හිමිකම:- නලින් අබේසිංහ |
S1 බලවේග දුම්රිය මෙරට මුහුදුබඩ මාර්ගයේ යෙදීම ඉතා සාර්ථක වුවත් S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කරන තුරුම මෙරට මාර්ග සඳහා අලුත් බලවේග කට්ටලයක් හඳුන්වා දීම සිදු නොවිණි. මෙම S2 බලවේග කට්ටල් මෙරටට ගෙන එන ලද්දේ අවසාන S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කර වසර දෙකකටත් පසුව 1958 වසරේදීය.
- දුම්රිය පන්තිය - S2
- නිශ්පාදිත රට - ස්විට්සර්ලන්තය
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Hydraulic
- බල සැපයුම් එන්ජිම - Maybach MD 435 V8
- උපරිම බලය - 800hp - 1500RPM
- උපරිම වේගය - 96 kmh
- එලැවුම් මැදිරියේ දිග - 59 feet
- Axel Arrangement - B-B
- එලැවුම් මැදිරියේ බර - ටොන් 55
- වර්ණය - රතු පැහැය
- දුම්රිය ගණන - 15 (No 574-588)
මෙම බලවේග දුම්රියේ ඇති විශේෂත්වය වන්නේ දුම්රියේ බල සැපයුම් එන්ජිම සහිත එලැවුම් මැදිරිය පමණක් ස්විට්සර්ලන්තයේ නිපදවා මෙරටට ගෙන්වා තිබීමයි. එන්ජිම රහිත පසුපස එලැවුම් මැදිරිය සහ මගී මැදිරි සියල්ල ශ්‍රී ලංකාවේදීම නිපදවා ඇත. ඒ සඳහා අවශ්‍ය බොගී,යාන්ත්‍රික කොටස් ආදිය මෙරටට ගෙන්වා, මෙහිදී අදාල එකලස් කිරීමේ කටයුතු සිදු කර තිබේ. මුල්ම S2 දුම්රිය වන අංක 574 කට්ටලය 1958 වසරේ අග භාගයේත් ඉතිරි කට්ටල 1959 වසරේත් මෙරටට පැමිණ තිබේ.
සියල්ල සම්පූර්ණ කල එක් දුම්රිය කට්ටලයක්, එක් එලැවුම් මැදිරියකින්, එන්ජිම සහිත පසුපස එලැවුම් මැදිරියකින් සහ තවත් මගී මැදිරි දෙකකින් සමන්විත විය. එක් දුම්රිය කට්ටලයක ගෙන යා හැකි උපරිම මගී සංඛ්‍යාව 300ක් පමණ විය. මෙම දුම්රියේ තවත් විශේෂත්වයක් වනුයේ එක් වර S2 බලවේග කට්ටල් 4ක් දක්වා එකට ඈඳා ධාවනය කිරිමේ හැකියාවයි. වර්තමාන බලවේග කට්ටල වල බොහෝවිට එකට ඈඳිය හැකි වන්නේ උපරිමය දුම්රිය කට්ටල දෙකක් හෝ තුනක් පමණි.
බෙහෝ විට මේවා විශේෂයෙන් මුහුදුබඩ මාර්ගයේ සහ උඩරට මාර්ගයේ පොල්ගහවෙල දක්වා ආදී තැනිතලා මාර්ග වල ධාවනය කරන්නට ඇතැයි සැලකිය හැකි අතර ඒ පිලිබඳ නිෂ්චිත තොරතුරු වාර්තා නොවේ. වර්ෂ 1956 සිට 1978 පමණ වන තෙක් අඛණ්ඩ වසර 20ට වැඩි කාලයක් ධාවනයට යොදවා තිබූ මෙම S2 දුම්රියන් 1970 දශකයේ අග භාගයේදී පමණ දැඩිව අබලන් වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබේ.
(මෙම දුම්රිය නිපදවු ෂ්ලින්ඩර්ස් කැරේජර්ස් ඇන්ඩ් වැගන් සමාගම 1998 වසරේදී දුම්රිය නිෂ්පාදනයෙන් ඉවත් වූ අතර එය සුප්‍රකට Adtranz සමාගම විසින් ලබා ගෙන තිබේ. වර්තමානයේදි ෂ්ලින්ඩර් සමාගම නිපදවන්නේ විදුලි සෝපාන (Elevator) පමණි.)
මෙම දුම්රිය සම්බන්ධව වැඩි විස්තර සොයාගැනීමේ මුලාශ්‍ර ඉතා අවම වු අතර මෙහි ඇති එකම S2 ඡායාරූපයද නලීන් අබේසිංහ මහතා විසින් ඔහුගේ "ශ්‍රී ලංකාවේ ඩීසල් දුමිරිය" කෘතියේ ඇතුලත් කර ඇති ඡායාරූපයයි. වෙනත් කිසිදු ඡායාරූපයක් අන්තර්ජාලයේ හෝ සොයාගැනීමට නොමැති අතර එබැවින් S2 හි ඡායාරූපයක් ප්‍රථම වතාවට අන්තර්ජාලයට යොමුවන්නේ මෙම සටහන හරහා විය හැකිය. එබැවින් මෙම ඡායාරූප මෙහි පලකිරීමේ අවසරය ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ සොයුරාට මෙහිදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි.
