මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා.
අද එතැන් සිට..
ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ අපි බලාපොරොත්තුවෙන් ආපු විශේෂ කලාපය අපට හමු වුණා. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුදුම උපදවන සුලු පිහිටටීමක්. මදකට නැවතත් මෙම ප්‍රදේශයේ සිතියම බලමු.
මේ සිතියමේ පෙනෙන පරිදි අංක 1න් දැක්වෙන ස්ථානයෙදි තමයි අපිට මුලින්ම මේ සුවිශේෂි පිහිටිම පලමු වරට පෙනෙන්න පටන් ගන්නේ. දුම්රියෙන් ගමන් කරද්දි මේ ස්ථානය අනන්තවත් දැකල තිබුණත් පලමු වරට මේ තරම් නිදහස් විදියට මෙතන දැකගත්ත එක අපි හතර දෙනාගෙම සිත් වලට අමන්දානන්දයක් වුනා. කොහොම වුනත් තැන හරියටම හරිද කියල දැනගන්නත් එක්ක මම මගේ දුරකථනයේ තියෙන GPS පහසුකමත් උපයෝගී කරගෙන මේ කලාපයේ සිතියම පරීක්ෂා කලා. තැන හරියටම හරි. දැන් ඉතින් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ. අපි සූදානම් කරගෙන ආපු විදියට ඉහලට ධාවනය වෙන දුම්රියට තියෙන්නෙත් තව සුලුකාලයයි.
මෙතනදි තමයි මුල් වරට ඒ ලස්සන දසුන අපේ නෙත ගැටුනෙ. කල්පනාවෙන් බැලුවොත් රූපයේ හරි මැදින් වගේ දුම්රිය පාර පෙනේවි. |
ඒ අනුව අංක 2න් සඳහන් වෙන ස්ථානයට පැමිණි අපි හතර දෙනා පින්තූර ගන්න හොඳ ස්ථානයක් හෙවුවත් හිතට හරියන තැනක් හම්බ වුනේ නැහැ. අන්තිමේදි ලහිරුවත් ප්‍රවීන්වත් අංක 5න් දැක්වෙන ස්ථානයේ පිහිටි පාලමක් සහිත ස්ථානයට පිටත් කරලා මමත් තූර්යත් අංක 2 සහිත ස්ථානයෙන් ටිකක් විතර පහලට බැස්සා. අනික කොහොමත් මගේ කැමරාවෙන් දුම්රියේ පැහැදිලි ඡායාරූප ගන්නනම් දුම්රියට තරමක් ලඟින් ඉන්න ඕනනෙ.
අංක 2 ස්ථානයට ආවම අපිට පෙනුනෙ මේ විදියට. රේල් පාරේ තැන් දෙකක් පේනවා. බලන්න හොයාගන්න පුලුවන්ද කියලා. |
අන්තිමට කොච්චර පහලට බැස්සද කියනවනං සිතියමේ තියෙන රතුපාටින් සටහන් කල මාර්ගය ඔස්සේ දුම්රිය පාර නැවත හමුවෙනකම්ම පහලට බැස්සා. ඇත්තෙන්ම කියනවං බැස්සත් නෙමේ තේ වතු දිගේ දිවුවා. මොකද කෝච්චිය ලඟ ලඟම එන සද්දෙ ඇහෙන නිසා. දුවලා දුවල අපි දෙන්නත් අන්තිමටම තැන් දෙකක නැවතුනා. තූර්ය තෝරගත්තෙ මේ ඉහල ඡායාරූපයේ තියෙන කඳුගැටය මත තියෙන පුංචි ගස තියෙන ස්ථානය. ඈතින් දකුණු කෙලවරේ තියෙන විශාල ගහට තව ටිකක් දකුණු පැත්තෙන් තිබුණු ගසක් අසල තමයි මගේ නවාතැන වුනේ.
