ඡායාරූපය:- Mike Tisdale (1980 දී ගන්නා ලද්දකි) |
- දුම්රිය පන්තිය - S4
- නිශ්පාදිත රට - ජර්මනිය ("MAN Diesel" Company)
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Hydraulic
- බල සැපයුම් එන්ජිම - MAN L12 V21
- උපරිම බලය - 1000hp - 1500RPM
- උපරිම වේගය - 80 kmh
- එලැවුම් මැදිරියේ දිග - 59 feet
- Axel Arrangement - B-B
- එලැවුම් මැදිරියේ බර - ටොන් 47
- මුල් වර්ණය - රතු පැහැය
- දුම්රිය ගණන - 5 (No 621-625)
මෙරටට S3 වර්ගයේ බලවේග දුම්රියන් සැපයු MAN Diesel නැමති ජර්මානු සමාගමේම නිෂ්පාදනයක් වන මෙම S4 වර්ගයේ බලවේග කට්ටල සඳහා සුපුරුදු ලෙස ඒවායේ එන්ජිම සහිත බලවේග එලැවුම් මැදිරිය ජර්මනියේදී නිපදවා මෙරටට ගෙන එන ලද අතර මගී මැදිරි සහ පසුපස එලැවුම් මැදිරියද මෙරටදී නිපදවා ඇත.
.
USAID සංවිධානයේ මූල්‍යාධාර වැඩ සටහන යටතේ මෙම වර්ගයේ දුම්රියන් 5ක් මෙරට ධාවනයට එක් කරන ලද අතර මෙම S4 බලවේග කට්ටල සහ S3 වර්ගයේ දුම්රියන් වලින් වෙනස් වන ප්‍රධානම වෙනස්කම වන්නේ මෙම S4 දුම්රියයන් වල බලය අශ්ව බල 1000 ක් වීමය. එවකට සුපර් චාජර් ලෙසින් හැඳින්වු තාක්ෂණික අංගය සහිත බලසැපයුම් එන්ජින් මෙහි භාවිත කර තිබීම එයට හේතු විය. තවත් සුලු තාක්ෂණිත වෙනස්කම් කිහිපයක් හැරෙන්නට අනෙකුත් ලක්ෂණ S3 දුම්රියට සමානය.
.
මෙම දුම්රියද S3 දුම්රිය සේම උඩරට මාර්ගයේ නානුඔය දක්වා ධාවනය කරවා ඇති බව කියවේ. ඇතැම් විට මෙම දුම්රිය S3 දුම්රියටත් වඩා වැඩි බලයක් තිබීම නිසා මෙය උඩරට මාර්ගයට සාර්ථක වන්නට ඇතැයි සිතිය හැකිය. මීට අමතරව කොළඹ හා ආසන්න ප්‍රදේශ වල කාර්යාලීය මගී ප්‍රවාහන කටයුතු සඳහාද මෙම දුම්රියන් යොදවා ඇත.
.
USAID සංවිධානයේ මූල්‍යාධාර වැඩ සටහන යටතේ මෙම වර්ගයේ දුම්රියන් 5ක් මෙරට ධාවනයට එක් කරන ලද අතර මෙම S4 බලවේග කට්ටල සහ S3 වර්ගයේ දුම්රියන් වලින් වෙනස් වන ප්‍රධානම වෙනස්කම වන්නේ මෙම S4 දුම්රියයන් වල බලය අශ්ව බල 1000 ක් වීමය. එවකට සුපර් චාජර් ලෙසින් හැඳින්වු තාක්ෂණික අංගය සහිත බලසැපයුම් එන්ජින් මෙහි භාවිත කර තිබීම එයට හේතු විය. තවත් සුලු තාක්ෂණිත වෙනස්කම් කිහිපයක් හැරෙන්නට අනෙකුත් ලක්ෂණ S3 දුම්රියට සමානය.
.
මෙම දුම්රියද S3 දුම්රිය සේම උඩරට මාර්ගයේ නානුඔය දක්වා ධාවනය කරවා ඇති බව කියවේ. ඇතැම් විට මෙම දුම්රිය S3 දුම්රියටත් වඩා වැඩි බලයක් තිබීම නිසා මෙය උඩරට මාර්ගයට සාර්ථක වන්නට ඇතැයි සිතිය හැකිය. මීට අමතරව කොළඹ හා ආසන්න ප්‍රදේශ වල කාර්යාලීය මගී ප්‍රවාහන කටයුතු සඳහාද මෙම දුම්රියන් යොදවා ඇත.
