Monday, February 20, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (දෙවන කොටස)

පෙර කොටසින්...

අද එතැන් සිට-

කෝච්චියේ වෙච්ච තාඩන පීඩන බොහොමයක් මැද්දේ මමත් ඉන්දරේත් තරමක් නොසන්සුන් වෙලා හිටියේ.  අපි ගමන් කරපු මැදිරියේ හිටපු දෙපිරිසක් මත්පැන් බී සින්දු කියමින් නටන්න පටන්ගත්තු නිසා අපිට හරිහැටි ඇහැපියව ගන්න වත් ලැබුනෙ නැහැ. ඒත් අපේ අනෙක් සගයෝ දෙන්නානම් කිසි අවුලක් නැතුවම වාගේ ගමන් කරලා තිබුණා. ඒ හේතුව නිසාම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් බැස ගැනීම මටත් ප්‍රවීන්ටත් මහත් අස්වැසිල්ලක් වුණා.
අපි ආපු දුම්රිය ඔන්න බදුලු යන්න පිටත් වුණා.
ඔය ඉන්නේ සගයො තුන් දෙනා. මම කැමරාව පිටිපස්සේ.
මග දිගටම කෝච්චියෙ එද්දි ගස් කොලන් අතරින් පතරින් අපි දුටුව ලස්සන දර්ශනයක් අපිට වඩාත් පැහැදිලිවම වගේ දැකගන්න පුලුවන් වුනා. ඉන්දරේ නම් කෝච්චිය ගිය සැනින් එහා පැත්තේ වේදිකාවට දිවුවා කැමරාවත් උස්සගෙන. මේ තියෙන්නෙ ඔහුට කැමරාවට හසුකරගන්න පුලුවන් වුන පින්තූරේ. බලන්නකො අඳුන ගන්න පුලුවන්ද කියලා.

සමනොල සිරස ග්‍රේට් වෙස්ටර්න් සිට රෑ කාලෙට පෙනෙන්නෙ මෙහෙමයි.
කිහිප වාරක් මම මගේ කැමරාවෙන් පින්තූර ගන්න උත්සහ කලත් මගේ පුංචි කැමරාවනම් ඒ තරම් හපන් වැඩක් කරන්න සමත් වුනේ නැහැ. කෙහොම හරි පින්තූර ගැනීමෙන් පස්සේ දුම්රිය වේදීකාවට ආවට පස්සෙ තමයි අපිට නොසිතූ කරදරයකට මුහුණ පාන්න වුනේ. ඇටකටු විනිවිද යන සීතලත් එක්ක එතන ඉන්න එකනම් ඒ හැටි පහසු දෙයක් වුනේ නෑ. අපි බලාපෙරොත්තු වුනේ දුම්රිය ස්ථානයේදී හෝ කෙටි නින්දක් ලබාගන්න. ඒත් අපේ අවාසනාවට වගේ දුම්රිය ස්ථානයේ තිබුනේ සිමෙන්තු බංකු දෙකකුත් තවත් එක ලී ආසනයකුත් පමණයි. ඒ නිසා අපි හතර දෙනා මාරුවෙන් මාරුවට එහෙ මෙහෙ ඇවිදිමින් කයිවාරු ගසමින් ඉතිරි පැය දෙකක පමණ කාලය ගත කරා.
පේනවනේ. ජනතාව නිදිකිරා වැටෙනවා.
පැය දෙකක් පමණ ගතවෙද්දි යාන්තමින් එලියක් නැගෙන හිර දෙසින් පැතිරෙන්නට පටන් ගත්තේ තවත් දවසක හිරු උදාව ලොවට කියාපාමින්. තවත් මොහොතකින් දුම්රිය ස්ථානයේ ටැබ්ලට් උපකරණයේ සංඥා සීනුව නාද වුනා. එම හඬත් එක්කම වගේ අපි ටිකක් නැගිටලා කැමරා ආම්පන්න එහෙම අරගෙන සූදානම් වුනේ පැමිණෙන්නට නියමිත දුම්රියේ ඡායාරූප ගන්න. දවසේ මුල්ම ඡායාරූපය විදියට සුන්දර කඳුකරය ඔස්සේ දිවෙන දුම්රියක පින්තූරයක්. 
මේ ඉන්නෙ ලහිරුයි තූර්යයි. කෝච්චිය අල්ලගන්න.
හැමෝටම ඕනෙ වුනේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් හොඳම ඡායාරූපයක් ගන්න. හැබැයි කොහොම වුනත් ඒ අවස්ථාවෙ තියෙන ආලොක තත්වයේ හැටියට පැහැදිලි ඡායාරූපයක් ගැනීමේ හැකියාවක් මගේ කැමරාවට නැති බවනම් මම හොඳාකාරවම දැන සිටියා. ඒ කෙහොම වුනත් මේ හැමෝම හිටපු තැනින් ටිකක් එහාට යන්න මම තීරණය කලේ තරමක් වෙනස් ආකාරයේ ඡායාරූපයක් ගැනීමේ බලාපොරොත්තුවෙන්. මේ පහල තියෙන්නෙ මට ගන්න හැකි වෙච්ච පින්තූර කිහිපයක්.
ලා හිරු එලියෙන් ආලෝකමත් වෙන මහා බටහිර අහස - Great Western
සිග්නල් දීලයි තියෙන්නේ. හැබෑට කවුද එන්නේ?

