Thursday, December 02, 2010

෴ඇරඹුම~අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴

        දුම්රිය යනු ලොකුපොඩි බොහෝ දෙනෙක් ප්‍රිය කරන ක්ෂේත්‍රයක්. බාල මහලු වෙනසක් නොමැත්වව කාගේත් කැමැත්ත දිනාගත් ලාභදායී මෙන්ම විශ්වාසවන්ත ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙන දුම්රිය සේවය සම්බන්ධ විවිධ තොරතුරුඔබ සමග බෙදාගන්න මෙම බ්ලොග් අඩවිය ලියැවේ. ඉන් බහුතරය තාක්ෂණික තොරතුරු වනු ඇති.

        වර්ෂ 1858 දී පමණ ඈත අතීතයෙදී බටහිර අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කරන සමයෙදි ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා මත ඇරඹුණ "සිලෝන් රේල්වේ" මෙරට දුම්රිය සේවය කාලයත් සමග විවිධ වෙනස්කම් සහ නවීකරණයන්ට ලක් විය. ඒ කෙසේ වුවද තවමත් මෙරට දුම්රිය මාර්ග පද්ධතියෙහි ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු නොවීම කණගාටුවට කරුණක්. නමුත් වර්තමාන මාර්ග පද්ධතිය මගින්ද දෙස් විදෙස් මගීන් සඳහා සැලසෙන සේවය අතිමහත්.


      ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙහි සුන්දර තැනිතලා, කදු මිටියාවත් ඔස්සේ ඇදීයන උඩරට දුම්රිය මාර්ගයේ වරක් හෝ දුම්රියෙන් ගමන් කරන්නට ඔබ වාසනාවන්ත වී ඇත්නම් එය කෙතරම් සුන්දර අත්දැකීමක්ද යන්න ඔබට වැටහෙනු ඇති. උඩරට මාර්ගය පමණක් නොව මුහුදුකරය ඔස්සෙ රුහුණු රටටත් රට මැද තැනිතලාවන් ඔස්සෙ රජරට හරහා උතුරුකරයටත් ඇදෙන දුම්රියන් හි ගමන් කරන අවස්ථාවන් කෙතරම් චමත්කාරජනක අත්දැකීම්ද යන්න අත්දැකිය හැක්කේ එම ගමන් වල යෙදෙන්නන්ටම පමණයි.

         දුම්රිය සේවයේ නුදුරු සංවර්ධන කටයුතු අතර  පසුගිය ත්‍රස්ථවාදී සමයෙදි අක්‍රීයව පැවතුනු උතුරු දුම්රිය සේවයත් (වවුනියා-කන්කසන්තුරේ), මැදවච්චි-තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයත් ඉන්දියානු රජයේ ආධාර ඇතිව ඉතා ඉක්මණින් නැවත ඉදිකරන්නටත් කටයුතු යොදා ඇති වගත්, මාතර-කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීම් චීන රජයේ ආධාර මගින් ආරම්භ කර ඇතිවග සටහන් කලයුතුය. ඒ අනුව නුදුරු අතාගතයේ දිනක මේ පුංචි දිවයිනේ එක කොනක සිට අනෙක් කොන දක්වා එකම දුම්රියකින් ගමන් කිරිමේ වාසනාව උදාවනු ඇත. එය අනිවාර්යයෙන්ම අප සැමටම චමත්කාරජනක අත්දැකීමක් වනු නිසැකය.

(තවත්  දුම්රිය කතාබහකින් හමුවෙමු)

5 comments:

  1. උඩරට මාර්ගයේ මම ගිහිල්ලත් නෑ තාම,,,,

    ReplyDelete
  2. මොනවා? :o

    ඒකත් එකටම මගේ කොළඹ අක්කයි නංගියි (ලොකු අම්මාගේ ළමයි) දෙන්නා සාමාන්‍යපෙල කරලත් බස්එකක ගිහින් නෑ ලුනේ..

    ReplyDelete
  3. ඔයාලට ගොඩාක් තැන්ක්ස්

    ReplyDelete