Thursday, June 30, 2011

පෙර සූදානම - "පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (දෙවන කොටස)

<<<< පෙර ලිපියට
සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය
      මේ චාරිකාව අපි ආරම්භ කලේ පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟාවෙන්න පුලුවන් පහසුම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. මේ වගේ චාරිකාවක් යන්න කැමතිනම් වඩාත්ම හොඳ විදිය තමයි උදෑසනින් පට්ටිපොලට ලඟාවෙන එක. ඒ සඳහා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය (නිදන මැදිරි සහිත) භාවිතා කරන්න පුලුවන්. එය සාමාන්‍යයෙන් පාන්දර 4.30 පමණ වන විට පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟා වෙනවා. එතනින් දුම්රියෙන් බැස ඉර එලිය වැටෙනතුරැ ඔබට පට්ටිපොල දුම්රිය ස්ථානයේ රැඳී සිටින්න සිදු වෙනවා.
     තවද මෙම ස්ථානය අධික ශීත සුලං වලින් ගහන ප්‍රදේශයක් නිසා සීත කබා ආදීය රැගෙන ඒම ප්‍රයෝජනවත්. පට්ටිපොල සිට ඔහිය දක්වා ඔබට ගමන් කිරීමට සිදු වන දුර 6 km පමණ වනවා. මෙවැනි ගමනක් සඳහා අවශ්‍ය ජලය ඔබට පට්ටිපොල දුම්රිය ස්ථානයෙන් පුරවා ගන්න පුලුවන්. මීට අමතරම මෙවන් චාරිකාවක් සඳහා අත්‍යවශ්‍ය දේවල් ලැයිස්තුවක් මෙහි පහත සටහන් කර තිබෙනවා.
  • හොඳින් එලිය දෙන විදුලි පන්දමක් - (වැඩි දෙනෙක් සිටින පිරිසකටනම් කිහිපයක් වුවමනා වෙනවා.) ඔබට මෙම ගමනේදී බිම්ගෙවල් තුලින් ගමන් කිරීමට සිදුවෙනවා. එහිදී වඩා ප්‍රවේශම් සහගතව ගමන් කිරීමට මේවා බෙහෙවින් උපකාරී වෙනවා.
  • සපත්තු හෝ බූට්ස් - විවිධ අකාරවලින් පාද වලට සිදුවිය හැකි අනතුරු වලින් බේරීම සඳහා මෙන්ම මෙම ප්‍රදේශ වල සිටින කරදරකාරී කූඩැල්ලන්ගෙන් බේරීමට වැදගත් වේවි. 
  • සැහැල්ලු ආහාර - (උදා:- බිස්කටි, චීස් ආදිය) ගෙනයාම වඩාත් පහසුයි.
  • ඇති තරම් ජලය අත්‍යවශ්‍යයි.
  • ඡායාරූප ගන්නේ නම් ඒ සඳහා සුදුසු කැමරාවක් - (එක කැමරාවකට වඩා තිබීම වාසිදායක වේ. විශේෂයෙන් මාර්ගයේ ධාවනය වන දුම්රිය වල විවිධ කෝණ වලින් ඡායාරූප ගත කිරීමේ හැකියාව එමගින් ලැබේ.)
  • ඉඳහිට ඇතිවිය හැකි වැසි පොද වලින් ඔබත් ඕබේ කෑමරා ආම්පන්න ආදිය ප්‍රවේශම් කර ගැනීම සඳහා උපක්‍රමයක් (තෙත නොඅල්ලන බෑග් ආදිය හෝ අඩුම තරමේ පොලිතීන් කවර කිහිපයක්)
මීට අමතරව ඔබට අවශ්‍යයැයි හැඟෙන දෑ (විශේෂයෙන් පට්ටිපොලින් පිටත්වූ පසු ඔහියට ළඟා වනතුරු ගමන්කල යුතු වන්නෙ වනය මැදින් නිසා අවශ්‍ය සියලු දෑ) සපයා ගත යුතුමයි. 

