Wednesday, January 04, 2012

෴S9 බලවේග දුම්රිය - 100km/h යා හැකි, චීනයෙන් ගෙනා මුල්ම බලවේග දුම්රිය෴


        වසර 2000 දුම්රිය සේවයට වැදගත් වර්ෂයක් සේ සැලකිය හැකිය. ඉන් එක් හේතුවක් වනුයේ මෙරට දුම්රිය මාර්ගයන් සඳහා සුවිශේෂි සේවයක් සලසනු ඇතැයි සලකා ගෙන්වූ M9 එන්ජිම මෙරටට ගෙන්වූ වර්ෂය එය වීමයි. ඒ එසේ වුවද එම වසරේම මෙරටට ගෙන්වූ තවත් එක් නිෂ්පාදනයක් වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව වුවද මෙරට දුම්රිය සේවා යහපත් කිරීමෙහි ලා විශාල සේවාවක් ඉටු කරයි. ඒ S9 වර්ගයේ බලවේග කට්ටලයන්ය.
  • දුම්රිය එන්ජින් වර්ගය    Diesel Electric
  • බල සැපයුම් එන්ජිම -  MTU 12V396TC14
  • උපරිම බලය -  1580hp - 1800RPM
  • උපරිම වේගය -  100 kmh
  • එලැවුම් මැදිරියේ දිග       -  20.95m
  • Axel Arrangement -  Bo-Bo
  • එලැවුම් මැදිරියේ බර -  ටොන් 73
  • මුල් වර්ණය  -  නිල් පැහැ බඳ( කහ සහ රිදී පැහැ තීරු සහිත)
  • දුම්රිය කට්ටල ගණන  -  15 (No 849-863) 

        මෙම S9 බලවේග දුම්රිය මෙරට බලවේග දුම්රිය බලමුලුවට එක් වන්නේ S8 දුම්රිය සේවයට යොදවා වසර 10කට පසුවය. S9 ධාවන පන්තිය යටතේ කාණ්ඩගත කරන ලද මෙය දුම්රිය චීනයේ නිපැයුමකි. එනම් සම්පූර්ණ දුම්රිය කට්ටලයම චීනයේ නිපදවා තිබේ. එසේ චීනයේ නිපැයූ බලවේග දුම්රියක් මෙරටට ගෙන්වූ ප්‍රථම අවස්ථාවද මෙය විය. එමෙන්ම S1 බලවේග රේල් කාර් වලට පසුව ඩීසල් ඉලෙක්ට්‍රික් ක්‍රමයට ක්‍රියාත්මක වන වන බලවේග දුම්රියක් ලෙස සේවයට පැමිනෙන්නේද මෙම දුම්රියයි. (S2 - S8 සියලු දුම්රියන් වල ඩීසල් හයිඩ්‍රොලික් ක්‍රමය භාවිත වේ.)

        එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, එන්ජිම රහිත එලැවුම් මැදිරියකින් සහ මගී මැදිරි හතරකින් සමන්විත අතර ඒ අනුව එක් දුම්රියක් සඳහා මැදිරි හයකි. මැදිරියක සාමාන්‍ය දිග අඩි 65ක් පමණ වන නිසා එබැවින් විශාල මගීන් සංඛ්‍යාවක් එක වර ගෙන යාමට මෙම දුම්රියට හැකියාව තිබේ. (වසර 2000-2001 මෙම දුම්රියන් හඳුන්වා දුන් මුල් කාලයේදී  මැදිරි 7ක් යුත් දුම්රිය කට්ටලයන්ද ධාවනයේ යොදවා තිබී ඇති බවට නිල නොවන තොරතුරක් ලැබී තිබේ.) මෙම දුම්රිය කට්ටල වල දකින්නට ඇති සුවිශේෂි ලක්ෂණ වනුයේ මගීන්ට මැදිරි අතර මාරුවීමට (Vestibuled) හැකි ආකාරයට මැදිරි සම්බන්ධ කර තිබීමයි. S5 වර්ගයේ බලවේග දුම්රියන්ට පසුව මුල්වරට එම පහසුකම සැලසෙන්නේ මෙම වර්ගයේ දුම්රියන් වලය. එසේම මෙහි ආසන පිහිටා ඇත්තේ S8 දුම්රියේ ආකාරයටම නිසා තදබදයන් සහිත වේලාවන් වලදී වැඩි මගීන් පිරිසකට ගමන් කිරීමට හැකිය. 

