Wednesday, August 22, 2012

෴G2 class ෂන්ටින් එන්ජිම - ෂන්ටින් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යෙදූ එන්ජිම෴


ඔබ මෑතකදී බණ්ඩාරවෙල දක්වා දුම්රියෙන් ගමන් කර ඇත්නම් මෙම එන්ජිම ඔබ දැක ඇති බවට සහතිකය. එය මෙරටට ගෙන එන ලද G2 පන්තියේ ඩීසල් ෂන්ටින් එන්ජිමකි. එසේම මෙය ෂන්ටින් කටයුතු සඳහා පමණක් යොදාගත් එන්ජිමක් පමණක් නොවේ. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.
  • දුම්රිය පන්තිය                 - G2
  • ගෙන්වූ වර්ෂය                 - 1952
  • නිශ්පාදිත රට                -එංගලන්තය (North British Locomotives)
  • දුම්රිය එන්ජින් වර්ගය        - Diesel Electric
  • බල සැපයුම් එන්ජිම           -  Paxman 12RPHXL
  • උපරිම බලය                    - 625hp - 1250RPM
  • උපරිම වේගය                   - 32 km/h
  • Axle Arrangement           - 0-8-0
  •  බර                                - 54 Tons
  • වර්ණය                           - කළු
  • එන්ජිමේ දිග                      - අඩි 37 අඟල් 9
  • දුම්රිය එන්ජින් ගණන         - 8 (No 531 -538)
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විසින් වැඩි වැඩියෙන් ඩීසල් එන්ජින් මිලදී ගැනීම අනුව, ෂන්ටින් කටයුතු සඳහා ද ඩීසල් එන්ජින් යොදාගැනීම කෙරෙහි අවධානය යොමු කල බවක් පෙනී යන්නේ මෙම G2 ධාවන පන්තිය යටතේ ඩීසල් ෂන්ටින් එන්ජින් 8ක් මිලදී ගැනීමෙනි. මුල්ම වරට මිලදී ගත් G1 ධාවන පන්තියේ එන්ජිම මිලදී ගෙන වසර 22කට පසුව මෙම මිලදීගැනීම සිදුවන අතර පලමු වරට එක් වර වැඩිම ෂන්ටින් එන්ජින් සංඛ්‍යාවක් මිලදී ගත් අවස්ථාව ලෙසද එය සැලකිය හැකිය.

දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉල්ලුම වැඩි වැඩියෙන් පවති සමයේ භාණ්ඩ ප්‍රවාහන ගැල් ෂන්ටින් කිරීම සඳහා ෂන්ටින් එන්ජින් වල දැඩි අවශ්‍යතාවය පිරිමැසීමට මෙම එන්ජින් ඉවහල් විය. (ෂන්ටින් එන්ජිමක කාර්ය භාර්යය දැනගැනීමට මෙම ලිපිය කියවන්න)  මෙම එන්ජින් වල අභ්‍යන්තර බල සැපයුම් එන්ජිම Paxman 12RPHXL වර්ගයේ ඒවා වූ අතර එහි උපරිම ජවය අශ්ව බල 625ක් පමණ වුවද මෙම එන්ජිම මෙරට ධාවනය සඳහා යොදාගැනීමේදී එහි බලය අශ්ව බල 375ක් පමණ දක්වා අඩුකිරීම (de-rate) සිදු කර ඇත. පළමුවරට එන්ජින් බලය අවප්‍රමාණ කිරීමක් සිදු කර ඇත්තේද මෙම G2 ධාවන පන්තියේ එන්ජින් වලට බැව් මේ අනුව පෙනී යයි. එසේ එන්ජින් බලය අඩු කර ඇත්තේ 625hp තරම් විශාල බලයක් ෂන්ටින් කටයුතු සඳහා අනවශ්‍ය බැවිනි. (මෙරට මුල්ම මගී ප්‍රවාහන ඩීසල් එන්ජිම වූ M1 හි එන්ජින් බලයද 880hp විය)

ප්‍රධාන වශයෙන් වැඩි බර මෙහෙයුම් (heavy shunting) කටයුතු සඳහා මෙම එන්ජින් භාවිතා කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී භාණ්ඩ දුම්රියන් රැගෙන කොළඹ සිට මහනුවර වැනි ප්‍රදේශ දක්වා ධාවනය කර තිබීමද විශේෂත්වයකි. (මේ වන විට නම් Dynamic brake නොමැති එන්ජින් වලට තනිවම රඹුක්කනින් ඔබ්බට යාමට අවසර නොමැත)

1980 දශකය පමණ වන තෙක්ම මෙම එන්ජින් මගින් සේවය ලබාගෙන ඇති අතර රත්මලාන කර්මාන්තශාලා භූමියේ ඇති G2-536 එන්ජිම වර්ෂ 1990 පමණ වනතුරු එහි අභ්‍යන්තර ෂන්ටින් කටයුතු සඳහා යොදාගෙන ඇති බව කියවේ. ඒ හැරුණු කොට මෙම එන්ජින් මගින් මගී දුම්රියන් ධාවනය කරවූ බවක් දැනගන්නට නැත.  

