Monday, June 18, 2012

රේල් පාර දිගේ හයික් එකක් යන්න ඔබත් කැමතිද....

"රේල් ෆැන් කෙනෙක් එහෙමත් නැතුව සාමාන්‍ය අයගේ භාෂාවෙන් කියනවනම් කෝච්චි පිස්සෙක් විදියට මට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි හයික් එකක් යන්න ආසයි ඒ ගැන විස්තරයක් කියන්න කියන එක. මේ තියෙන්නේ මම ටික කලකට කලින් සඟරාවකට ලියන්න සකස් කරපු ලිපියක්. හයික් එකක් යන්න ආස අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා."


දුම්රිය යනු මිනිසා විසින් තනාගත් තවත් එක් විශිශ්ඨ විශ්මකර්ම නිර්මාණයක්. කෙනෙකුට ගොරහැඩි යකඩ යකෙක් වන එන තවත් අයෙකුගේ නෙතට ගෙන එන්නේ අමන්දානන්දයක්. ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේම විසිරී තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය විවිධ දේශගුණික පරිසර කලාපයන් ඔස්සේ පැතිර පවතිනවා. විශේෂයෙන් ශ්‍රීලංකාවේදී ඔබ දුම්රියෙන් ගමන්කරන්නේ නම් එක් දුම්රියක ගමනකදී පැය කිහිපක් ඇතුලත විවිධ දේශගුණික, පරිසර සහ භුවිෂමතා කලාප අතර ගමන් කිරීමේ අත්දැකීම විඳ ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. ලොකු කුඩා බාල මහලු බේදයක් නොමැතිව බොහෝ පිරිසක් දුම්රියෙන් ගමන් කරන්න දක්වන්නේ බලවත් කැමැත්තක් කීවොත් එය අතිශෝක්තියක් නොවෙයි.


ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි මෙරට සුන්දරම අත්දැකීමක් විඳගතහැකි දුම්රිය ගමන් අතර උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකා කිරීමට නිතැතින්ම හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඉතාමත් සුන්දර වටපිටාවක් ඔස්සේ දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරන්නේ එදිනෙදා ගමන් පහසුව සලසාගන්නා මගීන් පමණක්ම නොවෙයි. එහි අපරිමිත සුන්දරත්වයෙන් මත්වුනු බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනු දැකීම සුලභ දසුනක්. ඒ අතර නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ පිරිසක් තම ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් ලෙස තෝරාගන්නේ දුම්රියයි. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි ගනණාවකින් සපිරුණු උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කිරීමෙන් ලබන අත්දැකීම මෙසේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.



ඒ කෙහොම වුනත් මේ සූදානම් වෙන්නේ දුම්රියක් මගින් ගිය චාරිකාවක් ගැන කතා කරන්න නම් නොවෙයි. ඇතැම්විට ඔබට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුවත්, දුම්රිය ක්ෂේත්‍රය විනෝදාංශය කරගත් බොහෝ දෙනෙක් මෙරට මෙන්ම විදෙස් රටවලත් සිටිනවා. ඔවුන් බෙහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන ඉසවුවක් ලෙස "දුම්රිය මාර්ගයේ චාරිකා" හෙවත් “Railway Hiking” ගෙනහැර දක්වන්නට පිලිවන්. “රේල් හයික්” යනුවෙන් හඳුන්වන්නේ දුම්රිය මාර්ගයක් ඔස්සේ පාගමනින් ගමන් කරමින් අවට වටපිටාවේ සුන්දරත්වය නිදහසේ විඳගනිමින් ලබාගත හැකි සුන්දරම අත්දැකීමක්. පරිසරයේ සුන්දරත්වය විඳින්නට කැමති අය, සත්ව නිරීක්ෂණයේ යෙදෙන අය වගේම ඡායාරූප ශිල්පීනුත් මෙවන් චාරිකා සඳහා විශාල කැමැත්තක් දක්වනවා.


