Sunday, March 07, 2010

අපේ දුම්රිය සේවයේ ඉතිහාසයෙන්....

ඊමේල් පණිවිඩයක් මගින් ලැබුණු, ශ්‍රී ලාංකීය දුම්රිය සේවයේ පැරණි ඡායාරූප කිහිපයක් මෙහි පලවේ. විශේෂයෙන් ශ්‍රී ලාංකීය දුම්රිය ඉතිහාසය සහ පැරණි ඡායාරූප පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඇතැම් විට වැදගත් වනු ඇත.


බණ්ඩාරවෙල නගරය...(රථවාහන මාර්ගය සහ දුම්රිය මාර්ගය එකට හමුවන ස්ථානය)


ඔහිය දුම්රිය ස්ථානය (1894)

ඩක්කු මගින් ගමන් කරන සුදුජාතිකයන්...

කඩුගන්නාව දුර්ගය 1910දි.....

කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථානයක්.....

අලි පස්ස (Elephant back) යන අන්වර්ථ නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ ස්ථානය

  

කොළඹ මහනුවර  දුම්රිය මාර්ගය  ඉදිකිරීම්
ජායාරෑපය 1860 පමණ ගන්නා ලද්දකි 
 





කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය .
 සුප්‍රසිද්ධ ඩෝසන් කුලුණ ඈතින් දිස්වේ

1860දි කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය ඉදිකිරීම්....


සුප්‍රසිද්ධ ගිංතොට පාලම......

1909දි එන්ජින් අංක 66 කුරුණෑගල දුම්රිය ස්ථානයේදී.....

1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය......

22 comments:

  1. මම ජීවිතේ ගොඩක් ආස කරන පිංතූරයක් මෙතන තියෙනවා. බෙහෙවින් ස්තුතියි ඔබට

    ReplyDelete
  2. පුලුවන්නම් ඒ මේල් එක apeadaraya@in.com එකට එවන්න ස්තුතියි නැවතත්

    ReplyDelete
  3. මමත් ලගදි දවසක් පලවෙනි රූපෙ තියෙන තැනට ගියා දැන් එතන ගොඩක් වෙනස්.

    ReplyDelete
  4. @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය

    ඔන්න මම ඒ ඊ මේල් එක ඔබට එවුවා. ලැබුණම මට ඒක දැනගන්න සලස්වන්න. තව කාටහරි මේක ඕනනම් ඊමේල් ලිපිනය මෙහි පහල සටහන් කරන්න. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.....

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක්නේ..නියමයි.

    ReplyDelete
  6. මමත් ලගදි දවසක් පලවෙනි රූපෙ තියෙන තැනට ගියා දැන් එතන ගොඩක් වෙනස්.

    But the Railway track may be the same still

    ReplyDelete
  7. @ මිස්සක
    බොහොම ස්තූතියි....

    @ Dinesh_Silva
    ඇත්ත. තාම අපි හිටපු තැනමයි....

    ReplyDelete
  8. ලංකාවේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන හැමෝටම හුගක් වටින ඡායරූප ටිකක්.........

    ReplyDelete
  9. බොහොම ස්තුතියි ප්‍රනීත්....

    ReplyDelete
  10. හැකිනම් මටත් එවන්න
    kushangk@gmail.com

    සෑහෙන්න වටින පිංතූර ටිකක් :)

    ReplyDelete
  11. ‍ගොඩාක් ස්තූතියි. ගොඩාක් වටිනා ලිපියක්...

