Tuesday, November 01, 2016

ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය එන්ජින් නාමකරණය

ශ්‍රි ලංකාවේ දුම්රිය සේවය ඇරඹී වසර 150ක් ඉක්ම ගොස් තිබේ. එම වසර 150ක කාලය තුල සේවය එක් වූ සහ එයින් ඉවත් වූ දුම්රිය එන්ජින් ප්‍රමාණය දහසකට ආසන්නය. එහෙත් වර්තමානය වන විට බොහොමක් පැරණි එන්ජින් පිලිබඳව මූලික තාක්ෂණික විස්තර හෝ ඡායාරූප සොයාගැනීමට දුලබ වීම කණගාටුවට කරුණකි. මුල් කාලීන දුම්රිය සේවය සඳහා යොදාගත් එන්ජින් වර්ග කාණ්ඩගත කිරීමේ යම් ක්‍රමවේදයක් තිබී ඇතත් පසුකාලීනව දුම්රිය සේවය වඩාත් දියුණුවට පත් වෙත්ම එම ක්‍රමය ප්‍රමාණවත් නොවන්නට ඇතැයි සැලකිය හැකිය.
එබැවින් දුම්රිය ගමනාගමනය ආරම්භයේ සිටම ධාවනය කරන ලද එන්ජින් සඳහා, එතෙක් පැවතී දුම්රිය එන්ජින් වර්ගීකරණය වෙනුවට නව ආකාරයේ දුම්රිය එන්ජින් වර්ගීකරණයක් ශ්‍රීලංකාවට හඳුන්වා දී ඇත්තේ වර්ෂ 1937 දී පමණය. එය Steam Locomotive and General Re-Classification of 1937 ලෙස හැඳීන්වී ඇත. එම නාමකරණයට අනුව එන්ජින් වල ඇක්සල සැකැස්ම සලකා එවකට තිබූ වාෂ්ප එන්ජින් A, සිට F දක්වා සහ අනෙකුත් රේල් කාර් ආදිය R, V ඉංග්‍රීසි අක්ෂර යටතේ විවිධ කාණ්ඩ වලට ඇතුලත් කෙරිණ. (වාෂ්ප එන්ජින් නාමකරණය පිලිබඳව පසු ලිපියකදී විස්තර පල කෙරෙනු ඇත).


ශ්‍රී ලංකාව මිලදීගත් පළමු ඩීසල් එන්ජිම (G1-500)
Image:- Dilantha Weerarathne.

පළමු වරට මෙරටට ඩීසල් දුම්රිය ඒන්ජිමක් ගෙනවිත් ඇත්තේ වර්ෂ 1933දීය. ඒ අත්හදා බැලීමක් සඳහා ගෙන්වන ලද Arrmstrong Withworth  නැමැති එංගලන්ත සමාගමේ නිපදවන ලද (ඇක්සල සැකැස්ම  2-6-2) එන්ජිමකි. ඩීසල් ඉලෙක්ට්‍රික් ආකාරයේ එන්ජිමක් වූ මෙය පරීක්ෂන ධාවන කටයුතු වලින් පසු ආර්ජන්ටිනාවට ගෙන ගොස් ඇත. පසු කලෙක දුම්රිය සේවය ඩීසල්කරණයට නතු වීමත් සමග විවිධ වසර වලදී විවිධ රටවල් වල නිපදවන ලද විවිධාකාර ඩීසල් දුම්රිය එන්ජින් මෙරටට ආනයනය කරන ලදී. වරෙක, දකුණු ආසියාවේ වැඩිම දුම්රිය එන්ජින් වර්ගකරණයක් ඇති රට වශයෙන්ද ශ්‍රී ලංකාව (නිල නොවන මට්ටමින්) සැලකුණ බැව් කියවේ. මේ සමගම ක්‍රමයෙන් එන්ජින් නාමකරණය තව දුරටත් සංකීර්ණ මෙන්ම පුළුල්ව පැතිරී ගිය ආකාරයක් දකින්නට ලැබේ. ඒ අනුව වර්ෂ 1938 දී පමණ මෙම නාමකරණය තව දුරටත් වෙනස් කොට වර්තමානයේදී දුම්රිය සේවය විසින් භාවිතයට ගනු ලැබේ. ඒ අතුරින් ඩීසල් එන්ජින් නාමකරණයට අදාල කොටස පිලීබඳව පමණක් මෙම ලිපියේදී විමසා බැලීමට අදහස් කෙරේ.

