Saturday, February 18, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (පළමු කොටස)

        ටික දවසක නිහැඬියාවකින් පස්සේ ඔන්න මේ හදන්නෙ ලංකාවෙ දුම්රිය මාර්ගයක ගමන් පයින් ගියපු චාරිකාවක් එහෙමත් නැත්තං හැමෝම දන්න සිංහලෙන්ම කියනවනං රේල් හයික් එකක් ගැන චාරිකා සටහනක් ඔයාලට ගෙන එන්නයි. පහුගිය ටිකේ දිගටම කෝච්චි ගැනම ලියපු හන්දා පොඩි වෙනසකටත් එක්ක මම තීරණය කලා චාරිකා සටහනක් ගැන විස්තරයක් ලිවුවොත් හොඳයි කියලා. ගොඩක් අය පුද්ගලිකවත් කිහිපවාරයක්ම කිවුනේ දැන් ආපහු චාරිකා පෝස්ට් එකක් දැම්මොත් හොඳයි කියලා.

        ලංකාවේ දුම්රිය මාර්ග වලින් අතිශය සුන්දරම මාර්ගය වෙන්නේ උඩරට දුම්රිය මාර්ගය කියන එක අතිශෝක්තියක් නෙමෙයි. කවුරුත් ඒක අවිවාදයෙන් පිලිගන්න කාරණාවක්. පහුගිය කාලෙ මුලුල්ලෙම අපි චාරිකා කලේ උඩරට මාර්ගයේ විවිධ ස්ථානවල. ඉතින් අද මේ බ්ලොග් එකෙන් ඔයාලට ගෙන එන්න හදන්නේ ඒ වගේ තවත් එක් සුන්දරතම චාරිකාවක් වෙන ග්‍රේට් වෙස්ටර්න් කියන අතිශය සුන්දර දුම්රිය ස්ථානයත් තලවකැලේ දුම්රිය ස්ථානයත් අතර කොටසේ සිදුකරන ලද චාරිකාවේ මතක සටහන් කිහිපයක්.

        අපේ උඩරට දුම්රිය මාර්ගයේ මේ කොටස ඉතාම සුවිශේෂි කොටසක්. ඒකට හේතුව තමයි දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම වංගු ප්‍රමාණයක් පිහිටා තිබෙන කලාපය මෙය වීම. පහත ඡායාරූපය බලන්න. 

ගූගල් මැප් ඇසුරින් ලබාගත් මේ ඡායාරූපයෙන් පැහැදිලිව පේනවා තලවකැලේ සහ වටගොඩ අතර තිබෙන  වංගු ප්‍රමාණය. ඒ වගේම මේ කලාපයේදි දුම්රිය මීටර් 255ක් පමණ ඉහලට නගිනවා. ඒ විතරක් නොවෙයි. තවත් එක් සුවිශේෂි කාරණාවක් වන්නේ ග්‍රේට් වෙස්ටර්න් හැඳින්වෙන්නේ දුම්රියෙන් පමණක් ලඟාවෙන්නට පුලුවන් තවත් එක් දුම්රිය ස්ථානයක් ලෙසටයි. එනම් මෙම ස්ථානයට වාහනයකින් ඒමේ පහසුකමනම් තවමත් නැහැ. එමෙන්ම මෙම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය පසුපසින් විහිදීසිටින ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටියත් කඳුනගින්නන්ගෙ සහ ඡායාරූප ශිල්පීන්ගේ පාරාදීසයක් කියල කියන්න පුලුවන්.

දුම්රිය ස්ථානය පසුපසින් පිහිටි කඳුවැටිය
       හරි දැන් ඉතින් මේ හදන්නෙ අපේ චාරිකාවෙ විස්තර කොහොමද කියල කියන්නයි. ඔක්කොටම කලින් කියන්න ඕනේ ඔයාලත් මේ වගේ ගමනක් යන්න කැමතිනං අනුගමනය කරන්න ඕනෙ කරුණු ටිකක් මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකෙන් කියවන්න පුලුවන්. 

