Wednesday, March 07, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්....(අවසාන කොටස)

කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න වුණා. ඒකට කමෙන්ට් දාපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.

පෙර කොටසින්... 
අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා.......

අද එතැන් සිට...

        ඒ වෙන මොකුත් නෙමෙයි. මමත් තූර්යත් පහලට බැස්ස හන්දා ආපහු උඩට නගින්න කම්මැලියි වගේ. ඒ නිසා අනෙක් සාමාජිකයෝ දෙන්නට පහලට එන්න කියමුද කියලා. ඊට පස්සේ අපි ආපහු කල්පනා කරලා තීරණය කරා දුම්රිය මාර්ගයේ ඒ කොටසත් බලාගෙනම යමු කියලා අපි දෙන්නා ආපහු මාර්ගයේ ඉහල කොටසට නගින්න තීරණය කලා. 

තූර්යගෙ ඈංගල්ස්
තූර්යගෙ ඈංගල්ස්
        කලින් ආපු නැති පාරවල් දිගේ තේ වතු අස්සෙන් ගිහිල්ලා කැරකිලා කැරකිලා අන්තිමට රේල් පාර හොයාගත්තා. 

ආපහු තේ වතු හයික්..
        අපේ සාමාජිකයෝ දෙන්නත් මුණ ගැහුනා. අපි දැකපු සංසිද්දිය නම් මේ දෙන්නට බලාගන්න වුනේ නැහැනෙ. ලහිරු ප්‍රවීන් දෙන්නට මම පෙන්නුවා පාලමක් ඒකට නැගල පින්තූර ටිකක් ගන්න කියලා. මේ දෙන්නා පාලම දැක්ක ගමන් බය වෙලා. :D

මේ තියෙන්නෙ පාලම.  මේ පාලමට යටින් කෝච්චි පාර යන්නෙ

මේක වතු සේවකයන්ට එහා මෙහා යන්න හදපු එකක්.
දැක්ක ගමන් ප්‍රවීන්ට හිතුනලු මේක කඩා වැඩෙයි කියලා :D

        පාලම දැක්ක ගමන් ප්‍රවීන් බය වුනාලු මේක කඩාවැටෙවි කියලා. ප්‍රවීන් කොහොමත් පාලම් වලට පොඩි බයක් තියෙනවා විශේෂයෙන් පතුල පේන පාලම් වලට. මෙන්න සාක්කි. :D කෙහොම වුනත් ඒ දෙන්නත් ලස්සන පින්තූර ටිකක් අරන් තිබුණා. මේ තියෙන්නෙ කිහිපයක්.

ඔය එන්නේ ලාම්පුවත් පත්තු කරගෙනම
කොහොමද වංගුවෙ සැර?
ඉන්දරේගෙ වැඩ..

       ලහිරු අරගෙන තිබුණෙ වීඩියෝ  එකක්. මේ තියෙන්නෙ ඒක.


        කොහොම හරි වෙලාවත් ටිකක් ගතවෙලා තිබුණ හන්දා අපි ටිකක් ඉක්මන් ගමනින් පිටත් වුණා ගමනෙ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න. මේ වෙනකොට ඉරත් ටිකක් තදින් අපිට පීඩා කරමින් තිබුණත් අපේ ගමනින් බාගයක්වත් ඉවර වෙලා තිබුනෙ නැහැනෙ.

මරු බෝලේ. මම එපා නොකිවුවනම් ඉන්දරයා මේක කනවා :P
 මේක තිබුනෙ රේල් පාර අයිනෙ
යාලුවෙක්නම් කිවුවෙ මේ ස්ට්‍රොබෙරි ජාතියක් කියලා.

        කොහොම හරි ඔන්න අපි වටගොඩ දුම්රිය ස්ථානයටත් ආවා. එතනදි තමයි අපි අපේ දිවා ආහාරය(වගේ එක) . ගත්තේ. ගමනේ ඉතුරු කොටස යන්න පිටත් වෙන්න කලින් අපි වටගොඩට වෙලා ටිකක් වෙලා ගිමන් හැරියා. පහලට එන උඩරට මැණිකේ ගියාට පස්සෙ තමයි අපි පිටත් වෙන්න අදහස් කරන් හිටියේ. ඒ වෙනකම් කට්ටියම කරේ පින්තූර ගන්න එක තමයි.

