Sunday, January 02, 2011

෴M5 දුම්රිය එන්ජිම - Made in Japan෴

M5  -2

මේ තිබෙන්නේ M5 දුම්රිය එන්ජිමක්...

 pamuditha මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්......

   වාෂ්ප එන්ජින් ක්‍රමයෙන් මාර්ගයෙන් ඉවත් වීමත් සමග එන්ජින් බල ඇණිය ශක් තිමත් කිරීම සඳහා 1960-1980 යුගයේදී ඩීසල් එන්ජින් විශාල සංඛ්‍යාවක් වරින් වර විවිධ රටවල් වලින් මෙරටට ආනයනය කරනු ලදී.   මෙම M5 පන්තියේ ඒන්ජින් එම වැඩපිලිවෙල යටතේ  ජපානයෙන් මෙරටට ආනයනය කර ඇත. මෙරටට හඳුන්වා දුන් M1 දුම්රිය එන්ජිමට පසුව "Dual Cabin"(එන්ජිමේ දෙපසම රියදුරු කුටි) ආකාරයේ එන්ජිමක් ලෙස මෙරටට පැමිණි එන්ජිම වන්නේද මෙම M5 වර්ගයේ එන්ජින්ය. එම ලක්ෂණය නිසා එන්ජිම හැරවීමකින් තොරව පහසුවෙන් දෙපසටම ධාවනය කලහැකි වීම වාසියකි. ( දුම්රිය එන්ජිමක් හරවන ආකාරය සඳහා M4 ලිපියේ ඡායාරූප බලන්න.)
  • එන්ජින් පන්තිය           - M5
  • නිශ්පාදිත රට                - ජපානය
  • නිපදවූ සමාගම - HITACHI (Japan)
  • ගෙන්වූ වර්ෂය - 1979
  • දුම්රිය එන්ජින් වර්ගය   - Diesel Electric
  • බල සැපයුම් එන්ජිම - MTU-IKEGAI  4-Strock 12 Cylinders
  • උපරිම බලය - 1500hp
  • උපරිම වේගය -  60mph
  • Axel Arrangement - Bo-Bo
  • බර - ටොන් 60-70 අතර (නිවැරදි දත්ත නොමැත)
  • වර්ණය - රතු සහ කොල පැහැය( මුල් වර්ණය)
  • ගෙන්වූ එන්ජින් ගණන - 16

        ඒ වන විට දෙපාර්තමේන්තුව සතු වූ අනෙකුත් මගී ප්‍රවාහන එන්ජින් වලට වඩා බරෙන් අඩුවු, එහෙත් බලවත් මෙම එන්ජින් විශේෂයෙන් යොදවාගනු ලැබුවෙ ශ්‍රී ලංකාවේ කඳුකර මාර්ග වල දුම්රිය ධාවන කටයුතු සඳහායි. අනෙකුත් එන්ජින් වල හැඩයට වඩා වෙනස්ව (බස් රථයක් මෙන්) ඇති මෙම එන්ජිම කඳුකර මාර්ග වලදී රියදුරාට පැහැදිලි ඉදිරි පෙනුමක් ලබා දීමත් එයට ඇතැම් විට හේතුවක් වන්නට ඇතැයි සැලකිය හැකිය.

