චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.
- දුම්රිය පන්තිය - S10
- ගෙන්වූ වර්ෂය - 2008
- නිශ්පාදිත රට - චීනය (China South Locomotive and Rolling Stock Corporation)
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - MTU 12V4000R41
- උපරිම බලය - 1950hp(1450kW) - 1800RPM
- උපරිම වේගය - 100 km h
- දුම්රියේ සම්පූර්ණ දිග - 125.75m
- Axel Arrangement - Bo-Bo
- එලැවුම් මැදිරියේ බර - ටොන් 76
- මුල් වර්ණය - සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)
- දුම්රිය කට්ටල ගණන - 15 (No 879-893)
වසර 150කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම S10 පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් 2000hp පමණ වන අතර එම බලයෙන් 95%කටත් වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්, අනෙක් බලවේග දුම්රියන්ට සාපේක්ෂව වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම් දරා ඇත.
මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක් නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් (ADEC-Advanced Diesel Engine Control) සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය (Common Rail Diesel Injection) මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. (Common Rail තාක්ෂය යනු අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්, ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් 2000 වසරේදී ස්ථාපිත කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා (AC) විදුලි ජනකයක් මගින් නිපදවෙන විදුලිය (k Va 150Hz) පරිවර්තක උපාංග මගින් සරල ධාරා (DC) විදුලිය බවට පත් කොට, ට්‍රැක්ෂන් මෝටර්(310kW) වලට ලබාදේ.
මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්‍රමයේ පාලන උපකරණ වලින් සමන්විත මෙම දුම්රිය කට්ටල වල, අවශ්‍ය විටකදී දුම්රියේ අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන් සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම S10 දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන් ඉහල වන්නේද ඒ නිසාමය.
ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් (Diesel Multiple units-DMU) වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.
S10 දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම |
මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා, මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම ඇත්තේ S8, S9 ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, මගී මැදිරි 4කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත වේ. මගී මැදිරියක දිග අඩි 65කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ (Vestibule) පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 1400ක් පමණ වේ.
ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී (2010, 2011 ඇසළ පෙරහර) විශේෂ දුම්රියන් ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන් ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය, උතුරු මාර්ගය, පුත්තලම මාර්ගය සහ උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව, සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන් සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.
මගී මැදිරි දිග අඩි 65ක් තරම් වැඩි අගයක් වීමත්, මැදිරි දෙකක් අතර පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක් නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.
මගී මැදිරි දිග අඩි 65ක් තරම් වැඩි අගයක් වීමත්, මැදිරි දෙකක් අතර පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක් නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.
මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - EPCS (Electrical Power Coaches Shed) මගින් සිදු කරනු ලැබේ.
මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, සොයුරාට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
ඡායාරූප:-
S10 වර්ගයේ බලවේග දුම්රියක්
S10 හි MTU 12V4000R41 බල සැපයුම් එන්ජිම සහිත එන්ජින් කාමරය |
ස්පර්ෂ සංවේදී පරිගණක තිරය සහිත රියදුරු කුටිය. (අභ්‍යන්තර සැකසුම්, පරිගණකය මගිනුත්, ධාවන කටයුතු සාමාන්‍ය ලීවර ක්‍රමය මගිනුත් සිදු කරනු ලැබේ.) |
ස්පර්ෂ සංවේදී (Touch Screen) තිරය. මේ ප්‍රධාන පැනලයයි. ඒ මගින් දුම්රියේ සාමාන්‍ය විස්තර දැක්වේ. |
දුම්රියේ ධාවන තත්වය පිලිබඳ විස්තර. |
අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය |
මැදිරි ඇතුලත... |
S10 දුම්රියන් වරායෙන් ගොඩබාන ලද අවස්ථාව |
සිංහයාගේ කට යටින් ගිය S10 එක. (මහනුවර දක්වා කල පරීක්ෂණ ධාවනය) |
S10 වර්ගයේ දුම්රිය කට්ටල තුනක් එකට ඈඳන ලද පරීක්ෂන ධාවනය ( මෑත ඉතිහිසයේ වැඩිම දිගක් සහිතව සහ වැඩිම බලයකින් (6000hp) දුම්රියක් ධාවනය කල අවස්ථාව මෙයයි) |
පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස අනුරාධපුරයට පැමිණ... |
එන්ජිම රහිත එලැවුම් මැදිරිය |
අවසාන S10 දුම්රිය (අංක 893) |
යාගොඩ ප්‍රදේශය පසු කරන තවත් S10 දුම්රියක් |
S10 මාටින්, Aston Martin වගේම තමයි බලන් ගියහම.. :D
ReplyDeleteමාටින් අයියත් මේකක් ගනීද :D
Deleteඔක්කොමත් හරි මේකෙ හෝන් එක තමයි එපා වෙන්නෙ... පිකප් එක නම් උපරිමයි... වෙනද වගේ පරක්කු වෙලා ඇවිත් එල්ලෙන්න ලේසි නෑ...