ඡායාරූප:-
S2 දුම්රිය කිහිපයක් ඈඳූ බලවේග කට්ටලයක්. ඉදිරියෙන්ම තිබෙනුයේ S2-587 දුම්රියයි. හිමිකම :- නලීන් අබේසිංහ |
දුර්ලබ පින්තුරයක්.නියමයි....මේ වගේ දෙවල් තිබුණයි කියලා හරි දැන ගන්න පුලුවන් වුනේ මේ ලිපිවලින් තමා :/
ReplyDeleteනියමයි මචං. අර ලෑලි ආසන තිබුනෙ මේවගෙද? අපි ඉස්කෝලෙ යන දවස් වලත් ඒව නම් දිව්වනේ S2 ද කියල හරියට මතක නෑ. දැනුත් ඔන්න ඔය වගේ අත්‍යවශ්‍ය ටික ගෙන්න ගෙන ඉතුරු ටික මෙහෙ හදා ගත්ත නම් ඉවරයිනේ.
ReplyDelete@සුසිත... ඔයා කියන්නෙ S6, S7 ගැන වෙන්න ඕනේ... සමහර විට S3 එකක් වෙන්නත් පුළුවන්. S3 එකක් මේ ලඟක් වෙනකන් ගාල්ල - මාතර දිව්වා... S2, S3, S4, S6, S7 මෙ හැම එකකම පිටත ස්වරූපය එක වගේ. නමුත් පාට වෙනස්.
ReplyDelete@තූර්ය
ReplyDeleteS6 නම් වෙන්ඩ බෑ. මොකද S5 හිටාචිය නේ. ඊට චාටර් එකක් තමා මම කියපු එක. S3 හෝ S4 වෙන්ඩ ඇති. ලෑලි ආසන වල වාඩි වෙලා ගිහින් බැස්සට පස්සෙ පශ්චාත් භාගයට වැඩි සනීපෙකුත් දැනෙනව නොවැ. හික්ස්.
දිගටම ලියන්න. දුමිරිය ගැන ලියපු ගොඩක් දේවල් තිබුනත්, හැම දෙයක්ම පහසුවෙන් ඉක්මනින් කියවන්න ඔයාගෙ බ්ලොග් එකෙන් ලොකු දෙන සහය ගොඩක් හොඳයි..
ReplyDeleteපට්ටයි ........... , මේ වගේ පැරනි දුම් රිය වලින් කටුගෙයක් හදන්න බැරිද හැබෑටම .......... ?
ReplyDelete@සුසිත
ReplyDeleteS5 හිටාචි දුම්රිය ලස්සනට තියෙන්නෙ ඒක සම්පූර්ණයෙන් ම ජපානයේ හදල ලංකාවට ගෙන්නපු නිසා. S3 සහ S4 කියන බලවේග කට්ටල මම දන්න තරමින් 1990 වගේ කාලෙදී සම්පූර්ණයන් ම ධාවනයෙන් ඉවත් වුණා. එකම එක S3 බලවේග කට්ටලයක් පමණක් 2006 වසර අග භාගය වෙනකම් ගාල්ල ප්‍රදේශයේ ධාවනය කර පසුව ඉවත් කරනු ලැබුවා. ඒ නිසා ඔබ ඔය කියන්නේ S6 හෝ S7 බලවේග කට්ටල ගැන විය යුතුයි. ඒවායෙත් දුම්රිය මැදිරි ලෑලි වලින් නිපදවා ඇත්තේ රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලවේදීයි.
ඇත්තටම මේවගේ දුර්ලභ විස්තර සහිත වටිනා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ගැන චන්දිකට මම ස්තූති කරන්න ඕනා. දුම්රිය ගැන දැනුම අල්ප අයට මේ වෙබ් අඩවිය ඉතාමත් ප්‍රයෝජනවත් කියල තමා මට නම් හැඟෙන්නේ.කිසිම හරයක් නැති නිකම් ම නිකම් බ්ලොග් අඩවි සියයකට වඩා මේ වගෙ බ්ලොග් අඩවි අත්ලොස්සක් තිබීම ඇත්තෙන් ම වටිනවා.
smartB සමග එකඟයි. S5 කියන්නේ සංචාරක දුම්රියක් නෙ. S6, S7 හිටාචි උනත් මගී දුම්රිය නිසා චාටර්, ලෑලි පෙට්ටි තියෙන්නෙ.
ReplyDeleteචන්දික;
ReplyDeleteඅළුත් post එකත් බැලුවා.Thanks. S1 ඉදන් S7 S8 විතර වෙනකම්ම Power set වල external appearance එක වගේයි නේද? පාටින් ද වෙනස් වෙන්නේ? ගම්පහ පැත්තෙන් එහෙම ඈතින් මෙවා යනකොට අහගෙන ඉන්න ආසයි. මට ගිය ඉරිදා අර අලුත් indian power set එකේ කුරුණෑගල ඉදලා මහව හන්දිට යන්න ලැබුනා. ඒ ඒක අනුරාධපුරයට test run එකක් යන ගමන්ලු. අළුත් නිසාද කොහෙද වැඩි සද්ද බද්ද නැහැ නියමයි.
