මෙම කුඩා එන්ජින් හැඳින්වෙන්නේ ෂන්ටින් එන්ජින් යනුවෙන්. එනම් මෙම එන්ජින් භාවිතා කරන්නේ මගී ප්‍රවාහනයට නොව ෂන්ටින් කටයුතු සඳහායි. ෂන්ටින් කටයුතු යනුවෙන් හැඳින්වෙන්නේ දුම්රිය අංගන වල (yard) ඇති දුම්රිය මැදිරි, ප්‍රවාහන ගැල්, ඉන්ධන ටැංකි ආදිය එහා මෙහා ගෙන ගොස් අවශ්‍ය දුම්රිය කට්ටලයන් එකලස් කිරීමයි. එමෙන්ම ගමන් අවසාන කල දුම්රියන් වල දුම්රිය මැදිරි ආපසු දුම්රිය අංගන වෙතගෙන ඒම ආදී කටයුතුත් ඇතැම් විට මෙම එන්ජින් මගින් සිදු කරනු ලැබේ. මොවුන්ගේ කාර්ය ලැයිස්තුව පහත ආකාරයෙන් ගොණුකොට දැක්විය හැකියි.
- දුම්රිය අංගන වල මැදිරි ඔබමොබ ගෙන යමින් දුම්රිය කට්ටල එකලස් කිරීම
- ගමනාරම්භ කිරිමට නියමිත දුම්රිය කට්ටලයන් දුම්රිය ස්ථානය වෙත ප්‍රවාහනය කිරීම (ප්‍රධාන එන්ජිම ප්‍රමාද වන විට හෝ එම එන්ජිම ප්‍රධාන දුම්රිය ස්ථානයේදී ලබාගතයුතු විට වෙනත් එන්ජිමක් නොමැතිනම්)
- ගමන් අවසන් කල දුම්රිය කට්ටලයන් ආපසු දුම්රිය අංගන වෙත ගෙනයාම (ප්‍රධාන එන්ජිම වෙනත් දුම්රියක් සඳහා යොදවන විට වෙනත් එන්ජිමක් නොමැතිනම්)
- ආපදාවන්ට ලක්වූ දුම්රිය එන්ජින් හෝ දුම්රිය කට්ටලයන් අදාල ස්ථාන වෙත රැගෙන ඒම
- අලුත්වැඩියා කලයුතු දුම්රිය එන්ජින්, මැදිරි, ගැල් ආදිය කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීම සහ අලුත්වැඩියාවෙන් පසු ඒවා ආපසු දුම්රිය අංගන වෙත රැගෙන ඒම
- ඉන්ධන ටැංකි ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන ගැලි සහිත දුම්රියන් කෙටි දුරක් තුල ප්‍රවාහනය (උදා:- කොලොන්නාව සිට කොළඹ දක්වා ඉන්ධන මැදිරි රැගෙන ඒම)
- කෙටිදුර සේවා දුම්රියන් (මාර්ග අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ සහ සේවකයන් ප්‍රවාහනය කරන දුම්රියන්) ප්‍රවාහනය කර දීම
- දුම්රිය කර්මාන්ත ශාලා තුල ප්‍රවාහන කටයුතු සහ වෙනත්(උදා:- සිමෙන්ති කර්මාන්ත ශාලා - දැනට භාවිත නොවේ)
|
Y එන්ජින් වල රෝල්ස් රොයිස් වර්ගයේ
බලසැපයුම් එන්ජිම
ඡායාරූපය :- ප්‍රියංක රොඩ්රිගෝ |
මේ අනුව මෙම කුඩා එන්ජින් වල කාර්යභාර්ය කොතෙක්දැයි ඔබට දැන් අවබෝධ වනු ඇත. මෙවන් ඉතා විශාල වැඩ කොටසක් ඉටුකරදෙන මෙම එන්ජිමේ ඇති බල සැපයුම් එන්ජිම අශ්ව බල 530ක් තරම් ඉතා කුඩා අගයකි. නමුත් එමෙන් දෙතුන්ගුණයක් පමන බලවත් සාමාන්‍ය එන්මකින් කෙරෙන කාර්යයකට වැඩි කාර්යය ප්‍රමාණයක් මේ මගින් ඉටුකරගත හැකි වීම විශේෂත්වයකි. ආසන්නතම උදාහරණයක් ලෙස ඉන්ධන ප්‍රවාහන ටැංකි කිහිපයක් සමග දුම්රිය ඇදගැනීමට බැරිව ක්‍රියා විරහිත වන ඇතැම් දුම්රිය එන්ජින් සහිත සම්පූර්ණ කට්ටලයම මෙම Y එන්ජින් මගින් ඉතා පහසුවෙන් ඇදගෙන එන අවස්ථාවන් කොතෙකුත් තිබේ. කුහුඹුවකුට තම බර මෙන් කිහිපගුණයක බරක් එසවිය හැකි සේම දුම්රිය සේවයේ මෙම කුහුඹුවාද තම ප්‍රමාණයට වඩා වැඩි වැඩි කොටසක් මෙසේ සිදු කරනු ලැබීම සැබැවින්ම විශ්මය දනවන සුළුය.
භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සඳහා මෙම එන්ජින් ඇතැම්විට යොදනු ලැබුවද මේවා කිසි විටෙකත් මගී ප්‍රවාහන දුම්රියන් සඳහා යොදනු නොලැබේ. එසේ වුවත් ත්‍රස්ථවාදී ගැටුම් පැවති සමයේදී එක්තරා දුම්රිය ස්ථානයක කොටු වූ දුම්රිය සේවකයන් පිරිසක් සහ එම පවුල් වල සාමාජිකයන් රැගත් මගී මැදිරි කිහිපයක් මෙම දුම්රිය එන්ජිමක් ආධාරයෙන් ධාවනය කරවා ඔවුන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ආ නිරිභිත දුම්රිය නිලධාරි මහතෙකු ගැන කලකට පෙර ලංකාදීප දියත අතිරේකයේ පල විය. ඒ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ හිටපු ෆෝමන්වරයෙකු වූ එච්.ඒල්.ආර් ෆොන්සේකා මහතා ය.
|
Y class එන්ජින් වල ඇක්සල් පිහිටුම |
මෙම දුම්රිය එන්ජින් වලින් මැදිරි වෙත තිරිංග යෙදීමට පහසුකම් නොමැති බැවින් ආරක්ෂිත පියවරක් ලෙස මෙම එන්ජින් මගී ප්‍රවාහනයට යොදා නොගන්නා බව අනුමාන කල හැකිය. එසේම මෙහි උපරිම වේගයද පැ.කි.මී 37ක් තරම් වූ අඩු අගයකි. බොගියකට සම්බන්ධ වූ රෝද යුගල් රහිත මෙම එන්ජිමේ ඇක්සල තුනක් හරහා රෝද වලට බලය ලැබේ. බොගියක් රහිතව එම ඇක්සල එන්ජින් චැසියටම සම්බන්ධ කර තිබෙන අතර මැද ඇක්සලයට එන්ජිමෙන් ලැබෙන බලය හයිඩ්‍රොලික් ක්‍රමයට සම්බන්ධ කර ඇත. රෝද වලට පිටතින් සවිකර ඇති උපක්‍රමයක් මගින් ඇක්සල තුනටම බලය හුවමාරු වේ. එමගින් ඝර්ෂණ බලයේ උපරිම ප්‍රයෝජය ගනිමින් ධාවනය සිදු කල හැකිය.
|
ගිනිගත් Y-691 එන්ජිම |
වර්තමානයේදිත් මෙම එන්ජින් වලින් එකක් හැරෙන්නට අනෙක් සියල්ලම මානා ධාවන තත්වයේ පැවතීම සතුටට කරුණකි. අංක 691 දරණ එන්ජිම වර්ෂ 2001 ජනවාරී මාසයේදී ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වූ අතර එන නැවත අලුත්වැඩියා කල නොහැකි බව කියවේ. මරදාන දුම්රිය අංගනය, රත්මලාන කර්මාන්ත ශාලාව සහ අනුරාධපුර, මහව, ගාල්ල සහ මහනුවර වැනි දුම්රිය ස්ථාන වලත් මෙම වර්ගයේ දුම්රිය එන්ජින් සේවා සපයනු දැකිය හැකිය. මෙම එන්ජින් මෙරට දුම්රිය සේවයේ ඕනෑම මාර්ගයක ගමන් කිරීමට හැකිවීමද විශේෂත්වයකි.
