ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා |
කෙසේ වුවත් මෙම එන්ජින් භාවිතයේ සහ නඩත්තුවේ අපහසුතාවයන් හේතුකොටගෙන සහ එවකට ක්‍රමයෙන් ලොවපුරා ජනප්‍රිය වෙමින් පැවතුන ඩීසල් දුම්රිය එන්ජින් අතිසාර්ථක වීමත් යන කරුණු ද්විත්වය හේතුකොටගෙන වර්ෂ 1953දී පමණ වන විට එවකට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු තනතුර හෙබවූ බී.ඩී. රම්පාල [පසුව සාමාන්‍යාධිකාරී (1955-1970)-පළමු සිංහල සාමාන්‍යාධිකාරීවරයා] මැතිතුමාගේ මූලිකත්වයෙන් මෙරටට ඩීසල් දුම්රිය එන්ජින් හඳුන්වා දීමට ගෙන ඒමට පිඹුරුපත් සකස් කරන ලදී. මේ වන විට S1 ඩීසල් බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ග වලට හඳුන්වා දී සාර්ථක වී තිබු යුගයද විය.
ඒ අනුව 1953 වසරේදී මුල්ම ඩීසල් එන්ජිම ලංකාවට ගෙන එන ලදී. M1 ධාවන පන්තිය යටතේ වර්ග කරනලද මෙම එන්ජිම අලංකාර රතු පැහැයෙන් යුක්ත වූ අතර එහි තාක්ෂණික විස්තර මෙසේයි.
- එන්ජින් පන්තිය - M1
- නිශ්පාදිත රට - මහා බ්‍රිතාන්‍යය
- නිපදවූ සමාගම - Brush Bagnall (England)
- ගෙන්වූ වර්ෂය - 1953
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - Mirrlees V12 JS12VT (4 stroke)
- උපරිම බලය - 880hp (1000bhp)
- උපරිම වේගය - 88 kmph
- Axel Arrangement - A1A-A1A
- බර - ටොන් 88
- වර්ණය - රතු පැහැය
- ගෙන්වූ එන්ජින් ගණන - 25
මෙසේ ගෙන්වන ලද පළමු එන්ජිම අංක 539 ලෙස කාණ්ඩ ගත කරන ලද අතර (සෑම එන්ජිමකම තමන්ට හිමි අංකය එහි බඳෙහි සටහන් කර තිබේ). එම දුම්රිය එන්ජිම සාර්ථක ප්‍රතිඵල දැක්වූ අතර එම වර්ගයේ තවත් එන්ජින් 24ක් මෙරටට ආනයනය කරන ලදී. මෙසේ ගෙන්වූ එන්ජින් 25 (අංක 539 සිට 563 දක්වා) මගින් දුම්රිය එන්ජින් බල ඇණිය මෙරට දුම්රිය මාර්ග වල ධාවනය වූ බොහෝ දුම්රියන් සඳහා යොදවන ලදී. මෙම එන්ජින් උඩරට දුම්රියන් සදහාද ඉතා සාර්ථක ලෙස ධාවනයට පවා යොදවන ලදී. එසේම උඩරට ධාවනයේදී ඇතැම්විට Double-Headed (එන්ජින් දෙකක්) ආකාරයට ධාවනය කිරීම සිදු කල අතර වැඩි මැදිරි සංඛ්‍යාවකින් යුක්ත වූ දුම්රියන් මේ මගින් පහසුවෙන් උඩරට මාර්ගයේ ධාවනය කල හැකි විය. එසේම සුවිශේෂි Dual Cabin පහසුකම නිසා මෙම එන්ජින් හැරවීමකින් තොරව ආපසු ධාවනය කිරීමට තිබූ හැකියාව අමතර වාසියක් විය.