තම සේවය අවසන් වූ පසු විවිධ දුම්රිය අංගන වල අත්හැර දමා තිබු මෙම වර්ගයේ එන්ජින් බොහෝමයක් පැරණි යකඩ සඳහා කපා අලෙවි කර ඇති අතර මේ වන විට යන්තමින් හෝ ඉතිරිව ඇත්තේ එන්ජින් දෙකක් පමණි. එයින් අංක 535 එන්ජිම මීට වසර කිහිපයකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ලබාදුන් අතර එය විශ්ව විද්‍යාල භූමියට ප්‍රවාහනය කිරීමේ ඇති අපහසුතාවයන් නිසා කලක් මහනුවර ධාවනාගාරයේ තිබී පසුව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ස්ථානගත කරන ලදී. ඉතිරි එන්ජිම වල අංක 536 එන්ජිම මේ වන විට රත්මලාන කර්මාන්ත ශාලා භූමිය තුල අත්හැරදමා ඇත. දුම්රිය ඉතිහාසය පිලිබඳව සලකා බලන කල මෙය අනිවාර්යයෙන්ම රැකගත යුතු වටිනා සම්පතක් බැවින් එසේ එක් එන්ජිමක් හෝ සංරක්ෂණය වීම නම් ඉතා වටිනා කාරණයකි..

මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප වෙනුවෙන් නලීන් අබේසිංහ, නිලුපුල් වික්‍රමගේ, තූර්ය සත්සර, නිමල් ප්‍රේමසිරි, Paul Bigland  සහ අකිල ආරියප්පෙරුම යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.

ඡායාරූප:-
මෙරටට ගොඩබසින අවස්ථාව
ඡායාරූපය:- railpagesrilanka
G2 පාලන පුවරුව
ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම
G2-533 වේයන්ගොඩදි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සමග
ඡායාරූපය:- railpagesrilanka
අංක 532 එන්ජිම
ඡායාරූපය :- Paxman History
බණ්ඩාරවෙල ස්ථානගත කර ඇති අංක 535 එන්ජිම ධාවන සමයේ
ඡායාරූපය :- Jhon Polley
අංක 537 දරණ එන්ජිම
ඡායාරූපය :- The Glasgow Story
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ලැබුණු අංක 535 එන්ජිම මහනුවරට ගෙන ඒම
(2004 ජනවාරි)
ඡායාරූපය:- Paul Bigland
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ලැබුණු අංක 535 එන්ජිම මහනුවරට ගෙන ඒම
(2004 ජනවාරි)
ඡායාරූපය:- Paul Bigland
අංක 535 එන්ජිම මහනුවර ධාවනාගාරයේ
ඡායාරූපය:- Philip Devonport
බණ්ඩාරවෙල බලා යාමට සූදානම් වෙමින්
ඡායාරූපය:- නිමල් ප්‍රේමසිරි 
බණ්ඩාරවෙල බලා රැගෙන යමින්
ඡායාරූපය:- ප්‍රියන්ත ගල්ගේපිටිය
බණ්ඩාරවෙල බලා රැගෙන යමින්
ඡායාරූපය:- නිලුපුල් වික්‍රමගේ
බණ්ඩාරවෙල බලා රැගෙන යමින්
ඡායාරූපය:- නිලුපුල් වික්‍රමගේ
අවසන් වතාවය හැරවුම් වේදිකාවේ
ඡායාරූපය:- නිලුපුල් වික්‍රමගේ
බණ්ඩාරවෙල ස්ථානගත කිරීමෙන් පසු
ඡායාරූපය:- ගෙහාන් චන්දික
රත්මලාන කර්මාන්තශාලා බිමේ ඇති අංක 536 එන්ජිම
ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම

75 comments:

  1. මෙම එන්ජිම දැක ඇත්තේ එක් වරක් පමණයි. ඒ බණ්ඩාරවෙලට රැගෙන යන අවස්ථාවේ. මෙහි සම්පූර්ණ විස්තරය දැන ගත්තේ අදයි. ගොඩක් ස්තූතියි මෙවැනි ලිපි මගින් අපිට ලබා දෙන දැනුමට.

