Sunday, July 03, 2011

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (අවසාන කොටස)

එම ගොවිපල පසු කල විට අප පිවිසෙන්නේ දුම්රිය මාර්ගයේ තරමක් ආනතිය වැඩි කොටසකටයි.
පේන විදිහට මේ හරියෙ පල්ලම වැඩියි. :)
කොහොම වුනත් ඉතින් අපි අපේ මාර්ගයේ ඉදිරියටම ගියා. මේ ගමන් වලදි වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක් තමයි ඉදිරියට ඇවිදිද්දි හැකි තරම් දුම්රිය මාර්ගයෙ නැතිව මාර්ගයෙන් පිටත ඇවිදීමට උත්සහ කරන එක. ඒක කකුල් වලට පහසුවක් වගේම ඔබේ පාවහන් වලටත් ආරක්ෂාකාරීයි. හැබැයි ඉතින් තරමක් කල්පනාවෙන් තමයි යන්න ඕන. විශේෂයෙන් මාර්ගයෙන් පිටත, සර්පයන් එහෙම කොල රොඩු ගොඩවල් අස්සෙ ඉන්න පුලුවන්. සාමාන්‍ය සපත්තු වෙනුවට බූට්ස් පැළදීමේ වාසියත් එයයි. මොකද කියනවනම් සර්ප දෂ්ඨනයකදි බොහෝ වෙලාවට ලක්වෙන්නෙ (බිම් මටිටමේ ගැවසෙන සර්පයෝ) පාදයේ පහල ප්‍රදේශය නිසා.
ලස්සන ලස්සන මල් හැමතැනම
කොහොම්න කොහොමින් හරි අපි මේ වෙනකොට කිලෝ මිටර් 5කට ආසන්න දුරක් පයින් ඇවිල්ල තිබුණත් කිසිම වෙහෙසක් දැනුනෙ නැහැ දේශගුණය නිසාද හිතේ සතුට නිසාද දන්නෙ නැහැ. කොහොම හරි උදේ 9.40 වන විට අපි අපේ ගමනෙ හමුවන අවසාන බිම්ගෙය වෙතට ආසන්න වුණා. ඒත් බිම්ගෙයක් බලාපොරොත්තුවෙන් ආපු අපිට ඊට කලින් තව බාධකයක් තරණය කරන්න සිදුවුණා.
පේන්නෙ නම් පොඩියට
පින්තුරෙනම් පේන්නෙ පොඩියට. හැබැයි ඉතින් මේ පාලම ටිකක් දිගයි. දිග වගේම සෑහෙන්න උසයි. කොහොම වුනත් මිනිස්සුන්ට ගමන් කරන්න වෙනම කොටසක් තිබුණ නිසා අපිට අපහසුවකින් තොරව පාලමෙන් එගොඩ වෙන්න පුලුවන් වුණා. මැදට ගිහිල්ලා පොඩ්ඩක් පහල බැලුවමනම් පුංචි බයකුත් ඇති නොවුනම කියන්න බැහැ. සෑහෙන්න උස පාලමක් අඩි 150කටත් වඩා උසයි වගේ තමයි පෙනුනෙ. පහලට බහින්න පොඩි අඩි පාරකුත් තියෙනවා. ඒත් වෙලාව මදි නිසා අපි ගියෙ නැහැ. පාලම පහු වුණ ගමන්ම අංක 21 බිම්ගේ හමු වුනා. එම බිම්ගෙය අඩි 274ක් දිගයි.
බ්ම්ගේ ඇතුලේ
බිම්ගේ කිසි අපහසුවකින් තොරව අපි පහු කලා. එයින් පස්සෙ ඔහිය දුම්රිය ස්ථානයට වැඩි දුරක් නැහැ. කොහොම හරි ඔය වෙලාවෙ තමයි මට මතක් වුනේ බෑග් එකේ තිබුණු බිස්කට් පැකට් එක. ගමනේ විනෝදය නිසා කිසිම බඩගින්නක් තිබුණෙ නැතත් උස්සගෙන ආපු නිසා නොකා බැහැනෙ. ඉතිං ඔන්න බිස්කට් එකකුත් කෑවා. :D
ඇඩ් එකක්ද මන්දා....
එහෙම ඉන්න ගමනුත් වටපිට සුන්දරත්වය බලන්න අමතක කලේ නැහැ.
ලිලී මලක සුන්දරත්වය.
හැබැයි ඉතින් පහුකරගෙන ආපු ප්‍රදේශත් එක්ක බලද්දි මේ ඉන්න කොටස ඒ තරම්ම ලස්සන නැහැ කියල තමයි මටනම් හිතුනෙ. කොහොම වුනත් ටික ටික අපි ඔහිය සීමාවට ලඟා වුණා. 
ඔහිය දුම්රිය ස්ථානයට පිවිසීමේ පාලන සංඥාව
තියෙන්නේ ඔය පේන වංගුවෙමයි
මේ වන විට අපි ගමන් කරල තිබුණු සම්පූර්ණ දුර කිලෝමීටර 6ක් විතර වෙනවා. ඒ සඳහා අපිට පැය 3ක කාලයක් ගතවී තිබුණා. 
ඔහිය දුම්රිය ස්ථානය ඈතට පෙනෙන්නෙ මෙහෙමයි.
අවසාන වංගුවත් ගමන් කර ඉදිරියට එද්දිම වගේ ඔහිය දුම්රිය ස්ථානය අපේ දර්ශන පථයට හසුවෙද්දි හිතට පුදුම සතුටක් ඇතිවුණා. කොහොම වුනත් අපි දෙන්නා මුලින් තීරණය කරල තිබුනෙ ඉදල්ගස්හින්න දක්වාම ගමන් කරන්න වුනත් දැනට ඔහියෙන් ගමන අවසාන තීරණය කලේ තරමක කණගාටුවෙන්. පසු දවසක ඔහිය-ඉදල්ගස්හින්න කොටස තරණය කිරීමේ බලාපොරොත්තුවෙන්.
IPW Section- Ohiya
(IPW- Inspector Permanent Way, ස්ථීර මාර්ග පරීක්ෂක)
ඔහිය දුම්රිය ස්ථානය
හෝර්ටන්තැන්න පිවිසුම - ඔහිය
ඔහිය දුම්රිය ස්ථානයත් මලින් පිරිලා