නියම ලිපියක්. වැදගත් කරුණු ගොඩක් තියෙනවා.
ReplyDeleteමීට ඉස්සෙල්ල ලිපියෙ, මං කොමෙන්ට් එකකින් ඇහුව, ඒ කාලේ අපි "පවර් සෙට්" කිව්ව දුම්රිය වර්ග ගැන තමා මේ ලිපියෙ තියෙන්නෙ. චන්දික සඳහන් කලා වගෙ මුහුදුබඩ මාර්ග දෙකේම (ගාල්ල පැත්තට සහ මීගමුව පැත්තට) සහ පොල්ගහවෙල දක්වා තමය් ඒවා ධාවනය වුනේ. අපි ඉස්කෝලෙ ගියා ඕවයෙ. එකම වතාවක් නුවර දක්වා විශේෂ ධාවනයක් කලා වෙන මැදිරි නැතුව එන්ජින් සහිත මැදිරි දෙකක් අමුණල. මෙම දුම්රිය එන්ජින් නිෂ්පාදනය කරපු රටේ, රාජ්‍ය නායකයෙක් ලංකාවට ආපු වෙලාවක එයාව නුවර එක්ක යන්න. මම හිතාගෙන හිටියේ මෙම එන්ජින් ජර්මන් නිෂ්පාදනයක් කියල.
ReplyDeleteචන්දික ඔය පින්තුරෙ තියෙන රතු පාට පවර් සෙට් මට මතක විධියට අසු ගණන් වල අග වෙනකන් දිව්ව
ReplyDeleteබැලුවාම මලේ උඹට කොල්ලො කෝච්චියා කෝච්චිය කියන එකේ වැරැද්දකුත් නැහැනෙ ........
ReplyDelete@ Observer, ඔබතුමා කියන්නෙ S4 එක ගැන වෙන්න ඔනේ.
ReplyDelete@ තුර්ය,
ReplyDeleteමම ක්ලාස් වලින් කියන්න දන්නේ නැහැ, පෝස්ට් එකේ තියෙන පින්තුර දෙකට සමානය්, රතු පාටය්.
@ Observer ඔව්. මයික් ටිස්ඩේල් කියලා ඇමෙරිකන් මහත්මයෙක් 1980 ගණන් වලදි ගත්ත පින්තූර වගයක තියෙනව S4 එක, ඒකත් රතු පාටයි. ඒ ගැන නුදුරු අනාගතයේදි ලිපියක් ලියවෙන නිසා ඡායාරූපත් ඒ ලිපියෙදි බලාගන්න පුළුවන් වෙයි.
ReplyDeleteෂා නියම ලිපිය. මමත් අන්තර්ජාලයේ S පන්තියේ විස්තර හෙවුවා. ඒත් S2 ගැන විස්තර නෑ.
ReplyDeleteදිගටම ලියන්න චන්දික
ඵල ඵල...... නියම විස්තර ටිකක්....
ReplyDelete@ තූර්ය,
ReplyDeleteබොහොම ස්තුතිය්
මට මතක පුංචිම කාලෙ පවර්සෙට් හතරක් එකට එක්කරල දුවනව මතකයි. ඒක දවසට දෙපාරක් කොළඹ ඉදල අලුත්ගමට දිව්වා උදේටයි හවසටයි මට හොදට මතකයි ඒ කෝච්චියට පෙට්ටි 14 ක් නැත්නම් 15ක් විතර තිබුණ ඒ හැම පෙට්ටියකම ටොයිලට්ස් තිබුණ දැන් වගේ නෙවෙයි ගමන හරිම සුව පහසුයි හරිවේගෙන් වෙලාවට යනව නැවත ආපහු හවස අලුත්ගම ඉදන් කොළඹට එනව මට මතක හැටියට ඒව ජර්මනියෙන් නෙවෙයි හදල තිබුනෙ ස්ටිට්සර්ලන්ඩ් වල
ReplyDelete@ Last Anonymous
ReplyDeleteඒ විස්තරයට බොහොම ස්තුතියි. ඔබතුමාගෙ නම හෝ සම්බන්ධකරගත හැකි විධියක් මෙහි සටහන් කලා නම් අපිට එම තොරතුර තහවුරු කරගන්නට පහසු වේවි.
ස්තුතියි.
Machan.............
ReplyDeleteNalin Abesinghe ge potha ganna tiyenne koheda?????
@ Chira
ReplyDeleteදැනටනම් ඒ පොත ගන්න කිසිම තැනක නැහැ කියල තමයි නලින් අයියා කිවුවෙ. නැවත මුද්‍රණයක් සිදු කල විට දන්වන්නම්.
Ela ela....... Aith gahuwoth meke aniwa daapan......!!!!!!!
ReplyDeleteEka kiyawanna asai.......!!!!
Ekai.....!!!!!
Matha maaarama asa subject 1k thamai meka..........!!!!!!!!!!
Thanks.........!!!!!!!!!!