Thursday, October 13, 2011

෴S6 බලවේග දුම්රිය - බල සැපයුම් එන්ජින් අලුතෙන් සවිකර අලුත්වැඩියාවක් සිදු කරන ලද මුල්ම බලවේග දුම්රිය෴

මරදාන දුම්රිය ස්ථානයේදී 2011/08/13 දින ගත් ඡායාරූපයකි
    අධික මගී තදබදයක් සහිත ප්‍රදේශ වල ප්‍රවාහන සේවා සඳහා යෙදවීම සඳහා විශේෂයෙන් එන්ජින් සහිත දුම්රියන් යෙදවීම වෙනුවට වඩාත් ලාභදායි විසඳුමක් ලෙස බලවේග දුම්රියන් යෙදීමට දුම්රිය බලධාරින්ගේ අවධානය වරින් වර යොමු වූ බව පූර්ව ලිපි වලදී ඔබ කියවන්නට ඇත. S6 වර්ගයේ බලවේග දුම්රියන්ද මෙරටට ගෙන එන ලද්දේ එම වැඩසටහන් වල ප්‍රතිඵලයක් වශයෙනි.
  • දුම්රිය පන්තිය             - S6
  • ගෙන්වූ වර්ෂය               - 1975
  • නිශ්පාදිත රට - ජපානය ("HITACHI" Company)
  • දුම්රිය එන්ජින් වර්ගය    Diesel Hydraulic
  • බල සැපයුම් එන්ජිම -  PAXMAN 12YJXL [old], 
                                                 PAXMAN VEGA-(SE/RP160)[now]
  • උපරිම බලය -  1265hp - 1500RPM
  • උපරිම වේගය -  88 kmh
  • එලැවුම් මැදිරියේ දිග      -  58 feet
  • Axel Arrangement -  B-B
  • එලැවුම් මැදිරියේ බර -  ටොන් 51
  • මුල් වර්ණය  -  රතු පැහැය
  • දුම්රිය කට්ටල ගණන  -  10 (No 733-742) 


        S2, S3 සහ S4 පන්තියේ බලවේග දුම්රියන් මෙන්ම මෙම S6 දුම්රියන්ද එන්ජිම සහිත එක් බලවේග එලවුම් මැදිරියකින්, එන්ජිම රහිත එලැවුම් මැදිරියකින් සහ තවත් මගී මැදිරි දෙකකින් සමන්විත විය. ඒ අනුව මැදිරි කොටස් 4කින් එක් දුම්රිය කට්ටලයක් සමන්විත විය. එහි එන්ජිම සහිත බලවේග මැදිරිය සුප්‍රසිද්ධ HITACHI සමාගම විසින් ජපානයේදී නිපදවා මෙරටට ගෙන එන ලද අතර මගී මැදිරි සහ එන්ජිම රහිත එලවුම් මැදිරිය මෙරටදී නිශ්පාදනය කර ඇත. එහි බොහෝ කොටස් නිපදවා ඇත්තේ දැව භාවිතා කරමිනි. 


මුල් කාලීන රතුපැහැය සහිත දුම්රියක්...
(හිමිකරු පිලිබඳව සටහනක් නොමැත)
        මෙම දුම්රියන් වල මුලින්ම පැවති වර්ණය වී ඇත්තේ රතු පැහැය වන අතර 70 දශකයේ අගභාගයේදී පමණ කොල සහ දුඹුරු (S5 හි මෙන්) වර්ණයන් ආලේප කරන ලද බැව් කියවේ.

        ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ බල සම්ප්‍රේෂණ ක්‍රමවේදයන් සහිත මෙම වර්ගයේ දුම්රිය කට්ටල් 10ක් මෙරට සේවයට යොදවන ලද අතර මුලින් මෙම දුම්රිය කට්ටල සඳහා බලය සැපයූයේ PAXMAN 12YXJL වර්ගයේ බල සැපයුම් එන්ජින් වලිනි. වර්ෂ 1990 දී පමණ එම එන්ජින් ඉවත් කර ඒ වෙනුවට PAXMAN VEGA (SE/RP 160) වර්ගයේ බල සැපයුම් එන්ජින් සවිකර අලුත් වැඩියාවන් සිදුකොට ඇත. එම අලුත්වැඩියාවන් සමගම මෙම දුම්රිය කට්ටලයන්ගේ වර්ණය වර්තමාන තැඹිලි සහ රිදී පැහැය වන පරිදි වෙනස් කොට තිබේ.

         ධාවනයේදී එවකට ඉතා සාර්ථක දුම්රියන් වූ මේවා බොහෝ විට ධාවනය කෙරුනේ කාර්යයාලීය දුම්රියයන් සඳහාය. දකුණු මාර්ගයේත්, කැලණිවැලි මාර්ගයෙත්, පුත්තලම මාර්ගයේත්, ප්‍රධාන මාර්ගයේ රඹුක්කන දක්වාත් මෙම දුම්රියයන් ධාවනය කර තිබේ.

කලකට පෙර ලබාගත් ඡායාරූපයක්
හිමිකරුවෙකු නොදනී.
         කල් යත්ම ක්‍රම ක්‍රමයෙන් විවිධ තාක්ෂණික දෝශයන් මතුවීමත් යටිරාමු (Under Frames) වල දුර්වලතාවයන් මතුවීමත් නිසා අබලන් වීම, අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය අමතර කොටස් වල ගැටලු ආදි හේතු නිසා මෙම වර්ගයේ දුම්රිය කට්ටලයන් එකින් එක ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් කරන ලද අතර අංක 736 දරණ දුම්රිය කට්ටලය පමණක් මේ (2011 වසර) වනවිටත් මගී ප්‍රවාහන සේවා සඳහා ධාවනයේ යෙදී තිබේ. එයද බොහෝවිට කෙටිදුර ධාවනයන්ට යොදවන අතර බොහෝවිට කැළණිවැලි මාර්ගයේ ධාවනය සිදු කරයි.

        මීට අමතරව අංක 734 දරණ බලවේග එලැවුම් මැදිරියද මෑතක් වනතුරුම ධාවන තත්වයෙන් පැවතී යම් දෝශයක් නිසා මේ වන විට අලුත්වැඩියා කිරීමට උත්සහ කරමින් සිටිබ බවට නිල නොවන තොරතුරක් ලැබී තිබේ. තවත් නොබෝ දිනකින් මෙම දුම්රියන්ද ධාවනයෙන් ඉවත් වූ පසු දුම්රිය සියලු S6 මතකයන් ඉතිහාසයට එක් කරමින් දුම්රිය කතා බහේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් නිමා වනු ඇත.

විශේෂ:-
 2011 වසරේ පැවැත්වෙන දැයට කිරුල ප්‍රදර්ශනය වෙනුවෙන් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා එම මාර්ගයේ සති අන්ත (සෙනසුරාදා සහ ඉරිදා) දිනවල සම්බන්ධක දුම්රියක් ලෙස මෙම දුම්රිය ධාවනය කෙරේ. උදෑසන 10.00ට අනුරාධපුරයෙන් මිහින්තලේටත් සවස 2.00ට මිහින්තලේ සිට අනුරාධපුරයටත් ධාවනය කරන බව දැනගන්නට ලැබී ඇත.)

ස්තුතිය:- තොරතුරු සැපයීම වෙනුවෙන් නලීන් අබේසිංහ, චානක මල්ලවආරච්චි සොයුරන්ට.

