Saturday, May 23, 2015

෴M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴


2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.
  • එන්ජින් පන්තිය           - M10
  • නිශ්පාදිත රට                - ඉන්දියාව
  • නිපදවූ සමාගම DIESEL LOCOMOTIVE WORKS-Varanasi
  • ගෙන්වූ වර්ෂය - 2011
  • දුම්රිය එන්ජින් වර්ගය   - Diesel Electric
  • බල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turbo
  • උපරිම බලය - 2300hp
  • උපරිම වේගය -  100kmh
  • එන්ජිමේ දිග                  -  17.2 m
  • Axel Arrangement Co-Co
  • බර - ටොන් 120
  • වර්ණය -ලා නිල්, කහ සහ තද නිල් පැහැය
  • ගෙන්වූ එන්ජින් ගණන - 9 { M10- 3(No 914-916), M10A- 6 (No 940 & 945)}
මෙම එන්ජිමත් අප රටට ගෙන එන්නේ ඉන්දියාවෙ සුප්‍රකට දුම්රිය නිෂ්පාදකයෙක් වන DLW (Diesel Locomotive Waranasi) සමාගමෙන්. ඒ නිසා මෙම එන්ජිමත් ඔබ හොඳන් දැක තිබෙන M8 එන්ජිමට හැඩයෙන් බොහෝ දුරට සමාන බව ඔබට පෙනේවි. හැඩය අතින් මෙන්ම ඇතැම් තාක්ෂණික පිරිවිතරයන් අතිනුත් ඇතැම් සමානකම් තිබෙනවා. මෙහි බලසැපයුම් එන්ජිම ALCO 251B මාදිලියට අනුව සැකසුණු එකක්. එයට හේතුව වන්නේ ඉන්දියානු DLW සමාගම මෙම එන්ජිම නිපදවා තිබෙන්නේ ඔවුන්ට හුරුපුරුදු ALCO අකෘතියට අනුව වීමයි. (වැඩි විස්තර සඳහා M8 ලිපිය කියවන්න)

M10 සහ M10A යනුවෙන් එන්ජින් මාදිලි දෙකක් මෙම M10 එන්ජින් සඳහා දකින්නට ලැබුනත් බඳෙහි වර්ණයේ වෙනස හැරුණු කොට මෙම එන්ජින් දෙකම සියලුම තාක්ෂණික පිරිවිතරයන් වලින් සමානයි. 2011 වසරේදී පළමුව එන්ජින් තුනක් (914-916) මෙරටට ආනයන කරන ලද්දේ උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගනීමට අවශ්‍ය එන්ජින් හිඟය පිරිමසා ගැනීමෙ අරමුණෙන්. පසුව තවත් එන්ජින් 6ක් ආනයනය කරන ලද අතර ඒවා ධාවනයට එක් කරනු ලැබුවේ M10A ධාවන පන්තිය යටතේයි. 

එහෙත් මේ ධාවන පන්ති දෙක අතර වර්ණයේ වෙනසක් පමණක් දකින්නට තිබෙනවා. මෙසේ එකම වර්ගයක එන්ජින් ධාවන පන්ති දෙකක් යටතට අයත් වීමට හේතුව ඒවායේ එන්ජින් අංක කාණ්ඩ දෙකකට අයත් වීමයි. (අතරමැදින් S12 පන්තියේ එන්ජින් සඳහා අංක ලැබීම නිසාවෙන්)

M10 ධාවන පන්තියේ වර්ණය

M10A ධාවන පන්තියේ වර්ණය
M8 එන්ජිමට සාපේක්ෂව මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම එන්ජිමේ ඇති ගවනර් උපාංග පරිගණකය පද්ධතියක් මගින් පාලනය වීම, ඩයිනමික් තිරිංග පද්ධතියක් තිබීම ආදී සුවිශේෂි තාක්ෂණික උපාංග කිහිපයක්ම ඇතුලත් වීමයි. තවද මෙහි ප්‍රධාන ඉදිරි ලාම්පුව (Head light) හැරෙන්නට අනෙකුත් සියලු විදුලි පහන් සඳහා LED යොදගෙන තිබෙනවා. මෙහි ඇති විවිධ තාක්ෂණික කොටස් සහ විශේෂාංග කිහිපයක් පහත ඡායාරූප වලින් දැක්වේ.