අපි මෙච්චර වෙලා බලා හිටපු සගයා ඔන්න හෙමින් හෙමින් වංගුවෙන් මතු වුණා
නලාවත් නාද කරගෙනම.

මෙන්න මෙයා තමයි එමින් හිටියේ.
W3 පන්තියේ සගයෙක්. හෙමින් හෙමින් ආවා පෙට්ටි දෙකකුත් ඇදගෙන.මේ හැටන් හෝ නාවලපිටිය දක්වා යන මන්දගාමී දුම්රියක්.   
මගේ පුංචි කැමරාවෙන් ගත්ත පින්තූරේ ඒ හැටි පැහැදිලි එකක් වුනේ නැහැ. ඒ අවස්තාවේ පැවතුන මද අඳුරත් එක්ක මේ තරමින් හෝ පැහැදිලි පින්තූරයක් ලබාගත්ත එකත් ලොකු දෙයක් වුනා. මේ දුම්රිය බොහෝම හෙමි හෙමින් ඇවිල්ලා දුම්රිය ස්ථානයේ නවත්තලා ආපහු සුපුරුදු ගමන පිටත් වුණා. මම නැගල හිටපු ස්ථානයේම අවට සුන්තරත්වය බලමින් තව ටිකක් වෙලා රැඳී සිටියේ අවට පරිසරයේ සුන්දරත්වයෙන් මත් වෙලා. ඇත්තෙන්ම ඉතාමත් සුන්දරම පරිසරයක්. දාලා යන්න ලෝබ හිතෙන තරම්.
මා රැඳී සිටි සථානයට ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය පෙනුනෙ මෙහෙමයි.
තවත් ටික වෙලාවක් ඒ ස්ථානයේ රැඳි සිටිමෙන් පස්සේ අපේ කණ්ඩායමේ අනෙකුත් සගයන්ගෙ කැඳවීම නිසා තරමක් අකමැත්තෙන් වුනත් මම දුම්රිය ස්ථානය පැත්තට ගමන් කලා. ඒ අතර තුරත් ඡායාරෑප ගන්න අමතල කලේ නැහැ.
ඈතින් පෙනෙන සිරිපා මලුවත් සමග මේ සුන්දර දර්ශනය කවදාකවත්
කණ්ඩායමේ සගයන්ගෙ හිතෙන් මැකෙන්නෙ නැති වග නම් සහතිකයි.

දුම්රිය ස්ථානයේ සංඥා කුටිය.

යටත්විජිත සමයේදි ගොඩනංවන ලද මෙම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය
මෑතකාලීන දේශපාලනික අර්බුධ සමයේ දි නොසන්සුන්කාරී පිරිස් විසින්
ගිනිතබා විනාශ කිරීමෙන් පසුවයි වර්තමාන දුමිරිය ස්ථානය මේ ලෙස ඉදිකර තිබෙන්නේ.
උදෑසන ආහාරය ලබාගැනීමෙන් පස්සේ අපි තලවකැලේ දක්වා පා ගමනින් යාමේ ගමන ආරම්භ කලා. 

36 comments:

  1. අපිත් ග්‍රේට් වෙස්ටර්න් ගියා සති දෙක තුනකට කලින්...රේල් වේ හයික් එකකට නෙවෙයි..හයික් එකකට..පීක්ස් තුනටම ගියා...ඉවරයක් නැතුව පහලට බැහැපු හැටි එහෙම සුන්දර මතකයන්...පට්ටම ලස්සන පැත්ත නේද..?

