Wednesday, January 05, 2011

෴මේ තවත් එන්ජිමක්ද? ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴


කරුණාකර මෙම ලිපිය කියවා අවසානයේ ඔබේ අදහස සටහන් කර යන්නේ නම් මැනවි.

෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔස්සෙ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙ දුම්රිය සේවය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන (M1සහ M3 දැන් ධාවනයේ නැත) ඩීසල් එන්ජින් කිහිපයක් ගැන කරුණු කාරණා, ඡායාරූප ඔබ සැමගේ දැන ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කරල තිබෙනවා. ආරම්භ කරල තවමත් මාසයක් වත් ගත නොවුණත් මේ වන විට ආසන්න වශයෙන් 1300කට වඩා වැඩි පිරිසක් මේ අඩවිය වෙත ඇවිල්ල තියෙනවා. දේශීය වගේම විදේශිය ඉන්න පාඨකයන් බොහෝදෙනෙක් මෙයට ඇතුලත්.


අපේ දුම්රිය සේවය කියන්නේ සාඩම්බර ඉතිහාසක් තියෙන ඒ වගේම සමහර කරුණු කාරණා වැලලී ගිය සහ තවමත් සොයාගනිමින්  තියෙන ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්.  ප්‍රවාහන ක්ෂෙත්‍රය යහපත් කරන්නට දුම්රිය සෙවයෙන් සැලසෙන්නෙ ඉතා වැදගත් මෙහෙයක්. 

මේ කොහොම වුනත් අන්තර්ජාලයේ සෙවුමක් කළොත් අපේ රටේ දුම්රිය සේවය ගැන අපිට විස්තර සොයාගන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්. ඒ ලැබෙන තොරතුරු වලින් වැඩිහරියක් තියෙන්නෙ එන්ජින් ගැන විස්තර සහ ඡායාරූප. බොහෝම සුලු ප්‍රමාණයක තමයි එතනින් එහා ගිය වැදගත් තොරතුරු සොයාගැනීමෙ හැකියාව තියෙන්නෙ. මෙම අඩවිවලින් 99% ම තිබෙන්නෙ ඉංග්‍රීසි බසින්. සිංහල භාෂාවෙන් මෙම බ්ලොගය ලියන්නත් මූලිකවම හේතු වුනේ ප්‍රධානම කාරණාවත් එයයි.

මෑතකදි මා සමග සංවාදයක යෙදුනු එක් තැනැත්තෙක් කියා සිටියා මෙම බ්ලොගයෙ තිබෙන්නෙ අනෙක් බ්ලොග් අඩවි වල ඇති තොරතුරු සිංහලෙන් පරිවර්තනය කිරීම පමණයි කියල. මෙය ලිවීමෙදි ඒ අඩවි වලින් කරුණු ගන්නා බව ඇත්තයි. නමුත් මේ ලිය සෑම ලිපියක් පාසාම මවිසින් වැඩිදුර විස්තර බොහෝමයක් සොයාගනු ලබනවා. මේ අඩවිය සම්පුර්ණයෙන්ම මගේ උත්සහයක් පමණක් කියල කියන්න බැහැ. ආරම්භය මගේ වුනත් වර්ථමානය වන විට මේ තුල කීපදෙනෙකුගෙ දායකත්වයන් තිබෙනවා.