ඔන්න වටගොඩ ස්ටේෂම
උදේට කෑවට පස්සෙ මේ කනවමයි :P
කෝච්චි වල බර කිරන තරාදි දැකල නැත්තම් මෙන්න බලාගන්න :D
ඉස්සර වටගොඩ ස්ටේෂමේදි WWL වැගන් වල(ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ)
 බර කිරන්න පාවිච්චි කරපු එකක්. දැන් නම් කෑලිත් නැහැ.
මේන් පහලට යන උඩරට මැණිකේ වටගොඩට ඇවිල්ලා.

         උඩරට මැණිකේ පිටත් වුණාට පස්සේ අපි හතරදෙනත් හෙමින් හෙමින් ගමන පිටත් වුණා. වටගොඩ ස්ටේෂන් එක පහු කරලා පහලට එද්දි අපි පහු කරන් ආපු ගමන් මග ඉතා පැහැදිලිව දැකගන්න පුලුවන් වුණා. ඒ වගේම මේ මාර්ගයේ සැලකිය යුතු ආනතියකින් පිහිටලා තිබූනෙ. අවට වටපිටාවෙ සුන්දරත්වයනම් තවමත් අඩුවක් වුනේ නැහැ. ඒ මේ කලාපය ඒ තරම් ලොකුවට ජනාකීර්ණ වෙලා නැති නිසා වෙන්න ඇති.

මේ කොටසේ සෑහෙන ආනතියක් තියෙනවා.
තූර්ය:- මචං ඉන්දරේ අන්න අතන ඉඩංකෑල්ල තමා මං බැලුවේ.
සිරා ප්ලේස් එක බං. මං එතන කඩයක් දාන්නයි ඉන්නේ.


ඉන්දරේ:- මැක්සා අයිඩියා එක තූර්යෝ. අඩේ මටත් බැරිද ඔතන ඉඩමක්
සෙට් කරලා දෙන්න. මට ඔතන හෝටලයක් දාන්න ඇහැකි.


තූර්ය:- අන්න වැඩේ. එල එහෙනම්. අපි දෙන්නා සෙට් වෙලා වැඩේ කොරමු.
ඊට පස්සේ අපි මෙතනින් එහාට රේල් පාර ගලෝමු.
නැත්තං සතියකට පාරක් මේ හරියෙන් කෝච්චියක් දෙකක් පීලි පන්නමු.

:D :D :D :D

පහල බලා ගමනේ....
         රේල් පාර දිගේත් රේල් පාරෙන් පිටත් සෑහෙන්න දුරක් අපි ආවා. ඒ වගේම මේ ගමනෙදි අපිට හමුවෙන බිම්ගෙයත් අපි මග අරින්න තීරණය කලා වෙලාව මදි කම නිසා.

බිම්ගේ ඇතුලෙන් නැතුව උඩින් ගියා.

         ඒ බිම්ගේ පහු කරලා තව ටිකක් ඉදිරියට යද්දි මෙන්න මේ සුන්දර දර්ශණය හමු වෙනවා. මේක කෝච්චියෙන් ගිහිල්ලානම් කවදාවත් දැකගන්න ලැබෙන්නෙ නැහැ. 
සිරිපා කන්දයි ඩෙවෝන් ඇල්ලයි රේල් පාරයි.
        මෙහම සැලකිය යුතු දුරක් ගියාට පස්සේ ඔන්න තවත් බාධකයකට අපි ආවා. පතුල පේන පාලමක් :D  දැන් ඉතින් ප්‍රවීන්ව මෙතනින් එහාට ගන්නව බොරු. ;) 

මෙන්න ඒ බාධකේ.
        කොහොම හරි සෑහෙන්න වෙලාවක් ගිහිල්ලා ඒ බාධකේත් පැනගත්තා මෙන්න මේ විදියට.

මෙන්න අපේ කොල්ලො ටික පාලමෙන් එගොට වෙන හැටි.

