එම වර්ගයේ එන්ජින් පිළිබඳ සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.
- එන්ජින් පන්තිය - M2
- නිශ්පාදිත රට - කැනඩාව
- නිපදවූ සමාගම - General Motors (G.M.D.) ( කැනඩා සමාගම)
- ගෙන්වූ වර්ෂය - 1954
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - General Motors - GM V12 12-567c (2 stroke)
- උපරිම බලය - 1425hp
- උපරිම වේගය - 112km/h
- බර - ටොන් 79
- වර්ණය - රතු හා කොල පැහැය, පසුව ලා නිල්, තද නිල්, රීදී පැහැය සමග කහ පැහැති පටියක්
- ගෙන්වූ එන්ජින් ගණන - 14 (569-629)
මෙයින් M2,M2a,M2b සහ M2d එන්ජින් වල ඇත්තේ A1A-A1A වර්ගයේ axle arrangement වන අතර M2c වල ඇත්තේ Bo-Bo Axle arrangement. (Axle arrangement ගැන දැනගන්න මෙයින් යොමුවෙන්න). තවද මෙහි Sand Box පහසුකමත් අඩංගුයි. එමගින් මාර්ගය ලිස්සන අවස්ථාවේදී මාර්ගයට වැලි එකතු කර ඝර්ෂණය වැඩි කරගත හැකියි.
කැනඩාවේ ජෙනරල් මෝර්ටර්ස් (General Motors-Canada) නැමැති සුප්‍රකට සමාගමේ නිශ්පාදනයක් වන මෙම M2 පන්තියේ එන්ජින් අපේ රටට ලැබෙනුයේ 1954 වසරේදී. ඒ "කොළඹ ක්‍රමය" (The Colombo Plan) නමැති විදේශ ආධාර වැඩ සටහන ඔස්සේයි. G12 වර්ගයේ එන්ජින් වන මේවා ආනයනයෙන් පසුව මෙරටදී M2 ධාවන පන්තිය යටතේ සේවයට යෙදවෙන ලදී.
එම M2 ධාවන පන්තිය M2, M2a, M2b, M2c සහ M2d ලෙස උප කාණ්ඩ පහකට වෙන් කර ඇති අතර. සම්පූර්ණ එන්ජින් ගණන 14ක්. ඉතාම සතුටුදායක කාරණාවනම් මෙසේ ගෙන්වු එන්ජින් 14න් 13ක් මේ වනවිටත් සාර්ථකව ධාවනයට යෙදවීම. මින් එක් එන්ජිමක් පමණක් (571) ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා නැවත අලුත්වැඩියා කල නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් කරන ලදී. පසුකලෙක එම එන්ජිම පැරණි යකඩ සඳහා කපා අලෙවිකර ඇත.
මෙම වර්ගයේ එන්ජිමක් මුලින්ම ධාවනය සඳහා යොදවාගෙන ඇත්තේ වර්ෂ 1954 අප්‍රේල් මස 24 වැනි දින ධාවනය කල රුහුණු කුමාරිය සඳහායි. එසේ ඇරඹුණු M2 එන්ජින් වල සේවය අද වන විට වසර 50 ස්වර්ණ ජයන්තියද පසු කරමින් ඉතා සාර්ථක ලෙස සේවයේ යොදවනු ලැබේ.
මෙම වර්ගයේ එන්ජිමක් මුලින්ම ධාවනය සඳහා යොදවාගෙන ඇත්තේ වර්ෂ 1954 අප්‍රේල් මස 24 වැනි දින ධාවනය කල රුහුණු කුමාරිය සඳහායි. එසේ ඇරඹුණු M2 එන්ජින් වල සේවය අද වන විට වසර 50 ස්වර්ණ ජයන්තියද පසු කරමින් ඉතා සාර්ථක ලෙස සේවයේ යොදවනු ලැබේ.
කලින් කලට මෙම එන්ජින් වල සුළු වෙනස්කම් කිහිපයක් සිදුකොට ඇත. ඉන් කිහිපයක් ලෙස, ඉදිරිපස ආරක්ෂක බාධා නිවාරකය (බපරය) හෙවත් Cowcatcher ඉවත් කර ඒ වෙනුවට W1 වර්ගයේ එන්ජිමෙහි එම කොටස යොදා තිබීමත් ඉදිරිපස ආලෝක ලාම්පු වෙනස් කිරීමත් ආදීය දැක්විය හැකිය. මෙම M2 එන්ජින් කැළණිවැලි මාර්ගය සහ මහනුවර-මාතලේ මාර්ගය හැරුණුකොට අන් සියලු මාර්ගවල ධාවනය කල හැකියි. මේ අනුව මෙතෙක් මෙරටට ගෙනා සාර්ථකම දුම්රිය එන්ජිම ලෙස මෙය හැදින්විය හැකියි.
