Friday, July 01, 2011

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (තෙවන කොටස)


අපේ චාරිකාවට සහභාගිවුනේ දෙදෙනෙක් (මම සහ මගේ මිතුරෙක්) පමණයි. රාත්‍රී දුම්රියෙන් පට්ටිපොලට ලඟා වූ අප දෙනොට එහි තිබු දැඩි ශීත කාලගුණය නිසා, දුම්රිය ස්ථානයේ සේවක රොෂාන්ත මහත්මාගේ කාරුණික අවසරය මත හිරු නැගෙනතුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ අතරතුර කෙටි නින්දකින් වෙහෙස නිවාගන්නටත් අපට හැකි වුනා.
හිරු උදාව - පට්ටිපොල දුම්රිය ස්ථානයේදී කැමරාවට හසුවුනේ මෙහෙමයි
 උදෑසන හිරු කිරණ පතිත වෙද්දී අප ගමන ආරම්භ කලා. අප පිටත්වන විට වෙලාව උදෑසන 7.00 පසුවූවා පමණයි. හිරු පායා තිබුණද අවට පරිසරයේ අධික ශීතල නම් ඒ වන විටත් කිසිම අඩුවක් දක්නට තිබුණේ නැහැ. දැඩි සීත සුලං සහිත කාලගුණය ගතට ඇති කලේ පීඩාවක් වුනත් එය සිතටනම් ගෙන ආවේ අමුතු ප්‍රබෝධමත් හැඟීමක්.
පට්ටිපොලින් පිටත් වූ ගමන්ම වාගේ - වේදිකාවේ අවසන් කෙලවර
පට්ටිපොල එතරම් විශාල නගරයක් නොවේ. නමුත් එහි කුඩා කඩමණ්ඩියක් තිබෙනවා. උදෑසන ආහාර ආදිය ඔබට අවශ්‍යනම් එහිදී මිලදී ගන්නට වුවත් පිලිවන්. අප නම් අවශ්‍ය සියලු දෑ ගෙනා නිසා ප්‍රමාද නොවී ගමන පිටත් වුණා. 
හෝර්ටන්තැන්න සඳහා පිවිසුම් මාර්ගය - පට්ටිපොල
දුම්රිය වේදිකාවෙන් මාර්ගයට පිවිසුනු විටම පාහේ හෝර්ටන්තැන්න පිවිසුම් මාර්ගය (පට්ටිපොලින්) හමුවනවා. එම මාර්ගය පසුකර දුම්රිය මග ඔස්සේම ඉදිරියට ගමන් කරද්දී පට්ටිපොල ගම්මානයේ වැසියන්ගේ එලවලු වගාවන් සහ මල් වගාවන් දැකගත හැකියි. 
එලවලු වගාවන් - මේ පට්ටිපොල ගම්මානයේ අවසන් සීමාවයි
කෙසේ වුවත් දුම්රිය මාර්ගය පසුකොට මීටර 300ක් පමණ ගමන් කල පසු ගම්මානය අවසන් වනවා. එයින් පසු අපට හමුවන්නේ සුන්දර හෝර්ටන්තැන්න වනාන්තර බිම. එය අතිශයින් සුන්දර වනාන්තරයක්. දිනකට කිහිපවරක් එහා මෙහා යන දුම්රියක් හෝ දුම්රිය සේවකයෙක් හැරුණු විට මේ ප්‍රදේශයේදි බොහෝවිට හමුවන්නෙ වන සතෙකු පමණයි.
ගම්මානයේ අවසන් සීමාවේදී අපට හමුවුනු හිතවතුන්.
ටිකෙන් ටික අප ඉදිරියට ගමන් කරද්දී සීතල ක්‍රමයෙන් අඩු වුනත් සුළගේ නම් අඩුවක් දක්නට ලැබුනෙ නෑ. විටෙක සුමුදු ලෙසද තවත් විටෙක රළු ලෙසින්ද හමාගිය සුලං කෝඩය මැදින් අවට සිරි නරඹමින් අප හෙමින් හෙමින් ඉදිරිය බලා ගමන් කලා. 
අප රටට ආවේණික මහ රත්මල් 
සරුවට වැඩීගිය මලින් පිරුණු මහ රත්මල් ගස් බොහොමයක් අවට දකින්නට ලැබුනු අතර මලින්බරව ගිය එම ශාඛයක් එතරම් ලඟට පියවි ඇසින් මා දුටු මුල්ම අවස්තාව වුනේ එයයි. එය කැමරා කාචයේ සටහන් වුයේ මෙසේයි. 