        කෙසේ වෙතත් ධාවනයට යොදවා සුලු කාලයකදීම මෙම එන්ජින් වල විවිධ තාක්ෂණික ගැටලු මතුවෙන්නට විය. මෙයට හේතු වූ එක් කාරණාවක් මෙසේයි.
 මෙම එන්ජිමේ බල සැපයුම් එන්ජිම MTU-IKEGAI වන අතර එය ජපන් නිමැවුමක් වූවත් මෙහි මුල් හිමිකාර සැලසුම් කරුවන් වූයේ MTU නමැති ජර්මානු සමාගමක්. ජපාන IKEGAI සමාගම එම එන්ජිමේ මුල් සැපයුම MTU වෙතින් ලබාගෙන නැවත සැලසුම් කිරීමේදී එය MTU තරමටම අත් දැකීම් පරිපූර්ණ උසස් නිමැවුමක් නොවීම මෙයට හේතු වූවා වන්නට ඇති බව සැලකේ.
         මේ ගැටලුව හේතුවෙන් ‍M5 පන්තියේ එන්ජින් සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කරන ලදී. මෙසේ එන්ජින් ධාවනයෙන් ඉවත් කර දිරායාමට ඉඩ හැරීම ගැන සලකා බැලූ දුම්රිය බලධාරීන් පසු කලකදී දෙපාර්තමේන්තුවේ එන්ජින් නවීකරණ ව්‍යාපෘතිය {Transportation Rehabilitation Project (Railways)} යටතේ මෙසේ ධාවනයෙන් ඉවත් කර තිබුණු එන්ජින් බොහොමයක් අළුත් වැඩියාවන් කර නැවත ධාවනයට යෙදවීමට තීරණය කරන ලදී.  
මෙහිදී සිදුවනුයේ දුම්රිය එන්ජිම ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වා කොටස ඇතුලත තිබෙන බල සැපයුම් එන්ජිම ඉවත් කර එයට අලුතෙන් බලසැපයුම් එන්ජිමක් සවි කිරීමයි. මෙය අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියක්. මෙහිදී ඇතැම්විට දුම්රිය එන්ජින් මැදිරියේ සැකිල්ල දක්වා සෑම කොටසක්ම පාහේ විශාල වෙනස් කම් වලට ලක් කල යුතුයි. ඒ සඳහා බොහෝ දේ මුල සිටම සැලසුම් කල යුතු වෙනවා. මේ වැඩකටයුතු සියල්ලම වාගේ සිදුවන්නෙ අපේ රටේ ශිල්පීන් අතින් වීම සැබැවින්ම අපේ රටට ආඩම්බරයට කාරණාවක්.
          අත් හැර දැමූ M5 එන්ජිමක් ප්‍රථම වරට අලුත්වැඩියාවකට ලක්වූ අවස්ථාව වනුයේ 769 අංකය දරණ M5 එන්ජිමයි. එයට අලුත් එන්ජින් කට්ටලයක් සවි කරනු ලද අතර එම අලුතෙන් සවිකරනු ලැබූ එන්ජිම MTU-12V 396TC13 වර්ගයේ එන්ජිමක්. ඒ මෙරටට ආනයනය කල S8 මාදිලියේ DMU (බලවේග කට්ටල) සමග ලැබුණ අතිරේක බලසැපයුම් එන්ජිමක් වූ එම එහි බලය 800kW පමණ වූ අඩු බලයක් සහිත එන්ජිමක් . එම අතිරේක බල සැපයුම් එන්ජිම ලැබී තිබුණෙ S8 හි යම් අලුත්වැඩියාවකදී යොදා ගැනීමටයි. එහෙත් මෙම එන්ජින් කට්ටලය ඉතා සාර්ථකව  අංක 769 M5 එන්ජිමට සවිකර ධාවනයට යෙදවෙන ලදී. ඒ අනුව  M5A ලෙස උප ධාවන පන්තියක්ද දුම්රිය සේවයට ඒක වූ අතර එන්ජිමේ වර්ණයන් වෙනස් කරන ලදී. (ඡායාරූප සඳහා පහත එකතුව බලන්න.) කෙසේ වුවද මේවන විට අංක 769 එන්ජිම ධාවනයෙන් ඉවත්ව ගොස් තිබේ.  විදුලි පද්ධතියේ ඇතිවූ දෝශයක්  එයට හේතුවූ බව කියවෙන අතර එහි තිබූ බල සැපයුම් එන්ජිමද ඉන් ගලවා S8 දුම්රියකට සවි කරනු ලැබිණි.

        දෙවන පියවර යටතේ අත්හැර තිබූ M5 පන්තියේ තවත් එන්ජින් 4ක් පුනුරුත්ථාපනය කරනු ලැබූ අතර ඒ සඳහා යොදාගනු ලැබුවේ PAXMAN Valenta 12 RP200L වර්ගයේ 1300kW බලැති එන්ජින්. මෙසේ නවීකරණය වූ දුම්රිය එන්ජින් වූයේ අංක 768, 772, 777 සහ අංක 778 දරණ එන්ජින්. අලුත්වැඩියාවෙන් පසුව පෙර පැවති වර්ණයන් වෙනස් කරන ලදී. (ඡායාරූප බලන්න). 