    ReplyDelete
  12. පොතුහැර දුම් රිය ස්ථානයේ ඔය තිබෙන ප්‍රධාන ගොඩනැගිල්ල අදටත් ඉතාමත් හොඳින් තිබෙනව. බිත්ති වල නැවත නැවතත් හුණු ආලේප කර ඇති නිසා බිත්ති කපරාරු කර ඇති බවක් දැන් බැලූ බැල්මට පෙනෙනව, නමුත් මේ බිත්ති කිසි දාක කපරාරු කර නෑ. අදටත් වැස්සකදී එකදු දිය බිඳක් වත් වහලයෙන් කාන්දු වෙන්නෙ නෑ. වහලය, උලුඅහු, ජනෙල් දැව ආරුක්කු මේ දැන් සවි කලා මෙන් හොඳම තත්වයෙන් තියෙනව. වර්ථමානයේ මේ ප්‍රධාන ගොඩනැගිල්ලට ඉදිරියෙන් අළුතෙන් පියස්සක් එකතු කරලයි තියෙන්නෙ. ඒ වගේම වේදිකාවත් මෙයිට වඩා දික් කරල තියනව.
    ඡායා රූපයේ දැක්වෙන තනි දුම් රිය මාර්ගය වෙනුවට දැන් සමාන්තර දුම් රිය මාර්ග 3ක් පවතිනව(පහලට->පොල්ගහවෙල හා ඉහලට-> කුරුණෑගල යන දුම් රිය ස්ථාන දෙක අතරේ දුම් රිය දෙකක් මාරු විය හැකි එකම දුම් රිය ස්ථානය පොතුහැර දුම් රිය ස්ථානයයි ).
    ඊට අමතරව ඈතින් පෙනෙන ගොඩනැඟිල්ල ස්ටේෂන් මාස්ටර් ගේ බංගලාව යි. අදටත් මේ අයුරින්ම දිස් වෙන මෙම බංගලාව වර්ථමාන ස්ටේෂන් මාස්ටර් විසින් භාවිතා කරයි. මෙයින් පැහැදිළි වන්නේ එකල සුද්දන් විසින් නියම ප්‍රමිතියට සැකසූ ගොඩනැගිලි සියවස් ගනනාවක් නොසැලී පවතින බවයි. අද ගොඩනගන සමහර ගොඩ නැගිලි එහි වැඩ නිමවන්නටත් පෙර අබලන් ය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්. ඇත්ත තමා. පොතුහැර ඔය බිල්ඩිමම තමා අදටත් තියෙන්නේ. මම ඉන්නේ කුරුණෑගල. ඔය බිල්ඩින් තව අවුරුදු සීයකට වුණත් ඔට්ටුයි නේද ? පොතුහැර ට්‍රැක් 3ක් තියනව තමා. ඉස්සර උදේ ට කොළඹට යන කෝච්චියකුයි උඩහට යන කෝච්චියකුයි ඔතනදි මාරු වෙනව මම දැකල තියනවා. දැන් හවසට කොළඹට යන ඉන්ටසිටි එකයි කොළඹ ඉඳන් මහවට යන ඔෆිස් ට්‍රේන් එකයි මාරු වෙන්නේ ඔතනදී.

      Delete
  13. puluwannam matath ewannooooo, thanks a lot
    dhanushka456@gmail.com

    ReplyDelete
  14. @ ටී බී හේරත්

    බොහොමත්ම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට.

    ReplyDelete
  15. සිරා ෆොටෝ ටික...

    ReplyDelete
  16. වටිනා චයාරූප පෙලක් ස්තුතියි දැකගන්න සැලැස්සුවට. මෙහි තිබෙන සුප්‍රසිද්ධ ගිංතොට පාලම යන චායාරූපය ගිංතොට නෙවෙයි බෙන්තොට විය හැකියි මගේ දැනීමේ හැටියට. එකක් අවට පරිසරය අනික රේල් පාලම සමග තිබෙන වාහන ගමනාගමනය කරන පාලම නිසා.

    ReplyDelete
  17. මෙි පාලම ගිංොට නෙවෙයි bentotaපාලම.1890 කාලේ වත්මන් bentota beach hotel එකෙ තාප්පය අසල සිට ගත් එකක් වගෙ.

    ReplyDelete