        වැඩිපුර විස්තර ඕනෙනෙ නේද? ඉන්දරේ මට තරයෙම කියා හිටියා මේ වීඩියෝ එක දාන්නම කියලා මේ බ්ලොග් පෝස්ට් එකේ. ඔන්න ඒ නිසා මම දානවා. මෙන්න මෙහෙමයි ළමයි පාලම් වල ආරක්ෂාකාරීව යන්නේ. ;)
පොඩි මෙවුවා එකක් ;)

        කොහොමින් කොහොමින් හරි ඔන්න අපි තලවකැලේ කිට්ටුවටම ලඟා වුණා. එතකොට අපිට දකින්න ලැබුණෙ තවත් විස්කම් නිර්මාණයක්. කාලයක් රසවත් මතෘකාවක් වෙලා තිබුණු ඒ වගේම ලොකු විරෝධතාවයක් වෙලා තිබූනු ඉහල කොත්මලේ ව්‍යාපෘතිය. රේල් පාර විහිදිලා තියෙන්නෙ ජලාශට අසලින්මයි.

කන්දක් උඩ පුංචි ගමක්
ඉහල කොත්මලේ ජලාශය
         මේ සෙරම පහුකරගෙන අපි තලවකැලේ නගරෙට එද්දි හොඳටම හෙම්බත් වෙලා. සෑහෙන මහන්සියි. බඩගින්නත් උපරිමේටම. 

තලවකැලේ ස්ටේසම. ඔය දකුනෙන් රවුමක් තියෙන්නෙ. ඉස්සර එහෙ පාවිච්චි කරපු
ටර්න් ටේබල් එක. දැන්නම් ඒක එලවලු පාත්තියක්.
මේසෙ අතුරුදහන්.

        සෙන්ට් ක්ලෙයාර් දක්වා යන එක තමා අපේ අරමුණ වුනේ. ඒත් සාමාජිකයෝ හිටපු තත්වෙත් එක්ක ඒ ගමන යන එක අස්ථාවරව තමා තිබුණෙ. කෝකටත් කියලා අපි මුලින්ම හොඳ හෝටලේකින් කෑවා. :D ඒ කිවුවේ අපි මුලින්ම හිස් වෙලා තිබුණු බඩගෙඩි වලට කෑම ටිකක් දාගත්තා. එතකොට ඔන්න ටිකක් තෙහෙට්ටුව ඇරුණා. ඊට පස්සේ අපි කෝකටත් කියලා පයින් නොගිහින් පොදුජනතාවගේ හිතවතා තුන් සක රියකින් සෙන්ට් ක්ලෙයාර් බලා පිටත් වුණා.

        සෙන්ට් ක්ලෙයාර් කියල අදහස් කලේ ඔයාලා දන්න කියන සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල නෙමෙයි. සෙන්ට් ක්ලෙයාර් කියලා දුම්රිය නැවතුමක් තියෙනවා තලවකැලේට කලින්. ඒක හදලා තියෙන්නේ එතන තියෙන තේ කර්මාන්තශාලාවේ ප්‍රයෝජනයට. කොහොම  වුණත් දුම්රිය ස්ථානයටනම් දැන් වහලා දාලා.

මේ තියෙන්නෙ සැන්ට් ක්ලෙයාර් පැරණි දුම්රිය නැවතුම. දැන්නම් මේක භාවිත වෙන්නෙ නැහැ.
පිටිපස්සෙ තියෙන තේ කම්හලත් දැන් වැඩ නැද්ද මන්දා.
මේ නැවතුම හැදුවේ දුම්රියෙන් තේ ප්‍රවාහනය කරන කාලෙ වැඩ ගන්නලු.
නාම පුවරුවෙ හැටියටනම් මෑතක් වෙනකම්ම වැඩ අරන් තියෙන පාටයි.
කොහොම වුනත් අපේ සම හරක් මේකට හොඳට සලකලා තියෙනවා.

        එතනත් බලාගත්තට පස්සේ අපේ ගමන සම්පූර්ණ වුනා. ඉතින් ඊට පස්සෙ සෙන්ට් ක්ලෙයාර් වලට සමුදීලා සුන්දර මතකයන් ගොන්නකුත් හිතේ ඉතුරු කරගෙන අපි එතනින් බස් එකට නැග්ගෙ හැටන් වලට ඇවිල්ලා එතනින් කොළඹ බලා එන්න.