    ReplyDelete
    Replies
    1. ආ ආ. මඩසාන් කැම්පස් එකෙන් හයික් එකක් ගිහින් වගේ. ;)

      Delete
    2. එකක් නෙවෙයි හුඟක් ගියා :D තව යනවා..අපෙ කැම්පස් එකේ එක්ස්ප්ලොරර්ස් ක්ලබ් එකක් තියනවනෙ...අපි දැන් කට්ටියක් සෙට් වෙලා බදුල්ලෙ ඉඳලා පේරාදෙනියට රේල් වේ හයික් එකක් යන්න හදන්නෙ.. :D

      Delete
  2. පිංතූර ටික දැක්කම ආසයි. මමත් මීට අවුරුදු 8 විතර කලින් ගියා. මතකය ආයිත් අලුත් වුණා. මට හිතෙන්නෙ නම් හැමෝටම ඔය අත්දැකීම ගන්න ලේසි නෑ. කැමැත්ත වගේම හොඳ ෆිට් යාළුවො ටිකකුත් අවශ්‍යයමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔවු සමී. මම එක්ක හැම වතාවෙම ගියේ ඒ වගේ හිත හයිය ඒ වගේම යාලුවො ටිකක් තමයි. :)
      ස්තූතියි.

      Delete
  3. කොහෙද මාත් එක්ක ඉන්න යක්කු එකෙක්වත් මේ වගේ ගමනකට කැමති නෑනෙ... තනියම ගියොත් තමයි ඉතිං :)

    ReplyDelete
    Replies
    1. මගේ ජීමේල් එක තියෙනවා උඩ. කැමතිනම් මේල් එකක් දාලා තියන්න. ඉදිරි ගමනකට සම්බන්ධ කරගන්න උත්සහ කරන්නම්.
      ස්තුතියි.

      Delete
  4. බොහොම ස්තුතියි..හොඳ සටහනක්...

    සමී කියන දේ සහතික ඇත්ත හොඳට ෆිට් ඒවගේම හොඳට කට්ට කන්න පුලුවන් කොල්ලො සෙට් එකක් ඉන්න ඕනෙ..බඩගිනියි..මහන්සියි..කිය කිය කන්කෙඳිරි ගාන වුන් සෙට්වුනොත් බඩුම තමයි...

    ReplyDelete
    Replies
    1. වෙලාවට මට එහෙම යාලුවො හම්බ වුනේ නැහැ. වතාවක් අපි එක්ක ගිය යාලුවෙක් ලැපකුත් උස්සන් ආවා නොවැ හයික් එකක් යන්න. ඒ කතාවත් ඉස්සරට ලියන්නම්කො.
      ස්තුතියි.

      Delete
  5. ප්‍රවීන්ගෙ පින්තූරෙ නියමයි අප්පා..

    පිස්සුද කොල්ලෝ ප්‍රවීන් ගත්ත පින්තූරෙ මම කීවෙ...

    ReplyDelete
  6. Niyamai macho...!!!!

    Goda kalekata passe....!!!

    Anith kotasath enakam balan inne....!!!

    Ikmanata danawa neda???

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් ලියනවා සහෝ.
      ස්තුතියි මේ පැත්තෙ ආවට.

      Delete
  7. නියමයි, ඇත්තටම ලස්සනම පැත්තක්, මගේ අප්පච්චි ඒ කාලේ වැඩ කලේ රැදැල්ලේ. ඒ දවස්වල මමත් ඔය විදියටම ඇවිද්දා. නියම වැඩක්. දිගටම ලියන්න, ජයෙන් ජයම වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. ආ.. එහෙනම් මේ පැත්තෙ සුන්දරත්වය ගැය ඔබ ඉතා හොඳින් දන්නවා ඇති සහෝ.
      ස්තුතියි. දිගටම රැඳී ඉන්න.

      Delete
  8. ෂා... කතාව ඕනෙ නෑ වගේ පින්තූර ටික මරු...

    ReplyDelete
    Replies
    1. තව මරු ඒවා තියෙනවා ඉස්සරහිදි. බලන්නකො.
      ස්තුතියි නිසූ..

      Delete
  9. ඔතන පහු කරගෙන ඇවිල්ල තිබ්බට කවදාවත් බැහැල නෑ...

