ඡායාරූපය:-http://www.railwaymuseum.lk හිමිකම:- හර්ෂ හේරත් |
මෙරට දුම්රිය සේවය වෙත වැඩිම දුම්රිය ප්‍රමාණයක් එකතු වු වර්ෂ 1960-1980 යුගයේ මෙරටට ගෙන්වූ තවත් දුම්රියක් ලෙස මෙම S5 පන්තියේ බලවේග දුම්රිය හැඳින්විය හැකිය. එම දුම්රිය මෙරටට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වන අතර මෙරටට අඩුම බලවේග දුම්රිය සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ මෙම වර්ගයෙනි. එනම් බලවේග කට්ටල දෙකකි.
- දුම්රිය පන්තිය - S5
- ගෙන්වූ වර්ෂය - 1969
- නිශ්පාදිත රට - ජපානය ("HITACHI" Company)
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Hydraulic
- බල සැපයුම් එන්ජිම - FED/PAXMAN 8YJXL-V71
- උපරිම බලය - 900hp - 1500RPM
- උපරිම වේගය - 80 kmh
- එලැවුම් මැදිරියේ දිග - 16.67 m
- Axel Arrangement - B-B
- එලැවුම් මැදිරියේ බර - ටොන් 63
- මුල් වර්ණය - කොල පැහැති බඳ, රතු දුඹුරුපැහැ රේඛාවක්
- දුම්රිය කට්ටල ගණන - 2 (No 717-720, Double headed per one unit)
වර්ෂ 1969දී ගෙන්වන ලද මෙම දුම්රිය විශේෂ ලක්ෂණ සහ පහසුකම් රාශියකින් යුතු විය. මෙම දුම්රියන් ආනයනය කලේ විශේෂ සංචාරක දුම්රිය ගමන් වාර සඳහා වීම එයට හේතු විය. එවැනි සුඛෝපබෝගි ගමන් වල යෙදෙන මගින් සඳහා උපරිම සුව පහසුව සැලසීම එහි බලාපොරොත්තුව විය. මෙම දුම්රිය කට්ටල් සම්පූර්ණයෙන්ම ජපානයේ නිපදවා මෙරටට ගෙන්වන ලදී.
එක් දුම්රිය කට්ටලයක තිබෙන සම්පූර්ණ මැදිරි සංඛ්‍යාව (එන්ජින් මැදිරි සහිතව) පහකි. මෙහි විශේෂත්වයක් වනුයේ එක් එක් දුම්රිය කට්ටලය සඳහා ඉදිරිපස සහ පසුපසට එන්ජින් සහිත එලැවුම් මැදිරි තිබීමයි. (මින් පෙර ගෙන්වූ සියලු බලවේග කට්ටල වල තිබුනේ එන්ජිම සහිත එක් එලැවුම් මැදිරියක් පමණි. අනෙක එන්ජිම රහිත එලැවුම් මැදිරියකි). එසේ එන්ජින් දෙකක් සහිත වීම නිසා මෙම දුම්රියට උඩරට මාර්ගයේ පවා සාර්ථක ලෙස ධාවනය කල හැකි විය. එබැවින් එක් දුම්රිය කට්ටලයක් එන්ජින් මැදිරි දෙකක් සහ මගී මැදිරි තුනකින් යුක්ත විය. එක් දුම්රිය කට්ටලයක උපරිම ආසනගත මගීන් සංඛ්‍යාව 100ක් විය.
සියලු මැදිරි වායුසමීකරණ පද්ධතියක් සහිත වූ අතර දුර ගමන් සඳහා යෙදෙන මගීන්ට පහසුවෙන් ආහාර ගැනීමට විශේෂ අපන ශාලා මැදිරියකින්ද, ආහාර සකස් කිරීමට සැකසූ විශේෂ මුලුතැන්ගෙයකින්ද මෙම විශේෂ දුම්රිය සමන්විත විය. එමෙන්ම පලමු වරට දුම්රියේ ඇතුලතින් මැදිරි එකිනෙක වෙත ගමන් කල හැකි ලෙසට අභ්‍යන්තර ප්‍රවේශ ද්වාර (INTERNAL CORRIDORS) සහිතව සැකසූ බලවේග දුම්රියක් ලෙස මෙරටට ගෙන්වූ බලවේග දුම්රියද වූයේ මෙම S5 දුම්රියයි. එමෙන්ම මෙහි මගී මැදිරි වල සියලුම දොරවල් රියදුරා විසින් විවෘත කිරීමට සහ වැසීමට අවශ්‍ය පහසුකම්(වැකුම් පද්ධතියක් මගින්) සලසා තිබිණි.