කෙසේ වුවද මෙම දුම්රිය එන්ජින් කඳුකර මාර්ග වල තනිව ධාවනය සිදු නොකරන අතර එවන් අවස්ථාවක සිදු කරන්නේ එම මාර්ගයේ ධාවනය කරන වෙනත් මන්දගාමී දුම්රියක් සමග හෝ විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සමග ඈදා අදාල ස්ථානයට යැවීමයි. . (උදා:- මහනුවර ඇති Y පන්තියේ එන්ජිම අලුත්වැඩියාව සඳහා අවශ්‍ය විට කොළඹ ගෙන ඒමත් ආපසු ගෙනයාමත් මේ ආකාරයට සිදුවේ.) අතීතයේදී නාවලපිටිය, නානුඔය ආදී දුම්රිය අංගන සතුවද මෙම වර්ගයේ එන්ජින් භාවිතා කල බවට තහවුරු නොකල සාධක ඇත. නමුත් මේ වන විට එම ස්ථාන වල ෂන්ටින් කටයුතු සිදු කරන්නේ එදිනෙදා පැමිණෙන සාමාන්‍ය දුම්රිය එන්ජින් මගිනි.
ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමතරව මේ වර්ගයේ දුම්රිය එන්ජින් දෙකක් පුත්තලම සහ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා සතුවද තිබුණු අතර මේ වන විට ඒවා විනාශ වී ඇත. එම එන්ජින් දෙක දුම්රිය සේවයේ ඇති හන්ස්ලට් එන්ජින් වලට වඩා මදක් වෙනස්ය.
දැනට දුම්රිය සේවය සතුව පවතින එකම පුලුල් ආමාන (board gauge) ෂන්ටින් එන්ජින් වර්ගය මෙය වන අතර කලකට පෙර G1, G2, Y1(දේශියව නිපදවූ),
M3(දේශියව නිපදවූ) ලෙසින් තවත් දුම්රිය එන්ජින් වර්ග කිහිපයක් පැවතුනද මේ වන විට ඒවා අභාවයට ගොස් ඇත.
මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, තූර්ය සත්සර, අකිල ආරියප්පෙරුම, ප්‍රවීන් ඉන්ද්‍රනාම, චානක මල්ලවආරච්චි, ප්‍රියංක රොඩ්‍රිගෝ, Mike Tisdale, N. Senthilkumaran, යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
මෙයාව දැක්කේ මුල්ම වතාවට අනුරාධපුරේදී, මේ එන්ජිම ගැන පුංචි විස්තරයක් තමා දැනන් හිටියේ.
ReplyDeleteමේ තියෙන්නේ ලොකු විස්තරයක්...:D
:D
Deleteසුපිරි...බ්ලොග් එකේ අඩුවකට කියල තිබ්බේ මෙයා විතරයි....දැන් එකත් හරි...ගාල්ලේ Y සගයාට ලඟදි තීන්ත පාරක් දීල පින්තුරේ මම යකඩ යකා එකට දාන්නම්කො....
ReplyDeleteස්තුතියි මල්ලි. :)
Deleteලස්සන විස්තරයක්
ReplyDeleteස්තුතියි ප්‍රසන්න අයියා :)
Deleteනියම වැඩක් .....
ReplyDeleteස්තුතියි සහෝ!!
Deleteකවුදෑ ඉතින් මේවා දන්නේ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
දැනගන්ට නේනනං ලියන්නේ :D
Deleteඑසේම වේවා!!