මෙම එන්ජින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කැනඩාවේ ප්‍රාන්ත කිහිපයක නම් යොදා තිබේ. එයින් එන්ජින් දෙකක් සඳහා (626, 627) කැනඩාවේ ප්‍රාන්ත වෙනුවට ප්‍රධාන නගර දෙකක නම් යොදා තිබේ. එම විස්තර පහත දැක්වේ.
අංකය | නම | ගෙන්වූ වසර | ධාවන පන්තිය | විශේෂ කරුණු |
569 | Ontario | 1954 | M2 | |
570 | Alberta | 1954 | M2 | *note 1 |
571 | Saskatchewan | 1954 | M2 | 1956.04.23 උඩරට මැණිකේ සමග මුල්ම ගමන, **note 2 |
572 | British Colombia | 1955 | M2 | _ |
573 | Quebec | 1955 | M2 | _ |
591 | Manitoba | 1956 | M2a | **note 3 |
592 | Nova Scotia | 1956 | M2a | _ |
593 | New Brunswick | 1956 | M2a | _ |
594 | Prince Edward Island | 1958 | M2b | _ |
595 | Newfoundland | 1958 | M2b | _ |
626 | Montreal | 1961 | M2c | මුල්ම ගමන 1961.08.08, ***note 4 |
627 | Vancouver | 1961 | M2c | මුල්ම ගමන 1961.08.04, ***note 4 |
628 | කන්කසන්තුරේ | 1966 | M2d | ***note 5 |
629 | ගාල්ල | 1966 | M2d | ***note 5 |
*note 1 :- සිවිල් යුද්ධය නිසා 1992 සිට 1996 දක්වා කන්සන්තුරේ ගාල්කර තිබී පසුව නැව් මගින් කොළඹට ගෙනවිත් රත්මලාන කර්මාන්ත ශාලාවේදී පිලිසකර කර ධාවනයට යොදන ලදී. නැවතත් 2007.06.07 පූනානි හිදි බිම් බෝමිබයකට අසුවී සුලු හානි සිදුවිය.
*note 2 :- 1985 දී LTTE ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් මෙම එන්ජිම නැවත අලුත්වැඩියා කල නොහැකි ලෙස විනාශ විය.
*note 3 :- 2004 දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යවසනයට හසුවූ පසු නැවත අලුත්වැඩියා කර 2008 දෙසැම්බර් 26 දින නැවත ධාවනයට එක් කරන ලදී.
*note 4 :- විශේෂයෙන් උඩරට මාර්ගයේ ධාවනයට වෙන්කර තිබේ එනමුත් මෑත අතීතයේදී මේවා කිහිපවරක් මුදුදුබඩ මාර්ගයේද ධාවනය කර තිබේ. (මාතලේ මාර්ගය හැර).
*note 5 :- ගාල්ල, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා වල ප්‍රවාහන කටයුතු සඳහා ගෙන ආ අතර මේ වන විට මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත. මෙම එන්ජින් දෙක ඇමරිකාවේ නිෂ්පාදනය කර තිබේ. මෙම එන්ජින් දෙකට අදාල සිමෙන්ති සමාගම් වෙනුවෙන් කන්කසන්තුරේ සහ ගාල්ල ලෙස සිංහල නම් යොදා තිබීම විශේෂත්වයකි.
ඡායාරූප පෙල....
ඡායාරූප පෙල....
මහනුවරට ලඟාවන M2 එන්ජිමක් සහිත දුම්රියක්.....
මේ දැක්වෙන්නේ 573 මෙරටට ඒමට පෙර කැනඩාවේදී...
595 මෙරටට ඒමට පෙර කැනඩාවේදී..
(593 විය යුතුයි) පෙර පැවති වර්ණය...
(ඡායාරූපයේ හිමිකරු නොදනී)
569 Ontario......
569 මනම්පිටිය පාලම මත....
