ඡායාරූපය:- Ceylon Railway Museum |
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදි අද ඔබට ගෙන එන්නේ සමස්ථ දුම්රිය ක්ෂේත්රයම මහත් කැලඹිමකට ලක් කල එන්ජිම වූ M9 හෙවත් Alstom Prima එන්ජිම ගැනයි. මෙම එන්ජින් ගණුදෙනුව ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් අතර කතාබහකට ලක්වුනා. මෙහි තාක්ෂණික විස්තර පහත දැක්වෙනවා.
- එන්ජින් පන්තිය - M9
- නිශ්පාදිත රට - ප්‍රංශය
- නිපදවූ සමාගම - ALSTOM Transport-France
- ගෙන්වූ වර්ෂය - 2000
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electric
- බල සැපයුම් එන්ජිම - RUSTON 12 RK 215 4-Stroke 12 Cylinders
- උපරිම බලය - 3220hp
- උපරිම වේගය - 110kmh
- උපරිම ඉන්ධන ධාරිතාව - 5000L
- එන්ජිමේ දිග - 19.5 m
- Axel Arrangement - Co-Co
- බර - ටොන් 100.56
- වර්ණය -කහ, රිදී සහ තද නිල් පැහැය
- ගෙන්වූ එන්ජින් ගණන - 10 (864-873)
සමස්ථ දුම්රිය සේවයේම මහත් ආන්දෝලනයකට තුඩුදුන් එන්ජිමක් ලෙස මෙම M9 ධාවන පන්තියේ එන්ජිම පෙන්වා දිය හැකියි. මෙතෙක් අප රටට ගෙන්වූ එන්ජින් අතුරෙන් අසාර්ථකම දුම්රිය එන්ජිම ලෙස කවුරුත් නොපැකිලවම හඳුන්වන්නෙ මෙම Alstom වර්ගයේ දුම්රිය එන්ජිමයි. එවකට මේවා මෙරටට පැමිණියේ විවිධ ක්ෂේත්‍ර වල පුද්ගලයන්ගේ බලවත් දෝෂ දර්ශනයන්ටද ලක්වෙමිනුයි.
මේවා ගෙන එන්නට වසර 4කට පමණ පෙර සිටම දේශිය විදේශිය දුම්රිය විශේෂඥයන් කියා තිබුනේ මෙම එන්ජින් කිසිසේත්ම මෙරටට නුසුදුසු බවයි. ඔවුන් ඉදිරිපත් කල තර්ක වලට අනුව වෙසෙසින්ම මෙහි භාවිතාකර ඇති බලසැපයුම් එන්ජිම වන RUSTON 12 RK 215 එන්ජිම මින් පෙර කිසිදු අවස්ථාවක දුම්රිය එන්ජිමක් සඳහා යොදා නැති අතර ඒවා දුම්රිය එන්ජින් සඳහා සුදුසු බවට කිසිදු තත්ව පරීක්ෂණයක් හෝ කර තිබු එකක් නොවෙයි. සැබැවින්ම RUSTON 12 RK 215 යනු නාවික යාත්‍රා වෙනුවෙන් නිපදවන ලද එන්ජිමක්. (Ruston යනු කර්මාන්ත ශාලා ආදිය වෙනුවෙන් එන්ජින්(එහා මෙහා චලනය නොවන උපකරණ සඳහා) නිපදවූ ආයතනයක් මිස Automobile ආදී ක්ෂේත්‍ර වල(චලනය වන-වාහන ආදිය) එන්ජින් නිෂ්පාදනයේ අත්දැකීම් ඇති ආයතනයක් නොවී යැයි කියවේ. මෙම දුම්රිය එන්ජිමේ ඇති බල සැපයුම් එන්ජිම වන RUSTON 12 RK 215 එන්ජිම නිපදවනු ලැබුවේ Alstom සමාගම විසින් Paxman නැමති සුප්‍රසිද්ධ සහ අති සාර්ථක එන්ජින් නිෂ්පාදනය කර සමාගම මිලටගත් පසු එම Paxman තාක්ෂණය යොදාගනිමිනුයි. ඇත්තෙන්ම නමින් Ruston වුවද මෙම එන්ජිම සමිපූර්ණයෙන්ම වාගේ Paxman එන්ජිමක්.)
2000 වසරේදි මෙම වර්ගයේ මුල්ම එන්ජිම මෙරටට ලැබුණු අතර එය මෙරටට ගෙනවිත් තිබුනේ අදාල නිෂ්පාදක සමාගම විසින් කිසිදු තත්ත්ව පරීක්ෂාවකට හෝ කිසිදු පරීක්ෂණ ධාවනයකටවත් ලක් කිරීමෙන් තොරවයි. එයට හේතුව ලෙස කියවුනේ ප්‍රංශ දුම්රිය මාර්ග වල පළල ශ්‍රී ලංකාවේ මාර්ග වලට වඩා වෙනස් වීමයි. කෙසේ හෝ මෙම එන්ජින් මෙරටට පැමිණියේ විශාල ආන්දෝලනාත්මක තත්වයක් මෙරට ඇතිකරමින්.
සැබැවින්ම මෙය තාක්ෂණික පහසුකම් අතින් පොහොසත් එන්ජිමක් වන අතර මේ ලියන 2011 වසර වන විටත් ආසියාවේ ප්‍රධානම දුම්රිය නිපදවන්නෙකු වන ඉන්දීයාවේ වත් මෙතරම් සංකීර්ණ තාක්ෂණිකින් යුත් එන්ජිමක් ධාවනය වන්නේ නෑ. Dual cabin වර්ගයේ එන්ජිමක් වන මෙම එන්ජිමේ ධාවන කටයුතු වලට අදාල සියලු ක්‍රියාවලි සම්පුර්ණයෙන්ම පාහේ Windows CE මගින් හසුරුවන ස්වයංක්‍රීය පරිගණක පද්ධතියක් මගින් පාලනය වන අතර රියදුරාට දුම්රිය මෙහෙයවීම සඳහා ඇත්තේ කුඩා Joy Stick කිහිපයක් මගින්. එමෙන්ම වේගය ආදී එන්ජිමේ සියලු විස්තර රියදුරාට දැන ගැනිම සඳහා මෙහි ඇත්තේ LCD තිරයක්. මෙය අනෙකුත් එන්ජින් වල ඇති ලීවර, මිටර් ආදියෙන් පාලනය වනවාට වඩා බොහෝ සෙයින් වෙනස් ක්‍රමයක්.
එමෙන්ම මෙහි එන්ජිම ත්වරණයේදී (Accelerate), තිරිංග යෙදීමේදී ආදී සියලුම කටයුතු සෘජුවම පරිගණක පද්ධතිය මගින් පාලනය වනවා. එන්ජිම රත්වීමේදී ක්‍රියාකාරීත්වය සහ වේගය අඩුකරමින් උෂ්ණත්වය නිසිලෙස පවත්වා ගැනීමට මෙම පරිගණක පද්ධතිය සකසා තිබෙනවා. බොහෝ සෙයින් රත්වේනම් මෙවිට දුම්රිය ස්වයංක්‍රීයවම නැවතීමට මෙම පරිගණකයට උපදෙස් ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම ධාවනයේදී මාර්ගයේ තත්වය අදාල පරිගණක පද්ධතියට දැනුම් දීමටත්, එන්ජිමට ඉන්ධන ගලාඒම පාලන කිරීම මගින් උපරිම ඉන්ධන පිරිමැස්මක් ලබාදීමටත්, රේඩියේටරයේ කූලන්ට් වල තත්වය දැනුම් දීමටත් ආදී බෙහෝ කරුණු සඳහා මෙහි විවිධ කොටස් වල විවිධ සංවේදක (Sensor) සවිකොට තිබෙනවා. ඒවා මගින් එන්ජිමේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙත එහි තාක්ෂණික දත්ත සහ සියලු තත්ව පිලිබඳව නිතැතින්ම වාර්තා කරන අතර එම දත්ත ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය මගින් සලකා බලා එන්ජිමේ ධාවන වේගය ආදී සියලු කටයුතු ඒ අනුව පාලනය කරනවා. එමෙන්ම මෙය නිපදවා තිබුනේ රියදුරු කුටිය සඳහා වායුසමීකරණ පද්ධතියකින් සහ වඩාත් සුව පහසු ආසන වලින්ද යුක්තවයි. ඒ නිසා සැබැවින්ම මෙය ඉතා දියුණු අධිතාක්ෂණික එන්ජිමක්.