        තෙවන පියවර විදියට නැවතත් එසේ අත්හැර දැමූ එන්ජින් 8ක් තෝරාගෙන නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අරඹන ලදී. මෙහිදී යොදාගන්නා ලද්දේ සුප්‍රසිද්ධ CAT සමාගමේ Caterpillar 3516-DITA වර්ගයේ 1620kW එන්ජින්. මේ යටතේ අංක 767, 771, 776, 779, 781, 782 දරණ එන්ජින් සාර්ථක නවීකරණයන් යටතේ M5C ධාවන පන්තිය මේ වන විටත් ධාවනයට එක් කොට අවසන්. M5c ධාවන පන්තියේ එන්ජින් සියල්ල තද රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. අංක 775 එන්ජිම එසේ අලුත්වැඩියා කර 2010 වසරේදී ධාවනයට එක් කල අතර එහි විශේෂ අංගයක් එකතු කර තිබිණි. එනම් එයට (Air Brake) පහසුකම එකතු කර තිබේ. මේ හේතුව නිසා 775 එන්ජිමට, මෙරටට අලුතෙන් ගෙනා චීන මැදිරි යෙදු දුම්රිය කට්ටලයන් සමග ධාවනය කරවීම එහි බලාපොරොත්තුව විය. ඒ අනුව චීන මැදිරි යෙදිය හැකි එකම M5C එන්ජිමද අංක 775 එන්ජිම ලෙස සැලකීමට අවස්ථාව ඇතිව තිබූණ මුත් එය චීන මැදිරි සමග ධාවනය සාර්ථක නොවිණි.

         අංක 770 (ඉහලම ඡායාරූපය) සහ 1990දී ධාවනයෙන් ඉවත් කල 774  එන්ජින් දෙක මේ වනවිටත් රත්මලාන දුම්රිය අංගනයේ ගාල් කොට ඇති අතර ඒවාද මෙම අලුත්වැඩියා නාමලේඛණයේ ඇති දුම්රිය එන්ජින්. කෙසේ වුවද මේවා ප්‍රතිසංස්කරණය කිරිම පිලිබඳව අවසන් තීරණයකට පැමිණ නැත. මෙම අලුත් වැඩියා ක්‍රියාවලිය මගින් නව දුම්රිය එන්ජිමක් මිලට ගැනීමට වියදම් කලයුතු මුදල් ඉතිරි කරගැනීමට හැකිවීම වාසියක්.

        මෙම දුම්රිය එන්ජින් කැළණිවැලි මාර්ගයේ හැර අනෙකුත් දුම්රිය මාර්ග වල ධාවනය කල හැකියි.

        අංක 773 දරණ එන්ජිම රඹුක්කනදී අනතුරකට ලක් වීමත්, 780 දරණ එන්ජිම බලන දුම්රිය ස්ථානය ආසන්නයේදී පෙරලීමෙන් හානියට පත්වීම නිසාත් ධාවනයෙන් ඉවත් කර ඇත්තේ ඒවා අලුත්වැඩියා කළ නොහැකි තත්වයට පත්වීමෙන්.

තවත් දුම්රියක විස්තර සමග හමුවෙමු....

ස්තුතිය:- මෙහි සඳහන් ඇතැම් දුර්ලභ විස්තර සැපයු නලින් අබේසිංහ සොයුරාට විශේෂ ස්තුතිය.......

ඡායාරූප:-
(මුල් හිමිකරුවන් සඳහා සබැඳියක් ඡායාරූපයට ලබාදී ඇත.)

M5  -1
අංක 770 එන්ජිම.
නවීකරණය කිරීමට පෙර M5 එන්ජිම මේ ආකාරය විය...

pamuditha මහතා විසින් එක්කරන ලද ඡායාරූපයක්.....