මෙහි තිබෙන බොහෝ දුර්ලභ කරුණු රැසක් සපයන්නෙ නලීන් අබේසිංහ සොයුරා විසින්. අන්තර්ගත වන ඇතැම් කාරණා 100%ක්ම නිවැරදි බව තහවුරු කරගන්නට ඔහු බොහෝ විට සහය වෙනවා. ඒ වගේම මෙහි නම පල කරන්යට අවසර නැති සොයුරෙකුත් මෙහි අඩු පාඩු සොයා බලා නිවැරදි කිරීම් සඳහා සහය වෙනවා. මෙහි පළවෙන ඡායාරූප බොහොමයක් හෆිස් ඉසඩීන් මහතා විසින් ගන්නා ලද ඒවා. ඒවා භාවිත කරන්න අවසර දීම සම්බන්ධයෙන් ඔහුටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ වගේම නම් වශයෙන් විස්තර නොකළත් තවත් කිහිප දෙනෙකුගේ දායකත්වය මේ වෙනුවෙන් ලබාගෙන තිබෙනවා. ඉදිරියටත් ලැබෙවි. ඔවුන් හැමදෙනාටමත් ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මෙයට ප්‍රතිචාර සටහන් කිරීමෙන් සහ කියවීමෙන් දායක වන පාඨකයන් වෙත ස්තුති කල යුතුයි. සියලු උත්සහයන් වල අවසාන ප්‍රතිඵලය ලබන්නෙ ඔබ. මෙහි සඳහන් වන කරුණු ඔබට හැඟෙන්නෙ කොහොමද? ඒ ගැන ඔබේ අදහස් අපට බොහෝ වැදගත්.

දුමිරිය කියන්නෙ එන්ජින් හෝ ඡායාරූප පමණක් නොවෙයි. එයින් ඔබ්බට ගිය බොහෝ දේවල් රාශියක් මෙම ක්ෂේත්‍රයේ පැවැත්ම කෙරෙහි දායක වෙන බවත් මතක් කල යුතුයි. ඉතින් මෙම අඩවියෙන් ඒ හැම දෙයක් පිළිබඳවම ඔබට තොරතුරු ගෙන එන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

මේ වන තුරැ ඔබට ඉදිරිපත් කළේ එන්ජින් ගැන විස්තර. නමුත් මෙම ක්ෂේත්‍රය පිළිබඳව ඔබට දැන ගැනීමට යම් යම් දේවල් තිබෙන්නට පුළුවන්. මේ නිසා කැමතී ඔබේ අදහස් දැනගන්නට. ඔබට දැනගත යුතු කාරණා, විස්තර ආදිය ගැන මෙහි සටහන් කලොත් ඒ ගැන ඔබට මේ අඩවිය ඔස්සේ විස්තර ඉදිරිපත් කරන්නට සූදානම්. එසේත් නැතිනම් M6 සිට M9 දක්වා එන්ජින් ගැනත් විස්තර පළ කරන්නද? වෙනත් තොරතුරු අවශ්‍යද? මෙහි යම් යම් වෙනස් කම් කල යුතුද? යම් අඩුපාඩු, නිවැරදි කිරීම් ආදිය තිබෙනවා නම් ඒගැනත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න මෙහි ඉඩ තිබෙනවා. 

ඒ වගේම අපේ දුම්රිය සේවය ගැන ඔබ දන්නා දුර්ලභ විස්තර ආදිය වුණත් අන් අයගේ දැනගැනීම සඳහා එවන්න ඔබ සුදානම් නම්, ඒවා තහවුරු කරගැනීමෙන් පසුව ඔබේ අනන්‍යතාවය සමග මෙහි පළ කරන්නට සූදානම්. අවශ්‍යතාවන් සඳහා gehanchandika@gmail.com ලිපිනය භාවිත කරන්න.

ඔබේ අදහස් වෙනුවෙන් පහත Comments තීරුව සහ ඉහත විද්‍යුත් ලිපිනය භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ අදහස් මෙම ක්ෂෙත්‍රය කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනෙකුට වැදගත් වේවි.

35 comments:

  1. අගුරු වලින් දුවන එකම එක එන්ජිමක් දැක්කා. නමුත් හරියටම නිච්චි නෑ කොහෙද කියලා. ලංකාවේ දුම් රිය සේවයට ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා නම් දන්නවා. ඔය ඉස්සර කාලේ ලංකාවේ ට්‍රෑම් කාර් යුගයකුත් තිබ්බා කියලා අහලා තියෙනවා

    කට තිබ්බ පලියට කියවන අය ගැන ගනන් ගන්න එපා සහෝදරයා. අපි හැමෝම 100%ක් අංග සම්පූර්න නැ නේ. ඒවගේම 100%ක් සියලුම දේවලුත් දන්නෙ නෑ නේ. සයිට් එකකින් දෙයක් එහෙම් පිටින්ම කොපි කර ගන්නේ නැතුව ඒවයින් විස්තර අරගෙන ලියන එක ගොඩක් වටිනවා. මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නෑ.


