Tuesday, February 19, 2013

යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට....


        පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම.  විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් විභාග කටයුතු නිසා බ්ලොග්කරණයෙන් ඈත්ව සිටි කාලය පුරාවට සොයා බැලු සහ බ්ලොග් අඩවිය පිලිබඳව විමසීම් කල සියලුදෙනා ඉතා ආදරයෙන් මතක් කරන අතර  ඔවුන් ඇතුලු මෙම බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයන්ට තවත් සතුටුදායක පුවතකුත් දැනුම් දිය යුතුව ඇත. එනම් පසුගිය දිනකදී මෙම බ්ලොග් අඩවියට ඇගයීමක් ලැබුන පුවතයි.


       පසුගිය වසරේ පැවති බස්රේඩියෝ බ්ලොග් සම්මාන තරගයෙදී හොඳම තාක්ෂණික බ්ලොග් අඩවියයටතේ ඇගයීමකට ලක්කොට සහතිකය හිමි වූයේ මෙම අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකාඅඩවියටයි. මෙය පොදුවේ ගත් කල පුද්ගලික ජයග්‍රහණයක් ලෙස නොව මෙහි සියලු දේ වෙනුවෙන් නාමිකව හෝ දායක වන සහ පාඨක ඔබ සැම දෙනා එම ජයග්‍රහණය පිටුපස සිටින බව සටහන් කරන්නේ හද පිරි සතුටෙනි. එබැවින් එම ජයග්‍රහණයේ  ගෞරවය සියලුදෙනාටම සමසේ හිමිවිය යුතු බව මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

     එසේම එම තරගාවලිය පවත්වන්නට යෙදුනු බස්රේඩියෝවටත් එහි කාර්ය මණ්ඩලයයේ සාමාජික සාමාජිකාවන්ටත් සියලු දුම්රිය ලෝලින් වෙනුවෙන් සුභාෂිංශන පුද කල යුතුය. අවසන වශයෙන්, මෙම බ්ලොග් අඩවිය සමග නිරන්තරයෙන් රැඳී සිටින පාඨක ඔබ සැමට ස්තුතිය පුද කරනු කැමැත්තෙමි. ඉදිරි ලිපියකින් හැකි ඉක්මණින් හමු වෙමු.

20 comments:

  1. එසේම වේවා. නැවත හමුවෙමු.

    ReplyDelete
  2. mevani post hari prayojanawath, Jokku, choo, jee wage ewa nethiwa.

    ReplyDelete
  3. දිගටම ලියන්න සහෝදරයා.... හොඳ හොඳ ලිපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. සුබ පැතුම්! 1:44 කන්දත් නැගෙගෙන තව ඉහළට යමු... බෑංකින් කොරන්න අපි ඉන්නවා... ජයෙන් ජය!

    ReplyDelete
  5. කමෙන්ට් කරේ නැතත්, හැම පොස්ට් එකක්ම කියවල තියෙන්වා. දිගටම ලියන්න. ඔබට ජය.

    ReplyDelete
  6. සුභ පැතුම් ගෙහාන්.....!!!!!
    සතුටුයි නැවතත් වැඩ පටන්ගැනීම ගැනත්. දිගටම ලියන්න, අපි බලාන ඉන්නවා.....
    ජය වේවා........!!!!!

    ReplyDelete
  7. මෙ බ්ලොග් අඩවිය කියවන අපිටත් මේ ජයග්‍රහණය ඉතාමත් සතු‍ටුයි. ඉදිරියට මේවගෙ ලිපි දහස් ගනනක් ලියන්න හැකියාව ලැබේවා...!

    ReplyDelete
  8. හපෝ ඕව මොනවද අනේ.මටත් හම්බවුණා.ඔයා වවුචරේ රෙඩීම් කළාද ඒක රෙඩීම් කරන්නත් මාසයක් විතර යයි.

    ReplyDelete
  9. මගෙනුත් සුභ පැතුම් ගෙහාන් අයියට , දිගටම කරගෙන යමු , ජයවේවා

    ReplyDelete
  10. අපේ උණුසුම් සුබපැතුම්

    ReplyDelete
  11. උණුසුම් සුභ පැතුම්. දැන් බ්ලොග් එකේ මකුළු දැල් බදින්න කලින් අලුත් පොස්ටුවක් දාමු

    ReplyDelete
  12. ආයෙත් පෙර පරිදිම ලියමු...මගෙන් උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  13. නියමයි.ආපහු ලියමු සහෝදරයා... Gud luk...!!!!

    ReplyDelete
  14. උණුසුම් සුභපැතුම්!

    ReplyDelete
  15. හදවතින්ම සුභ පතනවා, දිගින් දිගටම ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ජයෙන් ජය පතනවා.

    ReplyDelete
  16. ela ela ela, S 12 gena withara danne nedda/......../ dala thiyenawada.?........

    ReplyDelete
  17. Good work. ..jaya.... weeva

    ReplyDelete