    ReplyDelete
    Replies
    1. අයියගෙ ඡායාරූපයටත් ස්තුතියි :)

      Delete
  2. මට නම් මේක අලුත් එන්ජිමක්. මීට කලින් දැකලා නැහැ මතකේ හැටියට නම්. ඒ ගැන විස්තර වගේම අලුත් පැරණි පින්තුර දැක ගන්න ලැබුණා. නියමයි :D

    ReplyDelete
  3. විස්තරත් එක්ක ඡායරූප ටිකත් හරිම අපූරුයි . පළමු පින්තූරෙට මම ගොඩක් කැමති මෙරටට ගොඩබසින අවස්ථාවේදි ගත් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි අක්කා. :)

      Delete
  4. ලිපියට බොහොම ස්තුතියි. බණ්ඩාරවෙලදී මෙය දැක තිබුනත් , ඊට වඩා වැඩි යමක් දැනගෙන හිටියේ නැ.පින්තුර ටිකනම් බොහොම වටිනවා. එක එන්ජිමක් හරි සුරක්ෂිතව තිබන එක ලොකු දෙයක්. දුර්ලභ ඡායරූප පෙළක්. රත්මලානේ අතහැර දමා තියන එන්ජිම දැක්කම නම් කනගාටුවක් තමයි ඇතිවෙන්නේ. වගකිවයුතු බලධාරීන්ගේ නොසැලකිල්ලට නම් මගේ බලවත් විරෝධය...

    ReplyDelete
    Replies
    1. එකක් හරි ඉතුරු කරගත්තා මදැයි :)

      Delete
  5. තව එකෙක් ඉන්න බව දැනගත්තෙ අද... ස්තුතියි විස්තරයට. :)

    ReplyDelete
    Replies
    1. තව අම්බානක හිටියා. සේරම වලපල්ලෙ :(

      Delete
  6. ගැරට් එන්ජිම කියන්නේ මේකටද.. මමත් මේක දැක්කා කීප දවසක් නුවර තියනවා. පස්සේ දවසක් ඔය එන්ජිම ඇදගෙන ගියා මට මතකයි. මොකක් වුනත් ලස්සන එන්ජිමක්..

    ReplyDelete
    Replies
    1. ගැරට් කියන්නේ වාෂ්ප එන්ජිමක්. ඒ ගැනත් විස්තර පසුවට බලාපොරොත්තුවන්න.
      මේ තිබෙන්නේ බේබි ගැරට් එක ගැන ලිපිය.

      Delete
    2. ඉස්සර ලංකාවේ දුම්රිය සේවය කොච්චර විධිමත්ව වෙලාවට යන එනවද කියන්නේ අපේ ගෙවල් වල වෙලාව කියලා තියෙන්නෙත් කෝච්චිය බලලා.. ගැරට් එන්ජිම අපේ ගේ පහු කරගෙන යන්නේ හවස 3 ට ලු හරියටම. ඔන්න..

      Delete
  7. හප්පේ ස්තූතියි මචං. මේ ඇංජිං පෙට්ටිය අපේ (මගෙයි ෆාගෙයි) ජීවිතේට බොහෝම වැදගත් එකක්. දැනං හිටියේ නෑ මේ විස්තර ටික. ඉස්තූතියි!

    ReplyDelete
    Replies
    1. මම ඒකෙ පින්තූරයක් දාන්නත් හදල නිකා හිටියා. අයියා අකමැති වෙයිද දන්නෙ නැහැනේ :)

      Delete
  8. නියම විස්තරයක්. මේව කපල විකුනපු අයටනම් හොදක්ම වෙන්න නරකයි. කොච්චර වටිනවද අනාගත පරපුරට බලාගන්න ඉතුරු කරල තිබුන්නම්.

    ReplyDelete
    Replies
    1. අනික මම කලින් හිතන් හිටියෙ මේක පටු ආමාන දුවපු එංජිමක් කියල.

      Delete
    2. එකක් හරි සංරක්ෂණය වීමනම් ලොකු දෙයක් :)

      Delete
  9. ඇස් 12 ගැන ලියන්නෙ කවද ද????????

    ReplyDelete
    Replies
    1. හිටින් හිටින්. හරිහමන් විස්තරයක් හොයාගෙන එපැයි ලියන්න.

      Delete
  10. ආ ඒක හොදයි.....අපේ ගෙදර වැඩට පාවිච්චි කරන්න තිබුනා රේල් පාරක් කාරියතිබුන නම්...පොල් ගෙඩි ටිකක් පටවං යන එක නේ....