ඩීසල් එන්ජින් නාමකරණය අනුව ප්‍රධාන වර්ගීකරණ කාණ්ඩ 7ක් පමණ හඳුනාගත හැකිය.ඒ සෑම කාණ්ඩයක් සඳහාම නිෂ්චිත ඉංග්‍රීසි අක්ෂරයක් භාවිත වේ. ඒ අනුව සෑම එන්ජිමක් සඳහාම එන්ජින් අංකයක් ලැබෙන අතර එය එන්ජිමේ ඉදිරිපස, පසු පස සහ දෙපැත්තේ පැහැදිලිව පෙනෙන ලෙස ලෝහ පුවරුවක සටහන් කොට සවි කර ඇත. එම එකක් එක් කාණ්ඩ පහත දැක්වේ.

G - ඩීසල් ඉලෙක්ට්‍රික් ෂන්ටින් එන්ජින් කාණ්ඩය
M -ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් කාණ්ඩය
N - ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් කාණ්ඩය (පටු ආමාන)
P - ඩීසල් යාන්ත්‍රික ෂන්ටින් එන්ජින් කාණ්ඩය (පටු ආමාන)
S - බලවේග දුම්රිය එන්ජින් කාණ්ඩය
T - රේල් කාර්
W - ඩීසල් - හයිඩ්‍රෝලික් දුම්රිය එන්ජින් කාණ්ඩය
Y - ඩීසල් හයිඩ්‍රොලික් ෂන්ටින් එන්ජින් කාණ්ඩය
ML - මිනි ලොකෝ, RB - රේල් බස්, MT - මෝටර් ට්‍රොලි (නිල නාමකරනය සඳහා අදාල නොවේ)

M - ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් කාණ්ඩය
ප්‍රධාන මාර්ගයේ සහ ප්‍රධාන දුම්රියන් ධාවනය කිරීම සඳහා යොදාගන්නා වැඩි බලයක් සහිත එන්ජින් මෙම කාණ්ඩය ඇතුලත් වන සේ ධාවන පන්ති වලට එක් කර තිබේ.M අක්ෂරය Main Line යන්න නිරෑපනය කිරිමට යොදාගත් බව පැවසුනද, එය A, B, C, D... ලෙස වාෂ්ප එන්ජින් වලින් ආරම්භ වූ නාමකරණයේ මීලඟ අක්ෂරය ලෙස යොදාගත් බවට ඇති තර්කයද පහසුවෙන් ඉවත දැමිය නොහැකිය. M කාණ්ඩයේ සියලු එන්ජින් ඩීසල් - ඉලෙක්ට්‍රික් ක්‍රමයට ක්‍රියාත්මක වන අතර එම ධාවන පන්ති සහ උප පන්ති පහත ආකාරයට දැක්විය හැකිය.

ධාවන පන්තිය
උප පන්ති
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
M1

539-563
1952/55
එංගලන්තය
Brush Bagnall
A1A-A1A
Mirlees
JS12VT
1000
ධාවනයේ නැත. මෙම වර්ගයේ එක් එන්ජිමක් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේදී දැකිය හැකිය.
M2
M2
569-573
1954/55
කැනඩාව
GMD
A1A-A1A
GM V12 567C
1425
571 එන්ජිම බෝම්බයකින් විනාශ විය.
M2A
591-593
1956
කැනඩාව
GMD
A1A-A1A
GM V12 567C
1425

M2B
594-595
1958
කැනඩාව
GMD
A1A-A1A
GM V12 567C
1425

M2C
626,627
1961
කැනඩාව
GMD
B0-B0
GM V12 567C
1310
උඩරට ධාවනය සඳහා කලක් යොදවන ලදී
M2D
628-629
1966
ඇමෙරිකාව

GM-EMD
A1A-A1A
GM V12 567E
1425
ගාල්ල, කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් සඳහා යොදවන ලදී
M3

589-590
1956-7
ශ්‍රී ලංකාව
Ceylon Government Railways
B0-B0
Willians Type 6H
180 x 2
(Two engines)
ධාවනයේ නැත (S1 වල එන්ජින්) ජයන්ති
M4

742-756
1975
කැනඩාව

ALCO Bombardier
C0-C0
ALCO 251C
1750

M5
M5
767-782
1979
ජපානය
Hitachi
B0-B0
MTU-IKEGAI
1600

M5A
769
1991
-
-
B0-B0
MTU-12V396TC13
1150
ශ්‍රි ලංකාවේදී අලුත්වැඩියා කර නව එන්ජිමක් සවිකරන ලදී
M5B
768,772,
777,778
1997
-
-
B0-B0
Paxman Valenta 12RP200L
1500
ශ්‍රි ලංකාවේදී අලුත්වැඩියා කර නව එන්ජිමක් සවිකරන ලදී
M5C
767,775,
776,779,
781,782
2001
CAT 3516
-
B0-B0
Catarpillar 3516 DITA
1800
ශ්‍රි ලංකාවේදී අලුත්වැඩියා කර නව එන්ජිමක් සවිකරන ලදී
M6