මෙම දුම්රියන් මෙරටට ගෙන්වා ධාවනය කරවීමේදී එන්ජිම අධික ලෙස රත්වීමට ලක්වීම නිසා එයට පිලියමක් ලෙස එන්ජිමට වඩාත් හොඳ වායු සංසරණයක් ලැබෙන සේ එන්ජින් මැදිරි වල අමතර වායු සංසරණ කවුලු කිහිපයක් සැකසූ බවද දැනගන්නට ලැබී ඇත.
කෙසේ වුවද වර්ෂ 1990 පමණ වන විට මෙම S4 බලවේග දුම්රියන් සියල්ලම ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. ඒ අනුව මෙම දුම්රිය වල සේවා කාලය වසර 25කට මදක් වැඩි බව සැලකිය හැකිය. මේ වන විට මෙම වර්ගයේ දුම්රියක් දැකගැනීමට හෝ ඉතිරිව ඇති බවක් දැනගන්නට නැත. S4 දුම්රියේ පැහැදිලි ඡායාරූපයකට මා හට දැනට සොයාගත හැකි එකම ඡායාරූපයද ඉහත ඡායාරෑපය පමණි.
කෙසේ වුවද වර්ෂ 1990 පමණ වන විට මෙම S4 බලවේග දුම්රියන් සියල්ලම ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ. ඒ අනුව මෙම දුම්රිය වල සේවා කාලය වසර 25කට මදක් වැඩි බව සැලකිය හැකිය. මේ වන විට මෙම වර්ගයේ දුම්රියක් දැකගැනීමට හෝ ඉතිරිව ඇති බවක් දැනගන්නට නැත. S4 දුම්රියේ පැහැදිලි ඡායාරූපයකට මා හට දැනට සොයාගත හැකි එකම ඡායාරූපයද ඉහත ඡායාරෑපය පමණි.
ස්තුතිය:- Mike Tisdale, S ලීලාරත්න, නලීන් අබේසිංහ යන මහත්වරුන්ට සහ ලහිරු කන්නන්ගර, තූර්ය ඕවිටිපාන සොයුරන්ට
ඡායාරූප:-
පහත ඡායාරූප ද්විත්වය ලබාදුන් නලීන් අබේසිංහ මහතාට නැවතත් ස්තුතියි!!
ඡායාරූප:-
පහත ඡායාරූප ද්විත්වය ලබාදුන් නලීන් අබේසිංහ මහතාට නැවතත් ස්තුතියි!!
S-4 621 දුම්රිය කට්ටලය අවසාන S4 සලකුණ සඳහටම මැකී යන්නට මොහොතකට පෙර (නලීන් අබේසිංහ මහතා විසින් ගන්නා ලද ඡායාරෑපයක්) |
S4-621 අංක තහඩු අවසාන S4 සලකුණ සඳහටම මැකී යන්නට මොහොතකට පෙර (නලීන් අබේසිංහ මහතා විසින් ගන්නා ලද ඡායාරෑපයක්) |
ආයෙම කෝච්චි ගැන ලියල තියෙන්නේ. අද කාලේ දකින්නවත් නැති මේවා ගැන මෙතනින් තමා අපිට දැනගන්න වෙන්නේ.
ReplyDeleteමේවගේ බලවේග කට්ටලයක් මම් දවසක් කැලණිවැලි දුම්රිය මාර්ගයේත් දැක්කා වගේ මතකයි. ඒ පැත්තට තියෙන්නේ මාරම පරණ කෝච්චි සෙට් එකක් නේ.
ReplyDeleteකොළඹ නානුඔයද නැත්නම් නුවර නානුඔය ද එහෙමත් නැත්නම් බදුල්ල නානුඔයද මේ බලවේග කට්ටලය ධාවනය කරලා තියෙන්නේ?
ආහ්.. පොඩි ප්‍රශ්නයක් !!!!
උඩරට දුම්රිය මාර්ගයෙ බලවේග කට්ටල ගමන් කරන්නේ නැත්තේ බලවේග කට්ටල වල වේග පාලනයක් කරන්න අමාරු හන්දද ?
not enouf engie power
Delete@ priyantha
ReplyDeleteමේ දවස් වල කැම්පස් එකේ වැඩ වැඩි නිසා ඉස්සර වගේ ලියන්න වෙලාවක් නැහැ අයියා. බෙහොම ස්තුතියි.