        අපි මේ ගමන පිටත් වුනේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 16 වෙනිදා. හරියටම මගේ උපන්දිනේ දවසේ. ගමන සැලසුම් කරලා මටත් ආරාධනා කලේ මගේ හොඳ මිත්‍රයෙක් වෙන තුර්ය. තූර්යගෙ ආරාධනාවෙන් මේ ගමන යන්න සාමාජිකයො හතර දෙනෙක් එකතු වුණා. තූර්ය, ලහිරු, ප්‍රවීන් සහ මම. අපි හතර දෙනා පිටත් වුනේ කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වෙන බදුලු තැපැල් දුම්රියෙන්. (ඔයාලට කැමතිනං මේ දුම්රියේ ආසන හෝ නිදන මැදිරියක් වුනත් වෙන් කර ගැනීමේ පහසුකම් තියෙනවා. වැඩි විස්තර සඳහා දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය බලන්න.)

        මුලුරෑම දුම්රියේ ගත කරපු අපි හතරදෙනා පහුවදා (17 වෙනිදා) පාන්දර 3.00ට විතර වෙද්දි ග්‍රේට් වෙස්ටර්න් වලට ලඟා වුණා!

31 comments:

  1. නියමයි... මගේ ජීවිතේ අමතක නොවන සුන්දරතම ගමනක්.

    ReplyDelete
    Replies
    1. අනිවා. ඔයාගේ අදහසයි ප්ලෑන් එකය් ගමනයි ඔක්කොම සුපිරි.

      Delete
  2. මේව මහ අඤ්ඤකොරොස් වැඩ... මෙහෙ යන විත්තිය අපට කීවේ නෑ හරිය... (කිව්වනං එන්ට තිබ්බ වගේ කතාව. එනවා තමයි ඇහ්.. )

    ReplyDelete
    Replies
    1. මේවා ඉතිං මම පැලෑන් කොරපුවා නෙමේනේ පොඩියෝ! :/

      Delete
  3. පයින් ගිහින් නෑ බං.. ගිහින් තියෙන්නේ කෝච්චියක නැඟලම තමයි.

    ReplyDelete
    Replies
    1. රට වටේම රවුම් ගහන එකේ නරකද මේ පැත්තෙත් ගිහිං බැලුවනං යාලුවා?? :)

      Delete
  4. හුඟාක් වටින ස්ථානයක්නේ :) වාහනයකින් යන්න පාරක් හදන්න පටන් අරගෙනවත් නැද්ද අයියා???

    ReplyDelete
    Replies
    1. වාහනයක් ගියදාට මෙතනත් ඉවරයි. ගල්බොඩට වෙන දේම තමා එහෙනම් වෙන්නෙ.

      Delete
  5. මම මේක කියවන්නේ නෑ... Grrrrr

    ReplyDelete
    Replies
    1. අපි ආයෙ යමු බොල. ලඟදි කන්ද ගලවන් යන්නෙ නැහැ :D

      Delete
  6. ඉතාමත්ම ආසා හිතෙන ගමනකි. මෙම ගමනේ නීතිමය පැත්ත කෙසේද? මා අසා තිබෙන පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කිරීම තහනම් වේ.

    ReplyDelete
    Replies
    1. එය සත්‍යයක්. දුම්රිය මාර්ගයේ ගමන් කරන්නන්ට විරුද්ධව අවශ්‍යනම් නීත්‍යානුකූලව කටයුතු කල හැකියි. නමුත් සාමාන්‍යෙයන් දැනට එසේ නිත්‍යානුකූලව කටයුතුකිරීමක් සිදුවන්නෙ නැහැ.

      උපුටාගැනීම
      "ඔය හයික් යන උඩරට දුම්රිය මාර්ග දෙපැත්තේ ජීවත් වෙන ජනතාවගේ පදික මාර්ග වෙන්නෙත් දුම්රිය මාර්ගයමයි. මොකද ඔය ගම් වලට වෙනත් පාරක් නැති නිසා. ඒ නිසා දුම්රිය මාර්ගයේ පයින් යාම ඒ පැතිවල සාමාන්‍ය සිද්ධියක්. මේ නිසාම ඒ පැතිවල පයින් යන අයට දඩ ගැසීමේ ක්‍රියාපිලිවෙතක් අනුගමනය කෙරෙන්නෙත් නැහැ."
      by ප්‍රවීන් ඉන්ද්‍රනාම

      Delete
  7. මාත් ආසයි මෙහෙම ගමන් යන්න !!!
    යන වෙලාවක කිව්වොත් එන්න බැරි කමක් නෑ.
    ගිය අවුරුද්දේ ගියපු ට්‍රිප් එකක් දැකලා යන්න ආසාවක් හිතුනා. ඒත් කොයි ??