ශ්‍රි ලංකාවේ දුම්රිය ලෝලින් බෙහෝ දෙනෙක් මේ වන විටත් ඒම සුන්දර අත්දැකීම් ලබන අතර ඇතැම් විදේශිය සංචාරකයන් පවා මෙරට දුම්රිය මාර්ගයන් ඔස්සේ ගමන් කරනු ඇතැම් විට දකින්න පුලුවන්. මෙවන් චාරිකාවන් සඳහා බෙහෝ දෙනෙක් තෝරාගන්නේ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ඉහලට විහිදෙන කලාපය. එයට හේතුව වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ සීඝ්‍ර නැග්ම ආරම්භ වන්නේ රඹුක්කන දුම්රිය ස්ථානය වීමයි. මෙසේ ගමන් කරන දුම්රිය මාර්ගයට අතරමගදී හමු වන විශේෂ ස්ථාන අතර බලන, කඩුගන්නාව, මියන්ගල්ල ආදී දුර්ග මාර්ගයන් මෙන්ම හෝර්ටන් තැන්න රක්ෂිත කලාපය, තංගමලේ අභයභූමි කලාපය ආදී වනසත්ව කලාපයන්ද ඇතුලත්. එසේම උච්ච මට්ටම(Summit level), දෙමෝදර රේල් ගැටය, ආරුක්කු නවයේ පාලම ආදී විශේෂ ස්ථාන ගනනාවකට මෙම චාරිකා මගින් පා ගමනින් ලඟා විය හැකියි. දුම්රියෙන් ගමන් කිරීමෙන් දැක ගන්නවාට වඩා පාගමනින් එම ස්ථාන වලට ලගා වීම දුම්රිය සහ ඡායාරූප ලෝලින් තම දිවියේ ලබා ගන්නා වටිනාම අවස්ථාවන් ලෙස සලකනවා.


මෙම චාරිකා අතරින් වඩාත්ම සුන්දරම චාරිකාවක් අත්විඳ ගත හැකි කලාපය ලෙස පට්ටිපොල - ඔහිය - ඉදල්ගස්හින්න අතර කලාපය දක්වන්න පුලුවන්. එය ඉතා වැදගත් වන්නට හේතු කිහිපයක් තිබෙනවා. පට්ටිපොල යනු මෙරට පිහිටි දුම්රිය ස්ථාන අතුරින් මුහුදු මට්ටමින් උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වීමත්, මෙරට දුම්රිය මාර්ගයේ සේම ලොව වඩාත්ම උසින් ගමන් කරන 5’ 6” අමානයේ දුම්රිය මාර්ගයේ උසින්ම පිහිටි ස්ථානය (Summit Level) පට්ටිපොල දුම්රිය ස්ථානයට මදක් නුදුරෙන් පිහිටා තිබීමත්, මෙම දුම්රිය මාර්ගය සුන්දර හෝර්ටන්තැන්න ඔස්සේ වැටී තිබීමත් ආදී කරුණු ගණනාවක් වනවා.




මෙවන් චාරිකාවක අත්දැකීමක් ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ පහත කරුණු කාරනා කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීම වැදගත්. පළමුවෙන්ම ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන මාර්ගයේ ධාවනය වන දුම්රියයන් සහ වේලාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබ ලබාගත යුතු වීමයි. අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කිරීම ඛේදවාචකයකින් කෙලවර වන්නට පුලුවන්. දෛනික දුම්රියන් පිලිබඳ විස්තර railway.gov.lk අඩවියෙන් හෝ දුම්රිය ස්ථානයේ සේවකයන්ගෙන් ඔබට දැනගත හැකීයි. ඒවා පැහැදිලිව සටහන් කරගැනීම ඔබට අතිශයින් වැදගත්.

