Wednesday, May 26, 2021

දුම්රිය සම්බන්ධ වීඩියෝ

දුම්රිය ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් ගැන උනන්දු වුන කාලෙ  ඉඳලා එහෙන් මෙහන් යද්දි ගත්ත විඩියෝ ටික එක තැනකට එකතු කරන්න කියල හිතාගෙන අලුත් යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. පහත ලිංක් එක තුලින් චැනල් එකට යොමු වෙන්න පුලුවන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගයක් දෙන්න. 



ස්තූතියි. තවත් දුම්රිය කතාබහක් සමගින් ඉක්මනින් හමු වෙමු!

Friday, May 14, 2021

K1 වාෂ්ප එන්ජිම - ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ පටු ආමාන වාෂ්ප එන්ජිම

image :- Flickr

ශ්‍රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එම එන්ජිමෙහි යාන්ත්‍රික විස්තර පහත පරිදි වේ.

Saturday, January 09, 2021

දෙමෝදර ආරුක්කු නවය පාලම ඉදිකිරීමේ සත්‍ය කතාව


ආරුක්කු 9 පාලම, ගල් පාලම, දෙමෝදර පාලම වගේ නම් වලින් හ‍ඳුන්වන කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යාකරන මෙය, අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් පිහිටා ඇත. මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ඒ වනතෙක් දුම්රිය පාර හදාගෙන පැමිණි සුද්දන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්, එතන තිබුණු සංකීර්ණතාවය නිසා සුදු ජාතික ඉංජිනේරුවාට දුම්රිය පාර එතනින් එහාට ඉදිකරගැනීම නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දී රැකියාව ද නැතිවන මට්ටමක සිටි බවත්, එම තත්ත්වය දැක ඒ අසල පදිංචිව සිටි “අප්පුහාමි” නම් බාසුන්නහේ කෙනෙක් ඔහු සතු තාක්ෂණ දැනුම යොදාගෙන ආරුක්කු පාලමක් තනිකර කැපූ කළුගල් කුට්ටි භාවිතයෙන් මෙතැන ඉදිකළ බවත් යන කාරණයයි.

Wednesday, December 11, 2019

අපට අහිමි වූ දුම්රිය උරුමය සොයා හිමගිර පාමුලට ගිය ගමන

අපේ කණ්ඩායම

බ්‍රිතාන්‍ය යටත් විජිත ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රිය මාර්ග ඉදිකරන විට ප්‍රධාන වශයෙන් එහි ආමානය (පීලි දෙක අතර පරතරය) ලෙස භාවිතා කරන ලද්දේ අඩි 5 අඟල් 6 පුළුල් ආමානයයි. අවස්ථානුකූලව ඊට වඩා පටු ආමානයන් ද භාවිතා කරන ලද්දේ කඳුකර සහ තියුණු වංගු සහිත දුම්රිය මාර්ග වලට එවැනි ආමානයන් වඩා යෝග්ය වන නිසාවෙනි. ලංකාවේ ද මේ අනුව අඩි 2 අඟල් 6 පළල් ආමානයක් සහිත දුම්රිය මාර්ග ලෙස කොළඹ සිය යටියන්තොට දක්වා වූ කැළණිවැලි මාර්ගය ද, අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ සබරගමු මාර්ගය ද, නානුඔය සිට රාගල දක්වා වූ උඩුපුස්සැල්ලාව මාර්ගය ද ඉදිකරන ලදි. 

අභාග්‍යයකයට මෙන් මේ සියලු පටු ආමාන මාර්ග අද දක්නට නැත. විවිධ සමාජ ආර්ථික ගැටලු නිසා අවිස්සාවේල්ල - යටියන්තොට සහ නානුඔය - රාගල දුම්රිය මාර්ග කොටස් 1940 දශකයේ දී වසා දමන ලදි. හැත්තෑව දශකයේ මැද භාගයේ දී අවිස්සාවේල්ල - ඕපනායක කොටස ගලවා දමන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසය. අවසානයේ ඉතිරි වූ කොළඹ - අවිස්සාවේල්ල කොටසේ පුංචි කෝච්චි ධාවනය අනූව දශකය වනතුරුම සිදුවුණ අතර අමතර පීල්ලක් යෙදීම මගින් එම මාර්ගය අඩි 5 අඟල් 6 ප්රධාන ආමානයට පරිවර්තනය ලදි. ඉන් පසු පටු ආමාන දුම්රිය ධාවනය කිරීමට තව දුරටත් අවශ්‍ය නොවූ අතර දුම්රියට ලැදි සේවක මහතුන් කිහිප දෙනෙක් නිසා එම එන්ජින් සහ මැදිරි කීපයක් විනාශ මුඛයට යා නොදී සංරක්ෂණය කර ගැනීමට හැකිවිය. විහාර මහා දේවි උද්යානයේ ද විනෝදාත්කම දුම්රියක් ලෙස පටු මාර්ග දුම්රියක් ක්රියාත්මක වූ නමුදු පසුකාලීනව එය නවතා දමන ලදි (මෑතක් වන තුරුම එම මාර්ග කොටස දක්නට තිබුණි). ගම් උදාව සහ දැයට කිරුල ප්රදර්ශන වලද පටු ආමාන දුම්රිය ප්රදර්ශනාත්කම දුම්රිය ලෙස ධාවනය කරන ලදි.