    ReplyDelete
    Replies
    1. මධුරංග මල්ලිට එහෙම ගමනක් යන එක ඒ හැටි දෙයක්යැ. :D

      Delete
  8. අහ් එල එල ඔය තියෙන්නෙ...ඉතුරු ටිකත් ඉක්මනට දාන්න ලොක්කා...පිංතූර ටික දැක්කට ගමනෙ කතාව දන්නෙ නෑනෙ... :D

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු!! මේ ඒග්සෑම් අස්සේ බ්ලොග් ලියන එකම එකා මමද කොහෙද. :D

      Delete
  9. කියලා වැඩක් නෑ. මේක තමා මම හිය පළමු රේල්වේ හයික් එක... ඒ වගේම සුන්දර අත්දැකීම් රැසක් මේ ගමනේ දී ලබාගන්න පුළුවන් වුණා.....

    ReplyDelete
  10. කියල වැඩක් නෑ. මේක තමා මම ගිය පළමුවෙනි රේල්වේ හයික් එක.... අවට පරිසරයත් නියමයි. ඒ වගේම මේ හයික් එක මටත් අපේ අනෙක් සහෝදරවරුන්ටත් ඉතා හොඳ අත්දැකීමක් වුණා....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ලහිරු!!

      Delete
  11. මේ වතාවෙ ලංකාවට ආවම නං අනිවා බදුලු යනව කෝච්චියෙ

    ReplyDelete
    Replies
    1. අයියා බදුලු කෝච්චියේ ගිහිල්ලා නැත්ද? ඒක නම් කීයටවත් වෙන්න බැහැ. විස්සාව කරන්න බැහැනේ. :D

      Delete
  12. නැගිට්ට ගමන්ම මාත් හයික් එකක් යන්න හැදුවේ.පටන් ගත්තු ගමන්ම නවතින්න වුනානෙ.
    මේකෙ පින්තූර ටික නම් දැක්ක.ලියල තියෙන් විදිහත් නියමයි.ඉක්මණට ඉතුරු ටිකත් ලියන්න. :D

    ReplyDelete
  13. නැගිට්ට ගමන් හයික් එකක් යන්න හැදුවට පටන් ගත්තු ගමන්ම නවතින්න වුනානෙ.
    මේකෙ පින්තූර නම් ඔක්කොම දැක්කා.සටහන් කියවන් කොට තවත් ආසයි.ලියල තියෙන විදිහත් මරු.
    ඉක්මණට ඉතුරු ටිකත් දාන්න :D

    ReplyDelete
  14. මේ කඳු ගලවලා... කුඹරු කොටලා,වංගු කෙලින් කරලාම තියෙන්ඩ ඕනෙ..අපිව එක්ක නොයන මෙහෙම ට්‍රිප් වලට

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ.. මහත්තයට කිවුවනං එක්ක යාවි නොවැ ;)

      Delete
  15. මටත් බෑ කියවන්න.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕන්න ඉතිං නෝටි ළමයා වෙන්න හදනවා :P

      Delete
  16. දුම්රිය ස්ථානයේ නම සඳහන් පුවරුව වෙනස් කරන්න කාගෙ හරිළු... ;)

    මම ඉතින් මොනා ලියන්නද අප්පා.. ආසාවක් ඇතිඋනෙත් නෑ එහෙම ගමනක් යන්න.. ඉරිසියාවක් ඇති උනෙත් නෑ ගියපු අය ගැන... ඒක නිසා මමනම් පෝස්ට් එක කියෙව්වා...

    අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. ඇය් අක්කෙ නාම පුවරුව වෙනස් කරන්නේ? :O

      Delete
    2. නිකමට අනේ... කාලෙන් කාලෙට වෙනස් උනොත් හොඳානෙ.. ඒකයි..

      Delete