    සැලෙන්න එපා. තලන්න තලන්න පන්නරය ලබන වානේ වගේ ඉන්න. :-)

    ReplyDelete
  2. චන්දික මෙහි පලකරලා තියෙන අදහසට මම එකඟ වෙනවා....

    ඇත්ත...

    ලංකා දුම්රිය සම්බන්ධ ව සිංහලෙන් පළවෙලා තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. ඒ වගේම ඉංග්‍රීසියෙන් තොරතුරු ඇතුලත් වෙලා තියෙන්නෙත් වෙබ් අඩවි අතලොස්සක පමණයි. ඒවාත් පිහිටුවාගන්න පුළුවන් වුණේ වසර කිහිපයකට ඉහතදී දුම්රිය ගැන සැබෑ උනන්දුවක් ඇති සගයින් කිහිප දෙනෙක් විසින් ඉතාමත් දුශ්කරතා මධ්‍යයේ තොරතුරු ගවේශණය කරමින්...

    මම මෙතනදී ටිකක් දිග ප්‍රතිචාරයක් පළකරන්න හිතුවේ චන්දික මේ ලිපි පෙළ ඉදිරිපත් කරන මනා පිළිවෙල අගය කරන්න ඕන හින්දා. මම එහෙම කියන්නේ චන්දික මෙහි විස්තර සහ ඡායාරූප පළකර විට එහි මුල් අයිතිකරුවන්ට එහි සැබෑ අයිතියත් (Copyrights and referencing)රැක දෙන්නට උත්සාහයක් දරන ගමන් ම එය සිදුකරන නිසයි (අද කාලයේ වැඩිපුර ම සිදු නොවෙන්නෙත් එයම තමයි)

    ඒක නිසා මම ඉල්ලා සිටින්නේ මෙතනින් නොනැවතී M කාණ්ඩයේ දුම්රිය එන්ජින් පමණක් නොව ලංකා දුම්රිය සේවය සතු අනෙකුත් ඩීසල් එන්ජින් පිළිබඳව මේ බ්ලොග් එක හරහා තොරතුරු ඉදිරිපත් කරන්න කියලා. ඒක දුම්රිය පිළිබඳ ව සිංහලෙන් තොරතුරු කියවීමට කැමති අයට උදව්වක් වේවි.

    ඒ මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ආකාරය මඟින් චන්දික කිසිවෙකුට හානියක් හෝ යමෙකු අපහසුතාවයකට පත් නොකරන බව මට විශ්වාස නිසා

    ReplyDelete
  3. ම්.....ඇත්ත සහතික ඇත්ත අයියා...

    ReplyDelete
  4. දිගටම අළුත් දේවල් ගැන ලියන්න.M1 සිට අද දක්වාම දුම්රිය ගැන ලියන්න.මම අසාවෙන් මෙම එක කියවන කෙනෙක්

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. mannm kemathi m9 wenakmma liyanwata,duralab dewal dekaganna lebenen kalathurakin, mamanm m1 m2 m3 dekalam thibbe ne, e wagema hungak pinthura dekala ne.e nisa digtama liyanna gehan ayya

    ReplyDelete
  7. අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා යන මෙම අඩවියෙන් දුම්රිය එන්ජින් සමිබන්දව ගොඩන් දේවල් දැනගත්තා. ජිවිතේට නොදැකපු දුර්ලභ ඡායාරූප විස්තරත් සමග දැක්කා මෙම ක්ෂේත්‍රය පිළිබඳව ‍තොරතුරු දැන ගැනිම මා තුලත් ඇත්තේ ලොකු උනන්දුවක්.

    මගේ අදහසනමි ඉදිරියෙදි M6 සිට M9 දක්වා එන්ජින් ගැනත් විස්තර පළකලානමි හොදයි යන්නයි. නමුත් ඔබ මෙම අඩවියේ දුම්රිය ක්ෂේත්‍රය පිළිබඳව කුමන ලිපියක් පළකලද එය කියවන්නේ මහත් ආශාවෙනි.
    මෙම ලිපි පෙල ඉදිරිපත් කරන චන්දික සොයුරාටත් ඔහුට සහය දෙන අයටත් මගේ ස්තුතිය.

    ReplyDelete
  8. අනේ මන්දා දුම්රිය දෙපාර්තමේන්තුවෙ අයත් මෙයා ගාවට පන්ති එන්නලු යන්නෙ...ඇයි උන්ට වඩා මෙයා දන්නවනෙ

    ReplyDelete
  9. gr8 job ayya!!!!!!!! keep it up.... :):):)

    ReplyDelete
  10. ලියන්න..
    අපි එන්නම් කියවන්න. මමත් ඉස්සර මේ ගැන විස්තර එකතු කළා. දැන් නම් ඒවා කොහේද කියන්න මතක නෑ. මම මේ ගැන සිංහලෙන් කියවන පළමු අවස්ථාව. ඒනිසා චන්දික ලියන්න. අඩු පාඩුවක් දැක්කොත් දන්න අය කියයි. ඒවා ඔබේ ලිපියට එක්කරන්න. අපි කවුරුත් සියල්ල දත් අය නොවේ..

    ReplyDelete
  11. දාපිය යකෝ.. :D මෙච්චර එලට ලියනවා.. අපෙං අහනවා ඉතුරු ටික ඕනද කියලා.. ඔය ඉතිං මගෙං අහගන්න තමා :D

    හික්.. අර චැට් කරපු එක්කෙනාට කියන්ඩ උබ එන්ජිමක් හදපු දාට ඉංග්‍රීසියෙං ‍කවුරු හරි ලියන්න කලිං දාන්නං කියලා :D කෝච්චි ඇන්ජින් ගැන ඉංග්‍රීසියෙං තමයි බං කොහොමත් මුලිං ලිව්වේ.. ඒත් උබ ලියන එකයි අපි කියවන්නේ..

    ReplyDelete
  12. good පෝස්ට එක. අගුරැ කකා වතුර බිබී ගියත් කමක් නැහැ පෝස්ට එක අගය කරන්නෙ නැතුව ඉතිරිටිකත් දාන්න.

    ReplyDelete
  13. මල්ලී. ඕවා ගණන් ගන්න එපා. දිගටම ලියන්න. ඉතිහාසය කියන්නෙ කාගෙවත් දේපල නොවෙ.
    අනික නොදන්න දේවල් දැනගන්න එක කොච්චර හොඳ දෙයක්ද
    දිගටම ලියන්න.

    ReplyDelete
  14. කුම්භාණ්ඩයාJanuary 6, 2011 at 9:32 AM

    මට පේන්නේ මෙතන එක්කෙනෙක් නැට්ට පාගගෙන වගේ. ඉතිහාසය හැමවිටම එකම තමා. නමුත් ඉතිහාසය ගැන හෙව්වෙ නැත්තම් ඒක වැලලිලා යනව. මහානාම හාමුදුරුවො මහාවංසෙ ලිව්වා. ඒකෙන් අපි අපේ ඉතිහාසය දන්නව. වෙන අයත් ඉතිහාසය ගැන හොයනව. නමුත් කවුරු හරි මහාවංසෙ පොටෝ කොපියක් ගහල වෙබ් එකට දැම්මට එයා පොරක් වෙන්න නෑ. ගෙහාන් මෙතන කරන්නෙ සිංහල පාඨයකින් වෙනුවෙන් යුතුකමක්. මොකද කරුණු එකම උනත් ඉංග්‍රීසියෙන් තියෙන කොට සමහර අයට ඒවා අවබෝධ නොවන්න පුලුවන්. ඔහු අළුතෙන් කරුණු හොයනව වගෙම ඉංග්‍රීසි වෙබ් අඩවිවල තියෙන කරුණුත් පරිවර්තනය කරනව. ඉතින් ඒ වෙන කෙනෙක්ගෙ කරුණු උපුටා ගන්නවනම් ඔහු ඒක ගත්තේ කොතනින්ද කියල සඳහන් කරනව.

    නමුත් යම් පිරිසක් ඉන්නව. කුම්භකර්ණයෝ වගේ ගෙදරට වෙලා බුදියගෙන ඉන්ටර්නෙට් එකට පොඩ්ඩක් ලොග් වෙලා කවුරු හරි අළුත් දෙයක් කරොත් ඒ දේ හොරකම් කරන්න බලාගෙන. (සමහර විට හෙට මේ බ්ලොග් එකත් ගෙඩි පිටින් උස්සන් යන්න බැරි නෑ). දැන් මෙතන එක්කෙනෙක් කිව්ව දුම්රිය දෙපාර්තුමෙන්තුවට පිස්සුද කියල රිස්විගෙන් කරුණු ගන්න. ඔවුන්ට ඒක තනියෙන් කරන්න පුළුවන් තමයි. නමුත් කරන්නේ නෑ එකයි වැරැද්ද. තනියෙන් කලානම් ඇයි රිසිව්ගෙ වෙබ් (2004 පටන් ගත්ත ) ඒකෙ තියෙන විදිහටම ඒ පිලිවෙලටම ඒ කරුණු පමණක්ම තියෙන්නෙ? රිස්වි ඉදිරිපත් කරල තියෙන කරුණු පොඩ්ඩයි. ඒත් දෙපාර්තුමේන්තුවට හරි උවමනාවක් තියෙන වෙන කෙනෙක්ට හරි පුළුවන්නේ තව විස්තර දාන්න. ඇයි එහෙම නොකර අරක කොපි පේස්ට් කරන්නෙ? ඇයි ගෙහාන් වගේ බ්ලොග් පෝස්ට් එකක් පිරෙන්න කරුණු අනිත් අයට හොයන්න බැරි. ඒ අය කරන්නෙ අරක කොපි කරල කොහෙ හරි අප්ලෝඩ් කරල බොරු වීරයො වෙන්න හදනව. ඒක ගැන වෙන කවුරු හරි පෙන්නල දුන්නම නැට්ට පාගගෙන කෑගහනව.

    ReplyDelete
  15. කුම්භාණ්ඩයාJanuary 6, 2011 at 10:14 AM

    කලින් අදහස දිග වැඩී වගේ නිසා ඉතිරි ටික මෙතන ලියැවෙනව... ඔය දැන් රිස්විට බනින මිනිස්සු මොනවද අනිත් "කෝච්චි පිස්සො" වෙනුවෙන් කරල තියෙන්නෙ කියල මං අහන්න කැමතියි? රිස්වි තමා කඩුගන්නාවෙ ඉඳන් රඹුක්කනට රේල් පාර දිගේ පයින් අවිත් එහි සුන්දරත්වය ගැන ඔහුගේ වෙබ් අඩවියේ ලියල අනිත් අයට ඒක බෙදල දුන්නෙ. ( ඊට පස්සෙ නේෂන් පත්තරෙන් ඒකෙත් පොටෝ කොපියක් ගැහුවා). තව කෙනෙක්ට ඒ ගමන යන්න ඕනනම් ඔවුන් මුහුණ දීපු අසීරුතා සහ ඒවගෙන් ගැලවෙන්න ගන්න ඕනෙ ක්‍රියාමර්ග පවා දක්වල තියෙනව. තනි බූදලෙට තියාගන්න ඕනෙ නම් එහෙම කරන්නේ නෑ නේ? රිස්වි මහතා තමයි Brush Lanka වෙබ් එක පටන් ගෙන M1 එන්ජිම නැවත රේල් පාරට ගන්න උත්සහ කරන්නෙ. සමහර ඔය කෑගහන පණ්ඩිතයෝ ඒක ගැන දන්නෙ නැතුව ඇති. පිටරටවලින් පුද්ගලික මට්ටමෙන් ආදර පවා ලබා ගනන් ඔහු සමත් උනා. ඒ වුනත් දෙපාර්තුමේන්තුවේ සහ ඇමතිවරුන්ගෙ උනන්දුව ඒකට මදි.

    දන්නෙ නැති අයට දැනගන්න කියන්නම්. දැන් වගේ නෙවෙයි අවුරුදු තුනකට විතර කලින් "කෝච්චි පිස්සුව" නිසා පොලිස් කූඩුවේ ලැගපු මිනිස්සු ඉන්නව පොටෝ ගන්න ගිහින්. එහෙම ගත්ත පොටෝස් සමහරු තමන්ගේ Facebook එකේ අප්ලෝඩ් කරල තමන් ගත්තා වගේ දානව. ඒ මිනිස්සු (රිස්වි හෝ අනිත් අය ) ඒ දේවල් කරන්නෙ සල්ලි බලාගෙන නෙවෙයි (සමහර රටවල මේව සල්ලි වලට විකුණන අයත් ඉන්න බව දැනගන්න, අපේ රටේම පරණ පොටෝස් අපිටම විකුණනව සමහරූ). තමන්ගෙ passion එක ඒක නිසා. ඉතින් කැමරා වලට වියදම් කරගෙන කටු කාගෙන දුර ගමන් ගිහින් ගන්න ඒ පින්තූරේකට කරන්න පුළුවන් එකම ගෞරවය තමා තමන්ට ඒක ඔනේ නම් පොටෝ ගත්ත කෙනාගෙ නමවත් දාන එක. එහෙමවත් කරන්න බැරි නම් ඒ මනුස්සයගෙ ඇති මනුස්සකම මොකක්ද? මං හිතන්නේ ඕවා ගැන උදහස් වෙලා ඉන්න කෙනා සරසවි ශිෂ්‍යයෙක්.විශ්ව විද්‍යාලෙක Research paper එකක් එහෙම නැත්තම් Thesis ලියනකොට උපුටා ගැනීමක් (Reference) තියෙනවනම් ඒව සඳහන් කරනව. තමන්ගෙ වගේ දාන්නේ නෑ. අඩු තරමේ ඒකවත් ආදර්ශයට ගන්න.

    මං මේ කමෙන්ට් එක දැම්මේ කාත් එක්කවත් තරහෙන් නෙවෙයි. ඒත් යම්කිසි කෙනෙක්, පිරිසක්ව නොමග යවන්න හදන නිසා ඒක නිවැරදි කරන්න. කොහොමත් ඵල ඇති රුකටනේ පොඩි පොඩි කොල්ලො කුරුට්ටොත් ගල් ගහන්නේ. ඉතින් මේ ගෙහාන්ගෙ ඵල දරාගෙන එන රුකටත් සමහරු ගල් ගහන්න හදන්ව. ඒවට සැලෙන්න එපා. ඔබ ඉතාමත් උගත් බුද්දිමත් මහත්මයෙක් වගේ මේ බ්ලොග් අඩවිය කරනව. සමාජයට, කෝච්චි පිස්සන්ට අළුත් දෙයක් දෙනව. ඔබට ජයෙන් ජයම පතනවා. මගේ අදහස් මෙහි පල කලාට ස්තුතියි.

    ReplyDelete
  16. අනිවා... මේ මොනවා අහනවද? දිගටම ලියන්න සුභ පැතුම් මෙන්න!

    ReplyDelete
  17. ඔයාගේ මේ ලිපි නිසාම මම Unstoppable film එක මාර ආසාවකින් බැලුවා. තෑන්ක්ස් ආ.....

    ReplyDelete
  18. M6 - M9 එන්ජින් වල විස්තරත් දැනගන්න කැමතියී. ඒක නිසා දිගටම ලියන්න. පුළුවන් නම් විතරක් ඩීසල් එන්ජින් ඛාණ්ඩ 2 ක් වන Diesel Electric සහ Diesel Hydrolic එන්ජින් වල ක්‍රියාකාරීත්වය ගැනත් සිංහලෙන් පළකරන්න පුළුවන් නම් ගොඩක් අගය කරනවා. එය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි.

    ජය !

    ReplyDelete
  19. ඔව්. මම කැවා. දැන් චූ කලා.. අන්න අල්ලපු ගෙදර පොල් කඩනවා වගේ දෙවල් ලියන්නෙ නැතුව සැබෑ දෙයක් ලිවීමට ගැන ස්තුතියි.

    එන්ජින් දෙකක් couple කිරීම.
    එන්ජිමක් මැදිරිවලට සවි කිරීම.
    පීලි මාරු කිරීම.
    මැදිරිය.
    පාලන කටයුතු.
    සංඥා පද්ධතිය ක්රිටයා කරන ආකාරය.
    විදුලි දුම්රිය ගැන
    ආදියගත්තාම ඔයාට ලියන්න සහ හොයන්න කරුණු ගොඩක් තියෙනවා.

    තව වාෂ්ප එන්ජින් සංගමය වගේ ආයතන තියනවා. කුඩා පරිමානයෙන් වාෂ්ප එන්ජින් හදා ගෙන තමන්ගේ පෞද්ගලික දුම්රිය මාර්ගයක් ගමන් කරන කණ්ඩායමක් ඈමරිකාවේ ඉන්නවා.

    Salad Bowl Express

    ගැනත් හොයලා බලන්න.

    මේ ඔක්කොටම වැඩිය ලංකාවේ දුම්රිය ගැන සෙවීම අමාරැයි. එනිසා මේ කරගෙන යන වැඩේ නියමයි.

    ReplyDelete
  20. ලියපන් මලේ දිගටම.උඹ මේකට වෙන මහන්සිය ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
    ගල් අගුරු කෝච්චියක් මම දවසක් දැක්ක ‍ටුවරිස්ල වාගයක් දාගෙන යනව පොල්ගහවෙලදි.ඒකනම් මාරයි.

    ReplyDelete
  21. කිසි ගින්නක් නෑ...අනිත් ටිකත් ලියන්න....මචං පුළුවන් නම් පොතක් තියනවා ඉතිහාසය ගැන...මට නම මතක නෑ....මට ඒක නුවර ස්ටේෂන් මාස්ටර් දුන්නා මම ඉස්කෝලේ කේවල ව්‍යාපෘතිය කරන කොට හැබැයි මම ඒක ආපහු එතුමාටම භාර දුන්නා...පුළුවන් නම් ඒ පොත හොයාගන්න උත්සහයක් කරන්න....ඇනෝ සඳහන් කරලා තියෙන දේවල් ගැන පුළුවන් නම් සටහනක් දාන්න...ඒක වැදගත් වෙයි....මොකද එතකොට කියවන කෙනෙක්ට සෑහෙන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.....මම දැනට දන්න තරමින් ඉංග්‍රීසියෙන් ලියවුන අ‍ඩවි තියෙන්නේ කීපයයි....ඒ ඔක්කෝටම වඩා මේක නියමයි.......

    ReplyDelete
  22. අලුත් තාක්ෂණික කරුණු ගැනත් පුලුවන්නම් ලියන්න, හරියට විදුලි දුම්‍ රිය , චුම්බක තාක්ෂණය, අනිත් රටවල් වල යොදාගන්නා තාක්ෂණය වගේ දේවල් ගැනත් දැනගන්න ආසයි.. දිගටම ලියන්න...

    ReplyDelete
  23. මෙම තීරුවේ අදහස් දැක්වූ ඔබ සැමටම බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  24. වසර 6ක් පුරා දිනපතාම දුම්රියේ වැඩට ගියත්, කවදාවත් අහලාවත් නොතිබුනු දේවල් ගොඩක් උඹට පින්සිද්ද වෙන්න දැන ගත්තා මලේ. දිගටම ලියපන්... පුළුවන්නම් පීලි පැනපු දුම්රියක් නැවත පීලිගත කරන විදිහ පැහැදිලි කරලා දීපන්. උඹට ජයෙන් ජය...

    ReplyDelete
  25. Blog එක නම් සිරා.

    කෝච්චිය මහ පුදුම දෙයක්. මම දැන් අවුරුදු 10ක විතර ඉඳන් ඉන්නෙ රේල්පාරක් අයිනෙ. මම තාමත් කෝච්චි වලට ආසයි. දිගටම ලියන්න...

    ReplyDelete
  26. මට කෝච්චිය කියන්නේ හරියට ගහට පොත්ත වගේ.මම නිතරම බලවේග කට්ටල එක්ක ඉන්න කෙනෙක්.ඉදිරියේදී S8,S9,S10,S11 බලවේග කට්ටලවල විස්තර දාන්න.ඔබගේ ඉදිරි පිම්මට මගෙන් ආදරණීය සුභ පැතුම්.