(ඡායාරූපයේ හිමිකරු නොදනී)
570 Alberta බෙන්තොට දුම්රිය ස්ථානයේදී...... ඡායාරූපය:- හෆීස් ඉසඩීන් මහතා |
595 Newfoundland
(ඡායාරූපයේ හිමිකරු නොදනී)
626 Montreal නානුඔයදී....
(Sri Lanka Railway Forum)
627 Vancouver නානුඔයදී.......
(Sri Lanka Railway Forum)
629 "ගාල්ල" එන්ජිම ගාල්ල දුම්රිය සථානයේදී....
(Sri Lanka Railway Forum)
628 "කන්කසන්තුරේ" එන්ජිම
(ඡායාරූපයේ හිමිකරු නොදනී)
සුනාමි ව්‍යවසනය නිසා පෙරැලුණු 591 Manitoba.......
(ඡායාරූපයේ හිමිකරු නොදනී)
|
591 Manitoba යලි පණ ලැබ......... (ඡායාරූපයේ හිමිකරු නොදනී) |
.
(මෙහි පල කර ඇති සියළු ඡායාරූප වල අයිතිය පහතින් දක්වා ඇති ඒවාට අදාල මුල් ලිපිවල හිමිකරුවන් සතුය.)
ලිපියට තොරතුරු සහ ඡායාරූප :-
http://www.facebook.com/photo.php?fbid=1345201488485&set=o.48455420684
http://www.colombo-plan.org/resources/newsletters/FocusJanuary2005.pdf
http://www.srilankadot.com/wiki-Sri_Lanka_Railways
http://gyan.slrfc.org/locoalberta.htm
http://gyan.slrfc.org/locoemd.htm
http://www.srilankanlocos.com/about/abt.html
http://emdexport.railfan.net/asia/srilanka.html
http://www.flickr.com/photos/yimhafiz/sets/72157607657699571/
http://www.srilankanlocos.com/intro.html
හොදයි අයියා අලුත් තොරතුරැ ගොඩක් තියෙනවා :a
ReplyDeleteඅගය කලයුතු උත්සාහයක්. බොහොම වැදගත්. දිගටම ලියමු.....
ReplyDeleteවැදගත් ලිපියක්. දිගටම ලියන්න.
ReplyDeleteනියමයි බොහොම ආසාවෙන් කියවන ලිපි පෙලක්...
ReplyDeleteඔබට බොහොම ස්තුතියි.
පොඩි නිවැරදි කිරීමක් කරන්න අවසර..
"570 Alberta හික්කඩුවේදි......." යන කොටස පොඩ්ඩක් වෙනස් කරන්න. එය හික්කඩුව දුම්රිය ස්ථානය නොව බෙන්තොට දුම්රිය ස්ථානයයි.
nice post
ReplyDeleteස්තුතියි හැමෝගෙම ප්‍රතිචාර වලට :a
ReplyDelete@ Kanishka
පොඩි අතපසුවීමක්.. නිවැරදි කලා. ස්තුතියි මිතුරේ පෙන්වලා දුන්නට.... :q
නියමයි ....e-kicks ...kicksssss... :a
ReplyDelete:n very nice....මාර විස්තර තමයි මෙයාටත් හම්බෙන්නෙ.....
ReplyDeleteනියමයි. :c දිගටම ලියන්න :q
ReplyDeleteරසවත් ලිපියක්.. දිගටම ලියන්න. ආසාවෙන් කියවූවා...
ReplyDeleteමමත් නිතර දුම්රියේ ගමන් කරන දුම්රියට ආදරය කරන කෙනෙක්. සතුටුයි මේ ලිපි පෙළ ගැන.
ReplyDeleteM2 මමත් නිතර මුහුදු බඩ මාර්ගයේ දැකල තියනවා. ඉස්සර මහනුවර මාතර දුම්රියට ආවෙම ඔය එන්ජිම තමා. දැන් නම් නෑ. ගාලු කුමාරියටත් ඉඳල හිටල එනවා. ම්.. තව ත්‍රිකුණාමලය මාතර දුම්රියටත් එනවා. එහෙම ආපු වෙලාවකනේ සුනාමියට අහුවුනේ. ඒකෙන් රියදුරු සහ සහායක දෙදෙනාම මියගියා. රියදුරාගෙ සිරුර එන්ජිමටම යටවෙලා තිබුන නිසා ඒක ගන්න එන්ජිම උස්සන්න බැරි නිසා යටින් වලක් හාරලලු මෘත ශරීරය එලියට ගත්තේ.
superb...
ReplyDeleteෆට්ට ෆට්ට.. දන්නෙ නැති දේවල් ගොඩයි.
ReplyDeleteමරේ මරැ.... නියමයි.............