කෙසේ වුවත් මෙවැනි එන්ජිමක් අප රටට කිසිසේත්ම නොගැලපෙන බව එවකට සිටි ප්රවිණයන් ඇතුලු විශේෂඥ පිරිස් විසින් පෙන්වාදුන්නා. එය නඩත්තු කිරීම අතිශයින් වියදම් සහගත වන බවත් එමෙන්ම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ උපකරණ මෙරට සතුව ඒ වන විට නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කලා. අදාල තාක්ෂණය මෙම එන්ජින් සමග මිලට ගැනීමට හෝ බලධාරීන් කටයුතු නොකල නිසා මෙවායේ ධාවනය ආරම්භ කර සුලු කලකින්ම විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වුනා බව පැවසෙනවා.
M9 හි Co-Co ඇක්සල සැකැස්ම ඡායාරූපය:- Sandaruwan |
ලංකාවට ගෙනා පසු විශේෂයෙන් උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් සඳහා යෙදීමට අපේක්ෂා කලද M4එන්ජිමේ සේම මෙහිද බොගි වල අසාමාන්‍ය දිග නිසා සහ උඩරට මාර්ගයට නොගැලපෙන Co-Co ඇක්සල සැකසුම නිසා නාවලපිටියෙන් ඔබ්බට ධාවනය කිරීම සාර්ථක වුනේ නැහැ. සම්මත තත්වයන්ට වඩා දිගින් වැඩි සහ ක්‍රියාකාරීත්වයෙන් වෙනස් බොගි නිසා මේවා ධාවනය කිරීමේදී නිරන්තර පීලි පැනීම් වලට ලක්වුනා. වංගුවකදී අනෙක් එන්ජින් වල තරම් කෝණයකින් මේවායේ බොගි හැරෙන්නේ නෑ. එම නිසා නාවලපිටියට ඔබ්බෙන් ඇති තියුණු වංගු වලදී මේවා ගමන් කිරීමෙන් පීලි ඇත් වීම නිසා දුම්රිය මාර්ගයට නිරන්තර හානි සිදුවුනා. මෙවිට අනෙක් දුම්රියන්ට ගමන් කිරීම අපහසුයි.
මේ නිසා මාර්ග සේවකයන්ගේද දැඩි විරෝධයක් මෙම එන්ජිම වෙත එල්ල වුනා. මේ සඳහා විකල්ප ලෙස වංගු වලදී මාර්ගය සවිමත් කිරීමට කොන්ක්‍රීටි සිල්පර යෙදීමත් වංගු වලදී මාර්ගයේ පළල ස්වල්පයකින් වැඩිකිරීමත් ආදී විකල්ප වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව විසින් වැය කලත් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. තවද මෙම එන්ජිමේ තිරිංග පද්ධතියද උඩරට මාර්ගයේ ධාවනය සඳහා ප්‍රමාණවත් නොවු අතර එබැවින් මෙම එන්ජින් ධාවනය කිරීමේදී අමතර තිරිංග මැදිරියක් යෙදීමටද නිර්දේශ වුයේ ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි. එසේම රඹුක්කනින් ඔබ්බට ධාවනයේදී මැදිරි ගණන වැඩි දුම්රියන් සඳහා ස්වංක්‍රීය මැදිරි ඈඳුම් (Auto couplers) අනිවාර්යය බව නිර්දේශ වුනත් එය හැමවිටම ප්‍රායෝගික කටයුත්තක් වුයේ නැහැ. එබැවින් මේවා උඩරට මාර්ගයේ ධාවනය කිරීම ක්‍රමක්‍රමයෙන් අත්හැරදැමුණා.
මේ නිසා මාර්ග සේවකයන්ගේද දැඩි විරෝධයක් මෙම එන්ජිම වෙත එල්ල වුනා. මේ සඳහා විකල්ප ලෙස වංගු වලදී මාර්ගය සවිමත් කිරීමට කොන්ක්‍රීටි සිල්පර යෙදීමත් වංගු වලදී මාර්ගයේ පළල ස්වල්පයකින් වැඩිකිරීමත් ආදී විකල්ප වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව විසින් වැය කලත් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ. තවද මෙම එන්ජිමේ තිරිංග පද්ධතියද උඩරට මාර්ගයේ ධාවනය සඳහා ප්‍රමාණවත් නොවු අතර එබැවින් මෙම එන්ජින් ධාවනය කිරීමේදී අමතර තිරිංග මැදිරියක් යෙදීමටද නිර්දේශ වුයේ ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි. එසේම රඹුක්කනින් ඔබ්බට ධාවනයේදී මැදිරි ගණන වැඩි දුම්රියන් සඳහා ස්වංක්‍රීය මැදිරි ඈඳුම් (Auto couplers) අනිවාර්යය බව නිර්දේශ වුනත් එය හැමවිටම ප්‍රායෝගික කටයුත්තක් වුයේ නැහැ. එබැවින් මේවා උඩරට මාර්ගයේ ධාවනය කිරීම ක්‍රමක්‍රමයෙන් අත්හැරදැමුණා.
මෙම එන්ජිමේ බඳ මෙරට අනෙක් දුම්රිය එන්ජින් වල(දැල් සහිත) වගේ නොවෙයි සම්පුර්ණයෙන්ම ආවරණය වු ලෙසට සකසා තිබෙන්නෙ. ඇතැමෙක් ප්‍රකාශ කරන අදහස් අනුව එයට හේතුව මේවා නිපැයු ප්‍රංශය සාමාන්‍යයෙන් ලංකාවට වඩා සිසිල් රටක් වීම. උපරිම කාර්යක්ෂමතාවයක් පවත්වාගැනීමට එන්ජිමෙන් නිපදවෙන තාපය ඒතුලම රඳවා ගැනීමේ අටියෙන් ප්‍රංශය ආදී රටවල් සඳහා එම සැකසුම ගැලපෙනවා. ඒසේ වුවත් ලංකාව වැනි සාමාන්‍යයෙන් උණුසුම් රටකට මෙය ගැලපෙන්නේ නැත්තේ පිටතට තාපය ගලා යාම අවම නිසා එන්ජිම අනවශ්‍ය ලෙස රත්වීමෙන්. ටෙන්ඩරය බාරදීමේදී රටට අවශ්‍ය නිෂ්පාදනයේ ස්වභාවය පිළිබඳව දුම්රිය බලධාරින් විසින් නිශ්පාදකයා නිසිලෙස දැනුවත් නොකිරීමේ ගැටලුව මේ සඳහා හේතු වන්නට ඇති. කෙසේ හෝ අවසානයේ මේ සැකැස්ම විශාල තාපයක් එන්ජිම තුල රැඳිමෙන් ඇතුලත තාප සංවේදක මගින් ලැබෙන දත්ත නිසා පරිගණක පද්ධතියට මගින් එන්ජිම නිසිලෙස ධාවනය කිරීමට ඉඩලැබෙන්නේ නැහැ. එබැවින් අදාල තාප සංවේදකයන් සියල්ල ගලවා දැමුණු බව කියවෙනවා.
එමෙන්ම මෙම එන්ජිමේ දෙපස බොගි වල ඇති සංවේදක උපකරණ මගින් දුම්රිය ගමන් කරන මාර්ගයේ තත්වය පිළිබඳව පාලන පද්ධතිය වෙත නිතැතින්ම වාර්තා කරනවා. මෙමගින් අදාල පද්ධතිය විසින් දුම්රියේ වේගය මාර්ගයට උචිත ලෙස පාලනය කරනු ලබනවා. කෙසේ වුවත් ශ්‍රී ලංකාවෙ දුම්රිය මග ඒකාකාර ලෙස සුමට එකක් නොවෙන නිසා තැනිතලා මාර්ගයක වුවත් පිහිටීම් එකිනෙක වෙනස්. මේ නිසා අදාල සංවේදක මගින් ලැබෙන දත්ත ඔස්සේ පාලන පද්ධතියට මාර්ගය ගැන ලැබෙන්නේ වැරදි තොරතුරු. එය නිසිලෙස ධාවන වේගයක් පවත්වා ගැනීමට බාධාවක්. ඒ නිසා මෙම සංවේදක කොටස්ද ඉවත් කෙරුණේලු.