        ඇතැම් පාලන ක්‍රියාවලි පරිගණක ගත කරන පාලන පද්ධතියකින් සමන්විත මෙම බලවේග දුම්රිය, එහි ඇති අධික බලය නිසාම කෙටි දුරක් තුල සැලකිය යුතු වේගයක් ලබාගැනීමේ හැකියාවෙන්ද සමන්විතය. මෙවැනි හේතු නිසා මෙම වර්ගයේ දුම්රියන් වැඩි වශයෙන්, කාර්යාලිය සේවා දුම්රියන් සහ මන්දගාමී දුම්රියයන් ලෙසත්, වැඩි මගී තදබදයක් සහිත අවස්ථාවන් වලදී සහ කෙටි දුර දුම්රියන් සඳහාත් ධාවනය කරවනු ලැබේ. 

          මෙම දුම්රියන් මෙරටට ගෙන්වූ පසු ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර පිහිටි පැරණි ඉන්දියානු බඩු ගබඩාව (Old Indian Good Shed) නවීකරණය කර බලවේග විදුලි ධාවනාගාරය - EPCS (Electrical Power Coaches Shed) නමින් අලුත් ධාවනාගාරයක් එම ස්ථානයේ අරඹන ලදී. මෙම S9 වර්ගයේ සහ S10 වර්ගයේ දුම්රියන් වල සාමාන්‍ය නඩත්තු කටයුතු සිදුවන්නේ එම ධාවනාගාරයෙනි.

        දකුණු මාර්ගයෙත්, ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දක්වාත්, උතුරු මාර්ගයේ මහව දක්වාත් සහ පුත්තලම මාර්ගයේත් මෙම දුම්රියන් වැඩි වශයෙන් ධාවනය කරනු ලැබේ. මෙම දුම්රිය හඳුන්වා දුන් මුල් කාලයේදී කැලණිවැලි මාර්ගයේ පරීක්ෂණ ධාවනයන්  කිහිපයක් සිදුකලද ඒවා අසාර්ථක වූයේ මෙම මැදිරිවල දිග වැඩි වීම නිසා බව කියවේ. කෙසේ වුවද S8 වර්ගයේ මැදිරි වලද දිග අඩි 65 වන අතර ඒවා ගැටලුවකින් තොරව  කැළණිවැලි මාර්ගයේ ධාවනය වේ. ඒ නිසා S9 කට්ටල වල ගැටලුව විය හැක්කේ මැදිරි අතර මාරුවීමට (Vestibuled) ඇති පහසුකම නිසා මැදිරි අතර පරතරය අඩුවීම මගීන් වැඩි කෝණයකින් හැරීමට ඇති හැකියාව අවහිර වීම විය යුතුය.

        එසේම මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කර ඇති අතර පෙරහැර සමයන්හිදී කිහිප වරක් විශේෂ දුම්රියන් ලෙස මේවා මහනුවර දක්වා ධාවනය කර ඇත. තවද විශේෂ දුම්රියන් ලෙස මේවා කිහිප වරක් අනුරාධපුරය දක්වාද ධාවනය කර තිබේ. මේ අනුව මෙම දුම්රියන් මාතලේ මාර්ගය සහ කැළණිවැලි මාර්ගය, ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය - බදුල්ල අතර කොටස හැර අනෙක් මාර්ග වල ධාවනය කල හැකි බවට සැලකිය හැකිය. එසේ වුවත් මේවා නැගෙනහිර මාර්ගයේ ධාවනය කල බවට සාධක නැත.