අනෙක් වැදගත් කරුණ වන්නේ මාර්ගයේ ධාවනය වන දුම්රියයන් සහ වේලාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබ ලබාගත යුතු වීමයි. අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඛේදවාචකයකින් කෙලවර වන්නට පුලුවන්. දෛනික දුම්රියන් පිලිබඳ විස්තර railway.gov.lk අඩවියෙන් හෝ දුම්රිය ස්ථානයේ සේවකයන්ගෙන් ඔබට දැනගත හැකීයි. ඒවා පැහැදිලිව සටහන් කරගැනීම ඔබට අතිශයින් වැදගත්. දෛනික දුම්රියයන් වලට අමතරව ඉන්ධන, බඩු දුම්රියන් හෝ එන්ජින් ආදිය පූර්ව දැනුම් දීමකින් තොරව ධාවනය විය හැකි නිසා ගමන අතරතුරදීද ඔබේ විමසිලිමත් වීම අත්‍යවශ්‍යයි. එවිට ඔබට බිම්ගෙයක් තුලදී දුම්රියක් මුන ගැසීම වැනි අප්‍රසන්න මෙන්ම අන්තරායකර අවස්ථා වලට මුහුණ දීමට සිදු නොවේවි.

පට්ටිපොල - ඔහිය අතර කොටස
දිවා කාලයේ සාමාන්‍ය දෛනික දුම්රිය කාල සටහන

පට්ටිපොල දුම්රිය ස්ථානයේ ඇති කාල සටහන
පට්ටිපොලින් ඔහිය දෙසට පිටත් වන දුම්රියන් සහ ඒවා ඔහියට ලඟාවන වේලාව
     පට්ටිපොල           ඔහිය
     10.20 am           10.40 am
     01.20 pm           01.35 pm
     04.40 pm           05.00 pm

ඔහියෙන් පට්ටිපොල දෙසට පිටත් වන දුම්රියන් සහ ඒවා පට්ටිපොලට ලඟාවන වේලාව
     ඔහිය                  පට්ටිපොල           
     08.20 am           08.45 am
     11.20 am           11.45 am
     03.40 pm           04.05 pm

පට්ටිපොල - ඔහිය අතර කොටස තුල ඔබට හමුවන බිම් ගෙවල්
  • අංක 18 පට්ටිපොල බිම්ගෙය - මෙම කොටසේ හමුවන දිගින් වැඩිම බිම්ගෙය මෙය වන අතර එය අඩි 1054ක් (මීටර් 315ක් පමණ) වනවා. වංගු සහිත බිම්ගෙයක් බැවින් ඇතුලත අතිශයින් අඳුරැයි. පට්ටිපොල සිට සැතපුම් 140.27 වන ස්ථානයේදී හමුවේ.
  • අංක 19 බිම්ගෙය - දිගින් අඩි 125කි. සැතපුම් 140.57 ස්ථානයේදී හමුවේ.
  • අංක 20 බිම්ගෙය - මෙය අඩි 825ක් පමණ දිග වන අතර මෙහි විශේෂත්වය වන්නේ හරි කෙලින් පිහිටා තිබීමයි.
  • අංක 21 බිම්ගෙය - මෙහි දිග අඩි 274ක් පමණ වේ. මෙම කොටසේ හමුවන අවසාන බිම්ගෙය මෙයයි.
සැ යු:- බිම්ගෙවල් තුල ගමන් කිරීමේදි ඇතිවන අප්‍රසන්නතාවන් මගහැරීම සඳහා සපත්තු පැළඳීමත් විදුලි පන්දමක් රැගෙන යැමත් අත්‍යවශ්‍ය වේ.

19 comments:

  1. මරු ට්‍රිප් එක...:D මට කවදා යන්න ලැබෙයිද???? :/

    ReplyDelete
  2. පට්ට පට්ට.... නියමයි....

    මොනා නැතත් අර අන්තිමට සැ.යු. කියලා දාපු ටිකට හිත ගියා... ලොල්ස්....

    ReplyDelete
  3. ගෙහාන් දෙන විස්තර, මේ හයික් එක යන කෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් වේවි. ට්‍රය් කරන කට්ටියට සුභ ගමන්.