තවත් දුම්රිය චාරිකාවක් නිමි.

53 comments:

  1. නියම tour එක මචන්.. කොහෙද ඉතින් මේ කොළඹ ඉන්න එවුන්ට ඔහොම ඇවිදින්න හිතෙන්නෙ නැහැනේ.. යන්න එකෙක් නැතුව ලත වෙනව තවම...

    ReplyDelete
    Replies
    1. උත්සහ කරල බලන්න සහෝ. ඔවු ඇත්ත. මේ වගේ ගමනක් යන්න හැමෝම කැමති නැහැනෙ.

      Delete
    2. දුම්රිය සේවයේ සද්දේ අඩුම භාණ්ඩෙ S10 ගැන ලියන්නෙ නැතෙයි..??

      Delete
  2. සිගත් විස්තරය වගේම සුන්දර ඉංතූරු ටිකක් බොහොම ස්තුතියි!

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හරි!

      Delete
  3. Next time, I ll join with u Bros
    අනේ මාවත් එක්කන් යන්ටෝ....
    https://www.facebook.com/DeeL88

    ReplyDelete
    Replies
    1. අපි ආයෙ යන දවසක් කියන්න බැරියෝ. පුලුවන්නනම් කට්ටියක් සෙට් කරගන්නෝ!! පුලුවන් උදව්වක් දෙනෝ...

      Delete
  4. එලටම තියෙන්නෙ ඔය විස්තරේ....
    ෴නිපුන෴

    ReplyDelete
  5. නියම ගමනක්නෙ. මට තවම කෝච්චි පාරක ඔහොම ගමනක් යන්න හම්බෙලා නැහැ. මේ පින්තූරත් විස්තරත් දැක්කහම ඉක්මණටම යන්න ආසයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ. එහෙනම් ඉක්මනටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)

      Delete
  6. උබේ බ්ලොග් මොන හේතුවක් හරි නිසා මග හැරෙනවා... ගානක් නෑ මූනු පොතෙන් අප්ඩේට් නේ...

    අඩේ මතකනේ...

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි. මොකෝ බන් අමතක :D

      Delete
  7. why concrete sleepers not used in Badulla line?

    ReplyDelete
    Replies
    1. I wanna ask it from a responsible person and will tell it later.

      Delete
  8. ඔන්න කලින්ම කිව්වා ආයෙම යනවනම් මාවත් එක්ක යන්ඩ !
    නැත්නම් ආයේ මෙහෙම පෝස්ට් කියවලා ඊර්ෂ්‍යාව පුරෝ ගන්ඩ මම් එන්නේ නෑ :)

    ReplyDelete
    Replies
    1. හරි බොල. ඊගාව එක යමු. :D

      Delete
  9. ආයෙ කියල වැඩක් නෑ. මේ වගේ හයික් එකක් ගියාම ලැබෙන තෘප්තිය.... හොඳ සෙට් එකක් එක්ක යනවනම් ඉතින් කීයටවත් වරදින්නෙ නෑ....

    ReplyDelete
  10. පෝස්ට් එක කියෙව්ව වීඩියෝත් බැලුව, ප්‍රශ්න දෙකක් හිතට මතු වුනා.

    'මේන් පහලට යන උඩරට මැණිකේ'
    චන්දික එයින් අදහස් කලේ කොළඹ පැත්තට යන කෝච්චියද ?

    සී.ජී.ආර්. එකේ අප් සහ ඩවුන් [උඩහට සහ පහළට] දුම්රිය හඳුන්වන ක්‍රමේ ගැනත් කිව්වොත් නරකද. මම හිතන්නෙ හාබර් එකක් තියෙන පැත්තට යන දුම්රිය අප් නැත්තං උඩහට යන දුම්රිය හැටියට නේද සැලකෙන්නේ ?
    එහෙම වුනාම නුවර පැත්තෙ ඉඳන් කොළඹට යන කෝච්චියක් අප් ට්‍රෙන් එකක් වෙනව නේද ?

