Saturday, January 15, 2011

෴M6 දුම්රිය එන්ජිම - කඳුකරයට සුවිශේෂී සාර්ථකම එන්ජිම෴

උපුටා ගැනීම Ceylon Railway Museum
pic by :- Harsha Herath
        ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට 1979 වසරේදී ගෙන එන ලද තවත් එක් එන්ජින් වර්ගයක් වන M6 පන්තියේ එන්ජින් වර්තමානයේදීත් දුම්රිය සේවයේ භාවිතා වන ඉතාමත් කාර්යක්ෂම සහ අති සාර්ථකම එන්ජිමක්. මේ සතු විශේෂ ලක්ෂණ නිසාම බෙහෙවින්ම උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය බොහෝමයක නියමුවා බවට පත්වන්නේ මෙම වර්ගයේ එන්ජින්. මෙම වර්ගයේ එන්ජින් වල සාමාන්‍ය තාක්ෂණික විස්තර පහත දැක්වේ.
  • එන්ජින් පන්තිය           - M6
  • නිශ්පාදිත රට                - බටහිර ජර්මනිය
  • නිපදවූ සමාගම - THYSSEN HENSCHEL (West Germany)
  • ගෙන්වූ වර්ෂය - 1979
  • දුම්රිය එන්ජින් වර්ගය   - Diesel Electric
  • බල සැපයුම් එන්ජිම - EMD 12-645 E  2-Strock
  • උපරිම බලය - 1650hp
  • උපරිම වේගය -  90kmh
  • Axel Arrangement - A1A-A1A
  • බර - ටොන් 85.4
  • වර්ණය -රතු සහ කොල පැහැය /තැඹිලි සහ රතු (ICE)
  • ගෙන්වූ එන්ජින් ගණන - 16 (783-798)

        බොහෝ විට අධික බලයක් අවශ්‍ය දුම්රියන් සඳහා විශේෂයෙන් සකසා ඇති මෙම එන්ජින් වල බොහෝ කොටස් විඛාදනය අවම වන සේ ඕනෑම පරිසර තත්වයකට ගැලපෙන අයුරින් නිපදවා තිබෙන බව නිෂ්පාදකයන් සඳහන් කර තිබේ. මෙහි ඇති සුවිශේෂී A1A-A1A ඇක්සල සැකසුමත් HENSCHEL flexifoat වර්ගයේ බොගි ඇති නිසාත් මෙය විශේෂයෙන් තියුණු වංගු ඇති මාර්ග සඳහා මනාව ගැලපේ. තවද මෙම එන්ජිමේ long hood side හෝ short hood side යන පැති දෙකෙන් කුමන පැත්තක් ඉදිරියට සිටින සේ ධාවන කලද රියදුරුට උපරිම පැහැදිලි දෘෂ්ඨි පරාසයක් ලබාගත හැකිවන සේ රියදුරු කුටිය සකසා ඇත. මෙම M6 වර්ගයේ එන්ජින් වලත් Dynamic Brakes පහසුකම ඇතුලත්. (Dynamic Brakes සාර්ථකව ක්‍රියාත්මක කල හැකි  වන්නේ වේගය පැ.සැ 20ට අඩු අවස්ථා වලදීයි.)   මෙවැනි විශේෂාංග හේතුවෙන් මෙම වර්ගයේ එන්ජින් උඩරට මැණිකේ, පොඩි මැණිකේ, බදුල්ල රාත්‍රී තැපැල් සහ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය වැනි උඩරට දුම්රියන් සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නට හේතුව ලෙස දැක්විය හැකිය. 

       මෙම එන්ජින් වලින් අංක 785, 797, 788 යන එන්ජින් රතු සහ තැඹිලි පැහැයෙන් (ICE Color Scheme- Intercity Express) වර්ණ ගන්වා ඇති අතර සෙසු එන්ජින් කොළ සහ රතු වර්ණයන්ගෙන් වර්ණ ගන්වා තිබේ. (පහත ඡායාරූප බලන්න.) කලකට පෙර අංක 792 එන්ජිමද  රතු සහ තැඹිලි පැහැයෙන් (ICE Color Scheme- Intercity Express) වර්ණ ගන්වා තිබී ඇති අතර මේ වන විට එය සාමාන්‍ය වර්ණය ආලේප කර ඇත. 