ReplyDeleteහෝන් එකනම් ඩිංගක් කණට අමාරැයි තමා. හැබැයි ඔන්න එල්ලෙන එකනම් පරිස්සමින්. දැක්කනේ.
Deleteඔව් නේ. ඇත්ත කතාව. පටස් ගාල අද්දනව
Deleteනොදන්න දෙවල් ගොඩක් දැනගත්ත. තැංකූ සහෝ...
ReplyDeleteඑලැවුම් මැදිරියේ දිග - 125.75m කිව්වේ?? ඒ මේක සම්පූර්ණ දිගනේද?
Idle hours නවදාස් ගාණක් Total hours පහළොස්දාස් ගණක්!! බාගෙකට වඩා නවත්තගෙනනෙ ඉඳල තියෙන්නෙ :D
෴නිපුන෴
හදිස්සියට පොඩ්ඩක් වැරදිලා. ඔන්න එඑ ඒක නිවැරදි කලා. ස්තුතියි නිපුන.
Deleteආ. ඔය Idle කවුන්ටරේ මම හිතන්නේ එන්ජිම Idle කරාම තමා කවුන්ට් වෙන්නේ. ඒ කියන්නේ run එකේදිත් idle කලොත් කවුන්ට් වෙනව මතක විදියට.
S 9 ද 10 ද දන්නෙ නෑ, මේ වගේ එකක ගිය අප්‍රියෙල් මාසෙ ගම්පහ සිට කොළඹට ගියා. කෝච්චියෙ වැරැද්දකට දැක්කෙ, සාරි ඇඳපු කාන්තාවන්ට බහින්න තිබ්බ අපහසු කම සහ ඇතුලෙ විදුලි පංකා වැඩි හරියක් ක්‍රියාත්මක නොවීම.
ReplyDeleteඋඩහ සහ පහළ දුම්රිය පිළිබඳව එවූ, ලින්ක් එක සහිත ඊය දකින්න ඇතිනෙ ?
ඔය විදුලි පංකා ප්‍රශ්නෙ නම් ගොඩක් දුම්රියන් වල තියෙනවා. ඒ වගේම අලුතෙන් ගෙන්වන ලද S6, S10, S11 කට්ටල වර්ග තුනේම ඔය පා පුවරු ගැටලුව තියෙනවා.
Deleteඒ ලින්ක් එකට බොහොමත්ම ස්තුතියි අයියා.
aa kaalekin liyala kochchiyak gana. ela ela machan
ReplyDeleteHike giya ethi kiya hithuna nisa me para kochhciye giya. :D
Deleteවීඩියෝ ක්ලිප් එකේ කහ පාට ටී ෂර්ට් එක ඇඳන් රේල් පාර අයිනෙ පයින් යන පොර කෝච්චියෙ හැප්පුනා නං මල කෙලියයි...ෂුවර් එකටම කෝච්චිය පෙරළෙනව.
ReplyDeleteඔන්න බලන්නකො ඔබ්සවර් අයියත් බලන දේවල් ඈ :D
Deleteමං කවදාවත් හිතුවේ නෑ චීන කෝච්චියක් ලංකාවේ තාක්‍ෂණය අතින් ඉහලම තියන එක වෙයි කියලා. නියමයි. මේ පෝස්ට් එක නිසා ගොඩක් දේ දැනගත්තා.
ReplyDeleteමමත් ආසම පවර්සෙට් එක මේක. සද්දෙත් දාගෙන කඟවේනා වගේ යනවා. වයිබ්‍රේෂන් එකනම් පොඩ්ඩක් වැඩියි.