ගමන අවසාන කලේ මේ දුම්රියෙන් හපුතලේට ගිහිල්ලා

27 comments:

  1. එළ එළ.... අපිත් ගමනට සෙට් වුනා වගේ දැනුනා...

    මම ඔය ටිකේ ගිහිං තියෙනවා කෝච්චියේ නම්... :D


    ජය වේවා..!!

    ReplyDelete
  2. ගමන නම් එල.. දුර මදි ‍වගේ නැද්ද?... ;)

    ReplyDelete
  3. නියම ට්‍රිප් එක මචං....මමත් යාළුවෝ සෙට් එකක් එක්ක ඔය හයික් එක යන්න ඕනේ බලන්න...ගොඩක් ස්තූතියි මේ අත්දැකීම් බෙදා හදාගත්තට......

    ReplyDelete
  4. මම නම් ඉතින් කෝච්චියේ ගිහින් නෑ ඔය පළාතට....ඒක නිසා අලුත්ම අත්දැකීමක්...අහ්හ්...අර දෙවනියට තියන මලේ පින්තුරේ නියමයි. තව අර බිස්කට් ඒක යවන්න ක්‍රීම් ක්‍රැකර් ප්‍රොමෝෂන් එකකකට!

    ReplyDelete
  5. නියමයි මල්ලි.ඔන්න කරනවනම් වැඩ...

    ReplyDelete
  6. හලේ තව ලියන්නකෝ... අපිත් ගමන ගියා වගේ දැනෙනවා... :)

    ReplyDelete
  7. උපරිමයි!! අනිත් චාරිකාව සම්බන්ධ තොරතුරුත් අපි සමග බෙදා හදා ගන්න...

    ReplyDelete
  8. නියම ගමන....

    ReplyDelete
  9. නියම ගමනක් අපරාදේ ගමන මෙතනින් ඉවර උනේ. හරිම ආසාවෙන් කියවපු චාරිකා සටහනක් !!!!

    ReplyDelete
  10. ඉතාමත් රසවත් වගේම වටිනා ලිපිපෙළක්

    ReplyDelete
  11. මේ පලාතෙ ඇවිදිනකොට සර්පයො ගැන බය වෙන්න දෙයක් නැහැ. සීතල නිසා මෙහෙ උරගයො ඉන්නව අඩුයි.

    වැඩි විස්තර මෙතනින් දැන ගන්න.
    http://www.srilankareptile.com/Serpentes/Distribution.php

    අපූරු විස්තර ටිකක. කීප වතාවක් දුම්රියෙන් පට්ටිපොල ඔහිය අතර ගිහින් තිබුනත් කවදාවත් 18වෙනි බිම් ගෙය අලුත් වැඩියා කළ බව කියන ඵලකය කියවගන්න බැරි උනා. ඒකෙ පින්තූරයක් දාපු එකට බොහොම ස්තූතියි.