783-798
1979
ජර්මනිය
Thyssen Henschel
A1A-A1A
EMD 12-645E
1650
793, 798 එන්ජින් බෝම්බ ප්‍රහාර වලින් විනාශ විය
M7

779-814
1981
එංගලන්තය
Brush
B0-B0
EMD 8-645E
1000
803 එන්ජිම අනතුරකින් විනාශ විය.
M8
M8
841-848
1996
ඉන්දියාව
Diesel Locomotive Works
C0-C0
ALCO/DLW 251B
2600

කැනඩා අනුමැතිය සහිතව මෙම වර්ගයේ එන්ජින් ඉන්දියාවේදී නිපදවීම අරඹා ඇත
M8A
877,878
2001
ඉන්දියාව
Diesel Locomotive Works
C0-C0
ALCO/DLW 251B
2000
M8 එන්ජිමේ මුල් සැලැස්මට සමාන වුවද මෙහි එන්ජිමේ ඇත්තේ සිලින්ඩර් 12කි.
M9

864-873
2000
ප්‍රංශය
ALSTOM
C0-C0
Ruston 12 RK 215
3220
RUSTON
එන්ජින් බලය සීමා කර තිබෙන බැවි කියවේ. දැනට ධාවනය වන්නේ එන්ජින් කිහිපයක් පමණි.
M10
M10
914-916
2012
ඉන්දියාව
Diesel Locomotive Works
C0-C0
ALCO/DLW 251B
2300
මෙම එන්ජින් වල ඇතැම් තාක්ෂණික කටයුතු පරිගණකයක් මගින් පාලනය කෙරේ.
M10A
940-945
2013
ඉන්දියාව
Diesel Locomotive Works
C0-C0
ALCO/DLW 251B
2300
වෙනම උප පන්තියක් යටතේ තිබුණද M10 සමග සසඳන කල වෙනස ඇත්තේ බඳෙහි වර්ණය පමණි.

**M ධාවන පන්තියේ ඇති තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ M2 එන්ජින් (569-Ontario, 570-Alberta, 571-Saskatchewan, 572-British Columbia, 573-Quebec, 591-Manitoba, 592-Nova Scotia, 593-New Brunswick, 594-Prince Edward Island, 595-Newfoundland, 626-Montreal, 627-Vancouver,628-කන්කසන්තුරේ,629-ගාල්ල) ලෙසත් M4 එන්ජින් (743-මඩු, 744-සීගිරි, 745-රුවන්වැලි, 746-නමුණුකුල, 747-කැළණි, 748-වලවේ, 749-දුන්හිඳ, 750-ඉසුරුමුණි, 751-දියලුම, 752-පේදුරුතුඩුව, 753-සමනල, 754-මැණික්, 755-මහවැලි, 756-ලක්ෂපාන) ලෙස එක් එක් එන්ජිමට හඳුනාගැනීමේ නම් යොදාගෙන තිබීමයි.

S - බලවේග දුම්රිය එන්ජින් කාණ්ඩය
බලවේග කට්ටල දුම්රියන් වල එන්ජින් මෙම කාණ්ඩයට අයත් වේ.  “Suburban” යන ඉංග්‍රීසි යෙදුමෙන් මෙම S අක්ෂරය යොදාගෙන ඇති බවට ඇතමෙකු තර්ක කරති. Suburban යන්නෙන් තදාසන්න ප්‍රදේශ, නගරබද, කෙටිදුර යන්නක් නිරූපනය වුවත් එය සාධාරණ යොදාගැනීමක් නොවන්නේ මෙරට පළමු බලවේග කට්ටලය වන S1 කට්ටලයන් පවා කොළඹ-ගාල්ල සහ පොඩිමැණිකේ දුම්රිය සමග S3 බලවේග කට්ටලයන් කොළඹ-නානුඔය වැනි දිගු ගමන් වාර සඳහාද යොදාගෙන ඇති නිසාය. (වර්තමානයේදීත් මෙම කාණ්ඩයේ බලවේග කට්ටලයන් කොළඹ -කන්කසන්තුරේ වැනි ඉතා දුර ගමන් වාර සඳහා පවා යොදවනු දක්නට ලැබේ). ඒ අනුව මෙම S අක්ෂරය ලැබී ඇත්තේද ඉංග්‍රීසි අකාරාදී පිලිවෙලට සිදුකරන ලද නාමකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් බවට තවත් තර්කයක් ගොඩනැගිය හැකිය.

එමෙන්ම මෙම කාණ්ඩයේදී ඩිසල්-ඉලෙක්ට්‍රික් හෝ ඩීසල්-හයිඩ්‍රොලික් ලෙස නොසලකා එකම අක්ෂරයක් යටතේ කාණ්ඩගත කර තිබීමද විශේෂත්වයකි. එමෙන්ම මෙම කාණ්ඩයට අයත් ධාවන පන්ති වලට උප ධාවන පන්ති දකින්නට නොලැබේ.

ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
බල එන්ජිම
බලය
(Hp)
ධාවන ක්‍රමය
විශේෂ කරණු
S1
501-503
1938
එංගලන්තය

English Electric
B0+2+2+2+B0
Willians Type 6H
180 x 2

ඩීසල්-ඉලෙක්ට්‍රික්
ධාවනයේ නැත
පසු කලෙක මෙම බලවේග කට්ටල වල එන්ජින් යොදාගෙන M3 එන්ජින් නිපදවන ලදී. ශ්‍රී ලංකාවේ බලවේග දුම්රිය ඇතුරින් Powered Set දුම්රියක් ලෙස හැඳින්විය හැක්කේ මෙම දුම්රිය පමණි. මෙහි මැදිරි එකිනෙක වෙන් කල නොහැකිය.
S2
574-588
1956
ස්විට්සර්ලන්තය
Schindler Carriages & Wagon
B-B
Maybach MD 435
800
ඩීසල්-හයිඩ්‍රොලික්
ධාවනයේ නැත
S3
597-620
1959
ජර්මනිය
MAN Diesel
B-B
MAN L12V18
880
ඩීසල්-හයිඩ්‍රොලික්
ධාවනයේ නැත.
වැඩිම කාලයක් සේවයේ යෙදුනු බලවේග කට්ටල පන්තියයි.
S4
621-625
1962
ජර්මනිය
MAN Diesel
B-B
MAN L12V21
1000
ඩීසල්-හයිඩ්‍රොලික්
ධාවනයේ නැත
S5
717-720
1969
ජපානය
Hitachi
B-B
Paxman 8YJXL-V71
880
ඩීසල්-හයිඩ්‍රොලික්
වායුසමීකරණය කරන ලද සුඛෝපබෝගී දුම්රිය කට්ටල දෙකකි. සාමාන්‍ය මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නේ නැත.
මෙම එන්ජින් සඳහා 2015 වසරේදී CAT DITA එන්ජින් කට්ටල යොදා අලුත්වැඩියාවක් කර ඇත.
S6
733-742
1975
ජපානය
HITACHI
B-B
Paxman 12YJXL
1200
ඩීසල්-හයිඩ්‍රොලික්
1990 වසරේදී පමණ මේවාට Paxman VEGA SE/RP 160 එන්ජින් අලුතෙන් යොදා ඇත.
ධාවනයේ නැත
S7
757-766
1977
ජපානය
HITACHI
B-B
Cummins KTA 2300L
1000
ඩීසල්-හයිඩ්‍රොලික්
ධාවනයේ නැත
S8
821-840
1989
ජපන්-කොරියන්
HITACHI/ Hyundai
B-B
MTU 12V396 TC13
1400
ඩීසල්-හයිඩ්‍රොලික්
වර්තමානයේදී සාමාන්‍ය සේවා සඳහා ධාවනයේ පවතින පැරණිම බලවේග කට්ටලයයි. එන්ජිම සහිත එලැවුම් මැදිරි ජපානයේදීත් මගී මැදිරි කොරියාවේදීත් නිපදවා ඇත.
S9
849-863
2000
චීනය
CSR Sifang Locomotive & Rolling Stock Co.Ltd
B0-B0
MTU 12V396 TC14
1500
ඩීසල්-ඉලෙක්ට්‍රික්
මෙම දුම්රියේ විශේෂත්වයක් වන්නේ සුලු වෙනස්කම් කිහිපයක් කොට පැන්ටොග්‍රාෆයක් ආධාරයෙන් විදුලි දුම්රියක් ලෙස ධාවනය කිරීමට ඇති හැකියාවයි.
S10
879-893
2008
චීනය
CSR Sifang Locomotive & Rolling Stock Co.Ltd
B0-B0
MTU 12V4000 R41
1950
ඩීසල්-ඉලෙක්ට්‍රික්
-
S11
894-913
2011
ඉන්දියාව
(ICF)
Integral Coach Factory
B0-B0
Cummins KTA50L 16V
1400
ඩීසල්-ඉලෙක්ට්‍රික්
සාපේක්ෂව සැහැල්ලු දුම්රිය කට්ටලයකි. සාමාන්‍ය මගී සේවා සඳහා යොදාගත් බලවේග කට්ටල අතුරෙන් සනීපාරක්ෂක පහසුකම් සහිත පලමු බලවේග දුම්රියයි.
S12
917-939
2012
චීනය
CSR Sifang Locomotive & Rolling Stock Co.Ltd
B0-B0
MTU 12V4000 R41
1950
ඩීසල්-ඉලෙක්ට්‍රික්
මෙම දුම්රිය කට්ටල විශේෂයෙන් සකසා ඇත්තේ කැළණිවැලි මාර්ගයේ සහ උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමටයි. ආසන පිහිටුම ආකාර දෙකකට දක්නට ලැබේ.