    අනික් කාරනාව කොළඹ ඉඳන් ට්‍රින්කො යන කෝච්චිය අප් කොයි පැත්තෙද ?

    ReplyDelete
    Replies
    1. මම මගේ පහසුවට තමයි බදුල්ල පැත්තට යන එවුවට උඩහට යන එවුව කියල හැඳින්නුවෙ කන්ද උඩ පැත්තට යන නිසා. මම සම්මත ක්‍රමය හරියටම දැනගෙන කියන්නම් අයියා. මම තවම ඒක හරියටම දන්නේ නැහැ. මුහුදුබඩ මාර්ගයේනම් ඉහල මාර්ගය කියන්නෙ කොළඹ පැත්තට.

      Delete
    2. මං අහල තියෙන විධියට සහ ඔස්ට්‍රේලියාවෙ භාවිතා වෙන බිතාන්‍ය ක්‍රමේට වරාය පැත්ත උඩහ.
      එක මං වැඩ කරන පර්ත් මෙට්‍රොපොලිටන් සිස්ටම් එකෙත් එහෙමයි.

      මට තාම මතකයි අම්ම ස්ටේෂන් එකට තාත්තගෙ බත් එක යවන්නෙ අප් කියල නොම්මේරෙකුත් ලියල හැමදාම, තාත්ත වැඩ කලේ මට මතක කාලෙ කොළඹ ඉඳල පිටත් වෙන කෝච්චි වල.

      Delete
    3. //මම සම්මත ක්‍රමය දැනගෙන කියන්නම් අය්යා//

      තාම බලා ඉන්නවෝ....

      Delete
    4. සමාවෙන්න මම පොඩ්ඩක් පහුගිය ටිකේ වැඩ වැඩිවුන නිසා ප්‍රතිචාර දක්වන්න ප්‍රමාද වුණා. මෙහෙමයි සම්මත ක්‍රමය.

      මුහුදුබඩ මාර්ගය:- කොළඹ දෙසට ඉහල මාර්ගය/මාතර දෙසට පහල මාර්ගය
      උඩරට මාර්ගය:- බදුල්ල දෙසට ඉහල මාර්ගය/කොළඹ දෙසට පහල මාර්ගය
      උතුරු/නැගෙනහිර මාර්ගය :- මහව දෙසට ඉහල මාර්ගය/කොළඹ දෙසට පහල මාර්ගය
      කැළණිවැලි මාර්ගය:- අවිස්සාවේල්ල දෙසට ඉහල මාර්ගය/කොළඹ දෙසට පහල මාර්ගය

      දුම්රිය දෙපාර්තමේන්තුව වර්තමානයේදී භාවිත කරන ක්‍රමය මේකලු.

      Delete
    5. Thank you very much, I have a feeling the C.G.R. may have changed the system in late 60s or early 70s.

      [I may be wrong]

      Delete
  11. කට්ටිය පාලම අල්ලගෙන යන්නෙ හරියට පාලම වැටෙයි කියල බයට වගේනෙ.
    නියම චාරිකාවක්.

    ReplyDelete
    Replies
    1. නෑ අයියෙ මෙයාලා මේ හෙමින් එන්නෙ පාලමට රිදෙයි කියලා :D

      Delete
  12. පින්තූර ටික වගේම විස්තර කිරීමත් එල ........

    ReplyDelete
  13. සිරාම හයික් එක. අර සිරීපාෙද ෙප්න සීන් එක නම් කියන්න බැරි තරම් ලස්සනයි.

    මම අහල තිෙයන විදිහට අර පාරට උඩින් තිෙයන පාලම් වලට කියන්ෙන "කුදිර පාලම්"
    කුදිර කියන්ෙන ෙදමළ භාෂාෙවන් අස්සයටලු. වත්ෙත ෙලාක්කා (ඒ කාෙල සුද්ෙදා) අස්සයා පිටින් වත්ෙත ඉන්ස්ෙපක්ෂන් ආවම අස්සයට ෙර්ල්පාෙරන් පනින්න බැරි නිසා අස්සය පිෙට්ම යන්නලු ඔය පාලම් හදල තිෙයන්ෙන.