අංක 798 දරණ එන්ජිම 1996 වසරේ ත්‍රීකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී LTTE ප්‍රහාරයකින් විනාශ වු අතර 793 එන්ජිමද මඩකළපුවෙදී LTTE ප්‍රහාරයකින් විනාශ විය. අංක 786 දරණ එන්ජිම 2005 වසරේදී යාංගල්මෝදරදී මාරක අනතුරක් සිදු කරමින් බස් රථයක ගැටුණු අතර අංක 790 දරණ M6 එන්ජිම වර්ෂ 1992 දී වටවලදී නායයාමකට හසු වුණි. පසුගිය 2011 ජනවාරි මස මුල් සතියේ දිනක  අංක 796 දරණ එන්ජිමද නාය යාමකට මුහුණ දුනි. කෙසේ වෙතත් ඉහත සඳහන් 798 සහ 793 එන්ජින් හැරෙන්නට සෙසු එන්ජින් තවමත් හොඳින් ධාවනය වේ. මෙම එන්ජින් කැළණිවැලි මාර්ගය සහ මාතලේ මාර්ගය හැරුණුකොට අන් මාර්ගනල ධාවනය කෙරේ.


විශේෂ කරුණු:-
මෙම එන්ජින් නිෂ්පාදනය කල THYSSEN HENSCHEL සමාගම පසුව ADtranz සමාගම විසින් මිලට ගත් අතර එය 2001 වසරේදී  Bombardier Transportation ආයතනය විසින් ලබා ගෙන ඇත. තවද මෙම M6 එන්ජින් වල බලසැපයුම් එන්ජිම නිපදවා ඇත්තේ M2 එන්ජිමේ බලසැපයුම් එන්ජිම නිපදවූ EMD සමාගම විසින්මයි.

ස්තූතිය:- නලින් සහ චානක සොයුරන්ටත් රිස්වි මහතාටත් තොරතුරු සැපයීම වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනැමේ.
ඡායාරූප සහ වීඩියෝ:-


අංක 790 එන්ජිම පොඩි මැණිකේ දුම්රිය සමග ගම්පොළ දී...  


ධාවනය වන M6 එන්ජිමක සිට පටිගත කරන ලද වීඩියෝවක්..

මකුලුවා විසින් පහත සටහන් කල වීඩියෝව....
මෙය ලහිරු කන්නංගර මහතා විසින් පටිගත කරන ලද්දක්

ICE වර්ණයෙන් යුතු 785 එන්ජිම සමග පොඩිමැණිකේ දුම්රිය දියතලාවේදී..
උපුටා ගැනීම SriLanka Railway Forum
Shanaka Goonarathna මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...

786 එන්ජිම සමග රාත්‍රී තැපැල් දුම්රිය දියතලාවේදී..
උපුටා ගැනීම SriLanka Railway Forum
Shanaka Goonarathna මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...

ඉහත 786 එන්ජිම ඉන්ධන ප්‍රවාහන ගැල් සහිත දුම්රියක් සමග...
උපුටා ගැනීම SriLanka Railway Forum
Shanaka Goonarathna මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...
ඉහත 791 එන්ජිම කොළඹ කොටුවෙදී...
උපුටා ගැනීම SriLanka Railway Forum
Shanaka Goonarathna මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්...
වටවලදී නාය යාමට හසුවූ M6 එන්ජිම

36 comments:

  1. නියමයි මචෝ ...එල කිරි ...

    ReplyDelete
  2. මෙයා නම් ඉතින් අපි දකිනව අඩුයි. මුහුදු බඩට ඉන්නෙ කලාතුරකින්නේ. එළ නියම ලිපියක්.

    ReplyDelete
  3. ඉතාම හොඳ ලිපියක්... කඳුරට අග රැජින තමයි M6.
    @සුසිත : මම එකම එක දවසක් දැක්ක ගාලු කුමාරි එක්ක යනව 785. 792 ICE Livery තිබ්බෙ. පස්සෙ ආයෙත් කොළ-රතු පාට ගෑවා.