    ReplyDelete
    Replies
    1. පොල් පටවන්න මේවා ප්‍රයිවට් බස් කියල හිතුවද? :D

      Delete
  11. පසුගිය දවසක හයික් එක යනකොට දැක්කා......ඕක ගැන විස්තර හොයන්න හිතන් හිටියට අමතක උණා..දැන් හරි...මල් හතයි...

    ReplyDelete
  12. මේ එන්ජිම ගැන මුල්වරට දැන ගත්තෙ අද... ඡායාරූප පෙළ නම් අනර්ඝයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා :)

      Delete
  13. එකම එක පාරක් මේ එංජිම දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමනං ආයෙ බලන්න යමු!!

      Delete
  14. fattayi daruwo. umbata pin me'wa liyanawata. jayaen jaya wenada kiwwaa.

    ReplyDelete
  15. ලස්සන එන්ජිමක්... මේ වගේ දුර්ලභ විස්තර බොහොම වටිනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා!!

      Delete
  16. වටිනා තොරතුරු ඒ වගේම ඡායාරූප ත් තියනවා. මම නම් මේ එන්ජිම දැකලා නැහැ. බොහොම ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. මමත් මෙම එන්ජින් වලින් දැක තියෙන්නේ බණ්ඩාරවෙල ඇති එන්ජිම සහ රත්මලානේ ඇති එන්ජිම පමණයි. ස්තුතියි මල්ලි :)

      Delete
  17. I C da Gadolz..
    G1 එකට සාපේක්ෂව මේක මාර වෙනස්නෙ.. අවුරුදු 22ක ගැප් එක හින්ද වෙන්න ඇති. G1 එක හෙන ළදරු පාටයි මේක ​හෙන තඩී නෙ.. :D

    ReplyDelete
    Replies
    1. heavy shunting වලට තමා මේක විශේෂයෙන් සැලසුම් කරන්න ඇත්තෙ. ෂන්ටින් M10 එකක් :D

      Delete
  18. පිස්සු හැදෙන විස්තර ටිකක්...ඇත්තටම කෝච්චියට ආස නැති කෙනෙක් හොයාගන්නත් අමාරු තරම්..
    ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදාගන්නවට..:)

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මට හම්බවෙන සමහරු අහන්නේ මොකද මේ යකඩ ගොඩවල් පස්සෙන් දුවදුව කරන පිස්සු වැඩේ කියලා :D

      Delete
  19. අර axle arrangement එක ගැන ගෙහාන් කලින් කියලා ඇති. නමුත් මටපොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද axle arrangement 0-8-0 කියන එකේ තේරුම?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. Axle arrangement ගැන මගේ දැනුමත් ඒ හැටි ක්‍රමවත් එකක් නෙම් Dude. මම අන්තරජාලෙන් බැලුවම මට විකිපීඩියාවෙන් ලැබුනෙනම් මේ පිලිතුර.

      "Under the Whyte notation for the classification of steam locomotives, 0-8-0 represents the wheel arrangement of no leading wheels, eight powered and coupled driving wheels on four axles, and no trailing wheels. Locomotives of this type are also referred to as Eight Coupled."
      -Source-
      තව විස්තර සොයාබලා දන්වන්නම්. :)

      Delete
  20. කොච්චර සැඟවුන ඉතිහාස කතා තියෙනවද..?මේවායේ වටිනාකමක් බලධාරින්ට නැතිහැටි..!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපටත් තියන කලකිරිම. නිසිි බලධාරින්ට මේවගෙ අගයක් නැහැ. :(

      Delete
  21. අපූරු ලිපියක් සහෝ!

    ReplyDelete
  22. මේ 535 එන්ජිම දැනට ධාවන තත්වයේ නෑ නේද ?
    තව ප්‍රශ්ණයක්.... M10 ගැන දැන්ම ලියන්න අදහසක් නැද්ද සහෝ ?

    ReplyDelete
    Replies
    1. M10 නොහොත් ඉන්දියාවේ කසි කබල් ගැන නම් නොලියන තරමට හොඳයි.

      Delete
    2. G2 එකක්වත් දැන් ධාවන තත්වයේ නැහැ. M10 ගැන ලියන්න තවම කල් මදී. :)

      Delete
  23. මේ 535 එන්ජිම දැනට ධාවන තත්වයේ නෑ නේද ?
    තව ප්‍රශ්ණයක්.... M10 ගැන දැන්ම ලියන්න අදහසක් නැද්ද සහෝ ?

