Friday, July 01, 2011

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (සිවුවන කොටස)


මිනිත්තු දෙක තුනක පමණ කාලයක් ගතකර, වවුල් ආදි සතුන්ගේ අපද්‍රව්‍ය මුසු අප්‍රසන්න දුර්ගන්ධය සහිත    බිම්ගෙය තුල දුෂ්කර ගමනකින් පසුව කිසිදු අනතුරකින් තොරව ඉවතට පැමිණීමට අපට හැකිවුණා. කෙසේ නමුත් ඉවතට පැමිණෙනවාත් සමගම දුටු දසුනෙන් අප දෙදෙනාගේම හදවත් මොහොතකට සසල වී ගියා.
අහිංසකයෙකුගේ අවසානය
      පෙර දින රාත්‍රියේ අප පට්ටිපොලට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මිය ගිය අහිංසක ගෝණ දෙනකගේ නිසල සිරුර බිම්ගෙයට මදක් නුදුරෙන් වැටී තිබුණේ මේ ආකාරයට. දුම්රියේ සැර විදුලි ලාම්පුවෙන් ගිණිකන වැටී අන්දමන්ද වූ මේ අහිංසක සත්වයාගේ ජීවිත ගමන හිත් පිත් නැති යකඩ යකෙකු විසින් ඒසේ අතරමග නවතා දමා තිබුණා. අප එම ස්ථානයෙන් පිටත් වුයේ සිතේ ඇතිවූ බලවත් කණගාටුවෙන් යුතුවයි.
      මෙම බිම්ගෙය තරණය කිරීමෙන් පසු අප පිවිසුනේ වෙනස්ම භූ කලාපයකටයි. බිම් ගෙයට ඇතුලු වීමට පෙර අප අත්විඳි සීත සුලං සහිත වටපිටාව වෙනුවට වඩාත් හිරු එලිය සහිත පැහැදිලි කාලගුණයකට පරිසරය මාරූ වී තිබීමත් ඇත්තෙන්ම සිතාගැනීමට බැරිවූ ආශ්චර්යමත් කාරණයක්.
හොර්ටන්තැන්න කලාපයේදී දක්නට ලැබෙන ලක්ෂණත් මෙම කලාපයේ දක්නට තිබුණා
රේල් පීලි අතර පිපුණු මේ පුංචි මල කොයිතරම් සුන්දරද?
     පට්ටිපොල බිම්ගේ පසුකර ඉදිරියට ගිය අපට තවත් මීටර 400ක් පමණ ගමන් කල පසුව හමුවූයේ අඩි 125ක් දිග, අංක 19 බිම්ගෙයයි. වංගුවක් සහිත වුවත් කුඩා දිගින් යුක්ත වු එම බිම්ගෙය විදුලු පන්දමේ ආධාරයෙන් තොරවම තරණය කල හැකි වුවා. ඒ වන විට වේලාව පෙරවරු 8.25 පමණ වී තිබුණා. මේ වන විට අප ගමන්කර තිබූ දුර ආසන්න වශයෙන් කිලෝ මීටර 1.5 පමණ බව අප ගණනය කලා.
       අපේ ගණනය කිරීම් අනුව තව ස්වල්ප මොහොතකින් අපට බදුල්ලේ සිට කොළඹ බලා දිවෙන උඩරට මැණිකේ දුම්රිය හමුවන බැව් පැහැදිලි වූ නිසා දුම්රිය පැමිනෙන තෙක් වඩාත් ඉඩකඩ සහිත වූත් සුන්දර වටපිටාවක් සහිත එම ප්‍රදේශයේ නැවතීමට අප තීරණය කලා. මිනිත්තු කිහිපයක් ගතවෙත්ම ඈතින් ඇසුණු සුපුරුදු හූ හඬ දුම්රිය ලඟම එන බව තහවුරු කල නිසා අපේ ගණනය කිරීම් නිවැරදි බව අප දෙදෙනාට පසක් වුණා. කෙසේ වුවත් දුම්රිය පැමිණෙන තුරු අවට පරිසරයේ රසය විදීමට අපට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබුණා. මාර්ගය පරීක්ෂා කරන දුම්රිය සේවකයෙකු මේ මොහොතේ අප පසුකර ගියේ දුම්රියෙන් ප්‍රවේසම් වෙම්න් ගමන් කරන ලෙස උපදේශයක්ද දෙමිනුයි.
සුන්දර වන මල්
මිනිත්තු කිහිපයක් ගතවන්නට ඇති. මා නෙත් යොමාගෙන සිටියේ මට ඔබ්බෙන් දැවැන්ත ප්‍රපාතය අබිමුවේ නැගී සිටි කඳු වැටිය ඔස්සේ වැටිතීබූ දුම්රිය මාර්ගය දෙසටයි. සුලං සහිත වටපිටාව තුල කඩින් කඩ අඩුවෙම්න් වැඩි වෙම්න් ඇසුණු නලා හඬ එක් වරම තීවෘර වෙමින් උඩරට මැණිකේ කැටුව එමින් සිටි එන්ජිම වන රොද අතරින් මතු වෙද්දීම වාගේ මගේ කැමරාව ක්‍රියාත්මක වුනා. (කැමරා දෙකක් නොතිබීමේ අඩුවනම් මට එවෙලේ හොඳින් දැනුනා.)