දැන් ඉතිං අපි ඩබලියු පැත්තට යං :) ගොඩක් නොදන්න දේවල් තියෙනව ඒ පැත්තෙ ;)
ReplyDeleteඇයි බොලේ. W ගැන ලියල අහවර වෙලා දැන් කොයි කාලෙද? පේනවද මූ මේකට එන්නෙ යලට මහටද කොහෙද. :P
Deleteඅම්මපා, මුට මඩු වලිගෙන් තලන්න එපැයි
Deleteකල්ප කාලෙකට කලින් නෙව ලියල තියෙන්නෙ. ඉතිං කොහෙ මතක තියෙන්නද :P යලට මහට ලිපි ලියන කොට යලට මහට තමා එන්න වෙන්නෙ :D :D
Deleteඅතරමැදි කන්නයක් වවන්න වෙයි වගේ :P
Deleteකියන්න බැරි උනා සුපිරි ලිපිය ඈ. :D
ReplyDeleteටැංකියු ටැංකියු!!
Deleteඅපූරු ලිපියක්. විහාරමහාදේවි පාර්ක් එකේ අතහැරදාල තියෙන්නෙත් මෙයාගෙ ජාතියෙම යාලුවෙක්ද? පුලුවන්නම් සහො එයා ගැනත් හොයල බලන්න......... කාටත් අමතක වෙච්ච පරණ යාලුවෙක්නෙ
ReplyDeleteස්තුතියි සහෝ.
Deleteආ. එයාලා පටු ආමාන කට්ටිය. ඒකත් පටු ආමානයේ ෂන්ටින් එන්ජිමක්. හන්ස්ලට්ම තමයි. එයාලා ගැනත් අපි ඉදිරියදි කරුණු හොයා බලමුකෝ.
ඒ මෙයාගේ ඥාති සහෝදරයෙක්නේ. හන්ස්ලට් පවුලෙම තමා.
Deleteමීට අවු 2කට විතර කලින් රාත්‍රි කොළබ සිට බදුල්ල බලා ගමන්ගත් දුම්රිය වටවලත් - ඉහල වටවලත් අතර ක්‍රියාවිරහිත වුන අතර බදුල්ල සිට පැමිනි දුම්රියේ පිටුපස තිබු මෙම ෂන්ටින් වර්ගයේ එන්ජිමක් මගින් අපසිටි දුම්රිය ඉහලවටවල දුම්රිය ස්ථානයට රැගෙන විත් අපසිටි දුම්රියෙ ආපදාවට පත් එන්ජිමත් ෂන්ටින් එන්ජිමටම අමුනා කොලබ බලා රැගෙන ගියා, (අප ගමන් ගත් රාත්‍රි දුම්රිය එන්ජිමේ තෙල් නලයක් පුපුරා යාමෙන් එන්ජිම ක්‍රියාවිරහිතවිය)
ReplyDeleteඔබ ඔය සඳහන් කරන්නේ මේ වර්ගයේ එන්ජිමක් නෙමේ. එය W3 එන්ජිමක් විය යුතුයි.
Deleteමිත්‍රයා මට මතක හැටියට .... අප බදුල්ල බලා ගමන් කල දුම්රියේ එන්ජිමත් W2 වර්ගයේ සහ බදුල්ල සිට කොළබ පැමිනි දුම්රියෙත් එන්ජිම W2 වර්ගයේ එකකි, නමුත් එම දුම්රියේ තෙල්ටැංකි කිපයක් සමග කෙලවරේ පසුපසින් මෙම ෂන්ටින් වර්ගයේ එන්ජිමක් ඇඳා තිබුනි, එම ඇන්ජිම මගින් තමයි අප ගමන් ගත් දුම්රිය ඉහල වටවල දුම්රිය ස්ථානයවෙත රැගෙන ආවේ, මෙම ෂන්ටින් එන්ජිම ඉතා මන්දගාමි ලෙසයි ගමන් කලේ....මම මෙම සිදුවිම ඡායාරූප ගත කලා, එත් අවාසනාවට දැන් එම කැමරාවේ මෙමරි කාඩ් එක මගෙ ලඟ නැහැ, තුබුනනම් ඔබට එම ඡායා රූප ටික ලබා දෙන්න තිබුනා...