ඉහල ඡායාරූපයෙ තැන් දෙකක් හොයාගන්න බැරිවුනානම් මෙන්න ඔත්තුවක්. මේ තියෙන්නෙත් පාර. |
රේල් හයික් මදිවට තේවතු හයික්... :P |
කෝච්චිය එනව වගේ ඇහුනට එනපාටක් නැහැ. ඈත එනව ඇහෙනවා ආයේ ඇහෙන්නෙ නැතිව යනවා. මේ කලාපයේ තියෙන වංගු ටිකත් එක්ක ඒක ඉතින් අමුත්තක් නෙමෙයිනේ. කොහොම හරි මේ අරියාදුව විනාඩි විස්සක් විතර තියෙන්න ඇති. ටික වෙලාවකින් ඔන්න කෝච්චිය එනවා තමන් දැක්කයි කියලා තූර්ය පණිවිඩේ දුන්නා. ඒ පණිවිඩයත් එක්කම මම සූදානම් වුනා කැමරාව එහෙම අටවගෙන. වීඩියෝ කරන්නත් ඕන කැමරා කරන්නත් ඕනෙ. ඒත් ඉතින් මට තියෙන්නෙ එක කැමරාවයිනෙ. මේ වෙලාවෙ ඔන්න ආපහු පාරක් මගේ දුරකථන සගයාගෙ පතන එක තමයි එකම විසඳුම වුනේ. එක අතකින් කැමරාවත් අනෙක් අතින් ෆෝන් එකත් මානගෙන විනාඩි පහක් විතර බලා හිටියත් කෝච්චිය එනපාටක් නැහැ. තවත් විනාඩි පහක් විතර පමා වෙලා ඔන්න මතුවුනා. මගේ බලාපොරොත්තුව වුනේ ෆෝන් එකෙන් දිගමට වීඩියෝ කරන ගමන් කැමරාවෙන් පින්තූර කිහිපයකුත් පොඩි වීඩියෝ එකකුත් ගන්නයි. හොකෙම හරි ඔන්න කෝච්චියත් හූ හඬ දීගෙන ඇවිල්ලා මම ඉන්න තැනට පහලින් තියෙන පාර දිගේ ඇදිලා ගිහින් නොපෙනී ගියා.
අපි දන්න කියන සගයෙක් M6-787 තමයි මේ මන්දගාමි දුම්රියකුත් එක්ක යන්නේ. දුම්රියේ ඡායාරූප ගන්නවා දුටු දුම්රිය රියදුරු මහතා ප්‍රධාන ලාම්පුව දල්වා සිය හස්තය ඔසවා ආචාර කරන්නත් අමතක කලේ නැහැ |
දුම්රිය ක්‍රමයෙන් මා පසු කර ගියා. පැහැදිලිව නොපෙනුනත් මේ දුම්රිය ගමන් කරන්නේ විශාල ආනතියක් සහිත මාර්ගයක. |
මම ඉන්න තැනට පහලින් තියෙන පාර දිගේ ඇදිලා ගිහින් නොපෙනී ගියා. |
අවට පරිසරයේ පින්තූර කිහිපයක් ගන්න තව සුලු මොහොතක් රැඳුනු මම වැඩි වෙලා ගතනොකරම එතනින් ඉවත් වුනා. ඒ ඇයි කියල දැනගන්න කලින් මේ පින්තූර ටිකත් බලල ඉන්නකො.
තූර්ය හිටපු තැනට දුම්රිය ගමන් කල මාර්ගය පෙනෙන හැටි |
තූර්ය හිටපු තැනට දුම්රිය ගමන් කල මාර්ගය පෙනෙන හැටි |
ඒ විශේෂ හේතුව තමයි මේ අපිව පහු කරන් ගිය කෝච්චිය තව වරක් අපි පහු කරගෙන ආපු කන්ද උඩ පාරෙදි දැකගන්න ලැබෙන අවස්ථාව දැකබලා ගැනීම. ඒ නිසා මමත් තූර්යත් අපි හිටපු තැන් වලින් ඉවත් වෙලා ඉහල මාර්ගය පැහැදිලිව පේන තැනක ආපසු ස්ථාන ගත වුනා. තව ස්වලිප මොහොතකින් අපිට දැකගන්න පුලුවන් වුනා අප පසු කරගෙන ගිය දුම්රිය ඉහත සිතියමේ අංක 6න් දැක්වෙන ස්ථානයේ තියෙන වටගොඩ දුම්රිය ස්ථානය කරා ගමන් කරලා ආපහු අපි පහලට බැහැපු වටගොඩ-ග්‍රේට් වෙස්ටර්න් මාවත ඕස්සේ ඉදිරියට ඇදෙනවා.
