Thursday, February 23, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (තෙවන කොටස)


අද එතැන් සිට..

        ලෑස්ති කරගෙන ආපූ කෑම බීම ටික විනාඩියක් යද්දි කෙහෙද කියලා හොයාගන්නත් නැති වුනා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ගමන් මලු ටිකත් කරගහගෙන පාරට බැස්සා. නෑ නෑ ඒ කිවුවේ රේල් පාරට බැස්සා මහා බටහිර ඉඳන් තලවකැලේ පැත්තට යන්න. ඒ වෙනකොට වෙලාව උදේ 6.30ට වගේ ඇති. රත්තරන් පාටින් ඉර බැබලෙන්න පටන් ගත්තා විතරයි. ලාවට වගේ පැතිරුන සීතලත් එක්ක ඉර එලියෙන් දිලිසෙන වටපිටාව අපේ ගමනට ලොකු ශක්තියක් වුනා.
මේ තියෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පිහිටල තියෙන දුර දැක්වෙන කණුව.
කොළඹ ඉඳන් මෙතනට කිලෝමීටර 198ක් තියෙනවා.
         මේ කණුවෙ හැටියට නම් අපි කලින් දවසේ රෑ කිලෝමීටර දෙසීයක් විතර දුර ගෙවාගෙන ඇවිත් තියෙනවා. කොහාම වුනත් අපි දැන් සූදානම් වෙන්නේ ආපසු කොළඹ දෙසට යන්නනේ. ඒ නිසා ඉක්මනින් අපි ගමන පටන් ගත්තා. පොඩි දුරක් යන්නත් කලින් මෙන්න එක්කෙනෙක් කියනවා අපිට එන්න එපා කියලා. එන්න දෙන්න බැහැලු.

අනවසර ඇතුලුවීමක්
        බයවෙන්න දෙයක් නැහැ. මේ තියෙන්නෙ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් පිට වන දුම්රියන් සඳහා සංඥා දෙන්නට භාවිතා කරන සැමෆෝ සංඥා කුලුණ. මෙහි දෙපස අත් දෙකක් තිබෙන්නෙ මාර්ග දෙක සඳහා. ප්‍රධාන මාර්ගය සඳහා ඉහලින් (දකුණු පස) පිහිටි සැමෆෝ අතත් උප මාර්ගය(Loop line) සඳහා පහලින් (වම් පස) පිහිටි සැමෆෝ අතත් භාවිත කරනවා. මේ පින්තූරයේ පිහිටි ආකාරයට තිරසට සමාන්තරව අත පිහිටා ඇති නම් එයින් කියවෙන්නේ මාර්ගයට පිවීසිමට අවසර නැති බව. ඒ අනුව මෙම සංඥා පිහිටුම අනුව ප්‍රධාන මාර්ගයෙන් හෝ අතුරු මාර්ගයෙන් පැමිණ මෙම ස්ථානය පසුකර යාම තහනම්. තමන් පැමිණෙන මාර්ගය පිටවීමේ සංඥාව ලැබෙන තුරැ මෙම ස්ථානයට පසුපසින් දුම්රිය නවතාගෙන සිටිය යුතුයි. හරි සිග්නල් පාඩම ඉවරයි. අපිට සිග්නල් ප්‍රශ්ණයක් නැහැනේ අපි ඉදිරියට ඇදුනා.

හිතෙන් කිසිදා නොමැකෙන ඒ සොඳුරු දසුන
        තව ටික දුරක් ගිය පසු මේ දර්ශනය වඩාත් පැහැදිලිව පෙනෙන්නට වුනා. පෙර දින රාත්‍රියේ මගේ කැමරාවෙන් කරගන්න බැරිවුන වැඩේ ඔන්න මේ වෙලාවෙනම් කරගන්න පුලුවන් වුනා වැඩි කරදරයක් නැතුවම. මේ අවුරැද්දෙ ඉටුකරගන්න තියෙන තවත් එක් අරමුණක් තමයි 14 වෙනි වතාවටත් සිරිපා කරුණා කරන එක.

පීලිපැන්නුම

        බොහෝ කඳුකර ස්ථාන වලදී වගේම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේත් මේ වගේ පීලි පැන්නුම් ස්ථානයක් තියෙනවා. ඉහට සිට පාලනයකින් තොරව එන දුම්රියන් නවත්වාගැනීමට මෙවන් සිථාන භාවිතා කරනවා. අදාල දුම්රිය මෙම ස්ථානයේදී ඔය වම්පසින් පෙනෙන මාර්ගය වෙත යොමු කෙරෙනවා. එවිට දුම්රිය එම මාර්ගය ඔස්සේ ටිකදුරක් ගමන් කර ඉදිරියේ ඇති බාධකයේ ගැටී නවතිනවා. කෙසේවුවත් බොහෝ කාලයකින් මෙය භාවිතා කර නොමැති නිසා වල් බිහි වෙලා.

