මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය 60-80 අතර යුගය බව ඔබ මෙහිදී කිහිප වරක් කියවන්නට ඇත. එම කාලය තුල මෙරට දුම්රිය මාර්ගයන්ට විවිධ ආකාරයේ දුම්රිය කට්ටල සහ එන්ජින් විශාල ප්‍රමාණයක් එකතුවිය. එම යුගයේ අවසාන භාගයේදි, එනම් වර්ෂ 1989 දී මෙරට දුම්රිය මාර්ගවලට තවත් ඉතා විශිෂ්ඨ දුම්රිය කට්ටල වර්ගයක් හඳුන්වා දෙන ලදී. S8 ධාවන පන්තිය යටතේ වර්ග කර ධාවනයට එක්කරන ලද මෙම දුම්රියේ තාක්ෂණික සහ ඇතැම් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
- දුම්රිය එන්ජින් වර්ගය - Diesel Hydraulic
- බල සැපයුම් එන්ජිම - MTU 12V396TC13
- උපරිම බලය - 1413hp - 1800RPM
- උපරිම වේගය - 88 kmh
- එලැවුම් මැදිරියේ දිග - 65 feet
- Axel Arrangement - B-B
- එලැවුම් මැදිරියේ බර - ටොන් 70
- වර්ණය - තැඹිලි, සුදු සහ රිදී පැහැය
- දුම්රිය කට්ටල ගණන - 20 (No 821-840)
S8 වර්ගයේ දුම්රියක එන්ජින් මැදිරිය වරායෙන් ගොඩබෑම ඡායාරූපය- අකිල ආරියප්පෙරුම |
බලසැපයුම් එන්ජිම ඡායාරූපය- අකිල |
තවද මෙම දුම්රිය එකවර දුම්රිය කට්ටල දෙකක් හෝ වැඩිගණනක් එකට ඈඳා (Multiple Units) ධාවනය කිරීමේ හැකියාවෙන් යුක්ත වන අතර එසේ ධාවනයේදී කට්ටල දෙකේම එන්ජින් පාලනය කරමින් ධාවනය කිරීම එක් රියදුරෙකුට එක එන්ජින් මැදිරියක් තුලදී සිදුකල හැකිය. මේවා බොහෝ විට මගී තදබදය වැඩි අවස්ථා වලදී දුම්රිය කට්ටල දෙකක් එකට ඈඳා (Double set) ධාවනය කරනු දැකිය හැකිය.
වැඩි මගීන් ප්‍රමාණයක් ගෙනයාමට සකසා ඇති මැදිරි |
මැදිරි දෙකකට කප්ලිම(Coupler) හරහා වැඩි කෝණයකින් හැරීමට හැකියාව ඇත. |
මෙරට මාර්ග සඳහා හදුන්වා දුන් පසු පසුගිය වසර 22කට ආසන්න කාලය තුල මෙම බලවේග දුම්රියන් ධාවනය කල සම්පුර්ණ දුර සලකා බැලුවහොත් බලවේග දුම්රිය පන්ති අතුරෙන් වැඩිම ධාවන දුර ප්‍රමාණයක් සඳහා වන වාර්තාව හිමිවන්නෙ මෙම S8 දුම්රියන් සඳහාය.
S8 ඉදිරිපස මුහුණ වරින් වර වෙනස්වූයේ මෙසේයි |
එසේම කලක්, දුර ගමන් සඳහා යොදන S8 දුම්රියන් සඳහා රුමේනියානු මැදිරියක් එක්කර තිබිණි. මගින්ට සනීපාරක්ෂක පහසුකම් සැලසීම එහි අරමුණ විය. (S8 දුම්රිය වල සාමාන්‍ය මැදිරි වල වැසිකිලි ආදී සනීපාරක්ෂක පහසුකම් නොමැත.) එබැවින් එම පහසුකම් සහිත රුමේනියානු මැදිරියන් මෙම දුම්රිය කට්ටල වෙත එකතුකරන ලද අතර ඒ එම රුමේනියානු මැදිරි සඳහා වායු තිරිංග (Air Brake) උපක්‍රම යොදන ලදී. එම මැදිරි S8 වර්ණ සංකලනයෙන් යුතුව වර්ණ ගන්වා තිබේ.
තම සේවා කාලය තුල මෙම S8 වර්ගයේ දුම්රියන් විවිධ උවදුරු රාශියකට මුහුණ පා තිබේ.
- 1998 වසරේදී (2011 අලව්වේ S11 අනතුර ආකාරයටම) වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොමුව) සේවා දුම්රියක් හා ගැටීමෙන් සිදුවූ අනතුරේදී තිබූ දුම්රියක් මග නතර වී තිබූ විට පසුපසින් පැමිණි S8 දුම්රියක් එහි හැපීමෙන් S8 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරිය (Dummy cab) විනාශ විය.
- 1998 වසරේදීම මීරිගම ආසන්නයේදී සිදුවු පීලි පැනීමකින් මැදිරි කිහිපයක් අනෙක් මාර්ගයට පෙරලී යාම නිසා එම මොහොතේම කුරුණැගල සිට පැමිණි S8 දුම්රියක් එම එක් මැදිරියක ගැටීමෙන් එම S8 දුම්රියේ එන්ජිම රහිත එලැවුම් මැදිරියද (Dummy cab) විනාශ විය.
මේ සියලු අනුව බලන කල S8 යනු මෙරටට ගෙන්වූ සාර්ථකම බලවේග දුම්රිය බවට කිසිදු සැකයක් නොමැත.
මෙහි සඳහන් තොරතුරු සහ ඡායාරූප ලබාදීම වෙනුවෙන් නලීන් අබේසිංහ, එස් ලීලාරත්න, අකිල ඉන්දීවර යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය.
ඡායාරූප:-
S8 වර්ගයේ දුම්රියක විඩියෝ දර්ශණයක්
ගමනාන්ත පුවරු සහිතව ධාවනය වන මුල්කාලීම S8 දුම්රියක් |
S8 රියදුරු කුටිය ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම |
වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා දුම්රිය යොදාගැනීම Union Bank අනුග්‍රහයෙන් වර්ණ ගැන්වූ S8 දුම්රිය |
2011 පොසොන් වන්දනා - මිහින්තලේ දුම්රිය සඳහා S8 වර්ගයේ දුම්රියක් ධාවනය කිරීම. |
පුත්තලම මාර්ගයේ ධාවනය වන අවස්ථාවක් |
කොටුව රඹුක්කන මන්දගාමී දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී |
කාර්මික දෝශයකට ලක්වූ S8 වර්ගයේ ද්විත්ව දුම්රියක් S9 වර්ගයේ දුම්රියක් මගින් තල්ලු කරන අවස්ථාවක් |
S8 ද්විත්ව දුම්රිය කට්ටලයක පසුපස එන්ජින් මැදිරිය |
යාගොඩ දුම්රිය ස්ථානයේදී |
රාගමට ලඟා වෙන S8 දුම්රියක් |
මීරිගමදී සිදුවූ අනතුර ඡායාරූපය අනුග්‍රහය:- අකිල ආරියප්පෙරුම |
අංක 824 එන්ජිම සහිත එලැවුම් මැදිරිය සම්පූර්ණ අලුත්වැඩියාවක ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම |
වැඩ අවසන් කරමින් පවතින අලුත්වැඩියාවක් ඡායාරූපය:- අකිල ආරියප්පෙරුම |
අන්තර්ජාලයෙන් ලැබුණු තවත් ඡායාරූපයක් |
මෙයත් ඉපදිලා තියෙන්නේ මගේ අවුරුද්දෙමයිනේ...:)
ReplyDeleteඒ කියන්නේ අපේ ඇහැ වැඩිපුරම ගැටෙන දුම්රියක්නේ.
