වන විට දුම්රියයන් නිපදවීම මෙන්ම විවිඨ විශේෂ දුම්රියයන් සඳහා අත්හදාබැලීම් විවිධ කාල වලදී සිදුකර ඇත. විශේෂයෙන් මගී තදබදය අඩු වේලාවන් වල සහ මාර්ගවල ධාවනය කිරීම සඳහා විශාල දුම්රියයන් වෙනුවට බරෙන් හා අඩු බලයකින් ධාවනය කල හැකි (ඩීසල්) රේල් කාර් නිෂ්පාදනයට ඇතැම් සමාගම් යොමු විය. මේවා ධාවනය සාපේක්ෂව ලාභදායි විය.
1930 පමණ කාලය ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයද මගී ප්‍රවාහනය වෙනුවෙන් මෙරට සඳහාද එවැනි ඩීසල් රේල් කාර් කිහිපයක් මිලදී ගැනීමට බලධාරින් කටයුතු කර ඇත. ඒ අනුව එම දුම්රියයන් එංගලන්තයේ ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් සමාගම වෙතින් ඇණවුම් කර ගෙන්වා ඇත. එසේ ගෙන්වූ දුම්රිය වල තාක්ෂණික කරුණු මෙසේයි.
- දුම්රිය පන්තිය - S1
- නිශ්පාදිත රට - එංගලන්තය (ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් සමාගම)
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - Willams & Robinson Type-6H 6 Cyl 4 stroke
- උපරිම බලය - 180hp x 2 - 1350RPM
- උපරිම වේගය - 55 kmh
- දුම්රියේ දිග - 206 feet
- Axel Arrangement - Bo+2+2+2+Bo
- දුම්රියක මුලු බර - ටොන් 94
- වර්ණය - කොළ සහ රිදී පැහැය
- ගෙන්වූ දුම්රිය ගණන - 03
මෙම බලවේග කට්ටල ගෙන්වීමේදී මෙරට දුම්රිය බලධාරීන් අවධානය යොමු කල විශේෂ කරුණු ගණනාවක් විය. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
- අඩු බරකින් හා අඩු බලයකින් යුක්තවීම.
- ධාවනයේ දී ඉක්මන් වේගයක් ලබාගත හැකිවීම.
- ක්‍රියාවිරහිත වීමේ අවදානම අඩු විම.
මෙම වර්ගයේ බලවේග දුම්රියයන් තුනක් මෙරටට ගෙන ආ අතර ඒවා අංක 501, 502, 503 යටතේ පිලිවෙලින් සිල්වර් ෆෝම් (Silver Form), සිල්වර් ස්ප්‍රේ (Silver Spray) සහ සිල්වර් මිස්ට් (Silver Mist) ලෙස නම් කරන ලදී. මුහුදුබඩ මාර්ගයේ ධාවනය සඳහා එක් කරන ලද මෙම බලවේග කට්ටලයක යා හැකි උපරිම මගීන් සංඛ්‍යාව 300ක් විය. ඒ සඳහා එම එක් දුම්රියක මැදිරි හතරක් (දෙපස එන්ජින් සහිත එලැවුම් මැදිරි සහිතව) වූ අතර පළමු දෙවන හා තෙවන ලෙස පන්ති වෙන්කර තිබිණි. 1938 පෙබරවාරි මස 25 වැනි දින ඒවා කොළඹ කොටුව සිට ගාල්ල දක්වා තම මංගල ධාවනය සිදුකරන ලද බව සටහන් වේ.
මෙම දුම්රියයන් වල තිබු තවත් විශේෂ ලක්ෂණ අතර රියදුරා විසින් අවශ්‍ය විටක දී ක්‍රියාත්මක කළ හැකි සහ හැකිළිය හැකි විශේෂ පා පුවරු තිබි ඇති බවද සටහන් වේ. මීට අමතරව විදුලි එළිය සහිත ගමනාන්ත නාම පුවරු, සෑම මැදිරියකම දොරටු වලට ඉහලින් සවිකර තිබී ඇත. (වර්තමාන S11 දුම්රිය වලද මෙවැනි දර්ශකයන් ඉදිරිපස මුහුණේ ඉහල දක්නට තිබේ). මෙම දුම්රියන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය සඳහා පමණක් යොදවා තිබු අතර වරක් පරීක්ෂණ ධාවනයක් තලෙමන්නාරම දක්වා කර ඇති බවටද කරුණු සටහන් වේ.