Deleteඑම ඡායාරූප ටික තිබුණානම් මෙම එන්ජින් කුමක්දැයි පැහැදිලි කරගන්න තිබුණා. ඔබ සඳහන් කරන ආකාරය මෙම සිදුවීම සිදු වී ඇත්තේ වසර දෙකකට පමණ පෙරදීනම් එම එන්ජින් W2 එන්ජින් වීමට කිසිදු හැකියාවක් නැහැ. W2 එන්ජින් සියල්ලල ධාවනයෙන් ඉවත් කර දැන් බොහෝ කාලයක් ගතවෙලා. ඔබ සටහන් කරන අයුරින් නම් මෙම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ M6 සහ W3 වර්ගයේ එන්ජින් දෙකක් විය යුතුයි. Y වර්ගයේ එන්ජින් මේ අයුරින් කඳුකර මාර්ගයේ මැදිරි ඇදගෙන තබා තනිවවත් ධාවනය කිරීමට අවසර නැහැ. රාත්‍රි තැපැල් දුම්රිය යැයි ඔබ කියා ඇති නිසා මෙය නිසැකවම එම දුම්රියේ සහයක එන්ජිම වන W3 වර්ගයේ එන්ජිමක් බව මම නිගමනය කරමි.
Deleteමම මෙම එන්ජින් දුටුව ආකාරයයි මම ලිව්වේ , සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන්.... මොකද මට වඩා ඔබට දුම්රිය ගැන පුළුල් දැනුමක් තියෙනව....අපි දෙන්නගෙම වෙලාවට මගෙ කැමරා මෙමරි චිපය නැත්තේ, නැතිනම් ඉතාපහසුවෙන් මෙම ප්‍රශ්නය නිරාකරනය කරගන්නතිබුනා, දැනුමත් හුවමාරු කරගන්න තිබුනා,
Deleteමේක නම් ඉතින් වැඩි හරියක් පේන්න තියෙන්නේ දෙමටගොඩ හා කොටුව හරියේ තමා.
ReplyDeleteමේකට අදාල නෑ. එත් අර එම්10 ගැනත් ලියුවොත් නරකද? මම මේ ලගදි එකක ගිය හවස මාතර ට්‍රේන් එකේ. හප්පා ඒකෙ දාන දුම. එන්ජිමේ පිටිපස්ස කළු වෙලා තියෙන්නේ දැලි වලටම කොහෙද? බාහිර නිමවා සුපුරුදු ඉන්දියන් වගේ තමා පෙනුනේ. එක වැඩිපුර බල බල ඉන්න උනේ නෑ කෝච්චියේ නගින්න උනා.
මගේ කතාව
ඔබ නිවැරදී. ඒ කලාපයේ මෙයාලා සෑහෙන්න ඉන්නවා.
DeleteM10 එක ගැන ලියන්න තව ටික කාලයක් ඉමු. තාම ආවා විතරයිනේ :)
එක එදා ගිය හැටියටම තව කොච්චර කල් යයිද මන්දා? ඇමරිකන් බල සැපයුමක් (ALCO) වෙලත් එච්චර දුම් දාන්නේ ඇයි?
Deleteඇමරිකන්? මොන පිස්සුද? සම්පූර්ණ ඉන්දියානු නිපැයුමක්!!
DeleteALCO නම විතරයි ඇමෙරිකන්. ඉන්දියන්කාරයෝ ඒ නම අරගෙන ඉන්දියාවේ එන්ජින් ගහනවා.
Deleteදුම කියන්නේ ALCO වල අනන්‍යතාවයක්. ඒක වෙන්නෙ turbo charger එක හදල තියෙන විදිය වෙනස් නිසා. එක පාරටම ලොකු ත්වරණයක් ගන්න ගියොත් තමයි ඕක වෙනවා කියන්නේ. "If it han't smoked it can't be ALCO" කියල කතාවකුත් තියෙනවාලු.
Delete;)
දුම කියන්නේ වල ALCO අනන්‍යතාවයක්. ඒක වෙන්නෙ Turbo Charger එක හදල තියෙන විදිය වෙනස් නිසා. එක පාරටම ලොකු ත්වරණයක් ගන්න ගියොත් තමයි ඕක වෙනවා කියන්නේ."If it hasn't smoked it cannot be ALCO" කියල කතාවකුත් තියෙනවාලු.