Deleteඔන්න තවත් කෝච්චියක් ගැන දැනගත්තා... බොහොම ස්තුතියි!
ReplyDelete--
හරී
http://dreamsofharee.blogspot.com/
--
ස්තුතියි ප්‍රතිචාරයට හරී. :)
Deleteකෝච්චියේ ආවා ගියාට මෙතරම් දෙයක් දැන හිටියේ නැ.ගොඩක් දේ දැනගත්තා.
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි. :)
Deleteනියම ලිපියක්....
ReplyDeleteමේ මොන දුම්රිය තිබ්බත් මට අර 2000දී විතර ගෙන්නපු S6 බලවේග කට්ටල දුම්රිය (අර නිල්පාට පවර් සෙට් එක. ඒක S6 නේද) තරං හිතට ඇල්ලුවේ නෑ...
අනේ මංදා මාරම බැදීමක් ඒ කෝච්චි එක්ක තියෙන්නේ.
සමහරවිට ඒ කාලේ ඒ පවර් සෙට් එකේ බොහෝම ආසාවෙන් ගිය නිසා වෙන්න ඇති...
ජය වේවා!!!
ස්තුතියි රනා. ඔබ කියන්නේ S9 එක ගැන වෙන්න ඕන. වසර 2000දි ගෙනාවේ ඒක.මේ තියෙන්නේ S9 බලවේග දුම්රිය ගැන විස්තරේ. :)
Deleteමම කළිං කිව්ව පවර් සෙට් එක S9 වේ. එය S6 ලෙස සටහන් කළේ වැරදීමකිනි.
ReplyDeleteමේ බ්ලොග් එක හරහා යනවිට S6 වර්ගයේ පවර් සෙට් එකක්ද දුටිමි.
ඒ වර්ගයේ ලෑලි කෝච්චියක ඇංජිමක් (අපි ඒකට ඒ දවස්වල කිව්වේ ලෑලි කෝච්චිය කියලා) එක පාරක් මරදාන ආසන්නයේදී ගිනිගත්තා මතකයි. (2003/2004 කාලයේදී)
මෑත කාලයේ හලාවත ලයින් එකේ දිව්ව මේ ජාතියේ කෝච්චියට කිව්වේ "මෙන්ඩිස් එක" කියලා. මැද්දේ ලී වලිං ගහලා තිබ්බ ඇදි වැටට හේත්තුවක් දාගෙන බොරු කිය කිය ගිය ඒ කාලේ ආයෙත් මතක් කළාට ස්තූතියි.
ජය වේවා!!!
S6 වර්ගයේ දුම්රියන් වලින් දැනට ධාවන තත්වයේ තියෙන්නේ එක දුම්රිය කට්ටලයක් පමණයි. දැනට එන මිහින්තලේ-අනුරධපුර සහ මහව-අනුරාධපුර ගමනාන්ත වල ධාවනය කරනවා.
Deleteස්තුතියි සහෝ. :)
මිහින්තලේට කෝච්චි දුවනව කියල දන්නෙත් අදයි
Deleteසෑම පොසොන් පෝයකටම මිහින්තලේ සහ අනුරාධපුර අතර නොමිලේ ගමන් කල හැකි දුම්රිය සේවයක් ක්‍රියාත්මක වෙනවා.
Deleteමීට අමතරව දැයට සංචර්ධන වැඩසටහන් අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනවල මිහින්තලේ දක්වා දුම්රියක් ධාවනය වෙනවා. මිහින්තලේත් ඇත්තෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන විශිෂ්ඨ මාර්ගයක්.
ඒ වගේම මිහින්තලේ හන්දිය සහ මිහින්තලේ අතර කවත් එක් දුම්රිය නැවතුම් පලකුත් මෑතකදී අලුතෙන් ඉදි කරනු ලැබුවා.
Thanx for the info
Deleteඅර ටච් සක්‍රීන් එකේ මීටර දෙකක් තිබ්බෙ.. ඒ ඇන්ජිමේ RPM එකයි Speedometer එකයිද කෝච්චයිවය ?? ඕවල චට් වැඩ කරනවද දන්නෙ නෑ නේද අපේ අයියලගෙ එබිල්ලෙ හැටියට... :D
ReplyDeleteඔවු ඒ RPM එකයි Speedometer එකයි තමා.
Deleteහෙහේ.. තාමනම් වැඩ. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ.