අනෙකුත් පහසුකම් අතර මෙහි මැදිරි සඳහා සංගීත වාදන, ගීත ඇසීම සඳහා ශ්‍රව්‍ය පද්ධතියක් ආදියද තිබී ඇති අතර මෙම දුම්රිය විශේෂ ගෙවීම් ක්‍රමයක් යටතේ කලින් වෙන් කරවාගෙන (මුලු දුම්රියම) චාරිකා සඳහා යොදාගත හැකි ආකාරයට ධාවනයට යොඳවා තිබිණි.
ඡායාරූපය:- හර්ෂ හේරත් මහතා |
කෙසේ වුවත් වර්තමානය වන විට ධාවනය වන්නේ එක් S5 දුම්රිය කට්ටලයක් පමණි. ඒ කටුනායක ගුවන්තොටුපල සහ කොළඹ කොටුව අතර ධාවනය වන නිල් පැහැති AIRPORT EXPRESS දුම්රිය සඳහා ධාවනය වන එන්ජින් අංක 718-719 සහිත දුම්රිය කට්ටලය පමණයි. වර්ෂ 2010 පැවති අයිෆා (IIFA) සම්මාන උළෙලේ අමුත්තන්ට කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණිමට එම දුම්රිය පළමුවෙන්ම හඳුන්වා දෙන ලදී. ඒ සඳහා යොදැගැනීමට එම S5 දුම්රිය අළුත්වැඩියා කර යොදා ගන්නා ලද අතර පසුව එය ගුවන්තොටුපල දක්වා යන මගීන් සඳහා සේවා සැපයීමට වෙන් කරන ලදුව කාලයක් ධාවනය කරන ලදී. වර්තමානය වන විට එම දුම්රිය Airport & Aviation Services නම් සමාගම මගින් පාලනය වේ. එය ගුවන් තොටුපලේ සිට මෙරට විවිධ ස්ථාන වලට (විදෙස් සංචාරකයන් සඳහා) සංචාර කටයුතු වෙනුවෙන් එම සමාගම හරහා වෙන් කරවාගත හැකිය.
එන්ජින් 717 සහ 720 සහිත අනෙක් දුම්රිය කට්ටලය වර්ෂ 1970 දී පමණ විල්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී තවත් දුම්රියක් සමග ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි එක් පසෙක තිබු අංක 720 එන්ජින් මැදිරියේ බල සැපයුම් එන්ජිම විනාශ විය. එමනිසා එහි එම කොටස අලුත්වැඩියා කර එන්ජිම රහිත එලැවුම් මැදිරියක් බවට සකසන ලද අතර කලක් කඳුකර නොවන මාර්ග වල ධාවනය සඳහා යොදවා තිබිණි. මේ වන විට එම S5 කට්ටලය ධාවනය වන බවක් දැනගන්නට නැත.
ස්තුතිය:- නලීන් අබේසිංහ, ප්‍රියංක රොඩ්රිගෝ යන මහත්වරුන්ට සහ චානක මල්ලවාරච්චි, ලහිරු කන්නන්ගර සහ තූර්ය ඕවිටිපාන සොයුරන්ට
_________________________________________________
පසු සටහන (2012.07.08)
එන්ජින් 717 සහ 720 සහිත අනෙක් දුම්රිය කට්ටලය මේ වන විට අලුත්වැඩියා කර ඇත.
