Monday, June 11, 2012

ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි.


ශ්‍රී ලංකාවේ දුම්රිය පිලිබඳව උනන්දුවක් දක්වන සැම වෙත දිවයිනේ පළමු වරට නිකුත් කෙරෙන සඟරාව ලෙස "ලංකා රේල්වේ ඩයිජෙස්ට්” (Lanka Railway Digest) සඟරාව පසු ගිය දා එළි දක්වනු ලැබීය.
පුරා වසර ගණනනක් තිස්සේ විද්‍යුත් තැපෑල හා පුද්ගලික මට්ටටේ හමුවීම් මගින් තොරතුරු හුවමාරු කරගත් දුම්රිය ලෝලීන් කුඩා පිරිසක් එක්ව "ලංකා දුම්රිය ගවේෂකයින්ගේ සංගමය" (Ceylon Railway Enthusiasts’ Circle) නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදි. මේ පිරිස අතර එවකට ලංකා දුම්රිය ආකෘති හා ආදර්ශ සංගමයේ (Model Railroad Club of Sri Lanka) සාමජිකයන්ව සිටි අයද විය. දුම්රිය පිළිබඳ දැනුම සාමජිකයින් හා අන් අය අතර බෙදා හදාගැනීම මෙම සංගමයේ අරමුණ විය. ඒ සඳහා කුඩා මට්ටමින් රැස්වීම් යොදා ගන්නා ලදි. ඒ අතරම දුම්රිය ස්ථානයන් හී ඇති සුළු එහෙත් අත්‍යාවශ්‍ය අඩුපාඩු මග හරවා ගැනීමට හා දුම්රිය ස්ථාන අලංකරණය කිරීම සඳහා අධාරද සිදු කරන ලදි. 

ලංකා දුම්රිය ගවේෂකයින්ගේ සංගමයේ මෙම දැනුම බෙදාහදාගැනීමේ වැඩ පිළිවෙලේ ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා රේල්වේ ඩයිජේස්ට් සඟරාවේ මංගල කලාපය පසුගිය අප්‍රේල් මස නිකුත් විය. සිව් මාසික සඟරාවක් වන මෙහි ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ඉතිහාසය, දුම්රිය සම්බන්ධ තාක්ෂණය, ඒ හා සබැඳි සමාජීය වටපිටාව වැනි අංශ ගණනාවක් ඔස්සේ සිංහල හා ඉංග්‍රීසි මාධයෙන් ලිපි ඉදිරිපත් කර තිබෙන අතර වටිනා හා දුර්ලභ ඡායාරූපද අන්තර්ගත වේ. 

මෙහි ඇති බොහෝමයක් ලිපි මගින් අප සාමාන්‍යයෙන් දුම්රිය පිළිබඳව එදිනෙදා දකින, ඇසෙන දෙයින් ඔබ්බට ගොස් අප නොදන්නා පැතිකඩක් පාඨකයා වෙත ගෙන ඒමට උත්සාහා දරා තිබේ. අද දින අන්තර්ජාලය ඉතා ප්‍රබල මාධ්‍යයක් වුවත් ලංකාව තුල ඒ හරහා ලඟා විය හැකි පාඨක පිරිස ඉතා කුඩා වීම නිසා ඉතා පුළුල් පරාසයක දැනුම බෙදා හැරීම මෙවැනි සඟරාවක් නිකුත් කිරීමේ අරමුණවේ. ඉතා සුළු පිරිසකගේ අති මහත් කැප වීමෙන් උපත ලද මෙම සඟරාවේ උසස් ප්‍රමිතිය පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පවා පැසසුමට ලක්විය. 
රේල්වේ ඩයිජෙස්ට් සඟරාව නිලවශයෙන් එහි සංස්කාරකතුමන් විසින්
දුම්රිය සාමාන්‍යධිකාරි බී.ඒ.පී ආරියරත්ත මහතා වෙත
පිරිනැමූ අවස්ථාව

ලංකා රේල්වේ ඩයිජෙස්ට් සඟරාවේ ප්‍රථම කලාපය දැන් නිකුත් වී ඇති අතර එහි සීමිත පිටපත් සංඛ්‍යාවක් දිවයින පුරා සරසවි පොත් හල් වලින් හා කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයේ තුවෙනි වේදිකාවේ ඇති පවන පොත් හලෙන් ලබා ගත හැක. එහි මීළඟ කලාපය ලබන අගෝස්තු මාසයේදී නිකුත් වීමට නියමිතය. 
(තුර්ය ඕවිටිපාන විසිනි)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න : 

CREC වෙබ් අඩවිය :- http://www.ceylonrail.net/
Facebook පිටුව       :- www.facebook.com/LankaRailwayDigest

21 comments:

  1. ෂාහ් වැඩේ නම් නියමයි. මේ සටහන ලියපු තූර්ය දැන් වැඩ කරනේ කෝච්චියකද ?