මෙසේ අත්‍යවශ්‍ය කොටස් එකින් එකින් එක ඉවත් කිරීම නිසා මෙහි පාලන පරිගණක පද්ධතිය දැඩි ව්‍යාකූල තත්වයකට පත්වූ අතර එහි නිවැරදි ක්‍රියාකාරිත්වයද අඩාල වුණා. අධික උෂ්ණත්වයකට මෙම තායිවාන පරිගණක උපකරණ ඔරොත්තු නොදීමත් එක් හේතුවක්. එසේ වීමට මේවායේ රියදුරු කුටිවල සවිකර තිබූ වායුසමීකරණ යන්ත්‍ර ඉවත් කිරීමත් යම් පමණකට හේතු වුනා. ඒවා ආනයනයේදීම වාගේ ඉවත්කර තිබුනේ යම් ප්‍රතිපත්තිමය තීරණ නිසයි. මෙසේ විවිධ හේතු නිසා මෙම එන්ජින් අධිකව රත්වූ අතර මෙම තත්වය පාලනය කිරීමට එන්ජිමට අමතර රේඩියේටර් දෙකක් සවිකිරීමට කටයුතු කලා.
ධාවනය ආරම්භ කර වසරකින් පමණ මේවායේ ඉන්ධන ටැංකි ඇතුලතින් මල බැදීද සිදුවූ අතර, එම කොටස් ඉන්ධන සමග ෆිල්ටර් කරා ගලා ඒමෙන් ඒවා සිරවීම නිසා ඒන්ජින් වල නියමිත ක්රියාකාරිත්වට බාධා ඇති වුණා. මේ නිසා එම ෆිල්ටර් කොටස් නිරන්තර පිරිසිදුකිරීම් වලටත් මාරුකිරීම් වලටත් ලක් කරන්නට අනෙක් එන්ජින් වලට වඩා අමතර පිරිවැයක් M9 වෙනුවෙන් දරන්නට සිදු වූවා ලු.
මෙසේ විවිධාකාර ගැටලු රාශියකට මුහුණ දෙමින් ධාවනය වූ මෙම එන්ජින් ඒවා මෙරටට පැමිණ ටික කලකදීම එකින් එක ධාවනයෙන් ඉවත් වී දුම්රිය අංගන වල තැන් තැන් වල අත් හැර දැමුණා. එමෙන්ම අංක 868 එන්ජිම තලාව ආසන්නයේදි ගිනිගැනීමට ලක්වුන අතර එය නැවත අලුත්වැඩියා කල නොහැකියි.
මෙරට තුලදී අලුත්වැඩියා කල හැකිව තිබු එන්ජින් කීපයක් පමණක් අලුත්වැඩියා කර මේ වනවිට ධාවනය කෙරෙනවා. අනෙකුත් එන්ජින් අලුත්වැඩියා කිරීම ගැටලුවක්ව තිබෙන්නේ මේවා අතහැර තිබූ කාලයේ ඒවයේ යම් යම් උපාංග සොරකම් කරගෙන ඇති නිසා එම උපාංග නැවත සපයාගැනීමේ ගැටලුකාරී තත්වයක් පැන නැගීමෙනුයි. කෙසේ වෙතත් මෙම එන්ජින් මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සමග එකතු වී නැවත අලුත් වැඩියා කිරීමේ උත්සහයක මේ වනවිට දුම්රිය සේවය නිරත වී සිටිනවා.
මේ වන විට මෙම එන්ජින් අතුරෙන් අංක 866, 869, 870, 872 දරණ එන්ජින් අලුත්වැඩියා කරල යම් යම් වෙනස්කම් සහිතව ධාවනයට එකතු කර තිබෙනවා.මෙම අලුත්වැඩියාවන් වලදි බොහෝවිට පහසුවෙන් අලුත්වැඩියා කර හැකි එන්ජින් වලට අනෙක් එන්ජින් වල කොටස් යෙදීමෙන් තමයි මෙම අලුත්වැඩියාවන් සිදුකර තිබෙන්නේ. (කෙසේ වුවත් අලුත්වැඩියා කල එන්ජින් වලද නිතරම දෝශ මතුවන බවත් පැවසෙනවා)
---පසුව එකතු කරන ලද----
මෙරට තුලදී අලුත්වැඩියා කල හැකිව තිබු එන්ජින් කීපයක් පමණක් අලුත්වැඩියා කර මේ වනවිට ධාවනය කෙරෙනවා. අනෙකුත් එන්ජින් අලුත්වැඩියා කිරීම ගැටලුවක්ව තිබෙන්නේ මේවා අතහැර තිබූ කාලයේ ඒවයේ යම් යම් උපාංග සොරකම් කරගෙන ඇති නිසා එම උපාංග නැවත සපයාගැනීමේ ගැටලුකාරී තත්වයක් පැන නැගීමෙනුයි. කෙසේ වෙතත් මෙම එන්ජින් මොරටුවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සමග එකතු වී නැවත අලුත් වැඩියා කිරීමේ උත්සහයක මේ වනවිට දුම්රිය සේවය නිරත වී සිටිනවා.
මේ වන විට මෙම එන්ජින් අතුරෙන් අංක 866, 869, 870, 872 දරණ එන්ජින් අලුත්වැඩියා කරල යම් යම් වෙනස්කම් සහිතව ධාවනයට එකතු කර තිබෙනවා.මෙම අලුත්වැඩියාවන් වලදි බොහෝවිට පහසුවෙන් අලුත්වැඩියා කර හැකි එන්ජින් වලට අනෙක් එන්ජින් වල කොටස් යෙදීමෙන් තමයි මෙම අලුත්වැඩියාවන් සිදුකර තිබෙන්නේ. (කෙසේ වුවත් අලුත්වැඩියා කල එන්ජින් වලද නිතරම දෝශ මතුවන බවත් පැවසෙනවා)
---පසුව එකතු කරන ලද----
(වැදගත්:-
M9 වල එන්ජින් බලය පිළිබදව විවිධ මතිමතාන්තර පවතිනවා.
M9 වල එන්ජින් බලය පිළිබදව විවිධ මතිමතාන්තර පවතිනවා.
- ඇතැමෙක් පවසන්නේ මෙම එන්ජින් වල බලය 1800hp දක්වා අඩුකර (de-rated) ඇති බවයි. එසේ කර ඇත්තේ එන්ජින් කොටස් ගෙවීයාම අවම කරගැනීමේ අරමුණෙන් බවයි.
- තවත් අයෙක් පවසන්නේ මෙම එන්ජින් වල බලය කිසිලෙසකින් හෝ අඩුකර නොමැති අතර එහි බලය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට යොදාගන්නා බවයි.)
මෙසේ අලුත්වැඩියා කළ එන්ජින් මේ වන විට මුහුදුබඩ මාර්ගයේත්, ඇතැම්විට උතුරු සහ නැගෙනහිර මාර්ගවලත්, උඩරට මාර්ගයේ මහනුවර දක්වාත් ධාවනය කෙරෙනවා. මෙම අලුත්වැඩියා වලදී අංක 866, 869, 872 එන්ජින් වලට Dynamic brake පද්ධති සවිකර තිබෙන නිසා ආරක්ෂාකාරීව මහනුවර දක්වා ධාවනය කල හැකියි. බොහෝවිට ඉදිරිකාලයේදී තවත් එන්ජින් කීපයක් අලුත්වැඩියා කර ධාවනයට එක්වෙවී.
ස්තූතිය:- මෙම ලිපිය සඳහා කරුණු විශාල ප්‍රමාණයක් සපයා දුන් නලින් අබේසිංහ සොයුරාට සහ චානක මල්ලවආරච්චි සොයුරාට විශේෂ ස්තූතිය.
ආශ්රිත ලිපි:-
Multi million dollar locomotive deal that derailed train service - By Frederica Jansz
--------------------------------------------------------------------------------------
**පසුව එකතු කරන ලද (2013-09-22)
අද වන විට ධාවන තත්වයේ ඇත්තේ අංක 864 සහ 869 යන එන්ජින් ද්විත්වය පමණයි. එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි 2013-09-19 සිට මෙම එන්ජින් උඩරට මාර්ගයේ ධාවනය අත්හැර දැමෙනවා.