මේ සඳහා ඔබ පහත සඳහන් උපකරණ සහ ද්‍රව්‍ය සපයාගැනීම ඔබේ ගමන වඩාත් පහසු කරාවි.
· හොඳින් එලිය දෙන විදුලි පන්දමක් - බිම්ගෙවල් තුලින් ගමන් කිරීමට
· සපත්තු හෝ බූට්ස් - විවිධ අකාරවලින් පාද වලට සිදුවිය හැකි අනතුරු වලින් බේරීම සඳහා· සැහැල්ලු ආහාර - උදා:- බිස්කටි, සැන්ඩ්විචස් ආදිය.· අවශ්‍ය පමණට පිරිසිදු ජලය· මූලික ප්‍රථමාධාර ද්‍රව්‍ය (ඩෙටෝල් බැන්ඩේජ් ආදිය)· සුදුසු කැමරාවක් සහ එම උපාංග ප්‍රවේශම් කර ගැනීම සඳහා උපක්‍රම (වැසි, පින්න)· වෙනත් (ඔබට අවශ්‍ය දෑ)
මේවාට අමතරව ඔබ තරයේ සිහි තබාගතයුතු කාරණාවන් කිහිපයක් තිබෙනවා.
  • ඔබ ගමන්කරන්නේ සාමාන්‍ය ජනයා ජීවත් වන ප්‍රදේශ හරහා නිසා ඔබ නිසා ඔවුන්ට කිසිදු ආකාරයේ හානියක් හෝ බාධාවක් සිදු වන්නට ඉඩ නොතැබිය යුතුයි. එසේම දුම්රියෙන් ගමන් කරන මගීන්ටත් ඔබෙන් කිසිදු අයුරක හානියක් සිදු නොවිය යුතුයි.
  • දුම්රිය ගමනාගමනයට බාධාවන හෝ දුම්රිය රියදුරන්ගේ, මාර්ග සේවකයන්ගේ අවධානයට/ වැඩකටයුතු වලට බාධා වන කිසිදු කටයුත්තක් සිදුකිරීම නොකල යුතුයි. (උදා:- දුම්රිය මාර්ගයේ ඇණ ආදිය ගැලවීම, දුම්රිය පැමිණෙන මාර්ගයට අවතීර්ණ වී ඡායාරූප ගැනීම.)
  • විශාල කණ්ඩායම් වශයෙන් ගමන් කිරීම ඔබගේ අවධානය අඩු කිරීමට ඉඩ ඇති නිසා පහක් හෝ හයක් වැනි පිරිසකගෙන් යුත් කුඩා කණ්ඩායමක් වඩාත් ගැලපෙනවා. එසේම ගමන පුරාවටම ඔබගේ අවධානය මැනවින් තබාගැනීම වැදගත්. මත්පැන් පානය ආදී ක්‍රියාවන් මෙම ගමන් වලදී කිසිසේත් නොකල යුතුයි. දෛනික දුම්රියයන් වලට අමතරව ඉන්ධන, බඩු දුම්රියන් හෝ එන්ජින් ආදිය පූර්ව දැනුම් දීමකින් තොරව ධාවනය විය හැකි නිසා ගමන අතරතුරදීද ඔබේ විමසිලිමත් වීම අත්‍යවශ්‍යයි.
  • බිංගෙයක් තුලය පිවිසීමට පෙර දුම්රියක් ඒ තුල හමුනොවේ යැයි තහවුරු කරගැනීම ඉතා වැදගත්. එසේම බිම් ගෙවල් තුලදී කිසිම විටක පිරිස එක පොදියට ගමන් කිරීම නොකළ යුත්තක්. බිම් ගෙයක් ඇතුළතදී දෙදෙනෙක් අතර සැලකිය යුතු පරතරයක් තබා ගෙන එකිනෙකා පිටිපස ගමන් කිරීම වඩාත් ආරක්ෂාකාරී පියවර ලෙස දක්වන්න පුලුවන්.



සැබැවින්ම රේල් හයික් යනු ඉතා හොඳ සිහියෙන් සහ අවධානයෙන් සිදුකල යුත්තක්.
රේල් හයික් යනු පික්නික් හෝ විනෝද ගමන් නොවේ. ඔබගේ පුංචි අතපසුවීමක් මහා ඛේදවාචකයකින් අවසන් වන්නට පුලුවන් නිසා ප්‍රවේශම ඉතා වැදගත්!!!" කෙසේවුවත් මෙහි චාරිකා වල නීත්‍යානුකූල භාවය පිළිබඳව සඳහන් කල යුතුයි. දුම්රිය සේවාව පිලිබඳ තිබෙන නීති රීති අනුව දුම්රිය මාර්ගයක පයින් ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එමෙන්ම මෙම ගමන් සඳහා කිසිදු අයුරකින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසර ලබාදීමක් හෝ දිරි දීමක් සිදුවන්නේත් නැහැ. සාමාන්‍යෙයන් මානූෂිය හේතූන් එම නීතිය දැනට ක්‍රියාත්මක නොවුනත් ඔබගේ හැසිරීම මත දුම්රිය සේවකයන්ට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙනවා. එබැවින් ගමනේ අවධානම හොඳින් සිහියේ තබාගෙන සංචාරයේ යෙදීම ඔබගේත් අන් අයගේත් කටයුතු වලට පහසුවක් වේවි.