ඡායාරූප:-
එන්ජිම සහිත එලැවුම් මැදිරියේ (736) රියදුරු කුටිය

පාලන උපකරණ
ඡායාරූපය :- SrilLanka German Railway(Facebook)

එන්ජිම රහිත එලැවුම් මැදිරියේ මුහුණත (දේශියව නිපදවන ලද)

එන්ජිම රහිත එලැවුම් මැදිරියේ මුහුණත (දේශියව නිපදවන ලද)
ඡායාරූපය - Phillip Devonport
එන්ජිම රහිත එලැවුම් මැදිරිය දැව නිමාව සහිත බඳ (දේශියව නිපදවන ලද)


ධාවනයෙන් අත් හරින ලද අංක 735 දරණ එන්ජිම සහිත
බලවේග මැදිරිය
මෙම ඡායාරූපයේ හිමිකරුවෙකු නොදනී.

734 දරණ බලවේග මැදිරිය
ඡායාරූපය :- SrilLanka German Railway(Facebook)

27 comments:

  1. wayasata giyath meya lifetime superb service ekak dunna. haiya thiyanakam karakagen weda aran wayasata giyama mas kadeta dakkanawa wage weda thamai ape rate wenne. meya den upset wenna puluwan eeth meyata banina eka hari ne. a kale meya uparima sewaya dunna neda

    ReplyDelete
  2. ehatah comment eke HARAKA kiyana eka karaka kiyala satahanwa etha. weradeemak. niweradi karanna

    ReplyDelete
  3. අපේ school train එකට මෙයා ඒ කාලෙ දිව්වා. පිකප් එක නියමයි. එළ ලිපියක්.

    ReplyDelete
  4. S6 734 still in the service,it should be two locos in the service.but only one set of carriages

    ReplyDelete
  5. I Can't paste anything here.

    ReplyDelete
  6. @ Anos'
    Better you write atleast your names in the comments.

    @ Last Ano,
    There is not any problem with paste in comment box.

    @ සුසිත
    ස්තුතියි යාලුවා

    ReplyDelete
  7. කෝච්චි ගැන උනන්දුව ඇති අය ගොඩක් සිටියත් ඔවුන්ට කියවන්න සිංහලෙන් පළවන ලිපි ඉතා අඩුයි. දුම්රිය හා එන්ජින් වලට පමණක් සීමා නොවී දුම්රිය මාර්ග සංඥා පද්ධති පැරණි අප්‍රකට තොරතුරු ලියන්න. එය නොදන්නා අපිට ගොඩක් වැදගත් වේවි. S6 ගැන ගොඩක් දැනගත්තා..

    ReplyDelete
  8. බොහොම ස්තුතියි ප්‍රියන්ත අයියා. ඒ වාගේ ලිපි කිහිපයකුත් මම මේකේ ලියන්න හිතාගෙන ඉන්නේ. දිරිමත් කිරීමට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  9. මම මේ අහන්නත් හිටියෙ මේක ලියන එක නැවතිලාද කියලා. එලකිරි.. ඉක්මනටම ඉතුරු එන්ජින් හා පවර්සෙට් ගැනත් ලියන්න.

    ReplyDelete
  10. ස්තුතියි ප්‍රවීන්. වැඩ වැඩි නිසා පොඩ්ඩක් ලියන එක අතපසු වුනා. ඉතිර් ලිපි ටිකත් ඉක්මනට ලියන්න හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  11. මේවා හරිම ප්‍රයෝජනවත් සටහන් මල්ලී.. අපට, අපේ දරුවන්ට, හරිම වටින තොරතුරු.... අන්තර් ජාල පහසුකමක් විතරයි ඕනේ.. බොහොම ස්තූතියි මේ වැඩේට... මහන්සි වෙලා සොයා බලා ලියන එකෙන් ලොකු අනන්‍යතාවයක් ලැබෙනවා මේ තොරතුරුවලට...
    ජයවේවා....

    ReplyDelete
  12. බොහොමත්ම ස්තුතියි තිස්ස අයියා :)

    ReplyDelete
  13. නියමයි.. S6 ගැන ගොඩක් දැන ගත්තා.. ජය!