Delete;)
M 10 එකක් මම හීනෙන් දැක්කනේ ඊයේ රෑ. හැබැයි M 10 කියල නෙවෙයි එකේ ඉස්සරහ ගහල තිබ්බේ. වෙන මොකක්ද එකක් අයියෝඕ පේන ඒවා ....
Deleteඑළ එළ ඔහොම යං........ ජය වේවා!!!!!!!!!
ReplyDeleteස්තුතිවේවා!!!
DeleteM10 වර්ගයෙ එන්ජින් ගැනත් දැනගන්න ආසයි. ඒ ගැනත් ලියන්න ලියන්න සහෝදරය!. මම දැක්ක ඒ වගේ එන්ජික් ගාල්ලෙදි. ඒකෙ ඉස්සරහ 916 කියල ගහල තිබුණ.
ReplyDeleteM10 එක ගැන ලියන්න තව ටික කාලයක් ඉමු. තාම ආවා විතරයිනේ :)
Deletegreat work Chandika. Well done.
ReplyDeleteThank you very much!! :)
Deleteහොඳ ලිපියක්. එතකොට මහනුවර මාර්ගයේ යන කෝච්චි වලට පිටිපස්සෙන් මේකක් හයි කරලා යනවා දැකලා තියනවා. ඇයි ඒ ?
ReplyDeleteඔයා දැකලා තියෙන්නේ ෂන්ටින් එන්ජිම මහනුවරට ගෙනියන වෙලාවක වෙන්න ඇති.
Deleteකෙසේ වුවද මෙම දුම්රිය එන්ජින් කඳුකර මාර්ග වල තනිව ධාවනය සිදු නොකරන අතර එවන් අවස්ථාවක සිදු කරන්නේ එම මාර්ගයේ ධාවනය කරන වෙනත් මන්දගාමී දුම්රියක් සමග හෝ විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සමග ඈදා අදාල ස්ථානයට යැවීමයි. . (උදා:- මහනුවර ඇති Y පන්තියේ එන්ජිම අලුත්වැඩියාව සඳහා අවශ්‍ය විට කොළඹ ගෙන ඒමත් ආපසු ගෙනයාමත් මේ ආකාරයට සිදුවේ.)
Deleteමම පැහැදිලිව විස්තර කලා. කෝ ලනිල් බාගෙටනෙ කියවල තියෙන්නෙ.
ප්‍රමාණයෙන් කුඩා වුණත් ලොකු වැඩකාරයෙක්!
ReplyDeleteඅනිවාර්යයෙන්ම!!
Deleteසෑහෙන දවසක් බලාගෙන හිටියා මෙයා ගැන දැනගන්න. ස්තූතියි෴
ReplyDeleteස්තුතියි :)
Deleteසුපිරි ලිපිය :D
ReplyDeleteමීට කලින් මූ ගැන ගෙහාන්ගෙන්ම දැනගත්තා.දැන් ඉතුරු ටිකක් හරි :)
මීට අමතරව අප නොදන්නා තවත් දුම්රිය එන්ජින් තිබේද :P
එසේය මැක්ස්තුමනි. තවත් බොහෝ එන්ජින් තිබේ!! :D
Deleteකවුරු අකමැති වුනත් මම නම් කැමතිම එන්ජිම.. ඇයි කියලා කියන්න තේරෙන්නේ නෑ ඒත් මම හිතන්නේ අඟුරු කෝච්චියේ පෙනුම ම තියන හින්දා වෙන්න ඇති.
ReplyDeleteමෙයා යද්දිත් බලා ඉන්න හරි ලස්සනයි. :)
Deleteඅපේ අම්මලා කෝච්චිය සැන්ටින් කලා කියන්නේ ෂන්ටින් වලට වෙන්ටෑ. හික්ස් :)
ReplyDeleteඈ.. මධුරංගගෙ අම්ම වැඩ කරන්නෙ රේල්ලුවෙද? :O
Deleteනියමයි සහෝදරයා. හරිම වටිනව හැම ලිපියක්ම. ඉස්කෝලෙ යන කාලෙ කොතෙකුත් මේ එන්ජිම දැකල තිබුනත් මේ තරම් තොරතුරු දැනගත්තේ අදයි. බොහොම ස්තුතියි.