**පසුව එකතු කරන ලද (2013-09-22)
අද වන විට ධාවන තත්වයේ ඇත්තේ අංක 864 සහ 869 යන එන්ජින් ද්විත්වය පමණයි. එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි 2013-09-19 සිට මෙම එන්ජින් උඩරට මාර්ගයේ ධාවනය අත්හැර දැමෙනවා.
ඡායාරූප:-
මුල් කාලයේ දී උඩරට මාර්ගයේ නානුඔය වෙත පැමිණි M9 එන්ජිමක් |
ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES අලුත්වැඩියා කරඇති එන්ජිමක් ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES |
අලුත්වැඩියා කරඇති එන්ජිමක් ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES |
අලුත්වැඩියා කරඇති එන්ජිමක් ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES |
අලුත්වැඩියා කරඇති එන්ජිමක් ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES |
අත් හැර ඇති තවත් එන්ජින් දෙකක් ඡායාරූපය:- Rangeeth Madhushan |
අලුත්වැඩියා කරන ලද තවත් එන්ජිමක් |
මරදාන ධාවනාගාරය ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES |
සිරියාව විසින් භාවිත කරන Alstom Prima එන්ජිමක්... මේවා ශ්‍රීලංකාව හැරැණුකොට ඊශ්‍රායලය සිරියාව ආදී රටවල් වල භාවිත වෙනවා ඡායාරෑපය:- Wikipedia |
කලින් තිබුණු විදියට නැති උනත්.. ඒ එන්ජින් අහක නොදා දාවනය වෙන එකනම් හොදයි.
ReplyDeleteඒ යුගයෙ වෙච්ච දූෂිතම ගණුදෙනු වලින් එකක්.
ReplyDeleteයකෝ මුංව උල තියන්න එපෑ.. රටේ සල්ලි නේද.. කොහොම උනත් එල ලිපියක්..
ReplyDeleteමේ blog එක මාට්ටු වුනේ අහම්බෙන්......... ලිපි ඔක්කම කියෙව්ව........ එළ. අපි දුම්රිය වලට ආස වුනාට මේ වගේ ගැඹුරට විස්තර හොයන්නෙ නෑනෙ....... ඒක නිසා සෑහෙන්න රසවත් වුනා........... දුම්රිය සම්බන්දව තව තව රසවත් දේවල් ගෙන එයි කියල හිතනව.......
ReplyDeleteජය වේව!!!!!!!!!!!!
ගෙනෙයි ගෙනෙයි .....මෙයාත් එක්තරා කෝච්චියක්
ReplyDeleteWell done Gehan Chandika. Sri Lankans need to be educated about Public Transport and the massive infra structure that is put into serve the society.
ReplyDeleteOur people had the habit of setting fire to Buses and railway stations and disrupting them to gain political advantage not so long ago. Yal Devi was derailed several times. Oil tankers are derailed by our people even now.
So this is a good exercise.
Can you write something about W3 series of locomotives and specially what happened to W 3 A and B series of locomotives. Diesel Hydraulic type. I can remember and seen photographs of W 3 locomotives pulling 9 carriages of Udarate Menike beyond Nanu Oya those days.
ඇත්තටම කියනව නම් මේ එංජිම ගෙන්නන කොට ල.දු.දෙ සේවකයෝ පවා පෙත්සම් ඉදිරිපත් කරා මේවා වෙනුවට ALCO හෝ GM-EMD එංජින් ගෙන්වන්න කියලා.නමුත් ඉතින් අපේ පාලන තන්ත්රයේ හැටිනේ...(කොහොමත් චෞර රැජිණිගේ පාලන කාලය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ නේ.....).....
ReplyDeleteනුවර එන්නේ එක එංජිමයි...ඒක නුවරින් උදේ 5.30 මහනුවර-මාතර දුම්රියේ යනවා කොළඹ දක්වා(එතැන ඉදන් M4, M5, හෝ M8 වගේ එංජිමක් තමා මාතර දක්වා යොදන්නේ...)....ඊට පස්සේ හවස කොළඹින් 4.30 හෝ 5.30 දුම්රිය දෙකෙන් එකක් (හෝ ICE දුම්රියක්) සමග ආපසු නුවර බලා එනවා......
ඇත්තටම කියනවනම් ALSTOM සමාගම සම්පූර්ණ නිශ්පාදන ආයතනයක් නෙවේ...ඒක ගොඩක් කරන්නේ වෙනත් සමාගම්වලින් අදාල කොටස් අරගෙන ඒවා එකතු කිරීමක් වගේ වැඩක්(Assembling).එයාලගේ එංජින් වලට ගොඩක් වෙලාවට CAT,PAXMAN වගේ නිශ්පාදන තමා යොදාගන්නේ...
චන්දික ඊළඟට මොකක්ද එන්නේ?W ද?S ද?Y ද?
මේ පෝස්ට් එකත් නියමයි.....
ඔව් ඇත්තට GM - EMD එන්ජින් ගෙන්නන්න තිබ්බෙ මේක වෙනුවට. පේනවනෙ M2 . අදටත් ඇමරිකාවෙ බඩු අදින්නෙ GM වලින්.
Deletekicks ma thama...aparade minissunga salii..
ReplyDeletethx machoo....ela kiri
M9 කියන සුදු අලියා නිසා ලංකා දුම්රිය සේවයට සිද්ධ වුණේ ලොකු පාඩුවක්. මේ එන්ජිම ලංකාවට කෙතරම් ඔරොත්තු නොදෙනවාද කියනවානම් අඩුම තරමේ වරායේ ඉඳන් මරදානට ගේන්න බැරි වුණා මොකද දුම්රිය මාර්ගය දුර්වලයි කියලා එයි සංවිදක මඟින් දක්වලා එන්ජිම නතර වෙච්ච නිසා.
ReplyDeleteදැනට මම දන්න තරමින් එන්ජින් 03ක් විතරයි ධාවන තත්ත්වයේ තියෙන්නේ. ඒවත් වැඩ කරන්නේ නිරන්න්තර ආපදාවලට ලක් වෙමින්. ළඟදී අලුත්වැඩියා කළ එන්ජිමත් එතරම් සාර්ථක නෑ. ඒක නිසා ඉතිරි M9 එන්ජින් වුණත් අලුත්වැඩියා කරලා ආර්ථිකමය වශයෙන් ලාභ වෙන විදියට දුවන්න පුළුවන් වෙයිද කියන එක ගැන නම් මට තියෙන්නේ ලොකු ප්‍රශ්ණයක්.
ඊළඟට W1, W2 සහ W3 එන්ජින් ගැන විස්තරයක් දෙනවානම් හොඳයි කියලත හිතෙනවා. මොකද ගොඩක් අය ඒ ගැන විස්තර දැනගන්න ආසා වගේ තමයි පේන්නේ. අනික ඉතින් දැන් W1 සහ W2 වැඩිය දකින්නත් නෑනේ. පසුව ලංකාවේ කැළණිවැලි පටු මාර්ගයේ ධාවනය වුණු එන්ජින් ගැනත්, සංඥා ක්‍රම ගැනත් මැදිරි ඈඳුම් ක්‍රම ගැන වගේම වාශ්ප දුම්රිය ගැනත් සඳහනක් කරනවානම් ගොඩාක් වටිනවා.
මෙහි අදහස් දක්වපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. මකුලුවා සහ smartB අපි බලමු වැඩි දෙනාගෙ කැමැත්ත මොකක්ද කියල. එහෙම නේද? :)
ReplyDeleteඅනිවාර්යයෙන් ම චන්දික..... වැඩි දෙනාගේ කැමැත්ත ඉටු කරමු :)
ReplyDeleteමේ එංජිම ගැන පහුගිය දවසක මගේ මිතුරෙකුත් විස්තරයක් කිව්ව. ඒ කිව්වෙ මේව ගොඩ දාන්න අපේ ඈයො ගන්නා උත්සාහය ගැන. මෙතන තියෙනව බොහොම වටින විස්තරයක්. හැමදාමත් කියවන්න ආව ගියත් අද තමයි මුළින්ම මෙහි සටහනක් තැබුවෙ. ඔබේ ලිපි පෙළ විශිෂ්ටයි චන්දික.
