Saturday, December 18, 2010

෴M3 ඩීසල් දුම්රිය එන්ජිම - දේශිය ඉංජීනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවූ දුම්රිය එන්ජිම෴

M3 එන්ජිම
ඡායාරූපය :- Ceylon Railway Museum
    1938 වසරේදී මෙරටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබු අතර ඒ පිළිබඳ විස්තර මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබුවද එම බලවේග දුම්රියේ එන්ජින් සහ අනෙක් යාන්ත්‍රික උපාංග ඉතා හොඳ තත්වයෙන් තිබූ බව සඳහන් වේ.
     එම කොටස් භාවිතයෙන් නව දුම්රිය එන්ජිමක් නිපදවිමේ  මුලික අදහස පැමිණෙන්නේ 1956 වර්ෂයේදී. මේ අනුව එම කටයුත්ත වෙනුවෙන් ප්‍රමුඛතාවය ගෙන කටයුතු කල, එවකට රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ රාජ් ගෝපාල් මහතා ඇතුලු පිරිසගේ සැලසුම් යටතේ M3 ධාවන පන්තියට අයත් මෙම එන්ජිම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී නිපදවන ලදී. මෙම එන්ජින් නිපදවීමට සැලසුම් කෙරැණේ ෂන්ටින් කටයුතු  (දුම්රිය අංගන වලදී මැදිරි එහා මෙහා ඇදගෙන යාම, ඒවා ගාල් කීම ආදී කටයුතු) සඳහා යොදවා ගැනීමේ අදහසින්. ප්‍රමාණයෙන් M3 අනෙකුත් දුම්රිය එන්ජින් වලට වඩා කුඩා වන අතර සැලකිය යුතු ලෙද බරෙන්ද අඩු විය. 
  • පන්තිය                       :-  M3
  • බර                            :-  ටොන් 47
  • නිෂ්පාදනය                  :-  ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
  • උපරිම බලය               :-  අශ්ව බල 180 (90hp x 2 engines)
  • දුම්රිය එන්ජින් වර්ගය   :-  Diesel Electric
  • බල සැපයුම් එන්ජිම     :-  Williams & Robinson - Type-H6
  • Wheel Arrangement   :-  Bo-Bo
  • තිරිංග පද්ධතිය            :-  Vacuum
  • උපරිම වේගය             :-  55mph
  • වර්ණය                      :-  ලා නිල්, තද නිල්, රීදී පැහැය සමග කහ පැහැ පටියක්
    කෙසේ වුවත් මෙම M3 එන්ජිම ෂන්ටින් කටයුතු වලින් බැහැරව මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන්නට දෙපාර්තමේන්තු බලධාරීන්ට කටයුතු කලේ 1956 වසරේ පත්වුන නව රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා වු ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ ඉල්ලීමට අනුවයි. මෙම ශ්‍රේෂ්ඨ නිර්මාණය ගැන පැහැදුනු එතුමන් මෙම දුම්රිය එන්ජිම රටරට ප්‍රදේශයේ (එතුමන් නියෝජනය කලේ මැදවච්චිය ආසනයයි) මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදවන ලෙස දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව කියැවේ. මේ අනුව මෙම එන්ජිම අනුරාධපුර-මැදවච්චිය සහ අනුරාධපුර-මහව ආදී ප්‍රදේශ වල ධාවනය සඳහා යොදවන ලදී. 

    පලමුව නිපදවුන M3 එන්ජිම 1956 වසරේ යෙදී තිබුණ බුද්ධ ජයන්තිය සිහිගැන්වීම වෙනුවෙන්  "ජයන්ති" ලෙස නම් කරන ලද අතර මෙම එන්ජිම 1956 සැප්තැම්බර් 05 වන දින ප්‍රවාහන හා වැඩ අමාත්‍යවරයා වු ගරු මෛත්‍රීපාල සේනානායක මැතිතුමාගේ අතින් විවෘත කර ජනතා සේවය සඳහා යොදවන ලදී.