ReplyDeleteඔබගෙ අගය කිරීම බෙහෙවින්ම සතුටක් සහෝ!!
Deleteනියමයි වැඩේ.. තව දෙයක් දාන්න. මෙයාට බලවේග කට්ටල උනත් ඇදගෙන යන්න හැකියාව තියෙනවා මම දන්නා විදිහට.. අලුතින්ම ගෙනාපු S11 බලවේග කට්ටල පවා..
ReplyDeletehttp://www.flickr.com/photos/13742148@N03/6610853569/in/set-72157628663954759
S11 ට කියලා විශේෂත්වයක් නෑ Uthpala. Y Class ෂන්ටින් එන්ජිම යොදාගෙන Screw Coupling සහ Auto Coupling තියෙන ඕනෑම දුම්රිය එන්ජිමක් හෝ මැදිරියක් ඇදගෙන යෑමේ හැකියාව එයට තියෙනවා. නමුත් S11 මැදිරිවල තියෙන විශේෂ Thakoor Coupling එක නිසා ඒවා නම් ඇදගෙන යන්න හැකියාවක් නෑ. නමුත් S11 දෙපස ඇත්තේ Auto Coupling නිසා ගැටළුවක් ඇතිවන්නේ නෑ. ඒ කොහොම වෙතත් බර අනුව බැලුවොත් Y Class ෂන්ටර් එන්ජිමකට S11 කට්ටල 20 ම වුවත් එකවිට ඇදගෙන යාමට බැරිවෙන එකක් නෑ.
Deleteපුංචි උනත් හොඳ වැඩකාරයෙක් නේ.
ReplyDeleteෂටින් වැඩවලටවත් අපේ එන්ජිමක් හදාගන්න බැරි ඇයි ?
M3, Y1 එහෙම අපි ලංකාවෙ හැදුව ඒවා. ඒත් ඉතින් ඒ වැඩ සටහන ඉදිරියට ගියේ නැහැනේ :(
Deleteඅපූරු විස්තරේ. තැන්කු කිව්වා...
ReplyDeleteදැන් හන්ස්ලට් කොම්පැනිය LH Group කියන කොම්පැනිය යටතේ තියෙන්නේ. මෙතනට ගියොත් විස්තරේ බලාගත්තෑකි. http://www.lh-group.com/group-companies.php
අපී පදිංචි වෙලා ඉන්නේ ජෝර්ජ් ස්ටීවන්සන් එයාගේ පලවෙනි ස්ටීම් එන්ජින් එක හදපු තැනට කිට්ටුව. Dial Cottage. විනාඩි 10කින් යන්න පුළුවන්.
අහන්නත් සතුටුයි. හැකියාවක් තියේනම් පින්තූර ටිකක් ලැබෙන්න සලස්වන්න.
Deleteස්තුතියි මෙහි පැමිණියාට :)
ගොඩක් වටින ලිපියක්. උඩරට මාර්ගයේ භාවිතා වන ටැබ්ලට් හුවමාරැ කිරීම ගැන දැනගන්න කැමතියි.
ReplyDeleteඉදිරියේදි :)
Deleteමම මෙයාව මුලින්ම දැක්කේ නුවර ෂන්ටින් කරනවා. අපි මෙයාට කීවේ බට්ටා කියලා. පොඩි නිසා. දවසක් මෙයට හැප්පෙන්නත් ගියා. මතකයෙන් කවදාවත් අයින් වෙන්නේ නැති එන්ජිමක්. විස්තර දුන්නාට ස්තූතියි...
ReplyDeleteමෙයා හරිම හෙමින්නෙ ගමන? ඒ කොහොමද හැප්පෙන්න ගියේ? :O
Deleteස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට. :)
චන්දික කෝච්චි වලට සම්බන්ධ රස්සාවක් නෙවෙයිද කරන්නෙ? උත්තරේ ඔව් නම් පුදුම වෙන්න දෙයක් නෑ. නැත්නම්, එක අතකට එහෙම වෙච්ච එක හොඳයි, මොකද එහෙම වුනා නම්මේ කෝච්චි එක්ක තියෙන ලේ නෑකම දුරස් වෙන්න පුලුවන් නිසා.