M5  -3
කඳුකරයේ සුන්දරත්වය මැද......
 pamuditha මහතා විසින් එක්කරන ලද ඡායාරූපයක්....
M5  -4
pamuditha මහතා විසින් එක්කරන ලද ඡායාරූපයක්....
777 එන්ජිම මරදාන ධාවනාගාරයේදී...
 (මෙය 1980 දී පමණ Mike Tisdale මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්)
M5A-1
මේ  M5A පන්තියේ එකම එන්ජිමයි....
දැනට ධාවනයේ නැත.
pamuditha මහතා විසින් එක්කරන ලද ඡායාරූපයක්....
M5a -1
මේ  M5A ගල්කිස්ස හෝටලය අසලදී තම සගයෙක් කැටුව ගමනේ....
pamuditha මහතා විසින් එක්කරන ලද ඡායාරූපයක්..
M5a -2
M5A
pamuditha මහතා විසින් එක්කරන ලද ඡායාරූපයක්..
Hitachi M5c arriving at Aluthgama
776 අළුත්ගමට ලඟාවෙමින්.........
 Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...
IMAG0309
776 කොටුව දුම්රිය ස්ථානයේදී........ 
By Jonesy38
Class M5
උමං මගින් නික්මෙන 767 එන්ජිම......
By Harsha Herath
Hitachi  Loco Class M5 #782
782 M5c අළුත්ගමට ලඟාවෙමින්.........
 Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...
M5c # 771 Hitachi at Bentota

782 M5c බෙන්තොට දුම්රිය ස්ථානයේදී........
 Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...

Class M5C Loco No.775 hauling 'Ruhunu Kumari' Express
775 M5c චීන මැදිරි යෙදූ "රුහුණු කුමාරි" කැටිව අළුත්ගමට ලඟාවෙමින්.........
 Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...
අංක 772 දරණ M5b පන්තියේ එන්ජිම...
උපුටා ගැනිම
National Railway Museum - Sri Lanka 
M6 සගයෙක් සමග සුප්‍රසිද්ධ ආරුක්කු 9 පාලම මතින්...
උපුටා ගැනිම
National Railway Museum - Sri Lanka 

35 comments:

  1. පින්තූර බොහෝමයක්.....එකම පෝස්ට් එකට දැමීමේදී නරඹන්නාට ලෝඩ් වීමට මහා වෙලාවක් ගතවෙයි...........එස් සඳහා කළ හැකි යමක් වෙතොත්....කරන්න..

    ReplyDelete
  2. පට්ට කොල්ලෝ................ලංකාවෙ කෝච්චි ඉතිහාසයත් මාරයි.

    ReplyDelete
  3. මරු මරු....M5 ඇවිල්ලා

    ReplyDelete
  4. නියමයි M5 එංජින් එක නම්. ඔය එංජින් තියෙන කෝච්චි කදු අදින්න හොද හින්දද කදුරට දුම්රිය මාර්ගයට දාලා තියෙන්නේ

    ReplyDelete
  5. @ මධුරංග

    M5c එන්ජින් එකේ බලය 1600kW විතර වෙනවා. සෑහෙන්න බලයක්. ඒ නිසා මේක කඳුකර මාර්ගයට සුදුසුයි. හැබැයි ඉතින් විශේෂයක් නැහැ. M5c,M2,M6,M7,W3 වගේ හැමෝම කඳු නගිනවා.

    ReplyDelete
    Replies
    1. ගනේමුල්ලෙදී හිගන්නාගේ හැපුනු එකට මොකද වුනේ

      Delete
  6. මචන් ඔය ඉස්සරහ කොච්චියේ අංකය තියෙන බෝඩ් එකේ Load V2 කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  7. උදේට නුවර ඉඳලා කොළඹ එන intercity එකට දාලා තියෙන්නේ හුඟ වෙලාවට M5 එන්ජිමක්. ආයේ කියලා වැඩක් නෑ. පැය දෙක හමාරෙන් කොළඹ.

    ReplyDelete
  8. අපූරු ලිපි පෙලක්, දුම් රිය කියන්නෙ මමත් පොඩි කාලෙ ඉඳල හරිම ආසා විෂයයක්, ගොඩක් දේවල් දැනගත්තා මේ ලිපි වලින්, ස්තූතියි,

    ReplyDelete
  9. නියමයි තවත් වැදගත් ලිපි පෙලක් මාර වටිනව . ස්තූතියි අපිව දැනුවත් කරනවට.ඒ වගේම ඉදිරියටත් ලියන්න සුභ පැතුම්....

    ReplyDelete
  10. පෙර ලිපි මෙන් දුම්රිය එන්ජිම ගැන ගොඩක් විස්තර ලියලා තියනවා දුර්ලභ ඡායාරූපත් සමග නොදන්න දේවල් ‍ගොඩක් දැනගත්තා. බෙහෙවින්ම ස්තුතියි..