    ReplyDelete
  4. මේ වගේ ට්‍රිප් එකක් යන්න තියෙනවනම් නියමයි. නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  5. නියමයි මල්ලි. හොඳ විස්තර ටිකක්.

    ReplyDelete
  6. නිකන් අපිත් යන්න හදනවා වගේ දැනෙනවා. බලමු අපිට යන් බැරි උනත් චන්දික අපිව එක්ක යයිනේ මේ පොස්ට් එක්ක.

    ReplyDelete
  7. @ මලිති
    බලමු බලමු ඉස්සරහට නේද?

    @ ෴හසියා෴
    හෙහේ... තවපොඩ්ඩෙන් අපිත් ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුණ දෙනවා. වෙලාවට පුංචියට හරි ටෝච් එකක් තිබුණා.

    @ Observer
    බොහොම ස්තුතියි ඔබතුමාගෙ අගය කිරීමට. :)

    @ මධුරංග
    බලා ඉන්නෙ මොකටද සහෝ යාලුවො ටිකක් එක්ක යන්න පුලුවන්නෙ. පේරාදෙණියෙන් දුම්රියට නැග්ගනම් පැය 5ක 6ක විතර ගමනක්නෙ.

    @prasanna86k
    ස්තුතියි සහෝ....

    @ Priyantha
    මොකද අයියා යන්න බැරි. උත්සහයක් දරල බලන්න. ඒක හොඳ අත්දැකීමක් වේවි.

    ReplyDelete
  8. දුම්රි‍ය මාර්ගයක් දිගේ නම් දිග ගමන් ගිහින් නැති වුණාට ඒ වගේ ගමනක් ගොඩක් සුන්දර අත්දැකීමක් වෙන්න ඕන කියල තේරෙනවා. අපි බලමු කොහොමද ඔයාල ගියේ කියල :D

    ReplyDelete
  9. @ hare :-)
    මේ චාරිකාවේ තව ලිපි කිහිපයක් පලවී තිබෙනව මේ වෙනකොට. ඒ ලිපිත් කියවල බලන්නකො. :)

    ReplyDelete
  10. චන්දික, දැන් ඔයාගේ සයිට් එකේ ස්ක්‍රෝල් අප් ඇන්ඩ් ඩවුන් කරන්න හරිම අමාරුය්

    ReplyDelete
  11. @ Observer
    ඒ කිවුවේ අයියේ?

    ReplyDelete
  12. වෙලාව බැලුවට සහෝ..කෝච්චි වෙලාවට එන්නෙ නෑනෙ...හදිස්සියකදි බිම් ගෙයක් ඇතුලෙදි කෝච්චියක් ආවොත් මොකද කරන්නෙ..?

    ReplyDelete
    Replies
    1. මේ මම අමිලගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් ආශ්‍රෙයන් ඩීප්ස් හදපු සටහනක්!

      "බිංගෙයක් ඇතුලෙදි දුම්රියක් මුණගැහෙන එක හරිම අපූරු,ත්‍රාසජනක ඒ වගේම භයංකාර අත්දැකීමක්. බොහොමදෙනෙක් අනතුරට පත්වෙන්නෙ ඒ වගේ වෙලාවක අනවශ්‍ය විදියට කලබල වීමෙන්.