@ මධුරංග
ඔයා කියන්නෙ S6 හෝ S7 එකක්වෙන්න ඕන. මොකද පහුගිය ටිකේ S6,S7 දෙකක් කැලණිවැලි මාර්ගයේ ධාවනය වුණා.
මේක කොළඹ-නානුඔය දක්වා ධාවනය කල බව තමා මටත් දැනගන්න ලැබුණෙ.
සාමාන්‍යයෙන් මල්ලි උඩරට මාර්ගයට බලවේග දුම්රියන් යොදාගන්නෙ නැති හේතු කීපයක් තියෙනවා. දැනට ධාවනය වන බලවේග දුම්රියන් වල බලය ප්‍රමාණවත් නොවීම, ඩයිනමික් බ්රේක් නොතිබීම සහ මැදිරි අනවශ්‍ය ලෙස දිගින් වැඩි වීම වගේ හේතු ඒකට බලපානවා. කොහොම වුනත් මේ අවුරැද්දෙ අග වෙද්දි S12 එක එන බවත් ඉන් දෙකක් උඩරට මාර්ගයට යොදාවි කියලත් පුංචි ආරන්චියක් තියෙනවා.
හැමදාමත් වගේ අදත් කියෙව්ව.
ReplyDeleteමමත් මේ S4 එකක් දැක්කමයි....මූන නම් ටිකක් M5 වගේ නේද?විස්තර නම් පට්ට.....
ReplyDeleteඑල එල සහෝ මාත් ඕකක් දැක්කෙ අද... :) දිගටම ලියන්න.
ReplyDelete@ ප්‍රසන්න, මකුළුවා, දොඩන්
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාර වලට....
මුල් වර්ණය - රතු පැහැය
ReplyDeleteදැන් වර්ණය - මලකඩ පැහැය
:D :D :D :D :D :D :D
මේ උබ මෙච්චර කෝච්චි වලට ආස වෙන්න හේතුව මොකක්ද
@ කිඩෝ.
ReplyDeleteහහ් හහ්... දැන් වර්ණයක් තියා කෑල්ලක්වත් නැහැ.
අහ් ඒකටනම් හේතුව මම දන්නෙත් නැහැ :D
කාලෙකින් කෝච්චියක් ගැන කියෙවුවා.
ReplyDeleteබොහොම අපුරුවට විස්තර කරලා තියනවා.
ජයවේවා
මේව දකිද්දි මට මතක් වෙන්නෙ මේ එන සැප්තැම්බර් මාසේ 3 වෙනිදා.කෝච්චයිය එක්ක අපිත් යනවලුනේ උඩරට රේල් පාරක් දිගේ ඇවිදින්න... ඩක්කු ගැනත් දාමුකෝ... එදා බස් එකක් කැඩෙන්න කතා කලේ ඩක්කු ගැන...
ReplyDeleteඅයියේ බලවේග කට්ටල සහ දුම්රිය එන්ජින් අතර වෙනස මොකක්ද?
ReplyDelete@ Chandika : හම්මේ.... දිග නියඟෙකට පස්සෙ වැස්සක් වැස්සා වගේ!
ReplyDelete@ මධුරංග : මේ බලවේග කට්ටල හුඟක් හදල තියෙන්නෙ කෙටි දුර නැවතුම් වලට නිසා ඉක්මන් ත්වරණයක් අවශ්‍යයයි. ඒ නිසා එන්ජින් r.p.m. එක අධිකයි. උඩරට දුෂ්කර මාර්ගයක නිරන්තරයෙන් ධාවනය කලාම ඉක්මනට ක්ෂයවීම් වලට ලක්වෙනවා.