ඡායාරූප:-
එන්ජින් 717 සහ 720 සහිත අනෙක් දුම්රිය කට්ටලය වර්ෂ 1970 දී පමණ විල්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී තවත් දුම්රියක් සමග ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි එක් පසෙක තිබු අංක 720 එන්ජින් මැදිරියේ බල සැපයුම් එන්ජිම විනාශ විය. එමනිසා එහි එම කොටස අලුත්වැඩියා කර එන්ජිම රහිත එලැවුම් මැදිරියක් බවට සකසන ලද අතර කලක් කඳුකර නොවන මාර්ග වල ධාවනය සඳහා යොදවා තිබිණි. මේ වන විට එම S5 කට්ටලය ධාවනය වන බවක් දැනගන්නට නැත.
ස්තුතිය:- නලීන් අබේසිංහ, ප්‍රියංක රොඩ්රිගෝ යන මහත්වරුන්ට සහ චානක මල්ලවාරච්චි, ලහිරු කන්නන්ගර සහ තූර්ය ඕවිටිපාන සොයුරන්ට
_________________________________________________
පසු සටහන (2012.07.08)
එන්ජින් 717 සහ 720 සහිත අනෙක් දුම්රිය කට්ටලය මේ වන විට අලුත්වැඩියා කර ඇත.
ඡායාරූප:-
මයිකල් දේවසිරි ගම්ලත්ගේ මහතා විසින් 2010 වර්ෂයේදී කොටුව දුම්රිය ස්ථානයේදී ගත් ඡායාරූපයක් |
මේ රොසැල්ල දුම්රිය ස්ථානය. දේශිය මගීන් සඳහා සංචාරක සේවා සැපයු සමයේ ගත් ඡායාරූපයක් ඩිලන්ත වීරරත්න මහතා විසින් ගත් ඡායාරූපයක් |
මේ එම දුම්රියේ ඇතුලත දර්ශනයක් ඡායාරූපය:- හර්ෂ හේරත් මහතා |
මෙම ඡායාරූපයත් දෙශිය සංචාරකයන් සඳහා යෙදවූ සමයේ ගත් එකක් ඡායාරූපය:-හර්ෂ හේරත් මහතා |
දේශිය මගීන් සඳහා සංචාරක සේවා සැපයු සමයේ ගත් ඡායාරූපයක් ඩිලන්ත වීරරත්න මහතා විසින් ගත් ඡායාරූපයක් |
ඉෆ්තර් රිස්වි මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක් |
717 සහිත දුම්රිය කට්ටලය හිමිකරු පිළිබඳව සටහනක් නොමැත |
Airport Express දුම්රිය මයිකල් දේවාසිරි ගම්ලත්ගේ මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක් |
S5 දුම්රිය කට්ටලය Airport Express දුම්රිය බවට පත්කෙරෙමින්.... නයනදිල් වික්‍රමසිංහ සොයුරාගේ ඡායාරූපයක් |
S5 දුම්රිය කට්ටල දෙකම සහිත මෙම ඡායාරූපය Sir Lanka German Railway නැමති ෆේස්බුක් ගිණුමේ තිබූ ඡායාරූපයක් |
විල්වත්ත දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරෙන් පසුව එන්ජිම රහිත මැදිරියක් බවට පත්කල 720 එන්ජින් මැදිරිය ඡායාරූපය:- ප්‍රියංක රොඩ්රිගෝ මහතා |
එම මැදිරියේ ඇතුලත දර්ශනයක් ඡායාරුපය නයනදිල් වික්‍රමසිංහ සොයුරා විසින් ගන්නා ලද්දක් |
720 එන්ජිමෙහි බල සැපයුම් එන්ජිම ඉවත් කර ඇති අන්දම ඡායාරූපය:- ප්‍රියංක රොඩ්රිගෝ මහතා |
ලංකාවේ ගොඩක් අය මේ දුම්රිය අඳුරන්නේ "හිටාචි ට්‍රේන්" එක කියලා....මමත් එකපාරක් මේකේ ගමනක් ගියා.අප්පච්චිලාගේ ඔෆිස් එකෙන් සංවිධානය කරපු චාරිකාවකදී.සුඛෝපභෝගී බවින් නම් උපරිමයි.නියම වැඩක් කෝච්චියා....පට්ට...