මෙසේ මෙරට දුම්රිය සේවයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කල M1 පන්තියේ දුම්රිය එන්ජින් 1953 සිට 1983 දක්වා අඛණ්ඩව වසර 30ක් පමණ කාලයක් තුල ස්වකීය සේවය මෙරට ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර එම දශක තුනකට ආසන්න කාලය තුල අති සාර්ථක එන්ජින් ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වු බව කියවේ. කෙසේ වුවද 1984 වසර වන විට එතෙක් ධාවනයට යොදවා තිබුණ මෙම M1 එන්ජින් සියල්ලම ධාවනයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. එයට හේතුව වූයේ එවායින් ලබා ගත හැකි උපරිම සේවය ඒ වන විට ලබාගෙන තිබීම නිසා ත්, අලුත් වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට අපහසු වීමත් නිසා තව දුරටත් නඩත්තු කල නොහැකි තත්වයට පත්වීමෙනි. එබැවින් ඒවා තව දුරටත් ධාවනය කරවීම ලාභදායී නොවු බැවින් එව වර්ගයේ සියලු එන්ජින් ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.
එසේ ධාවනයෙන් ඉවත් කර අත හැර දමන ලද එන්ජින් 25න් මේ වන විට ඉතිරිව නිබෙන්නේ එන්ජින් කිහිපයක් පමණි. ඉතිරි එන්ජින් බොහොමය විවිධ අවස්ථා වලදී පැරණි යකඩ සඳහා කපා අලෙවි කර තිබේ.
-------------------------------------------------------------------------
පසු සටහන (2012.07.08)
මේ වන විට අංක 560 දරණ M1 එන්ජිම මහව දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය සඳහා තැබීමට කටයුතු සලසා ඇති අතර ඉතිරිව ඇති එකම M1 එන්ජිම එය වනු ඇත.
එසේ ධාවනයෙන් ඉවත් කර අත හැර දමන ලද එන්ජින් 25න් මේ වන විට ඉතිරිව නිබෙන්නේ එන්ජින් කිහිපයක් පමණි. ඉතිරි එන්ජින් බොහොමය විවිධ අවස්ථා වලදී පැරණි යකඩ සඳහා කපා අලෙවි කර තිබේ.
-------------------------------------------------------------------------
පසු සටහන (2012.07.08)
මේ වන විට අංක 560 දරණ M1 එන්ජිම මහව දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය සඳහා තැබීමට කටයුතු සලසා ඇති අතර ඉතිරිව ඇති එකම M1 එන්ජිම එය වනු ඇත.
ඡායාරූප :-
අංක 560 දරණ එන්ජිම 1976 දි චාවකච්චේරි දුම්රිය පොලේදී ගන්නා ලද ඡායාරෑපයක් ඡායාරැපය:- M. මුතුකුමාරස්වාමි මහතා |
අංක 551 දරණ එන්ජිම කොණ්ඩවිල් දුම්රිය පොලේදී 1984 ගන්නා ලද ඡායාරෑපයක්
ඡායාරෑපය:- M. මුතුකුමාරස්වාමි මහතා
|
1964 වසරේදි. ස්ථානය:- තලවකැලේ සහ කොටගල අතර ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා |
ඉහත මුල්ම ඡායාරූපයේ ඇති 560 එන්ඡිමේ මීට වසර කීපයකට පෙර තත්වය (ඡායාරූපයේ හිමිකරු නොදනී) |
ඉහත මුල්ම ඡායාරූපයේ ඇති 560 එන්ඡිමේ මීට වසර කීපයකට පෙර තත්වය (ඡායාරූපයේ හිමිකරු නොදනී) |
ඉතාම දුර්ලභ අවස්ථාවක්- M1 එන්ජිමක් ගොඩබෑම හෝ පීලිගත කිරීමක් විය යුතුයි.
මේ තවත් එවන් සේයාරුවක්...
මේ සූදානම ඉදිරියට ඇදෙන්නයි...
මේ ජායාරූපය නම් පැහැදිලි නෑ....
ඇතැම් විට මේවා අපනයනයට පෙර එංගලන්තයේදී ගත් එකක් විය හැකියි..