Thishura : එන්ජිමක් (Locomotive) කියන්නෙ මැදිරි හෝ භාණ්ඩ ගැල් වැනි දුම්රිය මාර්ගයේ ගමන් කරන වෙනත් වාහන ඇදගෙන යන යන්ත්‍රයක්. බලවේග කට්ටලයක් කියන්නෙ එන්ජිමක් සහ මැදිරි කීපයක් එකතුව හැදුණු එක් තනි දුම්රිය ඒකකයක්. මෙම බලවේග දුම්රිය වල දෙපසම රියදුරු කුටි තියෙනවා, ඒ නිසා සාමාන්‍ය දුම්රියක වගේ විරුද්ධ අතට ධාවනය කරන්න එන්ජිම ගලවා අනිත් පැත්තෙන් ඈදන්න ඕනෙ නෑ. ලංකාවේ තියෙන බලවේග දුම්රිය හැම එකකම එක් පසෙක එන්ජිම සමග රියදුරු කුටිය තිබෙන අතර අනෙක් පස තවත් රියදුරු කුටියක් තියෙනවා. නමුත් එංගලන්තයේ වැනි රටවල බලවේග දුම්රිය වල හැම මැදිරියක් යටම එම මැදිරියට බලය සපයන කුඩා එන්ජිමක් බැගින් තීයෙනවා. දුම්රිය දෙපස තියෙන රියදුරු කුටිවලින් ඒවා පාලනය කරන්න පුළුවන්.
හැමදාමත් වගේ ම වටින පොස්ට් එකක්.
ReplyDeleteමල්ලි, මගී මැදිරි සහ එළවුම් මැදිරිය ලංකාවේ නිපදවුවා කියන එකෙන් අදහස් කරන්නෙ ඒවා සම්පුර්ණයෙන් අපේ රටේ හැදුවා කියන එකද, යම් යම් කොටස් පමණක් හැදුවා කියන් එකද.. එහෙම නැත්නම් එකලස් කිරීමක් පමණක්ද....
දුමිරිය මැදිරියක් සම්පුර්ණයෙන්ම ( රෝද වල සිට ) නිපදවන්න අපේ කාර්මාන්ත ශාලා වල පහසුකම් තියනවද ? පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි..
@තූර්ය - බොහොම ස්තූතියි පැහැදිලි කිරීම ගැන. ඒ කියන්නේ පවර් සෙට් එකක් එන්නේ සම්පූර්න කට්ටලයක් විදිහටද? (එන්ජින්,මැදිරි Etc.) මේ දෙකෙන් ප්‍රයෝජනවත් පවර්සෙට් එකක්ද? දුමරිය එන්ජින් සමග මැදිරි කට්ටලයක්ද?
ReplyDeleteඋඹ මට වැඩ දීල බ්ලොග් ලියපන්. හි හී...
ReplyDeleteඑළ එළ නියමයි
මාත් තව ටිකකින් යනවා S10 එකකට ගොඩ වෙන්න. සමුද්‍ර දේවී.....
kochchi malli engimakata roda kiyak witara tiyanawada?
ReplyDelete@ Thishura - ඔව්. ඒවා නිෂ්පාදනය වෙන්නෙ කට්ටල විදිහට. නමුත් S3,S4 වගේ ඒවායේ එන්ජින් මැදිරිය පිටරට නිෂ්පාදනය කරලා ඒකට ගැලපෙන විදිහට ඉතිරි මැදිරි ලංකාවේ නිෂ්පාදනය කරල තියෙන්නෙ. මේවා සාමන්‍යයෙන් ධාවනය කරන්නෙ කට්ටල විදිහටමයි. නඩත්තු කටයුතු සඳහා සමහර වෙලාවට එන්ජිම තනියෙන් හරි, මැදිරි වෙන එන්ජිම් (loco) වලින් අරන් යනවා.
ReplyDeleteවැදගත්කම ඇති ගත්තොත් මේ දෙවර්ගයම වැදගත්. බලවේග කට්ටල කියන්නෙ මගී ප්‍රවාහනයට පමණක් යොදාගන්න දුම්රිය වර්ගයක් (සමහර අවස්ථාවල මගී මැදිරිවල පාර්සල් ප්‍රවාහනය කරනවා උදා: - කැලණිවැලි උදෑසන දුම්රිය). ඉක්මන් ත්වරණය නිසා වැඩි නැවතුම් ප්‍රමාණයක් සහිත කෙටි දුර ධාවනයට සුදුසුයි. අවශ්‍ය වෙන්නෙ අඩු බල එන්ජිමක්. ධාවනයේදි එන්ජිම දෙපසට මාරු කරන්න ඕනෙ නෑ. නමුත් භාණ්ඩ / තෙල් ප්‍රවාහනයට අනිවාර්යයෙන්ම ලොකෝ ඕනෙ වෙනවා. කලින් කිව්වා වගේම බලවේග කට්ටල බදුලු මාර්ගය වගේ දුෂ්කර මාර්ග වලට එතරම් යෝග්‍ය වෙන්නෙ නෑ. බලවේග කට්ටල වල තියෙන්නෙ සීමිත බලයක් නිසා ඊට අදාල මැදිරි ප්‍රමාණය පමණයි ඇදන් යන්න පුළුවන්. නමුත් ලොකෝ වලට තමන්ගේ බලයට යටත්ව විශාල මැදිරි ප්‍රමාණයක් අදින්න පුළුවන්. තවත් දෙයක් වෙන්නෙ බලවේග කට්ටල වල තියෙන්නෙ සාමාන්‍ය ආසන සහිත මගී මැදිරි. නිදන මැදිරි, පාර්සල් ප්‍රවාහන මැදිරි, තැපැල් ප්‍රවාහන මැදිරි වගේ ඒවා ගෙනියන්න ලොකෝ එකක් අවශ්‍යයයි.