ReplyDeleteනියමයි සහෝදරයා.... අර රොසැල්ලෙදි සහ වටවලදි ගත්ත ඡායාරූප දෙක ඩිලන්ත වීරරත්න මහත්මයාගෙ. මේකෙ ඇතුලෙ සුඛොපභෝගී බව පෙන්වන ඡායාරූපක් හර්ෂ හේරත් සහෝදරයා ගාව තිබ්බා. ඒකත් අවසර අරන් මෙතන ඇතුල් කලානම් වටිනවා.
ReplyDeleteමිහින්තලේ - අනුරාධපුර යන්න බැරිවෙයිද දන්න මේ සුවපහසු S5 දුම්රියක් හදලා දාන්න :D
ReplyDeleteනියමයි සහෝ...ලස්සන වටින පෝස්ටයක්!
ReplyDeleteඑතකොට මේවයි අපිට යන්න බැරිද ? :/
ReplyDelete@Yohan : තියරියෙ හැටියට යන්න පුළුවන්... කි.මි. 1කට රු. 1400.00 (අවම දුර කි.මි. 100යි :D ) කියලා දෙපාර්තුමේන්තු වෙබ් අඩවියෙ නම් තියෙනවා. ඒත් එයාපෝර්ට් සර්විස් දැම්මට පස්සෙ දැන් මේකෙ හයර් යනවද දන්නෙ නෑ. ආසම නම් රු. 500ක් දීලා කොටුව - කටුනායක අතර ගමනක් යන්න පුළුවන්. එයාපෝර්ට් එකෙන් කාව හරි ගන්න යනවා වගේ යන්න ;)
ReplyDelete@ගෙහාන් : පොඩි ප්‍රශ්නයක්... 1970 අනතුරෙන් පස්සෙ 717 ඩමියක් කලාට පස්සෙ කන්දෙ යන්න බැරි උනාට 717 පින්තූරෙ අරන් තියෙන්නෙ නානු-ඔයදි!?
720 නෙවෙයිද තූර්ය ඩමියක් කලේ?
Delete717 - 720 එකට නේ දිව්වේ. 720 හෝ 717 දෙකෙන් එකක් ඩමියක් කලානම් මේ සෙට් එක උඩරට යන්න අපහසුවක් තිබුණේ නැද්ද කියන එකයි ඇහුවේ. එක්කො 717 අනික් පැත්තේ අමුණල තියෙන්නේ 720 නෙවෙයි වෙන්න ඕන.
Deleteඒකනම් මටත් ගැටලුවක්. කොහොමත් රේල්වේ ඉතිහාසරේ ඔය වගේ පැටලිලි තැන් ගොඩක් තියෙනවනේ. අර රුහුණු කුමාරි කේස් එක වගේ.
Deleteඅයියෝ.. මේ හිටාචියනේ :D අපිත් ඉස්සර දකිනවා ඉස්ටේසටම් ඉන්නකොට. මුං අපිව ගනං ගන්නෙවත් නැතුව යන්නේ :D
ReplyDelete@ මකුලුවා
ReplyDeleteස්තුතියි සහෝ.මේ දුම්රියේ ඇතුලත ඡායාරෑපයක් තවම හොයාගන්න බැරිවුණා.
@ තූර්ය
ස්තුතියි තුර්ය. ඔන්න මම නම ඇතුලත් කරා. හර්ෂ මහත්මයව සම්බන්ධ කරගන්න විදිහක් තියෙනවද?
@ මලිති
මිහින්තලේ? අපොයි. පරංගියා කෝට්ටෙ ගියා වගේනේ.
@ ඉන්දික
ස්තුතියි සහෝ.
@ Yohan
බැරි නැහැ. පිටරට යන වෙලාවක හෝ නිවාඩු වෙලාවක යන්න. හැබැයි මේක දැන් දුවන්නෙ නැහැ කියලත් ආරංචියක් තියෙනවා.
@ තූර්ය
ඕක මටත් හිතුණා. 717-718 යුගල් කරනවා වෙනුවට 717-720 යුගල් කරල තියෙන්නෙ ඇයි කියලා. ඩමියක් කලේ නම් 717 නෙමෙයිලු 720ලු. සමහර විට අනතුරෙන් පස්සෙ මාරු කරන්න ඇති නේද?