    පී.එස්. - ඉන්දෙර් උඩින් යන්න වෙග්ම යටින් යන්නත් බයයි, පාලම ඔලුවට කඩන් වැෙටයි කියලා.. :D

    ReplyDelete
    Replies
    1. වැදගත් විස්තරයක් සහෝ. ගොඩක් ස්තුතියි.

      Delete
  14. ඔයාලගේ ලිපි බොහොමයක් කියෙව්වා. ගොඩාක් වැදගත් කරුණු තියන බ්ලොග් එකක්. ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්... ලිපි පෙලත් ගොඩක් ලස්සනයි. ඔයාලගේ ගමනෙන් විඳගත් අත් දැකීම , අනෙත් අයගේත් අත්දැකීමක් බවට පත්කිරීම ගැන ස්තුත්යි. පින්තුර ටිකත් ලස්සනයි.

    පොඩි ගැටළුවකුත් තියනවා , වටගොඩ දුම්රිය ස්ථානයේ තියන කෝච්චි වල බර කිරන තරාදි වල තියන වැදගත්කම මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ... බඩු පෙට්ටි වල බඩු පටවලා ඉස්ටේසමට අරන් එනවා. තරාදිය උඩට පෙට්ටිය දාලා ඒකේ බර කිරනවා. හිස් පෙට්ටියේ බර ඒ පෙට්ටියේ එලියේ ගහල තියෙනවා ( ගෑස් ටැංකි වල වගේ). එතකොට මුළු බරින් හිස් පෙට්ටියේ බර අඩු කරාම බඩුවල බර ලැබෙනවා.

      Delete
    2. ආ. මේ දීලා තියෙන්නෙ උත්තරේ.. :D

      Delete
  15. හොඳ ගමනක්. එළ.. අනෙක් පාර කූඩාරමක් හොයාගෙන රැයකුත් ගත කරන්න බලාගෙනම ගමන ප්ලෑන් කරගන්න. ගිනි මැලයක්, උයාගෙන කාලා, වතුර හොයාගෙන, සීතලේ, ටිකක් බයේ, කරලම බලන්න. කූඩාරමක රැයක් තවත් හොඳ අත්දැකීමක් වෙයි.

    ReplyDelete
    Replies
    1. එක්වරක් අපි එහෙම දෙයක් කරන්න සැලසුම් කලා. නමුත් සමහර ප්‍රායෝගික ගැටලු නිසා ඒක තවම සාර්ථක කරගන්න වුනේ නැහනෙ :(

      Delete
  16. The superb story of Great Journey. Thanks Guys. Specially Gehan.!! We hope that you will publish more articles in future too. Best Wishes...

    Best Regads,
    Prabath

    ReplyDelete
  17. මගේ මේ වචන වල මේ කෝච්චිපිස්සන්ට දිරිය සුබපැතුම් වගේම ඊරිසියාව දුක තරහ කියන දේවලුත් ඇතුලත්!

    මට ඊරිසියා උබලා මේ ගන්න ෆන්එක මේ ජොලිය මට ගන්න බැරි නිසා.දුක ඔය යන්න හදපු පලවෙනි හයික් එකට මම එන්න හැමදේම ලෑස්ති වෙලත් මගේ මෝඩකමටත් තවත් එකෙක්ගෙ කම්මැලිකමත් නිසා ඒදේ මගහැරුනු නිසයි.මට තරහ ඌ එක්කයි. ;-)

    එදා එහෙම ආවනම් මමත් සමහර විට අද කුමාරියන් මැණිකෙලා කීපදෙනෙකුටම ආසකරන ඔවුන් යන පාරවල්වල කරක්ගහගෙන ෆොටෝ ගහගහ ඇවිදින එකෙක් වෙන්න තිබුන.

    කියන්නම ඕනෙ,ඉන්දරේගෙත් අයියගෙත් පින්තූර ටික සිරාවට මරු!

    ඇත්තටම උබලා මේ විදින්නෙ අපූරු අත්දැකීමක්. ඉතින් ලංකාවෙ හැම සිල්බරකොටයක්ම උබලා අඩිය තියපු එකක් වෙන්න කියල පතනවා!

    එහෙනම් ජයවේවා මිත්‍රයා . . . .