උඩරට මැණිකේ කොළඹ යන්න එමින්...
තවත් මිනිත්තුවකින් පමණ පස් බැමි සහිත නෙරුව අතරින් අප සිටි ප්‍රදේශයට ඇතුල්වූ M6 වර්ගයේ එන්ජිමක් සහිත මේ දැවැන්තයා ඒහි රියදුරාගේ සුන්දර සිනහවක් සමගින් අප පසුකර ගියා.
පස් බැමි නෙරුව අතරින් පට්ටිපොල දෙසට....

නැවතත් දුම්රිය මග අපට ආරක්ෂිත තැනක් බවට පත් වුනා. මෙතැන් සිට නැවත මේ කලාපයේදී විශේෂ දුම්රියක් ගමන් කලොත් හැරෙන්නට නැවත දුම්රියක් ගමන් කරන්නේ තවත් පැය දෙකක් පමණ කාලයකිනුයි. එබැවින් අප නැවතත් ඉදිරියට යාම ඇරඹුවා. 
දුම්රිය පැමිණි නෙරුව ඔස්සේ ඉදිරියට.
දුම්රිය පැමිණි නෙරු සහිත කොටස පසුකල විට අප පැමිණියේ වඩාත් එලිමහන් ප්‍රදේශයකටයි. ඈත පැහැදිලිව පෙනෙන ප්‍රපාතය තැනැතලා බිමක් වූ එහි වූ ගොඩනැගිලි කුඩාවට පෙනුනා. නොසිතූ අකරතැබ්බයකට මට මුහුණ දෙන්නට සිදු වුනේ මේ අවස්ථාවේදියි. ටික දුරක් ගමන් කරද්දී එක් පාදයක යම් සිසිල් ගතියක් දැනුන නිසා මම සිතුවෙ සපත්තුව සිදුරු වෙලා ඇතුලට කාන්දු වෙලා කියලයි. නමුත් සපත්තුව ගලවලා බලද්දි සිදුවෙලා තිබුණෙ අනෙකක්. මේස් එක ලෙයින් පෙඟිලයි තිබුනේ. දරුණු කූඩලු ප්‍රහාරයක්!!! කෙහොමින් හරි ලේ නවත්තන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වුණා. බැන්ඩේජ් එකකින් සැරහුමක් දාගෙන ආයෙ පිටත් වෙද්දි වෙලාව 8.45ට විතර ඇති.

      එම එලිමහන් කොටස අවසානයේදී ඈතින් දිස්වන්නේ තවත් සුවිශේෂි බිම්ගෙයක්. අංක 20 දරණ අඩි 894 දිග බිම්ගෙය අපට හමුවන්නේ පට්ටිපොල සිට සැතපුමකට ආසන්න දුරක් ගිය පසුවයි.. එහි යම් සුවිශේෂි බවක් ඔබට පෙනෙනු ඇති. එය හරි කෙලින් පිහිටා ඇති බිම්ගෙයක් නිසා එක් කෙලවරක සිට අනෙක් කෙලවර පහසුවෙන් දැකගන්න පුලුවන්. එම බිම්ගෙයද අප පහසුවෙන් තරණය කලා.

අංක 20 බිම්ගෙය තුලට පිවිසීමට පෙර. 
එම බිම්ගේ පසුකර තවත් දුරක් අප ගමන් කලා. විටෙක අහස වැස්සක් වැටෙන්නට තරම් අඳුරු වූ අතර අප දෙදෙනාම වික්ෂිප්ත වී ගියේ යම් හෙයකින් වැස්සක් ඇද හැලුණොත් අප දෙදෙනාට විඳින්නට සිදුවන අකරතැබ්බ මාලාව සිහි වීමෙනුයි. මේ වන විට අප පසුකරමින් තිබුණේ අමුතු ආකාරයේ වන බිමකයි. එය ඉබේ වැවුණු වනාන්තරයකට වඩා ක්‍රමානුකූලව වගාකරන ලද බිමක සේයාවක් පෙනී ගියා.