උඩරට මාර්ගයේ......
කොහොමද ලස්සන?
ප්‍රමාණයෙන් වගේම හැකියාවෙනුත් යෝධයෙක්.... :D
ගමනක් අතරමග... |
යාල්දේවී හෝ උත්තර දේවී විය හැකියි |
මේත් යාල්දේවිය විය හැකිද?....
සොයුරෙකුගේ උදවුවෙන් මේ එන්නෙ අවසන් ගමන් යන්නටද?
අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප |
|
|
අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූප |
............................................................
මෙම ලිපියට සබැදි,
:t :t :t :t :t :t :t
ReplyDeletemal 7i sudu ayya
ReplyDeleteනියමයි..එන්ජින් වර්ග ගැන ලිපියක් දාන්න..
ReplyDelete:q
ReplyDeleteනියමයි :q බොහොම වටින බ්ලොග් එකක් :a
ReplyDeleteඒ මේකනම් මාර ගති.තව පොටෝ ටිකක් වැඩියෙන් දාන්න පුලුවන්නම් හොඳයි.මගින් නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න.හැමදාම බලනවා.:n
ReplyDeleteදිගටම ලියන්න.
ReplyDeleteස්තුතීයි සියලුම දෙනාට. තවත් ලිපියකින් හමුවෙමු..... :k
ReplyDeletemmmmm godak watina lipiyak thawaliyanna shakthiya dairya labewaaaaaa :c
ReplyDeleteවැඩේ මරු. දුම්රියගැන දුක හිතුනා.
ReplyDeleteI saw this vedio when I read Taboosubject blog. This is a documentry about ceylon tea industry. It also good meterial for railway lovers.
ReplyDeletehttp://www.youtube.com/watch?v=qsNjBT58gkY&feature=player_embedded
Pls watch 3.40 of above video. (Youtube link)
ReplyDeletehttp://www.youtube.com/watch?v=qsNjBT58gkY&feature=player_embedded
Thanks a lot for the all comments. Specially Last two Anos thanks for that Valuble videos. :)
ReplyDeleteChandika
ReplyDeleteLast two links not working as hyper link. even I cannot copy and paste them in browser. pls correct it
@Ano I'm sorry. I forgot that the text copy function is disable in this blog. Here is the working link. :)
ReplyDeletehttp://www.youtube.com/watch?v=qsNjBT58gkY&feature=player_embedded
Me lipi okkoma ekathu karala pothak gahamu.
ReplyDelete@Unbound knowledge for unfold opportunities
ReplyDeleteබොහොම ස්තුතියි ඒ යෝජනාවට. ඒත් මේ වන විටත් බොහොම දෙනෙක් ඒ කටයුත්ත කරල තියෙනවා. ඒ අයගෙනුත් විස්තර අරන් ලියන නිසා මමත් පොතක් ලියන එක යුතු නැහැ කියල හිතෙනවා.
අඩේ....
ReplyDeleteමට මාර ආසාවක් ඇති වුනා බන් මේ ගැන ටිකක් දැනගන්න....
අඩේ... පස්ට ස්තූතියි මචෝ උඹේ බ්ලොගේට...
බලු හොම්බක් වගේ... :D
ReplyDeletethis one is BAKAMUNA, NIG NAME
ReplyDeleteමේකෙ මාර ගතියක්නෙ තියෙන්නෙ. තව එන්ජින් දෙක තුනක්වත් තිබුනනම් අපිට බලාගන්න. :(
ReplyDeleteනොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. නියමය්... තව ලියන්න..හැකිනම් ලොකයෙ ඇති පැරනි දුම්රියයන් ගැනත් ලියන්න.
ReplyDeletemeka kadugannawedi mama dakka
ReplyDeletemama meka kadugannawedi dakka
ReplyDeletemaru
maru
ReplyDeleteape hungak me blog eka kiyawala sathutu wenawa
ReplyDelete