@ kancha
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
@ සිහින
ආ ඒවත් ලියමුකෝ. අහ් ඔවුනේ අපි එකක් යනව නෙන්නම්..
@ thisura
මල්ලි ඔයාට ඕන උත්තරේ තූර්ය දිලා තියෙනව. බොහොම ස්තුතිය් මේ පැත්තෙ ආවට.
@ තූර්ය
බෙහොම ස්තුතියි සහෝ...
@ Lucky
ReplyDeleteඔව් අයියා. ඒවයේ බොගිස් සහ අනෙකුත් පාලන යාන්ත්‍රික කොටස් විදේශයෙන් ගෙන්වලා මෙහිදි එකලස් කරනවා. හැබැයි බඳ සහ අනෙක් කොටස් බෙහොදුරට නිපදවන්නෙ මෙහිදි. ඒ අනුව මේක එකලස් කිරීමක් වගේම නිෂ්පාදනයක් කිවුවත් වරදක් නැහැ.
@ සුසිත
ඒ උදව්වටනම් ස්තුති කරන්න වඩන නෑ යාලුවා!
මේ පෝස්ට් එක මාසයක් තිස්සේ ලිවුවා. :)
@Luckey:
ReplyDeleteඇත්තෙන් ම කියනවනම් ලංකාවේ රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ දුම්රියක අන්තර්ගත වන බොහෝ කොටස් නිපදවීමට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ලංකාවේ නිපදවූ M3 කාණ්ඩයේ එන්ජිම ඊට කදිම උදාහරණයක්.
ඇ බං.. මේ කෝච්චි ඉවර වෙන්නෙ නැද්ද? :D එල ලිපියක්.. මම නම් මෙහෙම කෝච්චියක් දැක්කමද කොහෙද.
ReplyDelete@smartB
ReplyDeleteසහතිකවම උවමනාවක් තියෙනම් අලුතෙන්ම වුනත් දුම්රියක් නිපදවන්න පුලුවන් තමයි :)
@Kanishka
අම්මෝ තව ගොඩක් තියෙනවා. :)
එල එල, ඔහොම යමු...
ReplyDeleteMicro Automobile එකෙන් ආව දැන් අවුරුදු 4 කට විතර කලින් 120Km/h විතර වෙගයක් තියෙන දුම්රියක් ලංකාවේදී හදන්න. නමුත් රජයෙන් ප්‍රතිචාරයක් නොමැති වීම නිසා අචාර්ය ලොරන්ස් ද සිල්වා මහතාට එම සැලසුම් හකුලාගන්න වුනා
ReplyDeleteකෝච්චියා උඹේ බ්ලොගනම් මරු බං
ReplyDeleteවැඩ අස්‍සේ හරි අලුත් දෙයක් ලියුව එකට ස්තූතියි...... ඉතින් ඔය s4ද usaid logo එක ගහලා පහු කාලේ රතු කොළ පාටින් දිව්වේ? අපි පුංචි දවස් වල ප්‍රධාන මාර්ගයේ (කොළඹ - පොල්‍ගහවෙල) s4මද කියන්න දන්නේ නැහැ ඒ දවස් වල ඔය power set ගුරැ ගුරැ ගාගෙන යනවා අපි බලාගෙන ඉන්නවා මල්ලී. අනෙක ලී ආසන වල වාඩි වෙලා යන්න යන්න ආසාවේ බෑ. මතක් වෙනකොටත් සනීපයි.