        තවත් නිල නොවන තොරතුරකට අනුව මෙම දුම්රියේ ඇති තවත් සුවිශේෂ ලක්ෂණයක් උපාංග කිහිපයක් වෙනස් කිරීම මගින් විදුලි දුම්රියක් ලෙසට පත්කිරීමේ හැකියාවයි. මේ සඳහා මෙම දුම්රියේ ජෙනරේටර් පද්ධතිය විසන්ධිකොට ගැලපෙන ක්‍රමවේදයක් මගින් බාහිර විදුලි සැපයුමක් මගින් විදුලිය සැපයීමෙන් මේවා විදුලි දුම්රියන් ලෙස ධාවනය කල හැකි බව කියැවේ. එසේම මෙරටට ගෙන්වූ S9 වර්ගයේ බලවේග කට්ටල සියල්ලම වගේ මේ වන විටත් ධාවන තත්වයේ ඇති බව දැනගන්නට ලැබී ඇති අතර මේ අනුව මෙරටට ගෙන්වූ තවත් සාර්ථක දුම්රියක් ලෙස මෙම S9 වර්ගයේ බලවේග දුම්රියන් දැක්විය හැකිය.

මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, අකිල ඉන්දීවර, ලහිරු කන්නන්ගර, තූර්ය ඕවිටිපාන සහ තිවංක ඒකනායක සොයුරන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.


ඡායාරූප:-
S9 දුම්රියක වීඩියෝවක්


S9 හි රියදුරු කුටිය.
ඡායාරූපය:- German Railway
මෙම එන්ජිමෙන් තමා දුම්රිය ධාවනයට වුවමනා බලය සැපයෙන්නේ
ඡායාරූපය :- අකිල ආරියප්පෙරුම 
මැදිරි නඩත්තු කටයුතු
ඡායාරූපය :- අකිල ආරියප්පෙරුම 
අලුත්වැඩියාවන්ට පොරොත්තු ලේඛණයේ රැදී සිටිමින්
ඡායාරූපය :- අකිල ආරියප්පෙරුම 

පානදුර බලා පිටත් වීමට සූදානමින් මරදාන දුම්රියපොලේ රැඳි සිටින S9 වර්ගයේ දුම්රියක්
ආපදාවකට ලක්වූ S8 පන්තියේ ද්විත්ව දුම්රිය කට්ටලයක් තල්ලු කරන S9 වර්ගයේ දුම්රියක්.

මහනුවරට පැමිණි S9 බලවේග දුම්රියක්
ඡායාරූපය :- තිවංක ඒකනායක


36 comments:

  1. අඩේ මටත් හිතෙනවා කෝච්චි ඇංජිමක් ගන්න...ගාණ දාහන්කෝ...

    ReplyDelete
  2. මම නං බොහොම කලාතුරකින් තමා මේවා දකින්නෙ. දකින තරමක් දකින්නෙ S10 නේ!!

    ReplyDelete
  3. එළ පෝස්ට් එක. පොඩි කාරණාවක්... S8 එකයි S9 දෙකේම මැදිරියක දිග අඩි 65යි. නමුත් S8 එක කැළණිවැලියේ යනවා, S9 එක යන්නෙ නෑ. S8 එකේ මැදිරි අතර පරතරය වැඩියි. නමුත් S9 එක vestibuled නිසා මැදිරි අතර පරතරය අඩුයි. ඒ නිසා කැළණිවැලියේ තියුණු වංගුවල යන්න බෑ මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. anith eka thamai bogie arm eka kv line eke wangu sharp hinda bogieya karakila bogie arm eke wadinawa mama thamai kv eke s9 eka test karanda giya driver

      Delete
  4. මහනුවර දුම්රිය නැවතුම්පොලේ බලවේග කට්ටයලක් නවත්තලා තියෙනවා දැකපු පලවෙනිම අවස්ථාව තමා මේක.