මුහුදු බඩ මාර්ගයේ ධාවනය කිරීම නිසා එම වාතාශ්‍රයේ ඇති අධික ලවණතාව හේතුවෙන් මෙම දුම්රිය කට්ටල ඉතා ඉක්මණින් මළබැඳීමට ලක්වී ඇති අතර අංක 501 සහ 503 දුම්රියන් 1954 වසරේ දීත් 502 දුම්රිය 1956 වසරේදීත් ධාවනයෙන් ඉවත් කෙරුණේ ධාවනයට නුසුදුසු ලෙස දැඩිව අබලන් වීම නිසාය. ඒ වන විට ඒවා අඛණ්ඩව වසර 16ක පමණ කාලයක් මුහුදුබඩ මාර්ගයේ සාර්ථකව ධාවනය කර තිබේ. වර්ෂ 1947 වසරේ T1 රේල් කාර් ධාවනයට එක් කරන තෙක්ම මුහුදුබඩ මාර්ගයේ මගී ප්‍රවාහන සේවා වෙනුවෙන් මෙවායින් සිදු වූ සේවය අති මහත්ය.
මැදිරි ආදිය දිරායාමෙන් මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනයට නුසුදුසු නිසා ඉවත් කලද ඒවායේ වූ බල සැපයුම් එන්ජින්, ට්‍රැක්ෂන් මෝටර් සහ ඇතැම් යාන්ත්‍රික කොටස් ඒ වන විටත් හොඳින් තත්වයේ වූ අතර තවදුරටත් භාවිතයට ගත හැකි මට්ටමේ පැවතිනි. එබැවින් එම කොටස් භාවිතා කර වර්ෂ 1956 දී පමණ දේශිය ඉංජිනේරුවන් විසින් රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී M3 පන්තියේ දුම්රිය එන්ජින් දෙකක් නිපදවන ලදී. දුම්රියේ ඉතිරි කොටස් පැරණි යකඩ සඳහා කපා අලෙවි කර ඇති අතර තහවුරු කර නොමැති තවත් වාර්තාවක සටහන් වන ආකාරයට අංක 502 දරණ දුම්රිය කට්ටලය ජර්මනියේ Nuremberg කෞතුකාරය වෙත ලබා දී ඇති බවද සටහන් වේ. (මෙම කෞතුකාගාරය මීට කලකට පෙර ගින්නකින් සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වි ඇති නිසා මෙම කරුණ තහවුරු කරගැනීමේ හැකියාවක් නැහැ)
ඡායාරූප:-
S1 දුම්රියයන් කොළඹ වරායේදී.... (ස්තුතිය- ප්‍රියංක රොඩ්‍රිගෝ මහතා) |
Silver Form, Silver Spray සහ Silver Mist මරදාන ධාවනාගාරයේදී.... (ස්තුතිය- ප්‍රියංක රොඩ්‍රිගෝ මහතා) |
S1 දුම්රියක ඇතුලත පෙනුම (CREC Newsletter තෙවන කලාපයෙනි) |
(මෙම S1 දුම්රිය පිළිබඳව කරුණු සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක් විය. මෙහි අඩංගු කරුණු බොහොමයක් CREC Newsletter 3වන කලාපයේ පලවූ Class S1 Self propelled articulated Power Coach නම් ලිපියෙන් උපුටාගන්නා ලද බව කරුණාවෙන් සලකන්න. එහි ඇතුලත් කරුණු සහ ඇතැම් ඡායාරූප නැවත පලකිරීමේ අවසරය වෙනුවෙන් එම ලිපියේ කතෘ නලීන් අබේසිංහ මහතාටත් ප්‍රියංක රොඩ්‍රිගෝ මහතාටත් ස්තුතිය හිමිවිය යුතුය)
උඩම තියෙන එන්ජින් පන්තිය W3 කියල දාල තියෙන්නෙ වැරදීමකින් වෙන්න ඕන. පොඩ්ඩක් බලන්න.
ReplyDeleteවෙනද වගේම ඉතා වටිනා කියන ලිපියක්, මේක ගැන නං කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැති තරම්. බොහොම ස්තූතියි සහෝ.
@නිපුන
ReplyDeleteනිවැරදි කලා සහෝ.. බොහොම ස්තුතියි ඔබට. :)
මේ කෝච්චියා ගිය ආත්මේ කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්ම තමා....