ReplyDeleteනියම ලිපියක්. අම්මෝ මේකත් කෝච්චියක් වගේ සෑහෙන්නම දිගයි නේ.
ReplyDeleteනියමයි මල්ලී. ගොඩාක් විස්තර දැන ගත්තා. ඔය දේශපාලුවෝ නැත්තං මේ රට හරියනවා. හරියට අර පොලීසියෙන් නැති තැන මාර්ග තදබදය නෑ වගේ තමයි. මොනවා උනත් අපේ දුම්රිය දෙපාර්තමේන්තුවෙ සේවකයො මේවා හදලා පාරට දාන දරණ උත්සාහය නම් අගය කුළ යුතුමයි.
ReplyDeleteඔයාගේ වැඩෙත් නියමයි මල්ලී. මම මේක හැම දාම කියවනවා.
වැදගත් විස්තර ටිකක්.
ReplyDeleteමේව අපි වෙනුවෙන් ලියනවට ඔබට ගොඩක් ස්තුතියි.
බොහොම වටිනවා සහෝදරයා.... මේ ලිපි පෙළේ වටිනාකම කියලා නිම කරන්න බෑ. මේ වගේ තොරතුරු ප්‍රමාණයක් අප වෙත ගෙනත් දෙනවාට බොහොම ස්තූතියි.
ReplyDeleteහ්ම් ලංකාවේ අසාර්ථකම එන්ජිම. බැරිවෙලාවත් එදා M2 ඉවත් කර තිබුනානම් අද අපිට වෙන්නේ කෝච්චි පෙට්ටි ටිකක් තියන් බලන්න ඉන්න තමා. ඇත්තටම වටිනවා චන්දික මේ පොස්ට් එක.
ReplyDeleteමම මේ ප්රශ්නය දකින්නේ වෙනම විදියකට.පලවෙනි වැරැද්ද M9 එන්ජින් ගෙන්වපු එක.නමුත් ගෙනාවට පස්සේ මොකද උනෙ කියන එක වැදගත්.මේ එන්ජින් ඉක්මනින් එක දිගටම අඩපන වෙන්න ප්‍රධානම හේතුව CGR එකේ ඉන්න කහටගස්දිගිලියේ අමුඩෙ ගහගත්ත ඉංජිනේරුවො සෙට් එක. මමත් උන් එක්ක කාලයක් මේ හැම එන්ජිමකම වයර් කෑලි අත ගගා හිටපු හින්ද බය නැතුව කියන්නේ.
ReplyDeleteමුන් කරපු පළවෙනි මෝඩ වැඩේ තමයි driving cab එකේ හයි කරල තිබුන AC ස්ය්ස්ටෙම් එක ගලවපු එක.මේ එන්ජින් (and controlling circuits) cool කරන්න ප්‍රධාන වශයෙන් AC ස්ය්ස්ටෙම් එක උදවු කරනව.ඊට පස්සෙ රටේම තියන radiator ටික හයි කලා මේව cool කරන්න. ඒත් සාර්ථක උනේ නෑ.මේකෙ තියන්නෙ ඔය කියන තරම් අධි තාක්ෂණික controlling system එකක් නෙමෙයි. අපි හැමොම දන්න programmable microprocessor circuits වෙන වෙනම එක එක කාර්යය වලට හයි කරලා තියනවා. අනිත් එක sensors ගොඩක් දියුණු ඒව. පරන එන්ජින් වල තියන්නෙ analog systems.ගොඩක් තැන් වල opto-couples කරල තියනවා.operating system eka windows xp නෙමෙයි.දැන් හමෝම දන්න Windows CE පරන version එකක්.
කොහොම උනත් මේ දේවල් ගැන දැනගෙන හිටිය නම් මේ එන්ජිම අපෙ රටට ගැලපෙන විදිහට හදාගන්න තිබුනා. එහෙනම් ඉන්දියාවෙවත් නැති M9 ,අපිට තියනවා කියලා ආඩම්බර වෙන්න තිබුනා.
This comment has been removed by the author.
DeleteI 100% agree with Lakshan. ඒත් එක්කම මම කියන්නෙ ALSTOM PRIMA ලංකාවට හරිගියෙ නැත්තෙ ඒකෙ තාක්ෂණික ගැටලු වලට වඩා අපේ රටේ running conditions හොද නැති නිසා කියලයි. මම දැක්කා උඩ comment එකක තියනවා, මේක මුලින්ම වරායේ ඉදං මරදානට ගේන්න බැරිවුනාලු, හේතුව sensors detected a bad road condition.. ඒක තමා ඇත්ත. මේ වගේ highly sophisticated engines අපේ රටේ නයා ගියා වගේ තියන tracks වල දුවන්න බෑ තමයි. for example, Toyota Prius, it is a high-tech hybrid vehicle, ලංකාවෙ දුවන්න බෑනෙ, ඒක toyotaගෙ වැරැද්දක් ද??? So don't blame ALSTOM or RUSTON.
ReplyDeleteලක්ෂාන් කිව්ව වගේ ලංකාවෙ ඉන්න ගොඩක් ඉංජිනේරුවොයි කියාගත්ත උන්ටිකට, පරණ M2, M4 වල යකඩ කෑලියි SCR යි අතගගා හිටපු උන්ට, Microprocessors control system එකක් දැක්කම මැජික් වගේ තියෙන්න ඇති. උන් හිතන්න ඇති M2, M4 වල වගේ මේකෙත් කෑලි ගලෝල පිස්සු නටල උන්ට ඕන විදිහට දුවවන්න පුලුවන් වෙයි කියල.(මම දන්න විදිහට මුලින්ම බොගි සෙන්සර් ගැලෙව්වලු, track එක bad කියනව කියල. ඔලුව කැක්කුමට කොට්ටෙ මාරු කරනව ඔයිට වඩා හොදයි) ඔතන ඉන්න electronic දන්න, මොළේ තියන ඉංජිනේරුවො අතළොස්සට වඩා හරක් රැළ වැඩීනෙ. ඒ අස්සෙ දේසපාලුවොත් සෙට් උනාම කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. locomotives වලට විතරක් නෙමෙයි, ලංකාවෙ electronic control systems තියන කොයි යන්තරේටත් ඔය සැන්තෑසියම තමා.
දැං ඉතිං ඕව කතා කරල වැඩක් නෑ. ගිය දේ ගියා. ගහන උන් ඕකෙන් අම්බානක ගහගන්න ඇති පරම්පරා 7 කටම. දැන් ඉතින් ඔය 10 විසිකරන්නැතුව ගොඩදාන්න බලන්න ඕනෙ. up country දුවන්න බැරිනම්, අඩුම තරමෙ ගාල්ල-මාතර වත් දුවන්න. 190Mn x 10. කජුඇටද කොස්ඇටද. ඕව අපේ බදු සල්ලි. Arthur C. Clarke institute එකේ අයට පිං, විසිකරල තිබිච්ච එකක්හරි ගොඩදැම්මට.
Syria , Israel,Iran වගේ රටවල් වල දැනටත් ඉතාමත් සාර්ථකව පොඩි පොඩි වෙනස්කම් ඔවුන්ට ගැලපෙන විදියට හදාගෙන මේ එන්ජින් දුවනවා. වැදගත් කාරණය මේ රටවල් අවුරුද්දේ වැඩි කාලයක්,ඉතාමත් උෂ්ණ දේශගුණයක් ඇති රටවල්.මොකද, සමහරු කියනවා මේ එන්ජින් හිමේ යන්න හදපුව කියල..
ReplyDeleteඋඩ පොස්ට් එකේ පොඩි වැරදීමක් උනා. ඔපරේටින් ස්ය්ස්ටෙම් එක windows98 නෙමෙයි. දැන් හැමතැනම පාවිච්චි කරන Windows CE.