    ReplyDelete
  11. ආයෙත් එල ලිපියක්.. මාර විදිහට මහන්සි වෙලා ලියලා තියේ. සිරාවට වටිනවා. :)

    ReplyDelete
  12. මහන්සි වෙලා මේ දත්ත හොයාගෙන ලියපු වග පේනවා.අපූරුයි.දිගටම ලියන්න.

    ReplyDelete
  13. හැමදාම කියනවා වගේ හොඳ ලිපියක්....

    ReplyDelete
  14. මම අද කොළඹ ආපු 3.45 සීඝ්‍රගාමියටත් ආවෙ M5 එකක්නේ. මරු වැඩේ කියන්නෙ තව දෙකක් දැක්කා මගදි. අනිත් සීන් එකක මම ඔයින් එකක ගිහින් තියනවා. මහනුවර යන කෝච්චියේ හික්කඩුවෙ ඉඳන් අළුත්ගමට යනකම් එන්ජිමේ ගියා. ඒකත් මරු. බ්රේක් ලීවර් එක ඇදලා තත්පර 5කට විතර පස්සේ තමයි බ්රේක් වදින්නෙ. :D තව ස්පීඩෝ මීටරේ වැඩ කරන්නෙ නෑ. ඩයිවර් නම් කිව්වේ හිතේ වේගෙට තමයි යන්නෙ කියල. හිකිස්.

    ReplyDelete
  15. ඔය එන්ජිමේ Load V2 කියල ගහලා තියෙන එකෙන් අදහස් වෙන්නෙ එන්ජිමට ඇදගෙන යන්න පුළුවන් බර කොච්චරක් ද කියන එක. ඒක ගණනය කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවෙ load එක සටහන් කරලා ඒ සඳහා සංකේත යොදපු වගුවක් තියෙනවා. ඒ අනුව තමයි Load V2, Load X, Load 22/45 වගේ ගහල තියෙන්නෙ. නමුත් වර්තමානයේ සංකේත ක්‍රමයට Load එක එන්ජිමේ සටහන් කරන්නේ නෑ. දැන් ඒක කරන්නේ M5c 775 එන්ජිමේ Load එක සටහන් කරල තියෙන විදියට (ඒ කියන්නෙ Load 22/45 වගේ). සංකේත මඟින් Load එක සටහන් කිරීම යම්තාක් දුරට පැහැදිලි කරන්නට අපහසු, තරමක් සංකීර්ණ ක්‍රමයක්....

    ReplyDelete
  16. මෙහි අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි. ඔබේ අදහස් තමයි මට වටිනාම දේ.

    ReplyDelete
  17. But Load eka satahan karapu A waguwa SLR eke koheda thiyenne?

    ReplyDelete
  18. නියමයි මල්ලී. නොදන්න දේවල් ගොඩක් දැන ගන්නවා මේ සයිට් එකෙන්. නිකං පල් හෑලි ලියනවට වඩා හමහෙම දෙයක් ලියන එක කොච්චර වටිනවද. දිගටම ලියන්න.

    ReplyDelete
  19. මෙච්චර දවස් ගියා විතරයි.අද තමයි ඔක්කොම දැනගත්තෙ.ගීහාන් අයියා ඔබට ස්තුතියි !

    ReplyDelete
  20. ඔව්. මම කැවා. දැන් චූ කලා.. අන්න අල්ලපු ගෙදර පොල් කඩනවා වගේ දෙවල් ලියන්නෙ නැතුව සැබෑ දෙයක් ලිවීමට ගැන ස්තුතියි.

    එන්ජින් දෙකක් couple කිරීම.
    එන්ජිමක් මැදිරිවලට සවි කිරීම.
    පීලි මාරු කිරීම.
    මැදිරිය.
    පාලන කටයුතු.
    සංඥා පද්ධතිය ක්‍රියා කරන ආකාරය.
    විදුලි දුම්රිය ගැන
    ආදියගත්තාම ඔයාට ලියන්න සහ හොයන්න කරුණු ගොඩක් තියෙනවා.

