Thursday, June 30, 2011

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (පළමු කොටස)

     ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් දුම්රිය. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි බෙහොමයක් සපිරුණු අපේ උඩරට දුම්රිය මාර්ගයේ ලබන අත්දැකීමනම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

      ඒ කෙහොම වුනත් මේ සූදානම් වෙන්නේ දුම්රියක් මගින් ගිය චාරිකාවක් ගැන කතා කරන්න නම් නොවෙයි. අපේ දුම්රිය ක්ෂේත්‍රය විනෝදාංශය කරගත් බොහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන "දුම්රිය මාර්ගයේ චාරිකා"  එහෙමත් නැත්තම් Railway Hikes වලින් වඩාත්ම සුන්දර වු එක් චාරිකාවක් මගින් ලබාගත් අත්දැකීම් පිළිබඳව ඔබට කියන්නයි. Railway Hike එකක් කියල අප හඳුන්වන්නේ දුම්රිය මාර්ගයක් ඔස්සේ පයින් ගමන් කරමින් අවට වටපිටාවේ සුන්දරත්වය නිදහසේ විඳගනිමින්  ලබාගත හැකි සුන්දරම අත්දැකීමක්. පරිසරයේ සුන්දරත්වය විඳින්නට කැමති අය, සත්ව නිරීක්ෂණයේ යෙදෙන අය වගේම ඡායාරූප ශිල්පීනුත් මෙවන් චාරිකා සඳහා විශාල කැමැත්තක් දක්වනවා.

පට්ටිපොල - ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය
      ඒ වගේ චාරිකා අතරින් සුන්දරම චාරිකාවක් ලෙස පට්ටිපොල - ඔහිය - ඉදල්ගස්හින්න අතර කලාපයේ යාහැකි චාරිකා දක්වන්න පුලුවන්. මෙම කලාපය ඉතා වැදගත් වන්නට හේතු කිහිපයක් තියෙනවා. පට්ටිපොල යනු මෙරට පිහිටි දුම්රිය ස්ථාන අතුරින් මුහුදු මට්ටමින් උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වීමත්, මෙරට දුම්රිය මාර්ගයේ උසම ස්ථානය (Summit Level) පට්ටිපොල දුම්රිය ස්ථානයට මදක් නුදුරෙන් පිහිටා තිබීමත්, මෙම දුම්රිය මාර්ගය සුන්දර හෝර්ටන්තැන්න ඔස්සේ වැටී තිබීමත් ආදී කරුණු ගණනාවක් වනවා. 

පට්ටිපොල දුම්රිය ස්ථානය
මෙතැන් සිට එවන් සුන්දර චාරිකාවක විස්තර සමගින් හමුවෙමු.

21 comments:

  1. පොඩි කාලේ ගිහින් තියෙනවා... ඒත් මතක නෑ වැඩිය....

    මේවා දැක්කහම ආයේ යන්න හිතෙනවා... ම්ම්ම්ම් යන්න ඕනි... තනියම නෙවේ.... හික් හික්....

    ReplyDelete
  2. අපේ කැම්පස් එකෙත් ඔහොම රේල්වේ හයික් යනවා. මට නම් යන්න වෙලා නෑ. මම කෝච්චියේ නම් මෙහෙම ගමන් ගිහින් තියෙනවා. ඒත් ඒ තරම් සුන්දරව පරිසරය විඳින්න ලැබෙන්නේ නෑ.

    ප.ලි. - මට උතුරුකරයේ දුම්රිය ස්ථානවල පින්තූර වගයක් මේල් එකකින් ලැබුනා. ඒවා මල්ලිට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුනා. කැමති නම් මෙතන ක්ලික් කරලා භාගත කරගන්න.

    ReplyDelete
  3. මාත් ගිය අවුරුද්දෙ ගියා Summit Level එකට... බිම්ගෙය ඇතුලෙන් අනිත් පැත්තට ගියෙ නෑ එලියක් තිබුණෙ නැති නිසා. ගත්ත පින්තූර මගේ Picasa album එකේ තියෙනවා.

    ReplyDelete
  4. ඉස්සර මම කොළඹ ඉඳන් බදුලු යන්නෙ රෑ කෝච්චියෙ තමයි ගොඩක් විට. එතකොට නම් ඔය සුන්දරත්වය ඒ විධියටම බලාගන්න බැරි වුණත් පාද්දර 5-6 විතර වෙද්දි ඔය ඉදල්ගසිහින්න, හපුතල පහු කරන් යද්දි මාර ගති!

