Thursday, December 30, 2010

෴M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada෴


    M4 පන්තියේ ඩීසල් එන්ජිම හඳුන්වා දිය හැක්කේ අපේ දුම්රිය සේවය සතු සාර්ථක දුම්රිය එන්ජින් වර්ග අතුරෙන් තවත් එක් සාර්ථක එන්ජිමක් ලෙසටයි. M2 සේම මෙයත් ගෙන්වූ දා පටන්ම ඉතා සාර්ථක ලෙස සේවය සපයන කාර්යක්ෂම එන්ජිමක්. වඩාත්ම වැදගත් කාරණාව වනුයේ ආනයනය කරන ලද සියලුම M4 එන්ජින් මේ වන විටත් ඉතා සාර්ථය ලෙස ධාවනයේ යෙදීමයි. මෙය කැනඩාවේ මොන්ට්‍රියෙල් ලොකොමොටිව් වර්ක්ස් සමාගමේ නිෂ්පාදනයක්. මෙම එන්ජිම පිලිබඳව විස්තර පහත දැක්වේ.
  • එන්ජින් පන්තිය           - M4
  • නිශ්පාදිත රට                - කැනඩාව
  • එන්ජින් මාදිලිය - MX-620
  • නිපදවූ සමාගම - Montreal Locomotive Works Canada 
  • ගෙන්වූ වර්ෂය - 1975
  • දුම්රිය එන්ජින් වර්ගය   - Diesel Electric
  • බල සැපයුම් එන්ජිම - ALCO Bombardier 251-C3  4-Strock 12 Cylinders
  • උපරිම බලය - 2000hp
  • උපරිම වේගය - 65mph
  • Axel Arrangement - Co-Co
  • බර - ටොන් 97
  • වර්ණය - ලා නිල්, තද නිල්, රිදී පැහැය සමග බඳෙහි කහ පැහැති සිහින් ඉරක්
  • ගෙන්වූ එන්ජින් ගණන - 14
    ඉතා අධි බලයක් සහිත මෙම M4 එන්ජින් බොහෝ විට යොදාගන්නේ අධික බලයක් අවශ්‍ය සහ සීඝ්‍රගාමී දුම්රියයන් සඳහායි. උදාහරණයක් ලෙස යාල් දේවී දුම්රිය සඳහා බොහෝ විට යොදාගනුයේද මේ වර්ගයේ එන්ජිමක්. අප රටට ගෙන්වූ එන්ජින් 14ට පහත ආකාරයට නම් යොදා ඇත.

එන්ජින් අංකය
නම
එන්ජින් අංකය
නම
743
මඩු
750
ඉසුරුමුණි
744
සීගිරි
751
දියලුම
745
රුවන්වැලි
752
පේදුරුතුඩුව
746
නමුණුකුල
753
සමනල
747
කැළණි
754
මැණික්
748
වලවේ
755
මහවැලි
749
දුන්හිඳ
756
ලක්ෂපාන

   වර්තමානයේ භාවිතා වන එන්ජින් අතුරෙන් මෙය තරමක් දිගින් වැඩි එන්ජිමක් වන අතර මෙම එන්ජින් විශේෂයෙන් ගෙන්වා තිබුණේ උඩරට මාර්ගයේ ධාවනය කරවීම සඳහාය. මේවා මුල් කාලයේදී බදුල්ල දක්වා ධාවනය කර තිබිණි. එහෙත් උඩරට මාර්ගයේ ධාවනය කිරීමේදී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට මෙම එන්ජින් වලට සිදුවිය. එයට හේතුව වූයේ මෙහි Bogie Wheel Base (Wheel set එකක ඉදිරි සහ පසුපස ඇක්සල අතර දුර) නමැති කොටසේ දිග අඩි 11 අඟල් 2ක් වීමයි.

        උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරිමට නම්   Bogie Wheel Base  උපරිම දිග අඩි 10 අඟල් 7කට වැඩි නොවිය යුතුයි. වැඩි දිගකින් යුතු එන්ජිමක් ගමන් කිරීමෙන් දුම්රිය පීලි ඈත් වී දුම්රිය මගට හානි සිදුවේ. උඩරට දුම්රිය මාර්ගයේ තිබෙන තියුණු වංගු සහිත බව මෙම ගැටලුව හේතුවයි.