    ReplyDelete
  4. ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු අති සාර්ථක එන්ජින් අතරින් එකක් විදියට M6 එන්ජිම හඳුන්වනවානම් ඒක වඩාත් නිවැරදියි. ඇත්තෙන් ම වර්තමානයේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින් ම පාහේ රෑඳී පවතින්නේ M6 එන්ජින් නිසායි. ඒ නිසා තමයි මේවා අනිකුත් ප්‍රදේශවල ධාවනය වෙනවා දකින්න අඩු......

    ReplyDelete
  5. ඔය එක එක පාටින් තියෙන කදුරට මාර්ගයේ දුම්රිය එංජින් ඔක්කොම M6 ඒවා වෙන්න ඇති නේ. මම දවසක් පේරාදෙණි ඉදලා කොලඹ ආවා උඩරට මැනිකේ කෝච්චියෙන්. ගමන එලම කිරි. කන්ද බැහැගෙන ආවා පැයෙන්. එවගේමයි කදු අදිනකොටත්. පට්ටම ස්පීඩ් එකක් තියෙන්නේ.

    ReplyDelete
  6. @මධුරංග: M6 එන්ජින් වර්ණ ගන්වා තියෙන්නේ වර්ණාවලි දෙකකින් පමණයි. ඒ කියන්නෙ කොළ සහ රතු පාට සමඟ කහ ඉරක් සහ තැඹිලි සහ රතු පාටින් (මේකට කියන්නෙ ICE Colour Code එක කියලා.... එහෙමත් නැත්නම් Intercity Colour Code.

    පෙනුමෙන් M6 එන්ජිමට සමාන තවත් එන්ජින් වර්ග දෙකක් තියෙනවා. එනම් W1, W2 සහ W3. චන්දික ඉදිරියේදී ඒවා ගැනත් ලියයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    M6 එන්ජිමට අමතර ව වර්තමානයේදී උඩරට මාර්ගයේ ධාවනය වෙන්නෙ M2c, M5b, M5c, W3 යන එන්ජින් පමණයි.

    ReplyDelete
  7. @smartB ඇයි M7? ඒකත් කඳුකරයේ (මාතලේ මාර්ගයේත්) ධවනය වෙනවා. නාවලපිටියෙන් එහාට යවන්නෙ නෑ මට මතක විදිහට. ඒකත් ටිකක් M6 වගේ, හැබැයි එච්චර දැකුම්කලු නෑ, පාටත් රතු-කොළ. නුපුරුදු කෙනෙකුට පටලැවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. M7 එකේ නහයයි වහලෙයි රවුම් පෙනුමක් තියනවා

      Delete
  8. වටවල අනතුරට ලක් උනේ කොයි එන්ජිමද?
    /නිපුන

    ReplyDelete
  9. මචං ලංකාවේ කෝච්චි යන උපරිම ​වේගෙ ගැන කියපන්කෝ.

    ReplyDelete
  10. @thurya: ඇත්තෙන්ම!!! මට ඒක අමතක වුණා, මොකද බදුල්ල පැත්තෙ ධාවනය නොවෙන නිසා. M7 එන්ජිමත් ටිකක් දුරට සමානයි M6 එකට long hood එකේ ඉඳන් බලනකොට...

    ReplyDelete
  11. @thurya
    ඔව් ඔව් ගාලු කුමාරියට ආවා තමයි. හපෝයි මතක් කරන්න එපා. ඒ දවස් වල මමත් ගාලු කුමාරියට සෙට් වෙනවා. ඔය එන්ජිම ගාලු කුමාරියට ආපු පළවෙනි දවසේ කළුතරට වෙනකම් බොහොම අමාරුවෙන් ගිහිල්ලා අළුත්ගමට ටිකක් මෙහාදි චකබ්ලාස්. ඊළඟට පස්සෙන් ආපු power set එකෙන් තල්ලු කලා අළුත්ගමට. අනේ ඉතින් ඉඳලා ඉඳලා ගියේ නැද්ද රුහුණේ හිටගෙන. ඊලඟ සතියෙත් ඒ එන්ජිමමයි. එදා නම් කැඩුනෙ නෑ ඒත් පැය 3 1/2 ක් විතර අරගෙන බොහොම අමාරුවෙන් ගාල්ලට ආවා. මහ ලෙඩ ඇන්ජිමක් ඒක. පෙට්ටි අට ඇදගෙන යන්නත් අමාරුයි ඒකට. ඒක නිසා තමයි ගාලු කුමාරියට දාල තියෙන්නේ. හික්ස්.