 



76 comments:

  1. පා ගමන්වල අත්දෑකිම තියෙන නිසා මම හිතනවා මෙක හොද ගමනක් වේයි

    ReplyDelete
  2. මාත් ආසම වැඩක්. අර ලක්බිම පත්තරේට තිලක් සේනසිංහ මහත්තය ලියපු රේල් හයික් එකත් බොහොම ආසාවෙන් කියෙව්වා. ස්තූතියි මේ වගේ වැඩිය අවධානයට ලක්නොවෙන නමුත් ඉතාම සුන්දර අත්දැකීමක් ගැන ලිව්වට.

    ReplyDelete
  3. ඔව්. හයික් යන්න කැමති අයට ප්‍රයෝජනවත් තොරතුරු ගොඩක් මෙතන තියනවා. හොඳ වැඩක් :)

    ReplyDelete
  4. මමත් ඉන්නේ ඉතාම අසාවෙන් මේවගේ හයික් එකක් යන්න ,,,,,ගිය පාර එක මිස් උනා........කැමරාවකුත් අරගෙන ..ලබන පාරනම් අනිවා සෙට් වෙනවා ....:)

    ReplyDelete
    Replies
    1. ඔය Dr. කෑල්ලයි සුදු ඕවර් කෝට් එකයි පොඩි අවමානසික තත්වයක ලක්ෂණ වගෙයිනේද ?

      Delete
    2. දොස්තර මහත්තයා පොල්ල තිබ්බනේ :D

      Delete
  5. අපිත් එකක් හරි දැන් ගිහින් තිෙයනව ෙන් ෙගහාන් අයිය නිසා

    ReplyDelete
  6. aye yanawanam apitath kiyanna

    Reshan

    ReplyDelete
  7. is there a Badull ICE?

    ReplyDelete
  8. වැදගත් ලිපියක් ....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි :)

      Delete
  9. එළ එළ... ඔය තියෙන්නෙ විස්තරේ :D

    ReplyDelete
  10. අහන්න හිතාගෙන හිටිය දේට අන්තිමට උත්තර දීල. මේක නීති විරෝධීයි නම් සහ අවසර දෙන්නෙත් නැත්නම් අවදානම් නේද?(නීතිය පැත්තෙන්)

    ReplyDelete
    Replies
    1. නීතිමය අමදානමක් දැනට නැහැ රාජ්! ඒක ගොඩක් දුරට තීරණය වෙයි ගමනට සහබාගිවන සාමාජිකයන්ගේ හැසිරීම මත.

      මේ පලාත් වල සාමාන්‍ය ජනතාව ගමනාගමනයට යොදාගන්නේ මේ දුම්රිය මාර්ගයම නිසා නීතිය ක්‍රියාත්මක කලොත් සෑහෙන ගැටලු ප්‍රමාණයක් ඇතිවෙනවා!

      Delete
  11. ඔය යන එකකට මාවත් එක්කං යන්නකෝ..

    ඒක නෙවෙයි අර යටම තියෙන පිංතූරේ ඉන්න කෙනා මොකෝ රේල්පාර මැද වාඩි වෙලා කරන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ ඒක කියන්න ලැජ්ජයි වගේ බන් :P

      Delete
  12. කෝ ඉතින් මේ වාසනාව උදා කරගන්න බැරි වුනානේ මට තාම, ඉක්මනටම අයියා එක්ක යන්න බලාපොරොත්තු වෙනව හැබැයි.

    ReplyDelete
    Replies
    1. අපෝ එක්ක යන්න බෑ :P

      Delete
    2. උඹ මොකද මලීති කෙල්ලට හූ කියන්නේ ආහ්? :P

      Delete
    3. "මූ නෝනා එක්ක තනියම ගමං බිමං වැඩියි වගේ.. තාම ලයිසනුත් නෑ මූට.." - Nawoda Perera (May 28, 2012)

      Delete
  13. mamath rail way hike ekak giyaoya parema ,mara experience eka

    ReplyDelete
  14. දවසක පා ගමනක් ගිහින් බලන්න ඕනා !!!
    මේ පෝස්ට් එක නිසා ඒ ආසාව වැඩි උනා.