    කෙසේ වෙතත් ෂන්ටින් කටයුතු වෙනුවෙන් සැලසුම් කරන ලද එන්ජිම මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම නිසා දෙපාර්තමේන්තුවට නොයෙක් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු විය. ඉතා කෙටි කාලයකදීම අධික ලෙස රත් වීම  සහ වෙනත් විවිධ තාක්ෂණික ගැටලු රාශියක් පැන නැගුණි. (ෂන්ටින් කටයුතු වලදි බොහෝවිට එන්ජිමක් ධාවනය වන්නේ කුඩා කාලයන් සඳහායි. මෙහිදී එන්ජිම එහා මෙහා යන්නෙත් අඩු දුර ප්‍රමාණ වලදී නිසා අධික රත්වීම් වලින් තොරව එන්ජිමට අවශ්‍ය විවේකය සහ සිසිලනය ලැබෙමින් ධාවනය සිදුකල හැකියි.) මේ හේතු නිසා මුලින් නිපදවූ අංක 589 දරණ එන්ජිම සුදුසු සැකසුම් සහිතව නැවත ප්‍රතිනිර්මාණය කිරීමට දෙපාර්තමේන්තුවට සිදුවිය.

    1957 වසරේදීම තවත් M3 පන්තියේ එන්ජිමක් (590) රත්මලාන කර්මාන්ත ශාලාවේදීම නිපදවන ලද අතර මෙම 589(ජයන්ති) සහ 590 එන්ජින් ද්විත්වය වසර 10ක් පමණ ධාවනය කර ඇති බව සඳහන්වේ. පසුව ධාවනයෙන් අත්හැර දමා රත්මලාන කර්මාන්ත ශාලා භුමියේ කැලැ බද ප්‍රදේශයක දිරා යමින් තිබුණ මෙම රැකගත යුතුව තිබූ වටිනා සම්පත 2002 වසරේ දිනයක ඉතා අවාසනවන්ත ලෙස පැරණි යකඩ සඳහා කපා අලෙවි කර ඇත.

ස්තූතිය :-
මෙම ලිපිය සඳහා තොරතුරු සොයා යාමේදී විශේෂ සහයක් ලබා දුන් නලීන් අබේසිංහ සොයුරාට විශේෂ ස්තුතිය පිරිනැමේ.

ආශ්‍රිත ලිපි :-

11 comments:

  1. kicksma thama ayya... :s

    ReplyDelete
  2. :c ඉතා හොඳ පැහැදිළි කිරීමක්... මෙන්න කොමෙන්ට් කළා....ඔන්න පස්සෙ දැම්මෙ නැහැ කිව්වොත් බලාගෙනයි....හෙට එන්න....

    ReplyDelete
  3. නියමයි. මමත් පොඩි කාලෙ ඉදන් කෝච්චි වල යන්න පුදුම ආසාවක් තියෙන්නේ

    ReplyDelete
  4. Mata meka labune kohenda kiyala nam mathaka naa. Eth meka me kiwwa M3 engimak da kiyala danne naa. Meka Made in Sri Lanka kiyala save karala thibbe. mama http://4.bp.blogspot.com/_BLT-Drd6gP0/TUKOH54QHdI/AAAAAAAAAGE/0k8fqZNk96A/s1600/Made+In+Sri+Lanka.jpg upload karala athi.
    Thawa digatama liyanna. Good Luck....

    ReplyDelete
  5. @ චෙරබ් වීරතුංග
    මේ ඔබ විසින් එවන ලද ඡායාරෑපය Y1 පන්තියේ එන්ජිමක්. එයත් සාඩම්බර ශ්‍රීලාංකීය නිෂ්පාදනයක්. ස්තුතියි.

    ReplyDelete
  6. Chandika,

    Thank you for writing up the history of Missing M3 history.A sad story for all train enthusiasts.

    ReplyDelete
  7. හරිම හොඳ බ්ලොග් එකක්.... ඔහොම දිගටම යං සහෝ...

    ReplyDelete
  8. M3 photos tikk labuna ewanna widiyk kiyanawada

    ReplyDelete
    Replies
    1. gehanchandika@gmail.com එකට මේල් කරන්න.
      ස්තූතියි

      Delete