@ කණියා
අහ්. එහෙමද? එහෙනම් ඔයා මෙයාට වරදක් කරන්න ඇති. :P කොහොමත් මෙයා ආපු දා ඉඳලා හරි ගණන් තමයි :D
මේ වගේ ලිපි නම් ඕන තරම් කියෙව්වැකි. විස්තර හොයන්න මහන්සි වෙන්නැති. ස්තුතියි මේ තොරතුරු හොයලා දෙන එකට.
ReplyDeleteගේ මතය අනුව නම් මේක AIRPORT EXPRESS විදියට ධාවනය කරනවාට වඩා පරණ පුරුදු විදියටම කලින් වෙන් කරවාගෙන යාමට හැකිවන විදියට සකසනවා නම් වඩාත් හොඳයි. අනික 717, 720 කට්ටලය වුණත් අලුත්වැඩියාවකින් පසු තැනිතලා මාර්ගවල ධාවනය කරන්නට පුළුවන් වේවි.
ReplyDeleteඅනික මම දන්නා තරමින් මේ බලවේග කට්ටල දෙකේම මැදිරි ඉතා හොඳ තත්ත්වයෙන් තියෙනවා. ඒක නිසා කෙසේ හෝ මේවා නැවතත් පැරණි ක්‍රමයටම ධාවනය කරවන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා.
ගොඩක් කාලෙකට පස්සේ තමයි අයියගේ පෝස්ට් එකක් කියවන්න ලැබුනේ.
ReplyDeleteනියම පෝස්ට් එකක්.
මෙන්න මේ ජාතියේ එංජිමක් දැන් කටුනායක කොටුව එයාර්පෝට් එක්ස්ප්‍රස් එකේ දුවනවා දැකලා තියෙනවා.
@ බුද්ධි
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ
@smartB
අලුතෙන් සුඛෝපබෝගී දුම්රිය කට්ටලයන් කිහිපයක් ගෙන්වන්නට තීරනය කරල කියල දැනගන්න ලැබුනා. සමහරවිට ඒ නිසා මේ දුම්රියන් ගැන අවධානයය යොමුකරන එකක් නැහැ නේද? හැබැයි අර කිවුව වගේ මැදිරි ටික දාලා වෙන එන්ජිමක් මගින් හරි දිවුවනම් කොයිතරම් දෙයක්ද. මේවා නිකම් දිරලා යනකම් ඉන්නෙ නැතුව.. :(
@ මධුරංග
මේ දවස් වල වැඩ වැඩියි මල්ලී. ඔවු මේ ඔයා කියන ට්‍රේන් එක තමයි. :)
හිටාචිය ඉස්සර වැඩ දාගෙන යනව දැකල තියෙනව, කවදාවත් ඕකෙ යන්න හම්බ වෙලා නං නැහැ. ඔය ට්‍රේන් එක ටුවරිස්ට් ලට දුවන කාලෙ එයාලට ලංකාවෙ විතර කියා දෙන්න හිටියේ අපේ ගෙවල් ගාව ආන්ටි කෙනෙක්.
ReplyDeleteමං හිටාචි යෙ ට්‍රිප් 3 ක් ගියා කොහෙද මේ ගොං හැත්ත ඒකත් කෑවනෙ.... මං අහලා තියන විදිහට හිටචිය විතරයි දෙපාර්තමේන්තුවට තිබ්බ ලාබ ලැබූ එකම දුම් රිය .
ReplyDeleteඅලුතෙන් ඒව ගෙන්නන්න ඉස්සෙල්ල තියෙන ඒව කොහොම හරි හදාගන්නවනං තමයි හොඳ.
ReplyDeleteවැදගත් විස්තර ටිකක්.
එළ!! කාලෙකින් දාල තියෙන්නෙ පෝස්ට් එකක්. සමහර තැන් වල විස්තර තියෙනව මේක කට්ටල් 4ක් ගෙන්නුවා කියලා. මම හිතන්නෙ ඒ කියන්නෙ වෙනම අංක 4ක් දීල තියෙන එංජින් වෙන්ඩ ඇති නේද බං?
ReplyDeleteඅදයි දන්නෙ මේකෙ දෙපැත්තෙම එංජින් තියෙන කතාව.