ReplyDeleteඔය නම වෙනස් කරගත්තොත් මොකද?? කෝච්චියා කියලා
ලිපිය න0 සුපිරි .......... , ඡායාරැපයක් පවා සොයා ගැනීමට අපහසු දුම් රියක් පිලිබද මෙවැනි සම්පුර්ණ විස්තරයක් ලබා දීම සම්බන්දව ස්තුතිය ................
ReplyDeleteආයෙ ආයෙ හැම ලිපියකම ලියන දේ සුපිරියි මචං. අපි ජීවිතේට අහලවත් නැති මේව ගැන උඹ කොහෙන් හොයන් ලියනවද මන්දා.
ReplyDeleteමුහුදු බඩ මාර්ගයේ අධික ලවණතාවය නිසා දිරුව කියල හැම කෝච්චියටම කියන එකනම් පිළිගන්න බෑ මම හිතන්නේ. වාහනයක් උනත් ඔය විදිහට මුහුදු බඩ දුවනකොට එහෙනම් මළ බැඳිල විනාස වෙන්න ඕන. ඒක නෙමෙයි මට නම් හිතෙන්නෙ අපේ දුම්රිය සේවයේ නඩත්තු යාන්ත්‍රණය නම් අන්තිමයි. කෝච්චියක් උනත් හෝදන්න ඕන. ඔයිල් කරන්න ඕන. එහෙම නැතිව දුවන කොට දිරනවා තමයි. අදටත් එහෙම කිසිම දෙයක් නෑනෙ. නඩත්තු වෙන්නේ දුම්රිය එන්ජින් විතරයි. ඒවත් වෙලාවට නෑ. දැන්වත් මේ යාන්ත්‍රණය හරියට ස්ථාපනය කර ගන්නව නම් දුම්රිය මැදිරි එන්ජින් වැඩි කාලයක් ධාවනය වේවි.
@රත්ගමයා
ReplyDeleteඒව කියන්න බෑ නේද. සමහර විට වෙන්නත් ඇති සහෝ :D
@sameera
ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තුතියි සහෝ
@සුසිත රවින්ද සෙනරත්
ReplyDeleteඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනව සහෝ. බොහෝ අවස්ථාවන් වලදි අපේ දුම්රිය සේවයේ නඩත්තු සේවා ගැනනම් කිසිසේත්ම සෑහිමකට පත්වෙන්න බැහැ. හැබැයි ඒ වගේම දුම්රිය මැදිරි වල නිමාවත් කල්පැවැත්මට බලපාන සාධකයක්. උදාහරණයක් ලෙස පැරණි රුමේනියන් මැදිරි වලට වඩා ඇතැම් නවීන චීන මැදිරි වෙගයෙන් මල බැඳි ඇති අයුරු මම දැක තිබෙනවා. ඇතැම් විට s1 දුම්රිය වල බඳ නිමාවේ ගැටලු තිබුණා වෙන්නටත් පුලුවන්. අනික් කාරණාවනම් මේවා දෛනිකව කිහිප වරක් මුහුදු බඩ මාර්ගයේ ඔබ මොබ ධාවනය කර තිබෙනවා. එවිට ඒවා සාමාන්‍ය දුම්රියකට වඩා වැඩි කාලයක් ලවණ සහිත වාතයට නිරාවරණය වෙනවා. මේවා මාසිකව සැතපුම් 7000ක් පමණ ධාවනය කර ඇති බවකුයි කියවෙන්නෙ. එබැවින් ඔබත් මමත් සඳහන් කල කරුණු දෙකම මේවා ඉක්මනින් දිරා යාමට හේතු වන්නට ඇති.
ස්තුතියි ප්‍රතිචාරයට සහෝ.
නියම ලිපියක්. වැදගත් කරුනු තියෙනවා. මට අර කලර්ඩ් ෆොටෝ එකේ තියෙන බුලට් ට්‍රේ එක ගැන ටිකක් දැන ගන්න පුලුවන්ද ? දැන් ඒ වර්ගයේ කෝච්චි කොයි මාර්ගයේද ධාවනය වෙන්නේ කියලා.නැත්නම් ඒ දුම්රි ධාවනයෙන් ඉවත් කරලද ?
ReplyDelete@ මධුරංග
ReplyDeleteඔබ අදහස් කරන්නේ මෙම ලිපියේ තිබෙන ඡායාරූපය ගැනනම්, ඒ තමයි S1 බලවේග දුම්රිය. දැන් එය ධාවනයෙන් ඉවත් කරල. එහි කැබලිවත් සොයාගන්නට නැහැ.