මේ යෝධයා මොනවද මේ හොයන්නේ?

බොරලැස්ගමුවෙ SM මහත්තයයි IPW මහත්තයයි නම් කලිම්ම පිටත් වුනා.
ඔය බම්බුවකුත් ගහගෙන යන්නේ SM මහත්තයා ;)
ඔහොම වැඩිදුරක් යන්න හම්බ වුනේ නැහැ. නීතියක් හරස් වුනා නෙව අපිට. කොරගන්නම දෙයක් නැතිවුන තැන අපි සෑහෙන්න වෙලාවක් බලා හිටියා. කිසිම බුරුලක් නැහැ වගේ මේ පාර නම්.
මෙන්න අපිට දඬුවම් කරනවලු. 
        ඔය බෝඩ් එක දැක්කත් හරි මෙතනින් එහාට එක අඩියක් තියන්නේ නෑ කියලා ඉන්දරේ තදින්ම කියා හිටියනේ. අපි කොච්චර යාප්පුවෙන් කතා කලත් එයා එන්න කැමති වුනේම නැහැ. බැරිම තැන ඉන්දරේව සනසන්න කියලා තූර්ය තඩි ගල් ගෙඩියකින් බෝඩ් එකට දීපු ගල් පාරට තමයි මේ බෝඩ් එකේ කෑලි දෙකක් කැඩිලා ගියේ. එහෙම නැතුව මේක ඉස්සර ඉඳන්ම කැඩිලා තිබ්බ එකක් එහෙම නෙමෙයි ඕං. :D

බොලා එනවද මං යන්නද?
        ඔන්න බේත වැඩ කලා. ප්‍රවීන් දනිපනි ගාලා නැගිටලා අපිටත් කලින් දුවන්න ගත්තෙ නැතෑ. බැලින්නං මෙයා මේ දාලා තියෙන්නේ උප්පරවැට්ටියක් අපි කලින් යනවට. අපිත් ඒ දහං ගැටේට අහු උනානෙ. මෙයාගෙ ටාගට් එක වෙලා තියෙන්නේ ෆ්‍රෙෂ් පින්තූර ගන්න එක. :D

නෑ නෑ මේ එහෙම පුංචි කෝච්චි එක්ක ලොකු කෝච්චිත් දුවන Dual Gauge line එකක් නෙමෙයි.
මේ පාර ඇද ගහනවට දාලා තියෙන උපක්‍රමයක්ලු.

ගින්දර වගේ කොල්ලො සෙට් එකකින් තුන් දෙනෙක්. ;)
වමේ සිට පිලිවෙලින් මම, තූර්ය සහ ලහිරු
අනිකා ප්‍රවීන්, කැමරාව පිටිපස්සේ.
මාව දාලා යන්න එපා. හිටිල්ලා මාත් එනො.....
මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා.

34 comments:

  1. ගින්දර කොල්ලන්ගෙ ගින්දර වැඩේට සුභපැතුම්!

    ReplyDelete
  2. Replies
    1. ස්තුතියි ප්‍රසන්න!

      Delete
  3. ඊළඟ පෝස්ට් එක, ඊළඟ පෝස්ට් එක :)

    (ඊමේල් එකක් දාන්නම් නිවාඩු පාඩුවෙ)

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු. මේ එග්සෑම් අස්සෙ බ්ලොග් ලියන එකම එකා මමද කොහෙද? :D

      Delete
  4. මං ලංකාවට ආපු දවසට උඹට කතා කරනවා අනිවා රේල් හයික් එකක් යන්ඩ හරිය. ලෑස්ති වෙලා හිටහන්

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි.. මරුනෙ.. :D

      Delete
  5. ෆට්ට ෆට්ට! වෙන මොනා කියන්නද ඉතින්!

    ReplyDelete
  6. ඉස්සර අපිත් වැකේෂන් කාලෙට වැඩියෙන්ම ගියේ නුවරඑළිය පැත්තට. කෝච්චියෙ තමයි ගමන. ලස්සන බලන්න වගේම ගානත් අඩුයිනෙ. දෙමටගොඩ යාඩ් එකට ගිහින් කලිංම කෝච්චියට නැගල හොඳ තැනක් අල්ලගෙන තමයි යන්නෙ. ඇවිදපු නැති තැනක් නැති තරම් ඔය නුවරඑළිය, දියතලාව, බදුලු බණ්ඩාරවෙළ පැතිවල.