    ReplyDelete
  5. මමත් සෑහෙන වතාවක් දුම්රියෙන් බදුලු ගිහිල්ලා තියෙනවා. ඒත් පා ගමනින් නම් යන්න අවස්ථාවක් ලැබිලා නෑ. වැදගත් ම දේ තමයි අපේ රටේ මේ තියෙන කොළඹ සිට බදුල්ල බලා දිවෙන දුම් රිය මාර්ගය ලෝකෙ තියෙන ලස්සනම දුම් රිය මාර්ග 05 ඇතුලෙ තියෙනවැයි කියල කියන එක (හරියටම නිශ්චිත නෑ. ටිකක් සොයා බලන්න). කරුණු කාරණා කොහොම වුණත් කියන්න කණගාටුයි තවමත් අපේ ලංකාවේ ඉන්නවා තමන්ගේ ජීවිතේට ම දුම්රියෙන් බදුලු ගිහිල්ලා නැති. ඒකට හේතුව අපේ දේ අගය කරන්න කැමති නැතිකම ද, වුවමනාවක් නැතිකම ද එහෙමත් නැති නම් කාලවේලාව හිඟකම ද කියන එක නම් කියන්න දන්නේ නෑ. ඒත් මෙහි සුන්දරත්වය විදේශීය සංචාරකයින් නම් හොඳහැටි හඳුනාගෙන තියෙන බව නම් මට සහතිකව ම කියන්න පුළුවන්. දිනපතා උඩටර මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් ගමන්ගන්නා විදේශීය සංචාරකයින්ගේ ප්‍රමාණය ඊට කදිම සාක්ෂියක්.

    චන්දික වෙනසකටත් එක්ක මේ වගෙ සටහන කිරීම ගැන මම සතුටු වෙනවා. ඉදිරි ලිපි පෙළ කියවන්නන් හට හොඳින් රසවිඳිය හැකි වෙතැයි මම විශ්වාස කරනවා.

    ReplyDelete
  6. :( මමනම් ගිහිනුත් නැහැ, ආසයි යන්න :/

    ReplyDelete
  7. පට්ටිපොල ඉඳල හොර්ටන් තැන්නට පයින් ගිහින් තියනවා. පට්ටිපොල ස්ටේශම ඉස්සරහ පැත්තෙන් තියන කඩේ බනිස් ගෙඩිය අමතක වෙන්නේ නෑ.කොළඹ තියන ඒව වගේ 2ක් විතර සයිස්.

    ReplyDelete
  8. අපේ තාත්ත වැඩ කලේ දුම්රිය දෙපාර්තමේන්තුවේ, දැන් කොහොමද දන්නැහැ ඒ කාලෙ රජයේ සේවකයන්ට අවුරුද්දකට නිදහස් දුම්රිය බලපත්‍ර තුනක් හිමිය් පවුලේ අය සමග දුම්රිය චාරිකා යන්න, දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කල අයට ඒ වගේ බලපත්‍ර හයක් හිමිය් මට මතක විදියට. අපි සමහර අවුරුදු වල බදුලු ට්‍රිප් එක දෙපාරක් ගිහින් තියෙනවා.

    ඒ කාලෙ කොළඹින් යන "උඩරට මැණිකෙ" යම් හේතුවකට පමා වුනොත්, බදුල්ලෙන් පිටත් වෙන "නයිට් මේල් ට්‍රෙන්" එක මගට ගේනවා "ගැරට්" කියන වර්ගයේ සාමාන්‍ය අඟුරු ඇන්ජිමකට වඩා විශාල, අඟුරු සහ ඩීසල් හෝ වෙන යම් ඉන්ධනයක් පාවිච්චි කරපු එන්ජිමකින්. ගෙහාන්ට මං එවූ පොතේ "ගැරට්" එන්ජිම ගැන සුළු විස්තරයක් තිබුන, ගෙහාන් හෝ වෙන යම් කෙනෙක් "ගැරට්" එන්ජිම ගැන වැඩි විස්තර දන්නවා නං කරුණාකරල ඒ ගැන ලිව්වොත් ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete
  9. ඉස්සෙල්ල කොමෙන්ට් එකේ කියන්න බැරි වුනා, අර විදියට නයිට් මේල් ට්‍රේන් එක මග ස්ටේෂන් එකකට "ගැරට්" ඇන්ජිමෙන් ඇදගෙන එන්නෙ "උඩරට මැණිකෙ" ඇදගෙන ගිය "කැනේඩියන්" ඩීසල් ඇන්ජිම නිසා "නයිට් මේල්" එක ආපහු කොළඹ ගේන්න පාවිච්චි කලෙත්.