නියමයි අයියා.... මම මේ S1 දුම්රියක් දැකල තිබුනේ නැ මීට කලින්, අලුත් දේවල් ඉගෙන ගත්තා, දැකබලා ගත්තා. :)
ReplyDeleteS1 ගැන ලිපියක් පල කළ එක නම් ගොඩාක් හොඳයි මොකද මේවගේ පැරණි දුම්රිය සහ බලවේග කට්ටල ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැති නිසා. සුසිත කියන විදියට නම් වර්තමානයේ නම් දු රිය අබල වෙන්න හේතුව දුර්වල නඩත්තුව කියල කියන එක නම් සාධාරණයි කියල තමයි මටත් යම්තාක් දුරකට හැඟෙන්නෙ. නමුත් මේ S1 කට්ටල වැඩි කලක් ධාවනය කෙරුණේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සහ නිදහසින් පසු ලංකා දුම්රිය සේවයේ ස්වර්ණමය කාලපරිච්ඡේදයේ නිසා වසර 16ක් වගේ කාලයකින් ඉවත් කරන්න සිදු වුණේ දුර්වල නඩත්තුව නිසා කියන එකට නම් මට එකඟ වෙන්න බෑ.
ReplyDelete@ SmartB
ReplyDeleteස්තුතියි සහෝ අදහස් වලට :)
නැවත සැරයක් බොහොම වටිනා ලිපියක්... බොහොම ස්තූතියි...
ReplyDeleteවාව්....නියම වටිනා ලිපියක්! ස්තුතියි යාලුවා..
ReplyDeleteතවත් මෙවැනි වටිනා ලිපි ලිවීමට ශක්තිය ලැබේවා!
කෝච්චි වල ගියාට මේම විස්තර අපි දැනගෙන හිටියේ නෑනේ. නියමයි සහෝ. ඔබට ජය.
ReplyDeleteඉතා අගෙයි!
ReplyDeleteහැමදාමත් වගේ වටිනා ලිපියක්.
ReplyDeleteඑල මචං නියමයි
ReplyDeleteSmartB සමඟ එකඟයි.
ReplyDeleteමේවට තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් කියල කොටසක් ඉන්නෙ. දුම්රිය මිලදී ගන්න කලින් අදාල සමාගම් එක්ක කතා කරල දුම්රිය දුවන ප්‍රදේශය මාර්ග තත්වය මේවට ඔරොත්තු දෙන්න ඒ අවශ්‍යතා දැනුම් දීල වඩා උච්ත විදිහට නිර්මාණය කර ගැනීම ඔව්න්ගේ වගකීම. ඒත් දැන් වෙලා තියෙන්නෙ ඒ අය පිටරට සවාරියක් ගිහින් එනව විතරයි සමාගම තමන්ට ඕන විදිහට දුම්රිය නිමා කරල එවනවා. අන්තිමට නොගැලපීම් නිසා විවිධ ලෙඩ. S11 ට උනෙත් ඔය ටිකනේ. මොකද මේව කාරෙකක් වෑන් එකක් වගේ ලක්ෂ 10 15ද නෑනෙ.
ඕං කියෙව්වා ඈ :D
ReplyDeleteඉන්දිකයා, නියම ලිපියක් නෙ මේක. මම අදයි උඹගේ බ්ලොග් එක පැත්තෙ ආවේ. කෝච්චි ගැන විස්තර එමටයි නේද? මහිමින් සීරුවේ ඔක්කොම කියවන්නයි හිතාගෙන ඉන්නෙ....
ReplyDeleteඒ කාලෙනෙ ඉන්න තිබුනෙ ? I don't know why.........
ReplyDeleteදුම්රිය වනසන උන්ට කවද හරි කෝච්චියටම බෙල්ල තියන්න තමා වෙන්නෙ.හ්ම් දුකයි තමයි අපේ දුම්රිය සේවය ගැන.
එල එල
ReplyDeleteනියමයි ලොක්කා
ReplyDeleteමම නං මේවා ගැන ඇහුවමයි බං..
ReplyDeletechandika මම මේ බ්ලොග් එක දැක්කේ සතියකට කලින්.
ReplyDeleteබොහොම හොද ලිපි තියනවා. දිගටම ලියන්න. ජය වේවා.