ReplyDeleteලංකාවේ දුම්රිය ඉතිහාසය.... දුම්රිය ඉන්ජින්, දුම්රිය මාර්ග ගැන..... මේ වගේ විස්තර දැන ගන්න නම් ඉතින් මෙතනටම ගොඩවෙන්න ඕන.... නියමයි මචෝ.... දිගටම ලියමු
ReplyDeleteMaXor : ඕක හකුලගන්න උනේ රජයේ වැරැද්දකින් නෙවෙයි. රජයෙන් අවශ්‍ය සහය ලැබිලා මේක දුම්රිය දෙපාර්තුමේන්තුවට යොමු කලා අවශ්‍ය සහය ගන්න. මට මතකයි කාර්මික ප්‍රදර්ශනයක Micro එකේ කුටියේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ කෙනෙක් හිටියා මේ project එක ගැන පැහැදිලි කරලා දෙන්නත්. නමුත් මේක කඩාකප්පල් කලේ ඇතුලෙන්මයි. ප්‍රශ්නේ තියෙන්නෙ මේකේ ඒකාධිකාරය තියන් ඉන්න සමහර නිලධාරින්ගේ. පිටරටින් එන්ජිමක්, දුම්රියක් ගෙන්වනවා වගේ තමන්ට කොමිස් ගහන්න බැරි නිසා ඔය වගේ දෙවල්වලට කැමති නෑ. ඔය concept එක ආවේ රේල් බස් concept එක වැඩිදියුණු කරලා. ඒත් මේ මිනිස්සු පස්ස ගහපු නිසා මේ වැඩේ නැවතුනා, කාර් බස් වගේ මේවා තනියෙන් Micro එකට හදන්න බෑනෙ. චීනෙන් ඇවිත් stainless steel මැදිරි හදන්න කර්මාන්තශාලවක් පිහිටුවන්න ගියාමත් ඔය කතන්දරේමයි සිද්ද උනේ.
ReplyDeleteකවදා හරි මේ බ්ලොග් එක ලංකාවෙ කෝච්චි ගැන පර්යේෂනයක් කරන කෙනෙක්ට හරි ඉතිහාසය හදාරන කෙනෙක්ට හරි බොහොම වැදගත් වෙයි. [දැනටමත් එහෙමද මංද] දුම්රිය දෙපාර්තමේන්තුවෙවත් මෙච්චර විස්තර ඇද්ද. මං මේ අහන්නමයි උන්නෙ, මොකෝ මෙච්චර කෝච්චිවලට කෑදර ?
ReplyDeleteසිරාවටම මාත්මේ අහන්න හිටියෙ. මොකද්ද මේ උඹට හැදිච්ච කෝච්චි පිස්සුව? ඉස්කෝලෙ යන කාලෙ නම් යස අගේට හිටියනේ.
ReplyDeleteඅපේ රටේ තිබුණු බලවේග කට්ටල වලින් දැනට දැකගන්නට නැති බලවේග කට්ටල දෙකයි තියෙන්නෙ ඉන් එකක් තමයි S1 බලවේග කට්ටලය ඒක 1955 විතර කාලෙ ඒක අයින් කරල තියනව. ඊලගට අද දැක ගන්නට නැති බලවේග කට්ටලය තමයි මේ S4 බලවේග කට්ටලය 1962 අවුරුද්දෙ USAID එකෙන් ලංකාවට දුන්න ණය ආධාර යටතේ මේ බලවේග කට්ටල 05 ලංකාවට ලැබුණෙ.නමුත් S3දීල තියෙන්නෙ සම්පූරණයෙන්ම නොමිලේ. මට මෑතක දැනගන්න ලැබුණ විදියට මේව දෙකක් එකට සම්බන්ධ කරල සමුද්ර දේවි දුම්රිය කාලයක් තිස්සෙ ධාවනය කරලත් තියනවලු(ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ)1989 අවුරුද්ද වෙනකොට මේ බලවේග කට්ටල දෙකක් ස්ථිරවම ධාවනයේ තිබිල තියනව.පස්සෙ කාලෙදි මේ සමහර ඒවගෙ එන්‍ජින් බ්ලොක් ගලවල එන්ජින් එක විතරක් දුර්වල වෙල තිබුණු S3 වලට තියල දුවල තියනව.