M4 පන්තියේ ඩීසල් එන්ජිම හඳුන්වා දිය හැක්කේ අපේ දුම්රිය සේවය සතු සාර්ථක දුම්රිය එන්ජින් වර්ග අතුරෙන් තවත් එක් සාර්ථක එන්ජිමක් ලෙසටයි. M2 සේම මෙයත් ගෙන්වූ දා පටන්ම ඉතා සාර්ථක ලෙස සේවය සපයන කාර්යක්ෂම එන්ජිමක්. වඩාත්ම වැදගත් කාරණාව වනුයේ ආනයනය කරන ලද සියලුම M4 එන්ජින් මේ වන විටත් ඉතා සාර්ථය ලෙස ධාවනයේ යෙදීමයි. මෙය කැනඩාවේ මොන්ට්‍රියෙල් ලොකොමොටිව් වර්ක්ස් සමාගමේ නිෂ්පාදනයක්. මෙම එන්ජිම පිලිබඳව විස්තර පහත දැක්වේ.
Thursday, December 30, 2010
Saturday, December 18, 2010
෴M3 ඩීසල් දුම්රිය එන්ජිම - දේශිය ඉංජීනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවූ දුම්රිය එන්ජිම෴
1938 වසරේදී මෙරටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබු අතර ඒ පිළිබඳ විස්තර මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබුවද එම බලවේග දුම්රියේ එන්ජින් සහ අනෙක් යාන්ත්‍රික උපාංග ඉතා හොඳ තත්වයෙන් තිබූ බව සඳහන් වේ.
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
ඉලෙක්ට්‍රික්,
එන්ජින්,
ඩීසල් එන්ජින්,
ෂන්ටින් එන්ජින්
Friday, December 17, 2010
෴M2 දුම්රිය එන්ජිම- ස්වර්ණ ජයන්තියද ඉක්මවා තවමත් ධාවනයේ පවතින මෙරට සාර්ථකම දුම්රිය එන්ජිම෴
![]() |
| ඡායාරූපය :- Ceylon Railway Museum |
2004 වසරේ සුනාමි ව්‍යවසනයට මුහුණ දුන් දුම්රිය ඔබේ මතකයට නැගෙන විටම දැවැන්ත රල පහරින් පෙරැලුණු එහි එන්ජිම පිළිබඳවද ඔබේ මතකයට නිරායාසයෙන්ම පැමිණේවි. එය M2 වර්ගයේ එන්ජිමක්. මෙරට සේවයේ දැනට ධාවනය වන දුම්රිය එන්ජින් අතුරෙන් පැරණිම එන්ජිම වන්නෙ මෙම M2 පන්තියේ දුම්රිය එන්ජිමයි.
Saturday, December 04, 2010
෴M1 දුම්රිය එන්ජිම - දෛනික ප්‍රවාහන සේවා සඳහා යෙදවූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම෴
![]() |
| ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා |
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
ඉලෙක්ට්‍රික්,
එන්ජින්,
ඩීසල් එන්ජින්
Subscribe to:
Posts (Atom)



