Friday, January 28, 2011

෴M7 දුම්රිය එන්ජිම - සාමාන්‍ය ධාවන කටයුතු වලට යොදාගන්නා කුඩාම එන්ජිම෴

ඡායාරූපය:- Ceylon Railway Museum
ක්‍රමක්‍රමයෙන් වාෂ්ප දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත් කරද්දී අපේ දුම්රිය සේවයට විවිධ වර්ගවල ඩීසල් එන්ජින් ගෙන එනු ලැබුවා. මෙම M7 එන්ජිමත් එලෙස 1981 වර්ෂයේදි අපේ දුම්රිය සේවයට එක්කරන ලද අතර මෙම එන්ජිම තරමක් සුවිශේෂී වනවා. එම කරුණු ගැන විස්තර කරන්නට පෙර මෙහි මුලික කරුණු කිහිපයක් මෙහි පහත පළමුවෙන් විස්තර කෙරෙනවා.
  • එන්ජින් පන්තිය           - M7
  • නිශ්පාදිත රට                - මහා බ්‍රිතාන්‍යය
  • නිපදවූ සමාගම - BRUSH TRACTION (England)
  • ගෙන්වූ වර්ෂය - 1981
  • දුම්රිය එන්ජින් වර්ගය   - Diesel Electric
  • බල සැපයුම් එන්ජිම - EMD 8-645 E  2-Stroke
  • උපරිම බලය - 994hp
  • උපරිම වේගය -  80kmh
  • එන්ජිමේ දිග                  -  12.8 m
  • Axel Arrangement Bo-Bo
  • බර - ටොන් 66
  • වර්ණය -රතු සහ කොල පැහැය
  • ගෙන්වූ එන්ජින් ගණන - 16 (No 799-814)

මෙම එන්ජිම 1981 වර්ෂයේදී BRUSH සමාගම විසින් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් නිපැදවු අතර එම වර්ගයේ එන්ජින් 16 මෙරටට ගෙන එනු ලැබුවා. මෙම එන්ජිමත් අපේ දුම්රිය සේවයේ භාවිත වන එන්ජින් අතුරෙන් තවත් එක් විශේෂ එන්ජිමක්. එයට හේතුව වන්නේ  අපේ රටේ දුම්රිය මාර්ගය වල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා එන්ජින් අතුරෙන් අඩුම බලය, අඩුම දිග සහ අඩුම බර  සහිත ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජිම වනුයේ මෙම M7 පන්තියේ එන්ජිම වීමයි.
ලංකාවේ භාවිත කරන
 Hunslet ෂන්ටින් එන්ජිම
නිෂ්පාදක සමාගම වන Brush Traction විසින් මෙම M7 පන්තියේ එන්ජිම හඳුන්වන්නේ ෂන්ටින් එන්ජිමක් ලෙසටයි. (බොහෝවිට එයට හේතුව විය හැක්කේ අපේ රටේදී මෙන් නොව අනෙක් සමහර රටවල්වල ෂන්ටින් කටයුතු වලදී සැලකිය යුතු දුරක් ධාවනය සිදුකළයුතු නිසා විය හැකීයි. අපේ රටේදීනම් ෂන්ටින් කටයුතු සිදුවන්නෙ ඉතා අඩු දුර ප්‍රමාණ වල නිසා ඒ සඳහා වැඩි වශයෙන් Hunslet වර්ගයේ 570hp පමණ එන්ජින් තමයි යොදාගන්නේ. එහි ඡායාරූපය වම්පස දැක්වෙනවා.) එසේ වුවත් අපේ රටෙදී මෙම එන්ජින් බොහෝ විට කාර්යාලීය සේවා දුම්රියයන්, කෙටිදුර මගී ප්‍රවාහන සේවා ආදියට බහුලව යොදාගැනෙනවා. ඇතැම් විට භාණ්ඩ ප්‍රවාහන සේවා දුම්රිය වලටත්, වෙනත් එන්ජිමක් යොදාගැනීමට නොහැකි අවස්ථා වලදී  දිගු ගමන් දුම්රිය සඳහාත් M7 එන්ජින් යොදනු දැකිය හැකියි. එමෙන්ම මෙම M7 වර්ගයේ එන්ජින් ෂන්ටින් කටයුතු සඳහාද ඇතැම් විටදී භාවිත කරන අවස්ථා තිබෙනවා.