    ReplyDelete
    Replies
    1. හැමදාම බල බල හිටපන් :P

      Delete
  15. සුපිරි... අපි නං ඉතිං හයික් යන උදවියනෙ නෙ. ආසකරන අයට වැදගත් දත්ත සපයල තියනවනේද. අත්දැකිම් සහිත පළපුරුදු (කෝච්චියා අයිය වගේ) සගයෙක් එක්කම යනවනං හොදා කියලයි මං නං නිර්දේශ කරන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ තව කී දෙනෙක් තරහ වෙයිද පොඩියෝ ඒ වැඩෙන් :D
      එක්ක ගියේ නැහැ කියලා :D

      Delete
  16. රේල්වේ හයික් හරිම විනෝද ජනක බව මට වැටහුනේ 1986 87 කාලේ නානුඔය පට්ටිපොළ අතර දිවා රෑ දෙකේම භට පිරිසකුත් සමග පා මුර සංචාරයේ යෙදීමෙන්. රාත්‍රියේ ගමනනම් කියලා වැඩක් නෑ හරිම 'සනීපයි'
    වටිනා ලිපියක්. මේ කාර්යයේ යෙදීමට බලාපොරොත්තු වන අය මේ උපදෙස් පිලිපදිනු ඇතැයි සිතනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබතුමා මේපැත්තට ආ එක ගැන. ඔබතුමාගේ අඩවියත් මා බොහෝ වෙලාවට කරක් ගසන බ්ලොග් අඩවියක්. (ආ බලට සලකුණුනම් ඉතිරි කර යන්නේ නම් කලාතුරකින්)

      කමෙන්ටුවේන් පේන හැටියටනම් ඔබතුමාට රේල් හයික් ගැන සුන්දර අත්දැකීම් රැසක් තියෙන බව පේනවා. ඒවා අපිට දැනගන්නත් එක්ක ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා :)

      Delete
    2. පට්ටිපොල-නානුඔය? අම්මෝ මතක් කරද්දිත් නිකං........ o_O_o

      Delete
    3. වැඩිය නෑනේ කිලෝමීටර 22ද කොහෙද. :D

      Delete
  17. වැදගත් තොරතුරු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා. ගොඩක් ස්තුතියි. :)

      Delete
  18. අගනා පෝස්ට් එක..

    අපි මේ ප්‍රාදේශිය මට්ටමින් සංවිධානය වෙලා වෝක් එකක් යන්න ඉන්​නෙ.. :D

    "මෙම චාරිකා අතරින් වඩාත්ම සුන්දරම චාරිකාවක් අත්විඳගත හැකි කලාපය" පැත්තෙත් ඉක්මනටම යන්න ඕනෙ.. >_<

    ReplyDelete
    Replies
    1. මේ මේ ප්‍රාදේශිය කියල නැහැ හරිද? ඔවුවට අපිත් එනවා. :D

      Delete
  19. වටිනා කියන ලිපිය. දැක්කම අයෙත් යන්න ආසි හයික් එකක්. අර දෙවෙනි සහ තුන්වැනි පින්තුර වල දාල තියන විදියට Badulla ICE වෙන්න බැ නේද යාළුවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ප්‍රභාත් සහෝ. ඒ මගේ Badulla ICE Photo Shoot කියන Facebook Album එකේ එක් පින්තූරයක්. ඒ පොඩිමැණිකේ දුම්රිය. :)

      Delete
  20. නියම ලිපියක්.. හදිසියේ වත් දුම්රියක් හමුවුනොත් බින්ගෙවල් වල පොඩි ඉඩක් තියලා තියෙනවා මන් දෑකල තියෙනවා. ඒවා අපිට පාවිච්චි කරන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. පුලුවන් සහෝ. හැබැයි හැම බිම්ගෙයකම ඒ ආකාරයේ ආරක්ෂිත කුටීර නැහැ. ඒ වගේම හැම එකක්ම භාවිත කරන්නත් අමාරුයි. හොඳම වැඩේ තමා දුම්රියක් එන වෙලාව මග හරින එක.

      Delete
  21. යන්න ආසයි.... ඒත් යන්න හම්බ වෙන එකක් නෑ කවදාවත් :(

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයෝ අවසර දෙනවනම් අයිතිකාරයොත් එක්කම වුනත් ආවොත් ලඟපාත ගමනකට සම්බන්ධ කරගත හැක!

      Delete
  22. මමත් මාගේ පලමු රේල් හයික් එක ගියේ කෝච්චයියා සමග බව සතුටින් ප්‍රකාෂ කර සිටිමි !