    ReplyDelete
  14. පොඩි අයියා... කෝච්චි ගැන ලියන ලිපි වලට නම් මම හරි කැමතියි...අනේ පින් සිද්ධවෙයි මාව කෝච්චියක එක්ක පලයල්ලාකෝ.... අපේ අම්මාට කියවලා... මට කෝච්චි පදින්න ආසයි....මට මේවා දකිද්දි තරහයි....
    S6 ගැන ගොඩක් දේ දැන ගත්තා!!!

    ReplyDelete
  15. @ යොහාන් කණිෂ්ක
    එහෙනම් එල.

    @ නෙරංජි
    මනුස්සයෙක් ඉන්නෙ එවුවට තමා. හෙ හෙ... මං කියන්නම්කෝ...

    ReplyDelete
  16. එළ එළ නියම ලිපියක් .අපරදේ W1 ගැන දැන ගන්න තිබ්බ චාන්ස් එක මිස් උනානේ .........:D

    ReplyDelete
  17. මිස් වුනේ කෝමද? මේකේ ඒ ලිපිය ඇති ගිහින් බලන්න :P

    ReplyDelete
  18. සමහරු කියනවා අලි සහ බලි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ කියල. මට නං "අලි සහ කෝච්චි", විශේෂෙන් කෝච්චි කොය් තරං දැක්කත්, කෝච්චි ගැන කොය් තරං කියෙව්වත් මට නං එපා වෙන්නෙ නැහැ.
    චන්දිකගෙ ලිපි හිංද මම සෑහෙන්න අතීතෙට යනව. ස්තුතිය්.

    (මගෙ රැකියාව නිසා හැමදාම කෝච්චි නං දකිනව, ඒ වුනාට අඟුරු සහ ඩීසල් ඒව තරං ඉලෙක්ට්‍රික් කෝච්චි ගති නැහැ)

    ReplyDelete
  19. හප්පේ කාලෙකින් ලියල තියෙන්නෙ තව එකක්. ලිපියනම් නියමයි කෝච්චියෝ....

    ReplyDelete
  20. පෙනුම නම් සුනාමියට අහු වෙලා වගේ.. :D

    ReplyDelete
  21. හොඳ වැඩක් කරලා තියෙන්නේ මිහින්තලේට S6 දාලා.නැත්නම් මිහින්තලේ දුම්රිය ස්ථානය විවිධ මිනිසුන්ගේ අයුතු ප්‍රයෝජන සඳහා වෙන් වෙන තැනක් වෙනවා.මාත් යනවා හෙට අනිද්දාම මිහින්තලේ S6 එකේ :D

    ReplyDelete
  22. ඔය ජාතියේ කෝච්චි නම් පුත්තලම් මාර්ගයේ දැකලා තියෙනවා. ඒ වගේම කැළණිවැලි මාර්ගයේත් දැකලා තියෙනවා. :)

    ගොඩක් වටින ලිපියක්. ලිපියට ස්තුතියි.

    ReplyDelete
  23. @ Observer
    ඔබ්සර්වර් මාමා කියනව වගේ මටත් ඉතින් කෝච්චි නැත්තං කෑවෙ නැහැ වගේ තමයි. ලිපි අගය කරන එක ගැන ස්තුතියි :)

    @Bunny
    ඒ වුනාට වැඩකරු

    @ මලිති
    ඔවු ඔවු ඉක්මනට යන්න. සුවර් නැහැ. :D

    @ මධුරංග
    මේවා පුත්තලම මාර්ගයේ ධාවනය වුනා කියල මම දන්නෙ මෑතකදි. :)

    ReplyDelete
  24. මරු බං... නියමයි...

    ReplyDelete
  25. ෂා.. තවත් වටිනා ලිපියක්.
    දිගටම ලියමු..

    ReplyDelete
  26. S 6 - 736 was serving on the Anuradhapura - Mihintale line on 19.2.2012. I had the pleasure of making a photo at the Anuradhapura station. It has a new colour scheme now - Light Blue, White, Blue and had only 3 carrages.

    ReplyDelete