මතලේ මාර්ගය ගැනත් දාපන් මචන්.හොද ලිපි පෙලක්
ReplyDeleteඉදිරියෙදි අනිවා ලියනවා සහෝ!
Deleteසේරම හොදයි.. සද්දෙ තමා පොඩ්ඩක් ;)
ReplyDeleteඒ වුණාට ඒ හඬේ හරි ගාම්භිර බවක් තියෙනවා කියල මට හිතෙනවා.
Deleteඅර සිංහයාගේ කට ගාවින් පවර් සැට් එක යන පින්තූරේ නම් ගොඩක්ම වටිනවා !
ReplyDeleteමොකද දැන් ඔහොම පවස් සැට් නුවර යන්නේ නෑනේ.
ලඟදිම පවර්සෙට් නුවර එනවා. බලන්නකො තව ටික කාලෙකින්!
Deleteඔය පවර් සෙට් (බලවේග කට්ටල) කියන ජාතියේ කෝච්චියකට ලංකාවට ගෙන්නුව්වේ එස් 1 එක විතරලු. අනික් එව්ව පවර් සෙට් නෙමේ ලු. ඩී එම් යූ ලු.
Deleteඅදයි පොස්ට් එක දැක්කේ .... S10 ගැන ලියයි කියලා බලාගෙනම හිටියේ...
ReplyDeleteදුම්රිය නම් අලුත් වෙනවා ... ඒ උනාට සේවය ගැන නම් එච්චර සතුටු වෙන්න බෑ.
ඒකනම් ඇත්ත තමයි සහෝ!
Deleteමාතලේ මාර්ගය ගැනත් ලියන්න.ස්තුතියි ලිපි පෙලට
ReplyDeleteමාතලේ මාර්ගය ගැන හොඳ අධ්‍යයයනයකින් පස්සේ හොඳ ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ස්තුතයි!
Deleteමම කොටුවෙන් අන්තිම train එකෙ තමා ගෙදර එන්නෙ. S10 එකෙක් තියෙන්නෙ එන්ජිමේ සද්දෙ වෑඩි හින්ද රෑට නින්ද යන්නෙ නෑති එක තමා මම මේ ට්‍රින් එකෙ දකින අඩුපාඩුව...
ReplyDeleteනින්ද ගිහින් බහින තැන පහුවුනොත් එහෙම. ඒ නිසා S10 එක හොඳයි නේද? :D
Deleteමේකෙ සද්දෙ තියෙන්නෙ Engine එකේ විතරයි. ඒකත් Accelerate කරද්දි විතරයි නේද. අනිත් වෙලානට යනව එනව තේරෙන්නෙ නෑ. උදේට මහවෙ එහෙම හිටගෙන නිදියන් එන්නෙ කට්ටිය
Deleteවෙලාවට දැන් මහව දුම්රියට දSet 2k දාල
මම තාම මේකෙ ගිහින් නෑ කියන එක සඳහන් වී නොමැති වීම අඩුපාඩුවකි :P
ReplyDeleteමම හොරාට හොරාට ගෙහාන්ගෙ බොලොග් එකේ ගොඩක් ඒව කියවල හොඳෙ :D
මම මේකේ ගිහින් නෑ? :O
Deleteමම ගියානේ?
මම ගිහින් නෑනෙ ඉතිං :P
Deleteමම තාම මේකෙ ගිහින් නෑ කියන එක සඳහන් වී නොතිබීම අඩුපාඩුවක් ලෙස දකිමි :P
ReplyDeleteමම හොරාට හොරාට ගෙහාන්ගෙ බොලොග් එකේ ගොඩක් ඒව කියවල හොඳෙ :D
මම මේකේ ගියෝ :D
Deleteඅර වීඩියෝ එකේ අන්තිම තත්පර කීපයෙ ඉන්න කෙල්ලො දෙන්නගේ ආඩම්බර. හිතන් ඇති. අනේ අපි නම් බලයි උන් දිහා මෙච්චර ලස්සන කෝච්චියක් තියෙද්දී.
ReplyDeleteහප්පේ මෙයාලා බලන දේවල් :D
Deleteඅදයි මේක දැක්කේ....දැන් ඔයින් එකක් මහවට යනවා ඩබල් කරලා.
ReplyDeleteS11 ගැනත් මේ වගේ විස්තරයක් දාන්න බැරිද?