      දුම්රියක් සාමාන්‍යෙයන් බිම්ගෙයකට ඇතුල් වෙන්න කලින් නලාව නාදකරනවා. කවුරුහරි ඇතුලෙ ඉන්නවනම් එයාට අනතුරු අඟවන්න. එහෙම වෙලාවට කරන්න තියෙන්නෙ කල්පනාවෙන් මාර්ගයේ අයිනටම වෙලා පුලුවන්නම් හැකිතරම් පහත් වෙලා හෝ බිත්තිය අයිනටම වෙලා දුම්රිය යනතුරු ඉවසීමෙන් සිටීම.මේ කොහොම වුනත් බිම්ගෙයක් තුල දුම්රියක් ගමන්කරන විට රැඳී සිටීම කිසිසේත්ම නොකලයුතු දෙයක්. එය ක්‍රම කිහිපයක් නිසා මරණිය වනවා.
      කෙලින්ම හෝ ඇඳුමක් පැටලීම නිසා ඔබ දුම්රියේ ගැටීමට පුලුවන්
      ඉන්ධන දහනයෙන් පිටවන කාබන්මොනොක්සයිඩ් විශ වීමෙන් මරණයට පත්වන්න ඉඩක් තිබෙනවා
      බිම්ගෙවල් තුල වෙසෙන ඇතැම් විසකුරු සතුන්(විශෙෂයෙන් බිම්ගෙවල් වල අඳුරු බිත්ති අතර හෝ අහුමුලුවල) මගින් ඔබට අනතුරු වන්නට පුලුවන්
      ඇතැම් නොහික්මුණු මගීන්ගේ පාපහරක් ආදියෙන් ඔබ බියවී අනතුරක් වන්නටත් පුලුවන්.
      ඒ නිසා මෙවන් ගමන් වලදී අතිශයින් ප්‍රවේශම් සහගත වියයුතුයි. බිංගෙයක් තුලය පිවිසීමට පෙර දුම්රියක් ඒ තුල හමුනොවේයැයි තහවුරු කරගැනීම ඉතා වැදගත්. විශේෂයෙන් දිගින් වැඩි බිම්ගෙවල් තුලදි.
      සැබැවින්ම රේල් හයික් යනු ඉතා හොඳ සිහියෙන් සහ අවධානයෙන් සිදුකල යුත්තක්. රේල් හයික් යනු පික්නික් හෝ විනෝද ගමන් නොවේ. පුංචි අතපසුවීමක් මහා ඛේදවාචකයකින් අවසන් වන්නට පුලුවන් නිසා ප්‍රවේශම ඉතා වැදගත්!!!"
      මේ දේවල් වලට අමතරව අපි මේ පෙරහුරුවේදී තව බොහෝ දේවල් ඉගෙන ගත්තා.
      බිම් ගෙවල් ඇතුළේදී කිසිම විටක දෙතුන් දෙනා එක පොදියට ගමන් කිරීම නොකළ යුත්තක්. හේතුව තමා හදිස්සියේ වත් දුම්රියක් පැමිණියහොත් හැමෝම එක පාර රේල් පාරෙන් අයින් වෙන්න ගිහින් අනතුරක් වෙන්න ඉඩ කඩ පැවතීම.
      බිම් ගෙයක් ඇතුළතදී එකිනෙකා පිටිපස ගමන් කල යුතුයි. එසේම දෙදෙනෙක් අතර සැලකිය යුතු පරතරයක් තබා ගත යුතුයි.එවිට කෝච්චියක් හදිසියේ මතු වුණොත් අයින් වෙන්න ඉඩ තියෙනවා.
      අනිවාර්යෙන් හොඳ ආලෝකයක් ඇති විදුලි පන්දමක් ඔබ සතුව තිබිය යුතුයි.

      Delete
    2. තොරතුරු වලට ස්තුතීයි!

      Delete
  13. plezzzzzzzzzzzzzzzzz use update the post with full size images.............keep remember not to add any water marks.....plz begging u

    ReplyDelete
    Replies
    1. There is a reason for putting watermarks on the pictures even though the photographer or a publisher does not like to do so. Sometimes there are some people (actually I would like to name them as "Photo Thieves") who stole photos and publish them eleswhere in the internet as well as other printed media without obeying to the owner or to the person who has the right to publish them. Personally as a photographer I have also been faced to such bitter incidents. So, I agree with Gehan about putting watermarks on them after resizing them to smaller size.

      Delete
  14. plz update the post with full size images and do not spoil them with water marks.........plz update

    ReplyDelete
  15. blog eke sehena watinawa.. hoda denumak lebenawa yana kenekta .. a wagema chuti wereddak tiye.. bima gewal gena wisthara sadahan kirimedi dura dala tiyenne weradiyata neh? sathpum 140.27 kiyanne pattipola idan nemei neh? Colombo fort eke idan

    ReplyDelete