    ReplyDelete
  12. මාත් ඔය ඔහිය පැත්තෙනුයි පට්ටිපොල පැත්තෙනුයි හෝටන් තැන්න බලන්න ගිහින් තිබුනට ඔය දුම්රිය ස්ථාන‍ දෙක අතරෙ තියෙන දේවල් දැනගන හිටියෙ නෑ.
    තවත් චාරිකාවක් ගිහින් අපිට විස්තර දෙන්න.

    ReplyDelete
  13. ඒ ලෙවල් ඔන්න මෙන්න තියලා යාළුවො ටික ආවා බදුල්ලෙන් රෑ කෝච්චියෙ ඔහියට. එතනින් බැහැල පට්ට සීතලේ ස්ටේෂන් එකේ කට්ටියත් එක්ක වලියකුත් දාගෙන කට්ටිය නැවතුණේ උඩ තිබුණ පන්සලේ. පමුවදා උදේ නැගිටල පයින්ම ඇද්ද හෝර්ටන්.

    ඒක මරු අත්දැකීමක්. ඔය හරිය උදේ පාන්දර මාර ලස්සනයි. දවල්ට කියල වෙනසකුත් නෑ...

    ReplyDelete
  14. නියමයි, දිගටම ලියන්න අපි බලනවා.

    ReplyDelete
  15. චන්දික,
    M 7 එන්ජිම පිලිබඳ පෝස්ට් එකේ SMART B ගෙ කොමෙන්ට් එකේ දීල තියෙන ලින්ක් එකට යන්න ට්‍රය් කලා, ඒ ෆන්ෂන් එක, සයිට් එකේ ඩිසේබල් කරල කියල මැසේජ් එකක් එනව.

    ReplyDelete
  16. චන්දික, බොහොම සුන්දර චාරිකාවකට අපිව එකතු කරගත්තට හොහොම ස්තුතියි.
    කලින් සටහනේ කෝච්චියට අහුවෙච්ච ගෝනා ගැන දුකයි. හැබැයි රේල් පාර අයිනේ කැලෑවේ අවිද්දනම් ගෝන්නුන්ට අටවපු මදු ගොඩක් බලාගන්න තිබුනා. ඔය පැත්තේ ගෝන්නු දඩයම ජයට කෙරෙනවා. හෝටන් තැන්නේ ඉදලා රේල් පාර පහුකරන් හග්ගල පාර අයිනටම (නුවර එලිය - වැලිමඩ ප්‍රධාන පාර) ගෝන්නු යනවා. අනිත් කාරණය, ඔය පැත්තේ සර්පයෝ අඩුයි. බොහොම කලාතුරකින් නයි ඉන්න පුළුවන්. ඊට අමතරව හම්බවෙන සර්පයෝ ඔක්කොම විෂ නැති (නිර්විෂ) කට්ටිය.
    මට හිතෙන්නේ ඔයගොල්ලෝ චාරිකාවේ හොදම හරිය මග ඇරලා. ඔහියේ ඉදලා හෝටන් තැන්නටම යන්න තිබුනානම් පංකාදුයි.

    ReplyDelete
  17. චන්දික මල්ලී,
    මමත් ඔබ දෙදෙනා සමගින් ගමනට එක්කාසු උනා වගේ දැණුනා post එක කියවන කොට,
    අනෙක හිතට දැනෙන නිදහස කියල නිමකරන්න බැහැ නේද? නියමම නියමයි..............ඔයල ලබපු අත්දැකීම ලඟදීම විදින්න ඕනේ.

    මල්ලී පොඩිවට වගේ මගෙන් යෝජණාවක් ගේන්නද? සැබෑවක් කරගන්න නම් අමාරු වේවි, නමුන් ඔයාගේ Blog එකට එන්නේ දුම්රිය ගැන, අපේ පරිසරය ගැන,
    කොටින්ම අපේ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන,හැමදාම එන හුරු පුරුදු යාඑවෝනෙ නේද?
    බැරි වේවිද දවසක අපට හැබෑවටම කෝච්චියකදී ම set වෙන්න. try කරලා බලන්න අහලා බලමු කට්ටිය ගෙන්ම....

    ඔබට Good Luck..................

    ReplyDelete
  18. අපරාදේ ඉතුරු ටිකත් යන්නනේ තිබුණේ....මමත් ගියා වගේ දැනේනවා. එහෙම කිව්වයි කියලා එක්කන් යන්නේ නැතුව ඉන්නවා එහෙම නෙවේ ඕන්,,,,,

    ReplyDelete
  19. මරු මරු අයියෙ... මාරම ගති... පින්තූර ටික ටොපේ ටොප්...