    ReplyDelete
  5. සුබ අළුත් අවුරුද්දක් වේවා කෝච්චි අයියා(ගිහාන් චන්දික)

    ReplyDelete
  6. යන්න ගත්තම නම් සුපිරි වේගෙන් යනවා.. S9 ඩබල් සෙට් එහෙම සුපිරි... හැබැයි ඉතින් S8 වගේ ලග pickup නම් නැහැ...

    ReplyDelete
  7. S9 කියන්නේ S8 වගේම ගොඩාක් කාර්යක්ෂම බලවේග දුම්රියක්. මේවගේ දෙකක් එකතු කරලා තමා හැමදාම හවසට පානදුර යන කෝච්චියට එන්නේ. අනික මේවයේ හදිසි ආපදා ඇතිවීමේ ප්‍රවනතාවය වුනත් අනෙක්වාට සාපේක්ෂව අඩුයි මම හිතන්නේ.

    ReplyDelete
  8. ලංකාවට ආව වෙලාවල් වල මෙම දුම්රිය වල කීප වතාවක් ගමන් කළා. අපේ බොහෝ දුම්රියපල වල, වේදිකාවන් උස මදි නිසා, මගීන්ට [විශේෂෙන්ම කාන්තාවන්ට] මෙම දුම්රිය වලින් බැසීම දුෂ්කර බව දැක්ක.

    මම ඉන්න පළාතෙ සෑම දුම්රියපලකම වේදිකා එකම උසකින් යුක්ත අතර, නිෂ්පාදනය කරනු ලබන හෝ, ගෙන්වනු ලබන දුම්රීය, වේදිකා වල උස හා දිග ප්‍රමාණයට ගැලපෙන පරිදි ඇනවුම් කිරීමට ප්‍රවේශම් වෙන බව පේනව.

    අපිට පේන අනාගතයක බාහිර විදුලියෙන් ධාවනය වන දුම්රීය ලංකාවෙ දකින්න ලැබෙයිද?
    [ඒකට අඛණ්ඩ විදුලි බල සැපයුමකුත් අවශ්‍ය වෙන බව මතක් වෙන කොට නම් බයත් හිතෙනව]

    ReplyDelete
  9. මම මෙයාව දැකල තියෙන්නේ එකපාරයි. ඒ මුහුදුබඩ මාර්ගයේදී. සෙනගත් ගොඩක් පටවාගෙන ගොඩක් වේගයෙන් ගියේ.
    හැමදාම වගේ තවත් වටිනා පොස්ට් එකක්. නියමයි !!

    ReplyDelete
  10. MAMA COLOMBO CAMPUS YANAKOTA DAKALA TIYENAWA ME POWERSETS GANA DANAGATTE ME BLOG 1N TANKS! WISH U ALL THE BEST

    ReplyDelete
  11. එල එල. හැබැයි මමනම් කැමති S8 ටයි S10 ටයි තමයි.

    ReplyDelete
  12. හැමදාම වගේ එළ පෝස්ට් එකක්... 1800වගේ ලොකු RPM එකක් තියෙන එක අවුලක් නැද්ද..Diesel Hydraulics වල පරිහානියට හේතුව කිව්වෙ ඒක නෙ..

    ReplyDelete
  13. i have seen one s9 set with 7 compartments which was running fort to mirigama as evening office train in 2001.

    ReplyDelete
  14. ඇත්තටම මල්ලි මේ පවර් සෙට් ටිකයි අර ඊට පස්සෙ චීනෙන් ගෙනාපු පවර් සෙට් ටිකයි නියමයි. පහසුවෙන් යන්න පුළුවන්. ඒ වගේම හොඳට නඩත්තු කරන්නත් පුළුවන් මම හිතන්නෙ. හැබැයි අර ඉන්දියාවේ බඩු නම් චා. ස්තුතියි මල්ලී මේ විස්තර වලට. මම මේවා කියවන්න ආසයි.