    ReplyDelete
  27. සැලෙන්ඩ එපා....
    මමත් හරිම ආසාවෙන් මේ පෝස්ට් ටික කියවනව.....
    බොහොම ස්තූතියි... කොච්චර කෝච්චි වල ගියත් මේ විස්තර දැනගත්තෙ ඔබේ පිහිටෙන් තමයි කියන්නත් මම ලැජ්ජ වෙන්නෙ නෑ...

    ReplyDelete
  28. මගේ ප්‍රියතම ගමනාගමනය දුම්රිය සේවය ....මාත් කලෙක ඉදල දුම්රිය ගැන කරුණු හොය හොයා හිටියේ ..මේ බ්ලොග් එකෙන් ලොකු පිටුවහලක් වෙනවා ඒකට ..ලියන්න දිගටම ..කාඩ් බෝර්ඩ් වීරයන්ගේ කතා ගනන්ගන් නැතුව ..ජයවේවා ....

    ReplyDelete
  29. මමත් හරිම ආසාවෙන් මේ පෝස්ට් ටික කියවනව.....

    ReplyDelete
  30. ayya mama podi kale idala train walata mara asai oyage page aka 2012/5/11 tamai face book aken dakala click karala baluwe attatama me wenakota oyage page ake okkoma wistara kiyawala iwarai.attatama niyama wistara tikkak oya dala tiyyenne ayya oyage utshaya niyamai.maman rukshan thanks.....!

    ReplyDelete
  31. ඇත්තටම ඔබ විසින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය පිළිබඳව අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා. මෙහි ඇති බොහොමයක් ලිපි මා විසින් කියවන ලද අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් බොහෝ සතුටට පත් උනෙමි. සිංහල භාෂාව භාවිත කරන්නන් හට දුම්රිය ක්ෂේත්‍රය පිළබඳව මෙතරම් ඵලදායී ලෙස තොරතුරු ලබාගත හැකි වෙනත් වෙබ් අඩවියක් පිළිබඳව නොදනිමි. ඇත්ත වශයෙන්ම ඔබ විසින් අත ගසා ඇත්තේ ජාතික මට්ටමේ කර්තව්‍යකටයි. ඒ සමබන්ධයෙන් ඔබ හට නැවත වාරයක් ස්තුති වන්ත වෙමි.

    එසේම මෙම ක්ෂේත්‍රය පිළිබඳව මා තුල ඇති ගැටළුවක් ඇසීමට කැමතියි. මෙහි පලවී ඇති බොහෝ ලිපිවල එන්ජින් වර්ග කිරීමක්(Classification) මා දුටුවා.(M1, M2, M3, S1, S11 ආදී වශයෙන්...). එසේ එන්ජින් වර්ගීකරණය කිරීමේ පදනම කුමක්ද? ඊට අදාළ තාක්ෂණික කරුණු මොනවාද? මා මෙම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආධුනිකයෙකු බැවින් ඒ පිලිබදව කිසිදු අවබෝධයක් නොමැත. මා මෙන්ම මෙම ක්ෂේත්‍රය පිළිබඳව ක්‍රමවත් දැනුමක් නොමැති අයටද මෙය ප්‍රයෝජනවත් විය හැකි බැවින් ඔබගේ කාරුණික අවධානය මෙයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

    ඔබේ මෙහෙවර ඉතා අගය කොට සලකන අතර, ඉදිරියටද එය එසේම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
  32. නියමයි අයියා. එක එකාගේ ගල් මුල් ප්‍රහාර ගණන් නොගෙන දුම්රිය වගේම දිගු ගමනක් යමු. තාක්ෂණික පැත්ත පිළිබඳවත් විස්තර බලාපොරොත්තු වන අතර ඉදිරියටත් කරගෙන යාමට දිරිය ලැබේවායි පතමි.

    ReplyDelete
  33. dont give up your writing. You have done a very good job

    ReplyDelete