Thursday, June 30, 2011

පෙර සූදානම - "පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (දෙවන කොටස)

<<<< පෙර ලිපියට
සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය
      මේ චාරිකාව අපි ආරම්භ කලේ පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟාවෙන්න පුලුවන් පහසුම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. මේ වගේ චාරිකාවක් යන්න කැමතිනම් වඩාත්ම හොඳ විදිය තමයි උදෑසනින් පට්ටිපොලට ලඟාවෙන එක. ඒ සඳහා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය (නිදන මැදිරි සහිත) භාවිතා කරන්න පුලුවන්. එය සාමාන්‍යයෙන් පාන්දර 4.30 පමණ වන විට පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟා වෙනවා. එතනින් දුම්රියෙන් බැස ඉර එලිය වැටෙනතුරැ ඔබට පට්ටිපොල දුම්රිය ස්ථානයේ රැඳී සිටින්න සිදු වෙනවා.

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (පළමු කොටස)

     ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් දුම්රිය. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි බෙහොමයක් සපිරුණු අපේ උඩරට දුම්රිය මාර්ගයේ ලබන අත්දැකීමනම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

      ඒ කෙහොම වුනත් මේ සූදානම් වෙන්නේ දුම්රියක් මගින් ගිය චාරිකාවක් ගැන කතා කරන්න නම් නොවෙයි. අපේ දුම්රිය ක්ෂේත්‍රය විනෝදාංශය කරගත් බොහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන "දුම්රිය මාර්ගයේ චාරිකා"  එහෙමත් නැත්තම් Railway Hikes වලින් වඩාත්ම සුන්දර වු එක් චාරිකාවක් මගින් ලබාගත් අත්දැකීම් පිළිබඳව ඔබට කියන්නයි. Railway Hike එකක් කියල අප හඳුන්වන්නේ දුම්රිය මාර්ගයක් ඔස්සේ පයින් ගමන් කරමින් අවට වටපිටාවේ සුන්දරත්වය නිදහසේ විඳගනිමින්  ලබාගත හැකි සුන්දරම අත්දැකීමක්. පරිසරයේ සුන්දරත්වය විඳින්නට කැමති අය, සත්ව නිරීක්ෂණයේ යෙදෙන අය වගේම ඡායාරූප ශිල්පීනුත් මෙවන් චාරිකා සඳහා විශාල කැමැත්තක් දක්වනවා.

පට්ටිපොල - ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය

Sunday, June 19, 2011

෴S3 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ දෛනික ධාවනයට යෙදූ එකම බලවේග දුම්රිය෴

Original Image here
ක්‍රමක්‍රමයෙන් දුම්රිය සේවා පිලිබඳව මගී ජනයාගේ ප්‍රසාදය ඉහල යාමත් සමග එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගී සංඛ්‍යාව වැඩි විය. එමගින් ඇති වුණු මගී තදබදය අඩු කිරීමේ විකල්පයක් ලෙස අඩු දුම්රිය එන්ජින් සහ මගී මැදිරි ගෙන්වීමට වඩා අඩු පිරිවැයකින් ධාවනය කල හැකි බලවේග දුම්රියන් ගෙන්වීමට දුම්රිය බලධාරීන්ගේ අවධානය වඩාත් යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස S3 දුම්රියද 1959 වසරේදී මෙරටට ගෙන්වා ඇත.

Sunday, June 12, 2011

෴S2 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේදී නිෂ්පාදිත මැදිරි යෙදූ මුල්ම බලවේග දුම්රිය෴

හිමිකම:- නලින් අබේසිංහ
S1 බලවේග දුම්රිය මෙරට මුහුදුබඩ මාර්ගයේ යෙදීම ඉතා සාර්ථක වුවත්  S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කරන තුරුම මෙරට මාර්ග සඳහා අලුත් බලවේග කට්ටලයක් හඳුන්වා දීම සිදු නොවිණි.  මෙම S2 බලවේග කට්ටල් මෙරටට ගෙන එන ලද්දේ අවසාන S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කර වසර දෙකකටත් පසුව 1958 වසරේදීය.

Sunday, June 05, 2011

෴S1 බලවේග දුම්රිය - 1938 දී ශ්‍රි ලංකාවට ගෙන එන ලද මුල්ම ඩීසල් බලවේග දුම්රිය෴

     වර්ෂ 1930 තරම් වූ මෑත අතීතය ආසන්න කාලය වන විට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය, ජනතාව අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුනු අතර ලොව රට රටවල දුම්රිය නිෂ්පාදක ආයතන රාශියක් ඒ වන විට දුම්රියයන් නිපදවීම මෙන්ම විවිඨ විශේෂ දුම්රියයන් සඳහා අත්හදාබැලීම් විවිධ කාල වලදී සිදුකර ඇත.  විශේෂයෙන් මගී තදබදය අඩු වේලාවන් වල සහ මාර්ගවල ධාවනය කිරීම සඳහා විශාල දුම්රියයන් වෙනුවට බරෙන් හා අඩු බලයකින් ධාවනය කල හැකි (ඩීසල්) රේල් කාර් නිෂ්පාදනයට ඇතැම් සමාගම් යොමු විය. මේවා ධාවනය සාපේක්ෂව ලාභදායි විය.