මොනව ගෙන්නුවත් තාම හරියට දුවන්නෙ මේ පවර් සෙට් විතරයි. චීනෙන් ගෙන්නපුව හැමදාම කැඩෙනව. අපි සතියට දවස් 3ක් වත් අඩුම ගානෙ පාරෙ.
ReplyDeleteබොහොම වටින හොයාගන්න අමාරු තොරතුරු බොහෝමයක් උඹේ මේ බ්ලොග් එකේ තියෙනවා මචං.
ReplyDeleteඇත්ත, මේ කේෂේත්රය සම්බන්ධ උනන්දුව අඩු නිසාම මම උනත් මේ දේවල් වැඩිය කියවන්නේ නෑ තමයි. ඒ ගැන සමාවෙයන්!
ඒ උනත් මේ තොරතුරු බොහොම වටින බවනම් මට විශ්වාසයි. ඒ හන්දා මේ දේවල් දිගටම ලියාගෙන යමු! පුළුවන් වෙච්චි දවසල මේ තොරතුරු සයිබරෙනුත් එහාට ගෙනියන්න උත්සාහ කරපන්...
හලේ අමතක වෙන්නේ නැහැ මේ කෝච්චි නං....... අපි ඉස්කෝලේ ඉඳන් ආවේ මේ වගේ කෝච්චියක. ඒක ඩබ්ල් සෙට් එකක්. දවල් 2.20ට තමයි ඒ දවස් වල මරදානට එන්නේ. ඒකට මැදින් අනිත් වර්ගයේ පෙට්ටි දෙකක් ඈඳලා තිබුනා. ඒකට කියන්නේ අජා පෙට්ටි කියලා.
ReplyDeleteචන්දික එතකොට මම කීප තැනක දැක්ක අලව්ව අනතුරට භාජනේ වුනේ ඉන්දියාවෙන් ගෙන්නපු දුම්රිය එන්ජිමක් කියල. ඒක වැරදි තොරතුරක්ද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅඩේ මේක මෙච්චර වටී කියලා දන්නෙ අද , මං හිතුවේ හෙන කබලක් කියලා බලනකොට සුපිරි භාණ්ඩයක් නෙ.................
ReplyDeleteහික්.. මමත් වැඩිපුරම ගිහින් තියෙන වාහනේ.. :D එල ලිපියක් මචං..
ReplyDeleteමේ බ්ලොග් එක හැමදාම හොඳයිනෙ. Observer ට මම හිතන්නෙ පොඩ්ඩක් පැටලිලා. මේ මල්ලි කියන්නෙ අලව්වෙ අනතුර වගේ කියලා නේද? කොහොම හරි ස්තුතියි තොරතුරු වලට. ඒ වගේ මේ දුම්රය විතරයි දැනට වෙලාවට එන එක (මුහුදුබඩ මාර්ගයේ) ඒ වගේම ඔයා කිවිවා වගේ මේ ළඟ පිකප්.
ReplyDeleteමෙයාට කියන්නේ හූනා කියලනේ. දිනපතා මරදාන - ගාල්ල දුවන double set එකෙත් මෙයාල දෙන්නෙක් නේ.
ReplyDelete@observer
නැතෝ නැතෝ මේ කියන්නෙ 2011 වෙච්ච accident එක ගැන නෙමේ.
චන්දික ස්තුතිය් ඊයට
ReplyDeleteපෝස්ට් එක ආයෙමත් කියෙව්ව, ඉස්සෙල්ල පාර පොඩ්ඩක් මිස් වෙලානෙ.
This comment has been removed by the author.
ReplyDeleteකෝච්චිය නම් සුපිරි තමා...
ReplyDeleteඒත් පෙට්ටි නම් දැන් අජ...පල්...