        මෙයට විකල්පයක් ලෙස එම ස්ථාන වල මාර්ගයේ පළල අඟල් 3/4කින් පමණ වැඩිකිරීමට බලධාරින් තීරණය කලත් මෙවිට W1 ආදී අනෙකුත් එන්ජින් ගමන් කිරීමෙදි ගැටලු ඇතිවන බැවින් එම අදහස අත් හැර දැමීමට සිදූවු බව කියවේ. එසේම M5 වර්ගයේ එන්ජින් මෙරටට පැමිණිමත් සමග M4 එන්ජින් වල උඩරට සේවය නිමා වූ බවට තවත් මතයකි. එබැවින් වර්තමානයේ දී මෙම එන්ජින් උඩරට මාර්ගයේ ධාවනය නොවේ. (නමුත්  අවශ්‍යනම් මහනුවර සහ නාවලපිටිය දක්වා ගැටලුවකින් තොරව ධාවනය කල හැකියි.) වර්තමානයේදී අනෙකුත් මාර්ග වල (කැළණිවැලි සහ මාතලේ මාර්ගය හැර) ඉතා සාර්ථකව ධාවනය කෙරේ.

    මෙම එන්ජින් පැයට කිලෝමිටර 100කටත් වඩා වැඩි වේගයකින් ධාවනය කිරීමේ හැකියාව සහිත මෙම එන්ජින් වල බලය 2000hp තරම් වුවද ධාවනයේදී සිදුවන අනවශ්‍ය ගෙවීයාම් අවම කරගැනීම සඳහා එන්ජින්වල උත්පාදන බලය සීමා කොට ඇති බව කියවේ. ශ්‍රී ලංකාව හැරුණුකොට මෙම MLW වර්ග වල එන්ජින් කැනඩාව, අප්‍රිකාව, ටැන්සානියාව, ඉරාකය, බංගලාදේශය ආදී රටවල් වල භාවිත කෙරේ.

    තවත් වැදගත් කාරණාවක් වන්නේ මෙම එන්ජින් නිපදවූ කර්මාන්ත ශාලාව වර්ෂ 2000දී හෝ ඊට ආසන්න කාලයක ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වීම නිසා එම සමාගම වසා දැමීමයි.

ඡායාරූප:-
(මුල් හිමිකරුවන් සඳහා සබැඳියක් ඡායාරූපයට ලබාදී ඇත.)




අනුරාධපුර හැරවුම් වේදිකාව මත ඇති M4 වර්ගයේ එන්ජිමක්...
(ධාවනයේදී රියදුරාට මාර්ගයේ ඉදිරිය වඩා පැහැදිලිව දැකීමට මෙසේ එන්ජිම හරවාගනු ලැබේ)

IMAG0316


Class M4 Loco No.744 MLW Alco Bombardier
අළුත්ගම දුම්රිය ස්ථානයේදී Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්....

Class M4 MLW - Alco Bombardier # 745 arriving at Aluthgama
"රුහුණු කුමාරි" සමග "රුවන්වැලි"අලුත්ගමදී.....
අළුත්ගම දුම්රිය ස්ථානයේදී Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...

Class M4 heading "Rajarata Rajini" coming to a stop at Aluthgama
"රජරට රැජිණ" සමග "දුන්හිඳ"අලුත්ගමදී.....
අළුත්ගම දුම්රිය ස්ථානයේදී Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්..

yal devi
"යාල් දේවී" සමග "කැළණි"....
 Chamindanath මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්..

'Ruhunu Kumari' Express train at Aluthgama
"රුහුණු කුමාරි" සමග "මැණික්"අලුත්ගමදී.....
අළුත්ගම දුම්රිය ස්ථානයේදී Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්..
"උදය දේවී" සමග "කැළණි" මහව හන්දිය දුම්රිය ස්ථානයේදී.....
 Lahiru Kannangara මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්..


Ruhunu Kumari Express Train
"රුහුණු කුමාරි" සමග "මහවැලි".....
 Hafiz Issadeen මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...


747 "කැළණි" එන්ජිම
සුසිත රවින්ද සෙනරත්  මහතා විසින් කුරුණැගලදී ගන්නා ලද ඡායාරූපයක්....





ස්තුතිය:- මෙහි සඳහන් ඇතැම් දුර්ලභ විස්තර සැපයු නලින් අබේසිංහ සොයුරාට විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි.........

    30 comments:

    1. ම්...M4 නියමයි මගේ අයියා....

      ReplyDelete
    2. කෝච්චි සම්බන්ධව මාගේ සොහොයුරාට ඇත්තෙ...සුලු පටු පිස්සුවක් නොවේය....ඔහුත් කෝච්චියක් වැනිය.

      ReplyDelete
    3. හික්ස්zzzz :-D ස්තුතියි.. එහෙම තමයි අපි.. ;)

      ReplyDelete
    4. නියමයි
      බොහොමයක් නොදත් කරුණු දැනගත්තා අනිවාර්‍යයෙන් කියවන ලිපි පෙලක්!

      ReplyDelete
    5. නියමයි මල්ලියෙ.කෝච්චි ගැනනම් ගොඩක් දේ දැන ගත්තා.තව ලියමු..

      ReplyDelete
    6. M4 උඩරට දුම්රිය මාර්ගයේත් එන්න ලැබුනානමි. ඌවේ අපිටත් ආඩමිබරයක්.එන්ජින් පිලිබඳව ගොඩක් විස්තර මෙම ලිපි පෙළින් දැනගත්තා.නියමයි ස්තුතියි..

      ReplyDelete
    7. Great work Chandika !
      A small correction. Montreal Locomotive works was acquired by Bombardier and later Bombardier stepped out of manufacturing locomotive engines. Part of former Montreal's plant was sold to General Electric. That part was destroyed by fire sometime later. Refer Wikipidia under Montreal Locomotive works.

      Keep up Bro.

      ReplyDelete
    8. වල්පල් ආගිය කථා, නිසරු දෙබස් පිරුණු සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොගයක නියම අරුත ගෙනා අරුත් බර තැනකි. ස්තූතියි ඹබට.

      ReplyDelete
    9. @ Neranji,Kanishka,Chathura & Sasika
      ඔබගේ ප්‍රතිචාරයන්ට බෙහෙවින්ම ස්තුතියි.

      @ Asanga Chandrawansa
      Thank you very much for the comment and the information, friend. I got doubt about that part. Thanks again for the help.

      ReplyDelete
    10. පෙර ලියූ ලිපි පරිද්දෙන් ම ඉතාමත් සාර්ථක සහ වැදගත් කරුණු රැසක් ඇතුලත් ලිපියක්...... දුම්රිය සම්බන්ධයෙන් තොරතුරු සොයන අයට හුඟක් වැදගත්....

      ReplyDelete
    11. පිස්සු හැදෙනව මේ එන්ජින් දැක්කම නං.. මාත් එක දවසක් එන්ජිමක ගිහින් තියේ..

      ReplyDelete
    12. බෙදාගත්ත එක ගැන සතුටුයි.

      මෙන්න මල්.

      ReplyDelete
    13. අන්න එන්ජිම. :D රුහුණු කුමාරියේ නිත්‍ය අයිතිකාරයා වගේ දුවන්නේ මෙයා තමයි. මුහුදු බඩ මාර්ගයේ රජරට රුජින සාගරිකා වගේ දුම්රිය වලටත් නිතර දුවනවා. අර කිව්වත් වගේ හොඳ බලයක් තියන බව යන එන අපිටත් තේරෙනවා පිකප් එකෙන්ම.

      මාත් නිතරම කෝච්චියේ යනවා එනවා වගේම. කෝච්චියට නගින බහින කොට එන්ජිමටත් පොඩ්ඩක් එබෙනෙ කෙනෙක්. මා ලඟත් තියනවා 747 "කැළණි" එන්ජිමේ සමීප ඡායාරූපයක්. එවන්නම් ඒකත්.

      ReplyDelete
    14. @ සුසිත,
      බොහොම ස්තුතියි ඔබට... මම එය මේ ලිපියටම ඇතුලත් කරන්නම්.

      @කණියා, smartB, Anonymous,
      බොහොම ස්තුතියි ප්‍රතිචාරයන්ට...

      ReplyDelete
    15. නියමයි. මං තාම ටි්‍රයි කරනවා එන්ජිමක යන්න ඒත් වැඩේ තාම සෙට් උනේ නෑ. ඔය නම් තියෙන කෝච්චි වලින් උදය දේවි ඇරෙන්න අනිත් සේරම ඒව වල ගිහින් තියෙනවා. උදය දේවි කොලඹින් යන වෙලාව පොඩ්ඩක් සටහන් කරන්න පුලුවන් නම් හොදයි.

      ReplyDelete
    16. නියමයි මචෝ...ගොඩක් වටිනවා ..ගොඩක් දේවල් දැනගත්ත..ඔහොම යන් ඔහොම යන් ..කික්ස් ම තමා..උබට .....ජිමා කිව්වට කමක් නෑ....

      ReplyDelete
    17. @මධුරංග

      "උදය දේවී" ඇතුළු සියළුම දුම්රියන් හි නිවැරදි කාලසටහන් පහළ තියෙන සබැඳියෙන් සොයාගන්න පුළුවන්.....

      http://www.slrfc.org/sri-lanka-railways-timetable

      ReplyDelete
    18. ආයෙ ඉතින් මේකෙ ස්පීඩ් එක ගැන කතා කරල වැඩක් නෑ. රැජින , රුහුණු කුමාරි එන්නෙ යකා වගෙ. වැඩේ ඉතින් ලංකාවෙ වේගෙන් යන්න බැරි එක තමා.

      ReplyDelete
    19. Thnx for d information brother!!!!..

      ReplyDelete
    20. mama wagema m4 malata asa aya thawa innawa ehenam.mama nithara me locomotive eka gana thorathuru hoyanawa.danata lokaye janapriyama engine wargayak meka.hebei meke power eka 1750hp dakwa adu kala.indian wdm 3 enna kalin lankawe most powerful engine eka meka.itath passe alstom prima(m 9) awe.kohoma unath me enjine walata lanwennwath wena ewata behe. bombardiar company eka ardawa wahuwath india wala alco spare parts hadanawa.itath wada ape slr eke inna daksha technicians la mewata parts meheth hada ganna bawa dannawada

      ReplyDelete
    21. මේක නම් නියම භාණ්ඩයක්

      ReplyDelete
    22. මේක නම් නියම භාණ්ඩයක් මචන්

      ReplyDelete
    23. බොහොම ස්තුති ! වැදගත් වටිනා දැනුම අපහට බෙදා දුන්නට.

      ReplyDelete
    24. ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි..අවුරුදු ගනණාවක් තිස්සේ තිබුන ලොකු අඩුවක් මේක..අපේ රටේ ගොඩක් දෙනෙක්ට දුම් රිය ගමන ගැන ඒ තරම් සුභවාදී ආකල්පයක් නැහැ.අපි හැමෝටම ඕනා ලOකාවේ දුම් රිය කියන එක මුලු ලෝකෙම ප්‍රසිද්ධ කරන්න.ඒකට මෙ බ්ලොග් එක ගොඩාක් වැදගත් වෙවි..ඔබට සදා ජය...!!!

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි :)

        Delete
    25. ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි..අවුරුදු ගනණාවක් තිස්සේ තිබුන ලොකු අඩුවක් මේක..අපේ රටේ ගොඩක් දෙනෙක්ට දුම් රිය ගමන ගැන ඒ තරම් සුභවාදී ආකල්පයක් නැහැ.අපි හැමෝටම ඕනා ලOකාවේ දුම් රිය කියන එක මුලු ලෝකෙම ප්‍රසිද්ධ කරන්න.ඒකට මෙ බ්ලොග් එක ගොඩාක් වැදගත් වෙවි..ඔබට සදා ජය...!!!

      ReplyDelete
    26. මම වැඩිපුරම ආදරේ කරන එන්ජිම තමයි M4 .
      මාව කොච්චි පිස්සෙක් කරේ මෙයා තමයි!

      මගේ බ්ලොග් එකේ මම ලිව්ව ලිපියක් මේ
      ක්ලාස් ඇම් 4 හා මගේ ආදරණිය දුම්රිය මතකයන් .
      http://magelokaya01.blogspot.com/2017/06/4.html

      ReplyDelete