Saturday, October 15, 2011

෴S7 බලවේග දුම්රිය - දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴

ඡායාරූපය:- Railway Museum
    S6 බලවේග දුම්රිය මෙරටට ගෙන ඒමෙන් වසර දෙකකට පසුව තවත් බලවේග කට්ටල කිහිපයට අවශ්‍යතාවය නිසා නැවත වරක් බලවේග දුම්රිය කට්ටල කිහිපයක් ධාවනයට එක් කරන්නට දුම්රිය බලධාරීන් ගත් තීරණයක් මත මෙම දුම්රියන්ද මෙරටට ගෙන එන ලදී. මේ යුගය වන විට බලවේග දුම්රියන් වඩාත් ලාභදායි සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් වඩාත් ජනප්‍රසාදයට පත්වු යුගයක් විය. විශේෂයෙන් කෙටි දුර මගී ප්‍රවාහන සේවා සහ කාර්යාලීය සේවා සඳහා බලවේග දුම්රියන් වැඩි වශයෙන් යොදාගන්නා ලද්දේ ඒවා අඩු වියදමකින් නඩත්තු කලහැකී වීමත් ධාවනය සහ හැසිරවීම වඩාත් පහසු වීම ආදී හේතු ගණනාවක් නිසාවෙනි.
  • දුම්රිය පන්තිය             - S7
  • ගෙන්වූ වර්ෂය               - 1977
  • නිශ්පාදිත රට - ජපානය ("HITACHI" Company)
  • දුම්රිය එන්ජින් වර්ගය    Diesel Hydraulic
  • බල සැපයුම් එන්ජිම -  Cummins KTA 2300L
  • උපරිම බලය -  1020hp - 2100RPM
  • උපරිම වේගය -  88 kmh
  • එලැවුම් මැදිරියේ දිග      -  59 feet
  • Axel Arrangement -  B-B
  • එලැවුම් මැදිරියේ බර -  ටොන් 54
  • මුල් වර්ණය  -  තද රතු පැහැය
  • දුම්රිය කට්ටල ගණන  -  10 (No 757-766) 
        සැම අතින්ම පාහේ මෙම S7 දුම්රියන් S6 දුම්රියන්ට සමාන විය. S2, S3, S4 සහ S6 පන්තියේ බලවේග දුම්රියන් මෙන්ම මෙම S7 දුම්රියන්ද වලද එන්ජිම සහිත එක් බලවේග එලවුම් මැදිරියක්, එන්ජිම රහිත එලැවුම් මැදිරියක් සහ තවත් මගී මැදිරි දෙකකින් සමන්විත විය. ඒ අනුව මෙම S7 දුම්රියන්ද මැදිරි කොටස් 4කින් යුතු දුම්රිය කට්ටලයක්  විය. මෙම දුම්රියේද එන්ජිම සහිත බලවේග මැදිරිය නිපදවා ඇත්තේ HITACHI සමාගම විසින් ජපානයේදීය. මගී මැදිරි සහ එන්ජිම රහිත එලවුම් මැදිරිය සුපුරුදු ලෙස රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී නිශ්පාදනය කර ඇත. දුම්රියක් සඳහා මෙරටදී අවසාන වතාවට මෙලෙස මැදිරි නිෂ්පාදනය සිදු කලේ මෙම S7 දුම්රිය කට්ටලයන් සඳහාය.  සුපුරුදු ලෙස එහිද බොහෝ කොටස් දැව භාවිතා කරමින් නිපදවා ඇත. 


වරක් මිහින්තලේ AVIVA NDB පොසොන් වන්දනා
දුම්රිය සඳහා S7වර්ගයේ දුම්රියක් ධාවනය වෙමින්
ඡායාරූපය:- Sri Lanka Transport Board
        මෙම දුම්රියන් වලද මුලින්ම පැවති වර්ණය වී ඇත්තේ රතු පැහැය වන අතරපසු කාලීනව ඇතැම් දුම්රිය කට්ටලයන් සඳහා කොළ සහ දුඹුරු වර්ණයත් ඇතැම් කට්ටල සඳහා කොල සහ කහ වර්ණයත් වරින් වර ආලේප කරතිබේ. මෙම S7 දුම්රියන්ද බොහෝ විට කාර්යයාලීය දුම්රියයන් සඳහා S6 සගයන් සමග එම මාර්ග වලම කරට කර ධාවනයක යෙදී තිබේ. එනම් මෙම දුම්රියන්ද ධාවනය කර ඇත්තේ  දකුණු, කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දක්වා ය.