මද දුරක් ගමන් කරද්දී එක් වරම අපේ ගමනේ එක් අපේක්ෂාවක් ඉදිරියේ දර්ශනය වුනේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවයි. ඒ දුටු අපේ සිත් අමන්දානන්දයට පත් වුණා.
ඈත කෙලවරේ සුදු තිතක් ලෙසට පේන්නෙ මොකක්ද?
ඉහත පින්තූරෙ පැහැදිලිව බැලුවොත් පේනව මාර්ගයේ තියෙන ඈතම කෙලවරේ සුදුපාට සලකුණක්. ඇත්තම කිවුවොත් ඒක පුවරුවක්. ඒක මොකක්ද කියල පහල පින්තූරෙන් බලන්න.
Summit Level හෙවත් උසම තැන
පට්ටිපොලින් ගමන් ආරම්භ කරල පැය බාගයක් ගිය තැන අපි අපේ ගමනෙ එක අපේක්ෂාවක් ඉෂ්ඨ කරගත්තා. දුම්රිය ක්ෂේත්‍රය විනෝදාංශය කරගත්තු බොහෝ දෙනෙක්ගෙ එක් බලාපොරොත්තුවක් තමා මෙම ස්ථානයට එන එක. Summit Level කියන්නෙ අපේ රටේ දුම්රිය මාර්ගයේ තියෙන උසම ස්ථානය. මේ තැනින් කොයි පසට දුම්රිය ධාවනය කලත් ඇත්තෙ බෑවුම. (එම නිසා මේ දෙපසින් කොයි පැත්තෙන් එන දුම්රියක් වුනත් එහි ඉදිරි පස හා පසුපස එන්ජිමක් බැගින්, එන්ජින් දෙකක් සහිත දුම්රියක් නම් පට්ටිපොල දුම්රිය ස්ථානයේදී එහි පසුපස එන්ජිම [banking loco] ගලවා ඉදිරියට අමුණගෙන [double headed] තමයි නැවත ධාවනය ආරම්භ කරන්නෙ.) 
එක් අපේක්ෂාවක් ඉටු කරගත් පසු
(මෙසේ තණ ගොල්ල මත ගැවසීමනම් ප්‍රියදායක වුනේ නැහැ)
අපි උදැසන ආහාරය ගත්තෙ මෙහිදී. දැඩි සුලඟෙන් අපේ කෑම ටික බේරගන්නනම් පුංචි සටනක් කරන්නත් වුනා. විනාඩි දහයකින් විතර අපි නැවත ගමනාරම්භ කලා. 
සීත සුලං ඔස්සේ ඉදිරියටම....
ඉහත ඡායාරූපයේ පෙනෙන්නේ බදුල්ල දෙසට වැටී ඇති දුම්රිය මග. එය පිහිටා තිබෙන්නෙ හෝර්ටන්තැන්න වනාන්තරය තුලයි. ගොඩකරන ලද වැටියක් මත දුම්රිය මග එලා තිබෙන අතර දෙපස සීග්‍ර බෑවුම අවසානයේම ඇත්තේ මහා වනාන්තර බිමයි.
රූස්ස ගස් කොලන් වලින් හෙබි මහා වනාන්තරය තුල සිටි
එකම මිනිස් ප්‍රාණින් දෙදෙනා අප පමණද?
ඉමක් නැති දුම්රිය මාර්ගය
මෙම ස්ථානයේදී අපට මිනිස් වාසයක් හමුවුනා.
මෙහි දුම්රිය මාර්ගයේ වම් පස විශාල ගොවි බිමක් තිබෙනවා.  
මෙහි තිබෙන සංඥා පුවරුවෙන් කියවෙන්නේ ඉදිරි මාර්ගය ගල් කඩා වැටීමේ අවදානම් සහිත ප්‍රදේශයක් බවයි. ප්‍රවේශමෙන් සහ අවධානයෙන් දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට දුම්රිය රියදුරන්ට මෙම සංඥා වැදගත් වනවා. එම ප්‍රදේශය පසු කරනවාත් සමගම අප ගමනේ ජයගත යුතු විශාලම අභියෝගය අප ඉදිරියේ දිස් වුනා. අඩි 1054 දිගැති වංගු සහිත පට්ටිපොල බිම්ගෙය. අපේ ගණනය කිරීම් මත, කොළඹ බලා දිවෙන උඩරට මැණිකේ දුම්රිය නුදුරේදීම හමුවීමට ඉඩ ඇති අවදානමද හමුවේ බිම්ගෙය තුලට පිවිසීමට අප තීරණය කලේ බලාසිටීමද තේරුමක් නොවූ නිසා. කෙසේ වුවත් බිම්ගේ තරණය කිරීමට අපට තිබුණේ ඒක කුඩා විදුලි පන්දමක් පමණයි.
පට්ටිපොල බිම්ගෙය දිග අඩි 1054ක්
වර්ෂ 1951දී මෙම බිම්ගෙය කඩා වැටී නැවත අලුත්වැඩියා කල බව කියවෙන පුවරුව
වවුල් වසුරු සහ දුම්රිය මගීන්ගේ විවිධ අපද්‍රව්‍ය වලින් පිරි දුම්රිය මාර්ගයේ ගමන් කිරීම එතරම් ප්‍රසන්න හැඟීමක් නම් ඇති කලේ නෑ. මමත් මගේ මිතුරාත් අප දෙදෙනාම සමාන්තරව ගමන් කරමින් හැකි ඉක්මනින් බිම්ගෙයින් පිට වීමට පය ඉක්මන් කලා. යම් හෙයකින් බිම්ගේ තුලදී දුම්රියක් පැමිණියහොත් ආරක්ෂාකාරීව සිටීම සඳහා කුඩා කවලු ඒ තුල පිහිටවා තිබුණද ඒ කිසිවක් භාවිතා කර හැකි තත්වයේ තිබුණේ නැහැ. එබැවින් අපි දුම්රිය මාර්ගය ඔස්සේම ඉදිරියට ගමන් කලේ වෙන විකල්පයක් නොවූ නිසා. බිම්ගෙයි බිත්ති දිගේ රූරා වැටෙන දිය පහරවල් නිසා මාර්ගය දෙපස මඩ සහිත වූවා. කෙසේ වුවත් වවුල් හඬත් ජලය ගලන හඩත් පමණක් තිබු අඳුරු බිම්ගෙය තුල අප දෙදෙනාගේ නිහැඬියාව අමුතු ආකාරයේ බියජනක හැඟීමක් ඇති නොකලාම නෙවේ.

අඳුරු බිම්ගේ ඇතුලත තරමක් බියකරුයි
කෙසේ හෝ බිම් ගෙයින් ඉවතට පැමිණි අපට දකින්නට ලැබුණේ කිසිදු අයුරකින්වත් බලාපොරොත්තු වූ දසුනක් නොවෙයි.......


25 comments:

  1. ලස්සනට ලබා ගත්තු අත් දැකීම් විස්තර කරලා. දැන්නම් මාව එක්කයන්නම වෙයි කවදා හරි :O

    ReplyDelete
  2. හෙහ්...හෙහ්...හෙහ්...කුතුහලයක් ඇති කරල කතාව නැවැත්තුව නේද?

    ReplyDelete
  3. නියම ගමනක් නේ. ඔය බිංගෙවල් ඇතුලේ මෑන් හෝල් කියලා ජාතියක් තියෙනවා. කෝච්චියක් එනවා නම් ඕවා ඇතුලට වෙලා ඉන්න පුලුවන්.

    තණකොල ගොල්ලක එහෙම ඉන්න එපා. අම්මෝ කූඩල්ලෝ වහි වැහැලා. මල්ලි කුඩැල්ලෝ බෝල දැකලා තියෙනවද ?

    ReplyDelete
  4. සටහන වේගයෙන් ඉදිරියට ඇදෙනව වගේ..... දිගටම ලියන්න. සුබ පැතුම්!!!

    ReplyDelete
  5. විස්තරේ වගේම පිංතූර ටිකත් නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
  6. when you come out of the tunnel you will enter to the place whhere Welimada Sanuawa starts. You can see the entire welimada sanuwa from that place. thereby a close village towards the sanuwa called Kandepuhulpola, but that has linked to welimada and not to pattipola.

    ReplyDelete
  7. in the bid tunnel you passed sometime leopords stay, i have heard that villaginas passed the tunnel with the "big Pandam" and as groups. the said tunel is consired as the longest tunnel in Sri Lanka

    ReplyDelete
  8. මේක නම් මරු... දැනට දවස් දෙකකට කලින් තමයි ඇල්ල ස්ටේෂමෙන් බැහැල දෙමෝදරට වෝක් එකක් දාන්න ප්ලෑන් කලේ(ගූගල් මැප් එකට පින්සිද්ද වෙන්‍න දුරවල් ටික මැනගත්තෙ).. ඒක කැන්සල් කරල මේ ගමන යන්න වෙයි වගේ...

    ReplyDelete
  9. පෝස්ට් තුනම එක දිගට බැලුවා.
    ලස්සනට විස්තරේ ලියල තියෙනව. පිංතූර ටිකත් ලස්සනයි.
    දිගටම ලියන්න.

    ReplyDelete
  10. මාරම ලස්සනයි අයියා මම කවදාවත් ඩිහින් නැති පලාතක් කෝ ඉතුරු ටික:(]

    -Shani-

    ReplyDelete
  11. අයි නො අයි නෝ.. ඉස්සර බණ්ඩාරවෙල ඉස්කෝලේ යන කාලේ බණ්ඩාර වෙල සිට හපුතලේ දක්වා හොර කොච්චි ට්‍රිප් දෙක තුනක්ම ගිහින් තියේ.. (අපේ අම්මා ඔයාගේ බ්ලොග් එක බලන්නේ නෑ නේද? ;)) මහරත්මල් , දිය කඩිති, වේලි වලින් වැටෙන පුංචි දියපාරවල්.. බල බල ඔයගමන යන්න ඔනි ලාවට වහින දවසකට මීදුමත් එක්ක මැවෙන ඒ සුන්දරත්වය විදන්නම ඔනි රස කර කර මතක් කරන්න.. උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිටන් බණ්ඩාරවෙලට එක වගේම ලස්සනයි.. ඒ පැත්තේ කෙනෙක් විදියට මට ගොඩක් සතුටුයි

    ReplyDelete
  12. චන්දික, හෝටන් ගමන ලස්සනට ලියල තියනවා. කොච්චි එන්ජින් ගැන රළු විස්තර (හැබැයි මම ගොඩක්ම ආසකරන ක්ෂේත්‍රයක්) අඩංගු මේ සයිට් එකට බොහොම සුන්දර චාරිකාවක් එකතු වීම හරිම අගෙයි. ලගදීම මේ ගමන යන්න ඕනේ. එතකන් මේ සයිට් එකෙන් හෝටන් චාරිකාව රස විදින්නම්.
    ජය වේවා.

    ReplyDelete
  13. ගෙහාන් සහෝදරයා, ඉතා වැදගත් සහ රසවත් කොටසක් මෙහිදී මග ඇරිලා තියෙනවා. ඒ පට්ටිපොල අංක 18 බිම්ගෙය ගැන. Anonymous ට දැනගන්න ලැබුණට මේක ලංකාවේ දිගම බිම්ගෙය කියල, මේක තමා දෙවෙනියට දිගින් වැඩිම බිම්ගෙය. පලමු තැනට එන්නෙ හැටන් සිංගිමලේ බිම්ගෙය. මේ බිම්ගෙය නිරන්තරයෙන් කඩා වැටීම්වලට ලක්වෙන කරදරකාරී එකක් වෙලා තියෙනවා. කොන්ක්‍රීට් ආරුක්කු යොදලා ස්ථීර ප්‍රතිසංස්කරණ කරල තියෙන්නෙ 1981, එවකට ඉහල දිස්ත්‍රික් ඉන්ජිනේරු සහ පසුව දුම්රිය සාමාන්‍යාධිකාරී වුන ප්‍රියාල් ද සිල්වා නම් සිවිල් ඉන්ජිනේරුතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ අභියෝගාත්මක ක්‍රියාව සිහිවෙන්න තමා ඔය සමරු ඵලකය හදල තියෙන්නෙ. අර “BEWARE OF ROCK SLIPS” සංඥාව තියෙන පින්තූරේ දකුණු පැත්තෙ ආරුක්කුවක් පේනවා නේද? මේ බිම්ගෙය කොච්චර හැදුවත් ආයෙත් කඩාවැටෙන නිසා කට්ටිය බාරයක් ඔප්පු කරල තියෙනවා ප්‍රතිසංස්කරණ වැඩ සාර්ථක වුනොත් මෙතන සිද්ධස්ථානයක් හදනවා කියලා. ඔය ආරුක්කුව තමා ඒ සිද්ධස්ථානයට ඇතුල්වෙන දොරටුව. ඔතනින් පඩිපෙලක් දිගේ උඩට ගියාම දකින්න පුළුවන් පොඩි බුදු මැදුරකුයි, හින්දු දේවාලෙකුයි. ඒක තමා සිද්ධස්ථානය.

    ReplyDelete
  14. හැමෝම photo ගන්න හදන නිසා මං වෙනසකටත් එක්ක video එකක් ගත්තා summit level එකේ ඉඳන්. http://www.youtube.com/watch?v=7kG411I5rw4

    @සාතන් : ඇල්ල - දෙමෝදර වැඩේට මුලින් බැහල දෙවනුව මේක කරන්න... ඒ section එක එච්චර දුෂ්කර නෑ, ඒ නිසා rail hiking පටන් ගන්න කෙනෙක්ට පුරුදු වෙන්න හොඳයි.

    ReplyDelete
  15. මේක නම් කියල වැඩක් නෑ... මමත් දෙමෝදර ඉදල දුම්රියේ නම් ඇවිල්ල තියනවා... උදේ 8:30 හෝ 09:00 ට බදුල්ලෙන් එන කෝච්චියට දෙමොදරින් නැග්ග.... මාරම ලස්සනයි... ඔයාගේ පොස්ට් එක බලල දැන් මටත් rall hiking පටන් ගන්න හිතෙනවා.... :D

    ReplyDelete
  16. @ මලිති
    හේ හේ හේ.... :D

    @ Observer
    බලන්නකො ඔබතුමා ඊ ලඟ ලිපියත් :)

    @ මධුරංග
    "යම් හෙයකින් බිම්ගේ තුලදී දුම්රියක් පැමිණියහොත් ආරක්ෂාකාරීව සිටීම සඳහා කුඩා කවලු ඒ තුල පිහිටවා තිබුණද ඒ කිසිවක් භාවිතා කර හැකි තත්වයේ තිබුණේ නැහැ. එබැවින් අපි දුම්රිය මාර්ගය ඔස්සේම ඉදිරියට ගමන් කලේ වෙන විකල්පයක් නොවූ නිසා. බිම්ගෙයි බිත්ති දිගේ රූරා වැටෙන දිය පහරවල් නිසා මාර්ගය දෙපස මඩ සහිත වූවා."