    තව වාෂ්ප එන්ජින් සංගමය වගේ ආයතන තියනවා. කුඩා පරිමානයෙන් වාෂ්ප එන්ජින් හදා ගෙන තමන්ගේ පෞද්ගලික දුම්රිය මාර්ගයක් ගමන් කරන කණ්ඩායමක් ඈමරිකාවේ ඉන්නවා.

    Salad Bowl Express

    ගැනත් හොයලා බලන්න.

    මේ ඔක්කොටම වැඩිය ලංකාවේ දුම්රිය ගැන සෙවීම අමාරැයි. එනිසා මේ කරගෙන යන​ වැඩේ නියමයි.

    ReplyDelete
  21. ඔබ මේ අප වෙනුවෙන් කරන්නා ඌ සේවය ඉතාම අගය කොට සලකන අතර ඉතාමත් ආශාවෙන් කියවමු.. තවතවත් මෙවනි කරුනු ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා............!

    ReplyDelete
  22. මචන් 780 පෙරලුනෙ රඹුක්කන සහ කඩිගමුව අතර මැදදි.

    ReplyDelete
  23. @ Anos, Ishara, Yasay, 10සහෝ
    Thanks a lot for the feed backs.

    @ Gayan Rupasinghe
    බොහොම ස්තුතියි සහෝ. :)

    @දොඩන්
    එය අලුත්වැඩියාව සඳහා ලබන වසරේදි කටයුතු කරාවි. එය තමයි අලුත්වැඩියා කරන අවසාන M5 එන්ජිම. ව්‍යාපෘතිය එතැනින් අවසන් වනවා.

    ReplyDelete
  24. Good Post Dude. මගේ EK පෝස්ට් එකට කලින් මේක කියවන්න තිබුනා. වැරදි හැදුවට තෑන්ක්ස් මචං

    ReplyDelete
  25. කෝච්චි එන්ජින් කියන්නේ කොච්චර වෙලාවක් බලං හිටියත් එපාවෙන්නේ නැති මම වඩාත්ම කැමති දේ.
    පොඩි කාලෙ මම කීප විටක් 5 එන්ජිමේ ගිහින් තියෙනව බදුල්ල - නාවලපිටිය අතර. ඉස්සර අපේ බාප්ප ප්‍රධාන දුම්රිය නියාමකවරයෙක්. එයා නාවලපිටියෙ වැඩකරන කාලෙ මට කීපවිටක්ම අවස්ථාව ලැබිල තියෙනව බදුලු යන්න එයා වැඩකරගෙන යන අතරෙදි. ඒ පිහිටෙන් මටත් පුලුවන් උනා M5 ක නැගල යන්න. ඒකනම් තාමත් මගේ සොඳුරු මතකයක්.
    කොච්චි එන්ජින් වලට මම කොච්චර ආසද කියනවනම් මගේ පලමු ඩිජිටල් කැමරාවෙ පලමු පින්තූරෙ ගත්තෙත් කෝච්චි එන්ජිමක්.
    ලින්ක් එක දැම්මට මුකුත් හිතන්න එපා මේ තියෙන්නෙත් M5 ඇන්ජිමක් http://readmyeye.wordpress.com/2011/08/18/%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AD-%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8/
    ඒ උනාට මම වඩාත්ම කැමති 4 එන්ජිමට. ඒක හරි ගාම්භීර පෙනුමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ow M4 ekei, M2 ekei penumata gahanna wena katawath baha. me M5 eka podi manike adinakota hari asai. mul kale mata mathakai thaniyen petti 14 adda. Podi batta petti 14 adinawa loku wada karanawa mara asai balanna.

      Delete
    2. Ow M2, M4 penumata gahanna wena katawath baha. Eth M5 me podi batta Podi Manike petti 14 k ekka thaniyen adinakota e kale ibinna hithuna

      Delete
  26. කෝච්චි ඇංජිං බස් එක පොඩි ගතියකුත් තියෙනව නේ.... :D

    ReplyDelete
  27. M 5A 769 එන්ජින් එක දාවනය කරන්නේ නැත්තේ මොකද ?

    ReplyDelete
  28. M 5A 769 එන්ජින් එක දාවනය කරන්නේ නැත්තේ මොකද ?

    ReplyDelete
  29. Good work keep it up..

    Hitachi කියල trip යන්න දෙන Train එක ගැන විස්තර දාන්නකෝ

    ReplyDelete