M9 එන්ජිම ලංකාවේ සාර්ථක වෙනවා මෙන්න මේ ටික වෙනස් වුණානම්,
ReplyDelete1. RHUSTON බල සැපයුම වෙනුවට GM හෝ වෙනත් දැනට දුම්රිය එන්ජින් සඳහා බහුලව භාවිතා වන බල සැපයුමක් යොදා තිබීම. (RHUSTON බල සැපයුම් දුම්රිය වැනි යන්ත්‍රවලට යෙදීම සඳහා නොවන බව විදේශීය ඉන්ජිනේරුවන් ද සඳහන් කර තිබෙනවා. ඒ ලංකාවේ M9 සිද්ධිය උදාහරණයකට ගනිමිනුයි. මේ කරුණ ලොව දැනට පලකර තිබෙන බොහෝ දුම්රිය ඉන්ජිනේරු ශිල්පය ආශ්රිත පොත්පත්වල සඳහන්. මෙය RHUSTON බල සැපයුම් දුර්වල බවට සඳහන් කිරීමක් නොව, මෙහි ඇත්තේ අදාල බල සැපයුම් නොගැලපෙන කාර්යයක් සඳහා භාවිතා කිරීමක් පමණි.)
2. ලංකාවේ දුම්රිය මාර්ගවල තත්ත්වය සළකා bogies වල සහ අනෙකුත් ධාවනයට අදාල සංවේදක වලින් තොරව එන්ජිම නිෂ්පාදනය කරවීම.
3. පරිගණක පද්ධතියට හානි සිදුවන ආකාරයෙන් වායු සමීකරණ පද්ධතිය ගලවා ඉවත් නොකිරීම (වායු සමීකරණ පද්ධතියෙන් සිදු වූයේ අදාල පරිගණක පද්ධති දුහුවිල්ලෙන් තොර පරිසරයක දෝෂ වලින් තොරව ක්‍රියාත්මක කරවීම සඳහාය. ඉන් මොනම අයුරකින්වත් බල සැපයුම සිසිල් කරවීමක් සිදු වූයේ නැත. ඕනෑම අයුරක බල සැපයුමක් අනිවාර්යයෙන් ම සිසිලනය කළ හැක්කේ යම්කිසි ද්‍රවයක් අන්තර්ගත කර ඇති රේඩියේටර් පද්ධතියකින් හෝ වායු පංකා පද්ධතියකින් පමණි. වර්තමාන ලෝකයේ පවා වායු සමීකරණ පද්ධති මගින් අධික ව රත් වන යමක් සිසිල් කිරීමක් සිදු නොකරන අතර ඇත්තෙන් ම එමඟින් සිදු කෙරෙන්නේ යම් කිසි කාමරයක ඇති ජල වාශ්ප ඉවත් කර එහි බාහිර අපද්‍රව්‍යය වලින් තොර වායු සංචිතයක් ඒකාකාරී උශ්ණත්වයක රඳවා පවත්වා ගැනීම පමණි).
2. ප්‍රතිපත්තිමය කරුණු මත RHUSTON බල සැපයුමක් භාවිතා කිරීමට අත්‍යාවශ්‍යය වූයේ නම් අවම වශයෙන් එන්ජින් කාමරය වාතය සංසරණය වන පරිදි වැඩි වා කවුළු ප්‍රමාණයක් සහිතව නිර්මාණය කරවීම සහ රේඩියේටර් පද්ධතිය ඊට ගැලපෙන පරිදි නිමවා තිබීම (RHUSTON බල සැපයුම් වලට සාපේක්ෂව අවම වශයෙන් තාපය ජනනය කරවන දැනට භාවිතා වන ඝGM, PAXMAN,MTU වැනි බල සැපයුම් පිහිටුවා ඇති එන්ජින් වල පවා විශාල වා කවුළු ප්‍රමාණයක් සහිත ව නිපදවා ඇත්තේ එහි ජනනය වන අධික තාපය බැහර කරවීම සඳහාය). Syria, Iran, Israel සහ එක්සත් රාජධානියේ භාවිතා වන ALSTOM PRIMA එන්ජින් වල පිහිටුවා ඇත්තේ GM බල සැපයුම් නිසා අධික ව රත් වීමක් සිදු වන්නේ නැත. මේ කරුණ පිලිබඳ ව අවධානය යොමු කළහොත් අපගේ M9 එන්ජිම අධික ව රත් වීමට හේතුව පහසුවෙන් වටහාගත හැක)
3. M9 එන්ජිම ලංකාවට ගෙන එන අතරතුරදීම එහි නඩත්තු කටයුතු සඳහා අවශ්‍යයය වන තාක්ශණය ලබාගැනීමට කටයුතු කිරීම සහ කාර්මික ශිල්පීන් පුහුණු කරවීම. (ALSTOM සමාගම මෙම එන්ජින් අප රටට ලබාදෙන විට එහි තාක්ශණික දත්ත ලබා දුන්නේ නැත. ඒ හේතුවෙන් සුළු අළුත්වැඩියාවක් සඳහා පවා සමාගමේ සහය අධික මුදලකට ලබාගැනීමට සිදුවිය. එහෙයින් අදාල දැනුම නොමැති ව එය අලුත්වැඩියා කරන්නට යාමෙන් එහි කටයුතු අවුල් වියවුල් වී යාම දුම්රියකට පමණැක් නොව ඕනෑම කාර්මික උපකරණයකට පොදු සංසිද්ඪියකි)
4. සුළු සුළු අවශ්‍යතා වන රියදුරු අසුන රියදුරු කුටියේ මධ්‍යයයේ නොව අයිනකට වන්නට පිහිටුවා අනෙකුත් අන්තයේ සහායකට අසුනක් නිර්මාණය කරවීම, රියදුරු අසුනට සහ සහායක අසුනට ආසන්න ව පිටත බැලීම සඳහා කවුළු සවි කර තිබීම, රියදුරු කුටිය වායු සමීකරණය කර ඇති නිසා රියදුරුට සහ සහායකට පසුපස බැලීම සඳහා පැති කන්ණාඩි සවි කර තිබීම (ඇමෙරිකාවේ සහ යුරෝපයේ වායු සමීකරණය කර ඇති එන්ජින් වල පැති කන්ණාඩි සවි කර ඇත්තේ මේ නිසාය), පසුපස අමුණා ඇති මැදිරිවල යම් හෙයකින් විදුලිය බිඳවැටීමක් සිදුවූයේ නම් එය රියදුරු කුටියට දැන්වීම සඳහා ක්‍රමවේදය සකසා තිබීම සහ cowcatcher එක අප රටේ ධාවන තත්ත්වයන්ට ගැලපෙන පරිදි නිමවා තිබුණේ නම් M9 එන්ජිමේ අගය ලංකාවේදී පහත නොවැටෙන්නට ඉඩ තිබුණි.
ඇත්තවශයෙන් ම RHUSTON 12 RK 215T එන්ජිම අධි බලසම්පන්න බල සැපයුමකි. ප්‍රශ්ණය පැන නැගී ඇත්තේ එය භාවිතා කළ කාර්යය සහ එය භාවිතා කර ඇති ස්වභාවයයි. උදාහරණයක් ලෙස අප කවුරුත් දන්නා 1953 වර්ෂයේදී මෙරටට ආනයනය කළ BRUSH BAGNALL M1 එන්ජිමේ සවි කර ඇති MIRLEES V12 JS12VT බල සැපයුම සැලකිය හැක. එය ද නාවුක යාත්‍රාවලට සවි කළහැකි බල සැපයුමක් වූ අතර මුල් අවධියේදි යම් යම් ගැටළු පැන නැඟුනත් එය මෙරටදී අසාර්ථක නොවුණි. හේතුව නම් අදාල දෙය තැනට සුදුසු අයුරින් සකස් කර භාවිතා කිරීමය. එය M9 සඳහා ද එසේම සිදු වූයේ නම් කිසිදු ගැටළුවක් පැන නොනගින්නට ඉඩ තිබුණි.
නමුත් මෙහිදී සිදු වී ඇත්තේ ඇල්පෙනිත්ත අවශ්‍යයය වූ තැනට පරාල ඇණයක් ගැසීමකි.