අමුතු වනාන්තරයක්
වැසි තත්වයක් වගේ පෙනුන නිසා අපි දෙදෙනා තරමක් වේගයෙන් ඉදිරියට ගමන් කලේ අවශ්‍ය වුවහොත් යම් ආවරණයක පිහිටක් බලාපොරොත්තුවෙන්. කොහොම වුණත් ක්‍රමයෙන් අප බලාපොරොත්තු වුන විදියට පැහැදිලි අහසක් ආයෙත් මතු වුණා. ක්‍රමයෙන් ඉදිරියට යද්දි අපට නැවතත් වගා බිමක් හමුවුනා. පහල ඡායාරූපයේ වංගුවක් සහිත ස්ථානයේ ගොවිබිමක් අපට හමු වුනා.
මගේ ගමන් සගයා මට පෙර ඉදිරියට....
එම ස්ථානය අපට හමුවූයේ 228 වැනි කිලෝමීටර් කණුව අසලදියි. ගමන ආරම්භයේ සිට මේ වන විට අප පැය 2 1/2ක් තුල කිලෝ මීටර 5ක් පමණ ගමන් කර තිබුණා. 
එම ප්‍රදේශය සුන්දර මලින් ගැවසීගත් ස්ථානයක්

රලු යකඩ සහ සියුමැලි මල්...

එම ගොවිපල පසුකර යද්දී....
දුම්රිය මාර්ගයේ තරමක් බෑවුම් සහිත කොටස ඉදිරියෙන් හමු වෙනවා. අපි ඒ ඔස්සේ ඉදිරියටම ගියා......

26 comments:

  1. පව් අහිංසක ගෝනා :(
    ඒ වුනාට ගමනනම් හුඟාක් සුන්දරයි වගේ :)

    ReplyDelete
  2. අර ගෝනාව කෝච්චියට හැප්පුන එකට නම් දුකයි. ඒ උනාට ගොඩක්ම සුන්දර ගමනක්.
    උඩරට මැණෛකේ කෝච්චිය කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත් වෙන්නේ උදේ 9.30ට විතර. ඒක බදුල්ලෙන් පිටත් වෙන්නේ කීයටද කියලා දන්නවද අයියේ ???

    ReplyDelete
  3. උඩරට මැණිකේ දුම්රිය බදුල්ලෙන් පිටත් වෙන්නේ උදේ 5.50 ට.ඒ වෙලාවට බොහෝවිට අවට පරිසරය මීදුමෙන් වැහිලා තියෙන්නෙ. හරිම ලස්සනයි.

    ReplyDelete
  4. @ මලිති
    හ්ම් ගමනනම් සෑහෙන්න සුන්දරයි :)

    @ මධුරංග
    කොළඹින් උඩරට මැණිකේ පිටත්වෙන්නේ 9.45ට මල්ලි. ඔයාට ලංකාවේ හැම තැනටම දුවන කෝච්චි ගැන විස්තර බලාගන්න www.railway.gov.lk සයිට් එකට ගියහම පුලුවන්.

    @ smartB
    බෙහෙවින්ම ස්තුතියි සහෝ. :)

    @ Anonymous
    Thanks a lot :)

    ReplyDelete
  5. අර ගෝනා ගැන නම දුකයි.. ඒ කතාව හැරුණුකොට අනිත් දේවල් කියවනකොට නම් හිතට දැනුනේ නිස්කලංක ගතියක්....ඇවිදින්න යන්න ආසා හිතුනා මටත්

    ReplyDelete
  6. අඩියෙන් අඩිය විස්තරාත්මකයි... දැන් එන්නෙ මල් පිරුණු අඩවියකට වගේ... :-)

    ReplyDelete
  7. මේ දවස් වල හව්වෙන්නෙම මෙහෙම ගමන් ගැන පෝස්ට්නෙ... මේ මාසෙ ඇතුලත යන එක යනව...

    ReplyDelete
  8. @ deeps
    ෂා නියමයිනේ. වෙනසකටත් එක්ක රවුමක් දාලා බලන්න.

    @ hare :-)
    මේ තමයි ලස්සනම ප්‍රදේශය.

    @ සාතන්
    සුබ පැතුම් සහෝ....

    ReplyDelete
  9. ගෝනගේ මෘතදේහය ඔය තරං වෙලා තිබුන එකය් පුදුමෙ. අනිවාර්යෙන්ම බදුලු ට්‍රිප් එකක් කෝච්චියෙ යන්න ඕනෙ, පයින් ගමන කොහොම වෙතත්. අන්තිමට කෝච්චියෙ බදුලු ගියෙ අවුරුදු හතකට, අටකට විතර ඉස්සර

    ReplyDelete
  10. චන්දික, දැන් ඔයාගේ සයිට් එකේ ස්ක්‍රෝල් අප් ඇන්ඩ් ඩවුන් කරන්න හරිම අමාරුය්

    ReplyDelete
  11. ‍ගෝන ගැන දුක උනත් ඉතුරු ටිකනං හරිම ලස්සනයි.
    ඊළග එකත් ලියන්න.