එළ පෝස්ට් එක ආ
අර අලුත් නිල් පාටන අජූතයි
ReplyDeleteදැන් තමයි කියවන්න වෙලාවක් ලැබුනේ.... මහන්සි වෙලා විස්තර හොයල ඒ දේවල් අපිත් එක්ක බෙදාගන්න එකට ගොඩක් ඉස්තුතී මචෝ .... නැත්තම් අපි මේ විස්තර කොහෙන් දැනගන්නද......
ReplyDelete( Soda ගුණේ )
තවත් එළකිරි වගේ ලිපියක්. නියමයි.
ReplyDeleteපරණ හිටාචිය, Airport Express විදිහට නවීකරණය කරන්න Airport & Aviation Services සමාගමට රුපියල් කෝටි 20 ක් වියදම් උනා කියල ඉරිදා පත්තරේ තිබුනා.
රට කන අයට දුම්රිය කෑම මොන කජ්ජක්ද? මලෝ.....
ReplyDeleteඅනෙක තියෙන ඒවා ගොඩදානවට කොහේ තියෙන කොමිස් ද?.. පිස්සුවක් ඇතෑ නේද?.........
මාත් මේ කෝච්චිය දැකල නම් තියනවා. විස්තර දැනගත්තේ අදයි. චන්දික අයියාට ස්තූතියි මෙවැනි ලිපි ගෙනෙනවාට.
ReplyDeleteS5හේ ඔය තියෙන තනි ඇහැ(ලාම්පුව)වෙනුවට දෙපැත්තෙන් දෙකක් තිබුනා නම් තව ලස්සන පෙනුමක් තියේවි නේද? (මං මොන විකාර කියනවද මේ....තියෙන එකත් කොයි වෙලේ ගැලවෙයිද දන්නෑ නෙ)
ReplyDeleteඑළ එළ පින්තූර අප්ඩේට් කරලා
ReplyDeleteඅඩේ මේකේ ඇතුල මාර කම්ෆටබල්නේ...
ReplyDeleteඅපි එහෙනම් ට්‍රිපක් ලෑස්ති කරලා යමුද මේකේ :P
ReplyDeleteබෙලිහුල් ඔය මල්ලි සෑහෙන මහන්සි වෙලා ලියන මේ පෝස්ට් නම් අගය කරන්නම ඕනේ.
ReplyDeleteවටිනා කියන සටහන් මල්ලි. වැදගත්කම කියලා නිම කරන්න බැරි තරම්.
මටත් ලාවට මතකයක් තියෙනවා ඔය කියන කෝච්චියේ නුවර එලි ගිහින් තියෙනවා වගේ. නානු ඔයට වෙන්න ඕනේ. ඒත් හරියටම මතක නෑ. අදටත් කෝච්චියෙන් බදුල්ලේ යන්න ආසා වුනාට යන්න වෙලාම නෑ.
අඩේ අර කණියා කිව්ව වගේ ට්‍රිපක් සැට් කරමුද මේ කෝච්චියෙ??
ReplyDeleteමම මේකේ ට්‍රිප් 4ක් ගිහින් තියනවා. දැනට අවුරුදු 6කට කලින් අන්තිම ගමන ගියේ. එතකොට මේකේ වැඩ නොකලේ ඉබේ ඇරෙන වැහෙන දොරවල් විතරයි. මේ කියන අනිත් සුඛෝපභොගි පහසුකම් ඔක්කොම තිබුණා. ලොකු පිරිසක් එකතුවෙලා යන ගමනකට වෙන්කරගත්තා නම් එක්කෙනෙකුට දරන්න වෙන වියදම එච්චර ලොකු නෑ. යන ගමන්නම උයාපිහාගෙන කන්නත් පුලුවන් නේ. එක වතාවක් මම මොකේ එන්ජින් මැදිරියෙත් ගියා.
ReplyDeleteඔය අළුතෙන් දාපු පින්තූර ටික දැක්කමයි මතක් උනේ. ඔය ඔහියෙදි පින්තූරේ ගත්ත දවසෙ තමයි මේක අවසාන වතාවට උඩරට ගිහින් තියෙන්නෙ. ඊට පස්සෙ තමා ටික ටික මෙයාගේ අවසානෙ ලඟා වුනේ.