    ReplyDelete
  23. හොඳ විස්තරයක්, රේල් හයික් යන්න ආස අයට වගේම ගමන් යන හැමෝටම වැදගත්.
    මොකද ගොඩක් උදවිය ගෙදර තියන දේවල් ඔක්කොම උස්සන් එනවා ගමනක් යනකොට. බෑග් එක බරයි අයිති කාරයාට වඩා.
    මමත් රේල් හයික් එකක් යන්න පෙරුම් පුරාගෙන ඉන්නවා තාම යන්න බැරිඋනා.
    ................................

    සැහෙන කාලෙකින් කොච්චි බ්ලොග් එක පැත්තේ ආවේ.
    අන්තිමට කියවල තියෙන්නේ s10 පෝස්ට් එක.
    ඉතිරි පෝස්ට් ටිකත් අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි kancha. සහතික ඇත්ත. අපේ නිරෝෂන් මලයා එකපාරක් ලැප් එකකුත් උස්සන් ආවනේ. :D

      Delete
  24. තොරතුරු ගොඩක් තියෙනවා, ස්තුතිය්

    ReplyDelete
  25. මම හැදුනෙ වැඩුනේ රේල් පාරක් ලඟ. මහ ගෙදර තියෙන්නේ නුවර-මාතලේ රේල්පාර ලඟ. ගේ ලඟ රේල් ගේට්ටුවක් තියනවා එතන තියනවා පීල්ලක හයි කරපු දැන්වීමක්. මංහිතන්නේ අවුරුදු 60කටත් වඩා පරණ ඇති. ඒකේ තියෙන්නේ..

    "දුම් රිය පාරේ ගමන් කරන අයවළුන්ට අච්චු කරනු ලැබේ. දඩය රු.10 යි" කියලා.

    තාමත් වලංගුද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම තියනවද ?

      Delete
    2. සිරාවටම....පොටෝ කෑල්ලක් ගහලා එවන්නම් ගෙවල් පැත්තේ ගියාම...

      Delete
    3. ආය ඔව්වල ෆොටෝ ගහන්න ගිහින් තමුන්ටත් අච්චු කරයි. පරිස්සමෙන්

      Delete
    4. ඒක ඇත්ත. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම වරදක්. ඒත් මානුෂික හේතු මත ඒ නීතිය ක්‍රියාත්මක වෙනව අඩුයි

      Delete
  26. පුළුවන් නම් දුම්රිය දෙපාර්තමේන්තුවට අදහස් හා යෝජන් දාන්න ලින්ක් එකක් එවන්න බැරිද???????

    ReplyDelete
    Replies
    1. ඒකනම් පලක් වෙයි කියල හිතන්න අමාරුයි :(

      Delete
  27. මරු ෆෝටෝ ටික. මම මේ වගෙ රේල්හයික් යන බ්ලොග් පෝස්ට් කීපයක්ම කියවා තියෙනවා. කියවන වාරයක් ගානෙ තන්හාව වැඩිවෙනවා.:D
    තව බිංගෙවල් ඇතුලෙන් යනකොට හොඳට එලිය තියෙනටෝච් එකකුත් ඕනෙලු නේද චන්දික?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි හෙන්රි මහතානෙනි. මම හිතෙන්නේ ඔබතුමාත් රේල් හයික් එකක් ගියොත් හොඳයි වගේ ;)
      ඔවු. විදුලි පන්දමක් තිබීමනම් සෑහෙන්න ප්‍රයෝජනවත්. ඇතැම් බිංගෙවල් තුලින් යාම හරිම අප්‍රසන්නයි. :(

      Delete
  28. චන්දික, මට මහතානෙනි කියලා තව පාරක් කිව්වොත් මම චන්දිකතුමා කියනවා, හරි? :D ඩූඩ් කිව්වම හෙන ‍ෆිට්. :) ඇත්තෙන්ම රේල් හයික් එකක් හියොත් මරු තමයි. වැඩේ අර සති හයේ නිවාඩුවට ඔය ඔක්කොම වැඩ ඔක්කොම ‍ෆිට් කරන්නෙ කොහොමද කියන එකයි.
    ඇයි සමහර බිම් ගෙවල් ඇතුලෙ අප්‍රසන්නයි කිව්වෙ? වවුලො නම් වෙන්න බෑ...එහෙනම්...?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හම්මෙහ්. :O
      හරි හරි ඔන්න මම එහෙනම් Dude කියන්නම්කො. ඒත් වයසින් වැඩිමල් කෙනෙක්ට එහෙම කියන එක හරිද මන්දා. :/
      හොඳ සැලසුමක් හදාගත්තොත් හයික් එකකුත් යන්න බැරිවෙන එකක් නෑ. සති හයක්ම තියෙනවනේ.
      අප්‍රසන්නයි කිවුව හේතූව මෙකයි. දුම්රියේ වැසිකිලි සියල්ල නිරාවරණය වෙන්නේ පාරටනේ. :D