ReplyDeleteබොහොමත්ම ස්තුතියි මේ හැම ප්‍රතිචාරයකටම........ :s
ReplyDeleteඇත්ත තමා නියමම ලිපි පෙලක් තමා..... :q
ReplyDeleteමම අහල තියෙන් විධියට M2 ලෙස වර්ග කර ඇති EMD G12 එන්ජිම තමා අපේ උඩරට දුම්රිය මාර්ගයට වඩාත්ම ගැලපෙන එක. මේවායේ විස්තර මමත් කාලයක් එකතු තළා. මෙය සිංහල බ්ලොග් එකකින් දකින්ට ලැබීමත් සතුටත්. දිගටම ලියන්න.
ReplyDeleteහොදයි.. තව ලියන්න.
ReplyDelete@priyantha.ඒබී
ReplyDeleteඋඩරට මාර්ගයේ ධාවනයට සුදුසු ම එන්ජිම විදියට M6 එන්ජිම නම් කිරීම වඩාත් යෝග්‍යයි. ඊට හේතු චන්දිකගෙ ඉදිරි ලිපි වලින් තොරතුරු ඉදිරිපත් වේවි කියලා මම හිතනවා. ඇත්තෙන් ම කියනවානම් M2 එන්ජින් වලින් උඩරට මාර්ගයේ බදුල්ල දක්වා ම ධාවනය කිරීමට වඩාත් ම සුදුසු M2c එන්ජින් දෙක පමණයි (එනම් 626 සහ 627). ඊට හේතුව වශයෙන් එහි Bo-Bo ඇක්සල සැකැස්ම ගෙනහැර දැක්විය හැකියි. ඉතිරි M2 එන්ජින් මහනුවර තෙක් ධාවනය කරවීමේ හැකියාව පවතිනවා.
Bo-Bo එක බොගියකට ඇත්තේ ඇක්සල 2ක් පමණි. අනෙකුත් M2 කාණ්ඩ වල (M2a, M2b, M2d) බෝගී A1A-A1A ඇක්සල 3ක් ඇත. ඇක්සල 3ක් තිබීමෙන් වීල් බේස් එකේ දිග වැඩිවී උඩරට මාර්ගයේ වංගු ගැනීමේදී අපහසු වෙයි.
Delete@ smartB
ReplyDeleteසහතිකවම මමත් පිලිගන්න විදියට M6 තමයි උඩරට මාර්ගයට වඩාත්ම සුදුසු එන්ජිම. M6 ගැන ලිපියෙදි අපි ඒ ගැන කතා කරමු. :)
හැමෝටම ස්තුතියි අදහස් දැක්වූවට.
මම විස්වාස කරන විදියට උඩරට මාර්ගයට වඩාත්ම උචිත වන්නේ M5 එන්ජිමයි. එහි Bo-Bo බොගිය සහ බරෙන් අඩුවීම, කම්පන අඩුවීම, රියදුරාට පැහැදිලිව මාර්ගය දැකගැනීමට හැකිවීම සුදුසුකම් ලෙස දක්වමි.
Deleteඅන්තිම එන්ජින් දෙක ඒ නම් වලින් හඳුන්වන්න හේතුව ඒවා කන්කසන්තුරේ සහ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලාවල සේවය සඳහා යොදවා ගැනීමට අදහස් කල නිසා කියල මට ඇහිලා තියෙනවා.
ReplyDeleteM2 තරම් වටිනා එන්ජිමක් තවත් නැත.එය ලංකාවේ ඕනෑම තැනකට ගැලපෙයි.
ReplyDeleteහොදයි.. තව ලියන්න නියමම ලිපි පෙලක්..
ReplyDeleteHello,
ReplyDeleteLucky to be here. This immediatelly took me to early 70's where M2 dominated coast line where I lived and (ever breaking)M1 (we called it English engine and M2 the Canadian engine)steam locos were still running.
About 2 years ago, when I was driving in London (in the province of Ontario), Canada I noticed a couple of new, sand brown engines with some arabic lettering standing in front of a factory. They were just like our old M2 but looks more modern. I turned back and it was the EMD factory and I believe all Canadian loco engines originated from this factory. Unfortunately Caterpillar bought this factory last year, closed the facility and moved the production to Indiana, USA. I will take a photograph of the facility and send it to you when I get a chance. Google '1991 Oxford St E, London, ON N5V 2Z7' zoom the satellite view and you'll be able to see a couple of engines as well.