    ReplyDelete
  15. S9 දුම්රිය දුවනවා උනාට S10 ගැන නම් ( S10 නේද ඉන්දියානු දුම්රිය) කතා කරන්න හොදක් තියේද ???

    තව දුම්රිය ගැන විස්තර දාන්න ...... එල පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. නැහැ S10 චීනයෙන් ආනයනය කලේ. ඒක ගොඩක් සාර්ථක බලවේග දුම්රියක්. මතබේදයට ලක්වුනේ S11 ඒක ඉන්දියානු නිශ්පාදනයක්.

      Delete
  16. ow kathawa nan aththa thama,anuradapure pichchcamal poojawata ekale special kochchi widiyata S9 damma.100kmph awa.mahawata anuradappura indan winadi 45n awa eda.
    harsana S10 neme S11 thama indian :)

    ReplyDelete
  17. නියමයි, ගොඩක් මහන්සිවෙලා විස්තර හොයල මෙහම ඉදිරිපත් කරනවට ස්තුතියි හොදේ

    ReplyDelete
  18. ම්...මෙයානම් දැකලපුරුදු කෝච්චියක් :D

    ReplyDelete
  19. mama nam meke ude hawasa yanawa, S8 tharam langa pickup nethi unath tika durak hari express karana train walata mewa supiri. hebey 2011 anthima kale mewaye breakdowns awa sahenna..... hema station ekakama nawaththanne nethi train walata mewa hondinma gelapenne

    ReplyDelete
  20. Man nam me widihe train ekaka kandy gihin thiyenawa.special train 1k widihata thama eda oya train 1 giye.mata kadugannawa hariyedi meet wuna railway line wala work karana kenek train ekedi.eya kiwwa me train 1 run weddi railway lines ath wenna balanawa kiyala..

    ReplyDelete
  21. අලුත් ඒවා නැද්දෝ?????????????????????????

    ReplyDelete
  22. waiting for s 10 Chandika.... any way highly appreciate your effort

    ReplyDelete
  23. මටත් ඕක ගැන නම් එච්චර මීටර් නෑ. s10 එකක්නම් ගියා මහව ඔෆිස් එකේ. එක නම් හොද පිකප් තියන එකක්. s 11 ඉන්දියන් එකෙත් එක සැරයක් ගියා කොලොබ ඉදන් අනුරාධපුරයට. මම දැන් නෑ ඒක කොච්චර කල් එහෙම තියේද කියල හැබැයි ඒ සැරේ නම් එකත් හොදට ගියා. හොදට පිකප් තියන ගැස්සීම හා සද්දය අඩු එකක්. වෙන දවසක තව කෙනෙකුත් ඒක හොදට ගියා කියල කිව්වා.යද්දී මට තිබ්බ එකම බය අපේ කබල් පාරේ ඒක හයි ස්පීඩ් යන්න ගිහින් පිලි පනිද කියන එක.

    ම ක

    ReplyDelete
  24. mama s9 power set eka ragama/gampaha athara 110kmph ta duwala thiyanawa apu daws wala dan 88kmph walata adu karala thiyanawa

    ReplyDelete
  25. සුපිරි.......... ආයෙත් චාරිකා සටහනක් නැද්ද? උතුරු පැත්ත අනාවරණය වෙනවනම් නියමයි.

    ReplyDelete
  26. nagenihria margaya kiwama polonnaruwa hariya ahu wenawada?
    mama dakala thiyenawa kaduruweladi s9 nawattala thiyenawa

    ReplyDelete
  27. nagenahira para kiwwama kaduruwela hariyath aithi neda?
    mama dakala thiyenawa s9 kaduruweladi

    ReplyDelete
  28. me photos nam godak watinawa - lasa

    ReplyDelete
  29. mage asama power set eka sadde adui s10 ekata wada

    ReplyDelete
  30. මගේ ආසම Power set එක. සද්දෙ අඩුයි S10 එකට වඩා.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete