Monday, March 19, 2012

෴S10 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴


 
        චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.
  • දුම්රිය එන්ජින් වර්ගය    Diesel Electric
  • බල සැපයුම් එන්ජිම -  MTU 12V4000R41
  • උපරිම බලය -  1950hp(1450kW) - 1800RPM
  • උපරිම වේගය -  100 km h
  • දුම්රියේ සම්පූර්ණ දිග          -  125.75m
  • Axel Arrangement -  Bo-Bo
  • එලැවුම් මැදිරියේ බර -  ටොන් 76
  • මුල් වර්ණය  -  සුදු පැහැ බඳ( නිල් පැහැ තීරුව සහිත)
  • දුම්රිය කට්ටල ගණන  -  15 (No 879-893) 
        වසර 150කට ආසන්න මෙරට දුම්රිය ඉතිහාසය තුල ගෙන්වන ලද බලවේග දුම්රියන් අතුරෙන් වැඩිම එන්ජින් බලය සහිත බලවේග දුම්රිය වන්නේ මෙම S10 පන්තියේ දුම්රියන්ය. එය ආසන්න වශයෙන් 2000hp පමණ වන අතර එම බලයෙන් 95%කටත් වැඩි අගයක් ඵලදායි බලය ලෙස දුම්රිය ධාවනයට යොදාගනු ලැබේ. මේ අධික ජවය නිසාම මෙම දුම්රිය කට්ටලයන් අධික ත්වරණයක් සහිතව ගමන් ආරම්භ කිරීමටත්,  අනෙක් බලවේග දුම්රියන්ට සාපේක්ෂව වැඩි මගීන් ප්‍රමාණයක් රැගෙන සැලකිය යුතු වේගයකින් ගමන් කිරීමේ හැකියාවත් සහිත විශිෂ්ඨතම බලවේග දුම්රියන් ලෙස නම් දරා ඇත.
        මෙම සියලු හැකියාවන් එයට ලැබී ඇත්තේ සුවිශේෂි හේතු රාශියක් නිසාවෙනි. ඉලෙක්ට්‍රොනික පාලන ක්‍රමයක් (ADEC-Advanced Diesel Engine Control) සහිත අධි පීඩන ඉන්ධන විදුම් තාක්ෂණය (Common Rail Diesel Injection)  මගින් මෙම එන්ජින් බලගැන්වෙයි. (Common Rail තාක්ෂය යනු අධිපීඩන කුටීරයක් තුල ඇති ඩීසල්, ඉලෙක්ට්‍රොනික සංඥාවක් අනුව ඉංජෙක්ටරය හරහා ඉතා කුඩා කොටස් වලට කැඩී දහන කුටීරය තුලට විදීමයි. මෙවිට ඉන්ධන පූර්ණ දහනයක් නිවැරදිව සිදුවේ. තවද යුරෝපා සංගමය විසින් 2000 වසරේදී ස්ථාපිත කරගත් පරිසර තත්ව සම්මුතින්ට අනුව මෙම එන්ජින් සැලසුම් කොට තිබේ.) එම එන්ජින් බලය මගින් බලය මගින් ප්‍රත්‍යාවර්තක ධාරා (AC) විදුලි ජනකයක් මගින් නිපදවෙන විදුලිය (k Va 150Hz) පරිවර්තක උපාංග මගින් සරල ධාරා (DC) විදුලිය බවට පත් කොට, ට්‍රැක්ෂන් මෝටර්(310kW) වලට ලබාදේ.
        මෙම දුම්රියන් වල එන්ජින් අභ්‍යන්තර පාලන කටයුතු සම්පූර්ණයෙන්ම පරිගණකයක් මගින් හසුරුවනු ලැබේ. ඒ සඳහා නවීන පරිගණක පාලන පද්ධතියක්ද මෙහි අන්තර්ගත කර ඇත. රියදුරාට එම පරිගණකය හැසිරවිමට එහි ස්පර්ශ සංවේදී තිරය භාවිතා කල හැකිය. දුම්රිය ධාවනය පාලනය කිරීම සඳහා සාමාන්‍ය ලීවර ක්‍රමයේ පාලන උපකරණ වලින් සමන්විත  මෙම දුම්රිය කට්ටල වල, අවශ්‍ය විටකදී දුම්රියේ අනෙක් පස පිහිටි රියදුරු කුටියේ රියදුරන් සමග හෝ ගාඩ්වරයා සමග සන්නිවේදනය කිරීමට රේඩියෝ සන්නිවේදන පද්ධතියක්ද අඩංගුය. මෙම එන්ජිම මෙරට මාර්ගයක ධාවනය වන දුම්රිය වලින් තාක්ෂණයෙන් අග්‍රස්ථානයේ ලා සැලකිය හැකි වන්නේ මෙවන් සුවිශේෂි ලක්ෂණ හේතුවෙනි. එසේම මෙම S10 දුම්රිය කට්ටලයන් කාර්යක්ෂමතාවයෙන් ඉහල වන්නේද ඒ නිසාමය.
        ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන් (Diesel Multiple units-DMU) වල ඇති සුවිශේෂි ලක්ෂනය වන බලවේග කට්ටල් කිහිපයක් එකට ඇදා ධාවනය කිරීමේ හැකියාව මෙම දුම්රිය කට්ටල වලද ඇති අතර එසේ උපරිම කට්ටල තුනක් දක්වා ඈදා ගැනිමේ පහසුකම් මෙම දුම්රිය සතුය. කෙසේ වුවද ලංකාවේදී මෙම කට්ටල් තුනක් එකට ඈඳා පරික්ෂණ ධාවනයක් සිදුකොට තිබේ.

S10 දුම්රියන් වල මැදිරි ඇතුලත ආසන පිහිටුම 
        මෙම දුම්රියද වැඩිවශයෙන් යොදාගනුයේ කාර්යාලීය ප්‍රවාහන සේවා, මන්දගාමී දුම්රියන් ආදී අවස්ථාවන් සඳහා බැවින් මෙම දුම්රියේද ආසන සැකසීම ඇත්තේ S8, S9 ආදී දුම්රියන් වල ආකාරයටමය. එක් දුම්රිය කට්ටලයක් එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, මගී මැදිරි 4කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත වේ. මගී මැදිරියක දිග අඩි 65කි. මෙ දුම්රියද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ (Vestibule) පහසුකමින් සමන්විත වේ. මේ එක් දුම්රිය කට්ටලයක රැගෙන යා හැකි මගීන් සංඛ්‍යාව 1400ක් පමණ වේ.
        ආනයනය කල මෙම දුම්රිය කට්ටලයක් යොදාගෙන මහනුවර දක්වා පරීක්ෂණ ධාවනයක් සිදු කර ඇතත් වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය කරනුයේ රඹුක්කන දක්වා පමණි. නමුත් විශේෂ අවස්ථා වලදී (2010, 2011 ඇසළ පෙරහර) විශේෂ දුම්රියන් ලෙස මේවා මහනුවර දක්වා ගමන් කර තිබේ. ඒ අනුව මෙම දුම්රියන් සාමාන්‍යෙයන් ගමන් කරන මාර්ගයන් වන්නේ මුහුදුබඩ මාර්ගය, උතුරු මාර්ගය, පුත්තලම මාර්ගය සහ උඩරට මාර්ගයේ රඹුක්කන දක්වාය. මහව, සමුද්‍රෙද්වී ආදී කාර්යාල දුම්රියන් සඳහාද මෙම වර්ගයේ දුම්රියන් වර්තමානයේදී බෙහෝවිට යොදාගනු ලැබේ.
        මගී මැදිරි දිග අඩි 65ක් තරම් වැඩි අගයක් වීමත්, මැදිරි දෙකක් අතර පරතරය අවම වීමත් ආදී හේතු නිසා කැළණිවැලි මාර්ගයේ ගමන්කිරීමේ හැකියාවක් නැත. එමෙන්ම මාතලේ මාර්ගයේ සහ නැගෙනහිර මාර්ගයේද මෙම දුම්රියන් ධාවනය කල බවක් සටහන් වී නැත. තවද පොසොන් උත්සව සමයේදී මෙම දුම්රිය කට්ටලයන් විශේෂ දුම්රිය ලෙස අනුරාධපුර දක්වා ගමන් කර තිබේ.
        මේවායේ සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු බලවේග විදුලි ධාවනාගාරය - EPCS (Electrical Power Coaches Shed) මගින් සිදු කරනු ලැබේ.

මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, සොයුරාට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.

ඡායාරූප:-

S10 වර්ගයේ බලවේග දුම්රියක් 

S10 හි MTU 12V4000R41 බල සැපයුම් එන්ජිම සහිත එන්ජින් කාමරය
ස්පර්ෂ සංවේදී පරිගණක තිරය සහිත රියදුරු කුටිය.
(අභ්‍යන්තර සැකසුම්, පරිගණකය මගිනුත්,
ධාවන කටයුතු සාමාන්‍ය ලීවර ක්‍රමය මගිනුත් සිදු කරනු ලැබේ.) 
ස්පර්ෂ සංවේදී (Touch Screen) තිරය.
මේ ප්‍රධාන පැනලයයි. ඒ මගින් දුම්රියේ සාමාන්‍ය විස්තර දැක්වේ.
දුම්රියේ ධාවන තත්වය පිලිබඳ විස්තර.


අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය
මැදිරි ඇතුලත...
S10 දුම්රියන් වරායෙන් ගොඩබාන ලද අවස්ථාව
සිංහයාගේ කට යටින් ගිය S10 එක.
(මහනුවර දක්වා කල පරීක්ෂණ ධාවනය)
S10 වර්ගයේ දුම්රිය කට්ටල තුනක් එකට ඈඳන ලද පරීක්ෂන ධාවනය
( මෑත ඉතිහිසයේ වැඩිම දිගක් සහිතව සහ වැඩිම බලයකින් (6000hp) දුම්රියක් ධාවනය කල අවස්ථාව මෙයයි)
පොසොන් සමයේ විශේෂ දුම්රියක් ලෙස අනුරාධපුරයට පැමිණ...
එන්ජිම රහිත එලැවුම් මැදිරිය
අවසාන S10 දුම්රිය (අංක 893) 
යාගොඩ ප්‍රදේශය පසු කරන තවත් S10 දුම්රියක්

78 comments:

  1. S10 මාටින්, Aston Martin වගේම තමයි බලන් ගියහම.. :D

    ReplyDelete
    Replies
    1. මාටින් අයියත් මේකක් ගනීද :D

      Delete
  2. ඔ‍ක්කොමත් හරි මේකෙ හෝන් එක තමයි එපා වෙන්නෙ... පිකප් එක නම් උපරිමයි... වෙනද වගේ පරක්කු වෙලා ඇවිත් එල්ලෙන්න ලේසි නෑ...

    ReplyDelete
    Replies
    1. හෝන් එකනම් ඩිංගක් කණට අමාරැයි තමා. හැබැයි ඔන්න එල්ලෙන එකනම් පරිස්සමින්. දැක්කනේ.

      Delete
    2. ඔව් නේ. ඇත්ත කතාව. පටස් ගාල අද්දනව

      Delete
  3. නොදන්න දෙවල් ගොඩක් දැනගත්ත. තැංකූ සහෝ...
    එලැවුම් මැදිරියේ දිග - 125.75m කිව්වේ?? ඒ මේක සම්පූර්ණ දිගනේද?

    Idle hours නවදාස් ගාණක් Total hours පහළොස්දාස් ගණක්!! බාගෙකට වඩා නවත්තගෙනනෙ ඉඳල තියෙන්නෙ :D
    ෴නිපුන෴

    ReplyDelete
    Replies
    1. හදිස්සියට පොඩ්ඩක් වැරදිලා. ඔන්න එඑ ඒක නිවැරදි කලා. ස්තුතියි නිපුන.

      ආ. ඔය Idle කවුන්ටරේ මම හිතන්නේ එන්ජිම Idle කරාම තමා කවුන්ට් වෙන්නේ. ඒ කියන්නේ run එකේදිත් idle කලොත් කවුන්ට් වෙනව මතක විදියට.

      Delete
  4. S 9 ද 10 ද දන්නෙ නෑ, මේ වගේ එකක ගිය අප්‍රියෙල් මාසෙ ගම්පහ සිට කොළඹට ගියා. කෝච්චියෙ වැරැද්දකට දැක්කෙ, සාරි ඇඳපු කාන්තාවන්ට බහින්න තිබ්බ අපහසු කම සහ ඇතුලෙ විදුලි පංකා වැඩි හරියක් ක්‍රියාත්මක නොවීම.

    උඩහ සහ පහළ දුම්රිය පිළිබඳව එවූ, ලින්ක් එක සහිත ඊය දකින්න ඇතිනෙ ?

    ReplyDelete
    Replies
    1. ඔය විදුලි පංකා ප්‍රශ්නෙ නම් ගොඩක් දුම්රියන් වල තියෙනවා. ඒ වගේම අලුතෙන් ගෙන්වන ලද S6, S10, S11 කට්ටල වර්ග තුනේම ඔය පා පුවරු ගැටලුව තියෙනවා.

      ඒ ලින්ක් එකට බොහොමත්ම ස්තුතියි අයියා.

      Delete
  5. Replies
    1. Hike giya ethi kiya hithuna nisa me para kochhciye giya. :D

      Delete
  6. වීඩියෝ ක්ලිප් එකේ කහ පාට ටී ෂර්ට් එක ඇඳන් රේල් පාර අයිනෙ පයින් යන පොර කෝච්චියෙ හැප්පුනා නං මල කෙලියයි...ෂුවර් එකටම කෝච්චිය පෙරළෙනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්නකො ඔබ්සවර් අයියත් බලන දේවල් ඈ :D

      Delete
  7. මං කවදාවත් හිතුවේ නෑ චීන කෝච්චියක් ලංකාවේ තාක්‍ෂණය අතින් ඉහලම තියන එක වෙයි කියලා. නියමයි. මේ පෝස්ට් එක නිසා ගොඩක් දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. මමත් ආසම පවර්සෙට් එක මේක. සද්දෙත් දාගෙන කඟවේනා වගේ යනවා. වයිබ්‍රේෂන් එකනම් පොඩ්ඩක් වැඩියි.

      Delete
  8. ඔන්න තවත් කෝච්චියක් ගැන දැනගත්තා... බොහොම ස්තුතියි!

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට හරී. :)

      Delete
  9. කෝච්චියේ ආවා ගියාට මෙතරම් දෙයක් දැන හිටියේ නැ.ගොඩක් දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. :)

      Delete
  10. නියම ලිපියක්....

    මේ මොන දුම්රිය තිබ්බත් මට අර 2000දී විතර ගෙන්නපු S6 බලවේග කට්ටල දුම්රිය (අර නිල්පාට පවර් සෙට් එක. ඒක S6 නේද) තරං හිතට ඇල්ලුවේ නෑ...
    අනේ මංදා මාරම බැදීමක් ඒ කෝච්චි එක්ක තියෙන්නේ.
    සමහරවිට ඒ කාලේ ඒ පවර් සෙට් එකේ බොහෝම ආසාවෙන් ගිය නිසා වෙන්න ඇති...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රනා. ඔබ කියන්නේ S9 එක ගැන වෙන්න ඕන. වසර 2000දි ගෙනාවේ ඒක.මේ තියෙන්නේ S9 බලවේග දුම්රිය ගැන විස්තරේ. :)

      Delete
  11. මම කළිං කිව්ව පවර් සෙට් එක S9 වේ. එය S6 ලෙස සටහන් කළේ වැරදීමකිනි.
    මේ බ්ලොග් එක හරහා යනවිට S6 වර්ගයේ පවර් සෙට් එකක්ද දුටිමි.
    ඒ වර්ගයේ ලෑලි කෝච්චියක ඇංජිමක් (අපි ඒකට ඒ දවස්වල කිව්වේ ලෑලි කෝච්චිය කියලා) එක පාරක් මරදාන ආසන්නයේදී ගිනිගත්තා මතකයි. (2003/2004 කාලයේදී)

    මෑත කාලයේ හලාවත ලයින් එකේ දිව්ව මේ ජාතියේ කෝච්චියට කිව්වේ "මෙන්ඩිස් එක" කියලා. මැද්දේ ලී වලිං ගහලා තිබ්බ ඇදි වැටට හේත්තුවක් දාගෙන බොරු කිය කිය ගිය ඒ කාලේ ආයෙත් මතක් කළාට ස්තූතියි.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. S6 වර්ගයේ දුම්රියන් වලින් දැනට ධාවන තත්වයේ තියෙන්නේ එක දුම්රිය කට්ටලයක් පමණයි. දැනට එන මිහින්තලේ-අනුරධපුර සහ මහව-අනුරාධපුර ගමනාන්ත වල ධාවනය කරනවා.

      ස්තුතියි සහෝ. :)

      Delete
    2. මිහින්තලේට කෝච්චි දුවනව කියල දන්නෙත් අදයි

      Delete
    3. සෑම පොසොන් පෝයකටම මිහින්තලේ සහ අනුරාධපුර අතර නොමිලේ ගමන් කල හැකි දුම්රිය සේවයක් ක්‍රියාත්මක වෙනවා.
      මීට අමතරව දැයට සංචර්ධන වැඩසටහන් අනුව සෙනසුරාදා සහ ඉරිදා දිනවල මිහින්තලේ දක්වා දුම්රියක් ධාවනය වෙනවා. මිහින්තලේත් ඇත්තෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් අනූන විශිෂ්ඨ මාර්ගයක්.
      ඒ වගේම මිහින්තලේ හන්දිය සහ මිහින්තලේ අතර කවත් එක් දුම්රිය නැවතුම් පලකුත් මෑතකදී අලුතෙන් ඉදි කරනු ලැබුවා.

      Delete
  12. අර ටච් සක්‍රීන් එකේ මීටර දෙකක් තිබ්බෙ.. ඒ ඇන්ජිමේ RPM එකයි Speedometer එකයිද කෝච්චයිවය ?? ඕවල චට් වැඩ කරනවද දන්නෙ නෑ නේද අපේ අයියලගෙ එබිල්ලෙ හැටියට... :D

    ReplyDelete
    Replies
    1. ඔවු ඒ RPM එකයි Speedometer එකයි තමා.
      හෙහේ.. තාමනම් වැඩ. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ.

      Delete
  13. මතලේ මාර්ගය ගැනත් දාපන් මචන්.හොද ලිපි පෙලක්

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදි අනිවා ලියනවා සහෝ!

      Delete
  14. සේරම හොදයි.. සද්දෙ තමා පොඩ්ඩක් ;)

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඒ හඬේ හරි ගාම්භිර බවක් තියෙනවා කියල මට හිතෙනවා.

      Delete
  15. අර සිංහයාගේ කට ගාවින් පවර් සැට් එක යන පින්තූරේ නම් ගොඩක්ම වටිනවා !
    මොකද දැන් ඔහොම පවස් සැට් නුවර යන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ලඟදිම පවර්සෙට් නුවර එනවා. බලන්නකො තව ටික කාලෙකින්!

      Delete
    2. ඔය පවර් සෙට් (බලවේග කට්ටල) කියන ජාතියේ කෝච්චියකට ලංකාවට ගෙන්නුව්වේ එස් 1 එක විතරලු. අනික් එව්ව පවර් සෙට් නෙමේ ලු. ඩී එම් යූ ලු.

      Delete
  16. අදයි පොස්ට් එක දැක්කේ .... S10 ගැන ලියයි කියලා බලාගෙනම හිටියේ...

    දුම්රිය නම් අලුත් වෙනවා ... ඒ උනාට සේවය ගැන නම් එච්චර සතුටු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි සහෝ!

      Delete
  17. මාතලේ මාර්ගය ගැනත් ලියන්න.ස්තුතියි ලිපි පෙලට

    ReplyDelete
    Replies
    1. මාතලේ මාර්ගය ගැන හොඳ අධ්‍යයයනයකින් පස්සේ හොඳ ලිපියක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ස්තුතයි!

      Delete
  18. මම කොටුවෙන් අන්තිම train එකෙ තමා ගෙදර එන්නෙ. S10 එකෙක් තියෙන්නෙ එන්ජිමේ සද්දෙ වෑඩි හින්ද රෑට නින්ද යන්නෙ නෑති එක තමා මම මේ ට්‍රින් එකෙ දකින අඩුපාඩුව...

    ReplyDelete
    Replies
    1. නින්ද ගිහින් බහින තැන පහුවුනොත් එහෙම. ඒ නිසා S10 එක හොඳයි නේද? :D

      Delete
    2. මේකෙ සද්දෙ තියෙන්නෙ Engine එකේ විතරයි. ඒකත් Accelerate කරද්දි විතරයි නේද. අනිත් වෙලානට යනව එනව තේරෙන්නෙ නෑ. උදේට මහවෙ එහෙම හිටගෙන නිදියන් එන්නෙ කට්ටිය
      වෙලාවට දැන් මහව දුම්රියට දSet 2k දාල

      Delete
  19. මම තාම මේකෙ ගිහින් නෑ කියන එක සඳහන් වී නොමැති වීම අඩුපාඩුවකි :P
    මම හොරාට හොරාට ගෙහාන්ගෙ බොලොග් එකේ ගොඩක් ඒව කියවල හොඳෙ :D

    ReplyDelete
    Replies
    1. මම මේකේ ගිහින් නෑ? :O
      මම ගියානේ?

      Delete
    2. මම ගිහින් නෑනෙ ඉතිං :P

      Delete
  20. මම තාම මේකෙ ගිහින් නෑ කියන එක සඳහන් වී නොතිබීම අඩුපාඩුවක් ලෙස දකිමි :P
    මම හොරාට හොරාට ගෙහාන්ගෙ බොලොග් එකේ ගොඩක් ඒව කියවල හොඳෙ :D

    ReplyDelete
  21. අර වීඩියෝ එකේ අන්තිම තත්පර කීපයෙ ඉන්න කෙල්ලො දෙන්නගේ ආඩම්බර. හිතන් ඇති. අනේ අපි නම් බලයි උන් දිහා මෙච්චර ලස්සන කෝච්චියක් තියෙද්දී.

    ReplyDelete
    Replies
    1. හප්පේ මෙයාලා බලන දේවල් :D

      Delete
  22. අදයි මේක දැක්කේ....දැන් ඔයින් එකක් මහවට යනවා ඩබල් කරලා.
    S11 ගැනත් මේ වගේ විස්තරයක් දාන්න බැරිද?
    ඇත්තද M9 එන්ජින් ඔක්කොම හදලා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. S11 ගැන තමා ඊගාවට ලියන්නේ. M9 ටික ටික හදනවා. සමහර ඒවා ආයෙ කැඩෙනවා. ඔක්කොමනම් හදන එක කෙහොමද කියල දන්නෙ නැහැ. 868 සහ 873 ගැන මොකුත් කියන්න අමාරුයි.

      Delete
  23. කමෙන්ට් එකක් දැමීමට පමා වීම ගැන මම පළමුවෙන්ම මාගේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනෑ. වෙනදා වාගේම එස් 10 ලිපියත් ගෙහාන් හරිම ලස්සනට අවශ්‍යය හැම වැදගත් කරුණක් ම අඩංගු කරලා ලියලා තියෙනවා. කෙසේ නමුත් මට නම් තවමත් මේ වර්ගයේ බලවේග දුම්රියක ගමන් කිරීමට නම් අවස්ථාව ලැබිලා නෑ. නමුත් මෙහි බඳ සහ නිමාව නම් ඉතාමත් ඉහළ තත්තවයකින් යුතු බව පෙනුමෙන් නම් කියන්න පුළුවන්. අර කසුන් සහ මාධව ඉහළින දක්වලා තියෙනවා වාගේම මේකේ බල සැපයුමේ සද්දේ සහ දෙදරීම නම් වැඩියි. එක නිසා ම මේවයේ එන්ජින් මවුන්ට් ඉක්මනට සවුත්තු වෙනවා කියලා කතාවක් මම අහලා තියෙනවා. මොනවා වුනත් එස් 10 කියන්නේ හොඳ දුම්රියක් බව කියන්න පුළුවන්.

    ReplyDelete
  24. කාර්යාල වෙලාවල් වලට කියාපු දුම්රිය. ලග පිකප් නිසා ගමන් වෙලාව අඩුයි. ලංකාවට වඩාත්ම ‍ගැලපෙන බලවේග දුම්රිය කියල බයක් නැතුව කියන්න පුලුවන්.
    ඉන්දියන් පවර්සෙට් එක ගැනත් හොද වගේම නරක ඇතුලත් ලිපියක් අපි බ‍ලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න ලිවුව එහෙනං ඈ :D

      Delete
  25. අද තමයි මේ blog එක දැක්කේ
    තියෙන arTicles ඔක්කොම කියෙව්වා
    අති සුපිරියි අලුත් s11 එක ගැනයි m10 එක ගැනයි ලියන්නත් පුලුවන්නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. S11 එක ගැනනම් ලියනවා ඉක්මනට. M10 එක ගැනනම් දැම්ම මුකුත් ලියන්න බැහැ :)

      Delete
  26. ඒ මොකද M10 ගැන ලියන්න බැරි :-). පේන විදියට නම් ඒකත් සෑහෙන්න කාලයක් දුවන්න පුළුවන් එකක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. අපි බලමුකො ඉස්සරහට නේද? තාම ආවා විතරයිනේ ;)

      Delete
  27. මමත් ආසම දුම්රිය S10 (මහව නිසා). මේ සීට් වල නිදියන්න අමාරු උනාට යනව එනව තේරෙන්නෙ නෑ. අනිත්වට සාපේස්ෂව ශබ්ධයත් අඩුයි. ගැස්සීමත් අඩුයි. හැබැයි රෑට කුරැණෑගල හරහා යන Intercity එකට වඩා ටිකක් ශබ්ධය තියනව. රෑ එක පාවෙනව වගේ. මෙලෝ සද්දයක් නෑ

    ReplyDelete
    Replies
    1. මේක පිකප් වුනාට පස්සේනම් සද්දය අඩුයි. නමුත් පිකප් කරද්දි සෑහෙන්න කණට අමාරු සද්දයක් තියෙනවා. වෙනනම් කියන්න තරම් අඩුවක් නැහැ.

      ස්තුතියි මාලින්ද. :)

      Delete
  28. කෝච්චියේ හැමදාම වැඩට ආවා ගියාට ඒකෙ පැටිකිරිය දැන ගත්තෙ අදයි. මාර interesting blog එක.