    ReplyDelete
  20. නියම ට්‍රිප් එක... පට්ටයි.... :D :D

    ReplyDelete
  21. අනේ මන්දා බං උඹ අපිව පිස්සු වට්ටනවා...

    ReplyDelete
  22. ඔන්න නියම ස්වරෑපයෙන් ම මම follower කෙනෙක් වුණා. ඉඩ තියෙන විදිහට ලියන්න අපි බලන්න ඉන්නවා.

    ගිහාන් මල්ලී දෙමෝදර තියෙනවා නේද තවත් ජාත‍ංන්තර වැඩක් ඔයාලගේ ගමනෙදී ඒක බලන්න ගියේ නැද්ද? ලංකාවෙ විතරද ඒ වගේ නිර්මාණයක් තියෙන්නේ?

    ReplyDelete
  23. මේක විතරයි බැලුවේ. කලින් ටිකත් බලන්න ඕනි අයියා. තාම වෙලාවක් තියන හැටියට හිමින් බලනවා.
    ඔය දේශගුණේට මහන්සි නොදැනෙන බව නම් මට දැන් 200%ක් සුවර්. මහන්සි දැනුනත් විනාඩි දෙක තුනකින් මහන්සිය යනවා.

    ReplyDelete
  24. @ සෝරෝ
    කෝචියේ ගියා වගේ නෙමේ මෙහෙම ගමනක් ගියාම.

    @ සාතන්
    දුර මදි තමා ඒත් කාලය හරස් වුණානෙ :(

    @ මකුළුවා
    යන්න යන්න ගිහිල්ල අපිටත් විස්තර කියන්න.

    @ deeps
    කෝච්චියේ උඩරට ගිහිල්ල නැත්තම් ජීවිතෙන් වැඩකුත් නෑ. අහ් අපි ඔය බිස්කට් එක අරන් ගියාට කන්න අමතක වුණානෙ.

    @ Lucky
    ස්තුතියි අයියා.

    @ හසී
    එහෙමත් දැනෙනවද?

    @ Dhakshina
    අනිවාර්යයෙන්ම

    @ Prasanna86k
    ආයෙත් අහලා

    @ මධුරංග
    තව ඉවර නෑ. ඊලඟ කොටස සම්පූර්ණ වුන ගමන් ඒකත් දාන්නම්කො.

    @ සංචාරකයා
    බොහෝම ස්තුතියි. :)

    @ තනී
    ඔබේ කතාවත් ඇත්ත තමයි සහෝ. මම මෙහ් කිවුවේ පොදුවේ හැම ගමනකටම. ස්තුතියි ප්‍රතිචාරයට.

    @ ප්‍රසන්න
    ලඟදිම යන්න හිතාගෙනයි ඉන්නෙ.

    @ hare :-)
    සහතිකවම. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

    @ Chamli
    බොහොම ස්තුතියි. ඉඩ තියෙන හැටියට ලියන්නම්කො.

    @ Observer
    මේල්ලුවක් දාල ඇති ඔබා අයියෙ.

    @ kancha
    හෝර්ටන් තැන්නට මම ඔහියෙ ඉඳන් පයින් ගිහිල්ල තියෙනව මීට අවුරුදු 4කට විතර කලින්. ඒකත් පුදුමම අත්දැකීමක්.

    @ Nandana
    අපි බලමු ඉදිරියෙදි ඒ වගේ අවස්ථාවක් ගන්න. බොහොම ස්තුතියි ඒ යෝජනාවට.

    @ මලිති
    බලමුකෝ

    @ නෙරංජි
    ස්තුතියි. :)

    @ සඳුන්
    බොහොම ස්තුතියි.

    @ Prasanna86k
    හේ හේ පටන්ගත්තා ව්තරයි.

    @ Nandanaඅයියා
    අහඹු අවස්ථාවක් ලැබුණා දෙමෝදර යන්න. ඒ ගැනත් ඉදිරියෙදි ලියන්නම්කෝ.

    ReplyDelete
  25. @ හාපැටික්කි
    දියතලාවෙද පුහුණුවට අහුවුනේ?

    ReplyDelete
  26. මචන් මමත් ලංකාවෙ කැමතිම තැනක් තමා ඔය පැත්ත. ඉඩක් ලැබුන ගමන් යන්නම හිතෙනවා.
    බ්ලොග් ටික නිවීහැනහිල්ලෙ තියවන්න ඕනි.

    ReplyDelete
  27. ෂැ..මරු පෝස්ට් එක නෙව..... 

    මාත් ඔය ඒරියා එක පයිං කවර් කරල තියේ...
    හැබැයි පොඩ්ඩ පොඩි කාලේ තමයි ගියේ.

    ReplyDelete