බලවේග කට්ටල දුම්රිය හා ඩිසල් ඉලෙක්ට්‍රික් දුම්රිය අතර තියන වෙනස මොකක්ද?
මම නොදන්නා කමටයි අහන්නේ.
@ බුද්ධි
ReplyDeleteබොහොම ස්තුතියි අයියා. :)
මම චන්දික. ඉන්දික නෙමෙයි. ස්තුතිය මේ පැත්තට ආවට.
@ Last Ano,
මෙහෙමයි සහෝ ඔය බලවේග කට්ටලි කියන්නෙ අඩුබලයක් තියෙන එන්ජින් සහිත දුම්රිය වර්ගයක්. ඩීසල් ඉලෙක්ට්‍රික් කියන්නෙ දුම්රිය එන්ජිමක නිපදවෙන බලය චාලක ශක්තිය බවට පෙරලන එක් තාක්ෂණික ක්‍රමයක්. වැඩි විස්තර සඳහා පහත ලිපිය කියවන්න.
෴අපේ රටේ ධාවනය වන දුම්රිය වර්ග ගැන දන්නවාද?෴
Good attempt.
ReplyDeleteGood article and valuable details.
ReplyDeleteලිපිය දැම්ම දවසෙම කියෙව්වත් කොමෙන්ට් එකක් දාන්න බැරි වෙලා නෙ..වෙලාව ලැබෙන විදියට ලියන්න...හොඳ දේ ලියන්න ටිකක් වෙලාව ගත්තට කමක් නැහැ
ReplyDeleteදෑන් අපිටත් ලන්කාවෙ දුම්‍රියගෑන ආසාවක් ගෙහාන් මල්ලිගෙ බ්ලොග් එක නිසාම ඈති වෙලා.. හෑමෝම පන්න පන්නා සොයා නොයන දේවල් ගෑන මේ තරම් කෑපවීමෙන් කරුනු හොයන, එකතු කරන, ලෝකෙට බෙදා දෙන හොඳම බ්ලොග්කරුවෙක් ඔබ.... ජයවේවා මල්ලියෝ !!!!
ReplyDeleteමෙහි ඇවිල්ලා වචනයකින් හරි දිරියක් ශක්තියක් වන ඔබ හැමටම අනේත වාරයක් ස්තුතියි :)
ReplyDelete@Lucky
මේ දිනවල ටිකක් කාර්ය බහුල නිසා තමයි ලිපි ප්‍රමාද වෙන්නෙ. දිගටම රැඳි ඉන්න.
@ජීවිතේ මල්
බොහොම ස්තුතියි අක්කේ.
ඇත්තෙන්ම මේ ඩීසල් ඉලෙක්ට්‍රික් පවර් සෙට් ගැන අහලවත් තිබුන් නැහැ, පසු කලක තිබුන රතු පාට පවර් සෙට් තාම දුවනවද, ඒවත් දැන් ඉවත් කරලද?
ReplyDeleteමාර වැදගත් ලිපි සෙට් එකක් මලයා .....
ReplyDeleteඒලෙවල් කරන කෙනෙකුට ප්‍රෙජෙක්ට් එකකට උනත් එල .......
@Observer
ReplyDeleteඔබ සඳහන් කරන්නේ S2,S3 බලවේග දුම්රියයන් ගැන වෙන්න ඇති. ඒවා ධාවනයෙන් ඉවත් කරලා. දැනට ධාවනයේ පවතින්නේ S7 සිට S11 දක්වා දුම්රියන් පමණයි. S7 ඉතිර් දුම්රියයන් කිහිපය මේ වසර අවසන් වන විට ධාවනයෙන් ඉවත් වේවි.
@කල්හාර
බොහොම ස්තුතියි අයියා. :)
mekanam elane chandika aiyye..pattai....
ReplyDeleteමං කල්පනා කොළේ මට මේක කොහොමද මිස් උනේ කියලා....පට්ට මචං...මමත් මෙච්චර කල් හොය හොයා හිටියේ මේක විස්තර.මං ළඟ තිබ්බේ තාක්ෂණික විස්තර විතරයි.සුපිරි...
ReplyDeleteS1 ekak ho adatat tibuna nam godak watinawa...mehema deyak danaganna labimat loku deyak...trains walata godak asa kenek widiyata mata nam meka godak interest. Thanks bro.
ReplyDeleteවිස්තරය වගේම පින්තූර ටිකත් ගොඩක් වටිනවා
ReplyDelete