ඇත්තද M9 එන්ජින් ඔක්කොම හදලා කියන්නේ...
S11 ගැන තමා ඊගාවට ලියන්නේ. M9 ටික ටික හදනවා. සමහර ඒවා ආයෙ කැඩෙනවා. ඔක්කොමනම් හදන එක කෙහොමද කියල දන්නෙ නැහැ. 868 සහ 873 ගැන මොකුත් කියන්න අමාරුයි.
Deleteකමෙන්ට් එකක් දැමීමට පමා වීම ගැන මම පළමුවෙන්ම මාගේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනෑ. වෙනදා වාගේම එස් 10 ලිපියත් ගෙහාන් හරිම ලස්සනට අවශ්‍යය හැම වැදගත් කරුණක් ම අඩංගු කරලා ලියලා තියෙනවා. කෙසේ නමුත් මට නම් තවමත් මේ වර්ගයේ බලවේග දුම්රියක ගමන් කිරීමට නම් අවස්ථාව ලැබිලා නෑ. නමුත් මෙහි බඳ සහ නිමාව නම් ඉතාමත් ඉහළ තත්තවයකින් යුතු බව පෙනුමෙන් නම් කියන්න පුළුවන්. අර කසුන් සහ මාධව ඉහළින දක්වලා තියෙනවා වාගේම මේකේ බල සැපයුමේ සද්දේ සහ දෙදරීම නම් වැඩියි. එක නිසා ම මේවයේ එන්ජින් මවුන්ට් ඉක්මනට සවුත්තු වෙනවා කියලා කතාවක් මම අහලා තියෙනවා. මොනවා වුනත් එස් 10 කියන්නේ හොඳ දුම්රියක් බව කියන්න පුළුවන්.
ReplyDeleteස්තුතියි smartB :)
Deleteකාර්යාල වෙලාවල් වලට කියාපු දුම්රිය. ලග පිකප් නිසා ගමන් වෙලාව අඩුයි. ලංකාවට වඩාත්ම ගැලපෙන බලවේග දුම්රිය කියල බයක් නැතුව කියන්න පුලුවන්.
ReplyDeleteඉන්දියන් පවර්සෙට් එක ගැනත් හොද වගේම නරක ඇතුලත් ලිපියක් අපි බලාපොරොත්තු වෙනව.
ඔන්න ලිවුව එහෙනං ඈ :D
Deleteඅද තමයි මේ blog එක දැක්කේ
ReplyDeleteතියෙන arTicles ඔක්කොම කියෙව්වා
අති සුපිරියි අලුත් s11 එක ගැනයි m10 එක ගැනයි ලියන්නත් පුලුවන්නම් හොඳයි
S11 එක ගැනනම් ලියනවා ඉක්මනට. M10 එක ගැනනම් දැම්ම මුකුත් ලියන්න බැහැ :)
Deleteඒ මොකද M10 ගැන ලියන්න බැරි :-). පේන විදියට නම් ඒකත් සෑහෙන්න කාලයක් දුවන්න පුළුවන් එකක් වගෙයි.
ReplyDeleteඅපි බලමුකො ඉස්සරහට නේද? තාම ආවා විතරයිනේ ;)
Deleteමමත් ආසම දුම්රිය S10 (මහව නිසා). මේ සීට් වල නිදියන්න අමාරු උනාට යනව එනව තේරෙන්නෙ නෑ. අනිත්වට සාපේස්ෂව ශබ්ධයත් අඩුයි. ගැස්සීමත් අඩුයි. හැබැයි රෑට කුරැණෑගල හරහා යන Intercity එකට වඩා ටිකක් ශබ්ධය තියනව. රෑ එක පාවෙනව වගේ. මෙලෝ සද්දයක් නෑ
ReplyDeleteමේක පිකප් වුනාට පස්සේනම් සද්දය අඩුයි. නමුත් පිකප් කරද්දි සෑහෙන්න කණට අමාරු සද්දයක් තියෙනවා. වෙනනම් කියන්න තරම් අඩුවක් නැහැ.
Deleteස්තුතියි මාලින්ද. :)
කෝච්චියේ හැමදාම වැඩට ආවා ගියාට ඒකෙ පැටිකිරිය දැන ගත්තෙ අදයි. මාර interesting blog එක.
ReplyDeleteස්තුතියි සහෝ :)
DeleteM10 එකත් M8 එකේම අලුත් එකක් නේ නම විතරයි වෙනස් නෙද ?