    ReplyDelete
  12. M6 ගැන දැනගන්න ලැබුනා. ඒ වගේම වීඩියෝස් දැම්මට ස්තුති අයියා.මම උඩරට කෝච්චියෙන් ගිහින් නැති නිසා. :)

    ReplyDelete
  13. @මලිති: දවසක වෙලාවක් හොයාගෙන දුම්රියෙන් බදුල්ලෙ යන්න. ඒක හරිම විනෝදජනක ගමනක් වේවි.....

    ReplyDelete
  14. @ නිපුන,
    ඒ ගැන විස්තර මෙම ලිපියට ඇතුලත් කර තිබෙනවා.

    ReplyDelete
  15. @ Ano..
    සාමාන්‍යෙයන් ලංකාවේ ධාවනය වන උපරිම වේගනම් පැ.කි.මී 70ට අඩුයි මං දන්නා තරමින්. එක් වරක් හදිසි අවශ්‍යතාවක් සඳහා M4 වර්ගයේ එන්ජිමක් පැ.කි.මි 115ක වේගයෙන් ගමන් කර තිබෙනවා.

    ReplyDelete
  16. බදුල්ලට යන්නෙත් ඕකෙ නේද? මම නම් ආසම එන්ජිමක් තමයි. උඩ රට යන නිසා. අම්මෝ 115 kmph හිතාගන්නත් බෑ.

    ReplyDelete
  17. ශා නියමයි මෙව්වා නම්... මම නම් ආසම පවර් සෙට් වලට තමා.. එකේ එන්ජින්රූම් එකේ තියෙන කොන්ට්‍රෝල් ඩැශ්බොර්ඩ් හෙම මාරු, අනික තාක්ශනේ නම් මැක්සා.. :D

    ReplyDelete
  18. ආහ් ඔව් මයි දැක්කෙ නෑනෙ...සොරි වේන්න ඕන හොඳේ..
    /නිපුන

    ReplyDelete
  19. තව ලියන්න අයියෙ ..මම නම් කෝච්චියෙ ගිහින් නැහැ දන්න කාලෙක..කමක් නැහැ.. ඔයා ලියන්න මම කියවන්නම්

    ReplyDelete
  20. මමනම් අද තමයි මේ බ්ලොග් එක මුලින්ම බැලුවේ. හොද වැඩක්. දිගටම කරගෙන යන්න. පෝසට් එක නියමයි. අපි ආයෙත් එන්නම්.

    ReplyDelete
  21. ඔයාගේ මේ වැඩේ නම් නියමයි. මාත් මේ එන්ජින් එකට හරිම ආසයි. සද්දේ උනත් හරිම අඩුයි මේ එන්ජින් එකේ.

    ReplyDelete
  22. M6 ගැන ලියපු එන නමි හොදයි ස්තුතියි. මේක නමි දැකලා පුරුදු එන්ජිමක් මේක නමි මරු . දැකලා තිබුනට විස්තර දැන ගත්තේ අදනේ ජයවේවා!

    ReplyDelete
  23. සැහෙන දවසකින් මේ පැත්තේ ආවේ. මේකත් මම ආසම එන්ජිමක්. මුලින්ම මේකක් දැකපු බවට මතක 1990 විතර. ඒ කාලේ නම් එතරම් පරණ ඒවා නොවේ. ඔය එන්ජිමේ සද්දය මට කිලෝ මීටර් දෙකක් ඈතින් ඇසුනත් හඳුනන්න පුළුවන්.

    ReplyDelete
  24. @Bugs Bunny:- M9 එංජිමත් ඒ වගේ තමා...දැනට තියෙන හොඳම එංජිම...කැබින් එක නිකම් ප්ලේන් එකක කැබින් එක ව‍ගේ...චන්දික අනාගතයේදී ඒක ගැන ලියයි....

    අනිවා!කන්ද උඩරට රජ්ජුරුවෝ.....හොඳටම දුවන එංජිමක්....චන්දික youtube එකේ තිබ්බා බදුල්ල නයිට් මේල් එකේ අන්තිම හරියෙදි M6 එක idle කරලා M5 එක කෝච්චිය අදින වීඩියෝ එකක්...පුළුවන් නම් ඒකත් දාන්න...M2,M9,M4 ඇරුණම මම කැමතිම අනිත් එංජිම තමා M6...නියමයි....