    හොඳ අත්දැකීම් ගොන්නක් ඔය ගමන්. පරිස්සමෙන් යන්න. ජීවිතේ හැමදාම මතක හිටින්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ වගේ ගමන් වලින් ලබන අත්දැකීම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. හැබැයි ඒ වගේම මේ වගේ ගමන් වල රසය විඳගන්නත් ඒකට සුදුදු පුද්ගලයන් එක්ක යන්න ඕන. එහෙම නේද සහෝ?
      ස්තුතියි.

      Delete
    2. ඇත්තටම. ඒ අතින් මගේ කාණ්ඩෙ පට්ට. මමයි, චමායි, සුරායි, ඉන්දිකයි, එරායි පස්දෙනාම එකවගේ. දැන් මේ පස්දෙනා ලෝකෙ හතර වටේ. හැමෝටම මෙහෙම යාළුවෝ හම්බ වෙන්නෙ නෑ. ඔය ගමන් වලදි වෙච්චි හැමදේම හරිම සුන්දරයි. හැබැයි සමහර වෙච්චි කරපු දේවල් ප‍්‍රසිද්ධියෙ කියන්නත් බැරි තරම්. නේද සහෝ ? ........

      Delete
    3. අප්පා. ඒ ගැනනං කියල වැඩක් නැහැ. :D

      Delete
  7. නියම චාරිකාවක්නේ.....ඊළඟ :)

    ReplyDelete
  8. මොනවද අෆ්ෆා... නිකන් බොරුවට මඩ ගහන්නේ මම බෝඩ් කෑලිවලට ගල් ගහනව කියලා. ඕක 2008දි මම ගත්ත පොටෝ එකකත් කැඩිලා තිබ්බෙ :P

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නේ උඹ 2008දිත් මෙහෙ ගියාද? :D

      Delete
    2. කෝච්චියේ යන ගමන් ගත්තෙ! :D

      Delete
  9. අනේ අම්මප මට වෙලාවක් නැහැනේ ඔය වගේ එකකට සහබාගි වෙන්න...

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ. කොහොම හරි එකක් යන්න!
      :D

      Delete
  10. දැන් නම් මටත් යන්නමයි හිත....

    ReplyDelete
    Replies
    1. හිත හිතා ඉඳලා නම් හරියන්නෙ නැහැ :D

      Delete
  11. නියමයි.... මටත් මේ වගේ ගමනක් යන්න ඇත්නම් කියල හිතුනා..ඒ වුනාට මේ කපේදි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි..ඒත් ඉතින් මේවා පින්තූරත් එක්ක කියෙව්වම ගියා වගේ තමයි....එළ.එළ...

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආයෙ ආවම නරකට ගියානම් එකක් ;)

      Delete
  12. ශා .... නියමයි මචං පෝස්ට් එක. දිගටම ලියන්න.

    ReplyDelete
  13. අර ඉන්දරේත් අයියලා එක්ක ගමන ගියාද ?

    ReplyDelete
  14. හැබෑටම මේ IPW පට්ටමක් දුන්නේ මටද නැතිනම් ඉන්දරේටද? O.o මට නම් ඕක ලැබුණොත් එහෙම එදායින් පස්සේ කෝච්චි ගිහිල්ල හමාරයි.... :D

    ReplyDelete
  15. චන්දික, අර කැඩිච්ච බෝඩ් එකේ තියෙන්නෙ ' ධූමරථ මාර්ගයේ ගමන් කරන අයවළුන්ට අච්චු කොරනු ලැබේ ' කියලද ? මට මතකයි ගම්පහ ඉස්සර රේල් ගේට්ටුව ගාව [දැන් ගුවන් පාලමක්] ඒ වගේ වගන්තියක් එක්ක බෝඩ් එකක් තිබ්බ [සුද්දගෙ සිංහළෙන්]

    ReplyDelete
  16. කොච්චර ට්‍රිප් ගියත් රේල් පාර දිගේ ගමනක් මම නම් ගිහින් නෑ.... පොස්ට් ටික කියෙව්වම යන්න හිතෙනවා ..... මේ වගේ ගමනක්....

    ReplyDelete
  17. ගින්දර කොල්ලන්ගෙ ගින්දර මේ චාරිකාව වගේම අලුත් චාරිකාවෙ විස්තර දැන ගන්නත් බලං ඉන්නවා :D

    ReplyDelete
  18. DIG PrathapasinghaJuly 2, 2012 at 12:56 PM

    mata Thuuryava arrest karanna vena Anathuru Angaveeme Puwaruwa keduvata!

    ReplyDelete