    ReplyDelete
  10. Observer මහත්තයො, දැනුත් තත්වේ ඔහොම තමයි. දැන් night mail එකට එන්ජින් දෙකක් ඕනෙ, මැදිරි 12ක් නිසා. එක එන්ජිමක් මහනුවරින් එන මිශ්‍ර දුම්රියෙන්, අනිත් එක කොළඹින් එන පොඩි මැණිකෙන්. ඉතින් පොඩි මැණිකේ පරක්කු නම් mail එකත් පරක්කුයි. කොළඹින් එන උඩරට මැණිකේ එනිජිම පහුවෙනිදා උදේ කොළඹට යන උඩරට මැණිකේට යොදවනවා. කොළඹින් එන night mail එකේ එන්ජින් දෙකෙන් එකක් පොඩි මැණිකේ අරන් කොළඹ යනවා, අනිත් එක නුවර මිශ්‍ර දුම්රියට. බදුල්ලෙදි වෙන සම්පූර්ණ මෙහෙයුම් කටයුතු කෙටියෙන් මේ විදිහට දක්වන්න පුළුවන්. වෙන කිසිම එන්ජිමක් බදුල්ලේ නෑ. shunting කරන්නෙත් මේ එන්ජින්ම තමා.

    ReplyDelete
  11. @ ෴හසියා෴
    අයේ පාරක් යන්න. මේ අතදැකීම නැවත නැවත ලැබුවත් එපා වෙන එකක් නෙමෙයි.

    @ මධුරංග
    නිවාඩු වෙලාවක කට්ටිය එකතු වෙලා ගියා නම් සෑහෙන්න හොඳ අත්දැකීම් ටිකක් ලබාගන්න පුලුවන් වෙයි.
    මල්ලී ඔබ එවූ ඡායාරූප ටික ගත්තා. එයට බෙහෙවින්ම ස්තුතියි.

    @ තූර්ය
    අපි වෙලාවක යමු සහෝ.

    @ hare:-)
    බොහොම ස්තුතියි මිතුරේ ප්‍රතිචාරයට.

    @ smartB
    තූර්යත් සහබාගි කරගෙන අපි උත්සහ කරමු මේ ගමන නැවත වරක් යන්න. ඔබ කියන කතාවනම් සහතික ඇත්ත සහෝ. අපේ මිනිස්සුන්ට අපේ රටේ දේවල් වල වටිනාකම ගැන තියෙන හැඟීම ඉතා අඩුයි.

    ReplyDelete
  12. @ මලිති
    නිවාඩු තියෙන වෙලාවක යන්න වටින චාරිකාවක්.

    @ හපා
    අනිවාර්යයෙන්ම. හෝර්ටන්තැන්නට යන සංචාරකයන්ගෙ ප්‍රියතම මාර්ගයක් තමයි පට්ටිපොල මාර්ගය. අතිශයින්ම සුන්දරයි.

    @ Observer
    ඔබතුමා එවපු පොත ඉතා වටින එකක්. බෙහෙවින්ම ස්තූතියි. මේ ලිපි පෙල ලියාගෙන යන්න එහි අඩංගු කරුණු බෙහෙවින් ඉවහල් වේවි.
    ගැරට් වර්ගයේ එන්ජිම සේම අපේ අනෙක් ගල් අඟුරැ එන්ජින් ගැනත් විස්තර ඉදිරි ලිපි වලදි ලියන්න අදහස් කරගෙනයි ඉන්නෙ. ඔබතුමා ඒ ගැන මතක් කරපු එක හොඳයි.

    @ තූර්ය
    බොහොම ස්තූතියි සහෝ ඔබේ කමෙන්ටු මේ ලිපි කියවන බොහෝ දෙනෙකුට ඉතා වැදගත්.

    ReplyDelete
  13. @ තුර්ය & Gehan,
    ඒ කාලේ බදුල්ලෙ රනින් ෂෙඩ් එකේ ගැරට් එන්ජිම ඇරෙන්න තව අඟුරු එන්ජින් එකක් වත් තිබුන කියලය් මගේ මතකය.

    ගැරට් එන්ජිම ගැන මම අහල තියෙන්නෙ, ඒකෙ ගල් අඟුරු සහ යම් ඩීසල් හෝ එවැනි ඉන්ධන වර්ගයක් (දෙවර්ගයම) එකට දහනය කිරීමෙන් බලය උපද්දපු එන්ජිමක් හැටියට. මන් දැනගන්න කැමති මේ ඉන්ධන වර්ග දෙක දහනය කලේ ගල් අඟුරු එන්ජින් වල වගේ බාහිර දහන ක්‍රමේටද, එහෙම නැත්තන් ඩීසල් හෝ එවැනි ඉන්ධනය වෙනම අභ්‍යන්තර දහනයක් විදියටද කියන එක.