      Delete
  29. රේල් හයික් යන්න නීතියෙන් තහනම් නම් ස්ටේෂන් වලදි අවුලක් වෙන්නෙ නැද්ද.. ස්ටේෂන් මාස්ට්‍ර්ලා මොකුත් කියන්නෙ නැද්ද...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. ඔවුන්ගෙ රාජකාරියට බාධා නොවන ලෙස හැසිරෙන්න වල බලා ගන්නවනම් ඔවුන්ගෙන් ගැටලුවක් නැහැ බොහෝදුරට. දුම්රිය ස්ථානවල දී ඡායාරූප ගන්නවනම් මුලින් ඔවුන් දැනුවත් කරල අවසර අරන් ඉන්න එකනම් නුවණට හුරුයි!!

      Delete
  30. මම නම් ඇත්තටම කෝච්චි වලට හරිම බයයි..දැන් හැප්පෙයි කියලා හිතෙනවා ළඟ එද්දි.. යන ඕනෙ ගමනක් පලයල්ලා..........හැබැයි පරිස්සමෙන්!! මොකද අපිට උඹලාගෙන් ඉන්නෙ එක්කෙනා බැගින් නිසා!!කෝච්චයියලා , ගයන්තලා, සෝරොලා, තුන හතරක් නෑනෙ!! කොහොම හරි කමක් නෑ.. ඔය කෝච්චි පාරෙම යන්න ඕනෙ වෙන්නෙ නෑනෙ!! වටෙන් වටෙන් යන්ඩ.. එතකොට හරිනෙ. මටත් ස්ටේෂන් ගැටලුව නම් ආවා...ස්ටේෂන් එකක් කිට්ටු වෙනකොට පාරෙන් පිට පැනලා ස්ටේෂන් එක පහු වුණාම ආයෙ රේල් පාරට එකතු වෙනවා කියලා මම හිතුවෙ!! ඒක ටිකක් පැහැදිළි කරනවාද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යෙයන් නම් අපි යන්නෙ රේල් පාරෙම තමයි. කෝච්චියක් එද්දි නිතරම නලාව ශබ්ද කරනවා නිසාත් කෝච්චිය ඈත එද්දි ශබ්දයෙන් අඳුරගන්න පුලුවන් නිසාත් ඒ තරම් ලොකු ගැටලුවක් නැහැ. බිම් ගෙවල් වලදි නං පරිස්සම් වෙන්න ඕන. මම එක්ක යන යාලුවොනම් දන්නව කෝච්චිය ඈත එද්දිම අපිට දැනෙන හැටි. ගයන්තගෙන් හෙම අහල බලන්නකො. :D
      ස්ටේෂන් වලදි මෙහෙමයි. ඔවුන්ගෙ රාජකාරියට බාධා නොවන ලෙස හැසිරෙන්න වල බලා ගන්නවනම් ඔවුන්ගෙන් ගැටලුවක් නැහැ බොහෝදුරට. දුම්රිය ස්ථානවල දී ඡායාරූප ගන්නවනම් මුලින් ඔවුන් දැනුවත් කරල අවසර අරන් ඉන්න එකනම් නුවණට හුරුයි!!

      Delete
  31. නියම ලිපයක්. මමත් කාලයක් තිස්සේ ආසාවෙන් ඉන්න දෙයක් තමයි ඕක. බලන්න ඕනේ ඉස්ස්සරහට රවුමක් දාලා බලන්න.

    ReplyDelete
  32. නියමයි!! :) ජය වේවා!

    ReplyDelete
  33. Machan , i want to join with you if its ok with you.wanna get some more details.pls reply me via gtkasun@gmail.com

    ReplyDelete
  34. Machan , i want to join with you if its ok with you.wanna get some more details.pls reply me via gtkasun@gmail.com

    ReplyDelete
  35. බිංගෙයක් තුලදී යම් විදිහකින් දුම්රියක් මුණ ගැහුනහොත් හත හැකි ආරක්ෂාකාරී ක්‍රියා මොනවාද?

    ReplyDelete