ශ්‍රි ලංකාවේ ඕනෑම මාර්ගයකට ගැලපෙන සේ නිපදවා තිබෙන නමුත් දැනට මෙම එන්ජින් උඩරට මාර්ගයේ අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර සාමාන්‍යෙයන් ධාවනය කරන්නේ නැහැ.(ඇතැම් විට මහනුවර දක්වා දුම්රියන් වෙනුවෙන් මෙම එන්ජින් යොදාගන්නා අතර මාතලේ මහනුවර මාර්ගයේ සාමාන්‍යයෙන් ධාවනය කෙරෙනවා. මාතලේ මාර්ගය තරමක් විශේෂ නිසා ඒ ගැන වෙනම ලිපියකින් පසුව කරුණු ඉදිරිපත් කරන්නම්). නාවලපිටිය දක්වා ද මෙම එන්ජින් ධාවනය කළ හැකියි. (මෙය උඩරට මාරගයේ සාමාන්‍යෙයන් ධාවනය නොකරන්නේ මෙහි බලය අඩුකම මෙන්ම කඳුරට ධාවනයේදී වාසිදායක වන Dynamic brakes ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇති ප්‍රශ්නයක් නිසායි. මෙම එන්ජිමට නිශ්පාදක සමාගම විසින්ම Dynamic brakes අංගය ඇතුලත් කර ඇති වුවත් ධාවනයට එක් කර කලක් ගතවන විට ඇතැම් එන්ජින් වල එම පද්ධතියේ ඇති Grids අක්‍රීය වීම(දැවීයාම) නිසා බොහෝවිට Dynamic brakes ක්‍රියාත්මක කල නොහැකියි.) එමෙන්ම මෙම M7  එන්ජින් කැලණිවැලි මාර්ගයේ වුවත් ධාවනය කළහැකි වුවත් දැනට ධාවනය සිදු නොකරන බව දැනගන්නට ලැබුණා. ඒ හැරුණුකොට අන් මාර්ග වල සාර්ථකව ධාවනය කරනවා.

තවත් සුවිශේෂ කාරණාවක් වනුයේ මෙම එන්ජින් මෙරටට ගෙන එනු ලැබුයේ එලිසබෙත් මහ රැජිණයේ දෙවන ලංකා ගමනය ආසන්නයේ වන අතර ඇය ගමන් කල දුම්රිය සඳහා මෙම වර්ගයේ එන්ජිමක් යොදාගත් බව ඇතැමුන් ප්‍රකාශ කරන නමුත් එය හරියටම තහවුරු කර නැහැ. M6 එන්ජිමක් භාවිත කල බවටත් මතයක් තිබෙනවා. නිවැරදි තොරතුරු දන්නා කෙනෙක වේ නම් කරැණාකර එය සටහන් කරන්න. කලකට පෙර මෙම M7 පන්තියේ එන්ජින් තුනක් ICE color Livery (Intercity Color scheam- තැඹිලි සහ රතු) වර්ණගන්වා තිබු අතර දැන් ඒවා නැවත සාමාන්‍ය වර්ණය වන කොළ සහ රතු වර්ණය ආලේප කර තිබෙනවා.

මෙම වර්ගයේ එන්ජින් 16 ක් ශ්‍රිලංකාවට  ගෙන එනුලැබූ අතර ඉන් 15ක් පමණක් මේ වන විට ධාවනය කෙරෙනවා.  එක් එන්ජිමක් ධාවනයෙන් ඉවත් කරන්න සිදු වුණා. ඒයට හේතු වුනේ  1999 දෙසැම්බර් මස 05 වන දින කඩිගමුව සහ රඹුක්කන අතර සිදුවූ දරැණු අනතුරක්  නිසා අංක 803 එන්ජිම නැවත අලුත්වැඩියා කල නොහැකි ලෙස විනාශවීම නිසයි (ඡායාරූපය සඳහා පහත ඡායාරූප පෙල බලන්න). එම අනතුර සිදුවුනේ රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ දෙසට එද්දී ඊට පසුපසින් පැමිණි  දුම්රිය වූ M7-803 එන්ජිම සහිත දුම්රිය තැපැල් දුම්රියේ පසුපස අධික වේගයෙන් ගැටීමෙන්. එසේ සිදුවුනේ M7 හි තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා බව පසුව අනාවරණය කරගෙන තිබුණා). එම අනතුරට පසුව, උඩරට මාර්ගයේ මෙම M7 එන්ජින් ධාවනය නොකිරීමට දෙපාර්තමේන්තුව තිරණය කලේ මෙම ලිපියේ ඉහත සඳහන් කල Dynamic Brakes පිලිබඳ ප්‍රශ්ණය නිසයි.