කොහොම හරි 2006 අවුරුද්දෙ ඉතිරිවෙල තිබුණු එකම S4 බලවේග කට්ටලයත් (අංක 621) පරණ යකඩ වලට කපල විකුණල දැම්ම.ඊට මොහොතකට කලින් ඒ බලවේග කට්ටලේ ඉදිරිපස ඡායාරෑපයක් ගන්න මට අවස්ථාව ලැබුණ. චන්දිකගෙ මේ පෝස්ට් එකට ඒ ඡායාරෑපයත් තිබුණනම් වටිනව කියල මට හිතෙනව.මම හිතනව අපේ දුම්රිය කෙඃතුකාගාරයේ මේව සංරක්ෂණය කල යුතුයි කියල. නමුත් ඇත්ත තත්වෙනම් පරණ දුම්රිය එන්ජින් සංරක්ෂණය කරන්න තියා කාලයසටහන අනුව දවසේ දුම්රිය ටික දුවාගන්නවත් අමාරු තත්වයකට තමයි අද දුම්රිය දෙපාර්තමේන්තුව පත්වෙල ඉන්නෙ. ඉතින් මේකට මැදිහත්වෙන්න ඕන ස්වේච්චාවෙන් ඒ ගැන උනන්දුවක් (උණක්) තියන උදවිය කියලයි මමනම් හිතන්නෙ.
ReplyDeleteඅපි ඉස්කෝලෙ ගියෙ මන් හිතන්නෙ S3 පවර් සෙට් එකක, ඒ ඊට ඉස්සෙල්ල යන අඟුර මිස් වුනොත්(1960 ගණන් වල) අපි ඒ කාලෙ වැඩිය කැමති අඟුරෙ යන්න, හේතුව පවර් සෙට් එකේ වගෙ නෙමේ අඟුරෙ කම්පාර්ට්මන්ට් තිබ්බ විදිය, පවර් සෙට් එකේ වගෙ විවුර්ත නැති හින්ද හොරෙන් සිගරට් බොන එවුන්ට, ලව් කොරන එවුන්ට එහෙම නිදහස වැඩිය්.
ReplyDelete@obsever මහත්තයෝ.....
ReplyDeleteහෝ හෝ ඔය එළියවෙන්‍නේ... ගෙදර උදවිය මේ post එක බලන්නේ එහෙම නැහැ නේද?
not writing now?
ReplyDelete@ Nandana Ayyaa,
ReplyDeleteබය වෙන්න දෙයක් නැහැ, හොරෙන් ලව් කොරාපු කෙනාම තමා අන්තිමට කර ගහ ගත්තෙ. හැබැය් දැනුත් ඉඳල හිටල දුමක් අදින්නෙ ගෑණිටය් ළමයින්ටය් හොරෙන් තමා
ඔබගෙ මේ ලිපි නම් කියල වැඩක් නෑ මල්ලි, හරිම රසවත්......
ReplyDeleteමගෙත් පොඩි කාලෙ ඉඳන් තිබ්බ පිස්සුවක් කෝච්චි පිස්සුව....මම වයස හයේ හතේ වගෙ කාලෙ අපෙ මාම කෙනෙක් පිටරටකට ගියා.....යන්ට කලින් මගෙන් ඇහුව..." මොනවද පුතාට ගෙනල්ල ඕන? " කියල......මම කිව්වෙ " මට එහෙ කෝච්චිවල පිංතූර අරං එන්න" කියලයි,
අපෙ ගෙදර උඩ තට්ටුවට උඩරට දුම් රිය මාර්ගය බොහොම පැහැදිලිව පෙනෙනව.බදුල්ලට කෝච්චියක් යද්දි මොන වැඩේ තිබ්බත් මම සඳළුතලයට ගිහිල්ල කෝච්චිය බලල ඉන්න අමතක කරන්නෙ නැහැ.
මේක නම් අමුතුම ඒ වගෙම නියම බ්ලොග් එකක්. මම තවම ඔක්කොම ලිපි කියෙවෙ නෑ. මගෙත් කවදත් ප්‍රියතම දේවල් වලින් එකක් තමයි කෝච්චි. මටත් කෝච්චි සද්දෙ ඝෝෂාවක් විදියට නෙවෙයි ඇහෙන්නෙ හුඟ දෙනෙකුට වගේ. තව ලියමු.
ReplyDeletehenryblogwalker aka Dude.