Monday, March 19, 2012

෴S10 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴


 
        චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.

Wednesday, March 07, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්....(අවසාන කොටස)

කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න වුණා. ඒකට කමෙන්ට් දාපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.

පෙර කොටසින්... 
අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා.......

අද එතැන් සිට...

        ඒ වෙන මොකුත් නෙමෙයි. මමත් තූර්යත් පහලට බැස්ස හන්දා ආපහු උඩට නගින්න කම්මැලියි වගේ. ඒ නිසා අනෙක් සාමාජිකයෝ දෙන්නට පහලට එන්න කියමුද කියලා. ඊට පස්සේ අපි ආපහු කල්පනා කරලා තීරණය කරා දුම්රිය මාර්ගයේ ඒ කොටසත් බලාගෙනම යමු කියලා අපි දෙන්නා ආපහු මාර්ගයේ ඉහල කොටසට නගින්න තීරණය කලා. 

තූර්යගෙ ඈංගල්ස්

Thursday, March 01, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (සිවුවන කොටස)

පෙර කොටසින්...
මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා.

අද එතැන් සිට..


        ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ අපි බලාපොරොත්තුවෙන් ආපු විශේෂ කලාපය අපට හමු වුණා. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුදුම උපදවන සුලු පිහිටටීමක්. මදකට නැවතත් මෙම ප්‍රදේශයේ සිතියම බලමු.



            මේ සිතියමේ පෙනෙන පරිදි අංක 1න් දැක්වෙන ස්ථානයෙදි තමයි අපිට මුලින්ම මේ සුවිශේෂි පිහිටිම පලමු වරට පෙනෙන්න පටන් ගන්නේ. දුම්රියෙන් ගමන් කරද්දි මේ ස්ථානය අනන්තවත් දැකල තිබුණත් පලමු වරට මේ තරම් නිදහස් විදියට මෙතන දැකගත්ත එක අපි හතර දෙනාගෙම සිත් වලට අමන්දානන්දයක් වුනා. කොහොම වුනත් තැන හරියටම හරිද කියල දැනගන්නත් එක්ක මම මගේ දුරකථනයේ තියෙන GPS පහසුකමත් උපයෝගී කරගෙන මේ කලාපයේ සිතියම පරීක්ෂා කලා. තැන හරියටම හරි. දැන් ඉතින් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ. අපි සූදානම් කරගෙන ආපු විදියට ඉහලට ධාවනය වෙන දුම්රියට තියෙන්නෙත් තව සුලුකාලයයි.