    ReplyDelete
  29. M10 එකත් M8 එකේම අලුත් එකක් නේ නම විතරයි වෙනස් නෙද ?
    http://slrailwiki.wikinet.org/wiki/Class_M10

    ReplyDelete
    Replies
    1. M8 ඔකට වඩා M10 එක සෑහෙන්න වෙනස් ඇතුලතින්. ලිපියෙදි විස්තර ගෙන එන්නම්කෝ :)

      Delete
  30. මහව සෙට් 2 ක් කරපු දා අපිට හරිම කරදරේ , අපේ අලව්වේ න් ගොඩවෙන මගීන් කියන්නේනම් මහව office train එකට ජෙට් එක කියල , එත් දෙන්නම් ගම්පහ , මීරිගම නවතන්න ගත්ත නිසා ජෙට් එක බලු වෙලා ..කුරුණෑගලින් පාන්දර එන අපි ට තම එකේ පාඩුව ........

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.... අපිත් ටිකක් කලින් ගියාම නරකද?
      ඔයාලා එන වෙලාවටම ගෙදරින් ආවත් අපි හැමදාම Late.....

      Delete
    2. මගීන්ටත් තියෙන ප්‍රශ්ණ ගැන නිලධාරින්ගෙ අවධානය දැන්වත් යොමු වෙනවනම් :(

      Delete
  31. මම නම් හිහන්නේ, ඉන්දියන් ජරා කොච්චියට වඩා මෙ චයිනා කොච්චිය ගොඩක් හොඳයි, වැඩිය ගැස්සිලි පැද්දිලි නැහැ, සිට් තමයි සුවපහසු නැත්තෙ, ප්ලාස්ටික් නිසා ගොඩක් දුර යනකොට ඇඟ රිදෙනව... මටනම් වෙන කිසිම අඩු පාඩුවක් දැනට අහුවුනෙ නැහැ...

    ReplyDelete
  32. ඔය හැමතැනම යාගොඩ පසු කරමින් දාන්නේ නැතුව ගම්පහ හෝ ගනේමුල්ල දැම්මනම් කොහෙද කියල හිතා ගන්න පුළුවන්

    ReplyDelete
  33. This is the first time i came across this blog. Learnt a lot of new things about this model. Thanks. Will continue to read the other entries also.

    ReplyDelete
  34. නියම ලිපියක් Chandika....

    බල සැපයුම් එන්ජිම - MTU 12V4000R41
    උපරිම බලය - 1950hp(1450kW) - 1800RPM

    මා දන්නා තරමින් මෙය S-12 හි විස්තරයයි..

    S-10 සඳහා..
    බල සැපයුම් එන්ජිම - MTU 12V4000
    උපරිම බලය - 1500kW - 1800RPM

    --චරිත් පෙරේරා--

    ReplyDelete
  35. සුපිරි බ්ලොග් එක....මම මේ ඊයෙ පෙරේදා දවසක බදුල්ලේ ගියා..දැන් S-12 වර්ගයේ බලවේග කට්ටල උඩරට දුම්රිය මාර්ගයේ දාලා තියෙන්නෙ...කියලා වැඩක් නෑ අප්පා සුපිරි කෝච්චිය...

    ReplyDelete
  36. උඩරට දුම්රිය මාර්ගයට අලුතෙන් දාල තියෙන s-12 වර්ගයේ බලවේග කට්ටල ටික නම් නියමයි...යනව දැනෙන්නෙවත් නෑ ඉස්සල්ලා තිබුනු කෝච්චි එක්ක බලද්දි...සනීපාරක්ෂක පහසුකම් එහෙමත් උපරිමයි..3 වන පන්තිය නිකන් 1 වෙනි පන්තිය වගේ.....

    ReplyDelete
  37. S10 දුම්රිය දෙකක් දිනපතා කැළණි වැලි මාර්ගයේ ධාවනය වනු දුටු බවක් මතකයේ ඇත.(උදෑසන කොළඹ කොටුව බලා,නුගේගොඩින් 8.00 අවට) ඒ ගැන හොයා බලන්න. මමත් දුම්රිය ගැන ගොඩක් උනන්දු කෙනෙක්, නොකා නොබී කියවන් යන්න පුළුවන් මේ බ්ලොග, ඔන්න අදයි සෙට් වුනේ..

    ReplyDelete
  38. මම මේකෙ කැබ් එකේ ගියා එක පාරක් - ලසා

    ReplyDelete