Take care,
kJ
මේ සෙට් එකෙන් මම ආස 628 ට
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete570 is rebuilt and now in use
ReplyDelete570 rebuilt and now in use
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක තිබුනේ FB එකේ එතන පත්තරේ ලිපිය තිබුනා
ReplyDeleteM2 එන්ජිමට මුලින්ම කව් කැචර් එකක් හැදුවෙ ඕදිරිස් ද?
සමහර වෙලාවට අපි නොහිතන තැන්වල තිබිල නොහිතන දේවල් හමුවෙනව. මේ තොරතුර මට ලැබුනෙ 2012 අවුරුද්දේ කඩෙිකින් ගත්ත බත්පාර්සලයක් එක්ක. ඒක ඔතල තිබුණෙ පත්තර පිටුවක, කෑම එක කාල ඉවරවෙල බත් එකේ ඉතුරුහරිය එක්ක විසිකරන්න යනගමන් නිකමට වගේ ඒ පත්තර පිටුවෙ තිබුණු ඕදිරිස් ගැන ලියල තිබුණ මෙන්න මේ ලිපිය උඩින් පල්ලෙන් කියෙව්ව. මාර කතාවක් ඒකෙ තියනව..
මම ජීවිතේට මෙහෙම කතාවක් අහල තිබුනෙ නෑ... මට මේ පත්තර පිටුව ලැබුනෙ 2012 පෙබරවාරි මාසෙ විතර. විපරම් කරල බලනකොට මේ පත්තර පිටුව 2011අගෝස්තු 14 ඉරිදා රන්දිව පුවත්පතට අයිති එකක්.
මේ විස්තරේ කියවගන යනකොට මට එදා ඇතිවුන ප්‍රශ්නෙ තමයි මොකක්ද මේ දුම්රිය එන්ජිම කියන එක. සමහර විට මේක කියවන ඔබලටත් ඒ ප්‍රශ්ණෙ ඇතිවෙයි.
හැබෑමට මේ දුම්රිය එන්ජිම මොකක්ද?
1955ට කලින් දුම්රිය දෙපාර්තමේන්තුවෙ ELS ධාවනාගාරයෙ තිබුනෙ ඩීසල් එන්ජින් වර්ග 3යි. M1, M2 සහ G2. මේ එන්ජින් අතරින් G2 එන්ජින් වලට කව් කැචර් තිබිලම නෑ. M1 වලට එංගලන්තෙන්ම එනකොට කව්කැචර් තිබුණා.
මට ඕන උනා මේ කව් කැචර් කතාවෙ සම්පූර්ණ විස්තරේම හොයාගන්න. ඒකට හොදම පුද්ගලය තමයි මේ ලිපියෙ මාතෘකාවෙන් කියවෙන ඕදිරිස් මහත්මය.හොයලා බැලුවම එතුමා දැන් ජීවතුන් අතර නෑ. ඒක නිසා මම මේ කතාවෙ ඇත්ත නැත්ත ගැන හොයන්න පාමංකඩ තියන ඕදිරිස් ෆැක්ටරියටත් ගියා. නමුත් එතන ඉන්න අයත් මේ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. කොහොම නමුත් 1955 දි ඕදිරිස් මහත්මය දුම්රිය සේවයෙන් මරදානෙ ELS ධාවනාගාරයෙන් ඉවත් වෙලා එයාගෙ පුද්ගලික ව්‍යාපාරික කටයුත්ත පටන්ගන තියනව කියල විතරක් විස්තරයක් මට එතනින් ලැබුණ. එහෙම බැලුවොත් මේ කියන එන්ජිම 1955ට කලින් දුම්රියට ගෙනාව එන්ජිමක් වෙන්න ඕන.
M2 එන්ජින් ලංකාවට ගේන්නෙ 1954 දෙසැම්බර් මාසෙදි. ඒ වගේම M2 එන්ජින් කොළඹ වරායෙන් ගොඩබාන ඡායාරූප බලනකොට ඒවගෙ කව් කැචර් එකක් තිබෙන බවක් පේන්න නෑ.
M2 මුල්කාලයේ ඡායාරූප සියුම්ව නිරීක්ෂණය කරල බලනකොට පේනවා ඒවට හයිකරල තියන කව්කැචර් එක ටිකක් රළු ෆිනිෂින් එකක් තියන එකක්. බැලූ බැල්මටම ඒකනම් ජෙනරල් මෝටර්ස් නිෂ්පාදනයක් නෙවෙයි කියල පේනව.
https://m.facebook.com/groups/1739676146318624?view=permalink&id=1988097288143174