    ReplyDelete
  12. a nice article. the next station after the Ohiya is called Idalgashinna, to my knowledge it is a place where you will have to reach only by train. no buses or other modes of transportation! avaialble. considered as the very rural village in Welimada divisional Secretariat. a drop of water falls onto the roof of the railawy-station will divides into two and one reach to sea thr Mahaweli River and the other reach to sea thr Walawe river.

    During May to August there is heavy wind in the said area. all the trees will just like a "Idal" due to the heavy-wind and therefore the area is call IDAL-GASHINNA

    ReplyDelete
  13. අපිත් චන්දික එක්කම ගමන යනවා වගේ තමා දැනෙන්නේ. ඉදිරියටම යමු. ගෝණා පවු තමා. ඒත් නිදහසේ ඉන්න සතෙකුට ඕනම මොහොතක අනතුරක් තියෙන්න පුළුවන්නේ.

    ReplyDelete
  14. නියමයි අයියා.... ඊළඟ කොටස ඉක්මනින් දාන්න.. ගෝනා පව්... :(

    ReplyDelete
  15. @ Obsever
    අපි ඔය ගෝනව දකිනකොට ඔය සිදුවීම වෙලා පැය තුනක් ඇති වැඩිම වුනොත්. ;)
    ස්ක්‍රෝල් කරන්න අමාරැයි කිවුවේ? ලෝඩ් වෙන්න පරක්කුයිද?

    @ Prasanna
    බොහොම ස්තුතියි සහෝ!!

    @ Anonymous
    Thank a lot for that information. :)

    @ ප්‍රියන්ත
    බොහොම ස්තුතියි ප්‍රියන්ත අයියා. හැබැයි ඉතින් වන සතුන්ට මිනිසුන්ගෙ උපකරණ නිසා සිදුවන අනතුරැ ස්වාභාවික අනතුරැ වලට වඩා වැඩිය කියලයි මට හිතෙන්නෙ.

    @ හසී
    ඊලඟ කොටසත් ඉක්මනට දාන්නම්කො.

    ReplyDelete
  16. ආසාවෙ බැහැ මල්ලි..පොටෝ ටික නම් හරිම ලස්සනයි..මටත් යන්න ඇත්නම් කියලා හිතුනා.. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  17. ඕක තමා නේද Tunnel 18 එකේ තියෙන වැදගත්කම....ඒ කියන්නේ දෙපැත්ත විවෘත වෙන්නේ එකිනෙකට වෙනස් දේශගුණික කලාප දෙකකට...හරිම අපූරු නිර්මාණයක්....නියම චාරිකාව අයියා...ඉතුරු ටිකත් ලියන්නකෝ...

    ReplyDelete
  18. එළ ගමන නේද?

    ReplyDelete
  19. මමත් සෑහෙන කාලයක් යන්න හිතාගෙන හිටිය ඒත් තවමත් යන්න ලැබුනෙ නැති ගමනක් තමයි මේක. දැන්නම් ලංකාවෙ නැතිනිසා කවද යන්න ලැබෙයි ද දන්නෙ නෑ...... බලමුකො......... මොනව වුනත් මල්ලි දීල තියෙන විස්තර ටිකනම් ඒ වගේ ගමනක් යන්න තවත් උනන්දු කරනව.

    ReplyDelete
  20. මට දුක අර අහිංසක සතා ගැන :-( මොනා උනත් මේ ගමන හරිම සුන්දරයි මොකද මාත් 2010 අවුරුද්ද් මේ අත්දැකීම ගත්ත

    ReplyDelete
  21. මටත් හිතෙනවා එකක් යන්න...

    ReplyDelete
  22. නියමයි මචං, අද තමයි මේ පැත්තෙ මුලින්ම ආවෙ. අසංකගෙ බ්ලොග් එකෙනුයි මේකට ලින්ක් එක දැක්කෙ. Rail hike එකට මාත් එන්නයි හිටියෙ. හොද ෆොටෝස් ටිකකුත් අරන් මගෙ බ්ලොග් එකේ දාන්න ආසාවෙන් හිටියත් අන්තිම මොහොතෙ එන්න බැරි වුනා. :(

    ReplyDelete
  23. ෆොටෝ ටික ලස්සනයි .සුන්දර ගමනක් .

    ReplyDelete
  24. ko story eka end karala ne ne hariyata

    ReplyDelete