ගන්න දෙයක් නැහැ..
හදිස්සියෙවත් footboard යන්න වුනොත් අල්ලගන්න වත් තැනක් නැහැ.. හි හි.. :P
අර මීරිගමදි සිදුවෙච්ච අනතුර කියලා කියන්නේ යත්තල්ගොඩ හරියේ වෙච්ච අනතුරද ? අර තාමත් කෝච්චි පෙට්ටි කැලේට දාලා තියෙන්නේ.
ReplyDeleteනියමයි හරිම වටිනවා මේ විස්තර.
ReplyDeletenනියමයි පුතා.. හැමදාමත් වගේ නොදන්නා ගොඩක් එව්වා දැනගත්තා..
ReplyDeleteජය...
නිවැරදි කිරීමක්
ReplyDelete"වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොමුව)"
අලව්ව ආසන්නයේදී (බුජ්ජොමුව) විය යුතුයි.
වටිනා ලිපියක්
ReplyDeleteහැමදාම උදේ හවස කොටා පාර දුම්රිය හරස් පාරේදී මෙයාව දකිනවා.
ඒවගේම ගොඩක් සෙනගකුත් මේකෙන් ගමන් පහසුකම් සපුරාගන්නවා.
නියමයි මචං.. හැමදාමත් වගේ නියම තොරතුරු ටිකක්
ReplyDeleteසතුටුයි ඔබ වෙනදා වගේම දුර්ලභ තොරතුරුත් රැගෙන නැවත පැමිණීම ගැන.
ReplyDeleteඒ වගේම S8 හි ඇත්තේ ඩීසල් ද්‍රාව පීඩක (Diesel hydraulic) පද්ධතියක්.
මට නම් පේන්නම බැරි කොච්චියක්.. විශෙෂයෙන්ම පාට.. උඹ ඔකේ වැඩට ගියොත් පෙන්ට් එකක් ගහලා මූන පොඩ්ඩක් මොඩිෆයි කරලා ගනින් :D
ReplyDeleteසිරා තොරතුරු ටික... බොහෝම ස්තුතියි...
ReplyDeleteමම මේ බ්ලොග් එක බුක් මාක් කරලා පළවෙනි එකේ ඉඳලා පිළිවෙලින් කියවාගෙන එනකොට මගෙ ලැප්ටොප් එක ක්‍රැෂ් වුනා. බුක් මාක් ඔක්කොම ගියා. මේ බ්ලොග් පෝස්ට් වලට දාන්න කොමෙන්ට් නෑ. ඒ තරම් ගති. කෝච්චිය මගෙත් ප්‍රියතම දේවල් වලින් එකක්.
ReplyDeletehenryblogwalker the Dude
S9 ගැනත් ඉක්ක්මනටම ලියන්නකො...
ReplyDeletesri lankawe diesel dumriya - Nalin Abesinghe ge potha ganna thanak kiyannako.....!!!!!!!!!!!!!!!!!
ReplyDelete@Chira: දැනට නම් ඒ පොතේ පිටපත් සියල්ල විකිණී අවසන් මම දන්නා තරමින්. සමහර විට පිටපතක් දෙකක් සොයාගන්න පුළුවන් වෙන්නත් බැරිකමක් නෑ.
ReplyDeleteකාලෙකට පස්සේ චන්දික post බලන්න ලැබුනේ...s8...මට හිතෙන විදිහට දුම්රිය දෙපාර්තුමේන්තුවේ හදවත. පහුගිය කාලේ අවුල් අඩුවෙන්ම තිබුනේ s8නේ. මල්ලී ඔය වර්ගයේ එන්ජින් වල බලය රෝද වලට ගෙනියන්නේ propeller shaft එකකින් ද? මම එහෙම දැක්කා වගේ මතකයි. ඒක එහෙම නම් අනෙක් ඒවට වඩා විශේෂත්වයක් නේද?