    "ගැරට්" එන්ජිම සාමාන්‍ය අඟුරු ඇන්ජිමකට වඩා සෑහෙන්න විශාල බවත්, දකින්න ලැබුනේ බදුල්ලෙදි විතරක් බවත්, තිබුනෙ එක එන්ජිමක් විතරක් බවත්, තමා මගේ මතකය.

    (මට ආමන්ත්‍රණය කරනකොට මහත්තය කියන නැතුව, මාම, අන්කල්, අය්ය, ඔබ්සර්වර් එහෙමත් නැත්තන් ඔබා කිව්වා නං මම වැඩිය කැමතිය්. ස්තුතිය්)

    ReplyDelete
  14. ඕක ටිකක වෙලාව නාස්තිවෙන ගමනක්. ඒ වුනාට මාර ආතල්.. මම හිතන්නේ නෑ බදුලු කෝච්චිය පාඩු පිට දුවන එකක් කියලා. මොකද ලංකාවේ තියෙන කඳු බොහොමයක් යාකරලා හදලා තියෙන රේල් පාරක්නෙ.. මාර ගමනක්. පුළුවන් නම් දෙමෝදර කතාවත් හොයලා දාපන්. මමත් හරේගෙන් තමා විස්තරේ දැනගත්තේ...

    ReplyDelete
  15. @ Observer
    via Akila Indeewara Ariyapperuma

    There was 10 Garratt's ( 8- C1A 1946, 1- C1 1928 , 1-H1 1930). C1A's converted to oil burning during 1950-54. All the C1A's used above Nawalapitiya and C1 stationed at Kadugannawa as a banking Engine. Garratt's worked as normal steam Engines ( External Burn) but it's a very complex engine , need lot of lubrications and repairs.
    After the locos converted to Crude oil burn there added a fuling system to control the flow, it’s been done at RML , and Mr Rampala was encage of it.
    Yes they are BIG and Heavy. C1A- 128 Tons, C1- 122 Tons.Garratt’s Boiler Pressure was 185(lb) , The most powerful steam engine ever to run in Ceylon, C1 got 40078(lb) Tractive effort and C1A 41200(lb) The only other engine capable of doing this was A3C/D with 180(lb) but specially build for Banking at Kadugannawa.
    The Question About Badulla was right, but not 1 Garratt, 7 of them. The CMB bound UM From Badulla haul by the Garratt up to Halli-Ella , the Up night mail with 2 M1’s exchange the trains , Garratt takes the night mail to badulla and M1’s will take the UM to CMB. Same story when it comes to Colombo bound night mail and UM from CMB.

    Thanks goes to Akila.

    ReplyDelete
  16. මටත් යන්න ආසයි......

    ReplyDelete
  17. නියම ලිපියක් චන්දික අයියා....මරු.......

    ReplyDelete
  18. මාත් යන්න ආසම ගමනක් තමයි. තාම මාත් කෝච්චියෙ ගිහිං තියෙන්නෙ බණ්ඩාරවෙල ඉඳල හැටන් වලට විතරයි.

    ReplyDelete
  19. මහතුන්May 17, 2012 at 4:49 PM

    මාත් ලඟදි පට්ටිපොළ ස්ටේෂමට ගියා....මගේ රූම ගේ තාත්ත එකේ ස්ටේෂන් මාස්ටර්....පට්ටිපොළ ඉඳන් හොර්ටෙන් තැන්නට ගිහින් අපහු ආව...එදා දවසට 34km ඇවිද්ද.......හොඳ පන ගියා එත් පට්ට ආතල්....ඒ වගේම අය්යේ ඔය ටැබ්ලට් මාරු කරන සීන් එකයි එකට පාවිච්චි කරන ස්ටේෂන් වල තියෙන ගැජමැටික් 1k ගෙනි පොඩ්ඩක් හොයල ලිපියක් දාන්නකෝ....මම අහගෙන අවට දැන් මතක නැ.....

    ReplyDelete
  20. මම නම් කිහිප වතාවක් මෙම තැන පසුකරලා තියනවා. සමිට් ලෙවල් වලින් වමට තියන කන්ද පසුකරානම් අපේ ගම...

    සැරිසර.කොම්

    ReplyDelete