මිලඟ එන්ජින් කතා බහෙන් හමුවෙමු.


ස්තූතිය:- නලින් අබේසිංහ සහ චානක මල්ලවආරච්චි සොයුරන්ටත් නිමල් ප්‍රේමසිරි මහතාටත් තොරතුරු සැපයීම වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනැමේ.

ඡායාරූප සහ වීඩියෝ දර්ශන:-

M7 දුම්රිය එන්ජිමක් සහිත දුම්රියක්......


රඹුක්කන සිදුවූ අනතුර.
ඡායාරෑපය:- මෙතනින්

මුහුදුබඩ මාර්ගයේ ධාවනයේ යෙදෙන M7 සහිත දුම්රියක්
ඡායාරූපය:- Leonard Theivendra @ Sri Lanka Railways Forum


කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී M7-සහිත දුම්රියක්
ඡායාරූපය:- Leonard Theivendra @ Sri Lanka Railways Forum

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන තවත් M7-සහිත දුම්රියක්
ඡායාරූපය:- Sri Lanka Railways Forum
Sri Lankan Train Class M7 812 Load X
පැත්තෙන් බැලූ විට පෙනෙන ඉදිරිපස මුහුණ
ඡායාරෑපය

මෙම ඡායාරුපය මදක් පැහැදිලි නැති වුවත් මෙහි ඇත්තේ M7 එන්ජිමක්
 ICE Color Sachem යටතේ තිබූ කාලයේ ගත් ඡායාරෑපයක්. මෙම ඡායාරූපය ලබාදුන් පහත කමෙන්ට් සටහන යෙදූ SmartB ට බෙහෙවින්ම ස්තූතියි. ඡායාරූපය රැගෙන ඇත්තේ 1987 වසරේදී....

40 comments:

  1. වැදගත් විස්තර ටිකක්.

    ReplyDelete
  2. M7 ගැනත් විස්තර දැනගත්තා එ‍හෙනම් ඔන්න අයියට පිංසිද්ද වෙන්න.

    ReplyDelete
  3. kicks විස්තර ටිකක් යාලුවා.... මාතලේ මාර්ගය නම් විශේෂයි තමයි.... ඵල ඵල ...දිගටම ලියන්න මේ ගැන!

    ReplyDelete
  4. M7 ගැන කරල තියෙන පැහැදිළි විස්තරයක්..... මෙතන පහළින් තියෙන ලින්ක් එකෙන් බලාගන්න පුළුවන් M7 එන්ජිම ICE Colour Scheme එකෙන් තියෙන කාලයේදී ගන්නා ලද ඡායාරූපයක්. එන්ජිම නම් පැහදිලි ව පෙනෙන්නේ නෑ. කොහොම වුණත් ඡායාරූප ශිල්පියා කියන විදියට නම් මේක අරගෙන තියෙන්නේ 1987 වසරේදී....

    http://www.flickr.com/photos/chriscullen/4343399009/in/pool-srilankarail#/photos/chriscullen/4343399009/in/pool-743100@N20/

    ReplyDelete
  5. @ SmartB
    වටිනා ඡායාරෑපයක් එක්කිරිම ගැන ඔබට බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete
  6. Copy function disable කරලා නිසා smartB ගෙ ඡායාරූපය බලන්න බෑ. ඒක බලන්න පුළුවන් admin ට විතරයිනේ.

    ReplyDelete
  7. @ යූත් මැක්ස්,
    සමාවෙන්න මිතුරේ. මම එම රූපය මෙම ඡායාරූප පෙලට එකතු කරන්නම්.