ReplyDeletehttp://www.elakiri.com/forum/showthread.php?t=1176278
ReplyDelete@නndanන: මේ පහත තියෙන චන්දිකගේ ලිපිය කියවල බලන්නකෝ. අපේ දුම්රිය සේවයේ වැඩ කරන සියලුම එන්ජින් ක්‍රියා කරන හැටි මේකේ සටහන් වෙලා තියෙනවා.
ReplyDeleteS8 කියන්නේ ඩීසල් හයිඩ්‍රොලික් ක්‍රමයට වැඩ කරන එන්ජිමක්. එහි එන්ජිමෙන් ජනනය වන බලය රෝද වලට ගෙනියන්නේ Toque Converter එකක් හරහා.
වැඩිපුරම ආව ගිය කෝච්චියක් තමා මේ ඇස් 8. මේකෙ එන්ජිම නැති අනිත් මැදිරි වලට තට්ටුවක්දැම්මම ඇත්තම ඩ්‍රමක් ගහනවා වගේමයි. ස්කූල් බස් එකට පස්සෙ වැඩියෙන්ම අපි සිංදු කිව්වෙ මේ කෝච්චියෙ තමයි. :))
ReplyDeleteGood Job Gehan! Thanks for the info!
ReplyDeleteඕකට අපේ පැත්තෙ කියන්නෙ "මලකඩ කුමාරයා" කියල. මං යන්න කැමති නෑ ඔව්වල. පෙට්ටි අතරෙ මාරු වෙන්න බැරි නිසා. හිටපු කෙලගෙන ගිහිං ස්ටේශන් එක ලංවෙලා බ්රේක් ගහනව හය්යෙන්. මල පනිනව එතකොට
ReplyDeleteඇත්තටම හොද දුම්රියක් තම මේක එන්ජිමත් සුපිරි හැබැයි මැදිරිනම් අලුත් වැඩියා කරලා තියෙනවා අන්තිමයි, වැස්ස දවස්වලට කුඩයක් ඉහලාගෙන තමා ඇතුලේ යන්න වෙන්නේ. දොරවල් වහෙන්නෙත් නෑ ඒ අඩුපාඩු හැදුවනම් නියමයි
ReplyDelete(කාර්මික දෝශයකට ලක්වූ S8 වර්ගයේ ද්විත්ව දුම්රියක්
ReplyDeleteS9 වර්ගයේ දුම්රියක් මගින් තල්ලු කරන දුර්ලභ අවස්ථාවක්)
ඒ පොටෝ එකනම් දුර්ලබ අවස්ථාවක් වෙන්න බෑ මොකද සතියකට දෙපාරක් තුන් පාරක් විතර ඔය වැඩේ වෙනවා
S8 තමයි තාමත් ලංකාවේ අංක 1 දුම්රිය.ඒ ගැන ආයේ කතා 2ක් නෑ.කැලණිවැලියේ දුවන S12 සහ S8 ගත්තොත් S8 දාල තියෙන දුම්රියන් නියමිත වෙලාවටම පැමිණෙනවා.ඒ වගේම තමයි මේක ළඟ පිකප් හින්දම මන්දගාමී දුම්රියන්වලට දාන්නේ.එළ ලිපියක් කොච්චියා.S12 ගැනත් ඉක්මනට දාමු...
ReplyDeleteමේ දුම්රියක් මාස කීපයක් නුවර-නාවලපිටිය අතර ධාවනය වුනා මතකයි.
ReplyDeleteකැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද සේවාවක් ඉටු කරනවා.
ReplyDeleteකැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද සේවාවක් ලබා දෙනවා.
ReplyDelete833 ape train eka 6.58 gampaha enawa
ReplyDeleteambe e brake para hena gahuwa wage.pattama asa bandayak.nikamatawath waradila duwala train eka allagannawa kiyanne pissu hadenawa.(allaganna ba)
ReplyDelete