** S5 සහ S12 එන්ජින් වල හැර අනෙක් බලවේක කට්ටල වල එන්ජිම සහිත එලැවුම් මැදිරියේ මගීන්ට ගමන් කළහැකි මැදිරි කොටසක් දකින්නට තිබේ.

W - හයිඩ්‍රොලික් දුම්රිය එන්ජින් කාණ්ඩය
ඉහත විවාදයට ලක්වූ තර්කය සත්‍යනම් හයිඩ්‍රොලික් එන්ජින් කාණ්ඩය සඳහා ලැබිය යුතු අක්ෂරය විය යුත්තේ H වුවත් එයට ලැබී ඇත්තේ W අක්ෂරයයි. කෙසේ වුවද මෙම W කාණ්ඩයේ එන්ජින් ගෙන්වන විටද H කාණ්ඩයේ වාෂ්ප  එන්ජිමක් ඉතිරිවී පැවතුණ බවද අමතක කළ නොහැකිය. සම්පූර්ණයෙන්ම වෙනස් එන්ජින් කාණ්ඩ දෙකක් සඳහා එකම අක්ෂරය යෙදීම සිදු නොකරන බැවින් W අක්ෂරය යොදාගන්නට ඇතැයි සැලකිය හැකිය. එමෙන්ම Werkhorse නැමැති ජර්මානු යෙදුම (මෙහි ඉංග්‍රීසි තේරුම Mixed traffic වේ) අනුව W අක්ෂරය යොදා ගත් බවටද තවත් මතයක් ඇත.

ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
W1
630-674
1969
බටහිර ජර්මනිය
Henschel
B-B
Paxman 12 YJXL
1150
650, 657 එන්ජින් දෙක පමණක් ධාවනය වේ. ඒවා S6 බලවේග කට්ටල වලින් ඉවත් කරන ලද එන්ජින් සවි කර අලුත් වැඩියා කරන ලදී.
W2
703-716,
729
1969
නැගෙනහිර ජර්මනිය
Karl Marx Werks
B-B
Paxman Ventura 16YJXL
1580
ධාවනයේ නැත
W2A
715
2015
-

B-B
Paxman Valenta 12RP200L
1150
ධාවනයෙන් ඉවත් කර තිබූ W2 එන්ජිමක් නැවත බල එන්ජිමක් යොදා ශ්‍රී ලංකාවේදී අලුත් වැඩියා කරන ලදී.
W3
631,636,
638,647,
659,665,
666,667,
669,673
1997
-
Adtranz සහයෝගීතාව
යටතේ නැවත එන්ජින් සවි කරන ලදී
B-B
Caterpillar
3512
DITA
1200

අත්හැර දැමූ W1 එන්ජින් කිහිපයක් නැවත එන්ජින් කට්ටල සවිකර ශ්‍රී ලංකාවේදී අලුත් වැඩියා කරන ලදී. කෙසේ වුවද මෙහිදී කාණ්ඩ අක්ෂරය වෙනස් වුවද කාණ්ඩ අංකය වෙනස් කර නැත.

G - ඩීසල් ඉලෙක්ට්‍රික් ෂන්ටින් එන්ජින් කාණ්ඩය
දුම්රිය නාමකරණය සිදුකරන අවධියේදි මෙරට තිබුණු එකම ඩීසල් එන්ජිම වුයේ ෂන්ටින් කටයුතු සඳහා යොදාගත් කුඩා එන්ජිමකි. එම එන්ජින් කාණ්ඩයට අනුයාත අක්ෂර යොදාගත් නාමකරණය අනුව G අක්ෂරය ලැබී තිබේ.

ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
G1
500
1934
එංගලන්තය

Arrmstrong Withworth
0-4-0
Saurer 122


120


මෙරට පළමු ඩීසල් එන්ජිම. මෙය 1934 දී ගෙන එන විට නාමකරණය නොතිබුණි. අංක 500 යනුවෙන් හැඳින්විණි.
වර්ෂ 1960 දී Rolls Royce –C එන්ජිමක් යොදා අලුත්වැඩියා කර ඇත.
කඩුගන්නාව දුම්රිය කොතුකාගරයේ ප්‍රදර්ශණයට තබා ඇත.
G2
531-538
1952
එංගලන්තය
North British Locomotives
B0-B0
Paxman 12RPHXL
375
ෂන්ටින් එන්ජිමක් වුවද මෙය ඇතැම් අවස්ථාවන් වලදී කොළඹ සිට මහනුවර දක්වා බඩු දුම්රියන් ධාවනයට යොදාගත් බව කියවේ. මෙයින් එක් එන්ජිමක් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ධාවනයේ නැත.