පාලන පැනලය

ඩයිනමික් තිරිංග යෙදුම් පද්ධියට සම්බන්ධිත අධිප්‍රතිරෝධක ජාල සිසිලන පද්ධතිය
(Resistor Grid Cooling System)
මාර්ගය ලිස්සන අවස්ථාවකදී භාවිත කරන Sanding පද්ධතිය සඳහා වැලි
ගබඩා කරන ටැංකිය
එම වැලි රෝද සහ පීලි අතරට යොමු කරන නොසලය.
රෝදයට පිටුසින් ඇති විශාල කොටස ට්‍රැක්ෂන් මෝටරයයි.
co-co ආකාරයේ දිගු බොගිය
ඩීසල් ලීටර 5000ක ධාරිතාවයෙන් යුතු ඩීසල් ටැංකිය
LED ළාම්පු. ප්‍රධාන විදුලි ලාම්පුව හැරෙන්නට අනේකුත් බොහෝ විදුලි පහන් සඳහා
යොදා ඇත්තේ LED බල්බයන්
දුම්රිය එන්ජිම නවත්වා තිබෙන විට ක්‍රියාත්මක කලයුතු අත් තිරිංග පද්ධතිය.
(හෑන්ඩ් බ්‍රේක්)
හදිසි තිරිංග ක්‍රියාත්මක කරන ලීවරය

එන්ජිමේ ධාවන තත්වයට හා විදුලිය සම්බන්ධ දර්ශක පුවරු
එන්ජිම පණගැන්වූම් පුවරුව
Loco Break Isolator නම් පාදකය. මෙය භාවිත වනුයේ දුම්රිය එන්ජිමේ තිරිංග
පමණක් ක්‍රියාත්මක කරවීමටය 
පරිගණක පද්ධතියේ ප්‍රධාන දර්ශක තිරය සහ පාලන පුවරුව
ගවනර් උපාගය පාලනය කරනු ලබන පරිගණකය
විදුලි පහන් පාලන පැනලය
සාමාන්‍ය විදුලි පේනුව. මෙය දුරකථන ආර‍ෝපනය ආදියට ප්‍රයෝජනයට ගතහැකි බැව් පෙනේ.
ප්‍රධාන වේග මාපකය. මෙයට අනුව මෙම වර්ගයේ එන්ජිමේ උපරිම වේගය 160kmh පමණ විය
හැකි බව උපකල්පනය කල හැකිය. එහෙත්  මෙහි වේගය සිමා කර තිබේ.
එන්ජින් රේඩියේටරයේ ජල මට්ටම පෙන්වන පැනලය.
සාමාන්‍ය යෙන් දකිනවාට වඩා වෙනස් අකුරු රටාවක් සහිත අංක තහඩුව
නිෂ්පාදකයාගේ සටහන් තහඩුව (Builder's plate)
රියදුරා ඉදිරිය දකින්නෙ මෙවන් කුඩා කවුලුවකිනි.
මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු
ඡායාරූපය - Kasun Mojith
මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු

තරමක් බරසාර මෙම එන්ජිමේ බලයනම් M8 එන්ජිමේ බලයට සාපේක්ෂව අඩුයි. එහෙත් මෙහි සිදුකල පරීක්ෂණ ධාවනයේදි මැදිරි 18කින් සමන්විත දුම්රියක් සඳහා යොදා ගැනුනා. කෙසේවුවත් මෙහි ඇති එන්ජින් බලය නිසා අධික ත්වරණය ඇතිකරගත හැකියි.

මෙම එන්ජින් වැඩි වශයෙන් උතුරු නැගෙනහිර මාර්ග වලසහ මුහුදු බඩ මාර්ගයේ ධාවනය සඳහා යොදවනවා. බොගියේ දිග වැඩිකම ආදී ප්‍රශ්ණ ආදිය නිසා කැළණිවැලි මාර්ගයේ සහ මාතලේ මාර්ගයේ (මෙහි දිවෙන්නේ සැහැල්ලු දුම්රියන් පමණයි) ධාවනය කරන්නට හැකියාවක් නැහැ. කෙසේ වුවත් අවශ්‍ය නම් උඩරට මාර්ගයේ මහනුවර දක්වා සහ පේරාදෙණිය හන්දියෙන් ඔබ්බට නාවලපිටිය දක්වාද ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා. 