(මෙහි සඳහන් ඇතැම් කරුණු මා විසින් කරුණු දීර්ඝ ව අධ්‍යයනය කිරීමෙන් පසු මාගේ පෞද්ගලික අදහස් ද සහිත ව සටහන් කර ඇති බව සළකන්න)
ඔබ සදහන් කරනවා වායු සමීකරණයක් මගින් නියමිත වායු පරිමාවක් එක්තරා උෂ්ණත්වයක නියතව තබාගැනීම කරනවා කියලා. එයින්ම කියවෙනවා නේද එය සිසිලන ක්‍රමයක් විදිහට භවිත කිරීමට හැකි බව. ඇත්තටම මෙහිදි වෙන්නෙ ක්රමාණුකූල තාප සංසරනයක් ඇති කිරීමයි.බල සැපයුමක් සිසිල් කිරීමට මෙය යොද නොගන්න බව ඇත්ත.ඒ අමතර වියදමක් එකතුවන නිසා. නමුත් පරිගණක පදධති සිසිල් කිරීමට සාර්ථක ක්‍රමයක්.. ඉලෙක්ට්‍රොනික් පද්ධතිය අබලන් වීමට ප්‍රධානම හේතුව AC පද්ධතිය. ඉවත් කල circuit කොටස් නැරඹුවහොත් මැනවින් වැටහේවි..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබගේ අදහසට මම එකඟ වෙනවා. ඒ නිසා තමයි පරිගණක සහ server rooms වායු සමීකරණය කරන්නේ.
ReplyDelete@ Lakshan,
ReplyDeleteඔයාගෙ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි මල්ලි. මෙහි ඔයා පල කරල තියෙන බොහොමයක් කරැණු වලට මමත් එකඟ වෙනවා. ඒ වගේම මම නොදැන හිටපු යම්යම් කරුණු ගැන මෙහි සටහන් කල එකටත් ස්තුතියි. M9 එකේ AC ඉවත් කරපු එකෙන් ඒකෙ පාලන උපකරන වල යහපැවැත්මට සිදුවුනු බාධාවත් මේවා ඉක්මනින් ක්‍රියා විරහිත වීමට හේතුවක් වුන බව අවිවාදයෙන්ම පිලිගතයුතුයි. මොකද ඔයාගෙ පුහුණු කාලය තුල ඔයාට SLR එකේ වැඩ ගැන හොඳ අත්දැකිම් ඇති නිසා. හැබැයි SmartB කිවුව වගේම මටත් පිලිගන්න අමාරැයි මේ AC Kit එක මගින් එන්ජිම සිසිල් කලා කියන එක. දුම්රිය එන්ජිමක් වගේ දැවැන්ත තාප ජනක උපකරණයක් සිසිල් කිරීමට AC Kit එකක් යෙදීම එතරම් තරම් ප්‍රායෝගික නැහැ නේද? මේවයේ AC ගලවලා ඉවත් කරන්න ක්‍රියා කලේ ඇයි කියලනම් මටත් හරියටම හිතාගන්න බෑ. සමහර විට ඔය දුම්රියේ යහපත වෙනුවෙන් යැයි කියාගන්නා වෘත්තීය සමිතියකාරයන්ගෙ වැඩක් නිසා වෙන්නත් පුලුවන්.
හැබැයි තව දෙයක්. අපේ රට කරවන මෝඩ දේශපාලකයො තමන්ගෙ කුටිටය ගැය විතරක් හිතල මේ දේ රටට ගෙනාවට පස්සෙ මේව පාවිච්චි කරන්න බෑ කියල ඉවත්කරන්න බැරි නිසා සෙන්සර ගලවල හරි දුවන්න කාර්මිකයොන්ට අණ ලැබෙන්න ඇති කියල මට හිතෙනව. අනික අවශ්‍ය තාක්ෂණය ඔවුනව දීල තිබුණෙ නෑනෙ. ඒ නිසා ඔබ ඔය කියන අමුඩ ගහගත්තු ඉංජිනේරැවො තමන්ට තේරෙන දේවල් කරල යම් මටිටටකින් හරි මේවා දුවාගන්න පුලුවන් තත්වයට පත් කලේ. එහෙම නැතුව එයාලට උවමනාවට මේව ගැලෙවුව වෙන්න බැහැ නේද? අවශ්‍ය දැනුම ඔවුන්ට ඉබේ ලැබෙන්නෙ නෑනෙ. ගෙනාපු දේ කොහොම හරි දුවවන්න කියල ඔවුන්ට ඉහලින් උපදෙස් ලැබෙන්න ඇති. මටනම් හිතෙන්නෙ එහෙමයි.
හැබැයි මේ M9 මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕනේ. අඩු ගානේ අලාභය අඩු කරගන්න හරි පුලුවන් නම් ලොකු දෙයක් නේ. හැබැයි මේකේ බර ටොන් 100 අපේ පාරවල් වලට දරන්න නම් බැහැ කීයටවත්. අන්න එහෙම බැලුවොතින් නම් මේ එන්ජිම කිසිම විදියකින් මේ රටට ගැලපෙන්නේ නැහැ. මේ එන්ජින් නිසාම මුලු රටේම පාරවල් වෙනස් කරන්නත් බැහැ නේ. කොන්ක්‍රිට් සිල්පර දැම්මත් කම්පනය ඉතා අධිකයි. උඩරට නොදුවන්න එක හේතුවක් ඒක. නැත්නම් මේ වගේම දිග එන්ජින් වුනු M2 සහ M4 උඩරට මාර්ගයේ බදුලු ගියා. මේක චන්ද්‍රිකා මැතිණිය ගෙන්නුවේ ප්‍රංශ ආන්ඩුව සතුටු කරන්න. එයා බලයට ආපු කාලේ එයා එහේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක් නිසා දෙගොල්ලො අතර ඇයි හොඳයියක් ඇති උනා. අන්තිමේදි චන්ද්‍රිකා මැතිණි පුටුවෙන් ගියා පාඩුව ජනතාව පිටින් ගියා.
Deleteහැබැයි මේ M9 මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕනේ. අඩු ගානේ අලාභය අඩු කරගන්න හරි පුලුවන් නම් ලොකු දෙයක් නේ. හැබැයි මේකේ බර ටොන් 100 අපේ පාරවල් වලට දරන්න නම් බැහැ කීයටවත්. අන්න එහෙම බැලුවොතින් නම් මේ එන්ජිම කිසිම විදියකින් මේ රටට ගැලපෙන්නේ නැහැ. මේ එන්ජින් නිසාම මුලු රටේම පාරවල් වෙනස් කරන්නත් බැහැ නේ. කොන්ක්‍රිට් සිල්පර දැම්මත් කම්පනය ඉතා අධිකයි. උඩරට නොදුවන්න එක හේතුවක් ඒක. නැත්නම් මේ වගේම දිග එන්ජින් වුනු M2 සහ M4 උඩරට මාර්ගයේ බදුලු ගියා. මේක චන්ද්‍රිකා මැතිණිය ගෙන්නුවේ ප්‍රංශ ආන්ඩුව සතුටු කරන්න. එයා බලයට ආපු කාලේ එයා එහේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක් නිසා දෙගොල්ලො අතර ඇයි හොඳයියක් ඇති උනා. අන්තිමේදි චන්ද්‍රිකා මැතිණි පුටුවෙන් ගියා පාඩුව ජනතාව පිටින් ගියා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteautomatic track and track error detection sensors වගෙ දෙවල් ගලවා දැමීම ප්‍රායෝගිකයි, නමුත් controlling system එකට අදාල sensor (like thermocouple) ගලවා දැමීම මෝඩ වැඩක්.එයාලා හිතන්න ඇති ඒවා ලස්සනට හයි කරපු ඒව කියල. එන්ජින් එක වටේ බොඩි එක ඇතුලට හුලන් වදින විදිහට modify කලා නම් හොද විසදුමක් වෙනවා.
ReplyDeleteඇත්තටම මේක සංකීර්ණ කාරණාවක්. මම ලංකාවේ දැකපු, අහලා තියන පට්ටම අයිස් ගහන, එලිපිටම වැඩ කරන වෙලාවේ නිදාගන්න ඉංජිනේරුවො,ෆොර්මන්ල, වැඩ කරන මිනිස්සු ඉන්නේ CGR එකේ. වැඩකරන්නේ දවසට උපරිම පැය දෙකයි.ඉතින් කොහොමද දැනුම update වෙන්නේ..