    @Thurya:-M7 driver's cabin එකේ hood එක වෙනස්....මේවා ඔක්කෝගෙම hood එක ටිකක් පෙට්ටියක් වගේ...හැබැයි M7 එකේ ‍එක ටිකක් රවුම් පෙනුමක් තියෙනවා...long hood එක ගත්තොත් මට නම් හිතෙන්නේ M2,M7,M8 ටිකක් එක වගේ.ඊලඟ ලිපිය M7 හින්දා රූපෙත් එකක් සංසන්දනය කරලා බලන්න.....

    M7(රැජිනි එක්ක ආපු එකා....) ගැනත් ඉක්මනට ලියනඩෝ.....

    ReplyDelete
  25. @මකුළුවා: M9 එන්ජිම ගැන නම් ඉදිරියේදී අනිවාර්‍යයෙන් ම කතා කරන්න ඕනෑ.... මොකද ඒක ලංකාව හඳට යන කාලෙක ගෙන්නන්න තිබුණු එකක්.... වැරදිලා කලින් ගෙනැල්ලා.....

    චන්දික ඉස්සරහට ඒ ගැන විස්තරේ ලියයි නේ...... :D

    ReplyDelete
  26. @ මකුලුවා
    අර කියපු වීඩියෝ එකේ ලින්ක් එක පුලුවන්නම් මෙතන දාන්න. බලන අයට වැදගත් වෙයි.

    මෙහි ප්‍රතිචාර දක්වපු සියලුම දෙනාට ස්තුතියි.

    ReplyDelete
  27. මෙන්න කැමති අය ඉන්නව නම් බලන්න.....

    http://www.youtube.com/watch?v=bKWOiwqM63c

    ReplyDelete
  28. @ මකුලුවා
    ස්තුතියි යාලුවා. මේක මං මේ පෝස්ටි එකටම ඇතුලත් කරන්නම්..

    ReplyDelete
  29. SriLanka Railway Forum වලින් සබැඳුම් කළ එක ඡායාරූපයක් වත් දැන් පෙන්වන්නෙ නැහැ. පුළුවන් නම් ඒවා SriLanka Railway Forum වලට සබැඳුම් කරන්නෙ නැතිව මේ පෝස්ට් එකටම එකතු කරන්න. ඡායාරූප නැති ලිපිය වැඩක් නැහැ වගේ.

    ReplyDelete
  30. හැමෝගෙම ආදරයට ලක්වුණ දුම්රිය එන්ජිම M6.

    ReplyDelete
  31. හැමෝගෙම ආදරයට ලක්වුණ දුම්රිය එන්ජිම M6.

    ReplyDelete
  32. දැන් නම් ඉතින් M6 බදුලු කොච්චියත් එක්ක එන්නෙ නයිට් මේල් එකෙන් විතරයි. උඩරට මැනිකෙයි, පොඩි මැනිකෙයි දෙන්නම පවර් සෙට් වලට මාරු වෙලානේ. (8.10 අලුත් එකත් එක්ක M6 එනවා ) M6 තමා උඩරට පාරට ගොඩක්ම ලස්සන මම හිතන්නෙ අලුත් පවර් සෙට් වලට වඩා.

    ReplyDelete
  33. දැන් නම් ඉතින් M6 බදුලු කොච්චියත් එක්ක එන්නෙ නයිට් මේල් එකෙන් විතරයි. උඩරට මැනිකෙයි, පොඩි මැනිකෙයි දෙන්නම පවර් සෙට් වලට මාරු වෙලානේ. (8.10 අලුත් එකත් එක්ක M6 එනවා ) M6 තමා උඩරට පාරට ගොඩක්ම ලස්සන මම හිතන්නෙ අලුත් පවර් සෙට් වලට වඩා.

    ReplyDelete
  34. මගෙ ආසම එන්ජිමේ පින්තූර ටිකයි දාල තියෙන්නෙ....

    මම ළඟදි ඉඳන් තමයි මෙක කියවන්නෙ. කලින් බැලුවෙ නෑ කියල තරහ වෙන්න එපා.

    ReplyDelete
  35. meke thiyena euwa copy karaganda bahane?\

    ReplyDelete