මෙම එන්ජිමක් යොදාගෙන උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ කඩිගමුව දක්වා පරීක්ෂණ ධාවන දෙකක් සිදු කෙරුණා. දැනගන්නට ලැබෙන ආකාරයට මෙම පරීක්ෂණ අසාර්ථකයි. ( නිලනොලත් ආරංච් මාර්ග වලට අනුව එයට හේතුව ලෙස දැක්වෙන්නේ මේවායේ Axle Load අගය උඩරට මාර්ගයේ නියමිත අගයට වඩා ඉහල බැවින් දුම්රිය මාර්ග ඉන්ජිනේරුවන් විරුද්ධ වීමයි සහ තිරිංග පිලිබඳ ප්‍රශ්ණයක්). එබැවින් මෙම එන්ජින් සහිත දුම්රියන් උඩරට මාර්ගයේ ධාවනය වන්නේ නැහැ.

පේරාදෙණිය දක්වා සිදුකල පරීක්ෂණ ධාවනය වෙනුවෙන් පේරාදණයට පැමිණි
අංක 945 එන්ජිම
මෙම වර්ගයේ එන්ජින් සියල්ලම තවමත් ඉතා හොඳින් ධාවනය කෙරෙනවා. එසේ වුවත් තතු දත් අය පවසන ආකාරයට මෙම එන්ජින් නඩත්තු කිරීම ඉතා වියදම් සහගත කටයුත්තක්. එමෙන්ම මෙයින් පිටවන දුමාරයද ඉතා අධිකයි. එහෙස් වුවත් මෙමගින් අපේ දුම්රිය සේවයට ලැබෙන සේවය නම් සුලුපටු නැහැ.

ඉදිරියේදී උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කිරීම සඳහා තවත් මෙම වර්ගයේ එන්ජින් කිහිපයක් අලුතෙන් මිලදී ගැනිමට දුම්රිය බලධාරින්ගේ අවධානය යොමුවී ඇති බවද පැවසෙනවා.

මිලඟ එන්ජින් කතා බහෙන් හමුවෙමු.

විශේෂ ස්තූතිය - Warren Lodeyke, සුභාෂ් ධනසේකර, සහන් ජයසූරිය, තුර්ය ඕවිටිපාන, නිපුන දොඩංතැන්න, චානක මල්ලවආරච්චි, චමින්දනාත් ඉඳුරුව.
ඡායාරූප:-


ධාවනය වන එන්ජිමක ඇතුලත

මැදිරි 17ක් සහිත පළමු පරීක්ෂණ ධාවනය

මැදිරි 16ක් සහිත දෙවන පරීක්ෂණ ධාවනය



මෙරටට ගෙන එන්නට පෙර ඉන්දියාවේදී M10A එන්ජින් කිහිපයක්.
ඡායාරූපය - Santulan Mahanta
වරායෙන් ගොඩබෑම
ඡායාරූපය - UB උපසේන
වරායෙන් ගොඩබෑම
ඡායාරූපය - Yakada Yaka
ගොඩබෑමට පසු වරායේ නවත්වා තිබෙන එන්ජින්
ඡායාරූපය - Michael Devasiri
අලුත ගෙනා එන්ජින් වලට ELS ධාවනාගාරයේදී ඉන්ධන පිරවීම
පලමු පරීක්ෂණ ධාවනය
ඡායාරූපය - Prabhath Darshana
කඩුගන්නාවට පිවිසෙන M10 එන්ජිමක් සහිත දුම්රියක්
ඡායාරූපය -  Sri Lanka Railways: International Forum
M8 සගයෙකුකට පිහිට වෙමින්
ඡායාරූපය - Sahan Jayasooriya
අතිරේක ඉදිරි ලාම්පු
ඡායාරූපය -Sahan Jayasooriya

ගම්පහ කලු පාලම පසුකරමින්
ඡායාරූපය - Sahan Jayasooriya


ප්‍රීමා පිටි දුම්රිය සමග 

පළමුවෙන්ම ධාවනයට එක් කල 942 අංකය දරණ දුම්රිය
මන්නාරම් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවා දුම්රියක් රැගෙන යමින්
මන්නාරම් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවා දුම්රියක් රැගෙන යමින්
යාල්දේවී දුම්රිය සමග කිලිනොච්චියේදී
මන්නාරම් මාර්ගයේ පළමු පරීක්ෂණ ධාවන දුම්රිය
ඡායාරූපය - Sandun Lokuarachchi

48 comments:

  1. සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දැමීම ගැන සතුටුයි. ආපහු ලියන්න පටන් ගත්තු නිසා නතර කරන්න එපා. තව ලියන්න මේ සම්බන්ධව මොන තරම් දේවල් තියනවාද? කොහොම උනත් ලංකාවෙ දුම්රිය ඇන්ජින් සම්බන්ධයෙන් විකිපීඩියාව තමයි මේ බ්ලොග් එක.