    මම කූඩැල්ලො බෝල ගැන අහලනම් තියෙනවා. ඒත් තවම දැකල නැහැ. හැබැයි කූඩැල්ලෙක් හන්දා මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා මේ ගමනෙදි. :D

    @ smartB
    ස්තුතියි සහෝ!!!

    @ උදාර
    ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.

    ReplyDelete
  17. @ Ano
    That will describe in the next post. Thanks a lot for the information friend.

    @ 2nd Ano
    yes we also worried about some wild animals like leopords. Could be danger when if we met them with cubs.
    And this is not the longest one in SL. This is the second longest one. The longest one is Hatton-Singimale tunnel near 1835 feets.

    @ සාතන්
    ඔබට තූර්ය දීල තිබෙන පිලිතුර වැදගත් වේවි කියල මං හිතනවා.

    @ Prasanna
    බොහොම ස්තුතියි සහෝ

    @ Shani
    ඉතුරු ටික ඉක්මනටම ලියනවා. කවද හරි යන්න බලන්නකො. :)

    ReplyDelete
  18. @ සුදු හංසි.
    හහ් හා.. බොහොම සුන්දර මතකයක් වගේ :)

    @ kancha
    අනිවාර්යයෙන්ම මේ ගමන ගිහිල්ල බලන්න. ඒක ඒ තරම්ම සුන්දර අත්දැකීමක්.

    @ තූර්ය
    කාල වේලාව මදිකම නිසා මට ඔය තැනට යන්න බැරිවුණා සහෝ. ඊලඟ වතාවෙ යන්නයි හිතාගෙන ඉන්නෙ. බොහොම ස්තුතියි ඒ ගැන විස්තර මෙහි සටහන් කල එක.

    @ Soda ගුණේ
    අනිවාර්යයෙන්ම ඒක බොහොම සුන්දර අත්දැකීමක් වේවි.

    ReplyDelete
  19. @ සුදු හංසි,
    පාලු කෝච්චියක කොල්ලෙකුට තුරුළු වෙලා නේද ගියෙ, ඉන්නව අම්මට කියන්නං.

    ReplyDelete
  20. හි හි යන්ඩ ඕනෙ රේල් වේ හයික් ......

    ReplyDelete
  21. ඒ කියන්නෙ ලංකාවෙ දුම්රිය මාර්ගයේ උසම තැන තියෙන්නෙ ඔහියත් පට්ටිපොලත් අතරෙ කියලද? ළඟදි කෝච්චියෙන් කොළඹ ඒමේ අවස්ථාවක් තියෙනවා. මේ දැන්වීම් බලාගන්නවත් පුළුවන් වුණානම් හොඳයි!

    ReplyDelete
  22. @ hare :-)
    ඇත්තෙන්ම ඔවු. හරියටම කියනවනම් බදුල්ලේ සිට එනවිට ඔහිය පසුකලාට පස්සේ පොඩ්ඩක් වටපිට ගැන අවධානයෙන් ආවොත් මේ තැන දැකගන්න අපහසු නැහැ. :)

    ReplyDelete
  23. @hare, මෙතන ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම පුළුල් ආමනයේ (අඩි 5 අඟල් 6 පළල) දුම්රිය මාර්ගයක් ගමන් ගන්නා උසම ස්ථානය.

    ReplyDelete
  24. http://www.facebook.com/media/set/?set=a.1187362333929.30052.1524422913

    ReplyDelete