ඔය තාක්ෂණය ලැබුනේ නෑ කියන එක නම් හදාගත්ත නිදහසට කාරණාවක්. මම කාලයක් හිටියා කටුනායක ගුවන් හමුදා කදවුරේ euro nautical engineering section එකේ. අපිට අලුත්වැඩියා කරන්න ,modify කරන්න අයිතිය තියන්නේ සහ තාක්ෂණය දීල තියන්නේ Bell 212,412 වගෙ වර්ග දෙක තුනක විතරයි. ඒත් එතන කැපවීමෙන් වැඩකරන මිනිස්සු හින්දා මිග්,MI 24,F7 වැනි අධිතාක්ෂනික යානා වල පවා විශේෂ අලුත්වැඩියාවන් Manual පවා නොමැතිව සිදුකරනවා.
බොහොම වටින ලිපියක්. සෑහෙන්න මහන්සි වෙන්න ඇති කරුණු සොයාගන්න. ම මතකයි අපි ඉස්කෝලෙ 8 පන්තියෙදි වගේ තමයි මේ එන්ජින් ආවේ. පොඩිකාලෙ සමහර යාලුවො කිව්ව මට මතකයි මේක විදුලි එන්ජිමක් කියල :D
ReplyDeleteAPE RATE THAKATHEERUOO DEHSPAALAKAYO HINDA KOCHCHARA NAM SALLI PITA RATATA EDII GIYADA...????
ReplyDeleteCHANDRIKA ISSARA FRANCE WALA LAMAI BALAGATHTHA KAALE TRAIN SERVICE DAKALA ...HITENNA ATHI LANKAAWATATH GENNANNA ..??? AII UNGE APPAGE BUDAALENE DAN MONAADA EA GANII KIYANNEE ....???? DANNAMA BABA MOKUTH NODANNA APE RATA KAALA DAAPU THAWATH EKA JARAA GANIYEK THAMAI EA.....???SORRY MEHEMA LIWWATA OYALAGE LASSANA SITE EKATA...EA UNATA MINISSU ATHTHA DANAGANNA ONEEE...? NATHNAMA THAWATH ISSARAHATA ARA NALU NILIYANTA CHANDE DUNNA WAGE GON KAM KARAII KOHOMA UNATH ITHAMA WATINA SITE EKAK OYALATA JAYEN JAYA
DANAWANAM MENNA NADUU
ReplyDeletevaluable article...keep it up
ReplyDelete864 එන්ජිමත් අළුත් වැඩියාව අවසන් වෙලා දැන් ධාවනයට සූදානම් වෙලා....
ReplyDeletemama nam hithanne me engine eke newe ape aya meka use karanna danne nathuwa nikan naasthi kara gatta kiyala,kawadawath sensor galawanna honda na,ewa tiyenne engine eka hariyata duwanna,anika circuit ehema AC wala tiabbanm ewa galawapu ekath waradi,ape aya godak mechanical system ekka wada karata electronic control system ekka wada karanna danne na,parana mechanical engine wagema kiyala hithagena mewatath salakanna aththe,control system ekaka sensor tika galawala damma kiyanne ithn engine ekama wisiak karana eka hondai thawa :D
ReplyDelete867 now ok. 868 hera anik okoma ewi. monwa unath den M9 engine loku barak adinawa SLR eke. api me enine walata baian eka hari ne. monawaa unath
ReplyDeleteSAGARA DISSANAYAKE
This comment has been removed by the author.
ReplyDeleteමාත් උදේට යන්නේ ඔය එන්ජින් එකක් තියෙන දුම්රියක සුපිරි එන්ජිම යනවා කෙළගෙන
ReplyDeleteඑකක් මිලියන 190 ක් වුණාලු. අය්යෝ සල්ලි ! ඒ කියන්නේ ලක්ශ 1900 ක්
ReplyDeleteමම දැක්කා මකුළුවා කියල කෙනෙක් ( කොහොමත් චෞර රැජිණිගේ පාලන කාලය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ නේ.) කියල තිබුණා.
ReplyDeleteදැන් කොහොම හරි ඒ එන්ජින් හදල දුවනවනෙ, කාටවත් අපහස කරන එක හරි නෑ. එතුමිය ඉන්න කලේ රටට ඊට වැඩ වැදගත් දෙයක් ගේනවා එතමා Malti Baral Rocket Longer මේවා ලංකාවට ගෙනාවේ හෙන ගේමක් දීල. සමහරක් ඒවා එනකොට හිතාමතාම කඩල දාල. මේවා නැත්තන් අපිට දුම්රියේ යන්න වෙන්නෙත් බයෙන්.
මල්ටි බැරල් ගෙනල්ලා මලකඩ කන්න දාලා එයා සොල්හයිම් එක්ක සුදු නෙළුමත් අරන් ගියා ප්රභාකරන් එක්ක ලව් කරන්න. ඔය වගේ වැඩම තමා කලේ. හද හද දුවන්නේ අම්මගේ අප්පගේ සල්ලි වලින් නෙවෙයිනේ. හද හද දුවන්න නම් බිලියන ගණන් දීලා අළුත්ම එන්ජින් ගේන්න ඕන නෑ, පරණ එන්ජින් ටිකක් ගත්තනම් ඇතිනේ. කාටවත් අපහස කරන්න ඕන නෑ, ඒත් ඇත්ත කියන්න ඕන.
Deleteමචන් තව දෙයක් පුලුවන්නම් හොයල දාන්න සෑම දුම්රියක්ම Diesel 1L කොච්චර දුරක් දුවනවද කියලා
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteThis can be used as a electric train if a pantograph is connected. Please submit details of the new M10 from India.
ReplyDeleteදැන් ඕක නෙවෙයි නේ අප්සට් එක මේවට වගකිවයුතු අයට කෝ දඬුවම්? මං ඉන්න කසිකබල් බටහිර රටේ නම් මේ වගේ ජාතික අපරාධයක් කරොත් කරපු එවුන් ජීවිතාන්තය දක්වා හිරේ. කෝ අපේ රටේ ජනතාව මෙතනත් බොහෝ අය කතා කරනව ඒත් ඉදිරියටත් මේ වගේ ජාතික අපරාධ නවතීවිද? බිලියන ගනන් ජාතික ධනය නාස්ති කරාට දඬුවම් නෑ කාමරවල ඉන්න ගණිකාවණ් අල්ලල හිරේ දැම්මොත් ඇතිනේ.
ReplyDeleteමොනවා කිව්වත් එලවන්න ලේසිම එන්ජිම තමයි m9
ReplyDeleteM9 kiyanneniyaa engimake
ReplyDeleteමම බොහෝ සෙයින්ම ආදරය කරන එන්ජිමක්...ඒ වගේමයි සුපිරිම තාක්ෂනයක්...නමුදු කිසිම අයුරකින් මෙය ශ්‍රි ලංකාව වැනි මධ්‍යම පන්තියේ රටකට ගැලපෙන්නේ නැත...මෙහි ඇති සුපිරි තාක්ෂනයට ගැලපෙන කිසිදු හිතකර පරිසර තත්වයක් මෙරට නැත...එම නිසා M9 කෙමෙන් කෙමෙන් අප අතරින් වෙන්වී යයි... Love you M9 ♥ Forever and Always...
ReplyDeleteමම බොහෝ සෙයින්ම ආදරය කරන එන්ජිමක්...ඒ වගේමයි සුපිරිම තාක්ෂනයක්...නමුදු කිසිම අයුරකින් මෙය ශ්‍රි ලංකාව වැනි මධ්‍යම පන්තියේ රටකට ගැලපෙන්නේ නැත...මෙහි ඇති සුපිරි තාක්ෂනයට ගැලපෙන කිසිදු හිතකර පරිසර තත්වයක් මෙරට නැත...එම නිසා M9 කෙමෙන් කෙමෙන් අප අතරින් වෙන්වී යයි... Love you M9 ♥ Forever and Always...
ReplyDeletemawa laga duwanna danna puluwanna
ReplyDeleteසුපිරියට කඳු අදිනවා. අපි නුවර යන inter city කෝච්චියට මේකක් තමයි ආවෙ.3.35 නගරාන්තර සිග්‍රගාමී දුම්රියට.
ReplyDeleteඅලුතෙන් ඉංදියාවෙන් ඇවිත් හදන එක ගැන මුකුත් කියන්න බැරිද ?
ReplyDeleteඅලුතෙන් ඉංදියාවෙන් ඇවිත් හදන එක ගැන මුකුත් කියන්න බැරිද ?
ReplyDeletewatina lipi kihipyk math siyalla wage baluwa........thawth ediriyata liynna
ReplyDelete