         මෙරටට ගෙන ආ දුම්රියක බල සැපයුම් එන්ජිම උපරිම RPM අගය (2100 RPM) සහිත එන්ජිම (Cummins KTA 2300L) වූයේ මෙම S7 බලවේග දුම්රියේ එන්ජිම තුලය. ඒ හේතුව නිසාම මෙම වර්ගයේ එන්ජින් අභ්‍යන්තර කොටස් ඉතා ඉක්මනින් ගෙවී යාම නිසා  කල් යත්ම ක්‍රම ක්‍රමයෙන් විවිධ තාක්ෂණික දෝශයන් මතුවිය. එසේම S6 හි මෙන්ම මේවායේද යටිරාමු (Under frames) කොටස් දුර්වල විය. අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් වල ගැටලු ආදි හේතු පැන නැගීමත් නිසා මෙම වර්ගයේ දුම්රිය කට්ටලයන්ද ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරන ලදී. කෙසේ වුවද මෑතක් වන තුරු අංක 766 දුම්රිය කට්ටලයද ධාවනයේ තිබි ඇති අතර වර්තමානයේ ධාවනයේ පවතින්නේ අංක 762 දරණ දුම්රිය කට්ටලය පමණි. එය බොහෝවිට කැළණිවැලි මාර්ගයේ ධාවනය වනු දැකිය හැකිය.

ස්තුතිය:- තොරතුරු සැපයීම වෙනුවෙන් නලීන් අබේසිංහ, චානක මල්ලවආරච්චි සොයුරන්ට සහ සහ නිලුපුල් වික්‍රමගේ මහතාට.

ඡායාරූප:-
S7 දුම්රිය දෙකක් සහිත මෙම ඡායාරූපය වර්ෂ 1980දී
Mike Tisdale මහතා විසින් ගන්නා ලදී

එන්ජිම රහිත එලැවුම් මැදිරිය
ඡායාරූපය:- දුෂ්‍යන්ත පෙරේරා

කලින් කලට මුහුනේ වර්ණය වෙනස් වී
(ඡායාරූපය:- චරිත් මධුසංඛ)
මෑතක් වන තුරුම ධාවනය කල 766 දුම්රිය
ඡායාරූපය:- ගජනාථ කොබ්බෑකඩුව

758 දුම්රිය කට්ටලය දකුණු මාර්ගයේ ධාවනය වෙමින්
මෙම කට්ටලයද දැන් ධාවනයේ නැත.
ඡායාරූපය:- Richard Gennis
තවත් S7 දුම්රියක්
ඡායාරූපය:- Richard Gennis
762- දැනට ධාවන තත්වයේ ඉතිරි එකම S7 දුම්රිය
අවිස්සාවේල්ල මාර්ගයේ ධාවනය වෙමින්....
ඡායාරූපය:- Sri Lanka Transport Board
762 බලවේග එන්ජිම සහිත මැදිරිය.
මෙහි රියදුරු කුටිය, එන්ජින් කුටිය සහ මගීන්ටද ගමන් කිරීමට ඉඩකඩ ඇත.
ඡායාරූපය:- ටජ්මල් නයනදිල්
764 දුම්රිය ධාවනයෙන් ඉවත්කර ඇති අන්දම
ඡායාරූපය:- SriLanka German Railway
අත්හැරදමා ඇති 761 දුම්රිය
ඡායාරූපය:- Facebook (Unknown User)

28 comments:

  1. අඩු වියදමක් යනවනම් මේවා හදලා භාවිතා කළානම් කොච්චරනම් ඉතුරුවක්ද රටට, අනික ජීවන වියදම වැඩි මේ කාලේ මේ දේවල් වලින් හරි මිනිසුන්ගේ ජීවන වියදම අඩු කරගන්න පුලුවන්නේ.:/