    ReplyDelete
    Replies
    1. නරකද ඇවිද්දොත් දවසක? ;)

      Delete
  10. මේ පළාත හුඟාක් ලස්සනයි. මටත් කවදා හරි යන්න ලැබෙයිද දන්නැ?

    ReplyDelete
  11. සෑහෙන්ඩ මහන්සි වෙලා තියන පාටයි .......අලුත් අත්දැකීමක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගමනනම් හරීම විනෝදයි සහෝ. :)
      ස්තුතියි.

      Delete
  12. මේවා දැක්කම මට ඊරිෂ්‍යාවේ පැලෙන්න හිතෙනවා !
    අඩේ යන යහක මාවත් එක්ක යන් අයියන්ඩි !!
    බොලාට පින් !!

    ReplyDelete
  13. ඇත්තටම හරි සුන්දරයි.මමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්

    ReplyDelete
    Replies
    1. ඉතා ඉක්මනින් ඒ ආසාව ඉටු වේවා!!

      Delete
  14. Very Good....!!!
    Looking forward to read rest.

    ReplyDelete
  15. නියමයි චන්දික,
    මටත් තාම රේල් හයික් එකක් යන්න බැරිඋනා.
    බොහොම පින් ගමන් විස්තර අපිත් එන්න බෙදා හදා ගත්තට.
    මේවගේ ගමනක් යන්න හොද යාලුවෝ සෙට් එකක් ඉන්නම ඕනේ.
    නැත්නම් ගමන ගිහිල්ලත් ඉවරයි, යාලුකමත් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි Kancha. ස්තුතියි මේ පැත්තේ ආවට. :)

      Delete
  16. ලොකු දෙයක් මේ වගේ බ්ලොග් එකක් කරන එක.ඉස්සරහට ගොඩක් වටිනවා .ජය වේවා ....

    ReplyDelete
  17. නියමයි කියවගෙන යමු :)

    ReplyDelete
  18. ඔයාගෙ සයිට් එක බොහොම වැදගත්. මම හරිම ආසාවෙන් කියෙව්වා. ඒ වුනාට මේකෙ ඩිසේබල් කරල තියෙන මේ රයිට් ක්ලික් කරන ඔප්ශන් එක අයින් කරන්න. කොහොමත් මේවා කොපි කරනව නම් CTRL + C ගහල කරන්න පුළුවන්නෙ. තවත් ක‍්‍රම සහ විධි තියෙනවනෙ. මේකෙ තියෙන ගැටළුව තමා ප‍්‍රධාන පිටුව ඇරගෙන තියෙද්දි රයිට් ක්ලික් කරල තවත් පිටුවකට ගිහින් අවශ්‍ය දේවල් බලන්න බැරි වෙන එක. ඔයා ක්ලික් කරල ආපහු මුල් පිටුවට එනකොට කලින් හිටපු තැනට එන්නෙ නෑනෙ. එතකොට මට නම් ආය බැලිල්ල එපා වෙනවා. හිතල බලන්න. කොපි කරන්න ඕන නම් කොහොම දැම්මත් කොපි කරනවා.

    ReplyDelete
  19. ඔයාගෙ සයිට් එක බොහොම වැදගත්. මම හරිම ආසාවෙන් කියෙව්වා. ඒ වුනාට මේකෙ ඩිසේබල් කරල තියෙන මේ රයිට් ක්ලික් කරන ඔප්ශන් එක අයින් කරන්න. කොහොමත් මේවා කොපි කරනව නම් CTRL + C ගහල කරන්න පුළුවන්නෙ. තවත් ක‍්‍රම සහ විධි තියෙනවනෙ. මේකෙ තියෙන ගැටළුව තමා ප‍්‍රධාන පිටුව ඇරගෙන තියෙද්දි රයිට් ක්ලික් කරල තවත් පිටුවකට ගිහින් අවශ්‍ය දේවල් බලන්න බැරි වෙන එක. ඔයා ක්ලික් කරල ආපහු මුල් පිටුවට එනකොට කලින් හිටපු තැනට එන්නෙ නෑනෙ. එතකොට මට නම් ආය බැලිල්ල එපා වෙනවා. හිතල බලන්න. කොපි කරන්න ඕන නම් කොහොම දැම්මත් කොපි කරනවා.

    ReplyDelete