Y - ඩීසල් හයිඩ්‍රොලික් ෂන්ටින් එන්ජින් කාණ්ඩය
ඉහත තර්කය නගන සමහර අයගේ මතය අනුව Y කාණ්ඩයට අදාල කාණ්ඩ අක්ෂරය ලැබෙන්නේ අංගනය යන තේරුම ඇති Yard නැමැති ඉංග්‍රීසි වදනෙනි. එහෙත් ඒ වන විටත් G අක්ෂරයෙන් යුතුව ඩීසල් ඉලෙක්ට්‍රික් ෂන්ටින් එන්ජින් කාණ්ඩගත කර තිබුණි. මේ අනුව අදාල අනුයාත ඉංග්‍රීසි අක්ෂර ලෙස Y යොදාගත් බව සැලකිය හැකිය. එහෙත් මෙහි තවත් විවාද සහගත කරුණක් වන්නේ එසේ අනුයාත අක්ෂර සමග සිදුකරන නාමකරණයේදී මීලඟට යෙදියයුතු අක්ෂරය ලෙස U හා X අක්ෂර දෙකෙන් එකක් තෝරාගත හැකිව තිබියදී Y අක්ෂරය යොදා ගැනීමය.
මෙහි ඇති අනෙක් සුවිශේෂි කාරණ වන්නේ Y1 ලෙසින් නම්කිරිම සිදු නොකොට Y අක්ෂරය පමණක් යොදාගැනීමය. කෙසේ වුවද පසු කලෙක Y1 ධාවන පන්තිය යටතේ  දේශීයව එකලස් කරන ලද එන්ජින් කාණ්ඩයක් දුම්රිය සේවයට එක් විය.
ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
Y
675-702
1969
එංගලන්තය
Hunslet
0-C-0
Rolls Royce DV8T
530
691 එන්ජිම ගිනිගෙන විනාශ විය.
Y1
722-728
1972
ශ්‍රී ලංකාව
Sri Lanka Railway
0-D-0
Paxman
12RPHXL
1080
දේශියව නිපදවන ලද මෙම එන්ජින් ඉතා කෙටි කලකින්ම ධාවනයෙන් ඉවත් විය. ෂන්ටින් කටයුතු වලට අමතරව මේවා කොළඹ අවට මගී ප්‍රවාහන සේවා සඳහාද භාන්ඩ ප්‍රවාහන දුම්රියන් සඳහාද යොදාගෙන ඇත.


P - ඩීසල් යාන්ත්‍රික ෂන්ටින් එන්ජින් කාණ්ඩය (පටු ආමාන)
පුලුල් ආමානයේ ෂන්ටින් එන්ජින් Y ලෙස නාමකරණය ආරම්භ කලද පටු ආමානයේ ෂන්ටින් එන්ජින් P1 නාමකරණයෙන් නිවැරදි ලෙස සිදු කර තිබේ.පටු ආමානයේ දුම්රියන් භාවිත කරන සමයේ එම දුම්රිය සඳහා ෂන්ටින් කටයුතු කිරීම සඳහා මෙම කාණ්ඩයට එන්ජින් භාවිත කර ඇතත් පසු කලෙක මේවා මගී ප්‍රවාහන සේවා සඳහා කෙටිදුර ධාවනයටද යොදවා තිබිනි.

ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
ධාවන ක්‍රමය
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
P1
527-530
1950
එංගලන්තය
Hunslet
0-C-0
ඩීසල් - යාන්ත්‍රික
Hornsby 6VPH
130
කැළණිවැලි මාර්ගය පුලුල් ආමානයට පත් කිරීමත් සමග ධාවනයෙන් ඉවත් කරන ලදී.
දැයට කිරුල ආදී ප්‍රදර්ශණ වලදී ඇතැම් අවස්ථාවල ධාවනය කර තිබේ.

N - ඩීසල් හයිඩ්‍රොලික් එන්ජින් කාන්ඩය (පටු ආමාන)
මෙම කාණ්ඩයට ඇතුලත් කර ඇත්තේ පටු ආමානයේ දුම්රිය මාර්ග වල ධාවනය සඳහා යොදාගත් ඩීසල්-හයිඩ්‍රොලික් එන්ජින් වර්ග දෙකක් සහ පරීක්ෂණ මට්ටමේ එක් විදුලි එන්ජිමක් ඇතුලත්ය. විදුලි දුම්රිය එන්ජිමක් ඇතුලත් වන එකම එන්ජින් කාණ්ඩයද මෙය වෙයි. එම එන්ජිමද හයිඩ්‍රොලික් ධාවන ක්‍රමයට ධාවනය කර ඇත. ඇතැම් අවස්ථාවක එම එන්ජිම E1 ලෙසද කාණ්ඩ ගත කර තිබුණු බැව් පැවසේ. එනමුත් E1 නමින් වාෂප් එන්ජින් කාණ්ඩයක්ද විය.

ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
ධාවන ක්‍රමය
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
N1
564-568
1953
ජර්මනිය
Krupp
1-C-1
ඩීසල් - හයිඩ්‍රොලික්
Deutz T8M233
492
ධාවනයේ නැත
N2
730-732
1973
ජපානය
Kawasaki
B-B
ඩීසල් - හයිඩ්‍රොලික්
Detroit V1671N
600
දැව ප්‍රවාහන කටයුත්තක් සඳහා ගෙන එන ලද මෙම එන්ජින් පසුව මගී දුම්රිය සේවා සඳහා යොදවා ඇත. මෙම කාණ්ඩයේ එක් එන්ජිමක් කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
N3
001
1990ට ආසන්න
-
-
B-B
ඉලෙක්ට්‍රික් (Electro- Hydraulic)
ට්‍රැක්ෂන් මෝටරයක්
යොදා ඇත
-
N2 එන්ජිමක් වෙනස් කරමින් ශ්‍රී ලංකාවේදී සිදු කරනලද අත්හදා බැලීමකි. ධාවනයේ නැත
මෙය පසුව E1 ලෙසද කාණ්ඩගත කර ඇත.

T - රේල් කාර්
දුම්රිය එන්ජින් නාමකරණය අනුව ඩිසල් රේල් කාර් සඳහා ලැබී ඇත්තේ T අක්ෂරයයි. 

ධාවන පන්තිය
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
ධාවන ක්‍රමය
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
T1
504-526
1947
එංගලන්තය
English Electric
B0-2
ඩීසල් - ඉලෙක්ට්‍රික්
Willians Type 6H
180
515 පමණක් ධාවන තත්වයේ ඇත.
T2
321-325
1962
-

1A-2
ඩීසල් - මිකැනිකල්
(තහවුරු කර නැත)
Rolls Royce C6SF-XP-262
230
සෙන්ටිනෙල් වාෂ්ප රේල් කාර් වලට ඩීසල් එන්ජින් යොදා මෙරටදී නැවත බලගන්වා ඇත. කෙසේ වුවද මෙහිදී කාණ්ඩ අක්ෂරය වෙනස් වුවද කාණ්ඩ අංකය වෙනස් කර නැත.  ධාවනයේ නැත.


රේල් බස්,මිනි ලෝකෝ සහ මෝටර් ට්‍රොලි
දුම්රිය සේවාවේ අවශ්‍යතා පරිදි විවිධ කාලවලදී මෝටර් ට්‍රොලි කිහිපයක් දුම්රිය සේවයට එකතු වී ඇත. මේවාට විශේෂ නාමකරණයක් යොදාගෙන නැත. එසේම අත්හදා බැලීමක් ලෙස දේශියව නිපදවන ලද රේල් බස රථ කිහිපයක් සහ මිනිලොකෝ නැමැති කුඩා දුම්රිය එන්ජිමක්ද මෙසේ නාමකරණයෙන් බැහැරව දුම්රිය සේවය සතුව තිබේ. (පෙට්‍රල් එන්ජින් මගින් ධාවනය කරන ලද මෝටර් ට්‍රොලි කිහිපයක්ද දුම්රිය සේවය සතුව තිබී ඇත)

රථය
ධාවන පන්තිය (නිල නොවේ)
අංක
වර්ෂය
නිෂ්පාදිත රට
සමාගම
ඇක්සල සැකැස්ම
බල එන්ජිම
බලය
(Hp)
විශේෂ කරණු
මිනි ලෝකෝ
ML
1
1998
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා දුම්රිය සේවය
0-4-0
Hino H 6 ETI
110
W1 බොගියක් සහ බස් එන්ජිමක් උපයෝගී කරගෙන නිපදවා ඇත.
ධාවනය නොවේ
රේල් බස්
RB
1-12
1995
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකා දුම්රිය සේවය
1-A-A-1
Hino H 6 ETI
110
ඇතැම් කට්ටල ධාවනය වේ
මෝටර් ට්‍රොලි
MT
විවිධ
විවිධ
විවිධ
විවිධ
විවිධ