මේ සියලු අවස්ථාවන් එකතු කරලා මම එඩිට් කරපු වීඩියෝවෙන් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි මේ සන්තෑසිය සිද්ධවෙන්නෙ කොහාමද කියලා. සමහර කොටස් ෆෝන් එකෙන් වීඩියෝ කරපු නිසාත් මම එච්චර දක්ෂ වීඩියෝ සංස්කරණ ශිල්පියෙක් නොවන නිසාත් වීඩියෝ එකනම් කොහොමද දන්නේ නැහැ :D
කෝකටත් මේ වීඩියෝ එක බලලම ඉන්නකෝ.
Railway Curves of Sri Lanka
මම හිතන්නේ වීඩියෝ එක පැහැදිලිව බැලුවනං ඔයාලට තේරෙන්න ඇති මෙතන සිදුවෙන කතන්දරේ මොකක්ද කියලා. අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා.......
:O පුදුම යුද්ධයක්නේ කරලා තියෙන්නේ. යුද්ධයක් කරලා හරි බලාපොරොත්තු වුණු දේ සිද්ද වුනානේ, ඒ වගේම හරිම විනෝදයි...:D
ReplyDeleteසුන්දර යුද්දයක් :D
Deletesellam na neda wade.. pissu rock..
ReplyDeleteanna ekane kiyanne :D
Deleteමාරයි මල්ලී.., උපරිමයි..! නූතන දේශාටන වාර්ථා..! :)
ReplyDeleteගොඩක් ස්තුතියි ලිෂාන් අයියා :)
Deleteමේ වීඩියෝ එක නම් මට ලෝඩ් වෙන්නේ නෑ... මමත් එක පාරක් දෙමෝදර ස්ටේෂන් එකට යටින් එන කෝච්චිය වීඩියෝ කරලා වටෙන් එන එක වීඩියෝ කරන්න අනිත් පැත්තට දිව්වා... ඒත් කෝච්චිය අනිත් පැත්තට එන්න ගිය වෙලාව දැක්කම මට බඩගාගෙනත් යන්න තිබ්බ.......:D
ReplyDeleteදෙමෝදර රවුම ගහල එන්න නම් විනාඩි 5ක් 10ක් විතර යනවා. :)
Deleteවීඩියෝවෙ අවුලක් නැහැ සහෝ. වෙන බ්‍රවුසරෙකින් බැලුවනං හරි.
අනේ හැබැටම මුන්ට දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න බැරි හැටියක්.
ReplyDeleteමෙහෙම ගමනක් යන්න බැරිඋන නිසා ඉරිසියාවට කිවුවේ හොදේ.
නියම ට්‍රිප් එක. වීඩියෝ එකත් එල
හහ්හා.. Kancha. ඉතින් යාලුවො ටිකත් සෙට් කරගෙන යන්න පුලුවන්නේ නිවාඩු දවසක :)
Deleteතේ වතු මැද්දෙන් යනකොට කූඩැල්ලන්ගෙන් තමයි පරිස්සම් වෙන්ඩ ඕනේ.
ReplyDeleteමම නම් කූඩැල්ලන්ට බය නෑ. උන් බොන්නේ කුණු ලේ ලූ
ඒ ගිනි කාස්ටකේ මොන කූඩැල්ලොද?
Deleteශා... මට ඊරිසියයි. මගේ යාළුවෙක් ගෙ ගෙදර තියෙනවා වටගොඩ ස්ටේෂන් එක ලඟ.. මම එහෙ ගිහින් ඉඳලා තියෙනවා.. හරිම ලස්සනයි ඒ පැත්ත. ඔය කෝච්චිය එන්න පැය බාගෙකට විතර කලින් සද්දෙ ඇහෙනවා. එතකොට තමයි ඒ ගෙදර කට්ටිය ගමනක් යනවනම් ලෑස්ති වෙන්නෙ... හි හි..
ReplyDelete