    ReplyDelete
  2. වැඩේ තියෙන්නෙ දැං රත්මලාන දුම්රිය අංගනයේ බලධරීන්, නිලධාරීන් වගේම කාර්මික ශිල්පීනුත් නිදිද කියන එකයි. ඒ කාලෙ පුලුවං වුනානම්, දැං ඊටත් වඩා පුලුවන් වෙන්න එපැයි. දුම්රිය එන්ජිමේ ඉදන් සේරම ලංකාවෙ හදන්න.... ලංකාවෙ තත්වය මේකයි. හැමදේම එන්න එන්න පිරිහෙනව මිසක් දියුණු වීමක් නම් අනේ මංද

    ReplyDelete
  3. @ මලිති
    මෙහෙමයි මලිති. මේවනම් පුලුවන් උපරිමය පාවිච්චි කලා. තවදුරටත් අලුත්වැඩියාකරල දුවන්න පුලුවන් තත්වයේ නැති නිසා තමයි ඉවත් කලේ.

    @ප්‍රභාත්
    ඒ කතාවනම් සහතික ඇත්ත මල්ලි

    ReplyDelete
  4. මේකත් අපේ school train එකට ආවනෙ. හික් හික්
    මේව වෙන එන්ජිමක් තියල වගේ ගොඩ දාන්න බැරිද දන්නෙ නෑ නේද?

    ReplyDelete
  5. සිරාවටම.මම හිතන්නේ දැන් ධාවනය වෙන ඒවට වැඩිය අයින් කරපුවා වැඩි ඇති .....

    ReplyDelete
  6. @සුසිත
    හෙ හෙ ඔයාලගෙ පලාතෙ හැම ට්‍රේන් එකම වගේ දුවල තියෙනවා. :)
    මේවට අලුත් එන්ජින් තියන ඒක පාඩුයිලු.

    @ලයන්
    එව්වනං කතා කරල වැඩක් නැහැ. තව ඉස්සරහට බලන්නකො.

    ReplyDelete
  7. පට්ටම ම්චන්...
    http://si.wikipedia.ඔර්ග්/
    මේන්න මේකට ඔයාගේ ලිපි එක් කලා නම තව අය කියවයි

    ReplyDelete
  8. අර කිව්වත් වගේ ලිපි ටික සිංහල විකියට දැන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මොකද මේ ලිපි ඒ තරමටම වටින නිසා.

    ReplyDelete
  9. RPM එක වැඩි නිසා තමා එන්ජින් ඉක්මනින් භාවිතයෙන් ඉවත් කරන්න වන්නේ. තවත් හොඳ ලිපියක් චන්දික මල්ලිගෙන්...

    ReplyDelete
  10. @ බිඟු, මධුරංග, ප්‍රියන්ත
    ගොඩක් ස්තුතියි ප්‍රතිචාර වලට. බලමු සිංහල විකියට දාන්න. :)

    ReplyDelete
  11. මට මතක විදිහට S7 දුම්රියක් 11.20ට විතර මරදානෙ ඉදන් අළුත්ගම දක්වා ධාවනය වුණා. දැන් නම් මම හිතන්නෙ ඒ දුම්රිය වෙනුවට S8 දුම් රියක් භාවිතා කරන්නෙ.

    ReplyDelete
  12. S10(Indian) ganath liyanna ko...

    ReplyDelete
  13. @Anno
    S10 Indiyan neweyi. Eka Chinese
    S11 thamayi Indian

    ReplyDelete
  14. පෙනුමෙන් නං S7 අපි ඉස්කෝලේ යන කාලේ "පවර් සෙට්" නමින් අපි හඳුන්වපු පෙට්ටි හතරෙ සෙට් වලට වඩා වෙනසක් නැහැ වගේ.

    ඒ කාලේ කැළණි වැලි මාර්ගයේ දිව්වෙ නං "බේබි ට්‍රේන්ස්" නමින් හැඳින්වුන, පුංචි කෝච්චි විතරය්. පුංචි කෝච්චි වැඩි වශයෙන්ම ධාවනය වුනේ අඟුරු එන්ජින් වලින් වුනත් කෙටි ධාවන සහ ෂන්ටින් කටයුතු සඳහා "හන්ස්ලට්" ඩීසල් එන්ජින් භාවිතා වුනා මතකය්.

    ReplyDelete
  15. මෙහෙමයි මචන් ලා.. දුම්රියක් හදන්න පුලුවන්නම් නොහද ඉන්නේ නෑ මම හිතන්නේ,,, එක්කෝ අමතර කොටස ලබා ගැනීමේ අපහසු තාවක් ඇති,,, මොකද අලුතෙන් දුම්රියක් ගේනවට වඩා තියෙන එක හදල යවන එක ලබයි කියල අපිට වගේම එයාලටත් තේරෙනවනේ,,, හදන්න පුලුවන්නම් එයාල නොහද තියෙන්නේ නෑ..