විවිධ
ඇතැම් ඒකක ධාවනය වේ



විශේෂ කරුණු:-
  •  M යනු Main Line, S යනු Suburban, Y යනු Yard ආදී ලෙස කෙරෙන හැදින්වීම දෝශ සහිතය. ඒවා විශේෂයෙන් යොදාගත් අක්ෂර නොව අනුයාතව යොදන ලද අක්ෂරයන් වේ.
  • විවිධ බල සම්ප්‍රේෂණ ක්‍රම සහිත එන්ජින් M, W ලෙස වෙනස් කාණ්ඩ වලට ඇතුලත් කලද, වෙනස් සම්ප්‍රේෂණ ක්‍රම සහිත බලවේග කට්ටල ඇතුලත් කර ඇත්තේ එකම, එනම් S කාණ්ඩයටය.
  • සෑම කාණ්ඩයකම එන්ජින් ධාවන පන්ති එම අදාල අක්ෂරය සමග 1, 2, 3.. ලෙස ඇරඹුනද Y පන්තියේ දි ඉලක්කමක් රහිතව අක්ෂරය පමණක් භාවිතයෙන් ආරම්භ කර ඇත.
  • අනුයාත අක්ෂර සහිත නාමකරණය අනුව 1969 ගෙන එන ලද පුලුල් ආමාන ෂන්ටින් එන්ජින් සඳහා U හෝ X අක්ෂරය යොදාගත යුතු වුවත් එම අකුරු දෙකම මග හැර Y අක්ෂරය යොදාගෙන ඇත.
  • නාමකරණය සඳහා I, O, Q යන අකුරු භාවිතා කර නැත
  • මෙහි දැක්වෙන එන්ජින් සියල්ලම ශ්‍රී ලංකා දුම්රිය සේවයේ භාවිත කරන එන්ජින් වන අතර, මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගාල්ල සහ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා, පුත්තලම හොල්සිම් සිමෙන්ති කර්මාන්ත ශාලාව, ලංකා ලුණු සමාගම ආදී ආයතන සතුවද දුම්රිය එන්ජින් තිබී ඇත. එයින් සමහරක් එන්ජින් දැනටත් භාවිතයේ පවතී. එහෙත් ඒවා මෙම නාමකරණවය යටතේ ඇතුලත් නොකෙරේ. 
-Lanka Railway Digest සඟරාව සඳහා සකස් කරන ලද ලිපියකි-

විශේෂ ස්තූතිය:-

විනෝද් වික්‍රමරත්න, තූර්ය ඕවිටිපාන, නිපුන දෙඩන්තැන්න, සුභාෂ් ධනසේකර, නලින් අබේසිංහ, සහන් ජයසූරිය

17 comments:

  1. වටිනා තොරතුරු රැසක එකතුවක්

    ReplyDelete
  2. ස්තුතියි වටින තොරතුරු ටිකක් ගෙනාවට

    ReplyDelete
  3. ස්තුතියි වටින තොරතුරු ටිකක් ගෙනාවට

    ReplyDelete
  4. ස්තුතියි වටින තොරතුරු ටිකක් ගෙනාවට

    ReplyDelete
  5. පින්තුරත් ඒ එක්කම දැම්මානම් ගොඩාක් වටිනවා.

    ReplyDelete
  6. වටින තොරතුරු ටිකක් ,බුක්මාක් කරගත්තා.

    ReplyDelete
  7. බොහොම ස්තුතියි. කරුණු රැසක් ඉගෙනගත්තා.

    ReplyDelete
  8. ඉතාමත් වැදගත් thanks

    ReplyDelete
  9. අපූරු සටහනක් වගේම බ්ලොග් එකක්. නිවිහැනහිල්ලේ කියවනං නැවත එන්නම්.

    ReplyDelete
  10. බොහෝම වැදගත් තොරතුරු හරිම වටිනවා. ස්තුතියි ඔබට

    ReplyDelete
  11. බොහෝ කලකින් යමක් ලිව්වේ නෑ නේද මිත්‍රයා? ලියමු නේද ආයෙත්?

    ReplyDelete
  12. මල්ලි උඹට මල්ලි කියන්නද , මචං කියන්නද , පුතා කිය්න්නද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම හරි උඹ කරන්නේ නම් සිරාම වැඩක්. එකසිය ගානට වැඩ අස්සෙ මේක ලියන්නේ උඹට ගැම්මක් දෙන්න ඕන නිසයි. කියෝන එවුන්ගෙන් සීයට එකෙක් වත් කමෙන්ට් එකක් දාන්නෙ නම් නැහැ. වැඩේ දිගටම කරන්න. මේක සුපිරි වැඩක්! පස්සේ කතා කරමු.- තට්ටයා

    ReplyDelete
  13. මල්ලි උඹට මල්ලි කියන්නද , මචං කියන්නද , පුතා කිය්න්නද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොම හරි උඹ කරන්නේ නම් සිරාම වැඩක්. එකසිය ගානට වැඩ අස්සෙ මේක ලියන්නේ උඹට ගැම්මක් දෙන්න ඕන නිසයි. කියෝන එවුන්ගෙන් සීයට එකෙක් වත් කමෙන්ට් එකක් දාන්නෙ නම් නැහැ. වැඩේ දිගටම කරන්න. මේක සුපිරි වැඩක්! පස්සේ කතා කරමු.- තට්ටයා

    ReplyDelete
  14. grate job.thank you very much for this article

    ReplyDelete
  15. wade nm elama thami. aluth lipi tikk dammoth narakeda......

    ReplyDelete