    ReplyDelete
  8. නියමයි මල්ලියා.....දැන් ඔන්න ලංකාවෙ කෝච්චි ගැනත් සෑහෙන දේවල් දන්නවා.
    මම කොරියා හිටපු දවස් වල එහෙ කෝච්චිවල ගහපු ෆොටෝස් වාගයක් තිබුන පරණ හාඩ් එකක.KTX කියල පැයට කිලෝමීටර් 400ක් විතර ස්පීඩ් යන එව්වගෙ එහෙම හිටන්.තිබුනොත් මම ඔයාට mail කරන්නම්.මට ඔයාගෙ add එක දෙනවද?මෙහෙ එව්වගෙ ටිකකුත් ගහන්න තිබුන.කොහෙද ඉතිං අපිට එලියට බහින්න විදියක් නෑනෙ.

    ReplyDelete
  9. මේක හරියන වැඩක් නෙවෙයි... කෝච්චියක් බදා ගෙන මෙයාට වෙන වැඩක් නැහැ... මම මේක කියන්නම්කො අක්කාට...

    ReplyDelete
  10. @ දිනේෂ්
    අයියේ මං ඔයාට් මගේ විස්තර මූණු පොතට එවන්නම්.

    ReplyDelete
  11. ඇත්තටම මම නම් කෝච්චි ගැන මෙලෝ දෙයක් දැනගෙන් හිටියේ නෑ. උඹ වැදගත් විස්තර දානවා. ඔක්කෝම කියවන්න ඕනේ එළ එළ

    ReplyDelete
  12. කෝච්චි ගැන දාන විස්තර ටික නම් නියමයි. ඔය රඹුක්කන දුම් රිය අනතුර සිද්ධ උනේ කොයි කාලේ වගේ ද ?
    දිගටම ලියන්න සහෝදරයා.

    ReplyDelete
  13. @ මධුරංග
    ඒ ගැන මේ ලිපියෙ සඳහන් වෙලා තියෙනවා. මං හිතන්නෙ ඔබට එම කොටස මග ඇරිල. එය සිදුවුනේ 1999 වසරේ දෙසැම්බර් 05 වැනි දින.

    ReplyDelete
  14. ඔව් මටත් මතකයි M7 එකෙන් ඉන්ටර්සිටි ඇදන් ගියා තියල.
    වටිනා විස්තරයක් චන්දික...

    ReplyDelete
  15. නියමයි.හොද වැඩක් .... දිගටම ලියන්න

    ReplyDelete
  16. මේ Dynamic Brake වැඩ කරන්නෙ නැත්තෙ grid අක්‍රීය වුන හින්ද කියන එක නම් වෙන්න බෑ. grid එක කියන්නෙ resistor bank එකක්. ඒක සාපේක්ෂව ලොකු ගානක් වෙන කොටසක් නෙමෙයි. කෝච්චි එන්ජිමක් නවත්වන කොට air/vacuum brake වලට අමතරව support එකක් විදියට traction motor, generator එකක් වගේ ක්‍රිය කරනවා. ඒ generate වෙන current තාපයට convert කරන්න තමයි ඔය resistor grid එක use කරන්නෙ.
    Traction motor එක DC series type එකක්. හරියට නඩත්තු නොවුනොත් අබලන් වීමේ ඉඩ කඩ වැඩියි. මේ windings සෑහෙන මිල අධිකයි.මම හිතන්නෙ dynamic break අබලන් වෙන්න හේතුව winding ප්‍රශ්නයක් කියලයි..

    good luck ..

    ReplyDelete
  17. දිගටම ලියන්න... අපිත් මෙහෙම හිටියට කෝච්චි පිස්සො තමයි....

    ReplyDelete
  18. @ Lakshan
    බොහොම ස්තුතියි ලක්ෂාන් මල්ලි ඒ පැහැදිලි කිරීමට. මට දැනගන්න ලැබුණ හේතුව තමයි මම සඳහන් කලේ. නමුත් ඔයගෙ මේ පැහැදිලි කිරීම සැහෙන්න වටිනව. මොකද මටත් මේ ගැන හරි විස්තරයක් දැනගන්න ලැබුණෙ නෑ. මට දැනගන්න ලැබුණු හේතුව වුනේ Grid 4න් කීපයක් අක්‍රිය වුනාම ඒ නිසා ඔය සිදුවීම වෙන බව. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  19. වෙනද වගේම අදත් මේ ලිපිය වෙනුවෙන් අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේ ප්‍රතිචාර තමයි මං ලබන උපරිම වටිනාම දේ...