    ReplyDelete
  2. M10 A එකේ බොගිය M10 එකට වඩා පොඩ්ඩක් කොටයි කියලා කතාවක් මං කොහෙහෝ දැක්ක.. බොරුවක් ද ඒක?

    ReplyDelete
    Replies
    1. මමත් ඕක අහල තියෙනව. ස්තූතියි සහෝ ප්‍රතිචාරයට :)

      Delete
  3. කාලෙකට පස්සේ නියම ලිපියක්.. නියමයි දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ප්‍රතිචාරයට :)

      Delete
  4. කාලෙකට පස්සෙ නැවත ලියපු එක ගැන සතුටුයි.
    ලිපිය කියවන්න ආයෙත් එන්නං.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොකටද ඔන්න කියෝලම දැම්ම. වේග සීමා කරල තියෙන්නෙ අපේ අය 160 ටම පාගයි කියල වෙන්ටැ.

      Delete
    2. අනේද කියන්නේ. :D
      ස්තූතියි ප්‍රසා අයියන්ඩිය ප්‍රතිචාරයට :)

      Delete
  5. අපූරුයි. මට නම් මේකෙ පාට එච්චර අල්ලන්නෙ නෑ. දීප්තිමත් සාරියක් ඇදපු දකුණු ඉන්දියානු කාන්තාවක් වගේ මට මේ එන්ජිම පේන්නෙ

    ReplyDelete
    Replies
    1. hehe.....
      ස්තූතියි සහෝ ප්‍රතිචාරයට :)

      Delete
  6. අනේ හරි සන්තෝසයි උඹේ පොස්ස්ට් එකක් දැක්කම. ජය වේවා!!

    ReplyDelete
  7. කෝච්චියා ආපහු ආපු එකම කොච්චර සතුටක්ද!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා. එහෙනං ඉඩකඩ ඇති වෙලාවට ලියන්නම්කෝ. ස්තූතියි ඩූඩ්!!

      Delete
  8. මේකට කගවේනා කියන්ඞ එපා වේගය 80 kmph
    වලට අඞු කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අසූව පැන්න ගමන් හූක් හූක් ගාලා එලාම් එක කෑ ගහනව :D

      Delete
  9. ස්තුතියි. කලකට පස්සේ ඔන්න නැවතත් මේ පැත්තට ආවා.
    මෙම එන්ජින් වලින් පිටවන අධික දුමාරය පාලනය කීරීමට හැකියාවක් තියෙනවද. එයින් පරිසරයට හානියක් වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද දකින කොයි එන්ජිමත් ඔහොමයි. :(

      Delete
  10. ඉඳ හිට නැතිව දිගටම ලියන්න හයිය හත්තිය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුව මට දිරියකි!! :D

      Delete
  11. කාලෙකට පස්සෙ ඔබ දැකීමත් සතුටක් චන්දික...මාසෙකට එකක් ගානෙවත් ලියන්ට බලන්නකො...:)

    ReplyDelete
  12. ඇති යාන්තම් මුට ආයේ post දාන්න හිතිල. බැන්දට පස්සේ ඉඩ කඩ ලැබිල වගේ.