ReplyDeletehenryblogwalker the Dude
අනේ මම තාම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් Dude. :)
Deleteරේල්ලුවට තියෙන සම්බන්ධෙ මවු පාර්ශවයෙන් නෑයන් රැසක් රේල්ලුවෙ අය වීම සහ මගේ විනෝදාංශය රේල්ලුව වීම පමණයි. දෙමවුපියන්ගෙ රැවුම් ගෙරවුම් මැද්දෙ බෝම අමාරැවෙන් තමා දැන් මේ විනෝදාංශෙ කරන් යන්න වෙලා තියෙන්නෙ. :/
චන්දික අපිට කරන්නේ ලොකු සේවයක් එක නිසා අපි අපි කට්ටියම චන්දිකගේ දෙමවුපියන්ට කියමු මේ විනෝදාංශය ට රැවුම් ගෙරවුම් දාන්න එපා කියලා ඕනා නම අපි අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමු
Deleteනැවතත් වටිනා කියන ලිපියක් පලකිරීම ගැන ස්තුතියි. මෙය වේගෙන් යනකොට තමයි හැඩ. ඔන්චිල්ලාවක් වගේ පැද්දෙන්නේ.
ReplyDeleteමගේ ප්‍රියතම බලවේග දුම්රිය! :)
Deleteමේ s -12 ද?
ReplyDelete(http://adaderana.lk/news.php?nid=18894)
ඔව්. ඕවායින් 4 ක් එනවා මුලින්ම. ඒවා කැළණිවැලි මාර්ගයේ ධාවනයට යෙදවේවි.
Deleteමේ අර s10 එක වගේම ලා නිල් , තද නිල් කෝච්චිය ද? මම හිතුව s10 එකේ ම තවම ධාවනයට දාපු නැති ඒවා ටිකක් කියල...
Deleteකාන්තාවන් දුම්රියට සමාන කරන එක එක අතකට හරි. පොඩි උනත් බර ගොඩක් ඇදගෙන යන්න පුළුවනි.
ReplyDeleteමේ කොච්චි බොස්, නරකද දුම්රිය කාලසටහනකුත් දැම්ම නම්. සහ ඒ වගේ අපිට වැදගත් වෙන දේවල්..
නානුඔය සහ නාවලපිටිය දුම්රිය ස්ථානවල ය 1980 විතර වෙනකම් තිබුන.නානුඔය ෂන්ටින් කිරිල්ල අපේ ගෙදරට හොදින් පෙනුන දර්ශනයක්.
ReplyDeleteSuperb work machan... math Y eka gana danaganna godak asawen hitye.. maxxa
ReplyDeleteනියම වැඩක් සහෝදරයා, මාත් හන්ස්ලට් එන්ජිම ගැන දනගන්න ගොඩක් අසාවෙන් හිටියේ..... මැක්සා බ්‍රෝ මැක්සා.
ReplyDeletehttp://www.youtube.com/v/sM-U6k0NEvs&fs=1&source=uds
ReplyDelete(හන්ස්ලට් එන්ජිමක් ධාවනය වන ආකාරය)
මේ video ඇදගෙන යන පෙට්ට මොනව දාන්න පාවිච්චි කරන ඒවද?.
මෙයා ඇදගෙන ආපු බඩු කෝච්චියක අනුරාධපුරේ ඉඳන් කොළඹ ආපු එක තමා මගේ ජීවිතේ වැඩිම වෙලාවක් ගිය දුම්‍රිය ගමණ. ඒක එහෙම උනේ මෙයාගෙ වේගෙ සහ ගාමිණී දිසානායක මරපු දාට පහුවෙනිද එහෙම එන්න වීම. ඒක ලස්සන කතාව, වෙලාවක ලියන්න ඕන. අර සේවා දුම්රියක් රැගෙන යමින් තියෙන්නෙ අපේ ගල්කිස්සෙ හෝටලේ ගාවනෙ.
ReplyDeleteඕකක් මේ ළගදි තනියම ගිහින් නෙ....
ReplyDeletesupiri thawa liyanna...
ReplyDelete