    ReplyDelete
  20. http://www.flickr.com/photos/ryanbytes/3176423982/

    ReplyDelete
  21. @ Lakshan
    නැවතත් ස්තුතියි. ඔබ එවු ඡායාරෑපය ඉහත මෙම ලිපියේ Grids යන වචනය සඳහා සබැඳියක් ලෙස එක්කලා..

    ReplyDelete
  22. මාත් මේ එන්ජිමක එක පාරක් ගියා.. ඒක නං මාරම අත්දැකීමක්..

    ReplyDelete
  23. @ කණියා
    ෂා Cab Ride එකක් ගියාද? නියමයි. මමත් මෙයින් එකක විතරයි තාම ගිහිල්ල තියෙන්නෙ.

    ReplyDelete
  24. @vidulahasaranga
    ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete
  25. නියම ලිපියක්...

    ReplyDelete
  26. M7 n weda karanne nethi engine eka mokakda? aaka hadannama berida

    ReplyDelete
  27. ada thama mama me blog ekata aawe ..!!
    kiyala wedak ne niyamy mamath train walata aasai
    engine athurin mama m7 ekata hugak kemathiy eke hurubuhuti penumata me wisthara tika nam maarai
    cheers!!

    Harsha

    ReplyDelete
  28. excellent work. please include about all type of power sets too (up class s11).

    ReplyDelete
  29. monawa unath M7 engine eka SLR eke nihanda sewayak karanawa. den poddak upset unath puluwan kaale meya hodata bara edda. specially kandy mtr train ekath meya aran giya

    ReplyDelete
  30. When I was a school boy I saw that queen's train powered by two M6 engines.

    ReplyDelete
  31. ඉස්කෝලේ යන කාලේ නිතරම ගියපු එන්ජින් එකක්. මම ගොඩක් ආසම එන්ජින් වලින් එකක් මේක

    ReplyDelete
  32. අසේල බණ්ඩාර හේරත්February 26, 2012 at 9:37 PM

    ඉස්කෝලේ යන කාලේ නිතරම ගියපු එන්ජින් එකක්. මම ගොඩක් ආසම එන්ජින් වලින් එකක් මේක.නුවර නාවලපිටිය පාරේ හොදටම දිව්වා. මගේ අප්පච්චි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩ කරපු නිසා මේ එන්ජින් වල යන්න නිතරම චාන්ස් එකක් ලැබුණා. ගොඩක් හොද වැඩක්. පුලුවන්නම් බස් සෙට් කරලා හදපු දුම්රිය ගැනත් ලියන්න.

    ReplyDelete
  33. කුරුණෑගල මේ එන්ජින් එකක් තියනව. ඒක ඒගොල්ලො යූස් කරන්නේ උදේට පෙට්ටි ඇසෙම්බල් කරන්න. දවල්ට පෙට්ටි තුනක් අමුනලා මහවට යනවා.

    ReplyDelete
  34. ඉස්සර කොටුවෙන් 2.50 pm පිටත් උනේ මේ එන්ජිමක් තියෙන දුම්රියක් එකට ගොඩක් අය කියන්නේ හිගන්නා කියල. ගනේමුල්ලේ දී නගරාන්තර දුම්රිය හැප්පුනෙත් මේ හිගන්නගේම තමා

    ReplyDelete
  35. ඉස්සර කොටුවෙන් 2.50 pm පිටත් උනේ මේ එන්ජිමක් තියෙන දුම්රියක් එකට ගොඩක් අය කියන්නේ හිගන්නා කියල. ගනේමුල්ලේ දී නගරාන්තර දුම්රිය හැප්පුනෙත් මේ හිගන්නගේම තමා

    ReplyDelete
  36. ඇත්තටම මම එච්චර කැමති නැති එන්ජිමක් තමයි මේක.

    ReplyDelete
  37. ඉස්සර ගාලු කුමාරිගෙ නිත්ය භාරකරු මෙයා. එච්චර බලවත් නැති උනාට වෙලාවට ගාලු කුමාරි අරන් ගියා. එන්ජින් කෝච්චි එන්න එන්නම අඩු වෙනවා. දුකයි. මගෙ ප්‍රියතම එන්ජින් කෝච්චි

    ReplyDelete