    ReplyDelete
    Replies
    1. කඩ කඩ ඉඩ ලැබිල. මාස දෙකක් තිස්සෙ දඟලල ලියා ගත්තා. :P

      Delete
  13. කෝ Comic Sans කියත් පටි එහෙම ගැන මොනවත් කියල නෑනෙ... :v

    ReplyDelete
  14. සෑහෙන සතුටුයි කාලෙකට පස්සේ හරි ආයෙමත් ලිපියක් ලියල තියෙනවා දකිනකොට. වෙනදා වගේම හොඳ ලිපියක්. කොහොම වුනත් M10 එන්ජින් වල නිමාව දිහා බැලුවම නම් වෙලාවකට හිතෙනවා අපේ ගෙවල්වල ඉවත දාන ගජමැටික්ස් වලින් මොනවා කරන්න බැරිද කියල.... :D

    ReplyDelete
  15. හරිම සතුටුයි සහෝ... ඇත්තටම මම හිතුවේ මේ බ්ලොග් එක ලියන් එක නතර කරන්න ඇති කියල... ඒත් හිත කොනේ තිබුන පොඩියට වගේ M10 ගැනත් ලියයි කියල, එකයි අන්තර්ජාලයට ආවොත් බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්නේ
    ගොඩක් සතුටුයි 2015 පෝස්ට් එකතු කළ එක ගැන....

    ReplyDelete
  16. වෙනදා වගේම බොහොම අගනා ලිපියක්! ඇත්තටම බොහොම සතුටුයි බ්ලොග් එක නැවත ලියන එකට!! සුබපැතුම්!!!!

    ReplyDelete
  17. බෝම ලාබෙට හම්බුවෙච්චි නිසා ගන්ට ඇත්තෙ. ඉවත දාන ද්‍රව්‍ය වලිං සෑහෙන ප්‍රයෝජන අරං තියනවා මේ ඇන්ජිම හදද්දි. ;)

    ReplyDelete
  18. මම හිතුවෙ උඹ ලිවිල්ල නවත්තල කියල.

    ReplyDelete
  19. ඉතාම හොඳ ලිපියක්. හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූකියි

    ReplyDelete
  20. දිගටම කෝච්චි ගැන ලියමු .. බ්ලොග් එක නියමයි..

    ReplyDelete
  21. ඇයි බන් කොලුවෝ මේක නවත්තල තිබුනේ , බොහොම අසාවෙන් කියවන්න පුළුවන් බ්ලොග් එකක් , කරගෙන පලයන්කෝ දිගටම , ඕන සප් එකක් දෙන්නම් .....
    පිට අයටත් ලිපි දාන්න අවස්ථාවක් දෙන්න බැරිද , (කෝච්චි ගැන පමණක් )

    ReplyDelete
  22. බොගිය කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. බොගිය කියල කියන්නේ කෝච්ච්යෙ තියෙන රෝද සෙට් එකක් එකට සම්බන්ධ කරල තියෙන කොටසකට. මේ පෝස්ට් එකේ පින්තූරයක් තියෙනවා.
      වැඩි විස්තර ඕනෙනං මේ ලින්ක් එක්ට ගිහින් බලන්න
      බොගිය

      Delete
    2. ඇත්තටම මටත් ඒ වචනේ දැන් තමයි හරියට තේරුනේ.
      ගොඩක් ස්තුතියි.

      Delete
  23. Comprehensive post. Wish you well sire.

    ReplyDelete
  24. සුපිරි අහන්න නොලැබෙන ජාතියෙ විස්තර ටිකක් දැනගත්ත තවත් ලියන්න...

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. m2 walata chinese wagon ghanawada kiyapioooooooooooooo

    ReplyDelete
  27. gawnar system kiyanne mokadda kiyala chuttat pahadili karanna puluwanda... e wagema goda kalekin post ekak damima gana sathutui saho....

    ReplyDelete
  28. කාලෙකින් බ්ලොග් එක බැලුවෙ. ස්තුතියි විස්තරයට

    ReplyDelete
  29. niyamai..digatama karagana yanna good luck

    ReplyDelete
  30. හරිම වැදගත් ලිපියක් සහෝ ! දිගටම ලියන්න . නවත්වන්න එපා .

    ReplyDelete
  31. නියමයි.තවත් මේ වගෙ ලිපි දාන්ඩ

    ReplyDelete
  32. ගොඩක් ස්තූ තියි ...අපිව දැනුවත් කරනවට ....

    ReplyDelete
  33. ලස්සනයි ,, එත් දේවාල පෙනුමක් තියෙන්නේ .

    හැබැයි , මේවගෙන් ලොකු සේවයක් තමා වෙන්නේ අපේ දුම්රිය සේවයට .

    ලස්සනට ලියල තියනවා . ඉස්සරහට තව ලියන්න . මගේ සුභ පැතුම් .
    http://magelokaya01.blogspot.com/

    ReplyDelete