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ. මම කී පාරක් ඇහුවද එනවද කියලා. කෝ ආවෙ නැහැනේ. :D
      ගොඩක් ස්තූතියි සහෝ.
      දවසක යමුකෝ..

      Delete
  18. වෙහෙස මහන්සි වී තොරතුරු ගෙනාවාට ස්තුත්යි. මම අහල තියන විදියට Great Wenstern දුම්රිය ස්ථානයට විදුලිය ලබාගන්නේ , එම ස්ථානයේම සේවක පිරිස් ඉදි කරපු විදුලි බලාගාරයකින්. උඩරට මැණිකේ රුපවාහිනී වැඩසටහනිනුත් මේ ගැන කියවුණා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒ මෙතන නෙවෙයි. රොසැල්ල ඉස්ටේසමේ. කුඩා ජල විදුලි බලාගාරයක් තියෙනව එතන.

      Delete
    2. ස්තුතියි කාවින්දි. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න හම්බ වෙලා. :)

      Delete
  19. ආසාවේ බෑ ඔහොම ගමන්ක යන්න. ස්තුතියි මේ විස්තරයට.
    අර ඔබා අයියගෙ ප්‍රශ්නෙ මට නම් තේරුනේ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉතින් අයිය බල බලා ඉන්නෙ නැතුව යන්න උත්සහයක් දාමු නේද?

      ඔබා අයිය අහන්නේ කෝච්චි පාරේ ඉහල මාර්ගය පහල මාර්ගය කියල හඳුනවන හරි පැත්ත මොකක්ද කියලනේ. :)

      Delete
  20. මගේ ආසම සුවඳ සිල්පරකොටන් වලින් එන කළුතෙල් සුවඳ ....රේල් පාර කියන්නේ කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැති තැනක් ....ජය වේවා ..

    ReplyDelete
  21. මම ඊයේ පෙරේද තවත් කෝච්චි කතාවක් කියෙව්වා. ඒත් කෝච්චියා නෙමෙයි ඒක ලියලා තිබ්බේ. එවෙලෙත් ඊර්ශයාව වපුර වපුර හිටියේ.
    මෙහේ නම් කෝච්චි පාර වලට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. ඒක හරිම භයානකයිනේ.
    ඒත් ඉතින් හිමින් කෝච්චි යන ලංකාවේ නම් එහෙම නෑ නේද? මම ගිහින් තියෙන එකම රේල් හයික් එක වැල්ලවත්තේ ඉඳන් බම්බලපිටියට වෙන්න ඕනේ. ඊර්ශයායි හලෝ මේවා.
    මේ අපි දෙන්නාගේ බෙලිහුල්ඔය ටුවර් එකකුත් තියෙනවා නේද මග නැවතුන?

    ReplyDelete
  22. හරි අපූරු සන්තෑසිය :D

    ReplyDelete
  23. කොමෙන්ටුවක් දාන්න හිටියත් වැඩේ මගෑරිලා නෙව..
    පතුල පේන පාලම් වලට අපි කියන්නෙ යකා පාළම් කියලා..සරසවි උයන ස්ටේශන් එකේ ඉඳලා පේරාදෙනිය හන්දිය ස්ටේශන් එකට යද්දිත් මහවැලි ගඟ හරහා මේ වගේ පාළමක් තියනවා..පේරා විවියේ ඉගෙන ගත්ත අය අතර නම් හරිම ප්‍රසිද්ධයි..

    ReplyDelete
  24. මචන්...... මම නම් කියන්නේ ටිකක් publish 1k එහෙම දීල, ලොකු සෙට් 1k හදාගෙන ඔය වගේ ගමනක් යමු කියල........ ඔය වගේ දේවල් වලට උදව්කරන්න එහෙමත් සැහෙන කට්ටියක් ඉන්නවා......... දැනුමෙන් විතරක් නෙමෙයි..... සල්ලි වලින් උනත්........!!!!

    ReplyDelete
  25. හදිස්සියෙ දැකලා එහෙං මෙහෙං කියෙව්වෙ... ආයෙත් එනවා...

    ReplyDelete
  26. ප ට් ට යි , උඹව මරාගෙන කන්ඩ හිතෙනව - ලසා

    ReplyDelete