    ReplyDelete
    Replies
    1. M10 නොහොත් ඉන්දියාවේ කසි කබල් ගැන නම් නොලියන තරමට හොඳයි.

      Delete
  24. සංරක්ෂණය කරන්න නම් වැස්සට තෙමෙන්න නැති වෙන්න, හිරිකඩ නොවැටෙන්න තියන්න ඕන නැද්ද?
    අලුත් චයිනිස් ඒවල ෆොටෝ එකක් වත් බලන්න නැද්ද?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් කල් ගිහින් ඒ ගැන ලියමු නේද?

      Delete
  25. Axle Arrangements ගැන විස්තර කරලා ලිපියක් දැම්මොත් නරකද?

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසකුත් තියෙනවා. මුලින් එන්ජින් ගැන ලියල ඉවර කරල හිටියොත් හොඳයි කියල හිතුනා.

      Delete
  26. ගැරට් එන්ජිම සහ දුම්රිය මාර්ග සලකුණු ගැනත් විස්තර ඉදිරිපත් කරන්න

    ReplyDelete
  27. අලුත් චීන එන්ජින් ගැනත් ලඟදිම පෝස්ටුවක් දාන්න සහෝ.

    ReplyDelete
    Replies
    1. අනිවාරයයෙන්ම. තව ටික කලකින් ලියමු.

      Delete
  28. ඉතා අනර්ග ලිපියක්, ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට බොහොම ස්තූතිය සහෝ :)

      Delete
  29. ඉතා අනර්ග ලිපියක්, ඔබට ස්තුතියි

    ReplyDelete
  30. september මාසෙට අලුත් ලිපි පෙළක් දාන්නකෝ S 12 සහ අලුත් තනි රතු පාට S 11 ටික ගැන

    ReplyDelete
    Replies
    1. S11 ගැනනම් ලිවුවනේ. S12 ගැන ලියන්න දැම්ම වේලාසන වැඩියි.

      Delete
  31. BUZZ Blog Award එකක් දිනූ චන්දිකට උණුසුම් සුභ පැතුම්!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි රජතුමණි :)

      Delete
  32. තාක්ෂණික බ්ලොග්
    කෝච්චියා ලියන - අඟුරුකකා වතුර බිබි

    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූති වර්ණා නංගි :)

      Delete
  33. ඔබ ලද ජයග්‍රහණය හෘදයාංගම ව අගය කරමි. තව තවත් යහපත් ව නිර්මාණ කාර්යයේ යෙදෙන්නට සුබ ප්‍රාර්ථනා ද කර සිටිමි...!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සර්. ඇත්තෙන්ම හුඟක් සතුටුයි :)

      Delete
  34. අපේම කෝච්චියාගේ ජයග්‍රහනයට මගේ උණුසුම් සුභ පැතුම්!
    තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට මෙය දිරියක් වේවා.
    You are the Best! No doubt about it.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  35. ඔබ ලද ජයග්‍රහණයට මගේ උණුසුම් සුභ පැතුම්..!! මෙවන් ලිපි තුලින් තව තවත් අපව දැනුවත් කිරීමට ලැබේවා..! ඒ සදහා යෙදවූ ඔබේ කාලය ශ්‍රමය මුදල වෙනුවෙන් බොහොම ස්තුතියි..!!

    ReplyDelete
  36. රේල් බස් ගැන , කැළණි වැලි පුංචි කොච්චි පාර ගැන එකේ ගියපු පුංචි කොච්චි ගැන ලියන්න පුලුවන්ද ගෙහාන් අයියේ

    ReplyDelete
  37. 1952 ගෙනාපු ඇංජිමක් ගැන විස්තර කියපු Gehan මහත්තයා මාස දෙකක් තිස්සේ නිහඬයි... :(

    ReplyDelete
  38. api wage train pissanta hareyana blog ekak.hodata karagena palayam machan

    ReplyDelete
  39. අඩ්ඩඩ්ඩා....
    බණ්ඩාරවෙලදි මේක දැකලා තිබුනට අදයි විස්තර දැනගත්තේ.
    එල එල ඔහොම යං

    ReplyDelete
  40. වේයන්ගොඩ පරණ පින්තූරයක් දැක්කෙ මේකෙන් තමයි. බොහොම ස්තූතීයි - ලසා

    ReplyDelete
  41. මේකේ එන්ජින් පවර් එක 625HP උනාට බණ්ඩාරවෙළ තියෙන එන්ජිමේ විස්තර සටහනේ තියෙන්නේ 480HP කියලා. ඒ ඇයි

    ReplyDelete