ReplyDeleteඅනර්ගයි...!!! වටිනා පොස්ට් එකක්.
ReplyDeleteස්තුතියි :)
Deleteආවේ පරක්කු වෙලා..
ReplyDeleteමමත් ඔය පවර් සෙට් එක කීප වරක් දැකල තියනවා. පළමු වරට දැක්කේ තලවකැලේ ස්ටේශන් එකේදී. අවසන් වරට නුවරදී..:D
ආයෙම දකින්න ලැබේවා කියා පතනවා.
මම අදමයි දැන ගත්තේ මෙහෙම හිටාචි දුම්රියක් ගැන...ස්තුතියි. :)
ReplyDeletehttp://www.infolanka.com/org/mrail/mrcmain.html
ReplyDelete@ Observer
ReplyDeleteඑහෙනම් ඒ කෙනා ගාව හොඳ විස්තර පින්තූර එහෙම ඇතිනෙ. :)
@ Sameera
ෂා නියමයිනෙ. මට නං ඒ අවස්ථාව ලැබිලා නැහැ.
@ ප්‍රසන්න
මම හිතන්නෙ නැහැ සහෝ. විනාස කිරන එක තමයි සාමාන්‍ය ප්‍රතිපත්තිය.
@අලුත්
කට්ටල දෙකයි ගෙනාවෙ. ඒත් එන්ජින් 04ක් තිබුණා. ඒකයි අංක හතරක් තියෙන්නෙ. උඩහ යන්නත් එක්කනෙ ගෙනාවේ. ඒ නිසා ඉස්සරටයි පස්සටයි එන්ජිම ගානෙ තියෙනවා. :)
@රවින්දු
ස්තුතියි යාලුවා.
@ kancha, naන්දna, සඳසාවි
ReplyDeleteබොහොම ස්තුතියි.
@ zorolk, Yohan
නැතුව නැතුව. ට්‍රිපක් යන්න තිබ්බනං මරු.
@Rangi
ස්තුතියි අක්කා. මං ඉතින් ආසාවෙන්නෙ ලියන්නේ. :) වෙලාව තමයි ප්‍රශ්නේ. මේ පාර ලංකාවට ආවම යන්න එහෙනම් බදුලු පැත්තෙ රවුමක්.
@අරවින්ද, ප්‍රියන්ත, සයුරි
බොහොම ස්තුතියි සියලු දෙනාටම. තවත් සුන්දර මතකයන් ගොන්නක් වෙලා මෙයත් ලඟදිම යන්න යාවි.
Very interesting this blog..
ReplyDeleteThanks a lot :)
Deleteඑල බ්ලොග් එක මචන්. මම මේ හිටාචියෙ 1994 අනුරාධපුරේ ගියා. 1995 නුවරඑළියේ ගියා. බණ්ඩාරවෙල ඉඳන් බදුල්ලට යනකම් එන්ජිමෙත් ගියා. මේකෙ හෝන් එක පයින් පාගල ගහන්නත් පුළුවන්. පොඩි පැඩල් එකක් තියෙනවා පයින් පාගන්න. අපිත් එක්ක ගියා එක්කෙනුකෙගේ කකුලට මේ පැඩල් එක පෑගිලා එකදිගට හෝන් එක වදින්න ගත්ත. මට එක අදටත් අමතක නැහැ.
ReplyDeletemama ada thama me blog eka dakke. aththatama godak hodai , digatama mehema liyanna. me gana godak asawen kiyawanna mulikama hethuwa thamai me thiyena S5 dumriya departhu menthuwa sathuwa aithiya thiyenakota meya kiyawirahitha wena welawan waladi eya nawatha yatha thathweta genna kiya karapu kenek thama mage piyanan. adatath me dumriye aluth wadiyawan karanna mage thaththa sambanda wenawa. dannam me dumriya sathu aithiya pudgalika ayathanayakata pawarala thiyenne. mangala uthsawa , winoda gaman wani dewal walata mema dumriya kalin wen kara ganna puluwan......
ReplyDeleteman me blog eka dakke ahamben wage. aththatama godak hodai.
ReplyDelete.
ReplyDelete