    ජය..

    ReplyDelete
  16. @සහෝධරයා
    ස්තුතියි මල්ලි

    @Charith Weerakkody
    මම දන්නා තරමිනුත් S8 දුම්රියක් තමා අලුත්ගම යන්නෙ. S7 එක බොහෝ වෙලාවට කැලණිවැලියට යොදනවා. හිටිගමන් පානදුර පැත්තටත් යනවා.

    @Observer
    අයියලා ස්කෝලෙ ගිය කාලෙ කිවුවේ එහෙනං එකදාස් නමසීය බරගණන් වලනේ. :D
    කැළණිවැලියෙ "බේබිට්‍රේන්" එහෙමත් නැත්තං පුංචි කෝච්චි 1990 වගේ වෙනකම් දිවුවා.

    @Gayan
    හදන්න බැරිකමක් නෙමේ තියෙන්නෙ. වුවමනාවක් නැති කම. තමන්ගෙ රටේ යකඩ නැති රටවලුත් දුම්රිය හදනවා. අපිට පහසුකම්, දැනුම තියෙන සේවකයෝ ඉඳිද්දිත් කරන්නෙ නැහැ. ඉස්සර හැදුවනං ඇයි දැන් බැරි. වුවමනාවක් නැති කම. ඉදිරි ලිපි ටික කියවන්නකො. ලංකාවේ හදපු දුම්රිය එන්ජින් තව තියෙනවා.

    ReplyDelete
  17. මලකඩ ගොඩක් වගේ පෙනුනට හොද වැඩකාරයෙක් වගේ.
    s6, s7 දෙකම එකවගේනේ. දුම්රිය පන්ති අනුව පාට කරානම් ලේසියෙන්ම අදුරගන්න පුළුවන්.

    ReplyDelete
  18. දැන් මාස හය, හතක ඉදල තමයි S8ක් යන්නෙ. ඊට කලින් ගියෙ S7ක්. සමහර සෙනසුරාදා දවස් වලට උදේ 7ට පාණදුරෙන් පටන් ගන්නත් S10 එක වෙනුවට S7ක් එනව.

    මම නම් අකමැතිම පවර්සෙට් වලින් එකක් තමයි මේ S7. හේතුව තමයි නගින්න තියෙන අමාරුකම. අනිත් එක ගොඩක් සෙනගට යන්න තියෙන අපහසුව.

    ReplyDelete
  19. එළටම තියනවා විස්තර ටික මචං. අවිස්සාවේල්ල පැත්තට තාමත් යනවා ඔය කෝච්චී.....

    ReplyDelete
  20. ala ala carry-on.....

    ReplyDelete
  21. waiting for s8
    kiyawanna kiyawanna asai

    ReplyDelete
  22. නියමයි මල්ලී ඔයා මේ කරන සේවය මම ගොඩක් අගය කරනවා. අපේ රටට වෙන්න ඕන ජාතික මෙහෙවරක් තමයි ඔයා මේ කරන්නේ. ඉදිරියටම යන්න.. ජයෙන් ජය.

    නලින්.

    ReplyDelete
  23. ආ මේ තව එකක් ලියල තියෙන්නෙ කාලෙකින් ආවෙ මේ පැත්තෙ..

    ReplyDelete
  24. 766 දුම්රිය තවම ධාවනයේ තිබෙනවා. එය ඇතැම් විට මහව සිට මැදවච්චිය දක්වා හෝ අනුරාධපුරය දක්වා ධාවනය වනවා. 2012-08-15 දින එම දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී තිබී ඡායාරූප ගත කරගැනීමට මට හැකි වුනා

    ReplyDelete
    Replies
    1. ඔව් S7 766 මම 2012-08-11 දින අනුරාධපුර දුම් රිය පොලේදී දැක්කා

      http://www.facebook.com/photo.php?fbid=3969623153444&set=a.3969155421751.160262.1066434716&type=1

      Delete
  25. mama me set ekaka Halawatha sita Lunuwilata awith thiyenava patta charter seat thama thiyenne

    ReplyDelete