ReplyDeletehttp://slrailwiki.wikinet.org/wiki/Class_M10
M8 ඔකට වඩා M10 එක සෑහෙන්න වෙනස් ඇතුලතින්. ලිපියෙදි විස්තර ගෙන එන්නම්කෝ :)
Deleteමහව සෙට් 2 ක් කරපු දා අපිට හරිම කරදරේ , අපේ අලව්වේ න් ගොඩවෙන මගීන් කියන්නේනම් මහව office train එකට ජෙට් එක කියල , එත් දෙන්නම් ගම්පහ , මීරිගම නවතන්න ගත්ත නිසා ජෙට් එක බලු වෙලා ..කුරුණෑගලින් පාන්දර එන අපි ට තම එකේ පාඩුව ........
ReplyDeleteඑහෙම කියන්න එපා.... අපිත් ටිකක් කලින් ගියාම නරකද?
Deleteඔයාලා එන වෙලාවටම ගෙදරින් ආවත් අපි හැමදාම Late.....
මගීන්ටත් තියෙන ප්‍රශ්ණ ගැන නිලධාරින්ගෙ අවධානය දැන්වත් යොමු වෙනවනම් :(
Deleteමම නම් හිහන්නේ, ඉන්දියන් ජරා කොච්චියට වඩා මෙ චයිනා කොච්චිය ගොඩක් හොඳයි, වැඩිය ගැස්සිලි පැද්දිලි නැහැ, සිට් තමයි සුවපහසු නැත්තෙ, ප්ලාස්ටික් නිසා ගොඩක් දුර යනකොට ඇඟ රිදෙනව... මටනම් වෙන කිසිම අඩු පාඩුවක් දැනට අහුවුනෙ නැහැ...
ReplyDeleteඅන්න හරි. :)
Deleteඔය හැමතැනම යාගොඩ පසු කරමින් දාන්නේ නැතුව ගම්පහ හෝ ගනේමුල්ල දැම්මනම් කොහෙද කියල හිතා ගන්න පුළුවන්
ReplyDeleteThis is the first time i came across this blog. Learnt a lot of new things about this model. Thanks. Will continue to read the other entries also.
ReplyDeleteනියම ලිපියක් Chandika....
ReplyDeleteබල සැපයුම් එන්ජිම - MTU 12V4000R41
උපරිම බලය - 1950hp(1450kW) - 1800RPM
මා දන්නා තරමින් මෙය S-12 හි විස්තරයයි..
S-10 සඳහා..
බල සැපයුම් එන්ජිම - MTU 12V4000
උපරිම බලය - 1500kW - 1800RPM
--චරිත් පෙරේරා--
සුපිරි බ්ලොග් එක....මම මේ ඊයෙ පෙරේදා දවසක බදුල්ලේ ගියා..දැන් S-12 වර්ගයේ බලවේග කට්ටල උඩරට දුම්රිය මාර්ගයේ දාලා තියෙන්නෙ...කියලා වැඩක් නෑ අප්පා සුපිරි කෝච්චිය...
ReplyDeleteඋඩරට දුම්රිය මාර්ගයට අලුතෙන් දාල තියෙන s-12 වර්ගයේ බලවේග කට්ටල ටික නම් නියමයි...යනව දැනෙන්නෙවත් නෑ ඉස්සල්ලා තිබුනු කෝච්චි එක්ක බලද්දි...සනීපාරක්ෂක පහසුකම් එහෙමත් උපරිමයි..3 වන පන්තිය නිකන් 1 වෙනි පන්තිය වගේ.....
ReplyDeleteS10 දුම්රිය දෙකක් දිනපතා කැළණි වැලි මාර්ගයේ ධාවනය වනු දුටු බවක් මතකයේ ඇත.(උදෑසන කොළඹ කොටුව බලා,නුගේගොඩින් 8.00 අවට) ඒ ගැන හොයා බලන්න. මමත් දුම්රිය ගැන ගොඩක් උනන්දු කෙනෙක්, නොකා නොබී කියවන් යන්න පුළුවන් මේ බ්ලොග, ඔන්න අදයි සෙට් වුනේ..
ReplyDeleteමම මේකෙ කැබ් එකේ ගියා එක පාරක් - ලසා
ReplyDeletesadde thamai wadi.
ReplyDelete