    ReplyDelete
    Replies
    1. හසිත, උඹට පිස්සුද බං... මං වැඩ කරන කෝච්චියක් නෑ. ඒ විෂය ගැන උනන්දුවක් තියෙනවා... එච්චරයි.

      Delete
    2. ඒක තමා මම බැලුවේ දෙයියනේ කියලා කැම්පස් ගිය කොල්ලා නේද මේ කියලා :D

      Delete
  2. ලංකාව පුරාම දුම්රිය ගැන දැනගන්න කැමති අය සිටින නිසා සහ ඔවුන්ට මෙය පැමිණ මිලදීගැනීමේ අපහසුතා ඇති වන්නට පුලුවන් නිසා තැපැල් මගින් මීළඟ කලාප ගෙන්වාගැනීමට ක්‍රමයක් ඇති කලොත් ඒක වඩා වැදගත් වෙයි කියල හිතෙනව. ඊළඟ කලාපය මුද්‍රණය වෙන්න කලින් දැනුවත් කලානම් අවශ්‍ය අය ඉල්ලුම් කරයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ අදහසට මාත් එකඟයි.

      Delete
    2. ඒ අදහස අප තුලත් තිබුණා. ඒ සඳහා මුදල් හුවමාරු කිරීමේ සුරක්ෂිත ක්‍රමයක් සකස් කළ විගස ඒ පහසුකම ඔබට ලැබෙනු ඇත. ස්තූතියි.

      Delete
    3. ඔව් අනේ මාත් ඕක කියන්න හිටියේ. මේ වන්නියේ ඕක ගන්න තැනක් නෑ. කාට හරි කොළඹින් ගේන්න කියන්නත් බෑ. මට පිස්සු කියලා හිතනවනේ.

      Delete
  3. මුදල් ඇනවුමක් එවල, නැත්නම් VPP මගින් ගෙන්න ගන්න පුලුවන් නම් හොදයි.

    ReplyDelete
  4. වැදගත් සගරාවක්. මෙහි පලකලාට බොහොම ස්තුතියි

    ReplyDelete
  5. අර කිව්වත් වගේ මේක ගෙන්න ගන්න තියෙනවා නම් වටිනවා !!!

    ReplyDelete
  6. ෂා.. නියමයි...
    තැපෑලේ ගෙන්න ගන්න බැරි නම් Fort ඇවිත් අරන් ගියත් පාඩු නෑ...

    ReplyDelete
  7. ෂා.. නියමයි..! Fort ඇවිත් අරන් ගියත් පාඩු නෑ...

    ReplyDelete
  8. නියමයි..! ඇවිත් අරන් ගියත් පාඩු නෑ...

    ReplyDelete
  9. ඇත්තටම ඉතාම වටිනා වැඩක්. දුම්රිය සාමාන්‍යධිකාරිට අදහස් හා යෝජනා දාන්න පුළුවන් ලින්ක් එකක් දාන්න බැරිද???? මම හිතන්නේ ඒක ගොඩ දෙනෙකුට වැදගත් වෙයි. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.

    ReplyDelete
  10. මාත් ගත්ත එකක්. ගොඩක් වටිනා ලිපි පෙළක් එකේ තියනවා. ඒ සගරාව ගැන පබ්ලිසිටියක් දීම ගැන ස්තුති වෙනවා. නැත්නම් අපි දන්නේ නැනේ

    ReplyDelete
  11. පළමු කලාපය හෙවත් මංගල කලාපය ලබා ගැනීමට ස්ථානයක් මෙහි සඳහන් කරන්න. මංගල කලාපය ලබා ගැනීමට මා කොතෙකුත් උත්සහ කරද මා හට නොලැබිණි.

    ReplyDelete
  12. s12 ko................................

    ReplyDelete
  13. කොහෙද බං මේක තියෙන්නේ .දැං ප්‍රින්ට් කරන්නේ නෑ කිව්වා

    ReplyDelete
  14. කොහෙද බං මේක තියෙන්නේ .දැං ප්‍රින්ට් කරන්නේ නෑ කිව්වා

    ReplyDelete